යෙදුමෙන් කියවන්න

3. පරිවාසිකචත‍්තාළීසකං

3. පරිවාසිකචත‍්තාළීසකං

3. චත්තාළීසකය

1. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු පරිවසන‍්තො විබ‍්භමි. සො පුන පච‍්චාගන‍්ත්‍වා භික‍්ඛූ උපසම‍්පදං යාචි. භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

1. එ සමයෙහි වනාහි එක්තරා මහණෙක් පිරිවෙස් පුරණුයේ උපැවිදි ය. හෙ තෙම යලි පෙරළා අවුත් භික්‍ෂූන් උපසපුව යැදී. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළකළහ.

2. (1) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු පරිවසන‍්තො විබ‍්භමති. විබ‍්භන‍්තකස‍්ස භික‍්ඛවෙ පරිවාසො න රූහති. සො චෙ පුන උපසම‍්පජ‍්ජති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො, සුදින‍්නො. යො පරිවුත්‍ථො සුපරිවුත්‍ථො, අවසෙසො පරිවසිතබ‍්බො.

2. (1) “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පිරිවෙස් පුරණුයේ ගිහිබවට පෙරැළෙයි ද, මහණෙනි, ගිහිබවට පෙරැළුනහුට පිරිවෙස නො නගියි (නො යෙදෙයි). ඉදින් ඒ මහණ තෙම නැවත උපසන් වෙයි ද, ඒ මහණහට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දේ ය. යම් පිරිවෙසක් වුසූයේ ද, එය මැනැවින් වසනලද්දේය. ඉතිරි පිරිවෙස පිරිය යුතු.

(2) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු පරිවසන‍්තො සාමණෙරො හොති. සාමණෙරස‍්ස භික‍්ඛවෙ පරිවාසො න රූහති. සො චෙ පුන උපසම‍්පජ‍්ජති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො, සුදින‍්නො. යො පරිවුත්‍ථො සුපරිවුත්‍ථො, අවසෙසො පරිවසිතබ‍්බො.

(2) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරණුයේ හෙරණබවට පැමිණේ ද, හෙරණහට පිරිවෙස නො නගියි ඉදින් හෙ තෙම නැවත උපසම්පදාවට පැමිණෙයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසී ද, එය මනාව වසන ලද්දකි. සෙසු පිරිවෙස විසිය යුතු.

3. (3) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු පරිවසන‍්තො උම‍්මත‍්තකො හොති. උම‍්මත‍්තකස‍්ස භික‍්ඛවෙ පරිවාසො න රූහති. සො චෙ පුන අනුම‍්මත‍්තකො හොති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො, සුදින‍්නො යො පරිවුත්‍ථො, සුපරිවුත්‍ථො. අවසෙසො පරිවසිතබ‍්බො.

3. (3) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ උමතු වේ ද, මහණෙනි, උමතුවාට පිරිවෙස නොනගියි. ඉදින් හෙ තෙම නැවත නො උමතුවෙක් වේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසී ද, එය මනා ව පුරණ ලද්දකි. සෙසු පිරිවෙස පිරිය යුතු යි.

(4) ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛු පරිවසන‍්තො ඛිත‍්තචිත‍්තො හොති. ඛිත‍්තචිත‍්තස‍්ස භික‍්ඛවෙ, පරිවාසො න රූහති. සො චෙ පුන අක‍්ඛිත‍්තචිත‍්තො හොති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො, සුදින‍්නො. යො පුරිවුත්‍ථො සුපරිවුත්‍ථො, අවසෙසො පරිවසිතබ‍්බො.

(4) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ වික්‍ෂිප්ත චිත්තයෙක් (පෙරැළුන සිතැත්තෙක්) වෙයි ද, මහණෙනි, පෙරැළුන සිතැත්තහුට පිරිවෙස නොනගියි. ඉදින් එ මහණ තෙම නැවත පියෙවි සිතැත්තේ වේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මැනවින් දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසී ද, එය මනාව වසන ලද්දකි. ඉතිරිකාලය පිරිවෙස් පිරිය යුතු.

