භික්ඛුසුත්තං
3. 1. 3.
3. 1. 3.
භික්ඛුසුත්තං
භික්ඛු සූත්‍රය
1181. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති”. එවමෙව පනිධෙකච්චෙ මොඝපුරිසා මමෙව අජ්ඣෙසන්ති ධම්මෙ ච භාසිතෙ මමෙව අනුබන්ධිතබ්බං මඤ්ඤන්තීති: “දෙසෙතු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං, දෙසෙතු සුගතො සඞ්ඛිත්තෙන ධම්මං, අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස අත්ථං ආජානෙය්යං, අප්පෙවනාමාහං භගවතො භාසිතස්ස දායාදො අස්සන්ති.”
1181. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නොපමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් එබඳු දහමක් මට සැකෙවින් දෙසන සේක්වා යි. මෙහි ඇතැම් හිස් පුරුෂයෝ මෙසේ ම මට ආරාධනා කෙරෙත්. දහම් දෙසූ කල්හි මා ම ලුහුබැඳිය යුතු කොට හඟිති යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ සැකෙවින් මට දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ දහම් අරුත දැනගන්නෙම් නම් ඉතා යෙහෙකැ. මම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පිළිබඳ දායාදයෙක් වන්නෙම් නම් ඉතා යෙහෙකැ යි.
තස්මාතිහ ත්වං භික්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු. කො ච ආදි කුසලානං ධම්මානං: සීලඤ්ච සුවිසුද්ධං, දිට්ඨි ච උජුකා. යතො ඛො තෙ භික්ඛු, සීලං සුවිසුද්ධං භවිස්සති, දිට්ඨි ච උජුකා, තතො ත්වං භික්ඛු, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සතිපට්ඨානෙ තිවිධෙන භාවෙය්යාසි. කතමෙ චත්තාරො: ඉධ ත්වං භික්ඛු, අජ්ඣත්තං කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. බහිද්ධා කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තබහිද්ධා කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං.
මහණ, එසේ නම් තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල් දහමුන්ගේ මුල කවරේද යත්: ඉතා පිරිසිදු ශීලයත් ඍජු වූ දෘෂ්ටියත්ය. මහණ, යම් කලෙක තොපගේ ශීලය ඉතා පිරිසිදු වන්නේ ද, දෘෂ්ටියත් ඍජු වන්නී ද එකල්හි මහණ තෙපි ශීලය ඇසුරු කොට ශීලයෙහි පිහිටා සතර සීවටන් තුන් අයුරෙකින් වඩන්නහු ය. කවර සිවුදෙනෙක් ද යත්: මහණ මෙහි තෙපි සිය කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙ වු. මෙරමා කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරුකොට වෙසෙවු. සිය මෙරමාකයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වැර ඇතිව මනා දැනු ම් ඇතිව සිහි ඇති ව කය ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු.
අජ්ඣත්තං වෙදනාසු -පෙ- බහිද්ධා වෙදනාසු -පෙ- අජ්ඣත්තබහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරාහි -පෙ- අජ්ඣත්තං චිත්තෙ -පෙ- බහිද්ධා චිත්තෙ -පෙ- අජ්ඣත්තබහිද්ධා චිත්තෙ චිත්තානුපස්සී විහරාහි -පෙ- අජ්ඣත්තං ධම්මෙසු -පෙ- බහිද්ධා ධම්මෙසු -පෙ- අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යතො ඛො ත්වං භික්ඛු, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං තිවිධෙන භාවෙස්සසි, තතො තුය්හං භික්ඛු, යා රත්ති වා දිවසො වා ආගමිස්සති වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානීති.
සිය වේදනාවන්හි … මෙරමා වේදනාවන්හි … සිය මෙරමා වේදනාවන්හි වේදනා අනුව බලනසුලු ව වෙසෙ වු ... සිය සිත්හි … මෙරමා සිත්හි … සිය මෙරමා සිත්හි සිත් අනුව බලනසුලු ව වෙසෙවු ... සිය දහම්හි ... මෙරමා දහම්හි … සිය මෙරමා දහම්හි දහම් අනු ව බලන සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, යම් කලෙක තෙපි සීලය ඇසුරු කොට සීලයෙහි පිහිටා මේ සිවු සීවටන් මෙසේ තුන් අයුරෙන් වඩන්නහු නම් මහණ එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම් කුසල්දහම්හි වැඩීමෙක් ම කැමති වියයුතු. පිරිහීමෙක් නොකැමැති වියයුතු.
අථ ඛො සො භික්ඛු භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සො භික්ඛු එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
ඉක්බිති ඒ මහණ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි ඒ මහණ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නොපමා ව කෙලෙස් තවන වැර ඇත්තේ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නොබෝ කලකින් ම කුලපුත්තු යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද්ද, මඟබඹසර කෙළවර වූ ඒ අනුත්තර අර්‍හත්ත්‍වය තෙමේ ම වෙසෙස්නුවණින් පසක් කොට ඊට පැමිණ විසී ය. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදී, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගත්තේ ය. ඒ මහණ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වී යයි.