යෙදුමෙන් කියවන්න

උය්‍යොධිකසික‍්ඛාපදං

6. 5. 10.

6. 5. 10.

උය්‍යොධිකසික‍්ඛාපදං

උය්‍යෝධික ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ දිරත‍්තතිරත‍්තං සෙනාය වසමානා උය්‍යොධිකම‍්පි බලග‍්ගම‍්පි සෙනාබ්‍යූහම‍්පි අනීකදස‍්සනම‍්පි ගච‍්ඡති. අඤ‍්ඤතරොපි ඡබ‍්බග‍්ගියො භික‍්ඛු උය්‍යොධිකං ගන‍්ත්‍වා කණ‍්ඩෙන පටිවිද‍්ධො හොති. මනුස‍්සා තං භික‍්ඛුං පස‍්සිත්‍වා උප‍්පණ‍්ඩෙසුං කච‍්චි භන‍්තෙ සුයුද‍්ධං අහොසි කති තෙ ලක‍්ඛානි ලද‍්ධානීති. සො භික‍්ඛු තෙහි මනුස‍්සෙහි උප‍්පණ‍්ඩියමානො මඞ‍්කු අහොසි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දෙතුන් රැයක් සේනායෙහි වසනුවෝ රණබිමට ද බලසෙන් ගණිනා තැනට ද සෙන් කඳවුරු බැඳි තැනට ද ඇණි දැකුමට ද යෙති. එක්තරා සවග මහණෙක් රණබිමට ගොස් ඊයෙන් විදින ලදුයේ වෙයි. මිනිස්සු එ මහණ දැකැ වෙළපූහ. “කිමෙක් ද? ස්වාමීනි! මනා යුද්ධයෙක් වී ද? නුඹ වහන්දෑ විසින් කෙතෙක් ලක්හු ලබන ලදහු දැ යි හේ මහණ තෙමේ ඒ මිනිසුන් විසින් වෙළපනු ලබන්නේ මකු විය.

2. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා උයොධිකං දස‍්සනාය ආගච‍්ඡිස‍්සන‍්ති අම‍්හාකම‍්පි අලාභා අම‍්හාකම‍්පි දුල‍්ලද‍්ධං යෙ මයං ආජීවස‍්ස හෙතු පුත‍්තදාරස‍්ස කාරණා උය්‍යොධිකං ආගච‍්ඡාමා”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උය්‍යොධිකං දස‍්සනාය ගච‍්ඡිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ උය්‍යොධිකං දස‍්සනාය ගච‍්ඡථාති. සච‍්චං භගවා විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා උය්‍යොධිකං දස‍්සනාය ගච‍්ඡිස‍්සථ, නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ.

2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රණබිම බැලීම පිණිස ආවෝ ද? යම් බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් රණබිමට යමු නම් එබඳු අපට ද අලාභයෙකැ, එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණෝ රණබිම දැකීම පිණිස ගියෝ” දැ යි ... සැබෑ ද මහණෙනි! තෙපි රණබිම දැකීම පිණිස යවු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි! තෙපි රණබිම දැකීම පිණිස ගියහු ද? හිස් පුරුෂයෙනි! මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි! මේ සිකපදය උදෙසවු.

දිරත‍්තතිරත‍්තං චෙ භික‍්ඛු සෙනාය වසමානො උය්‍යොධිකං වා බලග‍්ගං වා සෙනාබ්‍යූහං වා අනීකදස‍්සනං වා ගච‍්ඡෙය්‍ය පාචිත‍්තියන‍්ති.

ඉදින් මහණෙක් දෙතුන්රැයක් සේනායෙහි වසන්නේ රණබිමට හෝ බලසෙන් ගණින තැනට හෝ සෙන් කඳවුරු බැඳි තැනට හෝ ඇණි දැකුමට හෝ යන්නේ නම් පචිති වේ යැයි.

3. දිරත‍්තතිරත‍්තං චෙ භික‍්ඛු සෙනාය වසමානොති ද‍්වෙ තිස‍්සො රත‍්තියො වසමානො.

3. දිරත්තතිරත්තං චෙ භික්ඛු සේනාය වසමානෝ; දෙතුන් රැයක් වසන්නේ;

උය්‍යොධිකං නාම: යත්‍ථ සම‍්පහාරො දිය්‍යති.

