2. නාලන්දාසුත්තවණ්ණනා අට්ඨකථා
2. නාලන්දාසුත්තවණ්ණනා
2. නාලන්දා සූත්‍ර වර්ණනාව
දුතියවග්ගස්ස දුතියෙ නාලන්දායන්ති නාලන්දාති එවංනාමකෙ නගරෙ, තං නගරං ගොචරගාමං කත්වා. පාවාරිකම්බවනෙති දුස්සපාවාරිකසෙට්ඨිනො අම්බවනෙ. තං කිර තස්ස උය්යානං අහොසි. සො භගවතො ධම්මදෙසනං සුත්වා භගවති පසන්නො තස්මිං උය්යානෙ කුටිලෙණමණ්ඩපාදිපටිමණ්ඩිතං භගවතො විහාරං කත්වා නිය්යාතෙසි. සො විහාරො ජීවකම්බවනං විය පාවාරිකම්බවනන්ත්වෙව සඞ්ඛං ගතො. තස්මිං පාවාරිකම්බවනෙ විහරතීති අත්ථො.
දෙවන වර්ගයේ දෙවැන්නෙහි - නාළන්දායං = මේ නම ඇති නගරයෙහි ඒ නගරයෙහි. ඒ නගරය ගොදුරු ගම කොට පාවාරිකම්බවනෙ = උතුරුසළු විකුණන සිටුහුගේ අඹවනයෙහි. එය ඔහුගේ උයන විය. හේ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දම් දෙසුම අසා පැහැදුණෝ ඒ උයනෙහි කුටි, ලෙන්, මණ්ඩප ආදියෙන් යුත් විහාරයක් කරවා භාග්‍යවතුන් වහන්සේට පවරා දුන්නේය. ජීවක අඹවනය මෙන් ඒ විහාරය පාවාරික අඹවනය යනුවෙන් ව්‍යවහාරයට පත් විය. ඒ පාවාරික අඹවනයෙහි වාසය කරයි යන අරුතයි.
එවංපසන්නොති එවං උප්පන්නසද්ධො, එවං සද්දහාමීති අත්ථො. භිය්යොභිඤ්ඤතරොති භිය්යතරො අභිඤ්ඤාතො භිය්යතරාභිය්යො වා, උත්තරිතරඤාණොති අත්ථො. සම්බොධියන්ති සබ්බඤ්ඤුතඤ්ඤාණෙ අරහත්තමග්ගඤාණෙ වා අරහත්තමග්ගෙනෙව හි බුද්ධගුණා නිප්පදෙසා ගහිතා හොන්ති, ද්වෙපි අග්ගසාවකා අරහත්තමග්ගෙනෙව සාවකපාරමීඤාණං පටිලභන්ති, පච්චෙකබුද්ධා පච්චෙකබොධිඤාණං, බුද්ධා සබ්බඤ්ඤුතඤ්ඤාණඤ්චෙව සකලෙ ච බුද්ධගුණෙ. සබ්බම්පි නෙසං අරහත්තමග්ගෙනෙව ඉජ්ඣති. තස්මා අරහත්තමග්ගඤාණං සම්බොධි නාම හොති. තෙන උත්තරිතරො ච භගවතා නත්ථි. තෙනාහ “භගවතා භිය්යොභිඤ්ඤතරො, යදිදං සම්බොධිය”න්ති.
එවං පසන්නෙ = මෙසේ පිරුණ ශ්‍රද්ධාව ඇත්තේ මෙසේ අදහමි යන අර්ථයයි. භීයො භිඤ්ඤතරො = බොහෝ දැනුම ඇත්තේ, වඩා දැනුම ඇත්තේ, නොහොත් උත්තරීතර නුවණ ඇත්තේ යන අර්ථයයි. සම්බෝධියං = සර්වඥතා ඥානයෙහි නොහොත් අර්හත් මාර්ග ඥානයෙහි. අර්හත් මාර්ගයෙන්ම බුදු ගුණ නිරවශේෂයෙන් ගනු ලැබුයේ වෙයි. දෙ අග සවුවෝ ද අර්හත් මාර්ගයෙන්ම ශ්‍රාවක පාරමිතාඥානය ලබා ගනිත්. පසේ බුදුවරු ප්රත්යෙක බුද්ධ ඥානය ද, (ලොව්තුරා) බුදුවරු සර්වඥතා ඥානයද, සියලු බුදු ගුණයන් ද ලබා ගනිත්. උන් වහන්සේලාට ඒ සියල්ල අර්හත් මාර්ගඥානය සම්බෝධි නම් වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ වඩා උත්තරීතර කෙනෙක් නැත. එම නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “සම්බෝධියෙහි දී අතිශය විශිෂ්ට ඥානයක් ලැබීය” යනුයි.
