යෙදුමෙන් කියවන්න

සුරාපානවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සුරාපාන වර්‍ගය

සුරාපානසික‍්ඛාපදවණ‍්ණනා

සුරාපාන ශික්‍ෂාපද වර්ණනාව

සුරාපානවග‍්ගස‍්ස පඨමසික‍්ඛාපදෙ – භද‍්දවතිකාති එකො ගාමො, සො භද‍්දිකාය වතියා සමන‍්නාගතත‍්තා එතං නාම ලභි. පථාවිනොති අද‍්ධිකා. තෙජසා තෙජන‍්ති අත‍්තනො තෙජසා ආනුභාවෙන නාගස‍්ස තෙජං. කාපොතිකාති කපොතපාදසමවණ‍්ණරත‍්තොභාසා. පසන‍්නාති සුරාමණ‍්ඩස‍්සෙතං අධිවචනං. අනනුච‍්ඡවියං භික‍්ඛවෙ සාගතස‍්සාති පඤ‍්චාභිඤ‍්ඤස‍්ස සතො මජ‍්ජපානං නාම න අනුච‍්ඡවියන‍්ති වුත‍්තං හොති.

සුරාපාන වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “භද්දවතිකා” යනු එක් ගමෙක් වේ. ඒ ගම යහපත් වැටකින් යුක්ත බැවින් මේ නම ලැබීය. “පථාවිනො” මාර්ගිකයෝ. “තෙජසා තෙජං” තමන්ගේ තේජසින්. ආනුභාවයෙන්. නාගයාගේ තේජස. “කාපොතිකා” පරවිපා සමාන රතු පැහැ ඇති. “පසන්නා” යනු සුරාමණ්ඩයට මේ නමෙකි. “අනනුච්ඡවියං භික්‍ඛවෙ සාගතස්ස” ස්මෘතිමත් වූ පඤ්චාභිඥා ඇත්තහුට මද්‍යපානය නම් නොහොබනේයයි වදාරන ලද්දේය.

පුප‍්ඵාසවො නාම මධුකපුප‍්ඵාදීනං රසෙන කතො. ඵලාසවො නාම මුද‍්දිකඵලාදීනි මද‍්දිත්‍වා තෙසං රසෙන කතො. මධ‍්වාසවො නාම මුද‍්දිකානං ජාතිරසෙන කතො; මක‍්ඛිකමධුනාපි කරියතීති වදන‍්ති. ගුළාසවො නාම උච‍්ඡුරසාදීහි කරියති. සුරා නාම පිට‍්ඨකිණ‍්ණපක‍්ඛිත‍්තා; නාළිකෙරාදීනම‍්පි රසෙන කතා සුරාත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති, තස‍්සායෙව කිණ‍්ණපක‍්ඛිත‍්තාය මණ‍්ඩෙ ගහිතෙ මෙරයොත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡතීති වදන‍්ති. අන‍්තමසො කුසග‍්ගෙනපි පිවතීති එතං සුරං වා මෙරයං වා බීජතො පට‍්ඨාය කුසග‍්ගෙන පිවතොපි පාචිත‍්තියන‍්ති අත්‍ථො. එකෙන පන පයොගෙන බහුම‍්පි පිවන‍්තස‍්ස එකා ආපත‍්ති. විච‍්ඡින්‍දිත්‍වා විච‍්ඡින්‍දිත්‍වා පිවතො පයොගගණනාය ආපත‍්තියො.

“පුප්ඵාසව” නම් මීමල් ආදීන්ගේ මල් රසයෙන් කරන ලද්දේය. “ඵලාසව” නම් මුද්‍රික ඵලාදිය මැඩගෙන ඔවුන්ගේ රසයෙන් කරන ලද්දේය. “මධ්වාස” නම් මිදිවල ජාති රසයෙන් කරන ලද්දේය. මැස්සන් බැඳි මීයෙන්ද කෙරේයයි කියත්. “ගුළාසව” නම් උක්පැණි ආදියෙන් කරනු ලැබේ. “සුරා” නම් පිටි හා රාබිජු බහාලන ලද්දී වේ. නෙරළු ආදීන්ගේ රසයෙන් කරන ලද්දී ද, සුරාමැයි පිළිගනී. රාබිජු බැහූ ඒ සුරාවගේ මණ්ඩය ගත් කල්හි මෙර මැයි යන ගිණීමට යේයයි කියත්. “අන්තමසො කුසග්ගෙනපි පිවති” මේ සුරා හෝ මෙරය හෝ ද්‍රව්‍ය පිළියෙල කොට සැළියෙහි බහාලූ තැන් පටන්ද තල්, පොල් ආදීන්ගේ මල් පැණි, මලින් ගිලිහුණු තැන් පටන්ද, තණ අගකින් නමුත් බොන මහණහුටද පාචිත්තිය වේය යන අර්‍ත්‍ථයි. එක් ප්‍රයොගයකින් බොහෝ බොන මහණහුට එක්ම ඇවැතක් වේ. කඩ කඩ කොට බොන මහණහුට ප්‍රයොග ගණනින් ඇවැත් වේ.

