යෙදුමෙන් කියවන්න

2. සතොසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

2. සතොසුත‍්තවණ‍්ණනා

2. සතො සූත්‍ර වර්ණනාව

දුතියෙ සතොති කායාදිඅනුපස‍්සනාසතියා සමන‍්නාගතො. සම‍්පජානොති චතුසම‍්පජඤ‍්ඤපඤ‍්ඤාය සමන‍්නාගතො. අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙති එත්‍ථ අභික‍්කන‍්තං වුච‍්චති ගමනං, පටික‍්කන‍්තං නිවත‍්තනං, තදුභයම‍්පි චතූසු ඉරියාපථෙසු ලබ‍්භති. ගමනෙ තාව පුරතො කායං අභිහරන‍්තො අභික‍්කමති නාම, පටිනිවත‍්තන‍්තො පටික‍්කමති නාම. ඨානෙපි ඨිතකොව කායං පුරතො ඔනමන‍්තො අභික‍්කමති නාම, පච‍්ඡතො අපනාමෙන‍්තො පටික‍්කමති නාම. නිසජ‍්ජායපි නිසින‍්නකොව ආසනස‍්ස පුරිමඅඞ‍්ගාභිමුඛො සංසරන‍්තො අභික‍්කමති නාම, පච‍්ඡිමඅඞ‍්ගප‍්පදෙසං පච‍්චාසංසරන‍්තො පටික‍්කමති නාම. නිපජ‍්ජනෙපි එසෙව නයො.

දෙවැන්නෙහි - සතො = කය ආදිය පිළිබඳව නුවණින් විමසා බැලීමේ සිහියෙන් යුක්තවූයේ. සම්පජානො = සිවු වැදෑරුම් විමර්ශන ඥානයෙන් යුක්ත වූයේ. අභික්කන්තෙ - පටික්කන්තෙ = මෙහි අභික්කන්ත නම් ගමන් කිරිමයි. පටික්කන්ත නම් ආපසු යාමයි. ඒ දෙකම සිවු ඉරියවුහිදී ලැබේ. ගමනෙහිදී වනාහී පෙර පසින් කය ඉදිරියට ගෙනයන්නේ (අභික්කමති) පෙරට යන්නේ නම් වෙයි. (කය) පසුපසට ගෙන යන්නේ (පටික්කමති) ආපසු යන්නේ නම් වෙයි. (කය) නැවතී ගෙන පවා සිටගෙන සිටිමින්ම කය පෙරට යොමු කරනුයේ (අභික්කමති) ඉදිරියට යන්නේ නම් වෙයි. පසු පසට යොමු කරනුයේ (පටික්කමති) පසු පසට යන්නේ නම් වෙයි. හිඳගෙන හුන් අය පිළිබඳවද හුන්නේම අසුනෙහි පෙරට යොමු වූයේ (අභික්කමති) “පෙරට යයි” නම් වේ. වැතිර ගැනීමෙහිදී ද මේ පිළිවෙළම වේ.

සම‍්පජානකාරී හොතීති සම‍්පජඤ‍්ඤෙන සබ‍්බකිච‍්චකාරී, සම‍්පජඤ‍්ඤස‍්සෙව වා කාරී. සො හි අභික‍්කන‍්තාදීසු සම‍්පජඤ‍්ඤං කරොතෙව, න කත්‍ථචි සම‍්පජඤ‍්ඤවිරහිතො හොති.

සම්පජානකාරී හොති = මනා සිහි නුවණින් සියලු කටයුතු කරන්නාවූ, නොහොත් මනා සිහිනුවණ ඇත්තහුගේම කාර්යයන් හේ වනාහී පෙරට ඇවිදීම් ආදියෙහිදී පවා සිහි නුවණින් ය කරන්නේම වෙයි. කිසි විටෙකත් සිහි නුවණින් තොරවූයේ නොවේ.

තත්‍ථ සාත්‍ථකසම‍්පජඤ‍්ඤං, සප‍්පායසම‍්පජඤ‍්ඤං, ගොචරසම‍්පජඤ‍්ඤං, අසම‍්මොහසම‍්පජඤ‍්ඤන‍්ති චතුබ‍්බිධං සම‍්පජඤ‍්ඤං. තත්‍ථ අභික‍්කමනචිත‍්තෙ උප‍්පන‍්නෙ චිත‍්තවසෙනෙව අගන‍්ත්‍වා “කිං නු මෙ එත්‍ථ ගතෙන අත්‍ථො අත්‍ථි, නත්‍ථී”ති අත්‍ථානත්‍ථං පරිග‍්ගණ‍්හිත්‍වා අත්‍ථපරිග‍්ගණ‍්හනං සාත්‍ථකසම‍්පජඤ‍්ඤං. තත්‍ථ ච අත්‍ථොති චෙතියදස‍්සනබොධිදස‍්සනසඞ‍්ඝදස‍්සනථෙරදස‍්සනඅසුභදස‍්සනාදිවසෙන ධම‍්මතො වඩ‍්ඪි. චෙතියං දිස‍්වාපි හි බුද‍්ධාරම‍්මණං, සඞ‍්ඝදස‍්සනෙන සඞ‍්ඝාරම‍්මණං පීතිං උප‍්පාදෙත්‍වා තදෙව ඛයතො සම‍්මසන‍්තො අරහත‍්තං පාපුණාති. මහාවිහාරස‍්මිඤ‍්හි දක‍්ඛිණද‍්වාරෙ ඨත්‍වා මහාචෙතියං ඔලොකෙන‍්තා තිංසසහස‍්සභික‍්ඛූ අරහත‍්තං පාපුණිංසු, තථා පච‍්ඡිමද‍්වාරෙ උත‍්තරද‍්වාරෙ පාචීනද‍්වාරෙ ච, තථා පඤ‍්හමණ‍්ඩපට‍්ඨානෙ අභයවාපිපාළියං, ථූපාරාමද‍්වාරෙ නගරස‍්ස දක‍්ඛිණද‍්වාරෙ අනුරාධවාපිපාළියං.

එහිදී සාත්‍ථක සම්පජඤ්ඤ (ප්‍රයෝජනවත් සිහිනුවණ), සප්පාය සම්පජඤ්ඤ (ගැළපෙන සිහි නුවණ), ගොචර සම්පජඤ්ඤ (අරමුණු පිළිබඳ සිහි නුවණ), අසම්මොහ සම්පජඤ්ඤ (මුලා නොවන සිහි නුවණ) යනුවෙන් “සම්පජඤ්ඤය” (සිහිනුවණ) සිවු වැදෑරුම් වේ. ඒ කරුණෙහිදී ඉදිරියට යාමේ සිතක් උපන් කල්හි සිතුන අයුරින්ම නොගොස් එහි යාමෙන් මට ප්‍රයෝජනයක් වේද නොවේදැයි අර්ථානර්ථ පරීක්ෂා කොට බලා අර්ථවත් දෙය ග්‍රහණය කර ගැනීම “සාත්‍ථක සම්පජඤ්ඤ” නම් වෙයි. එහි ද අත්‍ථො යනු චෛත්‍ය දර්ශන කොට බුදුන් වහන්සේ අරමුණු කර ගැනීම ද, සංඝයා දර්ශනය කිරීමෙන් සංඝයා අරමුණු කර ගැනීම වන ප්‍රීතිය උපදවා එයම ක්ෂය කිරීමෙන් නුවණින් විමසා බලමින් රහත් බවට පැමිණේ මහා විහාරයෙහි දකුණු දොරටුවෙහි සිට මහසෑය බලමින් තිස්දහසක් භික්ෂූහු රහත් බවට පැමිණියහ. එසේම බටහිර දොරටුවෙහිද, උතුරු දොරටුවෙහි ද, නැගෙනහිර දොරටුවෙහි ද සිට මහසෑය බලමින් රහත් බවට පැමිණියහ. එසේම ප්‍රශ්න මණ්ඩපය පිහිටි තැන ද, අභය වැව ඉවුරෙහි ද, ථූපාරාමය දොරටුවෙහි ද, නුවර දකුණු දොරටුවෙහි ද, අනුරාධ වැව ඉවුරෙහි ද එසේම රහත් බවට පැමිණියහ.

මහාඅරියවංසභාණකත්‍ථෙරො පනාහ “කිං තුම‍්හෙ වදථ, මහාචෙතියස‍්ස සමන‍්තා කුච‍්ඡිවෙදිකාය හෙට‍්ඨිමභාගතො පට‍්ඨාය පඤ‍්ඤායනට‍්ඨානෙ යත්‍ථ යත්‍ථ ද‍්වෙ පාදා සක‍්කා හොන‍්ති සමං පතිට‍්ඨාපෙතුං, තත්‍ථ තත්‍ථ එකපදුද‍්ධාරෙ තිංසතිංස භික‍්ඛුසහස‍්සානි අරහත‍්තං පාපුණිංසූති සක‍්කා වතු”න‍්ති. අපරො පන මහාථෙරො ආහ – “මහාචෙතියතලෙ ආකිණ‍්ණවාලිකාය බහුතරා භික‍්ඛූ අරහත‍්තං පත‍්තා”ති. ථෙරෙ දිස‍්වා තෙසං ඔවාදෙ පතිට‍්ඨාය අසුභං දිස‍්වා තත්‍ථ පඨමං ඣානං උප‍්පාදෙත්‍වා තදෙව ඛයතො සම‍්මසන‍්තො අරහත‍්තං පාපුණාති. තස‍්මා එතෙසං දස‍්සනං සාත්‍ථං. කෙචි පන – “ආමිසතොපි වඩ‍්ඪි අත්‍ථොයෙව, තං නිස‍්සාය බ්‍රහ‍්මචරියානුග‍්ගහාය පටිපන‍්නත‍්තා”ති වදන‍්ති.

මහා අරියවංස ධර්මය දේශනා කරන තෙරුන් වහන්සේ මෙසේ කීහ. “ඔබ කුමක් කියන්නහු ද, මහ සෑය වටේ ගර්භය වටා ඇති වේදිකාවෙහි යට කොටසෙහි පටන් පැහැදිලි ලෙස පෙනෙන ස්ථානය තෙක් වූ යම් යම් තැන්හි දෙපා සමව තබා ගැනීමට හැකි වේද, ඒ ඒ තැන්හි, එක් පියවරක් පමණක් තැබිය හැකි තැන්හි සිට තිස් දහසක් බැගින් භික්ෂූන් රහත් බවට පැමිණුනාහයි කිව හැක්කේය.” යනුයි. තවත් මහ තෙර නමක් මෙසේ කීහ. “වැලි විසුරුණු මහ සෑ මලුවෙහි බොහෝ භික්ෂූහු රහත් බවට පැමිණියහ” තෙරවරුන් දැක උන්වහන්සේලාගේ අවවාදයෙහි පිහිටා අසුභය දැක, එහි ප්‍රථම ධ්‍යානය උපදවා එයට ක්ෂය කිරීම් වශයෙන් නුවණින් විමසා බලමින් රහත් බවට පැමිණේ. එහෙයින් ඔවුන්ගේ දර්ශනය ඵල සහිතය. ආමිෂයේ හේතුවෙන් බඹසර හැසිරීමට අනුග්‍රහ පිණිස පිළිපන් බැවින් ආමිෂයෙන් ද වර්ධනය වීම ප්‍රයෝජනවත් යයි ඇතැමෙක් කියති.

තස‍්මිං පන ගමනෙ සප‍්පායාසප‍්පායං පරිග‍්ගණ‍්හිත්‍වා සප‍්පායපරිග‍්ගණ‍්හනං සප‍්පායසම‍්පජඤ‍්ඤං. සෙය්‍යථිදං? චෙතියදස‍්සනං තාව සාත්‍ථං. සචෙ පන චෙතියස‍්ස මහාපූජාය දසද‍්වාදසයොජනන‍්තරෙ පරිසා සන‍්නිපතන‍්ති, අත‍්තනො විභවානුරූපා ඉත්‍ථියොපි පුරිසාපි අලඞ‍්කතපටියත‍්තා චිත‍්තකම‍්මරූපකානි විය සඤ‍්චරන‍්ති. තත්‍ර චස‍්ස ඉට‍්ඨෙ ආරම‍්මණෙ ලොභො, අනිට‍්ඨෙ පටිඝො, අසමපෙක‍්ඛනෙ මොහො උප‍්පජ‍්ජති, කායසංසග‍්ගෙ කායසංසග‍්ගාපත‍්තිං ආපජ‍්ජති, ජීවිතබ්‍රහ‍්මචරියානං වා අන‍්තරායො ච හොති. එවං තං ඨානං අසප‍්පායං හොති, වුත‍්තප‍්පකාරඅන‍්තරායාභාවෙ සප‍්පායං. සඞ‍්ඝදස‍්සනම‍්පි සාත්‍ථං. සචෙ පන අන‍්තොගාමෙ මහාමණ‍්ඩපං කාරෙත්‍වා සබ‍්බරත‍්තිං ධම‍්මස‍්සවනං කාරෙන‍්තෙසු මනුස‍්සෙසු වුත‍්තප‍්පකාරෙනෙව ජනසන‍්නිපාතො චෙව අන‍්තරායො ච හොති, එවං තං ඨානං අසප‍්පායං, අන‍්තරායාභාවෙ සප‍්පායං. මහාපරිවාරානං ථෙරානං දස‍්සනෙපි එසෙව නයො.

ඒ ඒ කාලයෙහි යහපත් වූ ද අයහපත් වූ ද දෙය සොයා ගෙන යහපත් දේ හිමිකර ගැනීම යහපත් දේ පිළිබඳ විමසුම් නුවණ ඇති වීමයි. කෙසේද යත් - චෛත්‍ය දර්ශනය වූ කලී ප්‍රයෝජනවත්ය. ඉදින් චෛත්‍යයට මහාපූජාව පිණිස දස දොළොස් යොදුන් අතරතුර පිරිස් එක්රැස් වෙත් ද, තමාගේ ධනයට අනුරූප වන සේ ස්ත්‍රීහු ද පුරුෂයෝ ද අලංකාරවත් ලෙස සැරසුණාහු සිතුවම් කළ රූප මෙන් සැරි සරත්. එහිදී ද තමාට ප්‍රිය වූ අරමුණෙහි ලෝභය ද, අප්‍රිය වූ අරමුණෙහි අප්‍රසන්න බවද, මනාව නුවණින් නොබැලීමෙන් මෝහය ද උපදී. කාය සංසර්ගය නම් ඇවතට පැමිණේ. ජීවිතයේ බ්‍රහ්ම චර්යාවට අනතුරක් ද වේ. ඒ බැවින් ඒ ස්ථානය අයහපත් වේ. කියන ලද ආකාරයේ අනතුරක් නැති තැන්හි යහපත් වේ. සංඝ දර්ශනයද ප්‍රයෝජනවත් වේ. ඉදින් ඇතුළු ගමෙහි මහ මඬුවක් කරවා මුළු රැයෙහිම ධර්ම ශ්‍රවණය කරන්නාවූ මිනිසුන් අතරෙහි පෙර කියන ලද ආකාරයෙන් ම ජනතා රැස්වීම ද (බඹසරට) අන්තරාවක් ද වේ. මෙසේ ඒ ස්ථානය අයහපත් වේ. අනතුර නැති කල්හි යහපත් වේ. මහ පිරිස පිරිවරා ගත් තෙරවරුන්ගේ දර්ශනයෙහි මේ පිළිවෙළම වේ.

අසුභදස‍්සනම‍්පි සාත්‍ථං. තදත්‍ථදීපනත්‍ථඤ‍්ච ඉදං වත්‍ථු – එකො කිර දහරභික‍්ඛු සාමණෙරං ගහෙත්‍වා දන‍්තකට‍්ඨත්‍ථාය ගතො. සාමණෙරො මග‍්ගා ඔක‍්කමිත්‍වා පුරතො ගච‍්ඡන‍්තො අසුභං දිස‍්වා පඨමජ‍්ඣානං නිබ‍්බත‍්තෙත්‍වා තදෙව පාදකං කත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තො තීණි ඵලානි සච‍්ඡිකත්‍වා උපරිමග‍්ගත්‍ථාය කම‍්මට‍්ඨානං පරිග‍්ගහෙත්‍වා අට‍්ඨාසි. දහරො තං අපස‍්සන‍්තො “සාමණෙරා”ති පක‍්කොසි. සො – “මයා පබ‍්බජිතදිවසතො පට‍්ඨාය භික‍්ඛුනා සද‍්ධිං ද‍්වෙ කථා නාම න කථිතපුබ‍්බා, අඤ‍්ඤස‍්මිම‍්පි දිවසෙ උපරිවිසෙසං නිබ‍්බත‍්තෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “කිං, භන‍්තෙ,”ති පටිවචනං අදාසි. “එහී”ති වුත‍්තෙ එකවචනෙනෙව ආගන‍්ත්‍වා – “භන‍්තෙ, ඉමිනා තාව මග‍්ගෙන ගන‍්ත්‍වා මයා ඨිතොකාසෙ මුහුත‍්තං පුරත්‍ථාභිමුඛා හුත්‍වා ඔලොකෙථා”ති ආහ. සො තථා කත්‍වා තෙන පත‍්තවිසෙසමෙව පාපුණි. එවං එකං අසුභං ද‍්වින‍්නං ජනානං අත්‍ථාය ජාතං. එවං සාත්‍ථම‍්පි පනෙතං පුරිසස‍්ස මාතුගාමාසුභං අසප‍්පායං, මාතුගාමස‍්ස ච පුරිසාසුභං, සභාගමෙව සප‍්පායන‍්ති එවං සප‍්පායපරිග‍්ගණ‍්හනං සප‍්පායසම‍්පජඤ‍්ඤං.

අශුභ දර්ශනය ද ප්‍රයෝජනවත්ය. එහි අරුත පැහැදිලිව දැක්වීමට මේ කථාව ඉදිරිපත් කෙරේ. එක්තරා තරුණ භික්ෂුවක් හෙරණ නමක්ද රැගෙන දැහැටි සොයනු පිණිස ගියේය. හෙරණ තෙමේ මාර්ගයෙන් ඉවත් වී පෙරටුව යන්නේ අසුභ දෙයක් දැක ප්‍රථම ධ්‍යානය උපදවා එයම පාදක කොට සංස්කාරයන් නුවණින් විමසා බලන්නේ ඵල තුන අවබෝධ කොට මත්තෙහි වූ මාර්ගය සඳහා කමටහන් දරාගෙන සිටියේය. තරුණ භික්ෂුව ඔහු නො දක්නේ සාමණේරයෙනි යි යනුවෙන් හඩ ගෑවේය. හෙතෙම “මා පැවිදි වූ දින අන් දිනයෙක්හි උසස් ඥානය (රහත් බව) උපදවා ගනිමි”යි සිතා කිම්ද ස්වාමීනි, යි පිළිවදන් දුන්නේය. “එන්න” යයි කියනු ලැබූ එක් වචනයකින් ම පැමිණ “ස්වාමීනි. මේ මගින් ගොස් මා සිටි ස්ථානයෙහි මොහොතක් පෙරදිගට මුහුණ ලා බලන්න”ය කීය. ඒ (භික්ෂු) තෙම එසේ කොට පෙරකී හෙරණුන් පැමිණි උතුම් තත්ත්වයටම (අනාගාමි ඵලයට) පැමිණියේය. මෙසේ එකම අසුභය පුද්ගලයන් දෙදෙනකුගේ ප්‍රයෝජනය සඳහා ඇතිවිය. පුද්ගලයාට ස්ත්‍රිය අසුබය, අහිතකරය, ස්ත්‍රියට ද පුරුෂයා අසුබය සම පැවතුම් ඇති වීමට සුදුසු වන්නේය. මෙසේ සුදුසු දේ ග්‍රහණය කර ගැනීමද සුදුසු දැනුම ඇති වීම ද කරුණු ඵල සහිත වන්නේමය.

