උය්යුත්තසෙනාසික්ඛාපදං
6. 5. 8.
6. 5. 8.
උය්යුත්තසෙනාසික්ඛාපදං
උය්යුත්තසේනා ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො සෙනාය අබ්භුය්යාතො හොති. ඡබ්බග්ගියා භික්ඛූ උය්යුත්තං සෙනං දස්සනාය අගමංසු. අද්දසා ඛො රාජා පසෙනදි කොසලො ඡබ්බග්ගියෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ දිස්වාන පක්කොසාපෙත්වා එතදවොච: “කිස්ස තුම්හෙ භන්තෙ ආගතත්ථා”ති මහාරාජානං මයං දට්ඨුකාමාති. “කිං භන්තෙ මං දිට්ඨෙන යුද්ධාභිනන්දිං, නනු භගවා පස්සිතබ්බො”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශල රජ තෙමේ (රිපුසෙන් ඉදිරියට යන්නෙමැයි නුවරින්) සෙන් සමග නික්මුණේ වෙයි. සවග මහණහු යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස ගියහ. ප්‍රසේනජිත් කෝශල රජ එන්නා වූ සවග මහණුන් දුරැදී මැ දුටුයේ යි. දැකැ කැඳවා මෙය කී යැ: “කුමකට ස්වාමීනි, නුඹවහන්දැ ආදෑ දැයි. ඇපි මහරජහු දකිනු කැමැතියම්හ යි. “ස්වාමීනි, යුදයට රිසි දක්වන මා දැකීමෙන් කවර වැඩෙක් ද? භාග්‍යවතුන් වහන්සේ දැකිය යුතු සේක් නො වෙත්” දැයි.
2. මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා උය්යුත්තං සෙනං දස්සනාය ආගච්ඡිස්සන්ති අම්හාකම්පි අලාභා අම්හාකම්පි දුල්ලද්ධං යෙ මයං ආජීවස්ස හෙතු පුත්තදාරස්ස කාරණා සෙනාය ආගච්ඡාමා”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡථාති සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡිස්සථ නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
2. මිනිස්සු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස පැමිණියෝ ද? යම්බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් සෙන් හමුවට යන්නමෝ නම් එබඳු අපට ද අලාභයෙකැ එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස පැමිණියෝ දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස යවු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යො පන භික්ඛු උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡෙය්ය පාචිත්තියන්ති.
යම් මහණෙක් යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස යන්නේ නම් පචිති වේ යයි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භික්ඛුනො මාතුලො සෙනාය ගිලානො හොති . සො තස්ස භික්ඛුනො සන්තිකෙ දූතං පාහෙසි: “අහං හි සෙනාය ගිලානො ආගච්ඡතු භදන්තො ඉච්ඡාමි භදන්තස්ස ආගත”න්ති. අථ ඛො තස්ස භික්ඛුනො එතදහොසි. “භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති න උය්යුත්තං සෙනං දස්සනාය ගන්තබ්බ”න්ති. අයඤ්ච මෙ මාතුලො සෙනාය ගිලානො කථන්නු ඛො මයා පටිපජ්ජිතබ්බන්ති භගවතො එතමත්ථං ආරොචෙසි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ තථාරූපප්පච්චයා සෙනං ගන්තුං.” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
3. එසමයෙහි වනාහි එක්තරා මහණක්හු ගේ මයිලණු කෙනෙක් සේනායෙහි ගිලන් වූවාහු වෙති. හේ එමහණහු වෙත දූතයකු එවී යැ. “මම වනාහි සේනායෙහි ගිලන්වීමි, වහන්සේ වඩනා සේක්වා, ඔබගේ පැමිණීම කැමැත්තෙමැ” යි. එකල්හි එමහණට මෙ සිත විය: “යුදයට නික්මුණු සෙන් දැකීමට නො යායුතු යැයි භාග්‍යවතුන් විසින් භික්ෂූන්හට සිකපද පනවන ලද්දේ වෙයි. මේ මාගේ මයිලණුවෝ ද සේනායෙහි ගිලන් වූවාහු වෙති. මා විසින් කෙසේ පිළිපැදිය යුතු දෝ හෝ” යි. භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. “මහණෙනි! එබඳු කරුණක් ඇති කල්හි සෙන් හමුවට යන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු:
යො පන භික්ඛු උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡෙය්ය, අඤ්ඤත්ර තථාරූපප්පච්චයා පාචිත්තියන්ති.
යම් මහණෙක් එබඳු කරුණක් තබා යුදයට නික්මුණු සෙන් දකිනු පිණිස යේ නම් පචිති වේ යයි.