(5) ඉධ පන, භික‍්ඛවෙ, භික‍්ඛු පරිවසන‍්තො වෙදනට‍්ටො හොති. වෙදනට‍්ටස‍්ස භික‍්ඛවෙ පරිවාසො න රූහති. සො චෙ පුන අවෙදනට‍්ටො හොති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං -පෙ-

(5) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ වේදනාවෙන් පෙළෙන්නේ වේ ද, මහණෙනි, වේදනාවෙන් පෙළෙන්නාට පිරිවෙස නොනගී. ඉදින් හෙ තෙම නැවත වේදනාවෙන් නො පෙළෙන්නේ වේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දිම ම ය. ...

4. (6) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු පරිවසන‍්තො ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපීයති. උක‍්ඛිත‍්තකස‍්ස භික‍්ඛවෙ පරිවාසො න රූහති. සො චෙ පුන ඔසාරීයති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං -පෙ-

4. (6) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පිරිවෙස් පුරණුයේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණු ලැබේ ද, මහණෙනි, උකෙව්නිකම් කරණු ලැබුවහුට පිරිවෙස නො නැඟෙයි. ඉදින් හෙ තෙම නැවත ඇතුළත් කර ගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය ...

(7) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු පරිවසන‍්තො ආපත‍්තියා අප‍්පටිකම‍්මෙ උක‍්ඛිපීයති. උක‍්ඛිත‍්තකස‍්ස භික‍්ඛවෙ පරිවාසො න රූහති. -පෙ-

(7) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පිරිවෙස් පුරණුයේ ඇවැතට පිළියම් නොකිරීමෙහි උකෙව්නිකම් කරණු ලැබේ ද, මහණෙනි, උකෙව්නිකම් කරණු ලැබූවහුට පිරිවෙස නො නගියි ...

(8) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු පරිවසන‍්තො පාපිකාය දිට‍්ඨියා අප‍්පටිනිස‍්සග‍්ගෙ උක‍්ඛිපීයති. උක‍්ඛිත‍්තකස‍්ස භික‍්ඛවෙ පරිවාසො න රූහති. සො චෙ පුන ඔසාරීයති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො, සුදින‍්නො. යො පරිවුත්‍ථො සුපරිවුත්‍ථො. අවසෙසො පරිවසිතබ‍්බො.

(8) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ලාමකදෘෂ්ටිය නොදුරැලීමෙහි උකෙව්නිකම් කරණු ලැබේ ද, මහණෙනි, උකෙව්නිකම් කරණු ලැබුවහුට පිරිවෙස නො නගී. හෙතෙම නැවැත ඇතුළත් කර ගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දේය. යම් පිරිවෙසක් වසන ලද ද, ඒ මනාව වසන ලද්දේය. සෙසු කාලය පිරිවෙස් පිරිය යුතුය.

5. (9-16) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු මූලායපටිකස‍්සනාරහො විබ‍්භමති. විබ‍්භන‍්තකස‍්ස භික‍්ඛවෙ මූලායපටිකස‍්සනා න රූහති. සො චෙ පුන උපසම‍්පජ‍්ජති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො, සුදින‍්නො. යො පරිවුත්‍ථො, සුපරිවුත්‍ථො. සො භික‍්ඛු මූලාය පටිකස‍්සිතබ‍්බො. ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු මූලායපටිකස‍්සනාරහො සාමණෙරො හොති -පෙ- උම‍්මත‍්තකො හොති -පෙ- ඛිත‍්තචිත‍්තො හොති -පෙ- වෙදනට‍්ටො හොති -පෙ- ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපීයති -පෙ- ආපත‍්තියා අප‍්පටිකම‍්මෙ උක‍්ඛිපීයති -පෙ- පාපිකාය දිට‍්ඨියා අප‍්පටිනිස‍්සග‍්ගෙ උක‍්ඛිපීයති. උක‍්ඛිත‍්තකස‍්ස භික‍්ඛවෙ මූලායපටිකස‍්සනා න රූහති. සො චෙ පුන ඔසාරීයති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො, සුදින‍්නො. යො පරිවුත්‍ථො, සුපරිවුත්‍ථො. සො භික‍්ඛු මූලාය පටිකස‍්සිතබ‍්බො.