උළාරාති සෙට්ඨා. අයඤ්හි උළාරසද්දො “උළාරානි ඛාදනීයානි ඛාදන්තී”තිආදීසු (ම· නි· 1.366) මධුරෙ ආගච්ඡති. “උළාරාය ඛලු භවං වච්ඡායනො සමණං ගොතමං පසංසාය පසංසතී”තිආදීසු (ම· නි· 1.288) සෙට්ඨෙ. “අප්පමාණො උළාරො ඔභාසො”තිආදීසු (දී· නි· 2.32; ම· නි· 3.201) විපුලෙ. ස්වායමිධ සෙට්ඨෙ ආගතො. තෙන වුත්තං “උළාරාති සෙට්ඨා”ති. ආසභීති උසභස්ස වාචාසදිසී අචලා අසම්පවෙධී. එකංසො ගහිතොති අනුස්සවෙන වා ආචරියපරම්පරාය වා ඉතිකිරාය වා පිටකසම්පදානෙන වා ආකාරපරිවිතක්කෙන වා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා වා තක්කහෙතු වා නයහෙතු වා අකථෙත්වා පච්චක්ඛතො ඤාණෙන පටිවිජ්ඣිත්වා විය එකංසො ගහිතො, සන්නිට්ඨානකථාව කථිතාති අත්ථො. සීහනාදොති සෙට්ඨනාදො, වනෙ උන්නාදයන්තෙන සීහෙන විය උත්තමනාදො නදිතොති අත්ථො.
උළාරා = ශ්‍රේෂ්ඨ වූ, මේ උළාරයන ශබ්දය උසස් වූ කෑ යුතු දෙය කති යන ආදී තන්හි මිහිරි යන අර්ථයෙහි යෙදේ. වච්ඡායන තෙමේ භාග්‍යවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේට උළාර වූ ප්‍රශංසාවෙන් ප්‍රශංසා කරයි යන ආදී තන්හි “උළාර” යන්න ශ්‍රේෂ්ඨය යන අර්ථයෙහි යෙදේ. ප්‍රමාණ කළ නොහැකි තරම් පැතුරුණ ආලෝකයක් යන ආදියෙහිදී පැතිරීම යන අර්ථයෙහි යෙදේ. එබැවින් උළාර යනුවෙන් ශ්‍රේෂ්ඨ යයි කියවේ. ආසභී = උත්තමයකුගේ වචන මෙන් වෙනස් නොවන. කම්පා නොවන එකංසො ගහිතො = පාරම්පරිකව අසන්නට ලැබුණ නිසා හෝ, ගුරු පරපුරින් ලැබුණ නිසා හෝ, මෙසේ වූයේ ල යනුවෙන් අසන්නට ලැබුණ නිසා හෝ, ග්රාන්ථාගතව ලැබුණ නිසා හෝ, පිළිවෙළ අනුව සිතා බැලීමෙන් හෝ, (තමා තුළ ඇති) දෘෂ්ටිය අනුව අවබෝධ කර ගැනීමෙන් හෝ, තර්කයේ හේතුවෙන් හෝ, න්‍යාය හේතුවෙන් හෝ නො කියා ප්රත්යක්ෂ ඥානයෙන් අවබෝධ කොට ගෙන මෙන් ඒකාන්ත වශයෙන් ගන්නා ලද්දේ තීරණය වූ. කියන ලද්දාවූ කථාවමය යන අර්ථයයි. සීහනාදො = ශ්‍රේෂ්ඨ නාදය කෙළි පිණිස නොවන්නා වූ ද, බියට පත් නොවන්නා වූ ද සිංහයකු විසින් මෙන් උතුම් නාදයක් කරන ලදී යන අර්ථයයි.
කිං නු තෙ සාරිපුත්තාති ඉමං දෙසනං කස්මා ආරභි? අනුයොගදාපනත්ථං. එකච්චො හි සීහනාදං නදිත්වා අත්තනො සීහනාදෙ අනුයොගං දාතුං න සක්කොති, නිඝංසනං න ඛමති, සිලෙසෙ පතිතමක්කටො විය හොති. යථා ධමමානං අපරිසුද්ධං ලොහං ඣායිත්වා අඞ්ගාරො හොති, එවං ඣාමඞ්ගාරො විය හොති. එකො සීහනාදෙ අනුයොගං දාපියමානො දාතුං සක්කොති, නිඝංසනං ඛමති, ධමමානං නිද්දොසජාතරූපං විය අධිකතරං සොභති, තාදිසො ථෙරො. තෙන නං භගවා “අනුයොගක්ඛමො අය”න්ති ඤත්වා සීහනාදෙ අනුයොගදාපනත්ථං ඉමං දෙසනං ආරභි.
කින්නු තෙ සාරිපුත්ත = මේ දේශනාව කුමක් හෙයින් ආරම්භ කෙළේ ද? පිළිපැදීම් පහදා දීම සඳහාය. ඇතැම් එක් අයෙක් සිංහ නාදය පවත්වා තමාගේ ඒ සිංහ නාදයෙහි පිළිපැදීමට නොහැකි වේ. නොගැටීම නො ඉවසයි. ඇලෙන ලාටුවක වැටුණ වඳුරකු මෙන් වෙයි. යම් සේ ගින්නෙන් පිසිනු ලැබූ අපිරිසිදු ලෝහය දැවී අඟුරු වේද, එසේම දැවුණ අඟුරු මෙන් වෙයි. එක් අයෙක් සිංහ නාදය අනුව පිළිපැදීම පහදා දෙන්නේ එසේ කිරීමට හැකි වෙයි. නො ගැටීම ඉවසයි. ගිනි පිඹිනු ලබන පිරිසිදු රිදීමෙන් වඩ වඩාත් ශෝභමාන වෙයි. එවැනි වූ මේ තෙරුන් වහන්සේ පිළිපැදීමෙහි හැකියාව ඇත්තෙකැයි දැන ඒ කරුණ නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ තෙරුන් හට සිංහනාදයෙහි යෙදීමට ඉඩ දීම සඳහා මේ දේශනාව ආරම්භ කළහ.