4. යො පනාති යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
4. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
උය්යුත්තා නාම: සෙනා ගාමතො නික්ඛමිත්වා නිවිට්ඨා වා හොති. පයාතා වා.
උය්යුත්තා නම්: සෙන් ගමින් නික්ම කඳවුරු බැඳ සිටියා හෝ ගියා හෝ වෙයි.
සෙනා නාම: හත්ථි අස්සා රථා පත්තී. ද්වාදසපුරිසො හත්ථි තිපුරිසො අස්සො චතුපුරිසො රථො චත්තාරො පුරිසා සරහත්ථා පත්ති. දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො පස්සති ආපත්ති පාචිත්තියස්ස. දස්සනූපචාරං විජහිත්වා පුනප්පුනං පස්සති ආපත්ති පාචිත්තියස්ස.
සේනා නම්: ඇත් අස් රිය පාබලයැ, දොළොස් පුරුෂ කෙනකුන් ඇති ඇතෙකැ. තුන් පුරුෂ කෙනකුන් ඇති අසෙකැ. සිව් පුරුෂ කෙනකුන් ඇති රියෙකැ දුනු හී ගත් අත් ඇති පුරුෂයෝ සතර දෙනෙකැ යන මේ පත්ති (පාබළ) නමු. දැකීමට යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරපියා පුන පුනා බලා නම් පචිති ඇවැත් වේ.
අඤ්ඤත්ර තථාරූපප්පච්චයාති: ඨපෙත්වා තථාරූපප්පච්චයං.
අඤ්ඤත්ර තථාරූපප්පච්චයා: එබඳු කරුණක් තබා;
උය්යුත්තෙ උය්යුත්තසඤ්ඤී දස්සනාය ගච්ඡති. අඤ්ඤත්ර තථාරූපප්පච්චයා, ආපත්ති පාචිත්තියස්ස. උය්යුත්තෙ වෙමතිකො දස්සනාය ගච්ඡති අඤ්ඤත්ර තථාරූපප්පච්චයා ආපත්ති පාචිත්තියස්ස. උය්යුත්තෙ අනුය්යුත්තසඤ්ඤී දස්සනාය ගච්ඡති අඤ්ඤත්ර තථාරූපප්පච්චයා ආපත්ති පාචිත්තියස්ස.
හැරපියා යුදයට නික්මුණු සෙන්හි යුදයට නික්මුණු සන් ඇතියේ එබඳු කරුණක් තබා දැකීමට යේ නම් පචිති ඇවැත් වෙයි. යුදයට නික්මුණු සෙන්හි විමති ඇතියේ එබඳු කරුණක් තබා දැකීමට යේ නම් පචිති ඇවැත් වෙයි. යුදයට නික්මුණු සෙන්හි යුදයට නො නික්මුණු සන් ඇතියේ එබඳු කරුණක් තබා දැකීමට යේ නම් පචිති ඇවැත් වේ.
එකමෙකං දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො පස්සති ආපත්ති දුක්කටස්ස. දස්සනූපචාරං විජහිත්වා පුනප්පුනං පස්සති ආපත්ති දුක්කටස්ස.
එකක් එකක්හු දැකීමට යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් දුකුළා ඇවැත් වෙයි. දසුන් උවසර හැරපියා පුනපුනා බලා නම් දුකුළා ඇවැත් වේ.
අනුය්යුත්තෙ උය්යුත්තසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුය්යුත්තෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුය්යුත්තෙ අනුය්යුත්තසඤ්ඤී අනාපත්ති.
යුදයට නො නික්මුණු සෙන්හි යුදයට නික්මුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. යුදයට නො නික්මුණු සෙන්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. යුදයට නො නික්මුණු සෙන්හි යුදයට නොනික්මුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: ආරාමෙ ඨිතො පස්සති, භික්ඛුස්ස ඨිතොකාසං වා නිසින්නොකාසං වා නිපන්නොකාසං වා ආගච්ඡති පටිපථං ගච්ඡන්තො පස්සති තථාරූපප්පච්චයා ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
අරම්හි සිටියේ බලා නම්, මහණක්හු සිටි තැනට හෝ හුන් තැනට හෝ හොත් තැනට හෝ පැමිණේ නම්, පෙරමගට යන්නේ දකී නම්, එබඳු කරුණකින් නම්, ඇවැත් නැති ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
උය්යුත්තසෙනාසික්ඛාපදං අට්ඨමං.
අටවැනි උය්යුත්තසේනා ශික්ෂාපද යි.