යෙදුමෙන් කියවන්න

සුරාපානසික‍්ඛාපදං

6. 6. 1.

6. 6. 1.

සුරාපානසික‍්ඛාපදං

සුරාපාන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා චෙතියෙසු චාරිකං චරමානො යෙන භද‍්දවතිකා තෙන පායාසි. අද‍්දසංසු ඛො ගොපාලකා පසුපාලකා කස‍්සකා පථාවිනො භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං, දිස‍්වාන භගවන‍්තං එතදවොචුං. මා ඛො භන‍්තෙ භගවා අම‍්බතිත්‍ථං අගමාසි, අම‍්බතිත්‍ථෙ භන‍්තෙ ජටිලස‍්ස අස‍්සමෙ නාගො පටිවසති ඉද‍්ධිමා ආසිවිසො ඝොරවිසො. සො භගවන‍්තං මා විහෙඨෙසී”ති. එවං වුත‍්තෙ භගවා තුණ‍්හී අහොසි. දුතියම‍්පි ඛො -පෙ- තතියම‍්පි ඛො ගොපාලකා පසුපාලකා කස‍්සකා පථාවිනො භගවන‍්තං එතදවොචුං: “මා ඛො භන‍්තෙ භගවා අම‍්බතිත්‍ථං අගමාසි, අම‍්බතිත්‍ථෙ භන‍්තෙ ජටිලස‍්ස අස‍්සමෙ නාගො පටිවසති ඉද‍්ධිමා ආසිවිසො ඝොරවිසො. සො භගවන‍්තං මා විහෙඨෙසී”ති. තතියම‍්පි ඛො භගවා තුණ‍්හී අහොසි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු චේතිය දනවුහි සැරි සරනුවෝ භද්දවතිකා නම් ග්‍රාමයට වැඩවදාළෝ. ගවපාලකයෝ පශුපාලකයෝ කර්‍ෂකයෝ මාර්ගිකයෝ වඩනා භාග්‍යවතුන් දුරැ දී ම දුටුහ. දැක භාග්‍යවතුන්හට තෙල කීහු. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අම්බතීර්‍ත්‍ථයට නහමක් වඩනා සේක්වා. වහන්ස! අම්බතීර්‍ත්‍ථයෙහි ජටිලයාගේ අසපුවෙහි ඍද්ධිමත් වූ ආශීවිෂ ඇති ඝොරවිෂ ඇති නාගයෙක් වෙසෙයි. හේ භාග්‍යවතුන් නහමක් වෙහෙසාව” යි. මෙසේ කී කල්හි බුදුහු නිහඬ වූහු. දෙවනවටදු ... තෙවනවටදු ගවපාලකයෝ පශුපාලකයෝ කර්‍ෂකයෝ මාර්ගිකයෝ භාග්‍යවතුන්හට මෙය කීහු. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අම්බතීර්‍ත්‍ථයට නහමක් වඩනා සේක්වා, වහන්ස, අම්බතීර්‍ත්‍ථයෙහි ජටිලයාගේ අසපුවෙහි ඍද්ධිමත් වූ ආශීවිෂ ඇති ඝොරවිෂ ඇති නාගයෙක් වෙසෙයි. හේ භාග්‍යවතුන් නහමක් වෙහෙසාව” යි. තෙවනවටදු බුදුහු නිහඬ වූහු.

2. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන භද‍්දවතිකා තදවසරි, තත්‍රසුදං භගවා භද‍්දවතිකායං විහරති. අථ ඛො ආයස‍්මා සාගතො යෙන අම‍්බතිත්‍ථකස‍්ස. ජටිලස‍්ස අස‍්සමො තෙනුපසඞ‍්කමි උපසඞ‍්කමිත්‍වා අග්‍යාගාරං පවිසිත්‍වා තිණසන්‍ථාරකං පඤ‍්ඤාපෙත්‍වා නිසීදි පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා උජුංකායං පණිධාය පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා. අථ ඛො සො නාගො ආයස‍්මන‍්තං සාගතං පවිට‍්ඨං දිස‍්වාන දුක‍්ඛී දුම‍්මනො පධූපායි. ආයස‍්මාපි සාගතො පධූපායි. අථ ඛො සො නාගො මක‍්ඛං අසහමානො පජ‍්ජලි. ආයස‍්මාපි සාගතො තෙජොධාතුං සමාපජ‍්ජිත්‍වා පජ‍්ජලි. අථ ඛො ආයස‍්මා සාගතො තස‍්ස නාගස‍්ස තෙජසා තෙජං පරියාදියිත්‍වා යෙන භද‍්දවතිකා තෙනුපසඞ‍්කමි. අථ ඛො භගවා භද‍්දවතිකායං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන කොසම‍්බී තෙන චාරිකං පක‍්කාමි. අස‍්සොසුං ඛො කොසම‍්බිකා උපාසකා අය්‍යො කිර සාගතො අම‍්බතිත්‍ථිකෙන නාගෙන සද‍්ධිං සඞ‍්ගාමෙසීති.