අමජ‍්ජඤ‍්ච හොති මජ‍්ජවණ‍්ණං මජ‍්ජගන්‍ධං මජ‍්ජරසන‍්ති ලොණසොවීරකං වා සුත‍්තං වා හොති. සූපසම‍්පාකෙති වාසගාහාපනත්‍ථං ඊසකං මජ‍්ජං පක‍්ඛිපිත්‍වා සූපං පචන‍්ති, තස‍්මිං අනාපත‍්ති. මංසසම‍්පාකෙපි එසෙව නයො. තෙලං පන වාතභෙසජ‍්ජත්‍ථං මජ‍්ජෙන සද‍්ධිං පචන‍්ති, තස‍්මිම‍්පි අනතික‍්ඛිත‍්තමජ‍්ජෙයෙව අනාපත‍්ති, යං පන අතික‍්ඛිත‍්තමජ‍්ජං හොති, එත්‍ථ මජ‍්ජස‍්ස වණ‍්ණගන්‍ධරසා පඤ‍්ඤායන‍්ති, තස‍්මිං ආපත‍්තියෙව. අමජ‍්ජං අරිට‍්ඨන‍්ති යො අරිට‍්ඨො මජ‍්ජං න හොති, තස‍්මිං අනාපත‍්ති. ආමලකාදීනංයෙව කිර රසෙන අරිට‍්ඨං කරොන‍්ති, සො මජ‍්ජවණ‍්ණගන්‍ධරසොයෙව හොති, න ච මජ‍්ජං; තං සන්‍ධායෙතං වුත‍්තං. යො පන සම‍්භාරපක‍්ඛිත‍්තො, සො මජ‍්ජං හොති, බීජතො පට‍්ඨාය න වට‍්ටති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. එළකලොමසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති. වත්‍ථුඅජානනතාය චෙත්‍ථ අචිත‍්තකතා වෙදිතබ‍්බා, අකුසලෙනෙව පාතබ‍්බතාය ලොකවජ‍්ජතාති.

“අමජ්ජඤ්ච හොති මජ්ජවණ්ණං මජ්ජගන්‍ධං මජ්ජරසං” අරළු, නෙල්ලි ආදිය එක්කොට කළ ලවණ කාසියක් හෝ නොයෙක් ද්‍රව්‍යයන් එක් කොට එනම් බෙහෙතක් හෝ වේද, (ඒ ලොණසොවීරාදිය බොන මහණහුට අනාපත්තියි දන්නේය) ‘සූපසම්පාදකෙ’ සුවඳ ගන්වනු පිණිස මද්‍යය ස්වල්පයක් බහා සූප පිසත්, ඒ සූපාදිය අනුභව කිරීම නිමිති කොට ඇවැත් නොවේ. මාංස සම්පාකයෙහිද මේ නයමවේ. තෙල් වනාහි වාත බෙහෙත් පිණිසද මද්‍යය සමග පිසත්. එහිද ඉතා මදක්ලූ මද්‍යය ඇත්තේම ඇවැත් නොවේ. යමක් වනාහි වැඩි කොට බැහූ මද්‍යය ඇත්තේවේද, යමෙක මද්‍යයෙහි පැහැය ගඳ රස දක්නා ලැබේද, එහි ඇවැත්වේමය. “අමජ්ජං අරිට්ඨං” ඵලාරිෂ්ට දත්තාරිෂ්ටාදී වූ යම් අරිෂ්ටයක් මද්‍යයක් නොවේද, එහි ඇවැත් නොවේ. නෙල්ලි ආදීන්ගේ රසයෙන් අරිෂ්ට කෙරෙත්ද, ඒ අරිෂ්ටය මද්‍යවර්‍ණගන්‍ධරස ඇත්තේම වේ. මද්‍යයද නොවේ. ඒ සඳහා මෙය කියනලදී. යම් රසයක් වනාහි ද්‍රව්‍ය බහාලන ලද්දේ වේද, ඒ රසය මද්‍යය වේද, බීජය පටන් නොවටියි. මෙහි සෙස්ස ප්‍රකටමය. ඵළක ලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි. මෙහි වස්තු නොදන්නා බැවින් අචිත්තකබව දතයුතුය. අකුශල චිත්තයෙන් යුක්තවම වියයුතු බැවින් ලොකවද්‍යභාවය වේ.

සුරාපානසික‍්ඛාපදං පඨමං.

