යෙදුමෙන් කියවන්න

2. චිරපටිච‍්ඡන‍්නඅග‍්ඝසමොධානපරිවාසො

2. චිරපටිච‍්ඡන‍්නඅග‍්ඝසමොධානපරිවාසො

2. චිරපටිච්ඡන්නඅග්ඝසමෝධාන පිරිවෙස

1. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපන‍්නො හොති: එකා ආපත‍්ති එකාහපටිච‍්ඡන‍්නා, ද‍්වෙ ආපත‍්තියො ද‍්වීහපටිච‍්ඡන‍්නායො, තිස‍්සො ආපත‍්තියො තීහපටිච‍්ඡන‍්නායො, චතස‍්සො ආපත‍්තියො චතූහපටිච‍්ඡන‍්නායො, පඤ‍්ච ආපත‍්තියො පඤ‍්චාහපටිච‍්ඡන‍්නායො, ඡ ආපත‍්තියො ඡාහපටිච‍්ඡන‍්නායො, සත‍්ත ආපත‍්තියො සත‍්තාහපටිච‍්ඡන‍්නායො, අට‍්ඨ ආපත‍්තියො අට‍්ඨාහපටිච‍්ඡන‍්නායො, නව ආපත‍්තියො නවාහපටිච‍්ඡන‍්නායො, දස ආපත‍්තියො දසාහපටිච‍්ඡන‍්නායො.

1. එ සමයෙහි එක්තරා මහණෙක් බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියේ ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය. දෙ ඇවැතෙක් දෙදිනක් පිළිසන් ය. තුන් ඇවැතෙක් තෙදිනක් පිළිසන් ය. සිවු ඇවැතෙක් සිවු දිනක් පිළිසන් ය. ඇවැත් පසෙක් පස් දිනක් පිළිසන් ය. ඇවැත් සයෙක් සදිනක් පිළිසන් ය. ඇවැත් සතෙක් සත් දිනක් පිළිසන් ය. ඇවැත් අටෙක් අට දිනක් පිළිසන් ය. ඇවැත් නවයෙක් නව දිනක් පිළිසන් ය. ඇවැත් දසයෙක් දස දිනක් පිළිසන් ය.

2. සො භික‍්ඛූනං ආරොචෙසි: අහං ආවුසො සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං. එකා ආපත‍්ති එකාහපටිච‍්ඡන‍්නා -පෙ- දස ආපත‍්තියො දසාහපටිච‍්ඡන‍්නායො. කථං නු ඛො මයා පටිපජ‍්ජිතබ‍්බන‍්ති? භගවතො එතමත්‍ථං ආරොචෙසුං. “තෙන හි භික‍්ඛවෙ, සඞ‍්ඝො තස‍්ස භික‍්ඛුනො තාසං ආපත‍්තීනං යා ආපත‍්තියො සබ‍්බචිරප‍්පටිච‍්ඡන‍්නායො තාසං අග‍්ඝෙන සමොධානපරිවාසං දෙතු. එවං ච පන භික‍්ඛවෙ දාතබ‍්බො: තෙන භික‍්ඛවෙ භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා -පෙ- එවමස‍්ස වචනීයො: අහං භන‍්තෙ සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජිං. එකා ආපත‍්ති එකාහපටිච‍්ඡන‍්නා -පෙ- දස ආපත‍්තියො දසාහපටිච‍්ඡන‍්නායො. සො’හං භන‍්තෙ සඞ‍්ඝං තාසං ආපත‍්තීනං යා ආපත‍්තියො සබ‍්බචිරපටිච‍්ඡන‍්නායො තාසං අග‍්ඝෙන සමොධානපරිවාසං යාචාමී”ති. දුතියම‍්පි යාචිතබ‍්බො -පෙ- තතියම‍්පි යාචිතබ‍්බො -පෙ-.