5. (9-16) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මූලායපටිකස්සනයට සුදුසු වූයේ සිවුරු හරී ද, මහණෙනි, සිවුරු හළහුට මූලායපටිකස්සනය නො යෙදෙයි. ඉදින් හෙතෙමේ උපසම්පදාව ලබා ද, ඒ මහණහට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනා ව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනා ව වැස නිමවිනි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇදිය යුතු. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මූලායපටිකස්සනයට සුදුසු වූයේ හෙරණෙක් වේ ද, ... උමතුවෙක් වේ ද, ... වික්‍ෂිප්ත සිතැත්තෙක් වේ ද, ... වේදනායෙන් පෙළෙන්නෙක් වේ ද, ... ඇවැත නො දැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරණු ලබා ද, ඇවැතට පිළියම් නො කිරීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලබා ද, ... ලාමකදාෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීයකර්‍මය කරණු ලබා ද, මහණෙනි, උකෙව්නිකම් කළහුට මූලායපටිකස්සනය නො යෙදෙයි. ඉදින් හෙතෙම නැවත ඇතුළත් කර ගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනා ව දෙන ලද්දේ ය. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව වැස නිමවිනි. ඒ මහණ තෙම් මුල් ඇවතට ඇදිය යුතු.

6. (17-24) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු මානත‍්තාරහො විබ‍්භමති. විබ‍්භන‍්තකස‍්ස භික‍්ඛවෙ මානත‍්තදානං න රූහති. සො චෙ පුන උපසම‍්පජ‍්ජති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො, සුදින‍්නො. යො පරිවුත්‍ථො, සුපරිවුත්‍ථො. තස‍්ස භික‍්ඛුනො මානත‍්තං දාතබ‍්බං. ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු මානත‍්තාරහො සාමණෙරො හොති -පෙ- උම‍්මත‍්තකො හොති -පෙ- ඛිත‍්තචිත‍්තො හොති -පෙ- වෙදනට‍්ටො හොති -පෙ- ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපීයති -පෙ- ආපත‍්තියා අප‍්පටිකම‍්මෙ උක‍්ඛිපීයති -පෙ- පාපිකාය දිට‍්ඨියා, අප‍්පටිනිස‍්සග‍්ගෙ උක‍්ඛිපීයති. උක‍්ඛිත‍්තකස‍්ස භික‍්ඛවෙ මානත‍්තදානං න රූහති. සො චෙ පුන ඔසාරීයති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො, සුදින‍්නො. යො පරිවුත්‍ථො, සුපරිවුත්‍ථො. තස‍්ස භික‍්ඛුනො මානත‍්තං දාතබ‍්බං.

6. (17-24) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මානත පිරීමට සුදුසු වූයේ උපැවිදි වෙයි ද, මහණෙනි, උපැවිදි වූවහුට මානත දීම නො යෙදෙයි. ඉදින් මහ තෙම් නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම් එසේ ම ය. යම් පිරිවෙසක් දෙනු ලැබී ද, එය මනා ව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මැනැවින් වැස නිමවිනි. ඒ මහණහට මානත දිය යුතු. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මානත පිරීමට සුදුසු වූයේ සාමණේරයෙක් වේ ද, ... උමතුවෙක් වේ ද ... වික්‍ෂිප්ත සිතැත්තෙක් වේ ද ... වේදනාවෙන් පෙළෙන්නෙක් වේ ද ... ඇවැත නො දැක් මෙහි උඛෙවිනිකම් කරණු ලබයි ද ... ඇවැතට පිළියම් නො කිරීමෙහි උඛෙව්නිකම් කරණු ලබයි ද, ලාමකදෘෂ්ටිය නො දුරලීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද, මහණෙනි, උඛෙව්නිකම් කළහුට මානත දීම නො යෙදෙයි. ඉදින් හෙතෙම නැවත ඇතුළත් කරගණු ලැබේ ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම් එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනා ව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව වැස වැස නිමවිනි. ඒ මහණහට මානත දිය යුතු.

