චාරිත්ත සික්ඛාපදං
6. 5. 6.
6. 5. 6.
චාරිත්ත සික්ඛාපදං.
චාරිත්ත ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස උපට්ඨාකකුලං ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං භත්තෙන නිමන්තෙසි. අඤ්ඤෙපි භික්ඛූ භත්තෙන නිමන්තෙසි, තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො පුරෙභත්තං කුලානි පයිරුපාසති. අථ ඛො තෙ භික්ඛූ තෙ මනුස්සෙ එතදවොචුං; “දෙථාවුසො භත්ත”න්ති. ආගමෙථ භන්තෙ යාව අය්යො උපනන්දො ආගච්ඡතීති, දුතියම්පි ඛො තෙ භික්ඛූ -පෙ- තතියම්පි ඛො තෙ භික්ඛූ තෙ මනුස්සෙ එතදවොචුං: “දෙථාවුසො භත්තං පුරෙ කාලො අතික්කමතී”ති. යම්පි මයං භන්තෙ භත්තං කරිම්හා අය්යස්ස උපනන්දස්ස කාරණා ආගමෙථ භන්තෙ යාව අය්යො උපනන්දො ආගච්ඡතීති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයාගේ උපස්ථායක කුලය ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයහට බතින් පැවැරී යැ. අන්‍ය භික්‍ෂූනුදු බතින් පැවැරී යැ. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර පෙරබත්හි කුලයන් ඇසිරි කෙරෙයි. එකල්හි ඒ භික්ෂූහු ඒ මිනිසුනට මෙය කීහු; ‘ඇවැත්නි, බත් දෙව’ යි. ස්වාමීනි, ආර්‍ය්‍ය උපනන්ද වහන්දැ පැමිණෙන තාක් පොරොත්තු වනු මැනැවැ යි. දෙවන වට දු ඒ භික්ෂූහු ... තෙවන වට දු ඒ භික්ෂූහු ඒ මිනිසුනට මෙය කීහු. “ඇවැත්නි! බත් දෙවු, පෙරවරු ඉක්මැ යේ යැ යි ස්වාමීනි, ඇපි යම් හෙයෙකින් ආර්‍ය්‍ය උපනන්ද හිමිහු කරුණු කොට ගෙන බත කළමෝ ද? එහෙයින් ආර්‍ය්‍ය උපනන්ද වහන්දැ පැමිණෙන තාක් වහන්ස, පොරොත්තුවනු මැනැවැයි.
2. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො පුරෙභත්තං කුලානි පයිරුපාසිත්වා දිවා ආගඤ්ඡි. භික්ඛූ න චිත්තරූපං භුඤ්ජිංසු. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිස්සතීති -පෙ- සච්චං කිර ත්වං උපනන්ද නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජසීති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර පෙරබත්හි කුලයන් ඇසිරි කොට දහවල්හි පැමිණියේ යැ. භික්ෂූහු සිත්සේ නො වැළඳූහු. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්; “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියේ” දැ යි ... සැබෑද උපනන්දයෙනි, තෙපි නිමතන ලදුයෙහි බොජුන් සහිත වූයෙහි මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ සේක ... කෙසේ නම් හිස් පුරුෂය! තෙපි නිමතන ලදුයෙහි බොජුන් සහිත වූයෙහි මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි ද? හිස් පුරුෂය! මෙය අප්‍රසන්නගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යො පන භික්ඛු නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය පාචිත්තියන්ති.
