යෙදුමෙන් කියවන්න

1. අම‍්බපාලිසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

1. අම‍්බපාලිසුත‍්තවණ‍්ණනා

1. අම්බපාලි සූත්‍ර වර්ණනාව

සතිපට‍්ඨානසංයුත‍්තස‍්ස පඨමෙ අම‍්බපාලිවනෙති අම‍්බපාලියා නාම රූපූපජීවිනියා රොපිතෙ අම‍්බවනෙ. තං කිර තස‍්සා උය්‍යානං අහොසි. සා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නචිත‍්තා තත්‍ථ විහාරං කාරෙත්‍වා තථාගතස‍්ස නිය්‍යාතෙසි. තං සන්‍ධායෙතං වුත‍්තං. එකායන්‍වායන‍්ති එකායනො අයං. තත්‍ථ එකායනොති එකමග‍්ගො. මග‍්ගස‍්ස හි –

සතිපට්ඨාන සංයුත්තයේ පළමු වැන්නෙහි - අම්බපාලිවනෙ = රූපය නිසා ජීවත් වන (වෛශ්‍යා ස්ත්‍රියක වන) අම්බපාලි නම් වූ තැනැත්තිය විසින් රෝපණය කරන ලද අඹවනයෙහි එය ඇයගේ උයන විය. ඕ තොමෝ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ප්‍රසන්න සිත් ඇතිව එහි විහාරයක් කරවා තථාගතයන් වහන්සේට පවරා දුන්නාය. ඒ සඳහා මෙය කියන ලදී. එකායනායං = එකායනො + අ = එකායනො එහි “එකායනො” යනු එකම මාර්ගයයි. එහි “මග්ග” යන්නට

“මග‍්ගො පන්‍ථො පථො පජ‍්ජො, අඤ‍්ජසං වටුමායනං; නාවා උත‍්තරසෙතූ ච, කුල‍්ලො ච භිසි සඞ‍්කමො”ති. (චූළනි· පාරායනත්‍ථුතිගාථානිද‍්දෙසො 101) –

මග්ගො පන්‍ථො පථො පජ්ජො අඤ්ජසං වටුමායනං, නාවා උත්තර සෙතූච කුල්ලොච භිසි සඞ්ක මො

බහූනි නාමානි. ස‍්වායං ඉධ අයනනාමෙන වුත‍්තො. තස‍්මා එකායන්‍වායං, භික‍්ඛවෙ, මග‍්ගොති එත්‍ථ එකමග‍්ගො. අයං, භික‍්ඛවෙ, මග‍්ගො, න ද‍්වෙධාපථභූතොති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. මග‍්ගොති කෙනට‍්ඨෙන මග‍්ගො? නිබ‍්බානගමනට‍්ඨෙන, නිබ‍්බානත්‍ථිකෙහි මග‍්ගනීයට‍්ඨෙන ච.

යන ගාථාවෙහි දැක්වෙන පද ව්‍යවහාර වේ. (එම ගාථාවෙහි දැක්වෙනුයේ “මග්ග” යන්නට යෙදෙන පර්යාය පදයන් ය) “මාර්ගය” යන එය මෙහිදී අයන යන නමින් කියන ලද්දේය. එහෙයින් එකායනො අයං භික්‍ඛවෙ මග්ගො = මහණෙනි, මෙය එකම මාර්ගයයි. “මග්ගො” යනුවෙන් දෙකට බෙදුණු මඟක් නොවේය යන අරුත දැක්විය යුතුය. කවර අරුතකින් “මග්ග” නම් වේද? නිවන සොයා යාම යන අරුතින්. නිවන සෙවිය යුතුය යන අරුතින් නිවන අරමුණු කර ගත් අය විසින් (මග්ග යන පදය යොදනු ලැබේ)