තත්ථ සබ්බෙ තෙති සබ්බෙ තෙ තයා. එවංසීලාති මග්ගසීලෙන ඵලසීලෙන ලොකියලොකුත්තරසීලෙන එවංසීලා. එවංධම්මාති එත්ථ සමාධිපක්ඛා ධම්මා අධිප්පෙතා, මග්ගසමාධිනා ඵලසමාධිනා ලොකියලොකුත්තරෙන සමාධිනා එවංසමාධීති අත්ථො. එවංපඤ්ඤාති මග්ගපඤ්ඤාදිවසෙනෙව එවංපඤ්ඤා. එවංවිහාරිනොති එත්ථ පන හෙට්ඨා සමාධිපක්ඛානං ධම්මානං ගහිතත්තා විහාරො ගහිතොපි පුන කස්මා ගහිතමෙව ගණ්හතීති චෙ. ථෙරෙන ඉදං ගහිතමෙව. ඉදඤ්හි නිරොධසමාපත්තිදීපනත්ථං වුත්තං. තස්මා එවං නිරොධසමාපත්තිවිහාරිනො තෙ භගවන්තො අහෙසුන්ති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
එහි සබ්බෙතෙ = ඒ සියලු දෙනාම ඒ ස්ත්‍රීන් විසින් එවංසීලා = මාර්ග සීලයෙන්, ඵල සීලයෙන් ලෞකික ලෝකෝත්තර සීලයෙන් යන මෙසේ සිල් ඇති එවං ධම්මා = මෙහිදී සමාධි පාර්ශ්වීය ධර්මයෝ අදහස් කරන ලද්දාහ. මාර්ග සමාධිය, ඵල සමාධිය, ලෞකික ලෝකෝත්තර සමාධි යන මේ සමාධීන්ය යන අර්ථයයි. එවං පඤ්ඤා = මාර්ග ප්‍රඥාව ආදී වශයෙන් මෙසේ දැක්වෙන ප්‍රඥාව එවං විහාරිනො = මෙහිදී වනාහී පෙර දී සමාධි පාර්ශ්වීය ධර්මයන් කියන ලද බැවින් එම විහරණය පෙර කියන ලද්දක් ම වෙයි. කුමක් හෙයින් පෙර කියන දෙයම නැවත කියයි ද යත් තෙරණුවන් විසින් මෙය පෙර කියන ලද්දේමය. මෙය වනාහී නිරෝධ සමාපත්තිය පැහැදිලි කිරීම සඳහා කියන ලදී. එබැවින් භාග්‍යවත්හු නිරෝධ සමාපත්තියෙන් වාසය කරන්නෝ වූහයි යන මෙය මෙහි අර්ථය යයි දැක්විය යුතුයි.
එවංවිමුත්තාති එත්ථ වික්ඛම්භනවිමුත්ති, තදඞ්ගවිමුත්ති, සමුච්ඡෙදවිමුත්ති, පටිපස්සද්ධිවිමුත්ති, නිස්සරණවිමුත්තීති පඤ්චවිධා විමුත්ති. තත්ථ අට්ඨ සමාපත්තියො සයං වික්ඛම්භිතෙහි නීවරණාදීහි විමුත්තත්තා වික්ඛම්භනවිමුත්තීති සඞ්ඛං ගච්ඡන්ති. අනිච්චානුපස්සනාදිකා සත්ත අනුපස්සනා සයං තස්ස තස්ස පච්චනීකවසෙන පරිච්චත්තාහි නිච්චසඤ්ඤාදීහි විමුත්තත්තා තදඞ්ගවිමුත්තීති සඞ්ඛං ගච්ඡන්ති. චත්තාරො අරියමග්ගා සයං සමුච්ඡින්නෙහි කිලෙසෙහි විමුත්තත්තා සමුච්ඡෙදවිමුත්තීති සඞ්ඛං ගච්ඡන්ති. චත්තාරි සාමඤ්ඤඵලානි මග්ගානුභාවෙන කිලෙසානං පටිපස්සද්ධන්තෙ උප්පන්නත්තා පටිපස්සද්ධිවිමුත්තීති සඞ්ඛං ගච්ඡන්ති. නිබ්බානං සබ්බකිලෙසෙහි නිස්සටත්තා අපගතත්තා දූරෙ ඨිතත්තා නිස්සරණවිමුත්තීති සඞ්ඛං ගතං. ඉති ඉමාසං පඤ්චන්නං විමුත්තීනං වසෙන එවං විමුත්තාති එත්ථ අත්ථො දට්ඨබ්බො.