පළමුවන සුරාපාන ශික්‍ෂාපදයයි

අඞ‍්ගුලිපතොදකසික‍්ඛාපදවණ‍්ණනා

අඞ්ගුලිපතෝදක ශික්‍ෂාපද වර්ණනාව

දුතියෙ – අඞ‍්ගුලිපතොදකෙනාති අඞ‍්ගුලීහි උපකච‍්ඡකාදිඝට‍්ටනං වුච‍්චති. උත‍්තසන‍්තොති අතිහාසෙන කිලමන‍්තො. අනස‍්සාසකොති උපච‍්ඡින‍්නඅස‍්සාසපස‍්සාසසඤ‍්චාරො හුත්‍වා. අනුපසම‍්පන‍්නං කායෙන කායන‍්ති එත්‍ථ භික‍්ඛුනීපි අනුපසම‍්පන‍්නට‍්ඨානෙ ඨිතා, තම‍්පි ඛිඩ‍්ඩාධිප‍්පායෙන ඵුසන‍්තස‍්ස දුක‍්කටං. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

ද්විතීය ශික්‍ෂාපදයෙහි - “අඞ්ගුලිපතොදකෙ” ඇඟිලිවලින් කිහිලි ආදිය ගැටීම කියනු ලැබේ. “උත්තයන්නො” සිනහයෙන් ක්ලාන්තවෙමින් “අනස්සාසකො” සිඳීගිය ආශ්වාස ප්‍රශ්වාස සංචාරය ඇත්තෙක්ව “අනුපසම්පන්නතං කායෙන කායං” මෙහි මෙහෙණද අනුපසම්පන්න ස්ථානයෙහි සිටියා ඒ මෙහෙණද ක්‍රීඩාද්ධ්‍යාසයෙන් ස්පර්‍ශ කරන මහණහුට දුක්කටය වේ. මෙහි සෙස්ස ප්‍රකටමය.

පඨමපාරාජිකසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, ද‍්විවෙදනන‍්ති.

ප්‍රථම පාරාජික සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශල චිත්තයි. ද්විවෙදනයි.

අඞ‍්ගුලිපතොදකසික‍්ඛාපදං දුතියං.

දෙවන අඞ්ගුලිපතොදක ශික්‍ෂාපදයයි

හසධම‍්මසික‍්ඛාපදවණ‍්ණනා

හස්සධම්ම ශික්‍ෂාපද වර්ණනාව

තතියෙ – අප‍්පකතඤ‍්ඤුනොති යං භගවතා පකතං පඤ‍්ඤත‍්තං, තං න ජානන‍්තීති අත්‍ථො.

තෘතීය ශික්‍ෂාපදයෙහි - “අප්පකතඤ්ඤුනො” භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් කරන ලද්දේ ද, පනවන ලද්දේ ද, එය නොදනිත්ය යන අර්‍ත්‍ථයි.

උදකෙ හසධම‍්මෙති උදකකීළිකා වුච‍්චති. උපරිගොප‍්ඵකෙති ගොප‍්ඵකානං උපරිභාගප‍්පමාණෙ. හසාධිප‍්පායොති කීළාධිප‍්පායො. නිමුජ‍්ජති වාතිආදීසු නිමුජ‍්ජනත්‍ථාය ඔරොහන‍්තස‍්ස පදවාරෙ පදවාරෙ දුක‍්කටං. නිමුජ‍්ජනුම‍්මුජ‍්ජනෙසු පයොගෙ පයොගෙ පාචිත‍්තියං. නිමුජ‍්ජිත්‍වා අන‍්තොඋදකෙයෙව ගච‍්ඡන‍්තස‍්ස හත්‍ථවාරපදවාරෙසු සබ‍්බත්‍ථ පාචිත‍්තියං. පලවතීති තරති. හත්‍ථෙහි තරන‍්තස‍්ස හත්‍ථවාරෙ හත්‍ථවාරෙ පාචිත‍්තියං. පාදෙසුපි එසෙව නයො. යෙන යෙන අඞ‍්ගෙන තරති, තස‍්ස තස‍්ස පයොගෙ පයොගෙ පාචිත‍්තියං. තීරතො වා රුක‍්ඛතො වා උදකෙ පතති, පාචිත‍්තියමෙව. නාවාය කීළතීති ඵියාරිත‍්තාදීහි නාවං පාජෙන‍්තො වා තීරෙ උස‍්සාරෙන‍්තො වා නාවාය කීළති, දුක‍්කටං.