සත‍්තානං විසුද‍්ධියාති රාගාදීහි මලෙහි අභිජ‍්ඣාවිසමලොභාදීහි ච උපක‍්කිලෙසෙහි සංකිලිට‍්ඨචිත‍්තානං සත‍්තානං විසුද‍්ධත්‍ථාය. සොකපරිදෙවානං සමතික‍්කමායාති සොකස‍්ස ච පරිදෙවස‍්ස ච සමතික‍්කමාය, පහානායාති අත්‍ථො. දුක‍්ඛදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමායාති කායිකදුක‍්ඛස‍්ස ච චෙතසිකදොමනස‍්සස‍්ස චාති ඉමෙසං ද‍්වින‍්නං අත්‍ථඞ‍්ගමාය, නිරොධායාති අත්‍ථො. ඤායස‍්ස අධිගමායාති ඤායො වුච‍්චති අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, තස‍්ස අධිගමාය පත‍්තියාති වුත‍්තං හොති. අයඤ‍්හි පුබ‍්බභාගෙ ලොකියො සතිපට‍්ඨානමග‍්ගො භාවිතො ලොකුත‍්තරමග‍්ගස‍්ස අධිගමාය සංවත‍්තති. තෙනාහ “ඤායස‍්ස අධිගමායා”ති. නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායාති තණ‍්හාවානවිරහිතත‍්තා නිබ‍්බානන‍්ති ලද‍්ධනාමස‍්ස අමතස‍්ස සච‍්ඡිකිරියාය, අත‍්තපච‍්චක‍්ඛායාති වුත‍්තං හොති. අයඤ‍්හි මග‍්ගො භාවිතො අනුපුබ‍්බෙන නිබ‍්බානසච‍්ඡිකිරියං සාධෙති. තෙනාහ “නිබ‍්බානස‍්ස සච‍්ඡිකිරියායා”ති.

සත්තානං විසුද්ධියා = රාගාදී කෙලෙස්වලින් ද, අභිජ්ඣා විසම ලෝභ (දැඩි සහ නපුරු ලෝභකම්) ආදී කෙලෙස්වලින් ද කිලිටි වූ සත්ත්වයන්ගේ පිරිසිදු වීම සඳහා. සොක පරිද්දවානං සමතික්කමාය = ශෝක කිරීමේ ද, වැළපීමේ ද ඉක්මවා යාම, දුරු කිරීම පිණිසය යන අරුතයි. දුක්ඛ දොමනස්සානං අත්‍ථඞ්ගමාය = කායික දුඃඛයේ ද, චෛතසික දෝමනස්සයේ ද යන මේ දෙකේ නැති වීම පිණිස, නිරුද්ධ වීම පිණිස යන අරුතයි. ඤායස්ස අධිගමාය = “ඤායො” යනුවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනු ලැබේ. එම මාර්ගයාගේ අවබෝධය පිණිස පැමිණීම සඳහා යයි කියන ලද්දේ වෙයි. භාවිත කරනු ලබන සතිපට්ඨාන මාර්ගය වූ මෙම ලෞකික වූ පූර්ව භාගය ලොකෝත්තර මාර්ගයාගේ අවබෝධය පිණිස පවතී. එහෙයින් “ඤායස්ස අධි ගමාය” (ආර්ය අෂ්ටාංගික මාර්ගයාගේ අවබෝධය සඳහා) යයි කියන ලදී. නිබ්බාණස්ස සච්ඡි කිරියාය = තෘෂ්ණාව නම් වූ වාණය (ලෝභකම) නැති බැවින් “නිබ්බාණ” (නිවන) යයි ලබන ලද නම් ඇති අමෘතය අවබෝධ කර ගැනීම සඳහා හෙවත් තමාටම ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා යයි කියන ලද්දේ වෙයි. මෙම මාර්ගය අවබෝධ කිරීම සිදු කරයි. එහෙයින් “නිබ්බාණස්ස සච්ඡි කිරියාය” (නිවන අවබෝධ කර ගැනීම සඳහා) යයි කියන ලදි.