එවං විමුත්තා = මෙහි දී යටපත් කිරීමෙන් ලබන මිදීම (වික්ඛම්භන විමුත්ති), තාවකාලික මිදීම (සමුච්ඡේද විමුත්ති), සන්සිඳීම් වශයෙන් ලබන මිදීම (පටිප්පස්සද්ධි විමුත්ති), සසරින් ගැලවීමෙන් ලබන මිදීම (නිස්සරණ විමුත්ති) යන පංචවිධ විමුක්තිය අදහස් වේ. එහිදී සමාපත්ති අට තමා විසින් යටපත් කරන ලද නීවරණ ආදියෙන් මිදුණ බැවින් යටපත් කිරීමෙන් ලබන මිදී ම (වික්ඛම්භන විමුත්ති) යන ගණයට වැටේ. අනිත්‍යයයි නුවණින් සලකා බැලෙන අනුපස්සනාවන් සත, ඒවා එකිනෙකට සාපේක්ෂකව පටහැණි වීම් වශයෙන් නිදහස් බැවින් තාවකාලික මිදීම (තදඞ්ග විමුත්ති) යන ගණයට වැටේ. ආර්ය මාර්ග සතර පටහැණිව පවත්නා කෙලෙස්වලින් මිදුණ බැවින් සිඳ දැමීමෙන් ලබන මිදීම (සමුච්ඡෙද විමුත්ති) යන ගණයට වැටේ. ශ්‍රමණ භාවයේ සෝවාන් ආදී ඵල සතර මාර්ගයන්ගේ බලයෙන් ක්ලේශයන්ගේ සන්සිඳීමේ ස්වභාවයෙහි උපන් බැවින් සන්සිඳීමෙන් ලබන මිදීම (පටිප්පස්සද්ධි විමුත්ති) යන ගණයට වැටේ. නිවන කෙළෙස්වලින් ඉවත්ව ඇති බැවින්, පහ වූ බැවින්, දුරස්තරව සිටින බැවින් “සසරින් ගැලවීමෙන් ලබන මිදීම” (නිස්සරණ විමුත්ති) යන ගණයට වැටේ. මෙසේ මෙම පංචවිධ විමුක්තීන්ගේ වශයෙන් මෙසේ මිදුනාහයි යනුවෙන් මෙහි අර්ථය දත යුත්තේය.
කිං පන තෙ සාරිපුත්ත යෙ තෙ භවිස්සන්තීති අතීතා තාව නිරුද්ධා අපණ්ණත්තිකභාවං ගතා දීපසිඛා විය නිබ්බුතා, එවං නිරුද්ධෙ අපණ්ණත්තිකභාවං ගතෙ ත්වං කථං ජානිස්සසි, අනාගතබුද්ධානං පන ගුණා කිං තයා අත්තනො චිත්තෙන පරිච්ඡින්දිත්වා විදිතාති පුච්ඡන්තො එවමාහ.
කිම්පන තෙ සාරිපුත්ත යෙ තෙ භවිස්සන්ති = අතීතයෙහි වූ දේ නිරුද්ධ විය. නොපවතින ස්වභාවයට පත් විය. පහන් දැල්ලක් මෙන් නිවී ගියේය. [need trans]
කිං පන ත්යාහං සාරිපුත්ත එතරහීති අනාගතාපි බුද්ධා අජාතා අනිබ්බත්තා අනුප්පන්නා, තෙ කථං ජානිස්සසි. තෙසඤ්හි ජානනං අපදෙ ආකාසෙ පදදස්සනං විය හොති. ඉදානි මයා සද්ධිං එකවිහාරෙ වසසි, එකතො භික්ඛාය චරසි, ධම්මදෙසනාකාලෙ දක්ඛිණපස්සෙ නිසීදසි, කිං පන මය්හං ගුණා අත්තනො චෙතසා පරිච්ඡින්දිත්වා විදිතා තයාති අනුයුඤ්ජන්තො එවමාහ. ථෙරො පන පුච්ඡිතපුච්ඡිතෙ “නො හෙතං භන්තෙ”ති පටික්ඛිපති.
අනාගත බුදුවරුද ජාත නොවූහ. නො උපන්නෝය. අනුත්පන්නයහ. ඔබ කෙසේ නම් උන්වහන්සේලා ගැන දන්නෙහිද? උන්වහන්සේලා පිළිබඳ දැනීම පා සලකුණු නැති අහසෙහි පියවර සලකුණක් දැක්වීම මෙන් වෙයි. දැන් මා සමග එකම විහාරයෙහි වාසය කරන්නෙහිය, එක්ව පිඬු පිණිස හැසිරෙන්නෙහිය, දහම් දෙසන කල්හි දකුණු පස හිඳින්නෙහිය. කිම ඔබ විසින් මාගේ ගුණ තමාගේ තමාගේ සිතින් පිරිසිඳ දන්නා ලද්දේද? ඒවා අනුගමනය කරන්නේදැයි යනුවෙන් මෙසේ ප්‍රශ්න කළහ. ප්‍රශ්න කරනු ලැබූ කල්හි තෙරණුවෝ “ස්වාමීනි, එය එසේ නොවේ” හෙවත් නොහෙතං භන්තෙ යනුවෙන් එය ප්‍රතික්ෂේප කරති.
