මහානාමසික‍්ඛාපදං
6.5. 7.
6.5. 7.
මහානාමසික‍්ඛාපදං
මහානාම ශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද‍්ධො භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන මහානාමස‍්ස සක‍්කස‍්ස භෙසජ‍්ජං උස‍්සන‍්නං හොති. අථ ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මහානාමො සක‍්කො භගවන‍්තං එතදවොච: “ඉච‍්ඡාමහං භන‍්තෙ සඞ‍්ඝං චතුමාසං භෙසජ‍්ජෙන පවාරෙතුන‍්ති. සාධු සාධු මහානාම තෙන හි ත්‍වං මහානාම සඞ‍්ඝං චතුමාසං භෙසජ‍්ජෙන පවාරෙහීති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා නාධිවාසෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ චතුමාසප‍්පච‍්චයපවාරණං සාදියිතුන‍්ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවරැ නුගඅරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි මහානාම ශාක්‍යයනට බෙහෙත් බහුල වෙයි. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා වූ මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන්හට මෙය කීයැ: “ස්වාමීනි, මම සඟනට සිවුමස මුළුල්ලෙහි බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාම, එසේ නම් මහානාම තෙපි සඟනට සිවුමස මුළුල්ලෙහි බෙහෙදින් පවරව යි භික්‍ෂූහු කුකුස්ඇතියාහු නො ඉවසත්. භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුමසකට ගිලන්පස පැවරීම ඉවසන්නට අනුදනිමි” යි.
2. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ මහානාමං සක‍්කං පරිත‍්තං භෙසජ‍්ජං විඤ‍්ඤාපෙන‍්ති. තථෙව මහානාමස‍්ස සක‍්කස‍්ස භෙසජ‍්ජං උස‍්සන‍්නං හොති. දුතියම‍්පි ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මහානාමො සක‍්කො භගවන‍්තං එතදවොච: “ඉච‍්ඡාමහං භන‍්තෙ සඞ‍්ඝං අපරම‍්පි චතුමාසං භෙසජ‍්ජෙන පවාරෙතු”න‍්ති. “සාධු සාධු මහානාම තෙන හි ත්‍වං මහානාම, සඞ‍්ඝං අපරම‍්පි චතුමාසං භෙසජ‍්ජෙන පවාරෙහීති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා නාධිවාසෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ පුන පවාරණම‍්පි සාදියිතු”න‍්ති.
2. එසමයෙහි වනාහි භික්‍ෂූහු මහානාම ශාක්‍යයන්ගේ මඳ බෙහෙදක් විනවත්. එපරිද්දෙන් මැ මහානාම ශාක්‍යයහට බෙහෙත් බහුල වෙයි. දෙවනවටදු මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි, මම අනෙකුදු සිවුමසක් මුළුල්ලෙහි සඟහු බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාමයෙනි! එසේ වී නම් මහානාමයෙනි, තෙපි අනෙකුදු සිවුමසක් මුළුල්ලෙහි සඟහු බෙහෙදින් පවරව යි. භික්‍ෂූහු කුකුස්කරනුවෝ නො ඉවසත්. භාග්‍යවතුන් හට තෙල කරුණු දැන්වූහ ... “මහණෙනි, වටාලා පැවරීමකුදු ඉවසන්නට අනුදනිමි” යි.
3. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ මහානාමං සක‍්කං පරිත‍්තඤ‍්ඤෙව භෙසජ‍්ජං විඤ‍්ඤාපෙන‍්ති. තථෙව මහානාමස‍්ස සක‍්කස‍්ස භෙසජ‍්ජං උස‍්සන‍්නං හොති. තතියම‍්පි ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මහානාමො සක‍්කො භගවන‍්තං එතදවොච: “ඉච‍්ඡාමහං භන‍්තෙ සඞ‍්ඝං යාවජීවං භෙසජ‍්ජෙන පවාරෙතු”න‍්ති. සාධු සාධු මහානාම තෙන හි ත්‍වං මහානාම සඞ‍්ඝං යාවජීවං භෙසජ‍්ජෙන පවාරෙහීති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා නාධිවාසෙන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ නිච‍්චපවාරණම‍්පි සාදියිතු”න‍්ති.