එවං භගවතා සත‍්තහි පදෙහි එකායනමග‍්ගස‍්ස වණ‍්ණො භාසිතො, සො කස‍්මාති චෙ? භික‍්ඛූනං උස‍්සාහජනනත්‍ථං. වණ‍්ණභාසනඤ‍්හි සුත්‍වා තෙ භික‍්ඛූ – “අයං කිර මග‍්ගො හදයසන‍්තාපභූතං සොකං, වාචාවිප‍්පලාපභූතං පරිදෙවං, කායිකඅසාතභූතං දුක‍්ඛං, චෙතසිකඅසාතභූතං දොමනස‍්සන‍්ති චත‍්තාරො උපද‍්දවෙ හරති. විසුද‍්ධිං, ඤායං, නිබ‍්බානන‍්ති තයො විසෙසෙ ආවහතී”ති උස‍්සාහජාතා ඉමං දෙසනං උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං, ධාරෙතබ‍්බං, ඉමඤ‍්ච මග‍්ගං භාවෙතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්ති. ඉති තෙසං භික‍්ඛූනං උස‍්සාහජනනත්‍ථං වණ‍්ණං අභාසි කම‍්බලවාණිජාදයො කම‍්බලාදීනං වණ‍්ණං විය.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් පද සතකින් ඒකායන මාර්ගයේ වර්ණනාව කියන ලදී. එය කෙසේ භික්ෂූන්ගේ උත්සාහය ඇති කිරීම පිණිස පවතී ද යනු වර්ණනාව අසා ඒ භික්ෂූන් මෙසේ පිළිපදිනු ඇතැයි අදහස් කළහ. (භික්ෂූන් මෙසේ සිතනු ඇත යනුයි) මේ මාර්ගය හෘදයේ සන්තාපයට හේතු වූ ශෝකය ද. ප්‍රලාප සහිත වචන කීමට හේතු වූ වැලපීම ද, කායික අසහනයට හේතු වූ දුක ද, චෛතසික අසහනයට හේතු වූ දෝමනස්සය ද යන උපද්‍රවයන් සතර දුරු කළ යුතුය. විශුද්ධියය, සත්‍ය මාර්ගයය, නිර්වාණයය යන උත්තම තත්ත්වයන් තුන ලබා දෙන්නේය. උත්සාහවත් වී මේ දේශනාව උගත යුතුය. පුරුදු පුහුණු කළ යුතුය. ධාරණය කළ යුතුය යන මේ මාර්ගය වැඩිය යුතුය - මෙසේ අදහස් කර ගනු ඇතැයි සිතා ඒ භික්ෂූන්ගේ උත්සාහය ඇති කරවීම පිණිස කම්බිලි වෙළඳුන් තම කම්බිලි වර්ණනා කරන අයුරින් වර්ණනා කළහ.

යදිදන‍්ති නිපාතො, යෙ ඉමෙති අයමස‍්ස අත්‍ථො. චත‍්තාරොති ගණනපරිච‍්ඡෙදො. තෙන “න තතො හෙට‍්ඨා, න උද‍්ධ”න‍්ති සතිපට‍්ඨානපරිච‍්ඡෙදං දීපෙති. සතිපට‍්ඨානාති තයො සතිපට‍්ඨානා සතිගොචරොපි, තිධා පටිපන‍්නෙසු සාවකෙසු සත්‍ථුනො පටිඝානුනයවීතිවත‍්තතාපි, සතිපි. “චතුන‍්නං, භික‍්ඛවෙ, සතිපට‍්ඨානානං සමුදයඤ‍්ච අත්‍ථඞ‍්ගමඤ‍්ච දෙසෙස‍්සාමි තං සුණාථ. කො ච, භික‍්ඛවෙ, කායස‍්ස සමුදයො? ආහරසමුදයා කායසමුදයො”තිආදීසු (සං· නි· 5.408) හි සතිගොචරො සතිපට‍්ඨානන‍්ති වුත‍්තො. තථා “කායො උපට‍්ඨානං, නො සති, සති උපට‍්ඨානඤ‍්චෙව සති චා”තිආදීසුපි (පටි· ම· 2.35). තස‍්ස අත්‍ථො – පතිට‍්ඨාති අස‍්මින‍්ති පට‍්ඨානං. කා පතිට‍්ඨාති? සති. සතියා පට‍්ඨානං සතිපට‍්ඨානං. පධානං ඨානන‍්ති වා පට‍්ඨානං. සතියා පට‍්ඨානං සතිපට‍්ඨානං හත්‍ථිට‍්ඨානඅස‍්සට‍්ඨානාදීනි විය.

යදිදං යනු නිපාතයකි. යම් බඳු වූ මේ අය යන මෙය මෙහි අර්ථයයි. චත්තාරො = සංඛ්‍යා සීමාවකි. මෙයට අඩු නොවේ, මෙයට වැඩි ද නොවේ යනුවෙන් සතර සතිපට්ඨාන සීමාව (චත්තාරො) වචනයෙන් දැක්වේ. සතිපට්ඨානා = සිහියට අරමුණු වූ සතිපට්ඨානයන් තුන තුන් අයුරෙන් පිළිපන් ශ්‍රාවකයන් තුළ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව වන ක්‍රෝධයට අනුකූල වීම ඉක්මවා සිටිය යුතුය යන්න ද සති (හෙවත් සිහිය) නම් වේ. මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ ඇති වීම ද, නැති වීම ද. දේශනා කරමි. -පෙ- මහණෙනි, කයෙහි හට ගැන්ම නම් කුමක් ද? ආහාරය හේතුවෙන් කය හටගනියි යන ආදියෙහි සිහිය හැසිරවීම සතිපට්ඨානය වේ යයි කියන ලදී. එසේ කය පිහිටුවීම සතිය (සිහිය) නොවේ, සිහිය පිහිටුවීම ම සතිය වේ යන ආදියෙහිදී ද එසේ අදහස් වේ. එහි අර්ථය නම් : එහි පිහිටයි. යන අරුතින් “පට්ඨාන” නම් වේ. කුමක් පිහිටයිද “සතිය” (පිහිට) යි. සිහියෙන් පිහිටුවීම සතිපට්ඨාන යයි. (සතියා පට්ඨානං සතිපට්ඨානං) ඇතුන් සිටින තැන = හත්‍ථිට්ඨාන, අශ්වයන් සිටින තැන - අස්සට්ඨාන ආදිය මෙනි.