ථෙරස්ස ච විදිතම්පි අත්ථි, අවිදිතම්පි. කිං සො අත්තනො විදිතට්ඨානෙ පටික්ඛෙපං කරොති, අවිදිතට්ඨානෙති? විදිතට්ඨානෙ න කරොති, අවිදිතට්ඨානෙයෙව කරොති. ථෙරො කිර අනුයොගෙ ආරද්ධෙ එවං අඤ්ඤාසි “නායං අනුයොගො සාවකපාරමීඤාණෙ, සබ්බඤ්ඤුතඤ්ඤාණෙ පන අයං අනුයොගො”ති අත්තනො සාවකපාරමීඤාණෙ පටික්ඛෙපං අකත්වාව අවිදිතට්ඨානෙ සබ්බඤ්ඤුතඤ්ඤාණෙ පටික්ඛෙපං කරොති. තෙන ඉදම්පි දීපෙති – භගවා මය්හං අතීතානාගතපච්චුප්පන්නානං බුද්ධානං සීලසමාධිපඤ්ඤාවිමුත්තිකාරණජානනසමත්ථං සබ්බඤ්ඤුතඤ්ඤාණං නත්ථීති.
තෙරණුවන් හට ද දන්නා දෙයක් ඇත, නො දන්නා දෙයක් ඇත. කිම ඒ තෙරණුවෝ දන්නා දෙය ප්‍රතික්ෂේප කරත් ද, නැතහොත් නො දන්නා දෙය ප්‍රතික්ෂේප කරත් ද? දන්නා දෙයක් ප්‍රතික්ෂේප නො කරති. නො දන්නා දෙයම ප්‍රතික්ෂේප කරති. තෙරණුවෝ වනාහී පිළිපැදීම ඇරඹුණ කල්හිම මෙම පිළිපැදීම ශ්‍රාවක පාරමී ඥානයෙහි පවතින්නක් නොවේයයි අවබෝධ කළහ. හේ තෙමේ මේ පිළිපැදීම තමාගේ ශ්‍රාවක පාරමී ඥානයෙහි නොපවතී යයි ප්‍රතික්ෂේප නොකොට තමා නොදන්නා සර්වඥතාඥානය එය නැත ස්වාමීනි (නො හෙතං භන්තෙ) යි කියා ප්‍රතික්ෂේප කරයි. ඒ නිසා අතීත අනාගත වර්තමාන බුදුන් වහන්සේලාගේ ශීල සමාධි ප්‍රඥා යන විමුක්තිය ඇති කිරීමට සමත් වූ සර්වඥතා ඥානය මාහට නැතැයි යන මෙය ද භාග්‍යවතුන් වහන්සේ මා හට දන්වන සේක.
එත්ථාති එතෙසු අතීතාදිභෙදෙසු බුද්ධෙසු. අථ කිඤ්චරහීති අථ කස්මා එවං ඤාණෙ අසති තයා එවං කථිතන්ති වදති. ධම්මන්වයොති ධම්මස්ස පච්චක්ඛතො ඤාණස්ස අනුයොගං අනුගන්ත්වා උප්පන්නං අනුමානඤාණං නයග්ගාහො විදිතො, සාවකපාරමීඤාණෙ ඨත්වාව ඉමිනා ආකාරෙන ජානාමි භගවාති වදති. ථෙරස්ස හි නයග්ගාහො අප්පමාණො අපරියන්තො. යථා ච සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පමාණං වා පරියන්තො වා නත්ථි, එවං ධම්මසෙනාපතිනො නයග්ගාහස්ස. තෙන සො – “ඉමිනා එවංවිධො ඉමිනා එවංවිධො, ඉමිනා අනුත්තරො ඉමිනා අනුත්තරො සත්ථා”ති ජානාති. ථෙරස්ස හි නයග්ගාහො සබ්බඤ්ඤුතඤ්ඤාණගතිකො එව.
එත්ථ = අතීත ආදී වශයෙන් බෙදා දැක්වූ මේ බුදුන් වහන්සේලා කෙරෙහි අථ කිඤ්චරහි = එසේ නම් මෙවන් නුවණක් නැති කල්හි ඔබ විසින් කුමක් නිසා මෙය කියන ලද දැයි කියයි. ධම්මන්වයො = ප්රත්යක්ෂ ලෙස දැනගත් ඥානයේ පිළිපැදීම අනුගමනය කොට උපන් අනුමාන ඥානය. භාග්‍යවතුන් වහන්ස. පිළිවෙළ ග්‍රහණය කර ගැනීම යයි දන්නා ලද ශ්‍රාවක ඥානයෙහි පිහිටා සිටම මේ ආකාරයෙන් දැන ගනිමියි කියයි. තෙරණුවන්ගේ පිළිවෙළ ග්‍රහණය කර ගැණීම අප්‍රමාණ විය, සීමා රහිත වේද, එසේම පිළිවෙළ ග්‍රහණය කරගත් ධර්මසේනාපති (සැරියුත් මහ) තෙරුන්ගේ ද ඥානය සීමා රහිත වේ. ඒ නිසා ශාස්තෲන් වහන්සේ මෙසේ අනුත්තරය හ යි හේ තෙමේ දනියි. තෙරුන් වහන්සේගේ පිළිවෙළ ග්‍රහණය කර ගැනීමේ ස්වභාවය සර්වඥතා ඥානයේ ස්වභාවයමය.
