අම්බපාලිසුත්තං
3. 1. 1.
3. 1. 1.
අම්බපාලිසුත්තං
අම්බපාලි සූත්‍රය
1179. එවං මෙ සුතං, එකං සමයං භගවා වෙසාලියං විහරති අම්බපාලිවනෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
1179. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අම්බපාලි වෙනෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:
එකායනො අයං භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය. යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො අයං භික්ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස සච්ඡිකිරියාය. යදිදං චත්තාරො සතිපට්ඨානාති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත් ද, සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස න්‍යාය සංඛ්‍යාත ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එකම මාර්ගය වේ. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස් දුරු කොට වෙසේ. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරුකොට වෙසෙයි. සිත්හි සිත් අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙ යි. දහම්හි දහම් අනුව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්ත්වයන්ගේ විසුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස දුක්දොම්නස් දුරු කරනු පිණිස න්‍යාය අවබෝධ කරනු පිණිස නිවන පසක් කරනු පිණිස මේ එකම මාර්ගය”යී මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.