2. ඉක්බිති භාග්‍යවත් බුදුහු පිළිවෙළින් සැරි සරනුවෝ භද්දවතිකා නම් ග්‍රාමයට වැඩමකළහ. බුදුහු ඒ භද්දවතිකායෙහි වැඩැවෙසෙති. එකල්හි ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේ අම්බතීර්‍ත්‍ථයෙහි ජටිලයාගේ අසපුවට එළැඹියේ යැ. එළැඹැ ගිනිහල්ගෙට පිවිස තණ ඇතිරියක් පනවා පලඟ බැඳ උඩුකය ඉදීව තබා කමටහනට අබිමුව කොට සිහි එළවා හුන්නේ යි. එකල්හි ඒ නාගයා පිවිසි ආයුෂ්මත් සාගත තෙරුන් දැක දුකට පැමිණියේ නො සතුටු වූයේ දුමාලී යැ. ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේත් දුමාලී යැ. එකල්හි ඒ නාගයා ක්‍රෝධය නො ඉවසන්නේ දිලිහී ගියේ යැ. ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේත් තේජෝධාතුවට සමවැද දිලිහී ගියේ යි. ඉක්බිති ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේ ඒ නාගයාගේ තෙද (තමාගේ) තෙදින් මැඩැගෙන භද්දවතිකා ග්‍රාමයට එළැඹියේ යි. ඉක්බිති භාග්‍යවත් බුදුහු භද්දවතිකායෙහි කැමැතිතාක් විහරණය කොට කොසඹෑනුවර බලා සැරි සැරූහු කොසඹෑනුවරැ වූ උවසුවෝ “ආර්‍ය්‍ය සාගතස්ථවිර තෙමේ අඹතොටැ නාගයා හා සමඟ යුද කෙළේ යැ” යි ඇසූහු.

3. අථ ඛො භගවා අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන කොසම‍්බී තදවසරි. අථ ඛො කොසම‍්බිකා උපාසකා භගවතො පච‍්චුග‍්ගමනං කරිත්‍වා යෙනායස‍්මා සාගතො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං සාගතං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො කොසම‍්බිකා උපාසකා ආයස‍්මන‍්තං සාගතං එතදවොචුං: “කිං භන‍්තෙ අය්‍යානං දුල‍්ලභඤ‍්ච මනාපඤ‍්ච කිං පටියාදෙමා”ති. එවං වුත‍්තෙ ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කොසම‍්බිකෙ උපාසකෙ එතදවොචුං: “අත්‍ථාවුසො කාපොතිකා නාම පසන‍්නා භික‍්ඛූනං දුල‍්ලභා ච මනාපා ච, තං පටියාදෙථා”ති. අථ ඛො කොසම‍්බිකා උපාසකා ඝරෙ ඝරෙ කාපොතිකං පසන‍්නං පටියාදෙත්‍වා ආයස‍්මන‍්තං සාගතං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වාන ආයස‍්මන‍්තං සාගතං එතදවොචුං: “පිවතු භන‍්තෙ අය්‍යො සාගතො කාපොතිකං පසන‍්නං, පිවතු භන‍්තෙ අය්‍යො සාගතො කාපොතිකං පසන‍්න”න‍්ති. අථ ඛො ආයස‍්මා සාගතො ඝරෙ ඝරෙ කාපොතිකං පසන‍්නං පිවිත්‍වා නගරම‍්හා නික‍්ඛමන‍්තො නගරද‍්වාරෙ පරිපති.