7. (25) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු මානත‍්තං චරන‍්තො විබ‍්භමති. විබ‍්භන‍්තකස‍්ස භික‍්ඛවෙ මානත‍්තචරියා න රූහති. සො චෙ පුන උපසම‍්පජ‍්ජති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො, සුදින‍්නො. යො පරිවුත්‍ථො, සුපරිවුත්‍ථො. යං මානත‍්තං දින‍්නං සුදින‍්නං. යං මානත‍්තං චිණ‍්ණං, සුචිණ‍්ණං. අවසෙසං චරිතබ‍්බං.

7. (25) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ මානන පුරන්නේ උපැවිදි වෙයි ද, මහණෙනි, උපවැදී වූවහුට මානත පිරීම නො යෙදේ. ඉදින් හෙතෙම නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව වැස නිමවිනි. යම් මානතක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් මානතක් පුරණ ලද ද, එ මනාව පුරණ ලද්දකි. සෙස්ස පිරිය යුතු.

8. (26-32) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු මානත‍්තං චරන‍්තො සාමණෙරො හොති -පෙ-. උම‍්මත‍්තකො හොති -පෙ-. ඛිත‍්තචිත‍්තො හොති -පෙ-. වෙදනට‍්ටො හොති -පෙ- ආපත‍්තියා අදස‍්සනෙ, උක‍්ඛිපීයති -පෙ- ආපත‍්තියා අප‍්පටිකම‍්මෙ උක‍්ඛිපීයති -පෙ-. පාපිකාය දිට‍්ඨියා අප‍්පටිනිස‍්සග‍්ගෙ උක‍්ඛිපීයති. උක‍්ඛිත‍්තකස‍්ස භික‍්ඛවෙ මානත‍්තචරියා න රූහති. සො චෙ පුන ඔසාරීයති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො සුදින‍්නො. යො පුරිවුත්‍ථො සුපරිවුත්‍ථො. යං මානත‍්තං දින‍්නං සුදින‍්නං. යං මානත‍්තං චිණ‍්ණං සුචිණ‍්ණං. අවසෙසං චරිතබ‍්බං.

8. (26-32) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මානත පුරන්නේ සාමණේරයෙක් වෙයි ද ... උම්මත්තකයෙක් වෙයි ද ... පෙරළුණු සිතැත්තෙක් වෙයි ද ... වේදනාවෙන් පෙළෙන්නෙක් වෙයි ද ... ඇවත නො දැක්මෙහි උකෙව්නිකම් කරණු ලබයි ද ... ඇවතට පිළියම් නො කිරීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද ... ලාමකදෘෂ්ටිය නො දුරලීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද, මහණෙනි, උක්‍ෂේපනීයකර්‍මය කරණු ලැබුවහුට මානත පිරීම නො යෙදෙයි. ඉදින් හෙතෙම නැවත ඔසාරණකම් කරණු ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දුන්නේ ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනාව විසිනි. යම් මානතක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් මානතක් පුරණ ලද ද, එය මනාව පුරණ ලද්දකි. මානත්ශේෂය පිරිය යුතු යි.