“තයො සතිපට‍්ඨානා, යදරියො සෙවති, යදරියො සෙවමානො සත්‍ථා ගණමනුසාසිතුමරහතී”ති (ම· නි· 3.311) එත්‍ථ තිධා පටිපන‍්නෙසු සාවකෙසු සත්‍ථුනො පටිඝානුනයවීතිවත‍්තතා සතිපට‍්ඨානන‍්ති වුත‍්තා. තස‍්සත්‍ථො – පට‍්ඨපෙතබ‍්බතො පට‍්ඨානං, පවත‍්තයිතබ‍්බතොති අත්‍ථො. කෙන පට‍්ඨපෙතබ‍්බොති? සතියා. සතියා පට‍්ඨානං සතිපට‍්ඨානන‍්ති.

යම් උත්තමයෙක් සතිපට්ඨාන තුන පිළිපදීද, පිළිපදින්නාවූ ඒ උත්තම සමුහයාට සතර (සතිපට්ඨානයන්) ම එකම මාර්ගයකැයි කියන ලදී. මෙසේ ද ඇති කල්හි සති යන වචනයේ ගැලපීමෙන් එම ගැලපීමම දේශනාව වෙයි.

“චත‍්තාරො සතිපට‍්ඨානා භාවිතා බහුලීකතා සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ පරිපූරෙන‍්තී”තිආදීසු (ම· නි· 3.147; සං· නි· 5.989) පන සතියෙව සතිපට‍්ඨානන‍්ති වුත‍්තා. තස‍්සත්‍ථො – පතිට‍්ඨාතීති පට‍්ඨානං, උපට‍්ඨාති ඔක‍්කන්‍දිත්‍වා පක‍්ඛන්‍දිත්‍වා පවත‍්තතීති අත්‍ථො. සතියෙව පට‍්ඨානං සතිපට‍්ඨානං. අථ වා සරණට‍්ඨෙන සති, උපට‍්ඨානට‍්ඨෙන පට‍්ඨානං, ඉති සති ච සා පට‍්ඨානඤ‍්චාතිපි සතිපට‍්ඨානං. ඉදමිධ අධිප‍්පෙතං.

[need trans]

යදි එවං කස‍්මා “සතිපට‍්ඨානා”ති බහුවචනං කතන‍්ති? සතීනං බහුත‍්තා. ආරම‍්මණභෙදෙන හි බහුකා සතියො. අථ “මග‍්ගො”ති කස‍්මා එකවචනන‍්ති? මග‍්ගනට‍්ඨෙන එකත‍්තා. චතස‍්සොපි හි එතා සතියො මග‍්ගනට‍්ඨෙන එකත‍්තං ගච‍්ඡන‍්ති. වුතඤ‍්හෙතං “මග‍්ගොති කෙනට‍්ඨෙන මග‍්ගො? නිබ‍්බානමග‍්ගනට‍්ඨෙන, නිබ‍්බානත්‍ථිකෙහි මග‍්ගනීයට‍්ඨෙන චා”ති. චතස‍්සොපි චෙතා අපරභාගෙ කායාදීසු ආරම‍්මණෙසු කිච‍්චං සාධයමානා නිබ‍්බානං ගච‍්ඡන‍්ති, ආදිතො පට‍්ඨාය ච නිබ‍්බානත්‍ථිකෙහි මග‍්ගියන‍්තීති තස‍්මා චතස‍්සොපි එකො මග‍්ගොති වුත‍්තා. එවඤ‍්ච සති වචනානුසන්‍ධිනා සානුසන්‍ධිකාව දෙසනා හොති.