3. ඉක්බිති බුදුහු පිළිවෙළින් සැරි සරනුවෝ කොසඹෑ නුවරට වැඩම කළහ. එකල්හි කොසඹෑ නුවර උවසුවෝ භාග්‍යවතුන්හට පෙරැගමන් කොට ආයුෂ්මත් සාගත තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් සාගත තෙරුන් සකසා වැඳ එකත්පසෙකැ සිටියහ. එකත්පසෙකැ සිටියා වූ කොසඹෑනුවර උවසුවෝ ආයුෂ්මත් සාගත තෙරුන්ට තෙල කීහු: “වහන්ස, ආර්‍ය්‍යයන්හට කිමෙක් දුර්‍ලභත් වේ ද? මනවඩන්නේත් වේ ද? කුමක් පිළියෙළ කරමෝ” දැ යි. මෙසේ කී කල්හි සවග මහණහු කොසඹෑ නුවර උවසුවනට තෙල කීහු: “ඇවැත්නි, මහණුන්හට දුර්‍ලභ වූත් මනවඩන්නා වූත් කාපෝතිකා නම් සුරාමණ්ඩයෙක් ඇති, එය පිළියෙළ කරව”යි. එකල්හි කොසඹෑනුවර උවසුවෝ ගෙයක් පාසා කාපෝතිකා සුරා මණ්ඩය පිළියෙළ කොට ආයුෂ්මත් සාගත තෙරුන් පිඬු පිණිස හැසිරෙන්නවුන් දැක ආයුෂ්මත් සාගත තෙරුන්ට මෙය කීහු: “වහන්ස, ආර්‍ය්‍ය සාගත තෙමේ කාපොතිකාසුරාමණ්ඩය පානය කෙරේවා” වහන්ස, සාගත ආර්‍ය්‍යයන් වහන්සේ කාපොතිකාසුරාමණ්ඩය පානය කෙරෙත්වා” යි. එකල්හි ආයුෂ්මත් සාගත තෙමේ ගෙයක් පාසා කාපොතිකාසුරාමණ්ඩය පානය කොට නුවරින් නික්මෙනුයේ නුවර දොරැ වැටුණේ යි.

4. අථ ඛො භගවා සම‍්බහුලෙහි භික‍්ඛූහි සද‍්ධිං නගරම‍්හා නික‍්ඛමන‍්තො අද‍්දස ආයස‍්මන‍්තං සාගතං නගරද‍්වාරෙ පරිපතිතං දිස‍්වාන භික‍්ඛූ ආමන‍්තෙසි: “ගණ‍්හථ භික‍්ඛවෙ සාගත”න‍්ති. “එවං භන‍්තෙති ඛො තෙ භික‍්ඛූ භගවතො පටිසුණිත්‍වා ආයස‍්මන‍්තං සාගතං ආරාමං නෙත්‍වා යෙන භගවා තෙන සීසං කත්‍වා නිපාතෙසුං. අථ ඛො ආයස‍්මා සාගතො පරිවත‍්තිත්‍වා යෙන භගවා තෙන පාදෙ කරිත්‍වා සෙය්‍යං කප‍්පෙසි. අථ ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: “නනු භික‍්ඛවෙ පුබ‍්බෙ සාගතො තථාගතෙ සගාරවො අහොසි සප‍්පතිස‍්සො”ති.

4. ඉක්බිති භාග්‍යවත් බුදුහු බොහෝ භික්‍ෂූන් සමග නුවරින් නික්මෙනුවෝ නුවරදොරැ වැටුණු ආයුෂ්මත් සාගත තෙරුන් දුටුහ. දැකැ වදාරා “මහණෙනි, සාගතයා ගනුව” යි මහණුන් ඇමැතූහ. එසේ යැ වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට පිළිවදන් දී ආයුෂ්මත් සාගත තෙරුන් ආරාමයට ගෙන ගොස් භාග්‍යවතුන් දෙසට හිස කොට හොවා තැබූහු. එකල්හි ආයුෂ්මත් සාගත පෙරැළී භාග්‍යවතුන් දිසාවට පාදිගු කොට ශයනය කෙළේ යැ. එකල්හි බුදුහු මහණුන් ඇමැතූහ: “මහණෙනි, සාගත මහණ තථාගතයන් කෙරෙහි ගරු සහිත වූයේ බුහුමන් සහිත වූයේ නො වේ” දැ යි.

එවං භන‍්තෙ.

එසේ යැ වහන්ස,

“අපි නු ඛො භික‍්ඛවෙ සාගතො එතරහි තථාගතෙ සගාරවො සප‍්පතිස‍්සො”ති.

මහණෙනි, සාගත මහණ දැන් වූ කලි තථාගතයන් කෙරෙහි ගරු සහිත වූයේ බුහුමන් සහිත වූයේ වේ දැ යි.

නොහෙතං භන‍්තෙ.

තෙල කරුණ නො වේ මැ යි වහන්ස,

නනු භික‍්ඛවෙ සාගතො අම‍්බතිත්‍ථිකෙන නාගෙන සද‍්ධිං සඞ‍්ගාමෙසීති.

මහණෙනි, සාගත මහණ අම්බතීර්‍ත්‍ථයෙහි වැසි නාගයා සමඟ යුද කෙළේ නො වේ දැ යි.

එවං භන‍්තෙ.

