යෙදුමෙන් කියවන්න

16. මානත‍්තාරහමූලායපටිකස‍්සනාදි

16. මානත‍්තාරහමූලායපටිකස‍්සනාදි

16. මානත්තාරහමූලායපටිකස්සනාදිය

1. සො පරිවුත්‍ථපරිවාසො මානත‍්තාරහො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො භික‍්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පක‍්ඛපටිච‍්ඡන‍්නං -පෙ- සො’හං පරිවුත්‍ථපරිවාසො මානත‍්තාරහො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති? භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

1. හේ වුසූ පිරිවෙස් ඇත්තේ මානතට යෝග්‍ය වැ සිටියේ, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ භික්‍ෂූනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට යෝග්‍ය ව සිටියෙම්, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට ඒ අතරැ පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි කීයේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.

2. තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සිත්‍වා පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසං දෙතු. එවං ච පන භික‍්ඛවෙ මූලාය පටිකස‍්සිතබ‍්බො -පෙ-. එවං ච පන භික‍්ඛවෙ පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසො දාතබ‍්බො. -පෙ-

2. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) එසේ වී නම් මහණෙනි, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන් වූ අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, මෙසේ මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, පළමු ඇවැතට මෙසේ සමෝධාන පිරිවෙස දිය යුතු:

ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සංඝ තෙමේ දැන්විය යුතු:

3. “සුණාතු මෙ භන‍්තෙ -පෙ- සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සිත්‍වා පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසං දෙති. යස‍්සායස‍්මතො ඛමති -පෙ- සො තුණ‍්හස‍්ස, යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

3. “වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා ... සඞ්ඝ තෙමේ උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනා කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දෙයි ... යම් ආයුෂ්මතක්හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක් හට නොරිසියේ නම්, හේ කියාවා.

දුතියම‍්පි එතමත්‍ථං වදාමි තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-.

දෙවනු ද මේ කරුණ කියමි ... තෙවනු ද මේ කරුණ කියමි ...

දින‍්නො සඞ‍්ඝෙන උදායිස‍්ස භික‍්ඛුනො අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසො. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට පළමු ඇවැත පටන් කොට සමෝධාන පිරිවෙස දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනු යි.

මානත‍්තාරහමූලායපටිකස‍්සනාදි නිට‍්ඨිතො.

මානත්තාරහ මූලායපටිකස්සනාදිය නිමියේ ය.