යෙදුමෙන් කියවන්න

1. අග‍්ඝසමොධානපරිවාසො

1. අග‍්ඝසමොධානපරිවාසො

1. අග්ඝසමෝධාන පිරිවෙස

1. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපන‍්නො හොති. එකා ආපත‍්ති එකාහපටිච‍්ඡන‍්නා, එකා ආපත‍්ති ද‍්වීහපටිච‍්ඡන‍්නා, එකා ආපත‍්ති තීහපටිච‍්ඡන‍්නා, එකා ආපත‍්ති චතූහපටිච‍්ඡන‍්නා, එකා ආපත‍්ති පඤ‍්චාහපටිච‍්ඡන‍්නා, එකා ආපත‍්ති ඡාහපටිච‍්ඡන‍්නා, එකා ආපත‍්ති සත‍්තාහපටිච‍්ඡන‍්නා, එකා ආපත‍්ති අට‍්ඨාහපටිච‍්ඡන‍්නා, එකා ආපත‍්ති නවාහපටිච‍්ඡන‍්නා, එකා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා.

1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්නේ වෙයි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් දෙදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් තෙදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සිවුදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් පස්දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් සත් දිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් අටදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් නවදිනක් පිළිසන් ය. එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය.

2. සො භික‍්ඛූනං ආරොචෙසි: අහං ආවුසො සම‍්බහුලාසඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං. එකා ආපත‍්ති එකාහපටිච‍්ඡන‍්නා -පෙ- එකා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති? භගවතො එතමත්‍ථං ආරොචෙසුං: තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො තස‍්ස භික‍්ඛුනො තාසං ආපත‍්තීනං යා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා තස‍්සා අග‍්ඝෙන සමොධානපරිවාසං දෙතු. එවං ච පන භික‍්ඛවෙ දාතබ‍්බො: තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා -පෙ- එවමස‍්ස වචනීයො: “අහං භන‍්තෙ සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං. එකා ආපත‍්ති එකාහපටිච‍්ඡන‍්නා -පෙ- එකා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා. සො’හං භන‍්තෙ සඞ‍්ඝං තාසං ආපත‍්තීනං යා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා, තස‍්සා අග‍්ඝෙන සමොධානපරිවාසං යාචාමීති. දුතියම‍්පි යාචිතබ‍්බො. -පෙ- තතියම‍්පි යාචිතබ‍්බො. -පෙ-

2. හෙ තෙම “ඇවැත්නි, මම බොහෝ සඟවෙසස් ඇවැත්වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි මහණුනට සැළ කෙළේ ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළහ. (භාග්‍යවතුන් වහන්සේ මේ වදාළහ:) “මහණෙනි, එසේ නම් සංඝ තෙම ඒ මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් (ඒ ඇවැතේ ප්‍රමාණයෙන්) සමෝධාන පරිවාසය දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණහු විසින් සංඝයා වෙත එළඹ මෙසේ කිය යුතු: “වහන්ස මම බොහෝ සඟවෙසෙස් ඇවැත් වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. වහන්ස, ඒ මම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය සඟහු යදිමි” යනුයි. දෙවනුත් යැදිය යුතු ... තෙවනුත් යැදිය යුතු.

3. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

3. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා දැන්විය යුතු:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජි. එකා ආපත‍්ති එකාහපටිච‍්ඡන‍්නා -පෙ- එකා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං යා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා, තස‍්සා අග‍්ඝෙන සමොධානපරිවාසං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තාසං ආපත‍්තීනං යා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා, තස‍්සා අග‍්ඝෙන සමොධානපරිවාසං දදෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මෙ නම් ඇති මේ මහණ බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් දිනක් පිළිසන් එක් ඇවැතෙකි … එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පිරිවෙස සඟහු යදියි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල කර්‍මයෙක් වී නම්, සඞ්ඝ තෙම් මේ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය ය.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො: අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජි. එකා ආපත‍්ති එකාහපටිච‍්ඡන‍්නා -පෙ- එකා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං යා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා, තස‍්සා අග‍්ඝෙන සමොධානපරිවාසං යාචති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තාසං ආපත‍්තීනං යා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා තස‍්සා අග‍්ඝෙන සමොධානපරිවාසං දෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තාසං ආපත‍්තීනං යා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා තස‍්සා අග‍්ඝෙන සමොධානපරිවාසස‍්ස දානං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මෙනම් මහණ තෙම බොහෝ සහ වෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... එක් ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. ඒ මහණ එ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දස දිනක් පිළිසන් ද, එ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය සඟහු යදී. සඞ්ඝ තෙම මෙ නම් මහණහට යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසය දෙයි. මෙ නම් ඇති මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් සමෝධාන පරිවාසදානය යම් ආයුෂ්මතකුට අභිමත නම්, හෙ තෙම නිහඬ වේවා, යමකුට අනභිමත නම් හෙ තෙම කියාවා.

දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-. තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-.

දෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මෙ කරුණ කියමි ...

දින‍්නො සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තාසං ආපත‍්තීනං යා ආපත‍්ති දසාහපටිච‍්ඡන‍්නා, තස‍්සා අග‍්ඝෙන සමොධානපරිවාසො. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් මෙනම් මහණහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැතෙක් දසදිනක් පිළිසන් ද, ඒ ඇවැතේ අගයෙන් (ප්‍රමාණයෙන්) සමෝධාන පරිවාසය දෙන ලදී. සඞ්ඝයාට එය රිසියෙයි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ පිළිගණිමි.”

අග‍්ඝසමොධානපරිවාසො නිට‍්ඨිතො.

අග්ඝසමෝධානය පරිවාසය නිමි.