3. එසමයෙහි භික්‍ෂූහු මහානාම ශාක්‍යයාගෙන් මඳ වූ ම බෙහෙත් විනවත්. එපරිද්දෙන් මැ මහානාම ශාක්‍යයහට බෙහෙත් බහුල වෙයි. තෙවනවටදු මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි, මම දිවිහිමියෙන් සඟහු බෙහෙදින් පවරන්නට කැමැත්තෙමි” යි මැනැවි මැනැවි මහානාමයෙනි, එසේ වී නම් මහානාමයෙනි, තෙපි දිවිහිමියෙන් සඟහු බෙහෙදින් පවරව යි. භික්‍ෂූහු කුකුස්ඇත්තෝ නො ඉවසත්. භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි! නිති පැවරීම ද ඉවසන්නට අනුදනිමි” යි.
4. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ දුන‍්නිවත්‍ථා හොන‍්ති දුප‍්පාරුතා අනාකප‍්පසම‍්පන‍්නා. මහානාමො සක‍්කො වත‍්තා හොති. “කිස‍්ස තුම‍්හෙ භන‍්තෙ දුන‍්නිවත්‍ථා දුප‍්පාරුතා අනාකප‍්පසම‍්පන‍්නා නනු නාම පබ‍්බජිතෙන සුනිවත‍්තෙන භවිතබ‍්බං සුපාරුතෙන ආකප‍්පසම‍්පන‍්නෙනා”ති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මහානාමෙ සක‍්කෙ උපනන්‍ධිංසු. අථ ඛො ඡබ‍්බග‍්ගියානං භික‍්ඛූනං එතදහොසි. කෙන නුඛො මයං උපායෙන මහානාමං සක‍්කං මඞ‍්කුකරෙය්‍යාමාති. අථ ඛො ඡබ‍්බග‍්ගියානං භික‍්ඛූනං එතදහොසි: “මහානාමෙන ඛො ආවුසො සක‍්කෙන සඞ‍්ඝො භෙසජ‍්ජෙන පවාරිතො. හන්‍ද මයං ආවුසො මහානාමං සක‍්කං සප‍්පිං විඤ‍්ඤාපෙමා”ති.
4. එසමයෙහි වනාහි සවග මහණහු නොසකස් කොට හැදැ පෙරෙවියාහු නො සරිලන පැවතුම් ඇතියාහු වෙති. මහානාම ශාක්‍ය තෙමේ මෙසේ දොස් නඟා කියන්නේ වෙයි: “වහන්ස, කුමට නුඹවහන්දෑ නො මනා වැ හැදැ පෙරෙවියාහු නො සරිලන පැවැතුම් ඇතියාහු වූ දෑද? පැවිද්දහු විසින් මොනවට හැදැ පෙරෙව ආකල්ප සම්පන්න වියයුතු නොවේ දැ” යි. සවග මහණහු මහානාම ශාක්‍යයන් කෙරෙහි වෙර බැඳියහ. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: “ඇපි කිනම් උපායයෙකින් මහානාම ශාක්‍යයන් මකු කරන්නමෝ දැ” යි. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: “ඇවැත්නි, මහානාම ශාක්‍යයන් විසින් බෙහෙදින් සඞ්ඝයා පවරනලද්දේ යැ, එබැවින් ඇවැත්නි, ඇපි මහානාම ශාක්‍යයන්ගෙන් ගිතෙල් විනවම්හ” යි.
5. අථ ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ යෙන මහානාමො සක‍්කො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා මහානාමං සක‍්කං එතදවොචුං: “දොණෙන ආවුසො සප‍්පිනා අත්‍ථො”ති. අජ‍්ජන‍්හො භන‍්තෙ ආගමෙථ. මනුස‍්සා වජං ගතා සප‍්පිං ආහරිතුං. කාලං හරිස‍්සථාති.
5. ඉක්බිති සවග මහණහු මහානාම ශාක්‍යයන් වෙතැ එළැඹියහ. එළැඹැ මහානාම ශාක්‍යයන්ට මෙය කීහු: “ඇවැත්නි, ගිතෙල් ද්‍රෝණයකින් ප්‍රයෝජන වේ” යයි. ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවි, මිනිස්සු ගිතෙල් ගෙනැ එන්නට ගොවුදට ගියහ. කල් ගනු මැනැවැයි.
දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මහානාමං සක‍්කං එතදවොචුං: “දොණෙන ආවුසො සප‍්පිනා අත්‍ථො”ති. අජ‍්ජන‍්හො භන‍්තෙ ආගමෙථ මනුස‍්සා වජං ගතා සප‍්පිං ආහරිතුං කාලං භරිස‍්සථාති. කිං පන තයා ආවුසො අදාතුකාමෙන පවාරිතෙන යං ත්‍වං පවාරෙත්‍වා න දෙසී”ති.