එවං පරිග‍්ගහිතසාත්‍ථසප‍්පායස‍්ස පන අට‍්ඨතිංසකම‍්මට‍්ඨානෙසු අත‍්තනො චිත‍්තරුචිකං කම‍්මට‍්ඨානසඞ‍්ඛාතං ගොචරං උග‍්ගහෙත්‍වා භික‍්ඛාචාරගොචරෙ තං ගහෙත්‍වාව ගමනං ගොචරසම‍්පජඤ‍්ඤං නාම.

මෙසේ ග්‍රහණය කර ගන්නා ලද ඵල සහිත වූ සුදුසු දෙයෙහි වනාහී තිස් අටක් වූ කමටහන් අතුරෙහි තමාගේ සිතට රුචිවන්නාවූ කර්මස්ථානයන් වන අරමුණු උගෙන ගෙන පිඬු පිණිස හැසිරීමෙහිදී කර්මස්ථානාරම්මණයන් (සිතින්) රැගෙන ගමන් කිරිම ගෝචර සම්පජඤ්ඤ (දැනුවත් බව ඇතිවම ගොදුරු ගමෙහි හැසිරීම) නම් වේ.

තස‍්සාවිභාවත්‍ථං ඉදං චතුක‍්කං වෙදිතබ‍්බං – ඉධෙකච‍්චො භික‍්ඛු හරති න පච‍්චාහරති, එකච‍්චො පච‍්චාහරති න හරති, එකච‍්චො පන නෙව හරති න පච‍්චාහරති, එකච‍්චො හරති ච පච‍්චාහරති ච.

එහි පැහැදිලි බව සඳහා මේ සතර දැන ගත යුතුය. මෙහි ඇතැම් භික්ෂු නමක් (කමටහන) රැගෙන යයි. ආපසු නොගෙනෙයි. තවත් භික්ෂු නමක් (කමටහන) ගෙනෙයි. එහෙත් ගෙන නොයයි. තවද භික්ෂු නමක් (කමටහන) රැගෙන නොයන්නේද නො ගෙනෙන්නේද වෙයි. තවත් ඇතැම් භික්ෂු නමක් (කමටහන) ගෙන යන්නේද ගෙන එන්නේද වෙයි.

තත්‍ථ යො භික‍්ඛු දිවසං චඞ‍්කමෙන නිසජ‍්ජාය ච ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙත්‍වා තථා රත‍්තියා පඨමං යාමං මජ‍්ඣිමයාමෙ සෙය්‍යං කප‍්පෙත්‍වා, පච‍්ඡිමයාමෙපි නිසජ‍්ජාචඞ‍්කමෙහි වීතිනාමෙත්‍වා, පගෙව චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණවත‍්තං කත්‍වා බොධිරුක‍්ඛෙ උදකං ආසිඤ‍්චිත්‍වා පානීයං පරිභොජනීයං පච‍්චුපට‍්ඨපෙත්‍වා ආචරියුපජ‍්ඣායවත‍්තාදීනි සමාදාය වත‍්තති. සො සරීරපරිකම‍්මං කත්‍වා සෙනාසනං පවිසිත්‍වා ද‍්වෙ තයො පල‍්ලඞ‍්කෙ උසුමං ගාහාපෙන‍්තො කම‍්මට‍්ඨානමනුයුඤ‍්ජිත්‍වා භික‍්ඛාචාරවෙලාය උට‍්ඨහිත්‍වා කම‍්මට‍්ඨානසීසෙනෙව පත‍්තචීවරමාදාය සෙනාසනතො නික‍්ඛමිත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තොව චෙතියඞ‍්ගණං ගන‍්ත්‍වා සචෙ බුද‍්ධානුස‍්සතිකම‍්මට‍්ඨානං හොති, තං අවිස‍්සජ‍්ජෙත්‍වාව චෙතියඞ‍්ගණං පවිසති. අඤ‍්ඤං චෙ කම‍්මට‍්ඨානං හොති, සොපානපාදමූලෙ ඨත්‍වා හත්‍ථෙන ගහිතභණ‍්ඩං විය තං ඨපෙත්‍වා බුද‍්ධාරම‍්මණං පීතිං ගහෙත්‍වා චෙතියඞ‍්ගණං ආරුය‍්හ මහන‍්තං චෙතියං චෙ, තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු වන්‍දිතබ‍්බං, ඛුද‍්දකං චෙ, තථෙව පදක‍්ඛිණං කත්‍වා අට‍්ඨසු ඨානෙසු වන්‍දිතබ‍්බං. චෙතියං වන්‍දිත්‍වා බොධියඞ‍්ගණං පත‍්තෙනාපි බුද‍්ධස‍්ස භගවතො සම‍්මුඛා විය නිපච‍්චකාරං දස‍්සෙත්‍වා බොධි වන්‍දිතබ‍්බා. සො එවං චෙතියඤ‍්ච බොධිඤ‍්ච වන්‍දිත්‍වා පටිසාමිතට‍්ඨානං ගන‍්ත්‍වා පටිසාමිතභණ‍්ඩකං හත්‍ථෙන ගණ‍්හන‍්තො විය නික‍්ඛිත‍්තකම‍්මට‍්ඨානං ගහෙත්‍වා ගාමසමීපෙ කම‍්මට‍්ඨානසීසෙනෙව චීවරං පාරුපිත්‍වා ගාමං පිණ‍්ඩාය පවිසති.

එහි යම් භික්ෂු නමක් දිවා කාලය සක්මනින්ද, හිඳ ගැනීමෙන් ද ආවරණය කළ යුතු වූ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කොට එසේ රාත්‍රියෙහි ප්‍රථම යාමය ගත කොට, මධ්‍යම යාමයෙහි සයනය කොට, පශ්චිම යාමයෙහි ද හිඳගෙන සිටීමෙන් හා සක්මනින් කල්යවා උදෑසනම චෛත්‍ය මළුව, බෝධි මළුව (ආදියෙහි) වතාවත් සිදු කොට, බෝරුකට ජලය ඉස, පරිභෝග කළයුතු වූ පැන් ගෙනැවිත් තබා ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේ සඳහා වුවත් ආදිය ඉටු කර වාසය කරයි. හේ තෙමේ වනාහී ශාරීරික කාර්යයන් කොට සෙනසුනට පැමිණ පර්යංකයන් දෙක තුනක් උණුසුම් කරවා (දෙතුන් පලක හිඳ) කමටහන් හි යෙදී, පිඬු පිණිස හැසිරෙන කල්හි නැගී සිට කමටහන් පිළිබඳ සිහියෙන් ම පා සිවුරු ගෙන සෙනසුනෙන් නික්මී කමටහන් මෙනෙහි කරමින් චෛත්‍යාංගනයට ගොස් ඉදින් බුද්ධානුස්මෘති කර්මස්ථානය සිතෙහි පවතී නම් එය අත් නොහැරම චෛත්‍යාංගනයට පිවිසෙයි. ඉදින් අන් කමටහනක් (සිතෙහි) පවතී ද, පිය ගැට පෙළ මුල සිට, අතින් ගත් භාණ්ඩයක් මෙන් එය තබා බුදුන් අරමුණු කොට වූ ප්‍රීතිය (සිතින්) ගෙන චෛත්‍ය මළුවට නැඟ මහ සෑය තෙවරක් පැදකුණු කොට අටතැනෙක්හිදී වැඳිය යුතු වෙයි. චෛත්‍යය වැඳ බෝ මළුවට පැමිණියාවූ ද ඔහු විසින් භාග්‍යවත් බුදුන් වහන්සේගේ ඉදිරියෙහිදී මෙන් ගරු බුහුමන් දක්වා බෝධිය වැඳිය යුතු වේ. හෙතෙමේ මෙසේ චෛත්‍යය ද බෝධිය ද වැඳ, තැන්පත් කළ තැනකට ගොස් තැන්පත් කළ භාණ්ඩය අතින් හැර ගන්නකු මෙන් ඉවත් කරන ලද කමටහන හැරගෙන ගම අසලදී කමටහන පිළිබඳ සිහියෙන් ම සිවුර පොරවා පිඬු පිණිස ගමට පිවිසෙයි.

අථ නං මනුස‍්සා දිස‍්වා “අය්‍යො නො ආගතො”ති පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තං ගහෙත්‍වා ආසනසාලාය වා ගෙහෙ වා නිසීදාපෙත්‍වා යාගුං දත්‍වා යාව භත‍්තං න නිට‍්ඨාති, තාව පාදෙ ධොවිත්‍වා මක‍්ඛෙත්‍වා පුරතො නිසීදිත්‍වා පඤ‍්හං වා පුච‍්ඡන‍්ති, ධම‍්මං වා සොතුකාමා හොන‍්ති. සචෙපි න කථාපෙන‍්ති, ජනසඞ‍්ගහණත්‍ථං ධම‍්මකථා නාම කාතබ‍්බායෙවාති අට‍්ඨකථාචරියා වදන‍්ති. ධම‍්මකථා හි කම‍්මට‍්ඨානවිනිමුත‍්තා නාම නත්‍ථි, තස‍්මා කම‍්මට‍්ඨානසීසෙනෙව ධම‍්මං කථෙත්‍වා කම‍්මට‍්ඨානසීසෙනෙව ආහාරං පරිභුඤ‍්ජිත්‍වා අනුමොදනං කත්‍වා නිවත‍්තියමානෙහිපි මනුස‍්සෙහි අනුගතොව ගාමතො නික‍්ඛමිත්‍වා තත්‍ථ තෙ නිවත‍්තෙත්‍වා මග‍්ගං පටිපජ‍්ජති.

ඉක්බිති මනුෂ්‍යයෝ ඒ තෙරුන් දැක “අපගේ ආර්යයන් වහන්සේ පැමිණියහ” යි පෙර ගමන් කොට, පාත්‍රය ගෙන අසුන් හලෙහි හෝ ගෙය තුළ හෝ හිඳුවා කැඳ දී යම්තාක් කල්හි අහර කිස නිමවයි ද එකල්හි පාද ධෝවනය කොට පිස දමා ඉදිරියෙහි හිඳගෙන ප්‍රශ්න විචාරති. එසේ නැතහොත් දහම් අසනු රිසිවෙත්. (මිනිසුන්) කථා නොකරන්නෝ වුව ද ජනතාවට සංග්‍රහ කිරීම පිණිස ධාර්මික කථාවක් නම්, කළ යුතුම යයි අටුවාචාරීහු කියති. ධාර්මික කථා වනාහී පිළිබඳ සිහියෙන් ම අහර වළඳා අනුමෝදනාව සිදු කොට, නවතින්නාවූ මිනිසුන් විසින් ද පසු ගමන් කරනු ලබන්නේ ගමින් නික්මී එහිදී ඔවුන් නවත්වා මඟට පිවිසේ.

අථ නං පුරෙතරං නික‍්ඛමිත්‍වා බහිගාමෙ කතභත‍්තකිච‍්චා සාමණෙරදහරභික‍්ඛූ දිස‍්වා පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරමස‍්ස ගණ‍්හන‍්ති. පොරාණකභික‍්ඛූ කිර න “අම‍්හාකං උපජ‍්ඣායො ආචරියො”ති මුඛං ඔලොකෙත්‍වා වත‍්තං කරොන‍්ති, සම‍්පත‍්තපරිච‍්ඡෙදෙනෙව කරොන‍්ති. තෙ තං පුච‍්ඡන‍්ති – “භන‍්තෙ, එතෙ මනුස‍්සා තුම‍්හාකං කිං හොන‍්ති, මාතිපක‍්ඛතො සම‍්බන්‍ධා පිතිපක‍්ඛතො”ති? කිං දිස‍්වා පුච‍්ඡථාති? තුම‍්හෙසු එතෙසං පෙමං බහුමානන‍්ති. “ආවුසො, යං මාතාපිතූහිපි දුක‍්කරතරං, තං එතෙ අම‍්හාකං කරොන‍්ති, පත‍්තචීවරම‍්පි නො එතෙසං සන‍්තකමෙව, එතෙසං ආනුභාවෙන නෙව භයෙ භයං, න ඡාතකෙ ඡාතකං ජානාම, එදිසා නාම අම‍්හාකං උපකාරිනො නත්‍ථී”ති තෙසං ගුණෙ කථයන‍්තො ගච‍්ඡති. අයං වුච‍්චති හරති න පච‍්චාහරතීති.

ඉක්බිති ඒ තෙරුන්හට පෙරටුව නික්ම ගමෙන් බැහැරදී කරන ලද බත්කිස ඇති සාමණේර තරුණ භික්ෂූහු (එතුමන්) දැක පෙර ගමන් කොට එතුමන්ගේ පා සිවුරු ගණිති. පැරණි භික්ෂූහු වනාහි (මේ නම්) අපගේ උපාධ්‍යාය ආචාර්යවරයාණෝ නො වෙති’යි මුහුණ බලා වතාවත් කරති. එකතු වී කොටස් වෙන්කර ගෙන ම (වතාවත්) කරති. ඔව්හු තෙරුන්ගෙන් (මෙසේ) විමසත් “ස්වාමීනි, මේ මනුෂ්‍යයෝ ඔබට කවුරු වෙත් ද? මවු පසින් හෝ පිය පසින් සම්බන්ධ වූවෝ ද?” “කුමක් දැක මෙසේ විමසන්නහු දැයි” ඇසීය.”මොව්හු ඔබ කෙරෙහි ආදරය ඇත්තාහු බුහුමන් කරති. (එහෙයින් විමසීමු)” යනුවෙන් කීහ) “ඇවැත්නි, මවු පසින් විසිනුදු සිදු කිරීමට දුෂ්කර වූ යමක් වේද එය (ද) මේ මනුෂ්‍යයෝ අපහට ඉටු කරත්. අපගේ පා සිවුරු පවා මේ මිනිසුන් හට අයත්මය. මේ අයගේ බලයෙන් (මාහට) බියෙහිදී බියක් නො දැනේ. සාගින්නෙහිදී සාගිනි නොදැනේ. අපි බිය ඇතිවන කල්හි බියක් ද, සාගිනි ඇතිවන කල්හි සාගින්න ද නො දන්නෝ වෙමු. අපට උපකාරී වන මෙබඳු (වෙනත්) අය නම් නැත්තාහුම යයි ඔවුන්ගේ ගුණයන් කියමින් යයි. “(කමටහන්) රැගෙන යයි. ආපසු නො ගෙනෙයි. (හරති න පච්චාහරති”) යනුවෙන් මෙය කියනු ලැබේ.

යස‍්ස පන පගෙව වුත‍්තප‍්පකාරං වත‍්තපටිපත‍්තිං කරොන‍්තස‍්ස කම‍්මජතෙජො පජ‍්ජලති, අනුපාදිණ‍්ණකං මුඤ‍්චිත්‍වා උපාදිණ‍්ණකං ගණ‍්හාති, සරීරතො සෙදා මුච‍්චන‍්ති, කම‍්මට‍්ඨානවීථිං නාරොහති, සො පගෙව පත‍්තචීවරමාදාය වෙගසාව චෙතියං වන්‍දිත්‍වා ගොරූපානං නික‍්ඛමනවෙලායමෙව ගාමං යාගුභික‍්ඛාය පවිසිත්‍වා යාගුං ලභිත්‍වා ආසනසාලං ගන‍්ත්‍වා පිවති. අථස‍්ස ද‍්විත‍්තික‍්ඛත‍්තුං අජ‍්ඣොහරණමත‍්තෙනෙව කම‍්මජතෙජො උපාදිණ‍්ණකං මුඤ‍්චිත්‍වා අනුපාදිණ‍්ණකං ගණ‍්හාති, ඝටසතෙන න‍්හාතො විය තෙජොධාතුපරිළාහනිබ‍්බානං පත්‍වා කම‍්මට‍්ඨානසීසෙන යාගුං පරිභුඤ‍්ජිත්‍වා පත‍්තඤ‍්ච මුඛඤ‍්ච ධොවිත්‍වා අන‍්තරාභත‍්තෙ කම‍්මට‍්ඨානං මනසිකත්‍වා අවසෙසට‍්ඨානෙ පිණ‍්ඩාය චරිත්‍වා කම‍්මට‍්ඨානසීසෙන ආහාරං පරිභුඤ‍්ජිත්‍වා තතො පට‍්ඨාය පොඞ‍්ඛානුපොඞ‍්ඛං උපට‍්ඨහමානං කම‍්මට‍්ඨානං ගහෙත්‍වාව ආගච‍්ඡති. අයං වුච‍්චති පච‍්චාහරති න හරතීති. එදිසා ච භික‍්ඛූ යාගුං පිවිත්‍වා විපස‍්සනං ආරභිත්‍වා බුද‍්ධසාසනෙ අරහත‍්තං පත‍්තා නාම ගණනපථං වීතිවත‍්තා. සීහළදීපෙයෙව තෙසු තෙසු ගාමෙසු ආසනසාලායං න තං ආසනමත්‍ථි, යත්‍ථ යාගුං පිවිත්‍වා අරහත‍්තං පත‍්තා භික‍්ඛූ නත්‍ථීති.

පෙර කියන ලද අයුරින් ක්‍රියා කරන්නා වූ යමකුට වනාහී උදෑසන ම කර්මජ තේජස (හෙවත් කුස ගින්න) දැල්වේද, හේ තමාට සුදුසු දේ අත්හැර, තමාට නුසුදුසු දෙය ගනියි ද, එවිට ඔහුගේ ශරීරයෙන් ඩහදිය වැගිරේ. කමටහන නියම මඟට නො එළඹේ. හෙතෙම උදෑසන ම පා සිවුරු ගෙන ඉක්මනින් චෛත්‍යය වැඳ, ගවයන් ගවහලෙන් ගමට පිවිස කැඳ ලබාගෙන ආසන සාලාවට ගොස් පානය කරයිද, ඉක්බිති දෙතුන් වරක් ගිලින විටම ඔහුගේ කුස ගින්න නුසුදුසු දෙය අත්හැර සුදුසු දෙය ගනියි. කළගෙඩි සියයකින් ජලස්නානය කළාක් මෙන්, තේජෝ ධාතුවෙන් හටගත් ගින්න (හෙවත් කුසගින්න) නිවීමට පත් වී කමටහන පිළිබඳ සිහියෙන් කැඳ වළඳා පාත්‍රය ද, මුඛය ද ධෝවනය කොට අහර වේල් අතරතුරෙහි (හෙවත් දහවල වැළදීමට පෙර) කමටහන් මෙනෙහි කොට වෙනත් තැනෙක පිඬු පිණිස හැසිර කමටහන් පිළිබඳ සිහියෙන් අහර වළඳා එතැන් පටන් එකනෙක ඊතලය පසු පසින් යාබදව දිවෙන අන් ඊතල මෙන් (හෙවත් අතරක් නැති සේ අනුගාමීව පවත්නා) කමටහන් ගෙණ ම පැමිණෙයි “රැගෙන එයි, රැගෙන නොයයි (ආහරති න හරති)” යනුවෙන් මෙය කියනු ලැබේ. කැඳ වළඳා විදසුන් අරඹා බුදුසස්නෙහි රහත් බවට පැමිණි මෙබඳු වූ ම භික්ෂූහු ගණනය කළහැකි ප්‍රමාණය ඉක්මවූවාහුමය. සිංහල ද්වීපයෙහි ම ඒ ඒ ගම්වල ආසන සාලාවන්හි යම් අසුනක හිඳ කැඳ වළඳා රහත් බවට පැමිණි භික්ෂූහු නොවෙත් ද, එබඳු අසුනක් නම් නැත්තේමය.

