යෙදුමෙන් කියවන්න

සතොසුත‍්තං

3. 1. 2.

3. 1. 2.

සතොසුත‍්තං

සතෝ සූත්‍රය

1180. එකං සමයං භගවා වෙසාලියං විහරති අම‍්බපාලිවනෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි -පෙ- සතො භික‍්ඛවෙ, භික‍්ඛු විහරෙය්‍ය සම‍්පජානො. අයං වො අම‍්හාකං අනුසාසනී. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සතො හොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සතො හොති.

1180. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අම්බපාලි වෙනෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේය. මේ තොපට අපගේ අනුශාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇති වැ මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. … වේදනාවන්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වෙයි.

“කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්පජානො හොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම‍්පජානකාරී හොති. සමිඤ‍්ජිතෙ පසාරිතෙ සම‍්පජානකාරී හොති. සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙ සම‍්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම‍්පජානකාරී හොති. උච‍්චාරපස‍්සාවකම‍්මෙ සම‍්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී හොති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්පජානකාරී හොති. සතො භික‍්ඛවෙ, භික‍්ඛු විහරෙය්‍ය සම‍්පජානො. අයං වො අම‍්හාකං අනුසාසනීති.

මහණෙනි, මහණ කෙසේ නම් මනා දැනුම් ඇත්තේ වේද යත්: මහණෙනි, මෙහි මහණ ඉදිරිගමන්හි ද පෙරළා ගමන්හි ද මනා දැනුම් ඇති ව කරනසුලු වෙයි. ඉදිරිබැලුම්හි ද අවට බැලුම්හි ද මනා දැනුම් ඇතිව කරන සුලු වෙයි. (අත්පා) හැකිළීමෙහි දිග හැරීමෙහි මනා දැනුම් ඇති ව කරන සුලු වෙයි. සඟළ පාසිවුරු දැරීමෙහි මනා දැනීම් ඇති ව කරනසුලු වෙයි. බිදීමෙහි පීමෙහි කෑමෙහි රස විඳුමෙහි මනා දැනුම් ඇති ව කරන සුලු වෙයි. මලමූ කම්හි මනා දැනුම් ඇති ව කරන සුලු වෙයි. ගමන්හි සිටුම්හි හිඳුම්හි නිඳුම්හි නිදි වැරුම්හි බිණුම්හි නිසදබැව්හි මනා දැනුම් ඇති ව කරනසුලු වෙයි. මහණෙනි, මෙසේ මහණ මනා දැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම ඇති ව වෙසෙන්නේය. මේ තොපට අපගේ අනුශාසනයයි.