[need trans]

කතමෙ චත‍්තාරොති කථෙතුකම්‍යතාපුච‍්ඡා. කායෙති රූපකායෙ. කායානුපස‍්සීති කායං අනුපස‍්සනසීලො, කායං වා අනුපස‍්සමානො. අයඤ‍්හි භික‍්ඛු ඉමං කායං අනිච‍්චානුපස‍්සනාදීනං සත‍්තන‍්නං අනුපස‍්සනානං වසෙන අනිච‍්චතො අනුපස‍්සති, නො නිච‍්චතො, දුක‍්ඛතො අනුපස‍්සති, නො සුඛතො, අනත‍්තතො අනුපස‍්සති, නො අත‍්තතො, නිබ‍්බින්‍දති, නො නන්‍දති, විරජ‍්ජති, නො රජ‍්ජති, නිරොධෙති, නො සමුදෙති, පටිනිස‍්සජ‍්ජති, නො ආදියති. සො තං අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහති, දුක‍්ඛතො අනුපස‍්සන‍්තො සුඛසඤ‍්ඤං පජහති, අනත‍්තතො අනුපස‍්සන‍්තො අත‍්තසඤ‍්ඤං පජහති, නිබ‍්බින්‍දන‍්තො නන්‍දිං පජහති, විරජ‍්ජන‍්තො රාගං පජහති, නිරොධෙන‍්තො සමුදයං පජහති, පටිනිස‍්සජ‍්ජන‍්තො ආදානං පජහතීති වෙදිතබ‍්බො.

කතමෙ චත්තාරො = කීමට කැමැත්තෙන් කෙරෙන ප්‍රශ්න කිරීම. කායෙ කායානුපස්සී = කය අනුව නුවණින් විමසා බලනසුලු වූ. කය අනුව විමසා බලන්නා වූ මේ භික්ෂුව වනාහී මෙම කය අනිත්‍යය අනුව විමසා බැලීම් ආදී සප්ත විධ අනුපස්සනාවන්ගේ (විමසා බැලීම්හි) වශයෙන් අනිත්‍ය වශයෙන් විමසා බලයි, නිත්‍යවූවක් වශයෙන් නොබලයි, දුඃඛවශයෙන් විමසා බලයි, සැපක් වශයෙන් නොබලයි, අනාත්ම වශයෙන් විමසා බලයි. ආත්ම වශයෙන් නොබලයි, (කය කෙරෙහි) කල කිරෙයි, සතුටට පත් නොවෙයි. (කය කෙරෙහි) නො ඇලෙයි, ආශා නොකරයි. (කයෙහි) පැවැත්ම නිරුද්ධ කරයි, හට ගැනීමක් නොකරවයි. අත්හරියි, අල්වා නොගනියි, හෙ තෙම ඒ (කය) අනිත්‍ය වශයෙන් විමසා බලනුයේ සැප සහිතය යන සංඥාව අත් හරියි, අනාත්ම වශයෙන් විමසා බලනුයේ ආත්මයක් ඇත යන සංඥාව අත්හරියි, කල කිරීමට පත්වනුයේ ආශාව අත් හරියි. ඇලීමෙන් තොර වනුයේ ආශාව අත්හරියි, නිරුද්ධ වනුයේ හට ගැන්ම අත්හරියි) අත්හැර දමනුයේ අල්වා ගැනීම නොකරයි යන ආදී වශයෙන් දත යුතුය.

විහරතීති ඉරීයති. ආතාපීති තීසු භවෙසු කිලෙසෙ ආතපතීති ආතාපො, වීරියස‍්සෙතං නාමං. ආතාපො අස‍්ස අත්‍ථීති ආතාපී. සම‍්පජානොති සම‍්පජඤ‍්ඤසඞ‍්ඛාතෙන ඤාණෙන සමන‍්නාගතො. සතිමාති කායපරිග‍්ගාහිකාය සතියා සමන‍්නාගතො. අයං පන යස‍්මා සතියා ආරම‍්මණං පරිග‍්ගහෙත්‍වා පඤ‍්ඤාය අනුපස‍්සති. න හි සතිවිරහිතස‍්ස අනුපස‍්සනා නාම අත්‍ථි, තෙනෙවාහ “සතිඤ‍්ච ඛ‍්වාහං, භික‍්ඛවෙ, සබ‍්බත්‍ථිකං වදාමී”ති (සං· නි· 5.234). තස‍්මා එත්‍ථ “කායෙ කායානුපස‍්සී විහරතී”ති එත‍්තාවතා කායානුපස‍්සනාසතිපට‍්ඨානං වුත‍්තං හොති. අථ වා යස‍්මා අනාතාපිනො අන‍්තොසඞ‍්ඛෙපො අන‍්තරායකරො හොති, අසම‍්පජානො උපායපරිග‍්ගහෙ අනුපායපරිවජ‍්ජනෙ ච සම‍්මුය‍්හති, මුට‍්ඨස‍්සති උපායාපරිච‍්චාගෙ අනුපායාපරිග‍්ගහෙ ච අසමත්‍ථො හොති, තෙනස‍්ස තං කම‍්මට‍්ඨානං න සම‍්පජ‍්ජති. තස‍්මා යෙසං ධම‍්මානං ආනුභාවෙන තං සම‍්පජ‍්ජති, තෙසං දස‍්සනත්‍ථං “ආතාපී සම‍්පජානො සතිමා”ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