“උදකෙ හස්සධම්මෙ” දියකෙළිය කියනු ලැබේ. “උපරිගොප්ඵකෙ” ගොප්ඇට පිළිබඳ මතුකොටස් පමණෙහි. “හස්සාධිප්පායො” ක්‍රීඩාද්ධ්‍යාසය ඇත්තේ. “නිමුජ්ජති වා” යනාදිතන්හි ගිලීම පිණිස දියට බසින්නහුට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. ගොප්ඇටින් මතුභාගප්‍රමාණ ජලයෙහි කෙළීමෙහි අදහස් ඇතිව ගිලීම් ඉපිලීම්හි ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය වේ. දියෙහි ගිලී දිය තුළම යන මහණහුට හස්තවාර පදවාරයන්හි සියලු තන්හි පාචිත්තිය වේ. “පිලවති” පීනයි අත්වලින් පීනන්නහු අත්වරෙක්හි අත්වරෙක්හි පාචිත්තිය වේ. පා වාරයන්හිද මේ නයමවේ. යම් යම් අවයවයකින් පීනාද, ඒ ඒ අවයවයාගේ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය වේ. ඉවුරෙන් හෝ රුකකින් හෝ දියට පනීද, පාචිත්තියම වේ. “නාවාය කීළති” පලුපන් රිටි ආදියෙන් නැව පදිමිත් හෝ ඉවුරට නගමින් හෝ නැවෙහි ක්‍රීඩා කෙරේද, දුක්කටය වේ.

හත්‍ථෙන වාතිආදීසුපි පයොගෙ පයොගෙ දුක‍්කටං. කෙචි හත්‍ථෙන උදකෙ ඛිත‍්තාය කථලාය පතනුප‍්පතනවාරෙසු දුක‍්කටං වදන‍්ති, තං න ගහෙතබ‍්බං. තත්‍ථ හි එකපයොගත‍්තා එකමෙව දුක‍්කටං, අපිච උපරිගොප‍්ඵකෙ වුත‍්තානි උම‍්මුජ‍්ජනාදීනි ඨපෙත්‍වා අඤ‍්ඤෙන යෙන කෙනචි ආකාරෙන උදකං ඔතරිත්‍වා වා අනොතරිත්‍වා වා යත්‍ථ කත්‍ථචි ඨිතං උදකං අන‍්තමසො බින්‍දුං ගහෙත්‍වා ඛිපනකීළායපි කීළන‍්තස‍්ස දුක‍්කටමෙව, අත්‍ථජොතකං පන අක‍්ඛරං ලිඛිතුං වට‍්ටති, අයමෙත්‍ථ විනිච‍්ඡයො. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“හත්‍ථෙන වා” යනාදි තන්හිද ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ. අභයගිරිවාසීහු අතින් දියෙහි දැමු කැබලිත්තක පතනොත්පතනවාරයන්හි දුක්කටය කියත්. එය නොගතයුතුය. එහි වනාහි එක් ප්‍රයොගය බැවින් එක්ම දුක්කටය වේ. තවද ගොප් ඇටින් මතුවෙහි කියූ ඉපිලීම් ආදිය හැර යම්කිසි අන් අයුරකින් දියට බැස හෝ නොබැස හෝ යම් තැනක තුබූ දියක් යටත් පිරිසයින් බින්දුවක් ගෙණ හෙළන ක්‍රීඩාවෙන්ද ක්‍රීඩා කරන මහණහුට දුක්කටයම වේ. අර්‍ත්‍ථ ප්‍රකාශ කරන අකුරු ලිවීම වටියි. මේ මෙහි විනිශ්චයයි. සෙස්ස ප්‍රකටමය.

පඨමපාරාජිකසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

ප්‍රථම පාරාජික සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.

හසධම‍්මසික‍්ඛාපදං තතියං.

තෙවන හස්සධම්ම ශික්‍ෂාපදයයි

අනාදරියසික‍්ඛාපදවණ‍්ණනා

අනාදරිය ශික්‍ෂාපද වර්ණනාව

චතුත්‍ථෙ – කථායං නස‍්සෙය්‍යාති කථං අයං ධම‍්මො තන‍්ති පවෙණී නස‍්සෙය්‍ය. තං වා න සික‍්ඛිතුකාමොති යෙන පඤ‍්ඤත‍්තෙන වුච‍්චති, තං පඤ‍්ඤත‍්තං න සික‍්ඛිතුකාමො. අපඤ‍්ඤත‍්තෙනාති සුත‍්තෙ වා අභිධම‍්මෙ වා ආගතෙන.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “කථායං නස්සෙය්‍ය” මේ ධර්‍මය මේ තන්තිය මේ ප්‍රවේණිය කෙසේ නෑසෙන්නේද, “තං වා න සික්‍ඛිතුකාමො” යමකු විසින් පනවනලද ශික්‍ෂාපදයෙන් කියනු ලැබේද, ඒ පැනවූ ශික්‍ෂාපදයෙහි නොහික්මෙනු කැමැත්තේ. “අප්පඤ්ඤත්තෙන” සූත්‍රයෙහි හෝ අභිධර්‍මයෙහි හෝ ආ කරුණකින්