ඉදානි තං නයග්ගාහං පාකටං කාතුං උපමං දස්සෙන්තො සෙය්යථාපි භන්තෙතිආදිමාහ. තත්ථ යස්මා මජ්ඣිමදෙසෙ නගරස්ස උද්ධාපපාකාරාදීනි ථිරානි වා හොන්තු දුබ්බලානි වා, සබ්බසො වා පන මා හොන්තු, චොරානං ආසඞ්කා න හොති. තස්මා තං අග්ගහෙත්වා පච්චන්තිමං නගරන්ති ආහ. දළ්හුද්ධාපන්ති ථිරමූලපාකාරං. දළ්හපාකාරතොරණන්ති ථිරපාකාරඤ්චෙව ථිරපිට්ඨසඞ්ඝාටඤ්ච. එකද්වාරන්ති කස්මා ආහ? බහුද්වාරෙ හි නගරෙ බහූහි පණ්ඩිතදොවාරිකෙහි භවිතබ්බං, එකද්වාරෙව එකො වට්ටති. ථෙරස්ස ච පඤ්ඤාය සදිසො අඤ්ඤො නත්ථි, තස්මා අත්තනො පණ්ඩිතභාවස්ස ඔපම්මත්ථං එකංයෙව දොවාරිකං දස්සෙතුං “එකද්වාර”න්ති ආහ.
මෙවිට එම පිළිවෙළ ග්‍රහණය කර ගැනීම පැහැදිලි කරනු පිණිස උපමාවක් දක්වන්නේ සෙය්යථාපි භන්තෙ (ස්වාමීනි, කෙසේද යත්) යන ආදිය කීය. එහිදී යම් හෙයකින් මධ්‍ය දේශයේ නගරයේ බාහිර ආධාරක සහිත ප්‍රාකාර ස්ථිර හෝ වේවා, නොහොත් දුර්වල හෝ වේවා, හැම අයුරින්ම සම හෝ රණසඞ්ක නොවේ. එහෙයින් එය නොසලකා පච්චන්තිමං නගරං = (ප්‍රත්‍යන්ත දේශයෙහි වූ නගරයය) යි කීය. දළ්හුද්දාපං දළ්හ පාකාර තොරණං = ස්ථිර වූ ප්‍රාකාරය සහ ස්ථිර වූ බාහිර බැම්ම. එකද්වාරං = (එක් දොරටුවක්) යි කුමක් නිසා කීයේද යත් බොහෝ දොරටු ඇති නගරයක පණ්ඩිත දොරටු පාලයෝ බොහෝ දෙනෙක් සිටිය යුතුය. එක දොරටුවක් පමණක් නම් එක් පණ්ඩිත දොරටු පාලයෙක් සෑහේ. ප්‍රඥාවෙන් තෙරුන් වහන්සේට සම වූ අන් අයෙක් නැත. එහෙයින් තමාගේ පාණ්ඩිත්‍යයට උපමා කරනු පිණිස එකම දොරටුපාලයකු දැක්වීම පිණිස “එකද්වාරං” යි කීය.
පණ්ඩිතොති පණ්ඩිච්චෙන සමන්නාගතො. බ්යත්තොති වෙය්යත්තියෙන සමන්නාගතො විසදඤාණො. මෙධාවීති ඨානුප්පත්තිකපඤ්ඤාසඞ්ඛාතාය මෙධාය සමන්නාගතො. අනුපරියායපථන්ති අනුපරියායනාමකං පාකාරමග්ගං. පාකාරසන්ධින්ති ද්වින්නං ඉට්ඨකානං අපගතට්ඨානං. පාකාරවිවරන්ති පාකාරස්ස ඡින්නට්ඨානං. චෙතසො උපක්කිලෙසෙති පඤ්චනීවරණා චිත්තං උපක්කිලිස්සන්ති කිලිට්ඨං කරොන්ති උපතාපෙන්ති විහෙඨෙන්ති, තස්මා “චෙතසො උපක්කිලෙසා”ති වුච්චන්ති. පඤ්ඤාය දුබ්බලීකරණෙති නීවරණා උප්පජ්ජමානා අනුප්පන්නාය පඤ්ඤාය උප්පජ්ජිතුං න දෙන්ති, තස්මා “පඤ්ඤාය දුබ්බලීකරණා”ති වුච්චන්ති. සුපතිට්ඨිතචිත්තාති චතූසු සතිපට්ඨානෙසු සුට්ඨු ඨපිතචිත්තා හුත්වා. සත්ත බොජ්ඣඞ්ගෙ යථාභූතන්ති සත්ත බොජ්ඣඞ්ගෙ යථාසභාවෙන භාවෙත්වා. අනුත්තරං සම්මාසම්බොධින්ති අරහත්තං සබ්බඤ්ඤුතඤ්ඤාණං පටිවිජ්ඣිංසූති දස්සෙති.