යො පන පමාදවිහාරී හොති නික‍්ඛිත‍්තධුරො, සබ‍්බවත‍්තානි භින්‍දිත්‍වා පඤ‍්චවිධචෙතොවිනිබන්‍ධබද‍්ධචිත‍්තො විහරන‍්තො “කම‍්මට‍්ඨානං නාම අත්‍ථී”තිපි සඤ‍්ඤං අකත්‍වා ගාමං පිණ‍්ඩාය පවිසිත්‍වා අනනුලොමිකෙන ගිහිසංසග‍්ගෙන සංසට‍්ඨො චරිත්‍වා ච භුඤ‍්ජිත්‍වා ච තුච‍්ඡො නික‍්ඛමති. අයං වුච‍්චති නෙව හරති න පච‍්චාහරතීති.

යම් භික්ෂුවක් වනාහී වැරදි විහරණ ඇත්තේ වීර්යය අත්හළේ ද, සියළු වතාවත් බිඳ දමා, පස්වැදෑරුම් වූ චෛතසික බන්ධනයන්හි බැඳුණ සිත් ඇතිව වාසය කරමින්, කමටහන් නම් දෙයක් ඇතැයි යන සංඥාවක් ද නො කොට ගමට පිඬු පිණිස පැමිණ අනුපිළිවෙළින් තොරව ගිහියන් ඇසුරු කරමින් හැසිරීමද, වැළඳීම ද සිදු කොට හරසුන් වූයේ නික්ම යයි. (කමටහන්) “රැගෙන නොයයි. රැගෙන නොඑයි.” (නොවරති. නාහරති) යනුවෙන් මෙය කියනු ලැබේ.

යො පනායං හරති ච පච‍්චාහරති චාති වුත‍්තො, සො ගතපච‍්චාගතිකවත‍්තවසෙන වෙදිතබ‍්බො. අත‍්තකාමා හි කුලපුත‍්තා සාසනෙ පබ‍්බජිත්‍වා දසපි වීසම‍්පි තිංසම‍්පි චත‍්තාලීසම‍්පි පඤ‍්ඤාසම‍්පි සතම‍්පි එකතො වසන‍්තා කතිකවත‍්තං කත්‍වා විහරන‍්ති “ආවුසො, තුම‍්හෙ න ඉණට‍්ටා, න භයට‍්ටා, න ජීවිකාපකතා පබ‍්බජිතා, දුක‍්ඛා මුච‍්චිතුකාමා පනෙත්‍ථ පබ‍්බජිතා, තස‍්මා ගමනෙ උප‍්පන‍්නකිලෙසං ගමනෙයෙව නිග‍්ගණ‍්හථ, ඨානෙ, නිසජ‍්ජාය, සයනෙ උප‍්පන‍්නකිලෙසං සයනෙයෙව නිග‍්ගණ‍්හථා”ති. තෙ එවං කතිකවත‍්තං කත්‍වා භික‍්ඛාචාරං ගච‍්ඡන‍්තා අඩ‍්ඪඋසභඋසභඅඩ‍්ඪගාවුතගාවුතන‍්තරෙසු පාසාණා හොන‍්ති, තාය සඤ‍්ඤාය කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තාව ගච‍්ඡන‍්ති. සචෙ කස‍්සචි ගමනෙ කිලෙසො උප‍්පජ‍්ජති, තත්‍ථෙව නං නිග‍්ගණ‍්හාති. තථා අසක‍්කොන‍්තො තිට‍්ඨති. අථස‍්ස පච‍්ඡතො ආගච‍්ඡන‍්තොපි තිට‍්ඨති, සො “අයං භික‍්ඛු තුය‍්හං උප‍්පන‍්නවිතක‍්කං ජානාති, අනනුච‍්ඡවිකං තෙ එත”න‍්ති අත‍්තානං පටිචොදෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා තත්‍ථෙව අරියභූමිං ඔක‍්කමති, තථා අසක‍්කොන‍්තො නිසීදතීති සො එව නයො. අරියභූමිං ඔක‍්කමිතුං අසක‍්කොන‍්තොපි, තං කිලෙසං වික‍්ඛම‍්භෙත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තොව ගච‍්ඡති, න කම‍්මට‍්ඨානවිප‍්පයුත‍්තෙන චිත‍්තෙන පාදං උද‍්ධරති. උද‍්ධරති චෙ, පටිනිවත‍්තිත්‍වා පුරිමපදෙසංයෙව එති ආලින්‍දකවාසී මහාඵුස‍්සදෙවත්‍ථෙරො විය.

යමෙක් වනාහී “රැගෙන යයි ද, ආපසු රැගෙන එයි ද (හරතිච පච්චාහරතිච)” යනුවෙන් කියනු ලැබුයේ නම් ඔහු ගොසින් ආපසු පැමිණෙන පැවැත්මක් ඇති අයකු වශයෙන් දත යුතුය. යහපත කැමතිවන කුල පුත්‍රයෝ වූ කලී සසුනෙහි පැවිදි වී දසයක්, විස්සක්, තිසක්, සතළිසක්, පනසක්, සියයක් ආදී වශයෙන් එක්ව වසන්නාහු (මෙබඳු) කතිකාවතක් කොට වාසය කරත්. (කෙබඳු කතිකාවතක්ද යත්) “ඇවැත්නි, යුෂ්මත්හු ණය ගැතියෝ නොවන්නහුය, බියට පත් වූවෝ නොවන්නහුය, ජීවත් වීම සඳහා පැවිදි වූවෝ නොවන්නාහුය, දුකින් මිදෙනු කැමැත්තෝ ම පැවිදි වූවෝ වන්නාහුය. එබැවින් ගමන් කිරීමෙහිදී උපන් කෙලෙස් ගමනෙහිදීම බැහැර කරන්න. සිටීමෙහිදී ද, හිඳීමෙහිදීද, සයනයෙහිදී ද උපන් කෙලෙස් සිටීමෙහිදී ද, හිඳීමෙහි දී ද, සයනයෙහි දී ද බැහැර කරන්න” (යන කතිකාවතයි) ඔව්හු මෙසේ කතිකාවතක් කොට පිඬු පිණිස හැසිරීමෙහි යන්නාහු අඩ උසභගයක් ද, උසභයක් ද. අඩගවුවක් ද, ගවුවක් ද යන දුර ප්‍රමාණයන් අතරෙහි ඇති ගල්වල සලකුණින් කමටහන් මෙනෙහි කරමින් ම යති. (උසභයක් යනු යෂ්ටි 20 ක දුරක් යයි පාලි භාෂා ශබ්ද කෝෂ කර්තෘ ආර්.සී. චිල්ඩර්ස් මහතා කියයි. රියන් 140 ක දුරකැයි පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියෝ පවසති) ඉදින් කවරකුට හෝ ගමනෙහිදී කෙලෙස් උපදීද, එහිදීම එය බැහැර කරයි. එසේ කළ නොහැකි තැනැත්තේ නවතියි. එවිට ඔහුට පසුව පැමිණෙන තැනැත්තේ ද නවතියි. හෙතෙම මේ භික්ෂුව ඔබට උපන් අදහස දනියි, ඔබට එය නුසුදුසුය” යනුවෙන් තමා හටම චෝදනා කොට ගෙන විදර්ශනා වඩා එහිදීම ආර්ය භූමියට ඇතුල් වේ. එසේ කළ නොහැකි තැනැත්තේ හිඳගන්නේ වෙයි. මෙයට පිළිවෙළ වේ. ආර්ය භූමියට පිවිසීමට නොහැකි වන තැනැත්තේ ද ඒ කෙලෙස් යටපත් කොට කමටහන් මෙනෙහි කරමින්ම යයි කමටහනින් තොර වූ සිතින් පයක් නොම ඔසවයි. පයක් ඔසවන්නේ නම් ආළින්දයෙහි වාසය කළාවූ මහා ඵුස්සදේව නම් තෙරුන් මෙන් ආපසු හැරී පෙර තැනටම එයි.

සො කිර එකූනවීසති වස‍්සානි ගතපච‍්චාගතිකවත‍්තං පූරෙන‍්තො එව විහාසි. මනුස‍්සාපි සුදං අන‍්තරාමග‍්ගෙ කසන‍්තා ච වපන‍්තා ච මද‍්දන‍්තා ච කම‍්මානි ච කරොන‍්තා ථෙරං තථා ගච‍්ඡන‍්තං දිස‍්වා – “අයං ථෙරො පුනප‍්පුනං නිවත‍්තිත්‍වා ගච‍්ඡති, කිං නු ඛො මග‍්ගමූළ‍්හො, උදාහු කිඤ‍්චි පමුට‍්ඨො”ති සමුල‍්ලපන‍්ති. සො තං අනාදියිත්‍වා කම‍්මට‍්ඨානයුත‍්තචිත‍්තෙනෙව සමණධම‍්මං කරොන‍්තො වීසතිවස‍්සබ‍්භන‍්තරෙ අරහත‍්තං පාපුණි. අරහත‍්තප‍්පත‍්තදිවසෙ චස‍්ස චඞ‍්කමනකොටියං අධිවත්‍ථා දෙවතා අඞ‍්ගුලීහි දීපං උජ‍්ජාලෙත්‍වා අට‍්ඨාසි. චත‍්තාරොපි මහාරාජානො සක‍්කො ච දෙවානමින්‍දො බ්‍රහ‍්මා ච සහම‍්පති උපට‍්ඨානං ආගමංසු. තඤ‍්ච ඔභාසං දිස‍්වා වනවාසීමහාතිස‍්සත්‍ථෙරො තං දුතියදිවසෙ පුච‍්ඡි – “රත‍්තිභාගෙ ආයස‍්මතො සන‍්තිකෙ ඔභාසො අහොසි, කිං සො ඔභාසො”ති? ථෙරො වික‍්ඛෙපං කරොන‍්තො “ඔභාසො නාම දීපොභාසොපි හොති, මණිඔභාසොපී”ති එවමාදිමාහ. තතො “පටිච‍්ඡාදෙථ තුම‍්හෙ”ති නිබද‍්ධො ආමාති පටිජානිත්‍වා ආරොචෙසි.

හේ තෙමේ වනාහී එකුන් විසි වසක් කල්ම “ගත පච්චාගතික වත” (හෙවත් ගොසින් ආපසු පැමිණීමේ පිළිවෙත) පුරමින් ම වාසය කෙළේය. අතරමඟ වපුරමින් ද, මඩිමින් ද, කර්මාන්ත කරමින්ද සිටින මනුෂ්‍යයෝ එසේ යන්නා වූ තෙරුන් දැක “මේ තෙරණුවෝ නැවත නැවත නැවතී යති, කිම, මං මුළාවූයේ ද, නැතහොත් කිසියම් රැවටීමක්ද”යි සාකච්ඡා කරත්. හේ තෙමේ එය සැලකිල්ලට නොගෙන කමටහනෙහි යෙදුණ සිතින් ම මහණ දම් කරනුයේ විසි වසක් අතරතුර රහත් බවට පැමිණියේය. උන්වහන්සේ රහත් වූ දිනයෙහි සක්මන් මලුව කෙළවර අධිගෘහිත දේවතාවා ඇඟිලිවලින් ආලෝකය දල්වා සිටියේය. සතර වරම් දිව්‍ය රාජයෝ ද, ශක්‍ර දේවේන්ද්‍රයා ද, සහම්පති බ්‍රහ්ම රාජයා ද උපස්ථානයට පැමිණියාහුය. එම ආලෝකය දැක වනවාසී මහා තිස්ස ස්ථවිර තෙමේ පසු දිනයෙහි උන් වහන්සේගෙන් “රාත්‍රි කාලයෙහි ආයුෂ්මතුන්ගේ සමීපයෙහි ආලෝකයක් විය. එය කුමක්ද? යනුවෙන් විචාළේය. ස්ථවිර තෙමේ වික්ෂිප්ත කරනුයේ “ආලෝකය නම් පහන් එළිය ද, මැණික් එළිය ද? යන මේ ආදී වශයෙන් ඇසීය. එවිට “ඔබ කරුණ සඟවන්නේ දැ”යි අසා පෙරැත්ත කරනු ලැබීය. (පසුව) එය පිළිගෙන එසේ යයි කීය.

කාළවල‍්ලිමණ‍්ඩපවාසීමහානාගත්‍ථෙරො විය ච. සොපි කිර ගතපච‍්චාගතිකවත‍්තං පූරෙන‍්තො පඨමං තාව “භගවතො මහාපධානං පූජෙස‍්සාමී”ති සත‍්ත වස‍්සානි ඨානචඞ‍්කමමෙව අධිට‍්ඨාසි. පුන සොළස වස‍්සානි ගතපච‍්චාගතිකවත‍්තං පූරෙත්‍වා අරහත‍්තං පාපුණි.

කාළවල්ලි මඩුවෙහි වාසය කළ මහානාග ස්ථවිර තෙමේ ද එසේම විය. ඒ ස්ථවිර තෙමේ වනාහී “ගත පච්චාගතික වත” පුරන්නේ පළමු කොටම කෙළෙස් තැවීම නම් වූ වීර්යයෙන් බුදුන් පුදන්නෙමියි සත් වසක් ස්ථානීය සක්මන ම අධිෂ්ඨාන කොට විසීය. නැවත සොළොස්වසක් “ගත පච්චාගතික වත” සම්පූර්ණ කොට රහත් බවට පැමිණියේය.

සො කම‍්මට‍්ඨානයුත‍්තෙනෙව චිත‍්තෙන පාදං උද‍්ධරන‍්තො විප‍්පයුත‍්තෙන උද‍්ධටෙ පටිනිවත‍්තන‍්තො ගාමසමීපං ගන‍්ත්‍වා “ගාවී නු පබ‍්බජිතො නූ”ති ආසඞ‍්කනීයපදෙසෙ ඨත්‍වා චීවරං පාරුපිත්‍වා කච‍්ඡකරකතො උදකෙන පත‍්තං ධොවිත්‍වා උදකගණ‍්ඩූසං කරොති. කිං කාරණා? “මා මෙ භික‍්ඛං දාතුං වා වන්‍දිතුං වා ආගතෙ මනුස‍්සෙ ‘දීඝායුකා හොථා’ති වචනමත‍්තෙනාපි කම‍්මට‍්ඨානවික‍්ඛෙපො අහොසී”ති “අජ‍්ජ, භන‍්තෙ, කතිමී”ති දිවසං වා භික‍්ඛුගණනං වා පඤ‍්හං වා පුච‍්ඡිතො පන උදකං ගිලිත්‍වා ආරොචෙති. සචෙ දිවසාදිපුච‍්ඡකා න හොන‍්ති, නික‍්ඛමනවෙලායං ගාමද‍්වාරෙ නිට‍්ඨුභිත්‍වා යාති.

හේ තෙමේ කමටහන හා බැඳුණ සිතින්ම පය ඔසවන්නේ කමටහනින් වෙන් වූ සිතින් පය එසවූණ හොත් නැවත ආපසු හැරෙමින් ගම අසලට ගොස් ගව දෙනක් ද, පැවිද්දෙක් ද යනුවෙන් සැක කළ හැකි තැනෙක්හි ආවරණය වූ තැනෙක්හි සිට සිවුරු පොරවා දිය කඩිත්තකින් ගත් ජලයෙන් පාත්‍රය සෝදා ජලයෙන් මුඛය පුරවා ගනියි. කුමක් හෙයින් ද යත් - මා හට ආහාර දීමට හෝ වැඳීමට හෝ පැමිණෙන මිනිසුන් හට ඔබට දීර්ඝායු වේවායි යන වචන මාත්‍රයෙන් හෝ කමටහනෙහි අවුල් වීමක් නොවනු පිණිසය. ස්වාමීනි, අද කුමන දිනය ද යනුවෙන් හෝ භික්ෂු සංඛ්‍යාව පිළිබඳව හෝ ප්‍රශ්නයක් අසනු ලැබුවේ නමුදු දිය බොමින් සිටින්නකු සේ කථා නොකර සිටියි. දිනය ආදිය පිළිබඳව ප්‍රශ්න අසන්නන් නොවෙත් නම් (පිඬු පිණිස) නික්මෙන වේලාවෙහි ගම් දොරටුවෙහිදී (මුඛයෙහි තිබූ ජලය) කාරා කෙළ ගසා පිටත් වෙයි.

කලම‍්බතිත්‍ථවිහාරෙ වස‍්සූපගතා පඤ‍්ඤාස භික‍්ඛූ විය ච. තෙ කිර ආසාළ‍්හිපුණ‍්ණමියං කතිකවත‍්තං අකංසු – “අරහත‍්තං අපත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං නාලපිස‍්සාමා”ති. ගාමඤ‍්ච පිණ‍්ඩාය පවිසන‍්තා උදකගණ‍්ඩූසං කත්‍වා පවිසිංසු. දිවසාදීසු පුච‍්ඡිතෙසු වුත‍්තනයෙනෙව පටිපජ‍්ජිංසු. තත්‍ථ මනුස‍්සා නිට‍්ඨුභනං දිස‍්වා ජානිංසු – “අජ‍්ජෙකො ආගතො, අජ‍්ජ ද‍්වෙ”ති. එවඤ‍්ච චින‍්තෙසුං – “කිං නු ඛො එතෙ අම‍්හෙහෙව සද‍්ධිං න සල‍්ලපන‍්ති, උදාහු අඤ‍්ඤමඤ‍්ඤම‍්පි. යදි අඤ‍්ඤමඤ‍්ඤං න සල‍්ලපන‍්ති, අද‍්ධා විවාදජාතා භවිස‍්සන‍්ති. එථ නෙ අඤ‍්ඤමඤ‍්ඤං ඛමාපෙස‍්සාමා”ති සබ‍්බෙ විහාරං ගන‍්ත්‍වා පඤ‍්ඤාසාය භික‍්ඛූසු ද‍්වෙපි භික‍්ඛූ එකොකාසෙ නාද‍්දසංසු. තතො යො තෙසු චක‍්ඛුමා පුරිසො, සො ආහ – “න භො කලහකාරකානං ඔකාසො ඊදිසො හොති, සුසම‍්මට‍්ඨං චෙතියඞ‍්ගණං බොධියඞ‍්ගණං, සුනික‍්ඛිත‍්තා සම‍්මජ‍්ජනියො, සුපට‍්ඨිතං පානීයං පරිභොජනීය”න‍්ති. තෙ තතොව නිවත‍්තා. තෙපි භික‍්ඛූ අන‍්තොතෙමාසෙයෙව අරහත‍්තං පත්‍වා මහාපවාරණායං විසුද‍්ධිපවාරණං පවාරෙසුං.