එවං අම‍්හාකං ආචරියානං උග‍්ගහොති එත්‍ථ ගාරය‍්හො ආචරියුග‍්ගහො න ගහෙතබ‍්බො; පවෙණියා ආගතො ආචරියුග‍්ගහොව ගහෙතබ‍්බො. කුරුන්‍දියං පන “ලොකවජ‍්ජෙ ආචරියුග‍්ගහො න වට‍්ටති, පණ‍්ණත‍්තිවජ‍්ජෙ පන වට‍්ටතී”ති වුත‍්තං. මහාපච‍්චරියං “සුත‍්තං සුත‍්තානුලොමඤ‍්ච උග‍්ගහිතකානංයෙව ආචරියානං උග‍්ගහො පමාණං, අජානන‍්තානං කථා අප‍්පමාණන‍්ති වුත‍්තං. තං සබ‍්බං පවෙණියා ආගතෙසමොධානං ගච‍්ඡති. සෙසං උත‍්තානමෙවාති.

“එවං අම්හාකං ආචරීයානං උග්ගහො” මෙහි ගැරහිය යුතු ආචාර්‍ය්‍යයන්ගේ උද්ග්‍රහණය නොගත යුතුය. ප්‍රවෙණියෙන් පැමිණි, ආචාර්‍ය්‍යයන්ගේ උද්ග්‍රහණයම ගතයුතුය. කුරුන්‍දියෙහි වනාහි ලොකවද්‍ය ශික්‍ෂාපදයෙහි ආචාර්‍ය්‍යවාදය නොවටනේය. ප්‍රඥප්තිවද්‍ය ශික්‍ෂාපදයෙහි වනාහි වටීයයි කියනලදී. මහාපච්චරියෙහි සූත්‍රය සූත්‍රානුලොම සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථකථාව උගන්නාවූම ඇදුරන්ගේ උද්ග්‍රහණය ප්‍රමාණය, නොදන්නාවුන්ගේ කථා පමණ නොවේයයි කියන ලදී. ඒ සියල්ල ප්‍රවෙණියෙන් පැමිණියේ සමොධානයට යන්නේය. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කායචිත‍්තතො වාචාචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද, වාචාචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද, හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.

අනාදරියසික‍්ඛාපදං චතුත්‍ථං.

සිවුවන අනාදරිය ශික්‍ෂාපදයයි.

භිංසාපනසික‍්ඛාපදවණ‍්ණනා

භිංසාපනක ශික්‍ෂාපද වර්ණනාව

පඤ‍්චමෙ – රූපූපහාරාදයො මනුස‍්සවිග‍්ගහෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. සෙසං උත‍්තානමෙව. සමුට‍්ඨානාදීනි අනාදරියසදිසානෙවාති.

පඤ්චම ශික්‍ෂාපදයෙහි - රූපූපහාරාදීහු මනුෂ්‍යවිග්‍රහයෙහි කියූ නයින්ම දතයුත්තාහ. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු අනාදරිය ශික්‍ෂාපදය හා සමානයෝමය.

භිංසාපනසික‍්ඛාපදං පඤ‍්චමං.

පස්වන භිංසාපන ශික්‍ෂාපදයයි

ජොතිසික‍්ඛාපදවණ‍්ණනා

ජෝති ශික්‍ෂාපද වර්ණනාව

ඡට‍්ඨෙ – භග‍්ගාති ජනපදස‍්ස නාමං. සංසුමාරගිරන‍්ති නගරස‍්ස. භෙසකළාවනන‍්ති තන‍්නිස‍්සිතවනස‍්ස. තං පන මිගානං ඵාසුවිහාරත්‍ථාය දින‍්නත‍්තා මිගදායොති වුච‍්චති. සමාදහිත්‍වාති ජාලෙත්‍වා. පරිපාතෙසීති අනුබන්‍ධි. [missing pali]

ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “භග්ගා” යනු දනව්වට නමෙකි. “සුංසුමාර ගිරං” යනු නුවරට නමෙකි. “භෙසකලාවනං” ඒ නුවර ඇසුරු කළ වනයට නමෙකි. ඒ වනය වනාහි මෘගයන්ගේ පහසුවිහරණය පිණිස හුන් බැවින් මිගදායයි කියනු ලැබේ. “සමාදහිත්‍වා” ගිනි දල්වා “පරිපාතෙසි” ලුහුබැන්දේය. “සයං සමාදහති” මෙහි නොගිලන්ව එබඳු වැඩක් නැතිව ගිනි දල්වනු කැමැති බැවින් ගිනිගානා දණ්ඩ තැබීම පටන් යම්තාක් ගිනිදැල් නොනගීද, ඒතාක් සියලු ප්‍රයොගයන්හි දුක්කටය වේ.

පදීපෙපීති පදීපුජ‍්ජලනෙපි. ජොතිකෙපීති පත‍්තපචනසෙදකම‍්මාදීසු ජොතිකරණෙ. තථාරූපපච‍්චයාති පදීපාදිපච‍්චයා.

