යෙදුමෙන් කියවන්න

19. අබ‍්භානාරහමූලායපටිකස‍්සනාදි

19. අබ‍්භානාරහමූලායපටිකස‍්සනාදි

19. අබ්භානාරහමූලායපටිකස්සනාදිය

1. සො චිණ‍්ණමානත‍්තො අබ‍්භානාරහො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජි සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. සො භික‍්ඛූනං ආරොචෙසි: අහං ආවුසො එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පක‍්ඛපටිච‍්ඡන‍්නං -පෙ- සො’හං චිණ‍්ණමානත‍්තො අබ‍්භානාරහො අන‍්තරා එකං ආපත‍්තිං ආපජ‍්ජිං සඤ‍්චෙතනිකං සුක‍්කවිසට‍්ඨිං පඤ‍්චාහපටිච‍්ඡන‍්නං. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො උදායිං භික‍්ඛුං අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය මූලාය පටිකස‍්සිත්‍වා පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසං දත්‍වා ඡාරත‍්තං මානත‍්තං දෙතු. එවං ච පන භික‍්ඛවෙ මූලායපටිකස‍්සිතබ‍්බො -පෙ-. එවං ච පන භික‍්ඛවෙ පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසො දාතබ‍්බො -පෙ-. එවං ච පන භික‍්ඛවෙ ඡාරත‍්තං මානත‍්තං දාතබ‍්බං -පෙ- සඞ‍්ඝො උදායිස‍්ස භික‍්ඛුනො ඡාරත‍්තං මානත‍්තං දෙති-පෙ-.

1. හේ පිරූ මානත ඇතියේ, අබ්භානයට යෝග්‍ය වැ සිටියේ, පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම භික්‍ෂූනට “ඇවැත්නි, මම් පක්‍ෂයක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි ... ඒ මම් පිරූ මානත ඇතියෙම්, අබ්භානයට යෝග්‍ය වූයෙම්, ඒ අතරැ පස් දිනක් පිළිසන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “එසේ නම් මහණෙනි, සඞ්ඝ තෙමේ උදායී මහණහට පස් දිනක් පිළිසන්, අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට මූලායපටිකස්සනාව කොට පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දී සරැයක මානත දේවා. මහණෙනි, මෙසේ ම මූලායපටිකස්සනාව කළ යුතු ... මහණෙනි, මෙසේ ම පළමු ඇවැතට සමෝධාන පිරිවෙස දිය යුතු ... මහණෙනි, මෙසේ ම සරැයක මානත දිය යුතු ... සඞ්ඝ තෙමේ උදායී මහණට සරැයක මානත දෙයි ...

දින‍්නං සඞ‍්ඝෙන උදායිස‍්ස භික‍්ඛුනො අන‍්තරා එකිස‍්සා ආපත‍්තියා සඤ‍්චෙතනිකාය සුක‍්කවිසට‍්ඨියා පඤ‍්චාහපටිච‍්ඡන‍්නාය ඡාරත‍්තං මානත‍්තං. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමීති.

සඞ්ඝයා විසින් උදායී මහණහට පස් දිනක් පිළිසන් අතරැ අවන් එක් සඤ්චේතනක සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් මානත දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.

අබ‍්භානාරහමූලායපටිකස‍්සනාදයො නිට‍්ඨිතා.

අබ්භානාරහ මූලායපටිකස්සනාදීහු නිමියහ.