6. මූලායපටිකස්සනචතුස්සතකං
6. මූලායපටිකස්සනචතුස්සතකං
6. මූලායපටිකස්සන සිවුසියය
1. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා විබ්භමති. සො පුන උපසම්පන්නො තා ආපත්තියො නච්ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො.
1. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ, ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් නො කොට ශාසනයෙන් ච්‍යුත වෙයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙම මුල්ඇවතට ඇදීම කළ යුතු.
2. ඉධ පන භික්ඛවෙ, භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා විබ්භමති. සො පුන උපසම්පන්නො තා ආපත්තියො ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථා පටිච්ඡන්නානං චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
2. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් නො කොට සිවුරු හැර යයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් සඟවයි. ඒ මහණතෙම් මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධානපරිවාසය දිය යුතු.
3. ඉධ පන භික්ඛවෙ, භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා පටිච්ඡාදෙත්වා විබ්භමති. සො පුන උපසම්පන්නො තා ආපත්තියො නච්ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. පටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
3. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් කොට සිවුරු හැර යයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇදිය යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධාන පරිවාසය දිය යුතු,
4. ඉධ පන භික්ඛවෙ, භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා පටිච්ඡාදෙත්වා විබ්භමති. සො පුන උපසම්පන්නො තා ආපත්තියො ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
4. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවැද පිළිසන් කොට සිවුරු හැර යයි. හෙතෙමේ නැවත උපසපන් වූයේ ඒ ඇවැත් සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැත්නට සමෝධානපරිවාසය දිය යුතු.
5. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායො’පි අපටිච්ඡන්නායො’පි. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නච්ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
5. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. ඒ මහණහට පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වේ. හෙතෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සැඟෙවූ ඇවැත් පසු ව නො සඟවයි. පළමු නො සැඟෙ වූ ඇවැත් පසුව ද නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමඟ පිළිසන් ඇවැත්නට සමෝධාන පරිවාසය දිය යුතු.
6. ඉධ පන භික්ඛවෙ, භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායො’පි අපටිච්ඡන්නායො’පි. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
6. මහණෙනි, මෙහි මහණ තෙම් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. ඒ මහණහට පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වෙයි. හෙතෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු සැඟෙවූ ඇවැත් පසු ව නො සඟවයි. පළමු නො සැඟෙවූ ඇවැත් පසු ව සඟවයි. ඒ මහණතෙම මුල් ඇවැතට ඇදිය යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධාන පරිවාසය දිය යුතු.
7. ඉධ පන භික්ඛවෙ, භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායො’පි අපටිච්ඡන්නායො’පි. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ නච්ඡාදෙසි තා ආපත්තියො පච්ඡා නච්ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
7. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදී. ඒ මහණහුගේ පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වෙයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සැඟෙවූ ඇවැත් පසුවත් සඟවයි. පෙර නො සැඟෙවූ ඇවැත් පසුවත් නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළිසන් ඇවැත්නට සමෝධානපරිවාසය දිය යුතු.
8. ඉධ පන භික්ඛවෙ, භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායො’පි අපටිච්ඡන්නායො’පි. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ඡාදෙසි තා ආපත්තියො පච්ඡා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
8. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ, ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඒ මහණහුගේ පිළිසන් වූ ද පිළිසන් නො වූ ද ඇවැත් වෙයි. ඒ මහණ තෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සැඟෙවූ ඇවැත් පසුව සඟවයි. පළමු නො සැඟෙවූ ඇවැත් පසු ව සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
9. ඉධ පන භික්ඛවෙ, භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති. යා ආපත්තියො ජානාති තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො න ජානාති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ජානිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අජානිත්වා නච්ඡාදෙසි තා ආපත්තියො පච්ඡා ජානිත්වා නච්ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
9. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනී ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නො දනී ද ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ සිවුරු හැර නැවත උපසපන් වූයේ පළමු දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. පළමු නො දැන නො සැඟවූ ඇවැත් පසුව දැන නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
10. ඉධ පන භික්ඛවෙ, භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති. යා ආපත්තියො ජානාති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො න ජානාති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ජානිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අජානිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
10. මහණෙනි, මෙහි මහණ තෙම පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත්නට පැමිණෙයි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද, ඒ ඇවැත් වසයි. යම් ඇවැත් නො දනී ද, ඒ ඇවැත් නො වසයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ, පෙර දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. පෙර නො දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළියන් ඇවැතුන්ට සමෝධාන පිරිවෙස දිය යුතු.