“පදීපෙ පි” පහන් දැල්වීමෙහි “ජොතිකෙපි” පා පිසීම් ඩහගැන්වීම් කර්‍මාදියෙහි ගිනි දැල්වීමෙහි “තථාරූපප්පච්චයා” පහන් දැල්වීම් ආදි ප්‍රත්‍යයයෙන්

සයං සමාදහතීති එත්‍ථ ජොතිං සමාදහිතුකාමතාය අරණිසණ‍්ඨපනතො පට‍්ඨාය යාව ජාලා න උට‍්ඨහති, තාව සබ‍්බපයොගෙසු දුක‍්කටං. පටිලාතං උක‍්ඛිපතීති දය‍්හමානං අලාතං පතිතං උක‍්ඛිපති, පුන යථාඨානෙ ඨපෙතීති අත්‍ථො. එවං අවිජ‍්ඣාතං උක‍්ඛිපිත්‍වා පක‍්ඛිපන‍්තස‍්සෙව දුක‍්කටං, විජ‍්ඣාතං පුන ජාලාපෙන‍්තස‍්ස පාචිත‍්තියමෙව.

“පටිලාතං උක්‍ඛිපති” දැවෙන පෙනෙහල්ල කබලෙන් පිටත වැටෙන්න ඔසොවා තබයි. නැවත තැබුනු තැන තබාය යන අර්‍ත්‍ථයි. මෙසේ නොදැවුනු ගිනිපෙනෙල්ලක් ඔසොවා ගිනි කබලෙහි බහාලන මහණහුට දුක්කටය වේ. දැවුනු පෙනෙල්ලක් නැවැත දල්වන මහණහුට පාචිත්තියම වේ.

තථාරූපපච‍්චයාති ඨපෙත්‍වා පදීපාදීනි අඤ‍්ඤෙනපි තථාරූපෙන පච‍්චයෙන සමාදහන‍්තස‍්ස අනාපත‍්ති. ආපදාසූති දුට‍්ඨවාළමිගඅමනුස‍්සෙහි උපද‍්දවො හොති, තත්‍ථ සමාදහන‍්තස‍්සාපි අනාපත‍්ති. සෙසං උත‍්තානමෙවාති. ඡසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

“තථාරූපප්පච්චයා” පහන් ආදිය හැර අන්‍යවූද එබඳු කරුණකින් ගිනි දල්වන මහණහුට ඇවැත් නොවේ. “ආපදාසු” දුෂ්ටව්‍යාලමෘග අමනුෂ්‍යයන් විසින් කරනලද උපද්‍රවයක් වේද, එහි ගිනි දල්වන මහණහුට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. ෂට්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

ජොතිසික‍්ඛාපදං ඡට‍්ඨං.

සවන ජොති ශික්‍ෂාපදයයි

නහානසික‍්ඛාපදවණ‍්ණනා

නහාන ශික්‍ෂාපද වර්ණනාව

සත‍්තමෙ – චුණ‍්ණෙන වා මත‍්තිකාය වාති එත්‍ථ චුණ‍්ණමත‍්තිකානං අභිසඞ‍්ඛරණකාලතො පට‍්ඨාය සබ‍්බපයොගෙසු දුක‍්කටං.

සප්තම ශික්‍ෂාපදයෙහි - “චුණ්ණෙන වා මත්තිකාය වා” මෙහි අනුදත් කාලය හැර සෙසු කාලයෙහි නෑම පිණිස සුණු හා මැටි රැස්කරන කාලය පටන් සියලු ප්‍රයොගයන්හි දුක්කටය වේ.

පාරං ගච‍්ඡන‍්තො න‍්හායතීති එත්‍ථ සුක‍්ඛාය නදියා වාලිකං උක‍්කිරිත්‍වා කතආවාටකෙසුපි න‍්හායිතුං වට‍්ටති. ආපදාසූති භමරාදීහි අනුබද‍්ධස‍්ස උදකෙ නිමුජ‍්ජිතුං වට‍්ටතීති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. එළකලොමසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

“පාරං ගච්ඡන්තො නහායති” මෙහි වියලීගිය ගඟෙහි වැලි නගා ආවාටයන්හිද නෑම වටියි. “ආපදාසු” භ්‍රමරාදීන් විසින් ලුහුබඳින ලද්දහුට දියෙහි ගිලීම වරද නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

නහානසික‍්ඛාපදං සත‍්තමං.

සත්වන නහාන ශික්‍ෂාපදයයි.