දෙවනවටදු ... තෙවනවටදු සවග මහණහු මහානාම ශාක්‍යයන්ට මෙය කීහු: “ඇවැත්නි, ගිතෙල් දොණයකින් ප්‍රයෝජන වේ” යැයි. ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවි, මිනිස්සු ගිතෙල් ගෙන එන්නට ගොවුදට ගියහ. කල් ගනු මැනැවැයි. ඇවැත්නි, තෙපි යමක් පවරා නො දෙවු නම් නො දෙනු කැමැති තොප විසින් පවරන ලද්දෙන් කවර වැඩෙක් වේ දැයි.
6. අථ ඛො මහානාමො සක‍්කො උජ‍්ඣායති ඛීයති විපාචෙති: කථං හි නාම භදන‍්තා අජ‍්ජන‍්හො භන‍්තෙ ආගමෙථාති වුච‍්චමානා නාගමෙස‍්සන‍්තීති. අස‍්සොසුං ඛො භික‍්ඛූ මහානාමස‍්ස සක‍්කස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මහානාමෙන සක‍්කෙන – අජ‍්ජන‍්හො භන‍්තෙ ආගමෙථාති වුච‍්චමානා නාගමෙස‍්සන‍්තීති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ මහානාමෙන සක‍්කෙන අජ‍්ජන‍්හො භන‍්තෙ ආගමෙථාති වුච‍්චමානා නාගමෙථාති. සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා මහානාමෙන සක‍්කෙන අජ‍්ජන‍්හො භන‍්තෙ ආගමෙථාති වුච‍්චමානා නාගමෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ –
6. ඉක්බිති මහානාම ශාක්‍ය ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “කෙසේ නම් හිමිවරු ස්වාමීනි, අද දවස පොරොත්තුවනු මැනැවැයි කියනු ලබන්නාහු පොරොත්තු නො වූහු” දැයි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මහානාම ශාක්‍යයන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරවත්. “කෙසේ නම් සවග මහණහු මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවැ”යි කියනු ලබන්නාහු පොරොත්තු නො වූහුදැ”යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවැ”යි කියනු ලබන්නාහු පොරොත්තු නොවවුදැයි සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහානාම ශාක්‍යයන් විසින් “ස්වාමීනි, අද දවස පොරොත්තු වනු මැනැවැ”යි කියනු ලබන්නාහු පොරොත්තු නො වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
අගිලානෙන භික‍්ඛුනා චතුමාසප‍්පච‍්චයපවාරණා සාදිතබ‍්බා අඤ‍්ඤත්‍ර පුන පවාරණාය, අඤ‍්ඤත්‍ර නිච‍්චපවාරණාය තතො චෙ උත්තරිං සාදියෙය්‍ය පාචිත‍්තියන‍්ති.
නො ගිලන් මහණහු විසින් සිවුමසකට ගිලන්පසයෙන් පැවරීම ඉවසිය යුතු යි. වටාලා සිවුමසකට පැවරීම තබා නිති පැවැරීම තබා ඉදින් ඉන් මත්තෙහි ඉවසන්නේ නම් පචිති වේ යැයි.
7. අගිලානෙන භික‍්ඛුනා චතුමාසප‍්පච‍්චයපවාරණා සාදිතබ‍්බාති:, ගිලානපච‍්චයපවාරණා සාදිතබ‍්බා.
7. අගිලානෙන භික්ඛුනා චාතුමාසප්පච්චයපවාරණා සාදිතබ්බා: ගිලන්පසයෙන් පැවැරීම ඉවසිය යුතු යි.
පුනපවාරණාපි සාදිතබ‍්බාති: යදා ගිලානො භවිස‍්සාමි, තදා විඤ‍්ඤාපෙස‍්සාමීති.
පුන පවාරණාපි සාදිතබ්බා: යම් දිනෙකැ ගිලනෙකිම් වන්නෙම් නම් එදිනැ විනවන්නෙමි යි;
නිච‍්චපවාරණාපි සාදිතබ‍්බාති: යදා ගිලානො භවිස‍්සාමි, තදා විඤ‍්ඤාපෙස‍්සාමීති.
නිච්චපවාරණාපි සාදිතබ්බා: යම් දිනෙක ගිලනෙකිම් වන්නෙම් නම් එදිනැ විනවන්නෙමැයි:
තතො චෙ උත‍්තරි සාදියෙය්‍යාති: අත්‍ථි පවාරණා භෙසජ‍්ජපරියන‍්තා න රත‍්තිපරියන‍්තා, අත්‍ථි පවාරණා රත‍්තිපරියන‍්තා න භෙසජ‍්ජපරියන‍්තා, අත්‍ථි පවාරණා භෙසජ‍්ජපරියන‍්තා ච රත‍්තිපරියන‍්තා ච, අත්‍ථි පවාරණා නෙව භෙසජ‍්ජපරියන‍්තා න රත‍්තිපරියන‍්තා.