කළම්බතිත්‍ථ නම් විහාරයෙහි වස් එළඹුණ භික්ෂූහු පනස් නම ද එසේම වූහ. ඒ භික්ෂූහු ඇසල පුන් පොහෝ දිනයේ “රහත් බවට නො පැමිණ ඔවුනොවූන් හට කතා බස් නොකරන්නෙමු” යි යනුවෙන් කතිකාවතක් ඇති කර ගත්හ. ගමට පිඬු පිණිස යන්නෝ නමුදු මුඛයෙහි ජලය තබා ගෙනම ගියහ. දිනය ආදිය විමසු කල්හි පෙර කියන ලද පරිද්දෙන්ම හැසුරුණහ. එහි වූ මනුෂ්‍යයෝ කෙළ ගැසීම් දැක “අද එක් නමක් පැමිණියේය. අද දෙනමක් පැමිණියහ”, ආදී වශයෙන් දැන ගත්හ. ඔව්හු මෙසේ ද සිතූහ. “මේ භික්ෂූහු අප සමග ද කථා නොකරති, ඔවුනොවුන් හා ද කථා නො කරති. ඒ කුමක් නිසා විය යුතු ද? ඔවුනොවුන් හා කථා නොකරත් නම් ඒකාන්තයෙන් ම විවාද හටගත්තේ වන්නේය. යමු, අපි ඔවුනොවුන් සමා කරවා දෙමු යයි කීහ. සියල්ලෝම විහාරයට ගොස් භික්ෂූන් පනස් දෙනා අතරෙහි එක් තැනෙක දෙනමක් සිටිනු නොදුටුවහ. ඉක්බිති ඔවුන් අතරෙහි ඇස් ඇති යම් කිසි පුරුෂයෙක් (නැණවතෙක්) වේ ද, හෙතෙමේ “පින්වත්නි. කලහකරුවන්ගේ ස්ථානයක් නම් මෙසේ නොවන්නේය, චෛත්‍ය මළුව ද, බෝ මළුව ද සුමටය. මුස්නයන් මනාව තබා ඇත. බීමට ගන්නා වූ ද, වෙනත් පාවිච්චියට ගන්නාවූ ද ජලය සුදුසු පරිදි තැන්පත් කොට තිබේ.” යනුවෙන් කීය. ඔව්හු එ තැනින්ම නැවතුණහ. ඒ භික්ෂූහු ද තෙමසක් තුළ ම රහත් බවට පත්ව මහා පවාරණයෙන් විසුද්ධි පවාරණය කළහ.

එවං කාළවල‍්ලිමණ‍්ඩපවාසී මහානාගත්‍ථෙරො විය, කලම‍්බතිත්‍ථවිහාරෙ වස‍්සූපගතා භික‍්ඛූ විය ච කම‍්මට‍්ඨානයුත‍්තෙනෙව චිත‍්තෙන පාදං උද‍්ධරන‍්තො ගාමසමීපං ගන‍්ත්‍වා උදකගණ‍්ඩූසං කත්‍වා වීථියො සල‍්ලක‍්ඛෙත්‍වා යත්‍ථ සුරාසොණ‍්ඩධුත‍්තාදයො කලහකාරකා චණ‍්ඩහත්‍ථිඅස‍්සාදයො වා නත්‍ථි, තං වීථිං පටිපජ‍්ජති. තත්‍ථ ච පිණ‍්ඩාය චරමානො න තුරිතතුරිතො විය ජවෙන ගච‍්ඡති. න හි ජවෙන පිණ‍්ඩපාතිකධුතඞ‍්ගං නාම කිඤ‍්චි අත්‍ථි. විසමභූමිභාගපත‍්තං පන උදකසකටං විය නිච‍්චලො හුත්‍වා ගච‍්ඡති. අනුඝරං පවිට‍්ඨො ච දාතුකාමං වා අදාතුකාමං වා සල‍්ලක‍්ඛෙතුං තදනුරූපං කාලං ආගමෙන‍්තො භික‍්ඛං ගහෙත්‍වා අන‍්තොගාමෙ වා බහිගාමෙ වා විහාරමෙව වා ආගන‍්ත්‍වා යථාඵාසුකෙ පතිරූපෙ ඔකාසෙ නිසීදිත්‍වා කම‍්මට‍්ඨානං මනසිකරොන‍්තො ආහාරෙ පටිකූලසඤ‍්ඤං උපට‍්ඨපෙත්‍වා අක‍්ඛබ‍්භඤ‍්ජනවණලෙපනපුත‍්තමංසූපමාවසෙන පච‍්චවෙක‍්ඛන‍්තො අට‍්ඨඞ‍්ගසමන‍්නාගතං ආහාරං ආහාරෙති, නෙව දවාය න මදාය න මණ‍්ඩනාය න විභූසනාය…පෙ… භුත‍්තාවී ච උදකකිච‍්චං කත්‍වා මුහුත‍්තං භත‍්තකිලමථං පටිපස‍්සම‍්භෙත්‍වා යථා පුරෙභත‍්තං, එවං පච‍්ඡාභත‍්තං පුරිමයාමං පච‍්ඡිමයාමඤ‍්ච කම‍්මට‍්ඨානමෙව මනසිකරොති. අයං වුච‍්චති හරති ච පච‍්චාහරති චාති.

මෙසේ කාළ වල්ලි මඩුවෙහි වසන මහානාග තෙරුන් මෙන් ද, කළම්බ තිත්‍ථ විහාරයෙහි වස් එළඹි භික්ෂූන් මෙන් ද කමටහනෙහි යෙදුනාවූ ම සිතින් පය ඔසවමින් ගම අසලට පැමිණ මුඛයෙහි ජලය තබාගෙන වීථීන් ගැන සලකා බලා යම්වීථියෙක්හි සුරාවෙහි ගිජු කලහකාරීන් සහ නපුරු ඇත් අස් ආදීන් තැන් ද ඒ වීථියට පිවිසේ. එහි ද පිඬු පිණිස හැසිරෙනුයේ ඉක්මනින් වේගයෙන් නොයයි. වේගයෙන් පිඬු සිඟා යාමෙහි ධුතාංගය නමින් කිසිවක් නැත්තේය. සම මට්ටම් නොවන බිම් කඩකට පැමිණි ජල ගැලක් මෙන් නිසලව යයි. ගෙ පිළිවෙළින් යන්නේ ද දෙනු කැමැත්තහු හෝ නොදෙනු කැමැත්තහු ගැන සලකා බැලීම සඳහා එයට සුදුසු කාලයක් බලපොරොත්තු වෙමින් (සිට) අහර ගෙන ඇතුළු ගමෙහිදී හෝ පිට ගමෙහිදී හෝ විහාරයට පැමිණ හෝ පහසුකම් සහිත සුදුසු තැනෙක හිඳ කමටහන් මෙනෙහි කරමින් ආහාරයෙහි පිළිකුල් සංඥාව පිහිටුවා කැඩීම්, බිඳීම්, තුවාලවල ආලේපනයන්, කුණු වූ මස් යන ආදියට සමාන උපමාවශයෙන් නුවණින් සලකා බලමින් ක්‍රීඩා පිණිස නොවේ, මානය පිණිස නොවේ. අලංකාරය පිණිස නොවේ. රූමත් වීම පිණිස නොවේ -පෙ- යන ආදී අංග අටකින් යුක්ත වූ ආහාරය වළඳයි. ආහාර වැළදුයේ දියකිය (පැන්බීම, සේදීම ආදිය) කොට මොහොතක් කල් ආහාර ක්ලාන්තය සන්සිඳුවා පෙරවරුව යම් සේ වීද, එන්සේ පස්වරුවෙහි ද, පෙර යමෙහි ද, පසු යමෙහි ද කමටහන් ම මෙනෙහි කරයි. මෙයට “ගෙන යන්නේ වෙයි, ආපසු ගෙන එන්නේ ද වෙයි. (හරතිච පච්චාහරතිච)” යනුවෙන් කියනු ලැබේ.

ඉමං පන හරණපච‍්චාහරණසඞ‍්ඛාතං ගතපච‍්චාගතිකවත‍්තං පූරෙන‍්තො යදි උපනිස‍්සයසම‍්පන‍්නො හොති, පඨමවයෙ එව අරහත‍්තං පාපුණාති. නො චෙ පඨමවයෙ පාපුණාති, අථ මජ‍්ඣිමවයෙ පාපුණාති. නො චෙ මජ‍්ඣිමවයෙ පාපුණාති, අථ පච‍්ඡිමවයෙ පාපුණාති, නො චෙ පච‍්ඡිමවයෙ පාපුණාති, අථ මරණසමයෙ. නො චෙ මරණසමයෙ පාපුණාති, අථ දෙවපුත‍්තො හුත්‍වා. නො චෙ දෙවපුත‍්තො හුත්‍වා පාපුණාති, අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ නිබ‍්බත‍්තො පච‍්චෙකබොධිං සච‍්ඡිකරොති. නො චෙ පච‍්චෙකබොධිං සච‍්ඡිකරොති, අථ බුද‍්ධානං සම‍්මුඛීභාවෙ ඛිප‍්පාභිඤ‍්ඤො වා හොති, සෙය්‍යථාපි ථෙරො බාහියො දාරුචීරියො මහාපඤ‍්ඤො වා, සෙය්‍යථාපි ථෙරො සාරිපුත‍්තො, මහිද‍්ධිකො වා, සෙය්‍යථාපි ථෙරො මහාමොග‍්ගල‍්ලානො, ධුතවාදො වා, සෙය්‍යථාපි ථෙරො මහාකස‍්සපො, දිබ‍්බචක‍්ඛුකො වා, සෙය්‍යථාපි ථෙරො අනුරුද‍්ධො, විනයධරො වා, සෙය්‍යථාපි ථෙරො උපාලි, ධම‍්මකථිකො වා, සෙය්‍යථාපි ථෙරො පුණ‍්ණො මන‍්තාණිපුත‍්තො, ආරඤ‍්ඤිකො වා, සෙය්‍යථාපි ථෙරො රෙවතො, බහුස‍්සුතො වා, සෙය්‍යථාපි ථෙරො ආනන්‍දො, සික‍්ඛාකාමො වා, සෙය්‍යථාපි ථෙරො රාහුලො බුද‍්ධපුත‍්තොති. ඉති ඉමස‍්මිං චතුක‍්කෙ ය‍්වායං හරති පච‍්චාහරති ච, තස‍්ස ගොචරසම‍්පජඤ‍්ඤං සිඛාපත‍්තං හොති.

ගෙනයාම්, ගෙන ඊම් යයි හැඳින්වෙන මෙම “ගත පච්චාගතික” නම් වූ වත පුරමින් යම් සේ (නිර්වාණාවබෝධයට) හේතු සම්පන්න වේද, (හෙතෙමේ) රහත් බවට මුල් වියේදී ම පැමිණේ. මුල් වියෙහි දී නොපැමිණේ නම් මැදි වියේදී පැමිණේ. මරණ කාලයෙහි නො පැමිණේ නම් පසුව දිව්‍ය පුත්‍රයෙක් වී පැමිණේ. දිව්‍ය පුත්‍රයෙක් වී නොපැමිණේ නම් අබුද්ධෝත්පාද කාලයෙහි උපන්නේ පසේ බුදුබව අවබෝධ කර ගනියි. පසේ බුදු බව අවබෝධ කර නොගනී නම් පසුව බුදුන් හමුවෙහිදී බාහිය දාරුචීරිය තෙරුන් මෙන් වහා අවබෝධ කරගන්නෙක් හෝ, සැරියුත් තෙරුන් මෙන් මහා ප්‍රාඥ හෝ, මහ මුගලන් තෙරුන් මෙන් මහත් ඍද්ධි ඇත්තේ හෝ, මහා කාශ්‍යප තෙරුන් මෙන් ධුතාංගවාදී හෝ, අනුරුද්ධ තෙරුන් මෙන් දිවැස් ඇත්තේ හෝ, උපාලි තෙරුන් මෙන් විනයධර හෝ, පුරාණ මන්තානිපුත්ත තෙරුන් මෙන් ධර්ම කථික හෝ, රේවත තෙරුන් මෙන් ආරණ්‍යක හෝ, ආනන්ද තෙරුන් මෙන් බහුශ්‍රැත හෝ, බුද්ධ පුත්‍ර රාහුල තෙරුන් මෙන් ශික්ෂාකාමී හෝ වෙයි. මෙසේ මේ චතුෂ්කයෙහි යමෙක් “ගෙනයාම හා ගෙනඒම (හරතිච පච්චාහරතිච)” කරයි ද, ඔහුගේ අරමුණු පිළිබඳ නුවණ මුදුන් පැමිණියේ වෙයි.

අභික‍්කමාදීසු පන අසම‍්මුය‍්හනං අසම‍්මොහසම‍්පජඤ‍්ඤං. තං එවං වෙදිතබ‍්බං – ඉධ භික‍්ඛු අභික‍්කමන‍්තො වා පටික‍්කමන‍්තො වා යථා අන්‍ධපුථුජ‍්ජනා අභික‍්කමාදීසු – “අත‍්තා අභික‍්කමති, අත‍්තනා අභික‍්කමො නිබ‍්බත‍්තිතො”ති වා “අහං අභික‍්කමාමි, මයා අභික‍්කමො නිබ‍්බත‍්තිතො”ති වා සම‍්මුය‍්හන‍්ති, තථා අසම‍්මුය‍්හන‍්තො අභික‍්කමාමීති චිත‍්තෙ උප‍්පජ‍්ජමානෙ තෙනෙව චිත‍්තෙන සද‍්ධිං චිත‍්තසමුට‍්ඨානා වායොධාතු විඤ‍්ඤත‍්තිං ජනයමානා උප‍්පජ‍්ජති, ඉති චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරවසෙන අයං කායසම‍්මතො අට‍්ඨිසඞ‍්ඝාටො අභික‍්කමති. තස‍්සෙවං අභික‍්කමතො එකෙකපාදුද‍්ධරණෙ පථවීධාතු ආපොධාතූති ද‍්වෙ ධාතුයො ඔමත‍්තා හොන‍්ති මන්‍දා, ඉතරා ද‍්වෙ අධිමත‍්තා හොන‍්ති බලවතියො, තථා අතිහරණවීතිහරණෙසු, වොස‍්සජ‍්ජනෙ තෙජොධාතු වායොධාතූති ද‍්වෙ ධාතුයො ඔමත‍්තා හොන‍්ති මන්‍දා, ඉතරා ද‍්වෙ අධිමත‍්තා හොන‍්ති බලවතියො, තථා සන‍්නික‍්ඛෙපනසන‍්නිරුම‍්භනෙසු.

අභික්කම (පෙරට යාම) යන ආදියෙහි වනාහී “අසම්මුය්හනං” යනු මුලානොවීම පිළිබඳ විමසුම් නුවණයි. එය මෙසේ දත යුතුය. මෙහිදී පෙරට යන්නාවූ හෝ ආපසු එන්නා වූ භික්ෂූහු පෙරට යාම් ආදියෙහිදී ආත්මය පෙරට යයි යනුවෙන් සහ ආත්මය විසින් පෙරට යාම ඇති කරන ලද්දේය යනුවෙන් හෝ මම පෙරට යමි යනුවෙන් සහ මා විසින් පෙරට යාම ඇති කරන ලද්දේය යනුවෙන් හෝ (සිතා) මුලාවට පත්වෙති. එසේ මුලාවට පත් නොවන භික්ෂුව පෙරට යමියි යනුවෙන් සිතක් උපදවනා කල්හි, ඒ සිත සමගම සිතෙහි වායෝ ධාතුවෙන් උපදින්නාවූ ඇඟවීම පහල වෙයි. මෙසේ සිත ක්‍රියා කරවන වායෝ ධාතුවේ පැතිරීම වශයෙන් කය යනුවෙන් සම්මත මෙම ඇට සැකිල්ල පෙරට යයි. මෙසේ පෙරට යන ඔහුට එක් එක් පියවර එසවීමේදී පඨවි ධාතුව ද, ආපෝ ධාතුවද යන ධාතු දෙක ප්‍රමාණයෙන් අඩු වෙයි. අල්ප වෙයි. ඉතිරි ධාතු දෙක ප්‍රමාණයෙන් වැඩි වෙයි, බලවත් වෙයි. එසේම ගමන් කිරීම් පාදඔසවා මාරු කිරීම් ආදියෙහි දී ද, ඒවා අක්‍රියව තැබීමෙහිදී ද තේජෝ ධාතුව හා වායෝ ධාතුව ප්‍රමාණයෙන් අඩු වෙයි, අල්ප වෙයි. ඉතිරි ධාතු දෙක ප්‍රමාණයෙන් වැඩි වෙයි, බලවත් වෙයි. තැන්පත්ව කටයුතුවලින් ඉවත්ව සිටීමෙහිදීද එසේ වේ.

තත්‍ථ උද‍්ධරණෙ පවත‍්තා රූපාරූපධම‍්මා අතිහරණං න පාපුණන‍්ති, තථා අතිහරණෙ පවත‍්තා වීතිහරණං, වීතිහරණෙ පවත‍්තා වොස‍්සජ‍්ජනං, වොස‍්සජ‍්ජනෙ පවත‍්තා සන‍්නික‍්ඛෙපනං, සන‍්නික‍්ඛෙපනෙ පවත‍්තා සන‍්නිරුම‍්භනං න පාපුණන‍්ති, තත්‍ථ තත්‍ථෙව පබ‍්බපබ‍්බං සන්‍ධිසන්‍ධි ඔධිඔධි හුත්‍වා තත‍්තකපාලෙ පක‍්ඛිත‍්තතිලානි විය තටතටායන‍්තා භිජ‍්ජන‍්ති. තත්‍ථ කො එකො අභික‍්කමති, කස‍්ස වා එකස‍්ස අභික‍්කමනං? පරමත්‍ථතො හි ධාතූනංයෙව ගමනං, ධාතූනං ඨානං, ධාතූනං නිසජ‍්ජා, ධාතූනං සයනං. තස‍්මිං තස‍්මිඤ‍්හි කොට‍්ඨාසෙ සද‍්ධිං රූපෙන –

(පාද) එසවීමේ දී පවතින්නාවූ රූපා රූප ධර්මයෝ ගමන් කිරීමට නො පැමිණෙත්. එසේම ගමන් කිරීමට නො පැමිණෙන්නා වූ රූපා රූප ධර්මයෝ පියවර මාරු කිරීමට ද, පියවර මාරු කිරීමෙහි පවත්නා රූපා රූප ධර්මයෝ (ක්‍රියාවන්) අත්හැර දැමීමටද, ක්‍රියාවන් අත්හැර දැමීමෙහි පවත්නා රූපා රූප ධර්මයෝ ක්‍රියාවන් බහා තැබීමටද, ක්‍රියාවන් වැළැක්වීමට ද, නොපැමිණෙත්. ඒ ඒ තන්හිදීම පුරුකෙන් පුරුක, සන්ධියෙන් සන්ධිය හා සීමාවෙන් සීමාව බැඳී රත්කළ හිස් කබලෙක්හි බහාලු තල ඇටවල තට තට හඬින් මෙන් බිඳී යති. එහිදී කවර නම් කෙනෙක් පෙරට යෙත් ද? කවර නම් අයකුගේ පෙරට යාමක් සිදු වේද? පරමාර්ථ වශයෙන් වනාහී ඒ ඒ කොටසෙහි රූපය සමග ධාතූන්ගේම ගමන. ධාතූන්ගේ සිටීම, ධාතූන්ගේ ස්ථාන ගත වීම හා ධාතූන්ගේ වැතිර ගැනීම සිදු වේ.

“අඤ‍්ඤං උප‍්පජ‍්ජතෙ චිත‍්තං, අඤ‍්ඤං චිත‍්තං නිරුජ‍්ඣති; අවීචිමනුසම‍්බන්‍ධො, නදීසොතොව වත‍්තතී”ති. –

අඤ්ඤං උප්පජ්ජතෙ චිත්තං අඤ්ඤං චිත්තං නිරුජ්ඣති. අවීචි මනු සම්බන්‍ධො නදී සොතොව වත්තතී ති.