යම් මහණෙක් පවරන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි කුලයන්හි හැසිරීමට පැමිණෙන්නේ නම් පචිති වේ ය යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. තෙන ඛො පන සමයෙන ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස උපට්ඨාකකුලං සඞ්ඝස්ස අත්ථාය ඛාදනීයං පාහෙසි. “අය්යස්ස උපනන්දස්ස දස්සෙත්වා සඞ්ඝස්ස දාතබ්බ”න්ති. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො ගාමං පිණ්ඩාය පවිට්ඨො හොති. අථ ඛො තෙ මනුස්සා ආරාමං ගන්ත්වා භික්ඛූ පුච්ඡිංසු:– “කහං භන්තෙ අය්යො උපනන්දො”ති. එසාවුසො ආයස්මා උපනන්දො සක්යපුත්තො ගාමං පිණ්ඩාය පවිට්ඨොති. ඉදං, භන්තෙ ඛාදනීයං අය්යස්ස උපනන්දස්ස දස්සෙත්වා සඞ්ඝස්ස දාතබ්බන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං තෙන හි භික්ඛවෙ පටිග්ගහෙත්වා නික්ඛිපථ යාව උපනන්දො ආගච්ඡතීති.
3. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයාගේ උපස්ථායකකුලයෙක් සඞ්ඝයාගේ ප්‍රයෝජනය පිණිස “ආර්‍ය්‍ය උපනන්ද තෙරුනට දක්වා සඟනට දියයුතු” යැයි කෑ යුතු දැය එවී යැ. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර ගමට පිඬු පිණිස පිවිසියේ වෙයි. එකල්හි ඒ මිනිස්සු ආරාමයට ගොස් “ස්වාමීනි, ආර්‍ය්‍ය උපනන්ද වහන්දැ කොහි” දැයි මහණුන් පිළිවිසියහ. ඇවැත්නි, තෙලෙ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර ගමට පිඬු පිණිස පිවිසියේ යි. ස්වාමීනි, මේ කෑයුතු දැය ආර්‍ය්‍ය උපනන්ද වහන්දෑහට දක්වා සඟනට දිය යුතු යි. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ. එසේ නම් මහණෙනි, උපනන්ද පැමිණෙන තුරු පිළිගෙන තැන්පත් කොට තබවු.
4. අථ ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො භගවතා පටික්ඛිත්තං පුරෙභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිතුන්ති. පච්ඡාභත්තං කුලානි පයිරුපාසිත්වා දිවා පක්කාමි, ඛාදනීයං උස්සාදියිත්ථ. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිස්සතීති -පෙ- සච්චං කිර ත්වං උපනන්ද පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස පච්ඡාභත්තං කුලෙසු චාරිත්තං ආපජ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
4. ඉක්බිති ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර පෙරබත්හි කුලයන්හි හැසිරීම භාග්‍යවතුන් විසින් ප්‍රතික්ෂේප කරණ ලදැ යි පසුබත්හි කුලයන් ඇසිරි කොට දහවල්හි පෙරළා පැමිණියේ යි. කෑ යුතු දැය පෙරළා ගෙනැ ගියහ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියේ” දැ යි ... සැබෑද උපනන්ද, තෙපි පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණියෙහි ද? හිස් පුරුෂය! මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යො පන භික්ඛු නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය පාචිත්තිය”න්ති.
යම් මහණෙක් නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ පෙරබත්හි හෝ පසු බත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ යැ යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්ෂූන්හට පනවන ලද්දේ වෙයි.
5. තෙන ඛො පන සමයෙන භික්ඛූ චීවරදානසමයෙ කුක්කුච්චායන්තා කුලානි න පයිරුපාසන්ති. චීවරං පරිත්තං උප්පජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ චීවරදානසමයෙ කුලානි පයිරුපාසිතුං. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
5. එසමයෙහි භික්ෂූහු සිවුරු දෙන සමයෙහි කුකුස් කරන්නාහු කුලයන් ඇසිරි නො කෙරෙති. මඳ සිවුරෙක් උපදී. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ ... “මහණෙනි! සිවුරු දෙන සමයෙහි කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යො පන භික්ඛු නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො චීවරදානසමයො අයං තත්ථ සමයොති.
යම් මහණෙක් නිමන්ත්‍රණ ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි, සිවුරු දෙන සමය යැ, මේ එහි සුදුසු සමය යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේ භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්ෂූන්හට පනවන ලද්දේ වෙයි.