11. ඉධ පන භික්ඛවෙ, භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො ජානාති. එකච්චා ආපත්තියො න ජානාති. යා ආපත්තියො ජානාති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො න ජානාති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ජානිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අජානිත්වා නච්ඡාදෙසි තා ආපත්තියො පච්ඡා ජානිත්වා නච්ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
11. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දැනියි. යම් ඇවැත් දනියි ද ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නො දනී ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ ශාසනයෙන් ච්‍යුත ව නැවත උපසපන් වූයේ පළමු දැන සැඟ වූ ඒ ඇවැත් පසුව දැන ද සඟවයි. පළමු නො දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දිය යුතු.
12. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති. යා ආපත්තියො ජානාති තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො න ජානාති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ ජානිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අජානිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා ජානිත්වා ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
12. මහණෙනි, මෙහි මහණ තෙමේ පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් දනියි. ඇතැම් ඇවැත් නො දනියි. යම් ඇවැත් දනියි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් නො දනියි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ, පළමු දැන සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. පළමු නො දැන නො සැඟෙවූ ඇවැත් පසු ව දැන සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැතුන්ට සමෝධානපරිවාසය දියයුතු.
13. ඉධ පන, භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති. එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අස්සරිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
13. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. (ඔවුන් අතරින්) ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණතෙම සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. ඒ මහණ තෙම මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
14. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති. එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අස්සරිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
14. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවූ ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. ඒ මහණ තෙමේ මූලායපටිකස්සනය කළයුතු වේ. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පරිවාසය ද දිය යුතු.
15. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අස්සරිත්වා නච්ඡාදෙසි. තා ආපත්තියො පච්ඡා සරිත්වා නච්ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
15. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත් සිහි නො කරයි ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවු ඇවැත් පසු ව සිහි කොට නො සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පරිවයාසය ද දිය යුතු.
16. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චා ආපත්තියො සරති. එකච්චා ආපත්තියො නස්සරති. යා ආපත්තියො සරති, තා ආපත්තියො ඡාදෙති. යා ආපත්තියො නස්සරති, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ සරිත්වා ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ අසරිත්වා නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා සරිත්වා ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
16. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත් සිහි කරයි. ඇතැම් ඇවැත් සිහි නො කරයි. යම් ඇවැත් සිහි කරයි ද, ඒ ඇවැත් නො සහවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර සිහි කොට සැඟවු ඇවැත් පසු ව සිහි කොට සඟවයි. පෙර සිහි නො කොට නො සැඟවූ ඇවැත් පසු ව සිහි කොට සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
17. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො. එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
17. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟ වෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ ය. යම් ඇවැත්හි විමති නැත්තේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි. මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව යම් ඇවැත් සැඟවී ද, ඒ ඇවැත් පසු ව විමති නැත්තේ නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවත් පසු ව විමති නැති ව නො සඟවයි. ඒ මහණතෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධානපරිවාසය ද දිය යුතු.
18. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො. එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
18. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වෙයි. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වෙයි. යම් ඇවැත්හි විමති නැත්තේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ සිවුරු හැර නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව සැඟවු ඇවැත් පසු ව විමති නැත්තේ නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවු ඇවැත් පසු ව විමති නැත්තේ සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධානපරිවාසය ද දිය යුතු.
19. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො. එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
19. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ ය. යම් ඇවැත්හි විමති නැත්තේ ද, ඒ ඇවැත් සඟවයි. යම් ඇවැත්හි විමති ඇත්තේ ද, ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව යම් ඇවැත් සැඟවී ද, පසු ව ඒ ඇවැත් විමති නැති ව සඟවයි. පෙර විමතී ඇති ව යම් ඇවැත් නො සැඟවී ද, පසු ව විමති නැති ව ඒ ඇවැත් නො සඟවයි. ඒ මහණ තෙමේ මුලට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
20. ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජති. එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො. එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො, තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො, තා ආපත්තියො නච්ඡාදෙති. සො විබ්භමිත්වා පුන උපසම්පන්නො යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
20. මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරන්නේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් අවදියි. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ ය. ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ ය. විමති නැති ඇවැත් සඟවයි. විමති ඇති ඇවැත් නො සඟවයි. හෙතෙමේ උපැවිදි ව නැවත උපසපන් වූයේ පෙර විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව ද විමති නැති ව සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. ඒ මහණතෙමේ මුලට ඇද්ද යුතු. ඒ මහණහට පළමු ඇවැත සමග පිළිසන් ඇවත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
[21-40.] ඉධ පන භික්ඛවෙ භික්ඛු පරිවසන්තො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා සාමණෙරො හොති -පෙ-. (යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං) (41-60) උම්මත්තකො හොති -පෙ-. (යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං) (61-80) ඛිත්තචිත්තො හොති -පෙ-. (යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං) (81-100) වෙදනට්ටො හොති -පෙ-. (යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං) තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි -පෙ-. (යථා හෙට්ඨා තථා විත්ථාරෙතබ්බං) එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති -පෙ-. එකච්චා ආපත්තියො සරති, එකච්චා ආපත්තියො නස්සරති -පෙ- එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො, එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති. යාසු ආපත්තීසු වෙමතිකො, තා ආපත්තියො නච්ඡාදෙති. සො වෙදනට්ටො හොති. සො පුන අවෙදනට්ටො හුත්වා යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. සො භික්ඛු මූලායපටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
[21-40.] මහණෙනි, මෙහි මහණෙක් පිරිවෙස් පුරණුයේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවත් ඇවද පිළිසන් නො කොට හෙරණක් වෙයි ... [යට කී පරිදි විස්තර කට යුතු.] [41-60] උමතුවෙක් වෙයි ... [යට කී පරිදි විස්තර කට යුතු.] [61-80] පෙරලුනු සිතැතියෙක් වෙයි ... [යට කී පරිදි විස්තර කට යුතු] [81-100] වේදනායෙන් පෙළෙන්නෙක් වෙයි. ඔහුට පිළිසන් වූ ද, පිළිසන් නො වූ ද ඇවැත් වේ ... [යට කී පරිදි විස්තර කට යුතු...] ඇතැම් ඇවැත් දනී. ඇතැම් ඇවැත් නො දනී ... ඇතැම් ඇවැත් සමරයි. ඇතැම් ඇවැත් නො සමරයි ... ඇතැම් ඇවැත්හි විමති ඇත්තේ වේ. ඇතැම් ඇවැත්හි විමති නැත්තේ වේ. විමති නැති ඇවත් වසයි. විමති ඇති ඇවැත් නො වසයි. හෙතෙමේ වේදනායෙන් පෙළෙන්නෙක් වෙයි. නැවත හෙතෙමේ වේදනායෙන් නො පෙළෙන්නෙක් ව පළමු විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි. පළමු විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැතිව වසයි ... පෙර විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. පෙර විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. පළමු විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි. ඒ මහණ තෙමේ මුල් ඇවැතට ඇද්ද යුතු. ඒ මහණහට මුල් ඇවත සමග ඇවත් පිළිසන් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු.
[101-200.] ඉධ පන භික්ඛවෙ භික්ඛු මානත්තාරහො -පෙ- (අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා විබ්භමති.) -පෙ-
[101-200.] මහණෙනි, මෙහි මහණෙක් මානතට නිසි වූයේ ... [ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි] ...
[201-300] ඉධ පන භික්ඛවෙ භික්ඛු මානත්තං චරන්තො -පෙ- (අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා විබ්භමති.) -පෙ-
[201-300.] මහණෙනි, මෙහි මහණෙක් මානත පුරන්නේ ... [ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන්නොකොට උපැවිදි වෙයි.] ...