මෙයම හල පැදියෙන් :

එක් සිතක් උපදිත - තුන් සිතක් නැතිවී යයි. නදී දිය පහරක් - ලෙසින් සිත් අනුබඳව පවතී.

(එක් සිතක් උපදින විට තවත් සිතක් නිරුද්ධ වේ. අඛණ්ඩව බැඳී ඇති ගඟෙහි දිය පහර සේ චිත්ත පරම්පරාව පවතී)

එවං අභික‍්කමාදීසු අසම‍්මුය‍්හනං අසම‍්මොහසම‍්පජඤ‍්ඤං නාමාති.

මෙසේ අභික්කම (පෙරට යාම) ආදියෙහි “අස්මමුය්හනං” (මුලා නො වීම) යනු මුලා නොවීම පිළිබඳ විමසුම් නුවණ නම් වේ.

නිට‍්ඨිතො “අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොතී”තිපදස‍්ස අත්‍ථො.

මෙසේ නිමා වූයේ අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජාන කාරී හොති යන පදයන්ගේ අර්ථයයි.

ආලොකිතෙ විලොකිතෙති එත්‍ථ පන ආලොකිතං නාම පුරතො පෙක‍්ඛනං, විලොකිතං නාම අනුදිසාපෙක‍්ඛනං. අඤ‍්ඤානිපි හෙට‍්ඨා උපරි පච‍්ඡතො අනුපෙක‍්ඛනවසෙන ඔලොකිතඋල‍්ලොකිතාපලොකිතානි නාම හොන‍්ති. තානි ඉධ න ගහිතානි, සාරුප‍්පවසෙන පන ඉමානෙව ද‍්වෙ ගහිතානි. ඉමිනා වා මුඛෙන සබ‍්බානිපි තානි ගහිතානෙවාති.

ආලොකිතෙ විලොකිතෙ යන මෙහි වනාහි “ආලොකිතං” යනු ඉදිරියෙන් බැලීමයි. “විලොකිතං” යනු අනු දිසාවන් බැලීමයි. මෙයින් වෙනස්ව යට, උඩ, පසුපස යන දිශාවන්ගෙන් බැලීම් වශයෙන් “ඔලොකිත” (බැලුවාවූ) උල්ලෝකිත (උඩ බැලුවා වූ). අවලෝකිත (පසුපස හෝ පහල බැලුවාවූ,) යනුවෙන් ද යෙදේ. ඒවා මෙහිදී නොගන්නා ලදී. අවස්ථාවට යෝග්‍ය ආකාරයෙන් (ආලෝකිත) විලෝකිත යන) මේ වචන දෙක ගන්නා ලදී. මේ ප්‍රමුඛතාවයෙන් ඒ සියලුම වචන ගන්නා ලද්දේම වෙයි.

තත්‍ථ “ආලොකෙස‍්සාමී”ති චිත‍්තෙ උප‍්පන‍්නෙ චිත‍්තවසෙනෙව අනොලොකෙත්‍වා අත්‍ථපරිග‍්ගණ‍්හනං සාත්‍ථකසම‍්පජඤ‍්ඤං. තං ආයස‍්මන‍්තං නන්‍දං කායසක‍්ඛිං කත්‍වා වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං භගවතා –

එහිදී “බලන්නෙමි”යි යන්න සිතෙහි පහළ වූ කල්හි සිතුණ අයුරින් ම නොබලා අර්ථය සම්පූර්ණයෙන්ම ග්‍රහණය කිරීම සාර්ථක අවබෝධයයි. ආයුෂ්මත් නන්ද තෙරුන් කාය සාක්ෂි වශයෙන් ගෙන එය දත යුතු වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ කියන ලදී.

“සචෙ, භික‍්ඛවෙ, නන්‍දස‍්ස පුරත්‍ථිමා දිසා ආලොකෙතබ‍්බා හොති, සබ‍්බං චෙතසා සමන‍්නාහරිත්‍වා නන්‍දො පුරත්‍ථිමං දිසං ආලොකෙති ‘එවං මෙ පුරත්‍ථිමං දිසං ආලොකයතො නාභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාසවිස‍්සන‍්තී’ති. ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. සචෙ, භික‍්ඛවෙ, නන්‍දස‍්ස පච‍්ඡිමා දිසා, උත‍්තරා දිසා, දක‍්ඛිණා දිසා, උද‍්ධං, අධො, අනුදිසා ආලොකෙතබ‍්බා හොති, සබ‍්බං චෙතසා සමන‍්නාහරිත්‍වා නන්‍දො අනුදිසං ආලොකෙති ‘එවං මෙ අනුදිසං ආලොකයතො’…පෙ… සම‍්පජානො හොතී”ති (අ· නි· 8.9).

මහණෙනි, ඉදින් නන්දහට නැගෙනහිර දෙස බැලිය යුතු වේද, සිතින් සියල්ල එක් අරමුණක පිහිටුවා නන්ද තෙමේ නැගෙනහිර දෙස බලයි. මෙසේ නැගෙනහිර දෙස බලයි. මෙසේ නැගෙනහිර දෙස බලන්නාවූ තමාහට දැඩි ලෝභය හා දොම්නස් සහගත පාපී අකුශල ධර්මයෝ ඇති නොවෙත් යයි දැන ගනියි. මෙසේ එහි අවබෝධය ඇති වෙයි. ඉදින් මහණෙනි නන්දහට බටහිර දෙස ද, උතුරු දෙස ද, දකුණු දෙස ද, උඩද, යට ද, අනු දිසාවන් ද, බැලිය යුතු වන්නේ ද එවිට සියල්ල සිතින් එක්තැන් කොට නන්ද තෙමේ අනුදිසාවන් බලයි. මෙසේ අනුදිසාවන් බලන්නාවූ තමාහට දැඩි ලෝභය හා දොම්නස් සහගත පාපී අකුශල ධර්මයෝ ඇති නොවෙත් යයි යන දැනගැනීම නන්ද තෙරුන් හට ඇතිවන්නේ වෙයි.

අපිච ඉධාපි පුබ‍්බෙ වුත‍්තචෙතියදස‍්සනාදිවසෙනෙව සාත්‍ථකතා ච සප‍්පායතා ච වෙදිතබ‍්බා. කම‍්මට‍්ඨානස‍්ස පන අවිජහනමෙව ගොචරසම‍්පජඤ‍්ඤං, තස‍්මා ඛන්‍ධධාතුආයතනකම‍්මට‍්ඨානිකෙහි අත‍්තනො කමට‍්ඨානවසෙනෙව කසිණාදිකම‍්මට‍්ඨානිකෙහි වා පන කම‍්මට‍්ඨානසීසෙනෙව ආලොකනවිලොකනං කාතබ‍්බං.

තව ද මෙහිදීත් පෙර කියන ලද චෛත්‍ය දර්ශන ආදී වශයෙන් ම සාර්ථකත්වය ද යෝග්‍යතාවයද දත යුතුය. නුවණයි. එහෙයින් ස්කන්ධ, ධාතු ආයතන, කර්මස්ථාන ආදිය දරන්නවූන් විසින් හෝ තමාගේ කමටහන් වශයෙන් ම කසිණ ආදී කමටහන් දරන්නවුන් විසින් හෝ කමටහන් පිළිබඳ කල්පනාවෙන් ම බැලීම් හා විමසා බැලීම් කළ යුතු වේ.

“අබ‍්භන‍්තරෙ අත‍්තා නාම ආලොකෙතා වා විලොකෙතා වා නත්‍ථි, ‘ආලොකෙස‍්සාමී’ති පන චිත‍්තෙ උප‍්පජ‍්ජමානෙ තෙනෙව චිත‍්තෙන සද‍්ධිං චිත‍්තසමුට‍්ඨානා වායොධාතු විඤ‍්ඤත‍්තිං ජනයමානා උප‍්පජ‍්ජති. ඉති චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරවසෙන හෙට‍්ඨිමං අක‍්ඛිදලං අධො සීදති, උපරිමං උද‍්ධං ලඞ‍්ඝෙති, කොචි යන‍්තකෙන විවරන‍්තො නාම නත්‍ථි, තතො චක‍්ඛුවිඤ‍්ඤාණං දස‍්සනකිච‍්චං සාධෙන‍්තං උප‍්පජ‍්ජතී”ති එවං පජානනං පනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං නාම.

අභ්‍යන්තරයෙහි “තමා” යනුවෙන් බලන්නාවූ හෝ විමසා බලන්නා වූ කිසිවෙක් හෝ නැත. බලන්නෙමියි යන සිත උපදනා කල්හි ඒ සිත සමගම සිතේ උපදින වායෝධාතුමය ඇඟවීම උපදවමින් බැලීමේ ක්‍රියාව ඇති වේ. මෙසේ සිත ක්‍රියා කරවන වායෝ ධාතුවේ පැතිරීම වශයෙන් පහළ ඇසිපිය යටට ගිලා බසී. ඉහළ ඇසිපිය උඩට යයි. කිසිවෙක් යන්ත්‍රයකින් විවර කරන්නේ නොවෙයි. එයින් චක්‍ඛු විඤ්ඤාණය, දැකීමේ ක්‍රියා සාධනය උපදී. මෙසේ දැන ගැනීමම මෙහි අසම්මොහ සම්පජඤ්ඤ (මුලා නොවී මනාව දැන ගැනීම) නම් වේ.

අපිච මූලපරිඤ‍්ඤාආගන‍්තුකතාවකාලිකභාවවසෙනපෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං. මූලපරිඤ‍්ඤාවසෙන තාව –

තවද මුලික විශේෂ දැනුම තුළ ආගන්තුක, තාවකාලික යන ස්වභාව වශයෙන් ද මෙහිදී මුලාවට පත් නොවන ප්‍රඥාව හැදින ගත යුතු වේ. මූල පරිඤ්ඤාවසෙන (මූලිකා විශේෂ දැනුම වනාහී -

“භවඞ‍්ගාවජ‍්ජනඤ‍්චෙව, දස‍්සනං සම‍්පටිච‍්ඡනං; සන‍්තීරණං වොට‍්ඨබ‍්බනං, ජවනං භවති සත‍්තමං”.

භවඞ්ගාවජ්ජනඤ්චවෙ දස්සනං සම්පටිච්ඡනං, සන්තීරණං වොත්‍ථපනං ජවනං භවති සත්තමං

භවාංගය, ආවර්ජනය, දර්ශනය, සම්පටිච්ඡනය, සන්තීරණය, වොත්‍ථපනය, ජවනය යනුවෙන් සතක් වේ.

තත්‍ථ භවඞ‍්ගං උපපත‍්තිභවස‍්ස අඞ‍්ගකිච‍්චං සාධයමානං පවත‍්තති, තං ආවට‍්ටෙත්‍වා කිරියමනොධාතු ආවජ‍්ජනකිච‍්චං සාධයමානා, තන‍්නිරොධා චක‍්ඛුවිඤ‍්ඤාණං දස‍්සනකිච‍්චං සාධයමානං, තන‍්නිරොධා විපාකමනොධාතු සම‍්පටිච‍්ඡනකිච‍්චං සාධයමානා, තන‍්නිරොධා විපාකමනොවිඤ‍්ඤාණධාතු සන‍්තීරණකිච‍්චං සාධයමානා, තන‍්නිරොධා කිරියමනොවිඤ‍්ඤාණධාතු වොට‍්ඨබ‍්බනකිච‍්චං සාධයමානා, තන‍්නිරොධා සත‍්තක‍්ඛත‍්තුං ජවනං ජවති. තත්‍ථ පඨමජවනෙපි “අයං ඉත්‍ථී, අයං පුරිසො”ති රජ‍්ජනදුස‍්සනමුය‍්හනවසෙන ආලොකිතවිලොකිතං න හොති, දුතියජවනෙපි…පෙ… සත‍්තමජවනෙපි. එතෙසු පන යුද‍්ධමණ‍්ඩලෙ යොධෙසු විය හෙට‍්ඨුපරියවසෙන භිජ‍්ජිත්‍වා පතිතෙසු “අයං ඉත්‍ථී, අයං පුරිසො”ති රජ‍්ජනාදිවසෙන ආලොකිතවිලොකිතං හොති. එවං තාවෙත්‍ථ මූලපරිඤ‍්ඤාවසෙන අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

එහි භවාංගය තෙමේ උපදින භවයේ අංගය (හෙවත් ගුණය හෝ ලක්ෂණය) පිළිබඳ කටයුතු සිදු කරයි, විමසා බලා ක්‍රියා කිරීමේ විත්තන ශක්තිය (හෙවත් ආවජ්ජන කිච්චය) කාර්යය සිදු කරයි. එය (හෙවත් ආවජ්ජන කිච්චය) සිදු කරයි. එය නිරුද්ධ වීමෙන් චක්‍ඛු විඤ්ඤාණය දර්ශනය කිරීමේ කාර්යය සිදු කරයි. එය (හෙවත් චක්‍ඛු විඤ්ඤාණය) නිරුද්ධ වීමෙන් එහි විපාකය පිළිබඳ චිත්තන ශක්තිය (දර්ශනය වූ දෙය) භාර ගැනීමේ ක්‍රියාව සිදු කරයි. එය හෙවත් විපාකය පිළිබඳ චිත්තන ශක්තිය) නිරුද්ධ වීමෙන් විපාකය පිළිබඳ චිත්තන විඥාන ශක්තිය තීරණය කිරීමේ ක්‍රියාව සිදු කරයි. එය (හෙවත් විපාකය පිළිබඳ චිත්තන විඥාන ශක්තිය) නිරුද්ධ වීමෙන් ක්‍රියාව පිළිබඳ චිත්තන විඥාන ශක්තිය නිශ්චය කිරීම සිදු කරයි. එය (හෙවත් ක්‍රියාව පිළිබඳ චිත්තන විඥාන ශක්තිය) නිරුද්ධ වීමෙන් ජවන (චිත්ත) යෙහිදීම මෝතොමෝ ස්ත්‍රියක්ය, මේ තෙමේ පුරුෂයෙක්ය යනුවෙන් ඇලීම් වශයෙන් හෝ ප්‍රතික්ෂේප කිරීම් වශයෙන් හෝ මුලාවීම් වශයෙන් හෝ (රාග, දෝස, මෝහ වශයෙන්) බැලීමක් දැකීමක් සිදු නොවේ. දෙවන ජවන (චිත්ත) යෙහි ද, සත්වන ජවන (චිත්ත) යෙහි ද මොවුන් කෙරෙහි යුද්ධ භූමියෙහි උඩ යට වශයෙන් බෙදී වැටුණ යුද්ධ භටයන් කෙරෙහි මෙන් මෝ ස්ත්‍රියක්ය. මේ පුරුෂයෙක්ය යනුවෙන් ඇලීම් ආදී වශයෙන් බැලීම් දැකීම් සිදු වේ. මෙසේ එහිදී මූලික දැනුම වශයෙන් මුලාවට පත් නොවන ප්‍රඥාව දත යුතුය.

චක‍්ඛුද‍්වාරෙ පන රූපෙ ආපාථමාගතෙ භවඞ‍්ගචලනතො උද‍්ධං සකකිච‍්චනිප‍්ඵාදනවසෙන ආවජ‍්ජනාදීසු උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධෙසු අවසානෙ ජවනං උප‍්පජ‍්ජති, තං පුබ‍්බෙ උප‍්පන‍්නානං ආවජ‍්ජනාදීනං ගෙහභූතෙ චක‍්ඛුද‍්වාරෙ ආගන‍්තුකපුරිසො විය හොති. තස‍්ස යථා පරගෙහෙ කිඤ‍්චි යාචිතුං පවිට‍්ඨස‍්ස ආගන‍්තුකපුරිසස‍්ස ගෙහසාමිකෙසු තුණ‍්හීමාසිනෙසු ආණාකරණං න යුත‍්තං, එවං ආවජ‍්ජනාදීනං ගෙහභූතෙ චක‍්ඛුද‍්වාරෙ ආවජ‍්ජනාදීසුපි අරජ‍්ජන‍්තෙසු අදුස‍්සන‍්තෙසු අමුය‍්හන‍්තෙසු ච රජ‍්ජනදුස‍්සනමුය‍්හනං අයුත‍්තන‍්ති එවං ආගන‍්තුකභාවවසෙන අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

ඇස නමැති දොරටුවෙහි රූපයක් ගැටුණ කල්හි භාවාංගය චලනය වීමේ සිට එහි ක්‍රියාවන් සිද්ධ වීම් වශයෙන් ආවර්ජනය කිරීම් ආදිය ඇති වී නැති වූ පසු අවසානයෙහි පමණ (චිත්ත) ය උපදී. එය කලින් උපන් ආවර්ජන ආදියට නිවාස වූ ඇස නමැති දොරටුවෙහි ආගන්තුක පුරුෂයකු මෙන් වේ. යම් සේ අනුන්ගේ නිවසෙක යමක් ඉල්ලා ගැනීමට පැමිණි ඒ ආගන්තුක පුරුෂයාට ගෘහපති තෙමේ “කවරකු හෝ නිහඬව සිටී කල්හි අණ කිරීම සුදුසු නොවේ” යයි සිතයි ද එසේම ආවර්ජන ආදියට නිවාස ස්ථාන වූ ඇස නමැති දොරටුවෙහි ආවර්ජන ආදිය නොඇලෙන කල්හි, ඒ පිළිබඳව ද්වේෂයක් නො උපදින කල්හි සහ මුලාවට පත් නොවන කල්හි ඇලීම, ද්වේෂ කිරීම හා මුලාවට පත්වීම නුසුදුසු යයි යනුවෙන් මෙසේ ආගන්තුක ස්වභාවයෙන් මුලාවට පත් නොවීම පිළිබඳ ප්‍රඥාව මෙය වන්නේයයි දත යුතුය.

යානි පනෙතානි චක‍්ඛුද‍්වාරෙ වොට‍්ඨබ‍්බනපරියොසානානි චිත‍්තානි උප‍්පජ‍්ජන‍්ති, තානි සද‍්ධිං සම‍්පයුත‍්තධම‍්මෙහි තත්‍ථ තත්‍ථෙව භිජ‍්ජන‍්ති, අඤ‍්ඤමඤ‍්ඤං න පස‍්සන‍්ති, ඉත‍්තරානි තාවකාලිකානි හොන‍්ති. තත්‍ථ යථා එකස‍්මිං ඝරෙ සබ‍්බෙසු මානුසකෙසු මතෙසු අවසෙසස‍්ස එකස‍්ස තඞ‍්ඛණංයෙව මරණධම‍්මස‍්ස න යුත‍්තා නච‍්චගීතාදීසු අභිරති නාම, එවමෙව එකද‍්වාරෙ සසම‍්පයුත‍්තෙසු ආවජ‍්ජනාදීසු තත්‍ථ තත්‍ථෙව මතෙසු අවසෙසස‍්ස තඞ‍්ඛණංයෙව මරණධම‍්මස‍්ස ජවනස‍්සාපි රජ‍්ජනදුස‍්සනමුය‍්හනවසෙන අභිරති නාම න යුත‍්තාති එවං තාවකාලිකභාවවසෙන අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

ඇස නමැති දොරටුවෙහිදී නිශ්චය කර ගැනීමෙන් අවසන් වන යම් බඳු වූ මේ සිතුවිලි උපදීද. ඒවා එකට එක්ව යෙදුන ස්වභාවයන් සමග ඒ ඒ තන්හිම බිඳී යයි. ඔවුනොවුන් දැකීමක් සිදු නොවේ. ඉතිරි ඒවා තාවකාලික වේ. යම් සේ එක් නිවසෙක සියළු මිනිසුන් මළ කල්හි, ඉතිරි වූ එකම තැනැත්තා එකෙණෙහිම මරණ ස්වභාවයට පත් වේනම් සුදුසු නොවේ. නැවුම් ගී ගැයීම් ආදියෙහි ඇල්ම නොමළ අය තුළ) ඇති වේ. මෙසේම එකම දොරටුවෙහි එකට එක්ව යෙදුණ ආවර්ජන ආදිය ඒ ඒ තන්හිම මළකල්හි ඉතිරි වූ ආවර්ජනයේද මරණය එකෙණෙහිම සිදුවේ නම් ජවන (චිත්ත) යේ ද ඇලීම, ද්වේශය හා මුලාවට පත් වීම වශයෙන් ඇල්ම ඇතිවීම සුදුසු නොවේය යන ප්‍රඥාව ඇති වේ. මෙසේ තාවකාලික ස්වභාවයක් වශයෙන් මුලාවට පත් නොවීම පිළිබඳ ප්‍රඥාව මෙය වන්නේයයි දත යුතුයි.