6. තෙන ඛො පන සමයෙන භික්ඛූ චීවරකම්මං කරොන්ති. අත්ථො ච හොති සූචියාපි සුත්තෙනපි සත්ථකෙනපි. භික්ඛූ කුක්කුච්චායන්තා කුලානි න පයිරුපාසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ චීවරකාරසමයෙ කුලානි පයිරුපාසිතුං. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
6. එසමයෙහි භික්ෂූහු සිවුරුකම් කෙරෙති. හිදියෙනුදු හුයෙනුදු සැතිනුදු ප්‍රයෝජන වෙයි. භික්ෂූහු කුකුසනුවෝ කුලයන් ඇසිරි නො කෙරෙති. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ ... “මහණෙනි! සිවුරු කරන සමයෙහි කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු.
යො පන භික්ඛු නිමන්තිතො සභත්තො සමානො පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය අඤ්ඤත්ර සමයා පාචිත්තියං තත්ථායං සමයො චීවරදානසමයො, චීවරකාරසමයො අයං තත්ථ සමයොති.
යම් මහණෙක් නිමන්ත්‍රණ ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා පෙර බත්හි හෝ පසුබත්හි කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි. සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ. මේ එහි සුදුසු සමය යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්ෂූන්හට පනවන ලද්දේ වෙයි.
7. තෙන ඛො පන සමයෙන භික්ඛූ ගිලානා හොන්ති අත්ථො ච හොති භෙසජ්ජෙහි. භික්ඛූ කුක්කුච්චායන්තා කුලානි න පයිරුපාසන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ සන්තං භික්ඛුං ආපුච්ඡා කුලානි පයිරුපාසිතුං. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
7. එසමයෙහි වනාහි භික්ෂූහු ගිලන්වූවෝ වෙති. බෙහෙදින් ප්‍රයෝජන වෙයි. භික්ෂූහු කුකුස්කරනුවෝ කුලයන් ඇසිරි නො කෙරෙති. තෙල කරුණ භාග්‍යවතුන් හට දැන්වූහ ... “මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ කුලයන් ඇසිරි කරන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
යො පන භික්ඛු නිමන්තිතො සභත්තො සමානො සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය, අඤ්ඤත්ර සමයා, පාචිත්තියං, තත්ථායං සමයො: චීවරදානසමයො චීවරකාරසමයො, අයං තත්ථ සමයොති.
යම් මහණෙක් නිමතන ලදුයේ බොජුන් සහිත වූයේ මැ සුදුසු සමය තබා ඇති මහණක්හු නො පිළිවිසැ පෙරබත්හි හෝ පසුබත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ, මේ එහි සුදුසු සමය යි.
8. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
8. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
නිමන්තිතො නාම: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරෙන භොජනෙන නිමන්තිතො.
නිමන්තිත නම්: පස් බොජුනෙන් එක්තරා බොජුනෙකින් නිමතන ලදුයේ;
සභත්තො නාම: යෙන නිමන්තිතො තෙන සභත්තො.
සහත්ත නම්: යමෙකින් නිමන්තන ලදුයේ නම් එයින් බොජුන් සහිත වූයේ;
සන්තං නාම: භික්ඛුං සක්කා හොති ආපුච්ඡා පවිසිතුං. අසන්තං නාම භික්ඛුං න සක්කා හොති ආපුච්ඡා පවිසිතුං.
සන්ත භික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට හැකියේ වෙයි. අසන්ත භික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට නො හැකියේ වෙයි.
පුරෙභත්තං නාම: යෙන නිමන්තිතො තං අභුත්තාවී.
පුරේභත්ත නම්: යමකින් නිමන්ත්‍රණ කරන ලදුයේ නම් එය නො වැළඳූයේ,
පච්ඡාභත්තං නාම: යෙන නිමන්තිතො තං අන්තමසො අරුණුග්ගමනෙපි භුත්තං හොති.
පචඡාභත්ත නම්: යමකින් නිමන්ත්‍රණ කරන ලදුයේ නම් යටත් පිරිසෙයින් අරුණ නැඟීමෙහිදු වළඳන ලදුයේ වෙයි.
