18. මානත්තචාරිකමූලායපටිකස්සනාදි
18. මානත්තචාරිකමූලායපටිකස්සනාදි
18. මානත්තචාරිකමූලායපටිකස්සනාදිය
1. සො මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජි සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. සො භික්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පක්ඛපටිච්ඡන්නං -පෙ- සො’හං මානත්තං චරන්තො අන්තරා එකං ආපත්තිං ආපජ්ජිං සඤ්චෙතනිකං සුක්කවිසට්ඨිං පඤ්චාහපටිච්ඡන්නං. කථං නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. තෙන හි භික්ඛවෙ සඞ්ඝො උදායිං භික්ඛුං අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය මූලායපටිකස්සිත්වා පුරිමාය ආපත්තියා සමොධානපරිවාසං දත්වා ඡාරත්තං මානත්තං දෙතු.
1. හෙ තෙම මානත පුරණුයේ, ඒ අතරැ පස්දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ මහණුනට “ඇවැත්නි, මම පක්ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් මානත පූරණයෙම් අතරෙහි පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි කීයේ ය. ඒ මහණහු මේ පවත් භාගසවතුන් වහන්සේට සැළ කළහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙන්ම උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට, පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දී, සරැයක මානත දේවා.
2. එවං ච පන භික්ඛවෙ මූලායපටිකස්සිතබ්බො. -පෙ- එවං ච පන භික්ඛවෙ පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො. -පෙ- එවං ච පන භික්ඛවෙ ඡාරත්තං මානත්තං දාතබ්බං -පෙ-. සඞ්ඝො උදායිස්ස භික්ඛුනො ඡාරත්තං මානත්තං දෙති. -පෙ-.
2. මහණෙනි, මෙසේත් මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේත් පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දියැ යුතු ... මහණෙනි, මෙසේත් සරැයක මානත දියැ යුතු ... සඞ්ඝ තෙමේ උදායී මහණහට සරැයෙක මානත දෙයි ...
දින්නං සඞ්ඝෙන උදායිස්ස භික්ඛුනො අන්තරා එකිස්සා ආපත්තියා සඤ්චෙතනිකාය සුක්කවිසට්ඨියා පඤ්චාහපටිච්ඡන්නාය ඡාරත්තං මානත්තං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමීති.
සඞ්ඝයා විසින් උදායී මහණහට අතරැ අවන් පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක මානත දෙන ලදි. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි යනු යි.
මානත්තචාරිකමූලායපටිකස්සනාදයො නිට්ඨිතා.
මානත්තචාරික මූලායපටිකස්සනාදීහු නිමියහ.