යෙදුමෙන් කියවන්න

පඨමරහොනිසජ‍්ජ සික‍්ඛාපදං

6. 5. 4.

6. 5. 4.

පඨමරහොනිසජ‍්ජ සික‍්ඛාපදං

පඨමරහෝනිසජ්ජ ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො සහායස‍්ස ඝරං ගන‍්ත්‍වා තස‍්ස පජාපතියා සද‍්ධිං රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙසි. අථ ඛො සො පුරිසො උජ‍්ඣායති ඛීයති විපාචෙති. “කථං හි නාම අය්‍යො උපනන්‍දො මය‍්හං පජාපතියා සද‍්ධිං රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙස‍්සතී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහු ගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර යහළුවාගේ ගෙට ගොස් ඔහුගේ ඇඹේණිය සමඟ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හුන්නේ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “කෙසේ නම් ආර්‍ය්‍ය උපනන්‍ද මාගේ ඇඹේණිය සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳීම කරන්නේ” දැයි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තස‍්ස පුරිසස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො මාතුගාමෙන සද‍්ධිං රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර ත්‍වං උපනන්‍ද මාතුගාමෙන සද‍්ධිං රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙසීති. සච‍්චං, භගවා, විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස මාතුගාමෙන සද‍්ධිං රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ.

2. භික්‍ෂූහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ පුරුෂයාගේ (අකීර්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂූ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳීම කෙළේ” දැයි .... “සැබෑ ද උපනන්‍දයෙනි, තෙපි මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කළවු දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂය! තෙපි මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හුන්නහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:

යො පන භික‍්ඛු මාතුගාමෙන සද‍්ධිං රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙය්‍ය පාචිත‍්තියන‍්ති.

යම් මහණෙක් මාගමක සමග නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කරන්නේ නම් පචිති වේ යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

මාතුගාමො නාම: මනුස‍්සිත්‍ථි න යක‍්ඛී න පෙතී න තිරච‍්ඡානගතා අන‍්තමසො තදහුජාතාපි දාරිකා පගෙව මහත‍්තරී.

මාතුගාම නම්: මිනිස්මාගම යි. යකිනි නො වෙයි. ප්‍රේතී නො වෙයි. තිරිසන්ගිය මාගම නො වෙයි. යටත් පිරිසෙයින් එදවස උපන්නා වූ ද දැරිය යි. වැඩිහිටියක ගැන කියනුම කවරේ ද?

සද‍්ධින‍්ති: එකතො.

සද්ධිං: එක්වැ;

රහො නාම: චක‍්ඛුස‍්ස රහො සොතස‍්ස රහො. චක‍්ඛුස‍්සරහො නාම: න සක‍්කා හොති. අක‍්ඛිං වා නිඛණීයමානෙ භමුකං වා උක‍්ඛිපීයමානෙ සීසං වා උක‍්ඛිපීයමානෙ පස‍්සිතුං. සොතස‍්ස රහො නාම: න සක‍්කා හොති පකති කථා සොතුං.

රහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ, ඇසට නො හමුව නම්; ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. කනට නො හමුව නම්; පියවිබස් අසන්නට නො හැකි වෙයි.

පටිච‍්ඡන‍්නං නාම: ආසනං කුඩ‍්ඩෙන වා කවාටෙන වා කිලඤ‍්ජෙන වා සාණිපාකාරෙන වා රුක‍්ඛෙන වා ථම‍්භෙන වා කොත්‍ථලියා වා, යෙන කෙනචි පටිච‍්ඡන‍්නං හොති.

පටිච්ඡන්න නම්: අසුන භිත්තියෙන් හෝ කවුළුයෙන් දොපියනින් හෝ කළාල යෙන් හෝ කඩතුරායෙන් හෝ රුකින් හෝ ටැඹෙන් හෝ කොතැලියෙන් හෝ යම් කිසිවෙකින් පිළිසන් වූයේ වෙයි.

නිසජ‍්ජං කප‍්පෙය්‍යාති: මාතුගාමෙ නිසින‍්නෙ භික‍්ඛු උපනිසින‍්නො වා හොති උපනිපන‍්නො වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. භික‍්ඛු නිසින‍්නෙ මාතුගාමො උපනිසින‍්නො වා හොති උපනිපන‍්නො වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උභො වා නිසින‍්නා හොන‍්ති උභො වා නිපන‍්නා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නිසජ්ජං කප්පෙය්‍ය: මාගම හුන් කල්හි මහණ වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මාගම වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හුන්නාහු වෙත් නම් හෝ දෙදෙන මැ හොත්තාහු වෙත් නම් හෝ පචිති ඇවැත් වේ.

මාතුගාමෙ මාතුගාමසඤ‍්ඤී රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මාතුගාමෙ වෙමතිකො රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මාතුගාමෙ අමාතුගාමසඤ‍්ඤී රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

මාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නො මාගමකයන සන් ඇතියේ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කෙරේ නම් පචිති ඇවැත් වේ.

යක‍්ඛියා වා පෙතියා වා පණ‍්ඩකෙන වා තිරච‍්ඡානගත මනුස‍්සවිග‍්ගහිත්‍ථියා වා සද‍්ධිං රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස.

යකින්නක සමග හෝ ප්‍රේතියක සමග හෝ පණ්ඩකයක්හු සමඟ හෝ තිරිසන්ගිය මිනිස්සිරිරි දරන ඉතිරියක සමඟ හෝ නොරඹුරෙහි පිළිසන් අස්නෙකැ නිසද්‍යා කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අමාතුගාමෙ මාතුගාමසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අමාතුගාමෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අමාතුගාමෙ අමාතුගාමසඤ‍්ඤී අනාපත‍්ති.

නො මාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම කෙරෙහි නොමාගමක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: යො කොචි විඤ‍්ඤූපුරිසො දුතියො හොති තිට‍්ඨති න නිසීදති, අරහොපෙක‍්ඛො අඤ‍්ඤවිහිතො නිසීදති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

යම් කිසිදු දැනුමැති පිරිමි දෙවැන්නෙක් වේ නම්, සිටී නම් නො හිඳී නම්, නොරඹුරෙහි, ලෝකාස්වාදරති නැතියේ නම්, අනෙකක් කරනුයේ හිඳී නම් ඇවැත් නැති උම්මත්තකය හට ආදිකම්මිකය හට ඇවැත් නැති.

පඨමරහොනිසජ‍්ජ සික‍්ඛාපදං චතුත්‍ථං.

සිව්වැනි පඨමරහෝනිසජ්ජ ශික්‍ෂාපද යි.