පණ්ඩිතො = පණ්ඩිත භාවයෙන් යුක්ත වූයේ ව්යත්තො = පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූ පිරිසුදු නුවණක් ඇති තැනැත්තා මෙධාවී = “පදවි ලැබීමට හේතු වූ ප්‍රඥාව” නමැති නුවණින් යුක්ත වූයේ. අනුපරියාය පථ = අනුපරියායන (හෙවත් වටේට පිහිටි) යන නම ඇති ප්‍රාකාර මාර්ගය. පාකාර සන්ධිං = ගඩොල් දෙකක් ඉවත් වූ තැන පාකාර විවරං = ප්රාකාරයේ කැඩුණ තැනක්. චෙතසො උපක්කිලෙසෙ = පංච නීවරණයෝ සිත අපිරිසිදු කරති, කිලිටි කරති, තැවීම (පීඩාවට පත් කිරීම) සිදු කරති. වෙහෙසවති, එහෙයින් “චෛතසා උපක්කිලෙසා” (සිතේ කිලිටි වීම් යයි කියත්. පඤ්ඤාය දුබ්බලී කරණා = උපදින නීවරණ නූපන් ප්‍රඥාවට ඉපදීමට (ඉඩ) නො වේ. ඒ නිසා පඤ්ඤාය දුබ්බලී කරණ (හෙවත් ප්‍රඥාවගේ දුර්වල කිරීම) යයි කියත්. සුපතිට්ඨිත චිත්තා = සතර සතිපට්ඨානයන්හි පිහිටුවන ලද සිත් (බවට පත්) වී. සත්ත බොජ්ඣඞ්ගෙ යථා භූතං = යථා ස්වභාවයෙන්ම දියුණු කොට අනුත්තරං සම්මා සම්බොධිං = අර්හත් සර්වඥතාඥානය අවබෝධ කළහයි දැක්වේ.
අපිචෙත්ථ සතිපට්ඨානාති විපස්සනා, බොජ්ඣඞ්ගා මග්ගො, අනුත්තරසම්මාසම්බොධි අරහත්තං. සතිපට්ඨානාති වා විපස්සනා, බොජ්ඣඞ්ගාමිස්සකා, සම්මාසම්බොධි අරහත්තමෙව. දීඝභාණකමහාසීවත්ථෙරො පනාහ “සතිපට්ඨානෙ විපස්සනං ගහෙත්වා බොජ්ඣඞ්ගෙ මග්ගො ච සබ්බඤ්ඤුතඤ්ඤාණඤ්චාති ගහිතෙ සුන්දරො පඤ්හො භවෙය්ය, න පනෙවං ගහිත”න්ති. ඉති ථෙරො සබ්බබුද්ධානං නීවරණප්පහානෙ සතිපට්ඨානභාවනාය සම්බොධියඤ්ච මජ්ඣෙ භින්නසුවණ්ණරජතානං විය නානත්තාභාවං දස්සෙති.
තව ද මෙහි “සතිපට්ඨාන” යනු විදර්ශනාවයි. බොජ්ඣඞ්ග නම් මාර්ගයයි. අනුත්තරං සම්මාසම්බොධි නම් අර්හත්වයයි. සතිපට්ඨානය හෝ විදර්ශනාව බෝධ්‍යංගයන් හා මිශ්‍ර වූයේ වෙයි. සම්මා සම්බොධි යනු අර්හත්භාවයම වන්නේ ය. දීඝ භාණක මහා සීව තෙරණුවෝ මෙසේ කීහ. සතිපට්ඨානයෙහි විදර්ශනාව ගෙන බොජ්ඣඞ්ගයෙහි මාර්ගය ද, සර්වඥතාඥානය ද ග්‍රහණය කළ කල්හි ප්රශ්නය සොඳුරු වන්නේ ය. මෙසේ ගන්නා ලද්දේ නම් නොවේ. මෙසේ තෙරණුවෝ සර්වඥ බුදුවරයන් වහන්සේලාගේ නීවරණ ප්රහාණය කිරීමෙහිදී සතිපට්ඨාන භාවනාවෙහි ද, සම්බුද්ධත්වයෙහි ද මැද බිඳුණ රන් රිදී මෙන් විවිධ ස්වභාවයක් ඇතැයි දක්වයි.
ඉධ ඨත්වා උපමා සංසන්දෙතබ්බා – ආයස්මා හි සාරිපුත්තො පච්චන්තනගරං දස්සෙසි, පාකාරං දස්සෙසි, අනුපරියායපථං දස්සෙසි, ද්වාරං දස්සෙසි, පණ්ඩිතදොවාරිකං දස්සෙසි, නගරං පවිසනකනික්ඛමනකෙ ඔළාරිකෙ පාණෙ දස්සෙසි, දොවාරිකස්ස තෙසං පාණානං පාකටභාවං දස්සෙසි. තත්ථ කිං කෙන සදිසන්ති චෙ? නගරං විය හි නිබ්බානං, පාකාරො විය සීලං, අනුපරියායපථො විය හිරී, ද්වාරං විය අරියමග්ගො, පණ්ඩිතදොවාරිකො විය ධම්මසෙනාපති, නගරං පවිසනකනික්ඛමනකා ඔළාරිකපාණා විය අතීතානාගතපච්චුප්පන්නා බුද්ධා, දොවාරිකස්ස තෙසං පාණානං පාකටභාවො විය ආයස්මතො සාරිපුත්තස්ස අතීතානාගතපච්චුප්පන්නානං බුද්ධානං සීලසමථාදීහි පාකටභාවො. එත්තාවතා ථෙරෙන භගවතො – “එවමහං සාවකපාරමීඤාණෙ ඨත්වා ධම්මන්වයෙන නයග්ගාහෙන ජානාමී”ති අත්තනො සීහනාදස්ස අනුයොගො දින්නො හොති.
