යෙදුමෙන් කියවන්න

17. තිකාපත‍්තිමානත‍්තං

17. තිකාපත‍්තිමානත‍්තං

17. තිකාපත්තික මානත

1. සො පරිවුත්‍ථපරිවාසො භික‍්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පක‍්ඛපටිච‍්ඡන‍්නං. සො’හං සඞ‍්ඝං එකිස‍්සා ආපත‍්තියා -පෙ- පක‍්ඛපටිච‍්ඡන‍්නාය පක‍්ඛපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො, -පෙ- පක‍්ඛපරිවාසං අදාසි. සො’හං පරිවසන‍්තො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං -පෙ- පඤ‍්චාහපටිච‍්ඡන‍්නං, සො’හං සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා -පෙ- පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලායපටිකස‍්සනං යාචිං. තං මං සඞ‍්ඝො අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා -පෙ- පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සි. සො’හං පරිවුත්‍ථපරිවාසො මානත‍්තාරහො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං -පෙ- පඤ‍්චාහපටිච‍්ඡන‍්නං සො’හං භන‍්තෙ සඞ‍්ඝං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා -පෙ- පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසං යාචිං. තස‍්ස මෙ සඞ‍්ඝො අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා -පෙ- පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය -පෙ- සමොධානපරිවාසං අදාසි. සො’හං පරිවුත්‍ථපරිවාසො. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති? භගවතො එතමත්‍ථං ආරොචෙසුං:

1. හේ වුසූ පිරිවෙස් ඇතියේ, භික්‍ෂූනට “ඇවැත්නි, මම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පක්‍ෂයක් පිළිසන් ... එක් ඇවැතට පක්‍ෂ පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ ... පක්‍ෂ පිරිවෙස දුන. ඒ මම් පිරිවෙස් වසනුයෙම් ඒ අතරැ පස් දිනක් පිළිසන් ... එක් ඇවැතකට පැමිණියෙමි. ඒ මම් සඞ්ඝයාගෙන් පස් දිනක් පිළිසන් අතරැ අවන් ... එක් ඇවැතට ... මූලායපටිකස්සනාව ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ පස් දිනක් පිළිසන් අතරැ අවන් ... එක් ඇවැතට මූලායපටිකස්සනාව කෙළේ ය. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, මානතට සුදුසු වූයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් ... එක් ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් අතරැ අවන් පස් දිනක් පිළිසන් ... එක් ඇවැතට සඞ්ඝයාගෙන් පළමු ඇවැත හා එක් කොට සමෝධාන පිරිවෙස ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ අතරැ අවන් පස් දිනක් පිළිසන් ... ඇවැතට ... සමෝධාන පිරිවෙස දුන. ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ?” යි කීයේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට එ පවත් දැන්වූහ.

තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො තිස‍්සන‍්නං ආපත‍්තීනං ඡාරත‍්තං මානත‍්තං දෙතු. එවඤ‍්ච පන භික‍්ඛවෙ දාතබ‍්බං තෙන භික‍්ඛවෙ උදායිනා භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා -පෙ- එවමස‍්ස වචනීයො: අහං භන‍්තෙ එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පක‍්ඛපටිච‍්ඡන‍්නං -පෙ- සො’හං භන‍්තෙ පරිවුත්‍ථපරිවාසො සඞ‍්ඝං තිස‍්සන‍්නං ආපත‍්තීනං ඡාරත‍්තං මානත‍්තං යාචාමීති. දුතියම‍්පි යාචිතබ‍්බො. තතියම‍්පි යාචිතබ‍්බො.

(භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:) “මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයෙක මානත දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු: මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ මෙය කිය යුතු: “වහන්ස, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... වහන්ස, ඒ මම් වුසූ පිරිවෙස් ඇතියෙම්, තුන් ඇවැත්නට සඞ්ඝයා ගෙන් සරැයක මානත යදිමි” යනු යි. දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු.

2. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

2. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ (මෙසේ) දැන්වියැ යුතු:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පක‍්ඛපටිච‍්ඡන‍්නං. -පෙ- සො පරිවුත්‍ථපරිවාසො සඞ‍්ඝං තිස‍්සන‍්නං ආපත‍්තීනං ඡාරත‍්තං මානත‍්තං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො තිස‍්සන‍්නං ආපත‍්තීනං ඡාරත‍්තං මානත‍්තං දදෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය ... හේ වුසූ පිරිවෙස ඇතියේ තුන් ඇවැත්නට සඞ්ඝයා ගෙන් සරැයක මානත යදී. ඉදින් සඞ්ඝයාට මේ කර්‍මය ප්‍රාප්තකාල වේ නම්, සඞ්ඝ තෙම උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙන්නේ ය. මේ ඥප්තිය යි.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං උදායී භික‍්ඛු එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පක‍්ඛපටිච‍්ඡන‍්නං -පෙ- සො පරිවුත්‍ථපරිවාසො සඞ‍්ඝං තිස‍්සන‍්නං ආපත‍්තීනං ඡාරත‍්තං මානත‍්තං යාචති. සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො තිස‍්සන‍්නං ආපත‍්තීනං ඡාරත‍්තං මානත‍්තං දෙති. යස‍්සායස‍්මතො ඛමති උදායිස‍්ස භික‍්ඛුනො තිස‍්සන‍්නං ආපත‍්තීනං ඡාරත‍්තං මානත‍්තස‍්ස දානං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය. දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-

වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම පක්‍ෂයක් පිළිසන් වූ එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ වුසූ පිරිවෙස් ඇතියේ, තුන් ඇවැත්නට සඞ්ඝයාගෙන් සරැයක මානත යදී. සඞ්ඝ තෙමේ උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙයි. උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දීම යම් ආයුෂ්මතක් හට රිසියේ නම් හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම් හේ කියාවා. දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...

දින‍්නං සඞ‍්ඝෙන උදායිස‍්ස භික‍්ඛුනො තිස‍්සන‍්නං ආපත‍්තීනං ඡාරත‍්තං මානත‍්තං. ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් උදායී මහණහට තුන් ඇවැත්නට සරැයක මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනු යි.

තිකාපත‍්තිමානත‍්තං නිට‍්ඨිතං.

තිකාපත්තික මානත නිමියේ ය.