[301-400.] ඉධ පන භික්ඛවෙ භික්ඛු අබ්භානාරහො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා විබ්භමති -පෙ- (මානත්තාරහො ච මානත්තචාරී ච අබ්භානාරහො ච යථා පාරිවාසිකො තථා විත්ථාරෙතබ්බා.) ඉධ පන භික්ඛවෙ භික්ඛු අබ්භානාරහො අන්තරා සම්බහුලා සඞ්ඝාදිසෙසා ආපත්තියො ආපජ්ජිත්වා අපටිච්ඡාදෙත්වා සාමණෙරො හොති -පෙ-. උම්මත්තකො හොති -පෙ-. ඛිත්තචිත්තො හොති -පෙ-. වෙදනට්ටො හොති. -පෙ- තස්ස හොන්ති ආපත්තියො පටිච්ඡන්නායොපි අපටිච්ඡන්නායොපි -පෙ- එකච්චා ආපත්තියො ජානාති, එකච්චා ආපත්තියො න ජානාති -පෙ-. එකච්චා ආපත්තියො සරති, එකච්චා ආපත්තියො නස්සරති. -පෙ- එකච්චාසු ආපත්තීසු නිබ්බෙමතිකො, එකච්චාසු ආපත්තීසු වෙමතිකො. යාසු ආපත්තීසු නිබ්බෙමතිකො තා ආපත්තියො ඡාදෙති.
[301-400.] මහණෙනි, මෙහි මහණෙක් අබ්භාන කර්මයට සුදුසු වූයේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද පිළිසන් නො කොට උපැවිදි වෙයි ... [මානතට සුදුසු වූවහුත්, මානත පුරන්නාත්, අබ්භානයට සුදුසු වූවහුත් (මුල කී) පිරිවෙස් පුරන්නා මෙන් විතර කට යුතු.] මහණෙනි, මෙහි මහණෙක් අබ්භානයට සුදුසු වූයේ ඒ අතර බොහෝ සඟවෙසෙස් ඇවැත් ඇවද නො පිළිසන් කොට හෙරෙණක් වෙයි. ... උමතු වූවෙක් වෙයි ... පෙරලුනු සිතැත්තෙක් වෙයි ... වේදනායෙන් පෙළෙන්නෙක් වෙයි. ඔහුට පිළිසන් වූ ද නො පිළිසන් වූ ද ඇවැත් වේ ... ඇතැම් ඇවැත් දනී. ඇතැම් ඇවැත් නො දැනී ... ඇතැම් ඇවැත් සමරයි. ඇවැත් නො සමරයි ... ඇතැම් ඇවැත්හි විමති රහිත ය. ඇතැම් ඇවැත්හි විමති සහිත ය. යම් ඇවැත්හි විමති රහිත ද ඒ ඇවැත් සඟවයි.
යාසු ආපත්තීසු වෙමතිකො තා ආපත්තියො නච්ඡාදෙති. සො වෙදනට්ටො හොති. සො පුන අවෙදනට්ටො හුත්වා යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති -පෙ-. යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො නච්ඡාදෙති -පෙ- යා ආපත්තියො පුබ්බෙ නිබ්බෙමතිකො ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති, යා ආපත්තියො පුබ්බෙ වෙමතිකො නච්ඡාදෙසි, තා ආපත්තියො පච්ඡා නිබ්බෙමතිකො ඡාදෙති. සො භික්ඛු මූලාය පටිකස්සිතබ්බො. යථාපටිච්ඡන්නානඤ්චස්ස ආපත්තීනං පුරිමාය ආපත්තියා සමොධානපරිවාසො දාතබ්බො.
යම් ඇවැත්හි විමති සහිත ද ඒ ඇවැත් නො සඟවයි. හෙතෙමේ වේදනායෙන් පෙළෙන්නෙක් වේ. නැවත හෙතෙමේ වේදනායෙන් නො පෙළෙන්නෙක් ව පෙර විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි ... පෙර විමති නැති ව සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව නො සඟවයි. පෙර විමති ඇති ව නො සැඟවූ ඇවැත් පසු ව විමති නැති ව සඟවයි ... පෙර විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. පෙර විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව නො වසයි ... පළමු විමති නැති ව වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. පෙර විමති ඇති ව නො වැසූ ඇවැත් පසු ව විමති නැති ව වසයි. ඒ මහණතෙමේ මුල් ඇවතට ඇද්ද යුතු. ඔහුට පළමු ඇවත සමග පිළිසන් ඇවැත් පමණින් සමෝධාන පිරිවෙස ද දිය යුතු යි.
මූලායපටිකස්සනචතුස්සතතං නිට්ඨිතං.
මූලායපටිකස්සන සිවුසිය නිමි.