මෙතැන් සිට උපමාවන් සංසන්දනය කළ යුතුය. ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ ප්‍රත්‍යන්ත නගරය දැක්විය, ප්‍රාකාරය දැක්වීය, හාත්පස මාර්ගය දැක්වීය, පණ්ඩිත දොරටු පාලයා දැක්වීය. නගරයට පිවිසෙන මාර්ගයෙහි උත්තම ප්‍රාණීන් දැක්වීය. දොරටු පාලයාට ඒ ප්‍රාණීන්ගේ ප්‍රකට භාවය දැක්වීය. එහිදී කුමක් නම් කවර දෙයක් හා සමාන වේද යත් - නිවන නගරයට සම විය, සීලය ප්රාකාරයට සමවිය. ලජ්ජාව හාත්පස මාර්ගයට සම විය. ආර්ය මාර්ගය දොරටුවට සම විය. දම් සෙනෙවි සැරියුත් හිමියෝ පණ්ඩිත දොරටු පාලයාට සමවූහ. අතීත අනාගත වර්තමාන බුදුවරු නගරයට පිවිසෙන හා නගරයෙන් නික්මෙන උසස් ප්‍රාණීන් මෙන් වූහ. දොරටු පාලයාට ඒ ප්‍රාණීන්ගේ ප්‍රකට භාවය සිදුවූවාක් මෙන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හට සීල සමථ ආදියෙන් අතීතානාගත වර්තමාන බුදුන් වහන්සේලාගේ ප්‍රකට භාවය දැනී ගියේය. මෙපමණකින් ම තෙරුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේට “මම මෙසේ ශ්‍රාවක පාරමී ඥානයෙහි සිට ධර්මයට අනුගතවූ පිළිවෙළ ග්‍රහණය කර ගැනීමෙන් දත යුතු දේ දැන ගතිමි”යි තමාගේ සිංහ නාදයේ යෙදීමේ පිළිවෙළ පවසන ලද්දේය.
තස්මාති යස්මා “න ඛො මෙතං, භන්තෙ, අතීතානාගතපච්චුප්පන්නෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු චෙතොපරියඤාණං අත්ථි, අපිච ධම්මන්වයො විදිතො”ති වදති, තස්මා. අභික්ඛණං භාසෙය්යාසීති පුනප්පුනං භාසෙය්‍යාසි, “පුබ්බණ්හෙ මෙ කථිත”න්ති මා මජ්ඣන්හිකාදීසු න කථයිත්ථ, “අජ්ජ වා මෙ කථිත”න්ති මා පරදිවසාදීසු න කථයිත්ථාති අත්ථො. සා පහීයිස්සතීති “සාරිපුත්තසදිසොපි නාම ඤාණජවනසම්පන්නො සාවකො බුද්ධානං චිත්තාචාරං ජානිතුං න සක්කොති, එවං අප්පමෙය්යා තථාගතා”ති චින්තෙන්තානං යා තථාගතෙ කඞ්ඛා වා විමති වා, සා පහීයිස්සතීති.
තස්මා = ස්වාමීනි, යම් හෙයකින් අතීත අනාගත වර්තමාන අර්හත් සම්මා සම්බුදුන් වහන්සේලා කෙරෙහි පරසිත් දන්නා නුවණ මාහට නැත්තේ ද, එසේ වුවද ධර්ම විනිශ්චය දන්නා ලැබේ යයි (මා පිළිබඳව) කියන්නෙහිය. එහෙයිනි. අභික්ඛණං භාසෙය්‍යාසි = නැවත නැවත කියන්න. පෙරවරුවෙහිදී මට කියන ලද්දේ යයි පස්වරුවෙහිදී ආභ්‍යන්තරික කරුණු ආදිය පිළිබඳ ව නො කියා නො සිටින්න. අද මට දේසනා කරන ලද්දේයයි යනුවෙන් හෝ පසු දින ආදියෙහි දී (නැවත) දේසනා නොකර නොසිටින්නය යන අර්ථයයි. සා පහීයිස්සති = ඥාන ශක්තියෙන් යුක්තව සැරියුත් තෙරණුවන් වැනි ශ්‍රාවකයෙක් පවා බුදුන් වහන්සේලාගේ සිත තුළ ඇති තත්ත්වයන් දැන ගැනීමට නො හැකිවන්නේ ය. තථාගතයන් වහන්සේලා මෙසේ මිනිය නොහැක්කාහායි සිතන්නවුන් තුළ තථාගතයන් කෙරෙහි යම්බඳු සැකයක් හෝ විමතියක් හෝ පහළ වේ නම් එය සංසිඳෙන්නේ ය.