යෙදුමෙන් කියවන්න

4. පරිවාස ඡත‍්තිංසකං

4. පරිවාස ඡත‍්තිංසකං

4. පිරිවෙස් සතිස

1. ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණා අපටිච‍්ඡන‍්නායො, සො භික‍්ඛු මූලාය පටිකස‍්සිතබ‍්බො.

1. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ, ඒ අතර ප්‍රමාණයක් ඇති පිළිසන් නො වූ බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු.

2. ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායො පටිච‍්ඡන‍්නායො, සො භික‍්ඛු මූලායපටිකස‍්සිතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නානඤ‍්චස‍්ස ආපත‍්තීනං පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසො දාතබ‍්බො.

2. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ ඒ අතර ප්‍රමාණයක් ඇති පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි, ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු, ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.

3. ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායො පටිච‍්ඡන‍්නායො’පි අපටිච‍්ඡන‍්නායො’පි. සො භික‍්ඛු මූලායපටිකස‍්සිතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නානඤ‍්චස‍්ස ආපත‍්තීනං පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසො දාතබ‍්බො.

3. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම පිරිවෙස් පුරන්ගෙන් ඒ අතර ප්‍රමාණයක් ඇති පිළිසන් වූ ද නො පිළිසන් වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි ද, ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු යි. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධාන පරිවාසය දිය යුතු.

4.9. ඉධ පන භික‍්ඛවෙ භික‍්ඛු පරිවසන‍්තො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති. අපරිමාණායො අපටිච‍්ඡන‍්නායො -පෙ-. අපරිමාණායො පටිච‍්ඡන‍්නායො -පෙ- අපරිමාණායො පටිච‍්ඡන‍්නායො’පි අපටිච‍්ඡන‍්නායො’පි -පෙ- පරිමාණායො’පි අපරිමාණායො’පි අපටිච‍්ඡන‍්නායො -පෙ- පරිමාණායො’පි අපරිමාණායො’පි පටිච‍්ඡන‍්නායො -පෙ- පරිමාණායො’පි අපරිමාණායො’පි පටිච‍්ඡන‍්නායො’පි අපටිච‍්ඡන‍්නායො’පි, සො භික‍්ඛු මූලායපටිකස‍්සිතබ‍්බො. යථාපටිච‍්ඡන‍්නානඤ‍්චස‍්ස ආපත‍්තීනං පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසො දාතබ‍්බො.

4-9. මහණෙනි, මේ ශාසනයෙහි, මහණ තෙම පිරිවෙස් පුරන්නේ ඒ අතර ප්‍රමාණයක් නැති නො පිළිසන් වූ ... අප්‍රමාණ වූ පිළිසන් වූ ... ප්‍රමාණයක් නැති පිළිසන් වූ ද තො පිළිසන් වූ ද … ප්‍රමාණයක් ඇත්තා වූ ද, ප්‍රමාණයක් නැත්තා වූ ද නො පිළිසන් වූ (ඇවැතුන්ට) ප්‍රමාණයක් ඇත්තාවූද ප්‍රමාණයක් නැත්තාවූ ද පිළිසන් (ඇවැත්වලට) ප්‍රමාණයක් ඇත්තාවූ ද පමණක් නැත්තා වූ ද, පිළිසන් වූ ද, නො පිළිසන් වූ ද ඇවැත්වලට පැමිණෙයි. ... මහණෙනි, ඒ මහණ තෙම මුල් ඇවැතට ඇදීම කළ යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.

10-36 ඉධ පන, භික‍්ඛවෙ, භික‍්ඛු මානත‍්තාරහො -පෙ-. මානත‍්තං චරන‍්තො -පෙ- අබ‍්භානාරහො අන‍්තරා සම‍්බහුලා සඞ‍්ඝාදිසෙසා ආපත‍්තියො ආපජ‍්ජති පරිමාණායො අපටිච‍්ඡන‍්නායො -පෙ- පරිමාණායො පටිච‍්ඡන‍්නායො -පෙ-. පරිමාණායො පටිච‍්ඡන‍්නායො’පි අපටිච‍්ඡන‍්නායො’පි -පෙ-. අපරිමාණායො අපටිච‍්ඡන‍්නායො -පෙ-. අපරිමාණායො පටිච‍්ඡන‍්නායො -පෙ-. අපරිමාණායො පටිච‍්ඡන‍්නායො’පි අපටිච‍්ඡන‍්නායො’පි -පෙ-. පරිමාණායො’පි අපරිමාණායො’පි අපටිච‍්ඡන‍්නායො -පෙ-. පරිමාණායො’පි අපරිමාණායො’පි පටිච‍්ඡන‍්නායො -පෙ-. පරිමාණායො’පි අපරිමාණායො’පි පටිච‍්ඡන‍්නායො’පි අපටිච‍්ඡන‍්නායො’පි. සො භික‍්ඛු මූලායපටිකස‍්සිතබ‍්බො. යථා පටිච‍්ඡන‍්නානඤ‍්චස‍්ස ආපත‍්තීනං පුරිමාය ආපත‍්තියා සමොධානපරිවාසො දාතබ‍්බො.

10-36. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මානත පිරීමට සුදුසු වූයේ ... මානත පුරන්නේ ... අබ්භානකර්‍මයට සුදුසු වූයේ ඒ අතර ප්‍රමාණයක් ඇති නො පිළිසන් වූ බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි ද ... ප්‍රමාණයක් ඇති පිළිසන් වූ (ඇවැත්වලට) ... ප්‍රමාණයක් ඇති පිළිසන් වූ ද නො පිළිසන් වූ ද (ඇවැත්වලට) ... ප්‍රමාණයක් නැති පිළිසන් ඇවැත්වලට ... ප්‍රමාණ රහිත පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත්වලට ... ප්‍රමාණයක් ඇත්තාවූ ද ප්‍රමාණයක් නැත්තා වූ ද නො පිළිසන් ඇවැත්වලට ... ප්‍රමාණයක් ඇත්තා වූ ද ප්‍රමාණයක් නැත්තා වූ ද, පිළිසන් ඇවැත්වලට ... ප්‍රමාණයක් ඇත්තාවූ ද ප්‍රමාණයක් නැත්තාවූ ද පිළිසන්වූද නො පිළිසන්වූ ද බොහෝ සඟවෙසෙස් ඇවැත්වලට පැමිණෙයි. ඒ මහණතෙම මුල්ඇවැතට ඇදීම කළ යුතු. ඒ මහණහට පළමු ඇවැත මග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.

ඡත‍්තිංසකං සමත‍්තං.

පිරිවෙස් සතිස නිමි.