තතො චෙ උත්තරිං සාදියෙය්‍ය; බෙහෙත් පිරියත් කොට ඇති රෑ පිරියත් කොට නැති පැවැරීමෙක් ඇත, රෑ පිරියත් කොට ඇති බෙහෙත් පිරියත් කොට නැති පැවැරීමෙක් ඇත, බෙහෙතුත් පිරියත් කොට ඇති රෑත් පිරියත් කොට ඇති පැවැරීමෙක් ඇත, බෙහෙතුත් පිරියත් කොට නො මැති රෑත් පිරියත් කොට නැති පැවැරීමෙක් ඇති.
භෙසජ‍්ජපරියන‍්තා නාම: භෙසජ‍්ජානි පරිග‍්ගහිතානි හොන‍්ති එත‍්තකෙහි භෙසජ‍්ජෙහි පවාරෙමීති. රත‍්තිපරියන‍්තා නාම: රත‍්තියො පරිග‍්ගහිතායො හොන‍්ති එත‍්තකාසු රත‍්තීසු පවාරෙමීති. භෙසජ‍්ජපරියන‍්තා ච රත‍්තිපරියන‍්තා ච නාම: භෙසජ‍්ජානි ච පරිග‍්ගහිතානි හොන‍්ති රත‍්තියො ච පරිග‍්ගහිතායො හොන‍්ති එත‍්තකෙහි භෙසජ‍්ජෙහි එත‍්තකාසු රත‍්තීසු පවාරෙමීති. නෙව භෙසජ‍්ජ පරියන‍්තා න රත‍්තිපරියන‍්තා නාම: භෙසජ‍්ජානි ච අපරිග‍්ගහිතානි හොන‍්ති, රත‍්තියො ච අපරිග‍්ගහිතායො හොන‍්ති.
භේසජ්ජ පරියන්ත නම්: මෙතෙක් බෙහෙදින් පවරමැයි බෙහෙත්හු සලකා ගන්නා ලද්දහු වෙති. රත්තිපරියන්ත නම්: මෙතෙක් රාත්‍රීන්හි පවරමැයි රාත්‍රීහු සලකා ගන්නා ලද්දහු වෙති. භේසජ්ජපරියන්ත හා රත්තිපරියන්ත නම්: මෙතෙක් බෙහෙදින් මෙතෙක් රාත්‍රීන්හි පවරමැයි බෙහෙතුත් සලකා ගන්නා ලද්දාහු වෙති. රාත්‍රීහුත් සලකා ගන්නා ලද්දාහු වෙති. නේව භේසජ්ජපරියන්ත න රත්තිපරියන්ත නම්: බෙහෙතුත් නො සලකා ගන්නා ලද්දාහු වෙති, රාත්‍රීහුත් නො සලකා ගන්නා ලද්දාහු වෙති.
භෙසජ‍්ජපරියන‍්තෙ යෙහි භෙසජ‍්ජෙහි පවාරිතො හොති, තානි භෙසජ‍්ජානි ඨපෙත්‍වා අඤ‍්ඤානි භෙසජ‍්ජානි විඤ‍්ඤාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. රත‍්තිපරියන‍්තෙ යාසු රත‍්තීසු පවාරිතො හොති තා රත‍්තියො ඨපෙත්‍වා අඤ‍්ඤාසු රත‍්තීසු විඤ‍්ඤාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. භෙසජ‍්ජපරියන‍්තෙ ච රත‍්තිපරියන‍්තෙ යෙහි භෙසජ‍්ජෙහි පවාරිතො හොති, තානි භෙසජ‍්ජානි ඨපෙත්‍වා යාසු රත‍්තීසු පවාරිතො හොති තා රත‍්තියො ඨපෙත්‍වා අඤ‍්ඤානි භෙසජ‍්ජානි අඤ‍්ඤාසු රත‍්තීසු විඤ‍්ඤාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. නෙව භෙසජ‍්ජපරියන‍්තෙ න රත‍්ති පරියන‍්තෙ අනාපත‍්ති.