විහරති = (යෑම් ඊම් ආදී) ඉරියවු පවත්වයි. ආතාපී = ත්‍රිවිධ භවයන්හිදී කෙලෙස් තවන්නේය යන අරුතින් ආතාප නම් වේ. මෙය වීර්යයට නමකි. ඔහුට “ආතාපය” (කෙලෙස් තවන වීර්යය) ඇත යන අදහසින් “ආතාපී” නම් වේ. සම්පජානො = විමර්ශන ඥාන සංඛ්‍යාත නුවණින් යුක්ත වූ. සතිමා = කය පරිග්‍රහණය කිරීම පිළිබඳ සිහියෙන් යුක්ත වූ මෙය වනාහී යම්සේ සිහියෙන් යුතුව අරමුණ පරිග්‍රහණය කොට ප්‍රඥාවෙන් විමසා බලයි ද, එහෙයින් සතිය (සිහිය) විරහිත තැනැත්තා හට “අනුපස්සනාව” (විමසා බලන ප්‍රඥාව) නැත. ඒ නිසාම “මහණෙනි, සතිය (සිහිය) යනු “හරුබස්ස” (හෙවත් සියල්ලම අඩංගු තැන) යයි මම කියමි” යනුවෙන් කියන ලදී. එහෙයින් මෙහිදී “කය පිළිබඳව විමසා බලමින් වාසය කරයි” යන මෙයින්ම කායානුපස්සනා (කය පිළිබඳව නුවණින් විමසා බැලීම) නම් වූ සතිපට්ඨානය කියන ලද්දේ වෙයි. තව ද යම් හෙයකින් කෙලෙස් තවන වීර්යය නැත්තේද, ඔහුගේ සසර අවසානය කෙටිකර ගැනීම අනතුරු දායක වෙයි. (හෙවත්) නිසිසේ සිදු නොවෙයි. මනා දැනුමක් නැති තැනැත්තා පිළිවෙළ ග්‍රහණය කර ගැනීමෙහි ද, අපිළිවෙළ බැහැර කිරීමෙහිද මුළාවට පත්වෙයි. (වරදවා ගනියි) මුළා වූ සිහිය ඇති තැනැත්තා අපිළිවෙළ බැහැර කිරීමෙහි ද, පිළිවෙළ ග්‍රහණය කර ගැනීමෙහි ද අසමත් වෙයි. ඒ නිසා ඔහුට ඒ කර්මස්ථානය සමෘද්ධ නොවේ. ඔවුන්ගේ දැන ගැනීම සඳහා “ආතාපි සම්පජානො සතිමා” යන මෙය කියන ලද්දේ යයි දත යුතු වේ.

ඉති කායානුපස‍්සනාසතිපට‍්ඨානං සම‍්පයොගඞ‍්ගඤ‍්ජස‍්ස දස‍්සෙත්‍වා ඉදානි පහානඞ‍්ගං දස‍්සෙතුං විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති වුත‍්තං. තත්‍ථ විනෙය්‍යාති තදඞ‍්ගවිනයෙන වා වික‍්ඛම‍්භනවිනයෙන වා විනයිත්‍වා. ලොකෙති තස‍්මිංයෙව කායෙ. කායො හි ඉධ ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකොති අධිප‍්පෙතො. යස‍්මා පනස‍්ස න කායමත‍්තෙයෙව අභිජ‍්ඣාදොමනස‍්සං පහීයති, වෙදනාදීසුපි පහීයති එව. තස‍්මා “පඤ‍්චපි උපාදානක‍්ඛන්‍ධා ලොකො”ති විභඞ‍්ගෙ (විභ· 362) වුත‍්තං. ලොකසඞ‍්ඛාතත‍්තා වා තෙසං ධම‍්මානං අත්‍ථුද‍්ධාරනයෙනෙතං වුත‍්තං. යං පනාහ “තත්‍ථ කතමො ලොකො, ස‍්වෙව කායො ලොකො”ති, අයමෙවෙත්‍ථ අත්‍ථො. තස‍්මිං ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං විනෙය්‍යාති එවං සම‍්බන්‍ධො දට‍්ඨබ‍්බො.