2. හෙ තෙම “ඇවැත්නි, මම් බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණියෙමි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... ඇවැත් දසයෙක් දසදිනක් පිළිසන් ය. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යී මහණනුනට කී ය. ඔහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. “මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ ඒ මහණහට ඒ ඇවැත් අතුරෙන් හැමට වැඩිකල් පිළිසන් යම් ඇවැත්හු වෙද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පිරිවෙස දේවා. මහණෙනි, සමෝධාන පිරිවෙස මෙසේ දිය යුතු: මහණෙනි, ඒ මහණ විසින්, සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට පෙරෙවැ ... මෙසේ කිය යුතු: “වහන්ස, මම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන්මි. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... දස ඇවැතෙක් දසදිනක් පිළිසන් ය. වහන්ස, ඒ මම් ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් පිළිසන් වූහු ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය සඞ්ඝයා යදිමි”යනු යි. දෙවනුත් යැදිය යුතු: ... තෙවනුත් යැදිය යුතු.

3. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

3. ව්‍යක්ත ප්‍රතිබල මහණකු විසින් සඞ්ඝයා මෙසේ දැන්විය යුතු:

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජි. එකා ආපත‍්ති එකාහපටිච‍්ඡන‍්නා -පෙ- දස ආපත‍්තියො දසාහපටිච‍්ඡන‍්නායො. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං යා ආපත‍්තියො සබ‍්බචිරපටිච‍්ඡන‍්නායො තාසං අග‍්ඝෙන සමොධානපරිවාසං යාචති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තාසං ආපත‍්තීනං යා ආපත‍්තියො සබ‍්බචිරපටිච‍්ඡන‍්නායො තාසං අග‍්ඝෙන සමොධානපරිවාසං දදෙය්‍ය. එසා ඤත‍්ති.

“වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මෙ නම් ඇති මේ භික්‍ෂු තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන් ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන් ය ... දස ඇවැතක් දසදිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය සඞ්ඝයා යදියි. ඉදින් කර්‍මය සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ මෙ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන්නේ ය. මේ ඥප්තිය ය.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජි එකා ආපත‍්ති එකාහපටිච‍්ඡන‍්නා -පෙ- දස ආපත‍්තියො දසාහපටිච‍්ඡන‍්නායො. සො සඞ‍්ඝං තාසං ආපත‍්තීනං යා ආපත‍්තියො සබ‍්බචිරපටිච‍්ඡන‍්නායො, තාසං අග‍්ඝෙන සමොධානපරිවාසං යාචති.

වහන්ස, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මෙ මේ භික්‍ෂූ තෙම බොහෝ සඟවෙසෙස් ඇවැත් අවන් ය. එක් ඇවැතෙක් එක් දිනක් පිළිසන්ය ... දස ඇවැතෙක් දස දිනක් පිළිසන් ය. හෙ තෙම ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය යදියි.

සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තාසං ආපත‍්තීනං යා ආපත‍්තියො සබ‍්බචිරපටිච‍්ඡන‍්න යො, තාසං අග‍්ඝෙන සමොධාන පරිවාසං දෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තාසං ආපත‍්තීනං යා ආපත‍්තියො සබ‍්බචිරපටිච‍්ඡන‍්නායො, තාසං අග‍්ඝෙන සමොධානපරිවාසස‍්ස දානං, සො තුණ‍්හස‍්ස. යස‍්ස නක‍්ඛමති, සො භාසෙය්‍ය.

සඞ්ඝ තෙම මෙ නම් භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත් හැමට වැඩිකල් පිළිසන් ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙයි. යම් ආයුෂ්මතකුට මෙ නම් ඇති භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් වැසුනාහු ද ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසයාගේ දීම අභිමත නම්, හෙ තෙම නිහඬ වේවා. යමකුට අනභිමත නම් හෙතෙම කියාවා.

දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ-.

දෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මේ කරුණ කියමි ...

දින‍්නො සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො තාසං ආපත‍්තීනං යා ආපත‍්තියො සබ‍්බචිරපටිච‍්ඡන‍්නායො තාසං අග‍්ඝෙන සමොධානපරිවාසො. ඛමති සඞ‍්ඝස‍්ස. තස‍්මා තුණ‍්හී. එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් මෙ නම් ඇති භික්‍ෂූහට ඒ ඇවැත් අතුරෙන් යම් ඇවැත්හු හැමට වැඩිකල් වැසුනෝ ද, ඒ ආපත්තීන්ගේ අගයෙන් සමෝධාන පරිවාසය දෙන ලදී. සඞ්ඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණ මෙසේ දරමි (පිළිගණිමි).

අග‍්ඝසමොධානං නිට‍්ඨිතං.

අග්ඝසමෝධානය නිමි.