යෙදුමෙන් කියවන්න

සෙනාවාසසික‍්ඛාපදං

6. 5. 9.

6. 5. 9.

සෙනාවාසසික‍්ඛාපදං

සේනාවාස ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සතිකරණීයෙ සෙනං ගන‍්ත්‍වා අතිරෙකතිරත‍්තං සෙනාය වසන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා සෙනාය වසිස‍්සන‍්ති අම‍්හාකම‍්පි අලාභා අම‍්හාකම‍්පි දුල‍්ලද‍්ධං යෙ මයං ආජීවස‍්ස හෙතු පුත‍්තදාරස‍්ස කාරණා සෙනාය පටිවසාමා”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු කරණී ඇති කල්හි සෙනාවට ගොස් අයිරා තුන් රැයක් සේනායෙහි වසති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සේනායෙහි වුසූහු ද? යම්බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් සේනායෙහි වසමු නම් එබඳු අපට ද අලාභයෙකැ, එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අතිරෙකතිරත‍්තං සෙනාය වසිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ අතිරෙකතිරත‍්තං සෙනාය වසථාති සච‍්චං භගවා විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා අතිරෙකතිරත‍්තං සෙනාය වසිස‍්සථ නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ.

2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු අයිරා තුන් රැයක් සේනායෙහි වුසූහු” දැයි ... සැබෑ ද මහණෙනි තෙපි අයිරා තුන් රැයක් සේනායෙහි වසවු දැ යි. සැබෑ වැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු විගැරහු ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි අයිරා තුන් රැයක් සේනායෙහි වුසුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු:

“සියා ච තස‍්ස භික‍්ඛුනො කොචිදෙව පච‍්චයො සෙනං ගමනාය දිරත‍්තතිරත‍්තං තෙන භික‍්ඛුනා සෙනාය වසිතබ‍්බං තතො මෙ උත‍්තරිං වසෙය්‍ය පාචිත‍්තියන‍්ති.

යම් ඒ මහණක්හට සෙනාවට යාම පිණිස කිසියම් කරුණක් වන්නේ නම් ඒ මහණහු විසින් දෙතුන් රැයක් සේනායෙහි විසිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි වෙසේ නම් පචිති වේ යැයි.

3. සියා ච තස‍්ස භික‍්ඛුනො කොචිදෙව පච‍්චයො සෙනං ගමනායාති: සියා පච‍්චයො සියා කරණීයං.

3. සියා ච තස්ස භික්ඛුනෝ කෝචිදේව පච්චයො සේනං ගමනාය: කරුණෙක් වන්නේ යැ කළයුත්තෙක් වන්නේ යි.

දිරත‍්තතිරත‍්තං තෙන භික‍්ඛුනා සෙනාය වසිතබ‍්බන‍්ති: ද‍්වෙ තිස‍්සො රත‍්තියො වසිතබ‍්බං.

දිරත්තතිරත්තං තෙන භික්ඛුනා සේනාය වාසිතබ්බං; දෙතුන් රැයෙක් විසිය යුතු යි.

තතො චෙ උත‍්තරිං වසෙය්‍යාති: චතුත්‍ථෙ දිවසෙ අත්‍ථඞ‍්ගතෙ සූරියෙ සෙනාය වසති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අතිරෙකතිරත‍්තෙ අතිරෙකසඤ‍්ඤී සෙනාය වසති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අතිරෙකතිරත‍්තෙ වෙමතිකො සෙනාය වසති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අතිරෙකතිරත‍්තෙ ඌනකසඤ‍්ඤී සෙනාය වසති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

තතො චෙ උත්තරිං වසෙය්‍ය: සතරවන දිනයෙහි හිරු අත්ගල් ගිය කලැ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. වැඩි තුන් රැයෙහි අයිරා සන් ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. අයිරා තුන් රැයෙහි විමති ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. වැඩි තුන් රැයෙහි අඩුය යන සංඥා ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වේ.

4. ඌනකතිරත‍්තෙ අතිරෙකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. ඌනකතිරත‍්තෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. ඌනකතිරත‍්තෙ ඌනකසඤ‍්ඤී අනාපත‍්ති.

4. උනුතුන්රැයෙහි අයිරා සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උනුතුන්රැයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උනුතුන්රැයෙහි උනුසන් ඇතියේ නම් ඇවැත් නැති.

5. අනාපත‍්ති: ද‍්වෙ තිස‍්සො රත‍්තියො වසති ඌනක ද‍්වෙ තිස‍්සො රත‍්තියො වසති ද‍්වෙ රත‍්තියො වසිත්‍වා තතියාය රත‍්තියා පුරාරුණා නික‍්ඛමිත්‍වා පුන වසති, ගිලානො වසති, ගිලානස‍්ස කරණීයෙන වසති, සෙනාය වා පටිසෙනාය රුද‍්ධා හොති, කෙනචි පිළිබුද‍්ධො හොති, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

5. දෙතුන් රැයක් වෙසේ නම්, උනු දෙතුන්රැයක් වෙසේ නම්, දෙරැයක් වැස තෙවන රැය අරුණට පළමු නික්මැ යළි වෙසේ නම්, ගිලන් වැ වෙසේ නම්, ගිලනක්හුගේ කළයුත්තෙකින් වෙසේ නම්, සේනාව විසින් ප්‍රතිවිරුද්ධ සේනාව වළහන ලද්දී හෝ වේ නම්, කිසිවකුදු විසිනුදු වළහන ලද්දේ වේ නම්, ආපදාවෙහි උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

සෙනාවාස සික‍්ඛාපදං නිට‍්ඨිතං.

නවවැනි සේනාවාස ශික්‍ෂාපද යි.