15. සමොධානපරිවාසො
15. සමොධානපරිවාසො
15. සමෝධාන පිරිවෙස
1. එවං ච පන භික්ඛවෙ පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො: තෙන භික්ඛවෙ උදායිනා භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමිත්වා -පෙ- එවමස්ස වචනීයො: අහං භන්තෙ එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචිං.
1. “මහණෙනි, පළමු ඇවැතට සමෝධාන පරිවාසය ද මෙසේ දිය යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ ... මෙසේ කියැ යුතු. “වහන්ස, මම් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය යැදීමි. -
තස්ස මෙ සඞ්ඝො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො’හං පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො’හං සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සනං යාචිං. තං මං සඞ්ඝො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො’හං භන්තෙ සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචාමීති. දුතියම්පි යාචිතබ්බො. තතියම්පි යාචිතබ්බො.
වහන්ස, සඞ්ඝ තෙමේ ඒ මට පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය දුන්නේ ය. ඒ මම් පිරිවෙස් වසනුයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැදීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. වහන්ස, ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස යදිමි” යනු යි. දෙවනු ද යැදිය යුතු ... තෙවනු ද යැදිය යුතු.
2. ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො:
2. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්වියැ යුතු:
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දදෙය්ය. එසා ඤත්ති.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්‍ෂපරිවාසය සඞ්ඝයා යැදී. සඞ්ඝ තෙම උදායී මහණහට පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසන්නේ, ඒ අතුරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයා ගෙන් මූලායපටිකස්සනාව යැදී ය. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව මේ කළේ ය. හේ සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට (පළමු ඇවැත පටන් කොට) සමෝධාන පිරිවෙස යදි. ඉඳින් සඞ්ඝයාට පැමිණි කල් ඇති කර්මයෙක් වේ නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් වූ, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙන්නේ ය. මේ ඥප්තිය යි.
3. සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. අයං උදායී භික්ඛු එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං. සො සඞ්ඝං එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං යාචි. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පක්ඛපටිච්ඡන්නාය පක්ඛපරිවාසං අදාසි. සො පරිවසන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සනං යාචි. සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලාය පටිකස්සි. සො සඞ්ඝං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං යාචති. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දෙති. යස්සායස්මතො ඛමති උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසස්ස දානං, සො තුණ්හස්ස. යස්ස නක්ඛමති සො භාසෙය්ය.
3. වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් පක්ෂ පිරිවෙස යැදී ය. සඞ්ඝ තෙම උදායී මහණහට පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පක්ෂ පිරිවෙස දුන්නේ ය. හේ පිරිවෙස වසනුයේ, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට ඒ අතරැ පැමිණියේ ය. හේ සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව යැද්දේ ය. සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. හේ සඞ්ඝයාගෙන් අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවත පටන් කොට සමෝධාන පිරිවෙස ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙයි. උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට පිරිවෙස දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම් හේ නිහඬ වන්නේ ය. යමකුට නො රිසියේ නම්, හේ කියන්නේ ය.
දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ-
දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...
දින්නො සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැත සඳහා පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. මෙසේ මෙය දරමි”.
සමොධානපරිවාසො නිට්ඨිතො.
සමෝධාන පිරිවෙස නිමියේ ය.