උය්‍යෝධික නම්: යම් තැනෙකැ සම්ප්‍රහාරය දෙනු ලැබේ ද?

බලග‍්ගං නාම: එත‍්තකා හත්‍ථි එත‍්තකා අස‍්සා එත‍්තකා රථා එත‍්තකා පත‍්තී.

බලග්ග නම්: මෙතෙක් ඇත්තු යැ, මෙතෙක් අස්හු යැ, මෙතෙක් රියහු යැ මෙතෙක් පාබළ යැ.

සෙනාබ්‍යූහං නාම: ඉතො හත්‍ථි හොන‍්තු ඉතො අස‍්සා හොන‍්තු ඉතො රථා හොන‍්තු ඉතො පත‍්ති හොන‍්තු.

සේනාබ්‍යුහ නම්: මෙහි ඇත්තු වෙත්වා, මෙහි අස්හු වෙත්වා, මෙහි රියහු වෙත්වා මෙහි පාබලහු වෙත්වා.

අනීකං නාම: හත්‍ථානීකං අස‍්සානීකං රථානීකං පත‍්තානීකං තයො හත්‍ථි පච‍්ඡිමං හත්‍ථානීකං තයො අස‍්සා පච‍්ඡිමං අස‍්සානීකං තයො රථා පච‍්ඡිමං රථානීකං චත‍්තාරො පුරිසා සරහත්‍ථා පච‍්ඡිමං පත‍්තානීකං.

අණික නම්: ඇත් ඇණි යැ අස් ඇණි යැ රිය ඇණි යැ පාබළ ඇණි යැ තුන් ඇත්හු පැසුළු ඇත් ඇණි යැ තුන් අස්හු පැසුළු අස් ඇණි යැ තුන් රියහු පැසුළු රිය ඇණි යැ අවි ගත් අත් ඇති සිවු පුරිස්හු පැසුළු පාබළ ඇණිය යි.

දස‍්සනාය ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස. යත්‍ථ ඨිතො පස‍්සති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. දස‍්සනූපචාරං විජහිත්‍වා පුනප‍්පුනං පස‍්සති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා බලා නම් පචිති ඇවැත් වේ.

5. එකමෙකං දස‍්සනාය ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස. යත්‍ථ ඨිතො පස‍්සති ආපත‍්ති දුක‍්කටස‍්ස. දස‍්සනූපචාරං විජහිත්‍වා පුනප‍්පුනං පස‍්සති ආපත‍්ති දුක‍්කටස‍්ස.

5. එකක් එකක්හු දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් දුකුළා ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා බලා නම් දුකුළා ඇවැත් වේ.

6. අනාපත‍්ති: ආරාමෙ ඨිතො පස‍්සති භික‍්ඛුස‍්ස ඨිතොකාසං වා නිසින‍්නොකාසං වා නිපන‍්නොකාසං වා ආගන‍්ත්‍වා සම‍්පහාරො දීයති, පටිපථං ගච‍්ඡන‍්තො පස‍්සති, සති කරණීයෙ ගන‍්ත්‍වා පස‍්සති, ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

6. අරම්හි සිටියේ දකී නම්, මහණක්හු සිටි තැනට හෝ හුන් තැනට හෝ හොත් තැනට හෝ අවුත් පහර දෙනු ලැබේ නම්, පෙර මඟට යන්නේ දකී නම්, කරණී ඇති කල්හි ගොස් බලා නම්, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

උය්‍යොධික සික‍්ඛාපදං නිට‍්ඨිතං.

දසවැනි උය්‍යෝධිකශික්‍ෂාපද යි.

අචෙලකවග‍්ගො පඤ‍්චමො.

පඤ්චම අචෙලකවර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අචෙලකං උය්‍යොජඤ‍්ච සභොජනං දුවෙ රහො සභත‍්තකඤ‍්ච භෙසජ‍්ජං උය්‍යුත‍්තං සෙනුය්‍යොධිකන‍්ති.

අචේලක යැ උය්‍යෝජන යැ සභෝජන යැ පඨම–දුතිය රහෝ නිසජ්ජ දෙක යැ බොජුන් සහිත චාරිත්ත යැ බෙහෙත් නිසා පැන වූ මහානාම සිඛ යැ උය්‍යුත්ත සේනා වාස යැ සේනා වාස යැ උය්‍යෝධික සිඛපදය ද වේ.