බෙහෙත් පිරියත්හි: යම් බෙහෙතකින් පවරන ලද්දේ වේ නම් ඒ බෙහෙත් තබා අන් බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. රෑපිරියත්හි: යම් රාත්‍රීන්හි පවරන ලද්දේ වේ නම් ඒ රාත්‍රීන් තබා අන්‍ය රාත්‍රීන්හි විනවා නම් පචිති ඇවැත් වෙයි. බෙහෙත් පිරියත්හි හා රෑපිරියත්හි: යම් බෙහෙතකින් පවරන ලද්දේ වේ නම් ඒ බෙහෙත් තබා යම් රාත්‍රීන්හි පවරන ලද්දේ වේ නම් ඒ රාත්‍රීන් තබා අන් බෙහෙත් අන්‍ය රාත්‍රීන්හි විනවා නම් පචිති ඇවැත් වේ. බෙහෙත් පිරියතක් නො මැති කල්හි රෑ පිරියතක් නැති කල්හි ඇවැත් නැති.
න භෙසජ‍්ජෙන කරණීයෙ භෙසජ‍්ජං විඤ‍්ඤාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අඤ‍්ඤෙන භෙසජ‍්ජෙන කරණීයෙ අඤ‍්ඤං භෙසජ‍්ජං විඤ‍්ඤාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
බෙහෙතින් කරණී නැති කල්හි බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. අන් බෙහෙතකින් කරණී ඇති කල්හි අන් බෙහෙතක් විනවා නම් පචිති ඇවැත් වේ.
තතුත‍්තරි තතුත‍්තරිසඤ‍්ඤී භෙසජ‍්ජං විඤ‍්ඤාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. තතුත‍්තරි වෙමතිකො භෙසජ‍්ජං විඤ‍්ඤාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. තතුත‍්තරි න තතුත‍්තරිසඤ‍්ඤී භෙසජ‍්ජං විඤ‍්ඤාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
ඉන් මත්තෙහි ඉන් මතු සන් ඇතියේ බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. ඉන් මත්තෙහි විමති ඇතියේ බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වෙයි. ඉන් මත්තෙහි ඉන් මතු සන් නැතියේ බෙහෙත් විනවා නම් පචිති ඇවැත් වේ.
න තතුත‍්තරි තතුත‍්තරිසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. න තතුත‍්තරි වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. න තතුත‍්තරි න තතුත‍්තරිසඤ‍්ඤී, අනාපත‍්ති.
ඉන් මතු නො වූයෙහි ඉන් මතු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ඉන් මතු නො වූයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ඉන් මතු නො වූයෙහි ඉන්මතු සන් නැතියේ නම් ඇවැත් නැති.
අනාපත‍්ති: යෙහි භෙසජ‍්ජෙහි පවාරිතො හොති තානි භෙසජ‍්ජානි විඤ‍්ඤාපෙති යාසු රත‍්තීසු පවාරිතො හොති තාසු රත‍්තීසු විඤ‍්ඤාපෙති ඉමෙහි තයා භෙසජ‍්ජෙහි පවාරිතම‍්හා අම‍්හාකඤ‍්ච ඉමිනා ච ඉමිනා ච භෙසජ‍්ජෙන අත්‍ථොති ආචික‍්ඛිත්‍වා විඤ‍්ඤාපෙති, යාසු රත‍්තීසු තයා පවාරිතම‍්හා තායො ච රත‍්තියො අවීතිවත‍්තා අම‍්හාකඤ‍්ච භෙසජ‍්ජෙන අත්‍ථොති ආචික‍්ඛිත්‍වා විඤ‍්ඤාපෙති, ඤාතකානං පවාරිතානං අඤ‍්ඤස‍්සත්‍ථාය අත‍්තනො ධනෙන උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.
යම් බෙහෙතකින් පවරන ලද්දේ නම් ඒ බෙහෙත් විනවා නම්, යම් රාත්‍රීන්හි පවරන ලද්දේ නම් ඒ රාත්‍රීන්හි විනවා නම්, තොප විසින් මේ බෙහෙතින් පවරන ලදු වම්හ අපට ද මේ මේ බෙහෙතින් ප්‍රයෝජන යැයි කියා විනවා නම්, තොප විසින් යම් රාත්‍රීන්හි පවරන ලදුමෝ නම් ඒ රාත්‍රීහුත් නො ඉක්මැ ගියෝ නම් අපට ද බෙහෙතින් ප්‍රයෝජන යැයි කියා විනවා නම්, නෑයන්ගෙන් නම්, පැවැරූවන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමාගේ ධනයෙන් නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
මහානාම සික‍්ඛාපදං සත‍්තමං.
සත්වැනි මහානාම ශික්‍ෂාපදයි.