සාලාසුත්තං
3. 1. 4.
3. 1. 4.
සාලාසුත්තං
සාලා සූත්‍රය
1182. එවං මෙ සුතං. එකං සමයං භගවා කොසලෙසු විහරති සාලායං බ්රාහ්මණගාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ වො භික්ඛවෙ, භික්ඛූ චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා. කතමෙසං චතුන්නං: එථ තුම්හෙ ආවුසො, කායෙ කායානුපස්සිනො විහරථ, ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා කායස්ස යථාභූතං ඤාණාය. වෙදනාසු වෙදනානුපස්සිනො විහරථ, ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා, වෙදනානං යථාභූතං ඤාණාය. චිත්තෙ චිත්තානුපස්සිනො විහරථ ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා චිත්තස්ස යථාභූතං ඤාණාය. ධම්මෙසු ධම්මානුපස්සිනො විහරථ, ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා ධම්මානං යථාභූතං ඤාණාය.
1182. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, අලුත පැවිදි වූ ළඟ දී මෙසස්නට පැමිණි යම් ඒ නවක භික්ෂූහු වෙත් නම් මහණෙනි, ඒ භික්ෂූහු තොප විසින් සිවුසීවටන් වඩනු පිණිස සමාදන් කරවිය යුතුවහ. වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සතරක් ද යත්: ඇවැත්නි, එව තෙපි කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව කය තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව වේදනාවන් තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු. සිත්හි සිත් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව සිත තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙ වු. දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව දහම් තතුසේ දැනුම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙවු.
යෙ’පි තෙ භික්ඛවෙ, භික්ඛූ සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති. තෙ’පි කායෙ කායානුපස්සිනො විහරන්ති, ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා කායස්ස පරිඤ්ඤාය. වෙදනාසු වෙදනානුපස්සිනො විහරන්ති -පෙ- වෙදනානං පරිඤ්ඤාය. චිත්තෙ චිත්තානුපස්සිනො විහරන්ති -පෙ- චිත්තස්ස පරිඤ්ඤාය; ධම්මෙසු ධම්මානුපස්සිනො විහරන්ති ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා ධම්මානං පරිඤ්ඤාය.
මහණෙනි, යම් ඒ භික්ෂු කෙනෙක් ශෛක්ෂ වූවාහු නොපැමිණි රහත්බව ඇත්තාහු අනුත්තරයෝගක්‍ෂේමය (නිවන) පතමින් වෙසෙත් ද, ඔහුත් කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇතිව වෙසෙසින් පහන්සිත් ඇති ව කය පිරිසිඳ දැනීම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙත්. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව … විඳුම් පිරිසිඳ දැනීම පිණිස වෙසෙත්. සිත්හි සිත් අනුව බලනසුලු ව … සිත් පිරිසිඳ දැනුම පිණිස වෙසෙත්. දහම්හි දහම් අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන්සිත් ඇති ව දහම් පිරිසිඳ දැනීම පිණිස සමාහිත ව ඒකාග්‍රචිත්ත ව වෙසෙත්.
යෙ’පි තෙ භික්ඛවෙ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤාවිමුත්තා. තෙ’පි කායෙ කායානුපස්සිනො විහරන්ති, ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා කායෙන විසංයුත්තා. වෙදනාසු වෙදනානුපස්සිනො විහරන්ති -පෙ- වෙදනාහි විසංයුත්තා. චිත්තෙ චිත්තානුපස්සිනො විහරන්ති -පෙ- චිත්තෙන විසංයුත්තා. ධම්මෙසු ධම්මානුපස්සිනො විහරන්ති ආතාපිනො සම්පජානා එකොදිභූතා විප්පසන්නචිත්තා සමාහිතා එකග්ගචිත්තා ධම්මෙහි විසංයුත්තා. යෙ’පි තෙ භික්ඛවෙ, භික්ඛූ නවා අචිරපබ්බජිතා අධුනාගතා ඉමං ධම්මවිනයං, තෙ වො භික්ඛවෙ, භික්ඛූ ඉමෙසං චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බාති.
මහණෙනි, රහත් වූ ක්ෂීණ වූ ආශ්‍රව ඇති වැස නිමවූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණිස්වාත්ථි සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය ඇති ක්ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ මහණ කෙනෙකුත් වෙත් නම් ඔහුත් කයෙහි කය අනු ව දක්නා සුලු ව වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟ වූ සිත් ඇති ව වෙසෙසින් පහන් සිත් ඇති ව සමාහිත ව ඒකාග්‍රචිත්ත ව කයින් වෙන් ව වෙසෙත්. විඳුම්හි විඳුම් අනුව බලනසුලු ව … විඳුමින් වෙන් ව වෙසෙත්. සිත්හි සිත් අනුව බලනසුලු ව … සිතින් වෙන් ව වෙසෙත්. දහම්හි දහම් අනු ව බලනසුලු ව වැර ඇති ව මනා දැනුම් ඇති ව එකඟසිත් ඇති ව වෙසෙසින් පහන්සිත් ඇති ව සමාහිත ව ඒකාග්‍රචිත්ත ව දහමින් වෙන් ව වෙසෙත්. මහණෙනි, යම් ඒ මහණ කෙනෙක් නවක ද, අලුත පැවිදි වූවාහු ද, මෙසස්නට ළඟ දී පැමිණියාහු ද මහණෙනි, ඔහු තොප විසින් සිවුසීවටන් වඩනු පිණිස සමාදන් කරවියයුතුවහ. වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ යි.