දුතිය රහොනිසජ්ජ සික්ඛාපදං
6. 5. 5.
6. 5. 5.
දුතිය රහොනිසජ්ජ සික්ඛාපදං.
දුතියරහෝ නිසජ්ජ ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සහායකස්ස ඝරං ගන්ත්වා තස්ස පජාපතියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසි. අථ ඛො සො පුරිසො උජ්ඣායති ඛීයති විපාචෙති. “කථං හි නාම අය්යො උපනන්දො මය්හං පජාපතියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සතී”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර එකලා වූයේ යහළුවාගේ ගෙට ගොස් ඔහුගේ එකලා වූ ඇඹේණිය සමඟ නොරඹුරෙහි නිසද්‍යා කෙළේ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් ආර්ය උපනන්ද එකලා වූයේ මාගේ එකලා වූ ඇඹේණිය සමග නොරඹුරෙහි නිසද්‍යා කෙළේ” දැයි.
2. අස්සොසුං ඛො භික්ඛූ තස්ස පුරිසස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සතීති. -පෙ- සච්චං කිර ත්වං උපනන්ද මාතුගාමෙන සද්ධිං එකොඑකාය රහො නිසජ්ජං කප්පෙසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පාසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
2. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ පුරුෂයාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර එකලා වූයේ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කෙළේ” දැයි ... “සැබෑ ද උපනන්දයෙනි, තෙපි එකලා වැ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කළහු දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ සේක ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි එකලා වැ එකලා වූ මාගමක සමඟ නොරඹුරෙහි නිසද්‍යා කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
යො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙය්ය පාචිත්තියන්ති.
යම් මහණෙක් එකලා වූයේ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කරන්නේ නම් පචිති වේ යැයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
මාතුගාමො නාම: මනුස්සිත්ථි න යක්ඛී න පෙතී න තිරච්ඡානගතා විඤ්ඤූ පටිබලා සුභාසිතදුබ්භාසිතං දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආජානිතුං.
මාතුගාම නම්: මිනිස්මාගම යි, යකිනි නො වෙයි, ප්‍රේතී නො වෙයි, තිරිසන්ගිය මාගම නො වෙයි. සුබැසි දුබැසි දුළුල් නො දුළුල් තෙපුල් දන්නට ප්‍රතිබල දැනුමැත්තී යි.
සද්ධින්ති: එකතො.
සද්ධිං: එක් වැ
එකො එකායාති: භික්ඛු චෙව හොති මාතුගාමො ච.
ඒකෝ ඒකාය: මහණ ද වෙයි, මාගම ද වෙයි.
රහො නාම: චක්ඛුස්ස රහො සොතස්ස රහො චක්ඛුස්ස රහො නාම: න සක්කා හොති අක්ඛිං වා නිඛණීයමානෙ භමුකං වා උක්ඛිපීයමානෙ සීසං වා උක්ඛිපීයමානෙ පස්සිතුං. සොතස්සරහො නාම: න සක්කා හොති පකති කථා සොතුං.
රහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ, ඇසට නො හමුව නම්: ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. කනට නො හමුව නම්: පියවිබස් අසන්නට නො හැකි වෙයි.
නිසජ්ජං කප්පෙය්යාති: මාතුගාමෙ නිසින්නෙ භික්ඛු උපනිසින්නො වා හොති උපනිපන්නො වා ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු නිසින්නෙ මාතුගාමො උපනිසින්නො වා හොති උපනිපන්නො වා ආපත්ති පාචිත්තියස්ස. උභො වා නිසින්නා හොන්ති උභො වා නිපන්නා, ආපත්ති පාචිත්තියස්ස.
නිසජ්ජං කප්පෙය්ය: මාගම හුන් කල්හි මහණ වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මාගම වෙතැ හුන්නී හෝ වෙතැ හොත්තී හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හුන්නා හු හෝ දෙදෙන මැ හොත්තාහු හෝ වෙත් නම් පචිති ඇවැත් වේ.
මාතුගාමෙ මාතුගාමසඤ්ඤී එකො එකාය රහො නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. මාතුගාමෙ වෙමතිකො එකො එකාය රහො නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. මාතුගාමෙ අමාතුගාමසඤ්ඤී එකො එකාය රහො නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
මාගමකෙරෙහි මාගමක යන සන් ඇතියේ එකලා වූයේ එකලා වූවක සමඟ නොරඹුරෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ එකලා වූයේ එකලා වූවක සමග නොරඹුරෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගමක කෙරෙහි නොමාගම් සන් ඇතියේ එකලා වූයේ එකලා වූවක සමඟ නොරඹුරෙහි හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වේ.
යක්ඛියා වා පෙතියා වා පණ්ඩකෙන වා තිරච්ඡානගතමනුස්සවිග්ගහිත්ථියා වා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙති ආපත්ති දුක්කටස්ස.
එකලා වූයේ එකලා වූ යකින්නක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයක්හු හෝ තිරිසන්ගිය මිනිස් සිරිරි දරන ඉතිරියක හෝ සමඟ නොරඹුරෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
අමාතුගාමෙ මාතුගාමසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අමාතුගාමෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අමාතුගාමෙ අමාතුගාමසඤ්ඤී, අනාපත්ති.
නොමාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම කෙරෙහි නොමාගමක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: යො කොචි විඤ්ඤූ පුරිසො දුතියො හොති තිට්ඨති න නිසීදති අරහො පෙක්ඛො අඤ්ඤවිහිතො නිසීදති. උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
යම් කිසිදු දැනුමැති පිරිමි දෙවැන්නෙක් වේ නම්, සිටී නම්, නො හිඳී නම්, නොරඹුරෙහි, ලෝකාස්වාදරතියක් නැතියේ නම්, අනෙකක් කරනුයේ හිඳී නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දුතිය රහොනිසජ්ජ සික්ඛාපදං පඤ්චමං.
පස්වැනි දුතිය රහෝනිසජ්ජ ශික්ෂාපද යි.