දුබ‍්බණ‍්ණකරණසික‍්ඛාපදවණ‍්ණනා

දුබ්බණ්ණකරණ ශික්‍ෂාපද වර්ණනාව

අට‍්ඨමෙ – නවං පන භික‍්ඛුනා චීවරලාභෙනාති එත්‍ථ අලභීති ලභො; ලභොයෙව ලාභො. කිං අලභි? චීවරං. කීදිසං? නවං. ඉති “නවචීවරලාභෙනා”ති වත‍්තබ‍්බෙ අනුනාසිකලොපං අකත්‍වා “නවචීවරලාභෙනා”ති වුත‍්තං; පටිලද‍්ධනවචීවරෙනාති අත්‍ථො. මජ‍්ඣෙ ඨිතපදද‍්වයෙ පනාති නිපාතො. භික‍්ඛුනාති යෙන ලද‍්ධං තස‍්ස නිදස‍්සනං. පදභාජනෙ පන බ්‍යඤ‍්ජනං අනාදියිත්‍වා යං ලද‍්ධං තං දස‍්සෙතුං “චීවරං නාම ඡන‍්නං චීවරාන”න‍්තිආදි වුත‍්තං. චීවරන‍්ති එත්‍ථ යං නිවාසෙතුං වා පාරුපිතුං වා සක‍්කා හොති, තදෙව වෙදිතබ‍්බං. තෙනෙව “විකප‍්පනුපගපච‍්ඡිම”න‍්ති න වුත‍්තං. කංසනීලන‍්ති චම‍්මකාරනීලං. මහාපච‍්චරියං පන “අයොමලං ලොහමලං එතං කංසනීලං නාමා”ති වුත‍්තං. පලාසනීලන‍්ති යො කොචි නීලවණ‍්ණො පණ‍්ණරසො. දුබ‍්බණ‍්ණකරණං ආදාතබ‍්බන‍්ති එතං කප‍්පබින්‍දුං සන්‍ධාය වුත‍්තං; න නීලාදීහි සකලචීවරස‍්ස දුබ‍්බණ‍්ණකරණං. තඤ‍්ච පන කප‍්පං ආදියන‍්තෙන චීවරං රජිත්‍වා චතූසු වා කොණෙසු තීසු වා ද‍්වීසු වා එකස‍්මිං වා කොණෙ මොරස‍්ස අක‍්ඛිමණ‍්ඩලමත‍්තං වා මඞ‍්කුලපිට‍්ඨිමත‍්තං වා ආදාතබ‍්බං. මහාපච‍්චරියං “පත‍්තෙ වා ගණ‍්ඨියං වා න වට‍්ටතී”ති වුත‍්තං. මහාඅට‍්ඨකථායං පන “වට‍්ටතියෙවා”ති වුත‍්තං. පාළිකප‍්පකණ‍්ණිකකප‍්පාදයො පන සබ‍්බත්‍ථ පටිසිද‍්ධා, තස‍්මා ඨපෙත්‍වා එකං වට‍්ටබින්‍දුං අඤ‍්ඤෙන කෙනචිපි විකාරෙන කප‍්පො න කාතබ‍්බො.

අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “නවං පන භික්‍ඛුනා චීවරලාභෙන” මෙහි ලැබූයේයි ලභ නම. ලභම ලාභ නම්වේ. කුමක් ලැබුයේද, යත්: සිවුරෙකි. කෙබඳු සිවුරක්ද, යත්:- අලුත් සිවුරෙකි. මෙසේ ‘නවං චීවරං ලාභෙන’යි කියයුත්තෙහි නිග්ගහීතය ලොප් කොට ‘නවං චීවරලාභෙන’යි කියනලදී. ‘පිළිලද අලුත් සිවුරු ඇත්තහු විසින්’ යන අර්‍ත්‍ථයි. මැද සිටි පද දෙකෙහි ‘පන’ යනු නිපාතයෙකි. “භික්‍ඛුනා” යමකු විසින් ලද්දේ ද, ඔහු දැක්වීමය. පදභාජනයෙහි වනාහි පදව්‍යඤ්ජන නොගෙණ යමක් ලද්දේ ද, ඒ දක්වනු පිණිස “චීවරං නාම ඡන්නං චිවරානං” වදාරන ලදී: ‘චීවරං’ යන මෙහි යමක් හඳින්නට හෝ පොරවන්නට හෝ හැකිවේද, ඒම චීවරැයි දතයුතුය. එහෙයින්ම ‘විකප්පනූපගං පච්ඡිමං’යි නොවදාරන ලදී. ‘කංසනීලං’ සම්කරු නිල. මහාපච්චරියෙහි වනාහි යමල-ලොහොමල මේ කංසනීලැයි කියනලදී. ‘පලාසනීලං’ යම්කිසි නිල්පැහැති පත්යුසයෙකි. “දුබ්බණ්ණකරණං ආදතබ්බං” මෙය කප්බිඳු තැබීම සඳහා කියනලදී. නිල්පැහැ ආදියෙන් සියලු සිවුර දුවර්‍ණ කිරීම නොවේ. කප්බිඳු තබන්නහු විසින් සිවුර රඳන් කොට සිවු කොන්හි හෝ තුන් කොණෙක හෝ දෙකොණෙක හෝ එක් කොණෙක හෝ මොනරකුගේ ඇස්මඩල පමණට හෝ මකුණු පිටක් පමණම හෝ ඒ තැබිය යුතුය. මහාපච්චරියෙහි මැඩිල්ලෙහි හෝ ගණ්ඨියෙහි හෝ කප්බිඳු තැබීම නොසුදුසුයයි කියන ලදී. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි ඒ වටීමයි කියන ලදී. මුතුවැල වැනි කප්බිඳු පෙළක් හෝ කර්ණිකාකාර වූ කප්බිඳු හෝ දීම් ආදිය සියලු තන්හි වළක්වන ලදී. එහෙයින් එක් වට බිඳුවක් හැර අන් කිසි විකාරයකින් කප්බිඳු නොතැබිය යුතුය.