එසේ යැ වහන්ස,

අපි නු ඛො භික‍්ඛවෙ සාගතො එතරහි පහොති නාගෙන දෙඩ‍්ඪුහෙනාපි සද‍්ධිං සඞ‍්ගාමෙතුන‍්ති.

දැන් වූ කලි මහණෙනි, සාගතමහණ දියබරණක්හු සමඟ වත් යුද කරනට සමර්‍ත්‍ථ වේ දැ යි.

නොහෙතං භන‍්තෙ.

තෙල කරුණ නො වේ මැ යි වහන්ස,

අපි නු ඛො භික‍්ඛවෙ තං පාතබ‍්බං යං පිවිත්‍වා විසඤ‍්ඤී අස‍්සාති.

මහණෙනි, යමක් පානය කොට විසංඥ වේ නම් එය පානය කළයුතු වේ දැ යි.

නොහෙතං භන‍්තෙ.

තෙල කරුණ නොවේ මැ යි වහන්ස,

අනනුච‍්ඡවියං භික‍්ඛවෙ සාගතස‍්ස අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං: කථං හි නාම භික‍්ඛවෙ සාගතො මජ‍්ජං පිවිස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

මහණෙනි, සාගත මහණහට මෙය නො සීහෙන්නෙකැ, නො අනුලෝමෙකැ නො සුදුස්සෙකැ, නො මහණකමෙකැ, නො කැපයෙකැ නො කළයුත්තෙකි. කෙසේ නම් මහණෙනි, සාගත මහණ මත්පැන් පානය කෙළේ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

සුරාමෙරයපානෙ පාචිත‍්තියන‍්ති.

රහමෙර බීමෙහි පචිති වේ යැ යි.

5. සුරා නාම: පිට‍්ඨසුරා පූවසුරා ඔදනසුරා කිණ‍්ණපක‍්ඛිත‍්තා සම‍්භාරසංයුත‍්තා.

5. සුරා නම්: පිට්ඨසුරා යැ පූවසුරා යැ ඕදනියසුරා යැ කිණණපක්ඛිත්තසුරා යැ සම්භාරසංයුත්තසුරා යි.

මෙරයො නාම: පුප‍්ඵාසවො ඵලාසවො මධ‍්වාසවො ගුළාසවො සම‍්භාරසංයුත‍්තො.

මේරය නම්: පුප්ඵාසව යැ ඵලාසව යැ මධවාසව යැ ගුළාසව යැ සම්භාර සංයුත්ත යි.

පිවෙය්‍යාති: අන‍්තමසො කුසග‍්ගෙනපි පිවති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පිචෙය්‍ය: යටත් පිරිසෙයින් කුසතණගිනුදු පානය කෙරේ නම් පචිති ඇවැත් වේ.

6. මජ‍්ජෙ මජ‍්ජසඤ‍්ඤී පිවති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මජ‍්ජෙ වෙමතිකො පිවති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මජ‍්ජෙ අමජ‍්ජසඤ‍්ඤී පිවති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. මද්‍යයෙහි මද්‍යසංඥා ඇතියේ පානය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මද්‍යයෙහි විමති ඇතියේ පානය කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මද්‍යයෙහි අමද්‍ය සංඥා ඇතියේ පානය කෙරේ නම් පචිති ඇවැත් වේ.

7. අමජ‍්ජෙ මජ‍්ජසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අමජ‍්ජෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අමජ‍්ජෙ අමජ‍්ජසඤ‍්ඤී අනාපත‍්ති.

7. අමද්‍යයෙහි මද්‍යසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අමද්‍යයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අමද්‍යයෙහි අමද්‍ය සංඥා ඇතියේ නම් ඇවැත් නැති.

8. අනාපත‍්ති: අමජ‍්ජඤ‍්ච හොති මජ‍්ජවණ‍්ණං මජ‍්ජගන්‍ධං මජ‍්ජරසං තං පිවති, සූපසම‍්පාකෙ මංසසම‍්පාකෙ තෙලසම‍්පාකෙ ආමලකඵාණිතෙ අමජ‍්ජං අරිට‍්ඨං පිවති උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

8. මද්‍යවර්‍ණය ඇති මද්‍යගන්‍ධය ඇති මද්‍යසාරය ඇති (යම්) අමද්‍යයෙක් වේ ද එය පානය කෙරේ නම්, සූපසම්පාකයෙහි මංසසම්පාකයෙහි තෙලසම්පාකයෙහි ඇඹුල්පැණියෙහි මද්‍ය නො වූ අරිෂ්ටය පානය කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

සුරාපානසික‍්ඛාපදං පඨමං.

පළමුවැනි සුරාපාන ශික්‍ෂාපද යි.