මෙතෙකින් කායානුපස්සනා සතිපට්ඨානයෙහි යෙදිම නම් වූ අංගය ඔහුට දක්වා, දැන් (මෙතැන් සිට) (කායානුපස්සනා සතිපට්ඨානය) ඉවත් කිරීමේ අංගය දක්වනු පිණිස විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං යනුවෙන් කියන ලදී. එහි විනෙය්‍ය යනු කොටස් වශයෙන් හෝ තාවකාලික වශයෙන් යටපත් කොට යන අරුතයි. ලොකෙ = එම ශරීරයෙහිම මෙහිදී කැඩී බිඳී යන්නේය යන අර්ථයෙන් ශරීරය ලෝකය ලෙස අදහස් වේ. යම් සේ වනාහී අභිජ්ඣා දොමනස්සය (දැඩි ලෝභය හා දොම්නස) ප්‍රහීන වනුයේ කය පිළිබඳව පමණක් නොවේ ද, වේදනා ආදිය පිළිබඳව ද අභිජ්ඣා දොමනස්සය ප්‍රහීන වන්නේය. එබැවින් උපාදානස්කන්ධ පසම “ලෝකය” යයි විභඞ්ගයෙහිදි කියන ලදී. ලෝකය යන ව්‍යවහාරයට පැමිණි බැවින් හෝ ඒ ධර්මයන්ගේ අරුත් මතු කර ගැනීම් වශයෙන් හෝ මෙය කියන ලදී. කුමක් කියන ලද්දේද යත් - ලෝකය නම් කුමක්ද? තමාගේ ශරීරයම ලෝකය නම් වෙයි. මෙයම මෙහි අර්ථය වේ. එම ලෝකයෙහි අභිජ්ඣා දොමනස්සය හික්මවා ගත යුතුය. (පාලනය කර ගත යුතුය) යනුවෙන් මෙසේ සම්බන්ධය දැක්විය යුතු

වෙදනාසූති එත්‍ථ තිස‍්සො වෙදනා, තා ච ලොකියා එව, චිත‍්තම‍්පි ලොකියං, තථා ධම‍්මා. යථා පන වෙදනා අනුපස‍්සිතබ‍්බා, තථා අනුපස‍්සන‍්තො එස වෙදනානුපස‍්සීති වෙදිතබ‍්බො. එස නයො චිත‍්තධම‍්මෙසු. කථඤ‍්ච වෙදනා අනුපස‍්සිතබ‍්බාති? සුඛා තාව වෙදනා දුක‍්ඛතො, දුක‍්ඛා සල‍්ලතො, අදුක‍්ඛමසුඛා අනිච‍්චතො. යථාහ –

වේ. වෙදනාසු = මෙහි වේදනාව නම් ලෞකිකම වේ. සිත ද ලෞකික වේ. ස්වභාවයන්ද (ධර්මයන්ද) එසේය. යම් හෙයකින් වනාහී වේදනාව නුවණින් විමසා බැලිය යුතු වේද, එසේ වේදනාව නුවණින් විමසා බලන තැනැත්තා මොහු වේදනාව නුවණින් විමසා බලන තැනැත්තා යයි දත යුත්තේය. චිත්ත ධර්මයන්හි පිළිවෙළ මෙය වේ. කෙසේ නම් වේදනාව නුවණින් විමසා බැලිය යුතු වේද? සුඛ වින්දනයන් දුක් වශයෙනුත්, දුක් යනු ඇනෙන දෙයක් (උලක්) වශයෙනුත්, දුක හෝ සැප නොවන තත්ත්වය අනිත්‍ය වශයෙනුත් නුවණින් බැලිය යුතු වේ. එබැවින් මෙසේ කීය.

“යො සුඛං දුක‍්ඛතො අද‍්ද, දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො; අදුක‍්ඛමසුඛං සන‍්තං, අද‍්දක‍්ඛි නං අනිච‍්චතො; ස වෙ සම‍්මද‍්දසො භික‍්ඛු, උපසන‍්තො චරිස‍්සතී”ති.

යො සුඛං දුක්‍ඛතො අද්ද දුක්‍ඛ මද්දක්ඛි සල්ලතො අදුක්ඛ මසුඛං සන්තං අද්දක්ඛි නං අනිච්ච තො සවෙසමද්දසො භික්‍ඛු උපසන්තො චරිස්සතී ති

(සිංහලෙන් මෙසේ කිව හැක)

සුවය යනු දුකමය දුක වුව නුලක් වැනිමය, දුකින් සුවයෙන් තොර බවද අනියත වේමය මෙවන් යහ දසුනැති සමණ සුවෙන් හැසිරේ.