අපිච ඛන්‍ධායතනධාතුපච‍්චයපච‍්චවෙක‍්ඛණවසෙනපෙතං වෙදිතබ‍්බං. එත්‍ථ හි චක‍්ඛු චෙව රූපා ච රූපක‍්ඛන්‍ධො, දස‍්සනං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, තංසම‍්පයුත‍්තා වෙදනා වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤා සඤ‍්ඤාක‍්ඛන්‍ධො, ඵස‍්සාදිකා සඞ‍්ඛාරා සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, එවමෙතෙසං පඤ‍්චන‍්නං ඛන්‍ධානං සමවායෙ ආලොකනවිලොකනං පඤ‍්ඤායති. තත්‍ථ කො එකො ආලොකෙති, කො විලොකෙති? තථා චක‍්ඛු චක‍්ඛායතනං, රූපං රූපායතනං, දස‍්සනං මනායතනං, වෙදනාදයො සම‍්පයුත‍්තධම‍්මා ධම‍්මායතනං, එවමෙතෙසං චතුන‍්නං ආයතනානං සමවායෙ ආලොකනවිලොකනං පඤ‍්ඤායති. තත්‍ථ කො එකො ආලොකෙති, කො විලොකෙති? තථා චක‍්ඛු චක‍්ඛුධාතු, රූපං රූපධාතු, දස‍්සනං චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, තංසම‍්පයුත‍්තා වෙදනාදයො ධම‍්මා ධම‍්මධාතු, එවමෙතෙසං චතුන‍්නං ධාතූනං සමවායෙ ආලොකනවිලොකනං පඤ‍්ඤායති. තත්‍ථ කො එකො ආලොකෙති, කො විලොකෙති? තථා චක‍්ඛු නිස‍්සයපච‍්චයො, රූපං ආරම‍්මණපච‍්චයො, ආවජ‍්ජනං අනන‍්තරසමනන‍්තරූපනිස‍්සයනත්‍ථිවිගතපච‍්චයො, ආලොකො උපනිස‍්සයපච‍්චයො, වෙදනාදයො සහජාතපච‍්චයො. එවමෙතෙසං පච‍්චයානං සමවායෙ ආලොකනවිලොකනං පඤ‍්ඤායති. තත්‍ථ කො එකො ආලොකෙති, කො විලොකෙතීති එවමෙත්‍ථ ඛන්‍ධායතනධාතුපච‍්චයපච‍්චවෙක‍්ඛණවසෙනපි අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

තව ද ස්කන්ධ, ආයතන, ධාතු ප්‍රත්‍ය. ප්‍රත්‍යවේක්ෂණ (යන ආදී) වශයෙන්ද මෙය දැන ගත යුතුය. මෙහිදී ඇස ද රූපය ද රූපස්කන්ධයයි. දර්ශනය වීම විඥාන ස්කන්ධයයි. එය හා එක්වූ වින්දනය වේදනා ස්කන්ධයයි. සංඥාව සංඥා ස්කන්ධයයි. ස්පර්ශය ආදී සංස්කාරයන් සංස්කාර ස්කන්ධ යයි. මෙසේ මේ ස්කන්ධ පහේ එක්වීමෙහි බැලීම හා විශේෂයෙන් බැලීම දක්නට ඇත. එහිදී කවර අයෙක් බලන්නේ වෙයි ද? (ආලොකෙති) කවරෙක් විශේෂයෙන් බලයිද? (විලෝකෙති) එසේ ඇස නිසා ඇස නමැති ආයතනය ද, රූපය නිසා රූපය නමැති ආයතනය ද, දැකීම නිසා මන නමැති ආයතනය ද, වින්දනය ආදී එකට එක්ව යෙදුන ධර්මයන් නිසා ධර්මය නමැති ආයතනය ද යන මේ ආයතන සතරේ එක් වීම දැකිය හැක. විශේෂයෙන් දැකිය හැක. එහි කවර නම් අයෙක් බලයි ද, කවරෙක් විශේෂයෙන් බලයිද යත් - ඒ අයුරින් “ඇස” පෙනීමේ ශක්තිය (චක්‍ඛුධාතු) “රූපය” රූපයේ මූල ස්වභාවය (රූප ධාතු) ද, “දර්ශනය වීම” රූපය හැඳිනීමේ සිත ද ඒවා හා එක් වූ “වින්දන ආදී ධර්මයෝ” ධර්මයන් අරමුණු කරගත් ඉන්‍ද්‍රිය ශක්තීන් ද දකිත්. මෙසේ මේ ධාතූන් සතරේ එක් වීම මනාව පැහැදිලිව දක්නට ඇත. එහි කවරෙක් බලන්නේ වෙයි ද? කවරෙක් විශේෂයෙන් බලන්නේ වෙයි ද? ඇස (රූපයන්ගේ) ආශ්‍රයට හේතු වෙයි. රූපය අරමුණු ගැනීමට හේතු වෙයි. අතරක් නැති බව, ආසන්නවම පවත්නා බව, ආනන්ත රූප ඇති බව, ආශ්‍රය පවතින බව යන මේවායින් බැහැර නොවීම ආවර්ජනයට හේතු වෙයි. ආලෝකය උපනිශ්‍රයට හේතු වෙයි. වේදනා ආදිය උත්පත්තිය සමග එන කරුණු වලට හේතු වේ. මෙසේ මේ හේතූන්ගේ එකට එකතු වීමෙහි බැලීමක්, තදින් විමසා බැලීමක් පෙනෙයි. එහිදී කවරෙක් බලයි ද? කවරෙක් වෙසෙසින් බලයිද? මෙසේ ස්කන්ධ ආයතන ධාතු ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්ෂණ (යන ආදී) වශයෙන් ද මුලාවට පත් නොවීම පිළිබඳ ප්‍රඥාව මෙය වන්නේ යයි දත යුතුයි.

සමිඤ‍්ජිතෙ පසාරිතෙති පබ‍්බානං සමිඤ‍්ජනපසාරණෙ. තත්‍ථ චිත‍්තවසෙනෙව සමිඤ‍්ජනපසාරණං අකත්‍වා හත්‍ථපාදානං සමිඤ‍්ජනපසාරණපච‍්චයා අත්‍ථානත්‍ථං පරිග‍්ගණ‍්හිත්‍වා අත්‍ථපරිග‍්ගණ‍්හනං සාත්‍ථකසම‍්පජඤ‍්ඤං. තත්‍ථ හත්‍ථපාදෙ අතිචිරං සමිඤ‍්ජිත්‍වා වා පසාරෙත්‍වා වා ඨිතස‍්ස ඛණෙ ඛණෙ වෙදනා උප‍්පජ‍්ජන‍්ති, චිත‍්තං එකග‍්ගං න ලභති, කම‍්මට‍්ඨානං පරිපතති, විසෙසං නාධිගච‍්ඡති. කාලෙ සමිඤ‍්ජන‍්තස‍්ස කාලෙ පසාරෙන‍්තස‍්ස පන තා වෙදනා නුප‍්පජ‍්ජන‍්ති, චිත‍්තං එකග‍්ගං හොති, කම‍්මට‍්ඨානං ඵාතිං ගච‍්ඡති, විසෙසමධිගච‍්ඡතීති එවං අත්‍ථානත්‍ථපරිග‍්ගණ‍්හනං වෙදිතබ‍්බං.

සම්මිඤ්ජිතෙ පසාරිතෙ = සන්ධි ස්ථානයන්ගේ නැමීමෙහි සහ දිග හැරීමෙනි. එහිදී සිත අනුවම නැමීම් දිගහැරීම් නො කොට අත්පාවල නැමීම් දිගහැරීම් හේතුවෙන් සිදුවන අර්ථයන් හා අනර්ථයන් පරීක්ෂා කොට අර්ථයන් ග්‍රහණය කිරීම සාර්ථක විමසුම් නුවණයි. අත්පා වැඩි කලක් නමා හෝ දිග හැර සිටි තැනැත්තහුට වරින් වර වේදනා හට ගනී. සිත එකඟ වීමක් නො ලබයි. කමටහන බිඳ වැටෙයි. විශේෂඥානය (මාර්ග ඵල) අවබෝධ කර නොගනියි. සුදුසු කල්හි (අත්පා) නමන තැනැත්තහුට ද, සුදුසු කල්හි (අත්පා) දිගහරින තැනැත්තා හට ද ඒ වේදනා නූපදී. සිත එකඟ වේ. කමටහන දියුණුවට යයි. විශේෂඥානය අවබෝධ කර ගනියි යනුවෙන් මෙසේ අර්ථානර්ථ පරීක්ෂා කිරීම දත යුතුයි.

අත්‍ථෙ පන සතිපි සප‍්පායාසප‍්පායං පරිග‍්ගණ‍්හිත්‍වා සප‍්පායපරිග‍්ගණ‍්හනං සප‍්පායසම‍්පජඤ‍්ඤං. තත්‍රායං නයො – මහාචෙතියඞ‍්ගණෙ කිර දහරභික‍්ඛූ සජ‍්ඣායං ගණ‍්හන‍්ති. තෙසං පිට‍්ඨිපස‍්සෙ දහරභික‍්ඛුනියො ධම‍්මං සුණන‍්ති. තත්‍ථෙකො දහරො හත්‍ථං පසාරෙන‍්තො කායසංසග‍්ගං පත්‍වා තෙනෙව කාරණෙන ගිහී ජාතො. අපරො භික‍්ඛු පාදං පසාරෙන‍්තො අග‍්ගිම‍්හි පසාරෙසි, අට‍්ඨිං ආහච‍්ච පාදො ඣායි. අපරො වම‍්මිකෙ පසාරෙසි, සො ආසීවිසෙන දට‍්ඨො. අපරො චීවරකුටිදණ‍්ඩකෙ පසාරෙසි, තං මණිසප‍්පො ඩංසි. තස‍්මා එවරූපෙ අසප‍්පායෙ අපසාරෙත්‍වා සප‍්පායෙ පසාරෙතබ‍්බං. ඉදමෙත්‍ථ සප‍්පායසම‍්පජඤ‍්ඤං.

ප්‍රයෝජනයක් ඇති කල්හි ද සුදුස්ස හා නුසුදුස්ස පරීක්ෂා කොට සුදුසු දෙය ග්‍රහණය කිරීම සප්පාය සම්පජඤ්ඤය (සුදුසු දෙය විමසා බැලීමේ නුවණ) යි. මෙය එහි පිළිවෙළයි - (රුවන්වැලි මහ සෑ මලුවෙහි ලාබාල භික්ෂූහු හැදෑරීම කරත්. ඔවුන්ගේ පිටු පසෙහි ලාබාල භික්ෂූණීහු දහම් අසත්. එහිදී එක් ලාබාල භික්ෂුවක් අතක් දිග හරිනුයේ කායික ස්පර්ශයට (කාය සංසග්ගයට) පැමිණ ඒ කරුණින්ම ගිහි බවට පත් විය. තවත් භික්ෂුවක් පාදය දිග හරිනුයේ පාදය ගින්නෙහි පිහිටියේය. ඇටය දක්වා පාදය දැවී ගියේය. තව ද භික්ෂුවක් තුඹසකට පා දිගු කළේය. හෙතෙමේ සර්පයකු විසින් දෂ්ට කරන ලදී. වෙනත් භික්ෂුවක් සිදුරු කුටියේ ලීයක පය තැබුවේය. කළු නාගයෙක් (මණිසප්ප) ඔහුට දෂ්ට කළේය. එහෙයින් මෙබඳු නොගැලපෙන තැන්හි අත්පා දිගු නොකොට සුදුසු තන්හි අත්පා දිගු කළ යුතුයි. මෙය මෙහි “සප්පාය සම්පජඤ්ඤය (හෙවත් සුදුසු දෙය විමසා බැලීමේ නුවණ) යි.

ගොචරසම‍්පජඤ‍්ඤං පන මහාථෙරවත්‍ථුනා දීපෙතබ‍්බං – මහාථෙරො කිර දිවාට‍්ඨානෙ නිසින‍්නො අන‍්තෙවාසිකෙහි සද‍්ධිං කථයමානො සහසා හත්‍ථං සමිඤ‍්ජිත්‍වා පුන යථාඨානෙ ඨපෙත්‍වා සණිකං සමිඤ‍්ජෙසි. තං අන‍්තෙවාසිකා පුච‍්ඡිංසු – “කස‍්මා, භන‍්තෙ, සහසා හත්‍ථං සමිඤ‍්ජිත්‍වා පුන යථාඨානෙ ඨපෙත්‍වා සණිකං සමිඤ‍්ජිත්‍ථා”ති. යතො පට‍්ඨායාහං, ආවුසො, කම‍්මට‍්ඨානං මනසිකාතුං ආරද‍්ධො, න මෙ කම‍්මට‍්ඨානං මුඤ‍්චිත්‍වා හත්‍ථො සමිඤ‍්ජිතපුබ‍්බො, ඉදානි පන තුම‍්හෙහි සද‍්ධිං කථයමානෙන කම‍්මට‍්ඨානං මුඤ‍්චිත්‍වා සමිඤ‍්ජිතො, තස‍්මා පුන යථාඨානෙ ඨපෙත්‍වා සමිඤ‍්ජෙසින‍්ති. සාධු, භන‍්තෙ, භික‍්ඛුනා නාම එවරූපෙන භවිතබ‍්බන‍්ති. එවමෙත්‍ථාපි කම‍්මට‍්ඨානාවිජහනමෙව ගොචරසම‍්පජඤ‍්ඤන‍්ති වෙදිතබ‍්බං.

ගෝචර සම්පජඤ්ඤය (හෙවත් සුදුසු තැන විමසා බැලීමේ නුවණ) වනාහී මහාථෙර වස්තුවෙන් දැක්විය යුත්තේය. මහා ස්ථවිර තෙමේ දහවල් හිඳින තැන (හෙවත් දිවාට්ඨානයෙහි) හුන්නේ අතවැසියන් සමග කථා කරමින් ඉක්මනින් අත දමා නැවත තිබුණ ලෙසම තබා සැණෙකින් (නැවත) හැකුලුවේය “ස්වාමීනි, කුමක් නිසා අත වහා හකුලුවා නැවත තිබුණ ලෙසම තබා සැණෙකින් හැකුලුවේදැයි” අතවැසියෝ ප්‍රශ්න කළහ. “ඇවැත්නි. මම යම් අවස්ථාවෙක පටන් කමටහන මෙනෙහි කිරීම අරඹන ලද්දේ ද, එතැන් සිට මා විසින් කමටහන මුදා අත නොහකුලන ලදී. දැන් වනාහී ඔබ සමග කථා කරන මා විසින් කමටහන මුදවා අත නවන ලදී. එබැවින් නැවත (අත) පෙර තිබූ සේ තබා නැවූයෙමි”යි කීය. “යහපති හිමියනි, භික්ෂූන් නම් මෙබඳු විය යුතුය”යි කීහ. මෙසේ මෙහි ද කමටහනෙන් ඉවත් නොවීමම ගෝචර සම්පජඤ්ඤය (හෙවත් සුදුසු තැන විමසා බැලීමේ නුවණ) යයි දත යුතුය.

අබ‍්භන‍්තරෙ අත‍්තා නාම කොචි සමිඤ‍්ජන‍්තො වා පසාරෙන‍්තො වා නත්‍ථි, වුත‍්තප‍්පකාරචිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙන පන සුත‍්තාකඩ‍්ඪනවසෙන දාරුයන‍්තස‍්ස හත්‍ථපාදලළනං විය සමිඤ‍්ජනපසාරණං හොතීති පරිජානනං පනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤන‍්ති වෙදිතබ‍්බං.

අභ්‍යන්තරයෙහි තමාය හෙවත් ආත්මයය නමින් (අත්පා) හකුලුවන්නාවූ හෝ දිගහරින්නාවූ කිසිවෙක් නැත. කියන ලද ආකාර ඇති සිතේ ක්‍රියාවන් වායෝ ධාතුවේ පැතිරීමෙන් නූල් ඇදීමක් මෙන් ද, දැවමුවා යන්ත්‍රයකදී අත් පා ඇදීමක් මෙන් ද නැමීම හා දිග හැරීම සිදුවේයයි දැන ගැනීම වනාහී මෙහි මුලාවට පත් නොවූ ප්‍රඥාව (හෙවත් අසම්මෝහ සම්පජඤ්ඤ) යයි දත යුතුය.

සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙති එත්‍ථ සඞ‍්ඝාටිචීවරානං නිවාසනපාරුපනවසෙන, පත‍්තස‍්ස භික‍්ඛාපටිග‍්ගහණාදිවසෙන පරිභොගො ධාරණං නාම. තත්‍ථ සඞ‍්ඝාටිචීවරධාරණෙ තාව නිවාසෙත්‍වා පාරුපිත්‍වා ච පිණ‍්ඩාය චරතො ආමිසලාභො, “සීතස‍්ස පටිඝාතායා”තිආදිනා නයෙන භගවතා වුත‍්තප‍්පකාරොයෙව ච අත්‍ථො අත්‍ථො නාම. තස‍්ස වසෙන සාත්‍ථකසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

සඞ්ඝාටි පත්ත චීවර ධාරණො = මෙහිදී දෙපට සිවුරු හැඳීම් පෙරවීම් වශයෙන් ද පාත්‍රය දානය පිළිගැනීමේ ආදී වශයෙන් ද පරිභෝග කිරීම ධාරණ නම් වේ. එහි දෙපට සිවුර දැරීමෙහි දී වනාහී සිවුර හැඳ පෙරවා පිඬුපිණිස හැසිරෙන්නහුගේ ආමිෂ ලාභය සීතල නැති කිරීම පිණිස යන ආදී පිළිවෙළින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාරයම අර්ථය හෙවත් “අත්‍ථ” නම් වේ. ඒ අයුරින් “සාර්ථක සම්පජඤ්ඤය”(හෙවත් අර්ථවත් විමර්ශනඥානය) දත යුතුය.