කුලං නාම: චත්තාරි කුලානි ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං.
කුල නම්: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍ර කුල යැයි කුල සතරෙකි.
කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්යාති: අඤ්ඤස්ස ඝරූපචාරං ඔක්කමන්තස්ස ආපත්ති දුක්කටස්ස. පඨමං පාදං උම්මාරං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය යනු: අනෙකක්හුගේ ගෘහොපචාරයට බස්නාහට දුකුළා ඇවැත් වෙයි. පළමු පය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
අඤ්ඤත්ර සමයාති: ඨපෙත්වා සමයං.
අඤ්ඤත්ර සමයා; සුදුසු සමය තබා,
චීවරදානසමයො නාම: අනත්ථතෙ කඨිනෙ වස්සානස්ස පච්ඡිමො මාසො. අත්ථතෙ කඨිනෙ පඤ්චමාසා.
චීවරදාන සමය නම්: කෙළින් නො අතුළ කල්හි වසන්හි පැසුළු මස යි, කෙළින් අතුළ කල්හි පස් මස යි.
චීවරකාරසමයො නාම: චීවරෙ කයිරමානෙ.
චීවරකාර සමය නම්: සිවුරක් කරනු ලබන කල්හි.
නිමන්තිතෙ නිමන්තිතසඤ්ඤී සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජති, අඤ්ඤත්ර සමයා ආපත්ති පාචිත්තියස්ස. නිමන්තිතෙ වෙමතිකො සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජති අඤ්ඤත්ර සමයා ආපත්ති පාචිත්තියස්ස. නිමන්තිතෙ අනිමන්තිතසඤ්ඤී සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙභත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජති අඤ්ඤත්ර සමයා, ආපත්ති පාචිත්තියස්ස.
නිමතන ලදුයෙහි නිමතනලද සන් ඇතියේ විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසුබත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති ඇවැත් වෙයි. නිමතන ලදුයෙහි විමති ඇතියේ විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසු බත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති ඇවැත් වෙයි. නිමතන ලදුයෙහි නො නිමතනලද සන් ඇතියේ විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ සුදුසු සමය තබා පෙරබත්හි හෝ පසුබත්හි හෝ කුලයන්හි හැසිරීමට පැමිණේ නම් පචිති ඇවැත් වේ.
අනිමන්තිතෙ නිමන්තිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනිමන්තිතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනිමන්තිතෙ අනිමන්තිතසඤ්ඤී අනාපත්ති.
නො නිමතන ලදුයෙහි නිමතනලද සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිමතන ලදුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නිමතන ලදුයෙහි නො නිමතනලද සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: සමයෙ සන්තං භික්ඛුං ආපුච්ඡා පවිසති, අසන්තං භික්ඛුං අනාපුච්ඡා පවිසති, අඤ්ඤස්ස ඝරෙන මග්ගො හොති, ඝරූපචාරෙන මග්ගො හොති, අන්තරාරාමං ගච්ඡති, භික්ඛුනූපස්සයං ගච්ඡති, තිත්ථියසෙය්යං ගච්ඡති, පටික්කමනං ගච්ඡති, භත්තියඝරං ගච්ඡති, ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
සුදුසු සමයෙහි ඇති මහණක්හු පිළිවිසැ පිවිසේ නම්, නැති මහණක්හු නො පිළිවිසැ පිවිසේ නම් අනෙකක්හුගේ ගෙයින් මග වේ නම්, ගෙහි උවසරින් මග වේ නම්, අන් අරමකට යේ නම්, මෙහෙණවරකට යේ නම්, තීර්ත්ථක සෙනසුනකට යේ නම්, අසුන්හලට යේ නම්, බොජුන් දෙන ගෙට යේ නම්, ආපදාවෙහි ඇවැත් නොවේ, උම්මත්තකය හට ආදිකම්මිකය හට ඇවැත් නැති.
චාරිත්තසික්ඛාපදං ඡට්ඨං.
සවැනි චාරිත්තශික්ෂාපද යි.