සබ‍්බා එව චෙතා දුක‍්ඛාතිපි අනුපස‍්සිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං “යංකිඤ‍්චි වෙදයිතං, සබ‍්බං තං දුක‍්ඛස‍්මින‍්ති වදාමී”ති (සං· නි· 4.259). සුඛදුක‍්ඛතොපි ච අනුපස‍්සිතබ‍්බා, යථාහ – “සුඛා ඛො, ආවුසො විසාඛ, වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක‍්ඛා”ති (ම· නි· 1.465) සබ‍්බං විත්‍ථාරෙතබ‍්බං. අපිච අනිච‍්චාදිසත‍්තඅනුපස‍්සනාවසෙනපි අනුපස‍්සිතබ‍්බා.

මේ සියලුම සිතුවිලි දුක් ලෙසින් දැකිය යුත්තේය. මෙසේ කියන ලද්දේ වෙයි. “විඳගනු ලබන්නාවූ යමක් වේද, ඒ සියල්ලම දුක් සහිත වේයයි කියමි” යනුවෙනි. “සැපය යනු දුකක්මය” යනුවෙන් ද නුවණින් බැලිය යුතුය. මෙසේ කියන ලද්දේ වෙයි. ඇවැත් විශාඛයෙනි. සුවය වනාහී වේදනා වශයෙන් ම සිටී. සුඛයේ විපරිණාමය දුකක්ම වේ යන ආදී වශයෙන් සියල්ල විස්තර කළ යුතුය. තව ද අනිත්‍ය ආදි සත නුවණින් මෙනෙහි කර බැලීම් වශයෙන් ද විමසිය යුතුය.

චිත‍්තධම‍්මෙසුපි චිත‍්තං තාව ආරම‍්මණාධිපතිසහජාතභූමිකම‍්මවිපාකකිරියාදිනානත‍්තභෙදානං අනිච‍්චාදිඅනුපස‍්සනානං සරාගාදීනඤ‍්ච භෙදානං වසෙන අනුපස‍්සිතබ‍්බං. ධම‍්මා සලක‍්ඛණසාමඤ‍්ඤලක‍්ඛණානං සුඤ‍්ඤතධම‍්මස‍්ස අනිච‍්චාදිසත‍්තඅනුපස‍්සනානං “සන‍්තං වා අජ‍්ඣත‍්තං කාමච‍්ඡන්‍ද”න‍්තිආදීනඤ‍්ච පභෙදානං වසෙන අනුපස‍්සිතබ‍්බා. සෙසං වුත‍්තනයමෙව. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන දීඝමජ‍්ඣිමට‍්ඨකථාසු (දී· නි· අට‍්ඨ· 2.373 ආදයො; ම· නි· අට‍්ඨ· 1.105 ආදයො) සතිපට‍්ඨානවණ‍්ණනායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

චිත්ත ධර්මයන්හිදී (චිත්ත ස්වභාවයන්හිදී) සිත වූ කලී අරමුණු පිළිබඳ අධිපති බව, උත්පත්තිය සමග ඇතිවීම, කර්මය විපාකය ක්‍රියාව ආදි විවිධ භේදයන්ගේද, අනිත්‍යතා ආදී ලෙසින් නුවණින් විමසා බලන්නවුන්ගේ ද, රාගය සහිත වූවන්ගේ ද යන ආදී භේදයන්ගේ වශයෙන් ද විමසා බැලිය යුතුය. ධර්මයන් වූ කලී ස්වලක්ෂණ හා සමාන ලක්ෂණයන්ගේ ද, ශූන්‍ය ධර්මයාගේ අනිත්‍යතා ආදී සත නුවණින් බලන්නවුන්ගේ ද. අධ්‍යාත්මය කාමච්ඡන්‍ද සහිතය යන ආදී ප්‍රභේදයන්ගේ ද වශයෙන් නුවණින් විමසා බැලිය යුතුය. සෙස්ස (පෙර) කියන ලද පිළිවෙළ අනුවම වේ. මෙය වනාහී මෙහි සංක්‍ෂෙපයයි. විස්තරය දීඝ හා මජ්ඣිම අට්ඨකථාවන්හි සතිපට්ඨාන වර්ණනාවන්හි දී කියන ලද පිළිවෙළ අනුවම දත යුත්තේය.