උණ‍්හපකතිකස‍්ස පන දුබ‍්බලස‍්ස ච චීවරං සුඛුමං සප‍්පායං, සීතාලුකස‍්ස ඝනං දුපට‍්ටං. විපරීතං අසප‍්පායං. යස‍්ස කස‍්සචි ජිණ‍්ණං අසප‍්පායමෙව. අග‍්ගළාදිදානෙන හිස‍්ස තං පලිබොධකරං හොති. තථා පට‍්ටුණ‍්ණදුකූලාදිභෙදං ලොභනීයචීවරං. තාදිසඤ‍්හි අරඤ‍්ඤෙ එකකස‍්ස නිවාසන‍්තරායකරං, ජීවිතන‍්තරායකරඤ‍්චාපි හොති. නිප‍්පරියායෙන පන යං නිමිත‍්තකම‍්මාදිමිච‍්ඡාජීවවසෙන උප‍්පන‍්නං, යඤ‍්චස‍්ස සෙවමානස‍්ස අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, තං අසප‍්පායං. විපරීතං සප‍්පායං, තස‍්ස වසෙනෙත්‍ථ සප‍්පායසම‍්පජඤ‍්ඤං, කම‍්මට‍්ඨානාවිජහනවසෙනෙව ච ගොචරසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

උෂ්ණගතිය ප්‍රකෘති ස්වභාවය කොට ඇති දුබලයාට සියුම් වූ සිවුර සුදුසු වේ. සීත ගතිය වැඩි තැනැත්තාහට ඝන වූ දෙපට සිවුර සුදුසු වේ. මේ පිළිවෙළ මාරු වී නම් සුදුසු නොවේ. කවරකුට වුවද දිරූ සිවුර සුදුසු නොවේමය. දුබල සිවුරු ආදිය දීමෙන් ඔහුට එය පීඩාකාරී වේ. පට දුහුල් ආදී විවිධ වූ ලෝබ උපදවන්නාවූ සිවුරු දීම ද එසේමය. ආරණ්‍යයෙහි හුදෙකලා වාසය ද එසේම අනතුරු සහිතය. ජීවිතයට අනතුරු වීම ද සිදු වේ. මෙයට වෙනස් අයුරින් සිදුවන නිමිත්ත කර්මාදී මිථ්‍යා ආජීව වශයෙන් උපන් යමක් වේද එය පරිභෝග කරන ඔහුගේ අකුසල් දහම් වැඩේ නම් සහ කුසල් දහම් පිරිහේ නම් එය සුදුසු නොවේ. මෙයට වෙනස් වේ නම් සුදුසු දෙය පිළිබඳව ඇතිවන ප්‍රඥාව) ද, කමටහන් දරාගෙන සිටීම් වශයෙන් ම වන ගෝචර සම්පජඤ්ඤය (හෙවත් අරමුණු පිළිබඳ විමර්ශන ඥානය) යයි දත යුතුය.

අබ‍්භන‍්තරෙ අත‍්තා නාම කොචි චීවරං පාරුපන‍්තො නත්‍ථි, වුත‍්තප‍්පකාරචිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව පන චීවරපාරුපනං හොති. තත්‍ථ චීවරම‍්පි අචෙතනං, කායොපි අචෙතනො. චීවරං න ජානාති “මයා කායො පාරුපිතො”ති. කායොපි න ජානාති “අහං චීවරෙන පාරුපිතො”ති. ධාතුයොව ධාතුසමූහං පටිච‍්ඡාදෙන‍්ති පටපිලොතිකාය පොත්‍ථකරූපපටිච‍්ඡාදනෙ විය. තස‍්මා නෙව සුන්‍දරං චීවරං ලභිත්‍වා සොමනස‍්සං කාතබ‍්බං, න අසුන්‍දරං ලභිත්‍වා දොමනස‍්සං. නාගවම‍්මිකචෙතියරුක‍්ඛාදීසු හි කෙචි මාලාගන්‍ධධූමවත්‍ථාදීහි සක‍්කාරං කරොන‍්ති, කෙචි ගූථමුත‍්තකද‍්දමදණ‍්ඩසත්‍ථපහාරාදීහි අසක‍්කාරං. න තෙහි නාගවම‍්මිකරුක‍්ඛාදයො සොමනස‍්සං වා කරොන‍්ති දොමනස‍්සං වා. එවමෙවං නෙව සුන්‍දරං චීවරං ලභිත්‍වා සොමනස‍්සං කාතබ‍්බං, න අසුන්‍දරං ලභිත්‍වා දොමනස‍්සන‍්ති එවං පවත‍්තපටිසඞ‍්ඛානවසෙනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

අභ්‍යන්තරයෙහි තමාය හෙවත් ආත්මයය යන නමින් සිවුර පොරවන්නාවූ කිසිවෙක් හෝ නැත. කියන ලද විස්තර සහිත සිතේ ක්‍රියාවෙන් වායෝධාතුවේ පැතිරීමෙන් සිවුර පෙරවීම සිදු වේ. එහිදී සිවුර අචේතනික වේ. කය ද අචේතනිකයි. තමා විසින් කය පොරවන ලද්දේයයි සිවුර නො දනියි. මම සිවුර විසින් පොරවනු ලැබුවෙමියි ශරීරය ද නො දනියි. (මූල) ධාතූහුම (මූල) ධාතූ සමුහයක් ආවරණය කරති. (කෙසේදයත්) රෙදි පටකින් ශරීරය පොතක ස්වරූපයෙන් වසා තැබීමක් මෙනි. එහෙයින් සොඳුරු සිවුරක් ලැබීමෙන් සොම්නස් නොවිය යුතුයි. සොදුරු නොවන සිවුරක් ලැබීමෙන් දොම්නස් නොවිය යුතුයි. ඇතැම් කෙනෙක් නාගයන් වසන තුඹස්, චෛත්‍ය, වෘක්ෂ ආදිය වෙත මල්ගඳ දුම්, වස්ත්‍ර ආදියෙන් සංග්‍රහ කරත්. ඇතැම් කෙනෙක් අසුචි, මුත්‍ර, මඩ, දඬු, ආයුධ ප්‍රහාර ආදියෙන් නිග්‍රහ කරත්. ඒ ක්‍රියාව හේතු කොට ගෙන තුඹස්, වෘක්ෂ ආදීහු සොම්නස් හෝ දොම්නස් නොවෙත්. මෙසේම සොඳුරු සිවුරක් ලබා සොම්නස් නොවිය යුතුය. සොඳුරු නොවන සිවුරක් ලබා දොම්නස් නො විය යුතුය. මෙසේ පැවැත්ම නුවණින් සලකා බැලීම් වශයෙන් මෙහිදී මුලාවට පත්නොවන විමසීම් නුවණ (හෙවත් අසම්මොහ සම්පජඤ්ඤය) මේයයි දත යුතුය.

පත‍්තධාරණෙපි පත‍්තං සහසාව අග‍්ගහෙත්‍වා – “ඉමං ගහෙත්‍වා පිණ‍්ඩාය චරමානො භික‍්ඛං ලභිස‍්සාමී”ති එවං පත‍්තග‍්ගහණපච‍්චයා පටිලභිතබ‍්බඅත්‍ථවසෙන සාත්‍ථකසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං. කිසදුබ‍්බලසරීරස‍්ස පන ගරුපත‍්තො අසප‍්පායො. යස‍්ස කස‍්සචි චතුපඤ‍්චගණ‍්ඨිකාහතො දුබ‍්බිසොධනීයො අසප‍්පායොව. දුද‍්ධොතපත‍්තො හි න වට‍්ටති, තං ධොවන‍්තස‍්සෙව චස‍්ස පලිබොධො හොති. මණිවණ‍්ණපත‍්තො පන ලොභනීයො චීවරෙ වුත‍්තනයෙනෙව අසප‍්පායො. නිමිත‍්තකම‍්මාදිවසෙන ලද‍්ධො, පන යඤ‍්චස‍්ස සෙවමානස‍්ස අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, අයං එකන‍්තඅසප‍්පායොව. විපරීතො සප‍්පායො. තස‍්ස වසෙනෙත්‍ථ සප‍්පායසම‍්පජඤ‍්ඤං, කම‍්මට‍්ඨානාවිජහනවසෙනෙව ච ගොචරසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

පාත්‍රය දැරීමෙහිදී ද පාත්‍රය වහාම නොගෙන “මෙය රැගෙන පිඬු පිණිස හැසිරෙමින් ආහාර ලබා ගන්නෙමි”යි යනුවෙන් මෙසේ පාත්‍රය ගැනීමේ හේතුවෙන් ලබාගත යුතු ප්‍රයෝජනය වශයෙන් අර්ථවත්වන විමසීම් නුවණ (හෙවත් සාත්‍ථක සම්පජඤ්ඤය) මේ යයි දත යුතුය. කෘශවූ දුර්වල ශරීර ඇති අයකුට බරවූ පාත්‍රයක් සුදුසු නොවේ. යම් කිසිවකුගේ (පාත්‍ර පසුම්බියෙහි) ගැට සතරක් පහක් කැඩී ගියේ ද, සේදීමට අපහසු වේද එයද සුදුසු නොවේමය. සේදීමට අපහසු වූ පාත්‍රය ද නොසුදුසුය. එය සෝදන්නාවූ ඔහුට පළිබෝධයක් සිදු වේ. මැණික් පැහැති පාත්‍රයක් නම් එය ද ලෝභ උපදවන්නක් වේ. සිවුරෙහි යටකී තත්ත්වයන් වේනම් එය ද නුසුදුසුය. නිමිති කීම් ආදී වශයෙන් ලබන ලද දෙයක් වේ නම් එය පරිභෝග කරන්නහුට ද අකුසල් දහම් වැඩේ, කුසල් දහම් පිරිහේ. මෙය ඒකාන්තයෙන් නුසුදුසු වන්නේමය. මෙහි විපරීත පැත්ත (සිදු වේ නම් එය) සුදුසු වේ. ඒ හේතුවෙන් මෙහි සුදුසු දෙය පිළිබඳ විමසීම් නුවණ (හෙවත් සප්පාය සම්පජඤ්ඤය) මේ යයි දත යුතුය. කමටහන බැහැර නොකිරීම් වශයෙන් අරමුණු පිළිබඳ විමර්ශන ඥානය (හෙවත් ගෝචර සමපජඤ්ඤය) මේ යයි දතයුතුය.

අබ‍්භන‍්තරෙ අත‍්තා නාම කොචි පත‍්තං ගණ‍්හන‍්තො නත්‍ථි, වුත‍්තප‍්පකාරචිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව පත‍්තග‍්ගහණං නාම හොති. තත්‍ථ පත‍්තොපි අචෙතනො, හත්‍ථාපි අචෙතනා. පත‍්තො න ජානාති “අහං හත්‍ථෙහි ගහිතො”ති. හත්‍ථාපි න ජානන‍්ති “පත‍්තො අම‍්හෙහි ගහිතො”ති. ධාතුයොව ධාතුසමූහං ගණ‍්හන‍්ති, සණ‍්ඩාසෙන අග‍්ගිවණ‍්ණපත‍්තග‍්ගහණෙ වියාති එවං පවත‍්තපටිසඞ‍්ඛානවසෙනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

අභ්‍යන්තරයෙහි තමාය හෙවත් ආත්මය ය යන නමින් පාත්‍රය ගන්නාවූ කෙනෙක් නැත. පෙර කියන ලද ආකාර ඇති සිතේ ක්‍රියාවෙන් වායෝ ධාතුවේ පැතිරීමෙන් ම පාත්‍රය ගැනීම නම් කාර්යය සිදු වේ. එහි පාත්‍රය ද අචේතනිකය, අත් ද අචේතනිකය මම අන් අයගේ අත් විසින් ගන්නා ලදුයෙමි”යි පාත්‍රය නො දනියි. “පාත්‍රය අප විසින් ගන්නා ලද්දේ යයි” අත් ද නොදනියි. ධාතූහුම ධාතූන් සමුහයක් ගණිති. (කුමක් මෙන් ද යත්) - අඬුවක් විසින් ගිනි පැහැය සහිත පාත්‍රයක් ගනු ලැබීමෙහිදී මෙනි. මෙසේ පැවැත්ම නුවණින් සලකා බැලීම් වශයෙන් (හෙවත් අසම්මොහ සම්පජඤ්ඤ වශයෙන්) මෙහිදී මුලාවට පත් නොවන විමසීම් නුවණ මේ යයි දත යුතුය.

අපිච යථා ඡින‍්නහත්‍ථපාදෙ වණමුඛෙහි පග‍්ඝරිතපුබ‍්බලොහිතකිමිකුලෙ නීලමක‍්ඛිකසම‍්පරිකිණ‍්ණෙ අනාථසාලාය අනාථමනුස‍්සෙ දිස‍්වා දයාලුකා පුරිසා තෙසං වණපට‍්ටචොළකානි චෙව කපාලාදීහි භෙසජ‍්ජානි ච උපනාමෙන‍්ති. තත්‍ථ චොළකානිපි කෙසඤ‍්චි සණ‍්හානි, කෙසඤ‍්චි ථූලානි පාපුණන‍්ති, භෙසජ‍්ජකපාලානිපි කෙසඤ‍්චි සුසණ‍්ඨානානි, කෙසඤ‍්චි දුස‍්සණ‍්ඨානානි පාපුණන‍්ති, න තෙ තත්‍ථ සුමනා වා දුම‍්මනා වා හොන‍්ති. වණපටිච‍්ඡාදනමත‍්තෙනෙව හි චොළකෙන භෙසජ‍්ජපටිග‍්ගහමත‍්තෙනෙව ච කපාලකෙන තෙසං අත්‍ථො. එවමෙව යො භික‍්ඛු වණචොළකං විය චීවරං, භෙසජ‍්ජකපාලකං විය ච පත‍්තං, කපාලෙ භෙසජ‍්ජමිව ච පත‍්තෙ ලද‍්ධභික‍්ඛං සල‍්ලක‍්ඛෙති. අයං සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙ අසම‍්මොහසම‍්පජඤ‍්ඤෙන උත‍්තමසම‍්පජානකාරීති වෙදිතබ‍්බො.

තව ද සිඳුණ අත් පාවල ඇති තුවාල වලින් වැගිරෙන සැරව, ලේ, පණුවන් සහිත, නිල මැස්සන් පිරිවරා ගත්, අසරණයන් සඳහා වූ සාලාවෙක්හි අසරණ මිනිසුන් දැක කරුණාවන්ත මනුෂ්‍යයෝ ඔවුන්හට තුවාල වසන රෙදි කැබලිද, බෙහෙත් බඳුන් ආදිය ද සහිත බෙහෙත් ලබා දෙති. රෙදි කැබලි වුවද ඇතැම් ඒවා සිනිඳු ලෙස ද, ඇතැම් ඒවා රළු ලෙස ද පවතී. ඔව්හු එහිදී සතුටු හෝ නොසතුටු නොවෙති. තුවාල වැසීමෙහිදී පමණක් රෙදි කැබලිවලින් ද, බෙහෙත් ලබා ගැනීමෙහිදී පමණක් බෙහෙත් බඳුනෙන් ද ඔවූන්පට ප්‍රයෝජන තිබේ. මෙසේම යම් භික්ෂුවක් සිවුර තුවාල වසනා රෙදිකඩ මෙන් ද, පාත්‍රය බෙහෙත් බඳුන මෙන් ද පාත්‍රයෙහි ලැබී ඇති ආහාරය බඳුනෙහි බෙහෙත් මෙන් ද සලකන්නේ නම් එය දෙපට සිවුරු පාත්‍ර, සිවුරු යන මේවා දැරීමේදී මුලාවට පත් නොවන විමසීම් නුවණින් උතුම් විමසීම් නුවණ යයි දත යුතුය.

අසිතාදීසු අසිතෙති පිණ‍්ඩපාතභොජනෙ. පීතෙති යාගුආදිපානෙ. ඛායිතෙති පිට‍්ඨඛජ‍්ජකාදිඛාදනෙ. සායිතෙති මධුඵාණිතාදිසායනෙ. තත්‍ථ “නෙව දවායා”තිආදිනා නයෙන වුත‍්තො අට‍්ඨවිධොපි අත්‍ථො අත්‍ථො නාම, තස‍්ස වසෙන සාත්‍ථකසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

අසිත ආදියෙහි - අසිතෙ = පිණ්ඩපාත ආහාරයෙහි. පීතෙ = කැඳ ආදී පානයන්හි. ඛායිතෙ = පිටි කැවිලි ආදී කන දෙයෙහි සායිතෙ = මී පැණි හා එවැනි දෙයෙහි එහි “නෙවදවාය” (හෙවත් කෙළි පිණිස නොවේ) යන ආදී පිළිවෙළින් කියන ලද අට වැදෑරුම් වූ අර්ථය “අත්‍ථ” නම් වේ. ඒ අයුරින් සාත්‍ථක සම්පජඤ්ඤය (හෙවත් අර්ථවත් විමර්ශන ඥානය) දත යුතුය.

ලූඛපණීතතිත‍්තමධුරාදීසු පන යෙන භොජනෙන යස‍්ස අඵාසු හොති, තං තස‍්ස අසප‍්පායං. යං පන නිමිත‍්තකම‍්මාදිවසෙන පටිලද‍්ධං, යඤ‍්චස‍්ස භුඤ‍්ජතො අකුසලා ධම‍්මා අභිවඩ‍්ඪන‍්ති, කුසලා ධම‍්මා පරිහායන‍්ති, තං එකන‍්තඅසප‍්පායමෙව. විපරීතං සප‍්පායං. තස‍්ස වසෙනෙත්‍ථ සප‍්පායසම‍්පජඤ‍්ඤං, කම‍්මට‍්ඨානාවිජහනවසෙනෙව ච ගොචරසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

රළු, ප්‍රණීත, තීත්ත, මිහිරි ආදී යම් ආහාරයකින් යමකුට අපහසුවක් වේද ඒ ආහාරය ඔහුට සුදුසු නොවේ. නිමිති කීම් ආදී වශයෙන් ලැබුණ යම් දෙයක් වළඳන්නේ ද ඔහුගේ අකුසල් දහම් වැඩේ, කුසල් දහම් පිරිහේ. එය ඒකාන්තයෙන් නුසුදුසු වන්නේමය. එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වය සුදුසු වේ. ඒ අයුරින් මෙහි “සප්පාය සම්පජඤ්ඤය” (හෙවත් අරමුණු පිළිබද විමර්ශන ඥානය) ද දත යුතුය.