9. (33) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු අබ‍්භානාරහො විබ‍්භමති, විබ‍්භන‍්තකස‍්ස භික‍්ඛවෙ අබ‍්භානං න රූහති. සො චෙ පුන උපසම‍්පජ‍්ජති. තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො සුදින‍්නො. යො පරිවුත්‍ථො සුපරිවුත්‍ථො. යං මානත‍්තං දින‍්නං සුදින‍්නං. යං මානත‍්තං චිණ‍්ණං සුචිණ‍්ණං. සො භික‍්ඛු අබ‍්භෙතබ‍්බො.

9. (33) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ අබ්භානකර්‍මයට සුදුසු වූයේ උපැවිදි වෙයි ද, මහණෙනි, උපැවිදි වූවහුට අබ්භාන කර්‍මය නො යෙදෙයි. ඉදින් හෙ තෙම නැවත උපසම්පදාව ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම. එසේ ම ය. යම් පිරිවෙසක් දෙනලද ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනා ව වැස නිමවිනි. යම් මානතක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් මානතක් පුරණ ලද ද, එය මනාව පුරණ ලද්දකි. ඒ මහණ තෙමේ (අබ්භාන කර්‍මයෙන්) ඇතුළත් කර ගත යුතුයි.

10. (34-40) ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු අබ‍්භානාරහො සාමණෙරො හොති. -පෙ- උම‍්මත‍්තකො හොති -පෙ- ඛිත‍්තචිත‍්තො හොති -පෙ- වෙදනට‍්ටො හොති -පෙ- ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපීයති -පෙ- ආපත‍්තියා අප‍්පටිකම‍්මෙ උක‍්ඛිපීයති -පෙ-. පාපිකායදිට‍්ඨියා අප‍්පටිනිස‍්සග‍්ගෙ උක‍්ඛිපීයති, උක‍්ඛිත‍්තකස‍්ස භික‍්ඛවෙ අබ‍්භානං න රූහති. සො චෙ පුන ඔසාරීයති, තස‍්ස තදෙව පුරිමං පරිවාසදානං. යො පරිවාසො දින‍්නො සුදින‍්නො. යො පරිවුත්‍ථො සුපරිවුත්‍ථො. යං මානත‍්තං දින‍්නං සුදින‍්නං. යං මානත‍්තං චිණ‍්ණං සුචිණ‍්ණං. සො භික‍්ඛු අබ‍්භෙතබ‍්බො.

10. (34-40) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ අබ්භානකර්‍මයට සුදුසු වූයේ හෙරණෙක් වෙයි ද ... උමතුවෙක් වෙයි ද ... වික්‍ෂිප්ත සිතැත්තෙක් වෙයි ද, ... වේදනාවෙන් පෙළුනෙක් වෙයි ද ... ඇවැත නො දැක්මෙහි උක්‍ෂේපනීයකර්‍මය කරණු ලබයි ද ... ඇවැතට පිළියම් නො කිරීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද ... ලාමකදෘෂ්ටිය නො දුරලීමෙහි උකෙව්නිකම් කරණු ලබයි ද, මහණෙනි, උක්‍ෂේපනීයකර්‍මය කරණු ලැබුවහුට අබහාන කර්‍මය නො යෙදෙයි. ඉදින් හෙතෙම නැවත ඔසාරණ කර්‍මය කරණු ලබයි ද, ඔහුට ඒ පළමු පිරිවෙස් දීම එසේ ම ය. යම් පිරිවෙසක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් පිරිවෙසක් විසිනි ද, එය මනා ව වැස නිමවිනි. යම් මානතක් දෙන ලද ද, එය මනාව දෙන ලද්දකි. යම් මානතක් පුරණ ලද ද, එය මනාව පුරණ ලද්දකි. ඒ මහණ තෙම (අබ්භාන කර්‍මයෙන්) ඇතුළත් කර ගත යුතු යි.

පාරිවාසික චත‍්තාළීසකං සමත‍්තං.

පාරිවාසික සතළිස නිමි.