අබ‍්භන‍්තරෙ අත‍්තා නාම කොචි භුඤ‍්ජකො නත්‍ථි, වුත‍්තප‍්පකාරචිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව පත‍්තපටිග‍්ගහණං නාම හොති, චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව හත්‍ථස‍්ස පත‍්තෙ ඔතාරණං නාම හොති, චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව ආලොපකරණං ආලොපුද‍්ධරණං මුඛවිවරණඤ‍්ච හොති. න කොචි කුඤ‍්චිකාය න යන‍්තකෙන හනුකට‍්ඨීනි විවරති, චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව ආලොපස‍්ස මුඛෙ ඨපනං උපරිදන‍්තානං මුසලකිච‍්චසාධනං හෙට‍්ඨාදන‍්තානං උදුක‍්ඛලකිච‍්චසාධනං ජිව‍්හාය හත්‍ථකිච‍්චසාධනඤ‍්ච හොති. ඉති නං තත්‍ථ අග‍්ගජිව‍්හාය තනුකඛෙළො, මූලජිව‍්හාය බහලඛෙළො මක‍්ඛෙති. තං හෙට‍්ඨාදන‍්තඋදුක‍්ඛලෙ ජිව‍්හාහත්‍ථපරිවත‍්තිතං ඛෙළඋදකතෙමිතං උපරිදන‍්තමුසලසඤ‍්චුණ‍්ණිතං කොචි කටච‍්ඡුනා වා දබ‍්බියා වා අන‍්තො පවෙසෙන‍්තො නාම නත්‍ථි, වායොධාතුයාව පවිසති. පවිට‍්ඨං පවිට‍්ඨං කොචි පලාලසන්‍ථරං කත්‍වා ධාරෙන‍්තො නාම නත්‍ථි, වායොධාතුවසෙනෙව තිට‍්ඨති. ඨිතං ඨිතං කොචි උද‍්ධනං කත්‍වා අග‍්ගිං ජාලෙත්‍වා පචන‍්තො නාම නත්‍ථි, තෙජොධාතුයාව පච‍්චති. පක‍්කං පක‍්කං කොචි දණ‍්ඩකෙන වා යට‍්ඨියා වා බහි නීහරකො නාම නත්‍ථි, වායොධාතුයෙව නීහරති. ඉති වායොධාතු අතිහරති ච වීතිහරති ච ධාරෙති ච පරිවත‍්තෙති ච සඤ‍්චුණ‍්ණෙති ච විසොසෙති ච නීහරති ච; පථවීධාතු ධාරෙති ච පරිවත‍්තෙති ච සඤ‍්චුණ‍්ණෙති ච විසොසෙති ච; ආපොධාතු සිනෙහෙති ච අල‍්ලත‍්තඤ‍්ච අනුපාලෙති; තෙජොධාතු අන‍්තොපවිට‍්ඨං පරිපාචෙති; ආකාසධාතු අඤ‍්ජසො හොති; විඤ‍්ඤාණධාතු තත්‍ථ තත්‍ථ සම‍්මාපයොගමන්‍වාය ආභුජතීති එවං පවත‍්තපටිසඞ‍්ඛානවසෙනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

අභ්‍යන්තරයෙහි තමාය හෙවත් ආත්මයය යන නමින් ආහාර වළඳන්නාවූ කෙනෙක් නැත. පෙර කියන ලද ආකාර ඇති සිතේ ක්‍රියාවෙන් වායෝ ධාතුවේ පැතිරීමෙන්ම (ආහාර) පිඬු කිරීම ද, පිඬුව එසවීම ද, මුව විවර කිරීමද සිදු වේ. වෙනත් කිසිවෙක් යතුරකින් හෝ යන්ත්‍රයකින් හනුවේ ඇට විවර නො කරයි. සිතේ ක්‍රියාවෙන් මෙහෙයවුන වායෝ ධාතුවේ පැතිරීමෙන්ම අහර පිඬුව මුඛයෙහි තැබීම ද, උඩපැත්තේ දත්වල මෝල් ගසේ ක්‍රියාව ද, යට දත්වල වංගෙඩියක ක්‍රියාව ද, දිවෙන් අතක ක්‍රියාව ද සිදුවන්නේය. මෙසේ එහිදී දිව අගින් තුනී කෙළ ද, දිවමුලින් ඝනවූ කෙළද එයට මිශ්‍ර වෙයි. එය යට දත් නමැති වංගෙඩියෙහි දිව නමැති අතින් මිශ්‍ර කරනු ලැබ කෙළ නමැති දියෙන් තෙමනු ලැබුයේ උඩු දත් නමැති මොහොලින් කුඩු කරන ලද්දේ වෙයි. කුඩා හැන්දකින් හෝ ලොකු හැන්දකින් ඇතුළට යවන්නාවූ කිසිවෙක් නැත. වායෝ ධාතුවෙන්ම (ඇතුළට) පිවිසෙයි. ඇතුළට පිවිසි ආහාර සිදුරු ගුදිරියක් තනා දරා ගන්නාවූ කිසිවෙක් හෝ නැත. වායෝ ධාතු වශයෙන්ම එහි නවතී. නැවතුන නැවතුන ආහාර උදුනක් තනා පිසින්නා වූ කිසිවෙක් හෝ නැත. තේජෝ ධාතුව විසින්ම පිසිනු ලැබේ. පැසුණ පැසුණ ආහාර ලීයකින් හෝ කෝටුවකින් හෝ බැහැරට යවන්නා වූ කිසිවෙක් හෝ නැත. වායෝධාතුවම එය බැහැර කරයි. මෙසේ වායෝ ධාතුව එම ආහාර ගෙන එම ද, ගමන් කරවීම ද, දරාගෙන සිටීමද, පෙරලවීම ද, කුඩු කිරීම ද, වියලවීමද, බැහැර කරවීම ද සිදු කරයි. පඨවිධාතුව ද එම ආහාර දරාගෙන සිටීම ද, පෙරල වීමද, කුඩු කිරීම ද වියල වීම ද සිදු කරයි. ආපෝ ධාතුව එම ආහාර පොඟවයි, තෙල්ගතිය පාලනය ද කරයි. තේජෝ ධාතුව ඇතුළට පිවිසි එම ආහාර පැසවයි. ආකාස ධාතුව එම ආහාරයට මාර්ගය තනා දෙයි. විඤ්ඤාණ ධාතුව ඒ ඒ තන්හි මනාලෙස ප්‍රායෝගික කිරීමට පමුණුවා බැඳ තබා කැටි කර ගනියි. මේ ආකාරයෙන් පවත්නා තත්ත්වය නුවණින් සලකා බැලීම් වශයෙන් මෙහිදී මුලාවට පත් නොවන විමසීම් නුවණ (අසම්මොහ සම්පජඤ්ඤය) මෙසේ දත යුතුය.

අපිච ගමනතො, පරියෙසනතො, පරිභොගතො, ආසයතො, නිධානතො, අපරිපක‍්කතො, පරිපක‍්කතො, ඵලතො, නිස‍්සන්‍දතො, සම‍්මක‍්ඛනතොති එවං දසවිධං පටිකූලභාවං පච‍්චවෙක‍්ඛණතොපෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං. විත්‍ථාරකථා පනෙත්‍ථ විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.294 ආදයො) ආහාරපටිකූලසඤ‍්ඤානිද‍්දෙසතො ගහෙතබ‍්බා.

තවද ගමනින්, පරීක්ෂා කිරීමෙන්, පරිභෝග කිරීමෙන්, චිත්ත ස්වභාවයෙන්, තැන්පත් වීමෙන්, නොමේරූ ස්වභාවයෙන්, මේරූ ස්වභාවයෙන්, ප්‍රතිඵලයෙන්, විපාකයෙන්, ආලේපනයෙන් යන මේ දස වැදෑරුම් පිළිකුල් බව නුවණින් සලකා බැලීම් වශයෙන් ද මෙහිදී මුලාවට පත් නොවන විමසීම් නුවණ (අසම්මොහ සම්පජඤ්ඤය) මේ යයි දත යුතුය. මෙහි විස්තර වර්ණනාව විශුද්ධි මාර්ගයේ “ආහාරෙ පටික්කූල සඤ්ඤා නිද්දෙස” යෙන් (ආහාරයෙහි පිළිකුල් සංඥාව දැක්වීම නමැති කොටසින් ගත යුතුය.)

උච‍්චාරපස‍්සාවකම‍්මෙති උච‍්චාරස‍්ස ච පස‍්සාවස‍්ස ච කරණෙ. තත්‍ථ පත‍්තකාලෙ උච‍්චාරපස‍්සාවං අකරොන‍්තස‍්ස සකලසරීරතො සෙදා මුච‍්චන‍්ති, අක‍්ඛීනි භමන‍්ති, චිත‍්තං න එකග‍්ගං හොති, අඤ‍්ඤෙ ච රොගා උප‍්පජ‍්ජන‍්ති. කරොන‍්තස‍්ස පන සබ‍්බං තං න හොතීති අයමෙත්‍ථ අත්‍ථො. තස‍්ස වසෙන සාත්‍ථකසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

උච්චාර පස්සාව කම්මෙ = මල මුත්‍ර පිට කිරීමේ කාර්යයෙහි දී එහිදී (අවශ්‍යතාවය) පැමිණි කල්හි මලමුත්‍ර කාර්යය නොකරන්නහුගේ මුලු සිරුරින් ම ඩහදිය වැගිරේ ඇස් කැරකේ, සිත එකඟ නොවේ. අන් රෝග ද උපදී. (අවශ්‍යවිට මල මුත්‍ර බැහැර කිරීමේ කාර්යය) කරන්නහුට ඒ සියල්ල සිදු නොවේ,” යන මෙය මෙහි අර්ථයයි. ඒ අයුරින් සාර්ථක ලෙස පවත්වන විමසීම් නුවණ (හෙවත් සාත්‍ථක සම්පජඤ්ඤය) මේයයි දත යුතුය.

අට‍්ඨානෙ උච‍්චාරපස‍්සාවං කරොන‍්තස‍්ස පන ආපත‍්ති හොති, අයසො වඩ‍්ඪති, ජීවිතන‍්තරායොපි හොති. පතිරූපෙ ඨානෙ කරොන‍්තස‍්ස සබ‍්බං තං න හොතීති ඉදමෙත්‍ථ සප‍්පායං. තස‍්ස වසෙන සප‍්පායසම‍්පජඤ‍්ඤං, කම‍්මට‍්ඨානාවිජහනවසෙන ච ගොචරසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

නොගැලපෙන තන්හි මලමුත්‍ර පහ කරන්නහුට වනාහී ඇවැත් සිදු වේ, අප කීර්තිය වැඩේ, ජීවිතයට අනතුරු ද සිදුවේ. සුදුසු තන්හි එය කරන්නහුට ඒ කිසිවක් සිදු නොවේ. යන මෙය මෙහි අදහසයි. ඒ අයුරින් “සප්පාය සම්පජඤ්ඤය” (හෙවත් සුදුසු දේ පිළිබඳ විමසීම් නුවණ) ද, කමටහන බැහැර නොකිරීම් වශයෙන්” ගෝචර සම්පජඤ්ඤය” (හෙවත් අරමුණු පිළිබඳ විමසීම් නුවණ) ද යනු මේ මේයයි දත යුතුය.

අබ‍්භන‍්තරෙ අත‍්තා නාම කොචි උච‍්චාරපස‍්සාවකම‍්මං කරොන‍්තො නත්‍ථි, චිත‍්තකිරියවායොධාතුවිප‍්ඵාරෙනෙව පන උච‍්චාරපස‍්සාවකම‍්මං හොති. යථා පන පක‍්කෙ ගණ‍්ඩෙ ගණ‍්ඩභෙදෙන පුබ‍්බලොහිතං අකාමතාය නික‍්ඛමති, යථා ච අතිභරිතා උදකභාජනා උදකං අකාමතාය නික‍්ඛමති, එවං පක‍්කාසයමුත‍්තවත්‍ථීසු සන‍්නිචිතා උච‍්චාරපස‍්සාවා වායුවෙගසමුප‍්පීළිතා අකාමතායපි නික‍්ඛමන‍්ති. සො පනායං එවං නික‍්ඛමන‍්තො උච‍්චාරපස‍්සාවො නෙව තස‍්ස භික‍්ඛුනො අත‍්තනො හොති න පරස‍්ස, කෙවලං සරීරනිස‍්සන්‍දොව හොති. යථා කිං? යථා උදකතුම‍්බතො පුරාණඋදකං ඡඩ‍්ඩෙන‍්තස‍්ස නෙව තං අත‍්තනො හොති න පරෙසං, කෙවලං පටිජග‍්ගනමත‍්තමෙව හොති. එවං පවත‍්තපටිසඞ‍්ඛානවසෙනෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං වෙදිතබ‍්බං.

[need trans]

ගතාදීසු ගතෙති ගමනෙ. ඨිතෙති ඨානෙ. නිසින‍්නෙති නිසජ‍්ජාය. සුත‍්තෙති සයනෙ. ජාගරිතෙ ති ජාගරණෙ. භාසිතෙති කථනෙ. තුණ‍්හීභාවෙති අකථනෙ. එත්‍ථ ච යො චිරං ගන‍්ත්‍වා වා චඞ‍්කමිත්‍වා වා අපරභාගෙ ඨිතො ඉති පටිසඤ‍්චික‍්ඛති “චඞ‍්කමනකාලෙ පවත‍්තා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති, අයං ගතෙ සම‍්පජානකාරී නාම.

ගත ආදියෙහි - ගතෙ = ගමන් කිරීමෙහි ඨිතෙ = නැවතී සිටීමෙනි. නිසින්නෙ = හිඳ ගැනීමෙහි. සුත්තෙ = සයනයෙහි. ජාගරිතෙ = අවදිව සිටීමෙහි. හාසිතෙ = කථා කිරීමෙහි තුණ්හී භාවෙ = නිහඬව සිටීමෙහි මෙහිදී යමෙක් කාලයක් ගමන් කොට හෝ සක්මන් කොට හෝ පසු කාලයෙහි සිටිමින් මෙසේ කල්පනා කරයි. “සක්මන් කරන කල්හි පැවති රූප අරූප ධර්ම මෙහි දී නිරුද්ධ වෙයි. (හෙවත් නැති වෙයි) මෙය ගමනෙහිදී සිහි නුවණ පවත්වා ගැනීම නම් වේ.

යො සජ‍්ඣායං වා කරොන‍්තො පඤ‍්හං වා විස‍්සජ‍්ජෙන‍්තො කම‍්මට‍්ඨානං වා මනසිකරොන‍්තො චිරං ඨත්‍වා අපරභාගෙ නිසින‍්නො ඉති පටිසඤ‍්චික‍්ඛති “ඨිතකාලෙ පවත‍්තා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති, අයං ඨිතෙ සම‍්පජානකාරී නාම.

යමෙක් සජ්ඣායනා කරමින් හෝ කලක් සිට පසු කලෙක හිඳගෙන මෙසේ කල්පනා කරයි. “සිටගෙන සිටි කල්හි පැවති රූප අරූප ධර්ම මෙහිදී නැති වෙයි.” මෙය සිටගෙන සිටීමෙහි සිහි නුවණ පවත්වා ගැනීම නම් වේ.

යො සජ‍්ඣායාදිකරණවසෙනෙව චිරං නිසීදිත්‍වා අපරභාගෙ නිපන‍්නො ඉති පටිසඤ‍්චික‍්ඛති – “නිසින‍්නකාලෙ පවත‍්තා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති, අයං නිසින‍්නෙ සම‍්පජානකාරී නාම.

යමෙක් සජ්ඣායනා ආදිය සිදු කිරීම් වශයෙන් කලක් හිඳගෙන හුන්නේ පසු කලෙක සිට ගත්තේ මෙසේ කල්පනා කරයි. “හිඳගෙන හුන් කල්හි පැවති රූප අරූප ධර්ම මෙහිදී නැති වෙයි.” මෙය හිඳගෙන හිඳීමෙහි සිහි නුවණ පවත්වා ගැනීම නම් වේ.

යො පන නිපන‍්නකොව සජ‍්ඣායං කරොන‍්තො කම‍්මට‍්ඨානං වා මනසිකරොන‍්තො නිද‍්දං ඔක‍්කමිත්‍වා අපරභාගෙ උට‍්ඨාය ඉති පටිසඤ‍්චික‍්ඛති – “සයනකාලෙ පවත‍්තා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති, අයං සුත‍්තෙ ච ජාගරිතෙ ච සම‍්පජානකාරී නාම. කිරියමයචිත‍්තානඤ‍්හි අප‍්පවත‍්තං සුත‍්තං නාම, පවත‍්තං ජාගරිතං නාමාති.

යමෙක් හිඳගෙන සජ්ඣායනා කරමින් හෝ කමටහන් මෙනෙහි කරමින් හෝ සිට නින්දට වැටී පසුව නැඟිට මෙසේ කල්පනා කරයි. “නිදන කල්හි පැවති රූපා රූප ධර්ම මෙහිදී නැති වෙයි” මෙය නින්දෙහි දී ද, පිබිද සිටීමෙහිදී ද සිහි නුවණ පවත්වා ගැනීම නම් වේ. ක්‍රියාකාරී සිත් නො පැවැත්ම නින්ද නම් වේ. (ක්‍රියාකාරී සිත්) පැවැත්ම අවදිව සිටීම නම් වේ.

යො පන භාසමානො – “අයං සද‍්දො නාම ඔට‍්ඨෙ ච පටිච‍්ච දන‍්තෙ ච ජිව‍්හඤ‍්ච තාලුඤ‍්ච පටිච‍්ච චිත‍්තස‍්ස ච තදනුරූපං පයොගං පටිච‍්ච ජායතී”ති සතො සම‍්පජානො භාසති, චිරං වා පන කාලං සජ‍්ඣායං කත්‍වා ධම‍්මං වා කථෙත්‍වා කම‍්මට‍්ඨානං වා පරිවත‍්තෙත්‍වා පඤ‍්හං වා විස‍්සජ‍්ජෙත්‍වා අපරභාගෙ තුණ‍්හීභූතො ඉති පටිසඤ‍්චික‍්ඛති “භාසිතකාලෙ උප‍්පන‍්නා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති අයං භාසිතෙ සම‍්පජානකාරී නාම.

යමෙක් කථා කරමින් මේ ශබ්දය වනාහී තොල්, දත්, දිව හා තල්ල හේතු කොට ගෙන ද, සිතෙහි එයට යෝග්‍ය පෙළඹවීමක් හේතු කොට ගෙන ද උපදී යයි සිහි ඇතිවම මනාව දනිමින්ම කියයි ද, හේ තෙමේ බොහෝ කලක් සජ්ඣායනා කොට හෝ ධර්මය දේශනා කොට හෝ කමටහන් මාරු කරමින් පවත්වා හෝ ප්‍රශ්න විසඳා පසු කලෙක නිහඬ වී සිට “කථා කළ කාලයෙහි උපන් රූප අරූප ධර්ම මෙහිදී නැති වෙයි.” යනුවෙන් කල්පනා කරයි. මෙය කථා කිරීමෙහි දී සිහි නුවණ පවත්වා ගැනීම නම් වේ.

යො තුණ‍්හීභූතො චිරං ධම‍්මං වා කම‍්මට‍්ඨානං වා මනසිකත්‍වා අපරභාගෙ ඉති පටිසඤ‍්චික‍්ඛති – “තුණ‍්හීභූතකාලෙ පවත‍්තා රූපාරූපධම‍්මා එත්‍ථෙව නිරුද‍්ධා”ති. උපාදාරූපපවත‍්තියා සති භාසති නාම, අසති තුණ‍්හී භවති නාමාති, අයං තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී නාමාති. එවමෙත්‍ථ අසම‍්මොහසම‍්පජඤ‍්ඤං තස‍්ස වසෙන සම‍්පජානකාරිතා වෙදිතබ‍්බා. ඉමස‍්මිං සුත‍්තෙ සතිපට‍්ඨානමිස‍්සකසම‍්පජඤ‍්ඤං පුබ‍්බභාගං කථිතං.

යමෙක් නිහඬව සිටිමින් කාලයක් ධර්මය දේශනා කොට හෝ කමටහන් මෙනෙහි කොට හෝ පසු කලෙක “නිහඬව සිටි කාලයෙහි පැවති රූප අරූප ධර්ම මෙහිදී නැතිවෙයි” යනුවෙන් කල්පනා කරයි. උපාදා රූප පවත්නා කල්හි “කථා කරයි” යන නමින් ද උපාදා රූප නැති කල්හි නිහඬ වෙයි යන නමින් ද දැක්වේ. මෙය නිහඬ බවෙහිදී සිහිනුවණ පවත්වා ගැනීම නම් වේ. එසේම මුලාවට පත් නොවන සිහි කල්පනාව ද වෙයි. ඒ අනුසාරයෙන්ම “සිහිනුවණ පවත්වා ගැනීම” (හෙවත් සම්පජානකාරිතා) ද දත යුතුය. මේ සූත්‍රයෙහි දී සතිපට්ඨානය මිශ්‍ර වූ සිහිකල්පනාව පුර්ව භාගය කියන ලදී.