අග‍්ගළෙතිආදීසු එතානි අග‍්ගළාදීනි කප‍්පකතචීවරෙ පච‍්ඡා ආරොපෙත්‍වා කප‍්පකරණකිච‍්චං නත්‍ථි. සෙසං උත‍්තානමෙව. එළකලොමසමුට‍්ඨානං – කිරියාකිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං; කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

“අග්ගලෙ” යනාදි තන්හි අලුත් රෙදි කැබලිලා මැසීම් ආදිය කප්බිඳු තැබූ සිවුරෙහි පසුව නගා කප්බිඳු තැබීමක් නැත්තේය. සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

දුබ‍්බණ‍්ණකරණසික‍්ඛාපදං අට‍්ඨමං.

අටවන දුබ්බණ්ණකරණ ශික්‍ෂාපදයයි

විකප‍්පනසික‍්ඛාපදවණ‍්ණනා

විකප්පන ශික්‍ෂාපද වර්ණනාව

නවමෙ – තස‍්ස වා අදින‍්නන‍්ති චීවරසාමිකස‍්ස “පරිභුඤ‍්ජ වා විස‍්සජ‍්ජෙහි වා යථාපච‍්චයං වා කරොහී”ති එවං වත්‍වා අදින‍්නං. තස‍්ස වා අවිස‍්සසන‍්තොති යෙන විනයකම‍්මං කතං, තස‍්ස අවිස‍්සාසෙන වා. තෙන පන දින‍්නං වා තස‍්ස විස‍්සාසෙන වා පරිභුඤ‍්ජන‍්තස‍්ස අනාපත‍්ති. සෙසමෙත්‍ථ තිංසකවණ‍්ණනායං වුත‍්තනයත‍්තා උත‍්තානමෙවාති. කථිනසමුට‍්ඨානං – කායවාචතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියාකිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

නවම ශික්‍ෂාපදයෙහි - “තසස වා අදින්නං” ඒ සිවුරු හිමියාහට පරිභොග කරව’යි හෝ අත්හරුව’යි හෝ කැමැති පරිදි කරව’යි හෝ මෙසේ කියා නොදෙන ලද්දය. “තස්ස වා අවිස්සසන්තො” යමකු විසින් විනයකර්‍ම කරන ලද්දේ ද, ඔහුගේ අවිශ්වාසයෙන් හෝ, ඔහු විසින් දෙන ලද්දක් හෝ ඔහුගේ විශ්වාසයෙන් හෝ පරිභොග කරන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස තිංසක වර්‍ණනාවෙහි කියූ නය ඇති බැවින් ප්‍රකටමය. කඨින සමුත්‍ථානය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. ක්‍රියාක්‍රිය සමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

විකප‍්පනසික‍්ඛාපදං නවමං.

නවවන විකප්පන ශික්‍ෂාපදයයි

චීවරාපනිධානසික‍්ඛාපදවණ‍්ණනා

චීවරාපනිධාන ශික්‍ෂාපද වර්ණනාව

දසමෙ – අපනිධෙන‍්තීති අපනෙත්‍වා නිධෙන‍්ති. හසාපෙක‍්ඛොති හසාධිප‍්පායො. අඤ‍්ඤං පරික‍්ඛාරන‍්ති පාළියා අනාගතං පත‍්තත්‍ථවිකාදිං. ධම‍්මිං කථං කත්‍වාති “සමණෙන නාම අනිහිතපරික‍්ඛාරෙන භවිතුං න වට‍්ටතී”ති එවං ධම‍්මකථං කථෙත්‍වා දස‍්සාමීති නික‍්ඛිපතො අනාපත‍්ති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

දශම ශික්‍ෂාපදයෙහි - “අපනිධෙන්ති” පහකොට සඟවා තබත්. “හස්සාපෙක්‍ඛො” සිනාසෙන අදහස් ඇතිව. “අඤ්ඤං පරික්‍ඛාරං” පෙළෙහි නො ආ පාත්‍ර පසුම්බි ආදියය. “ධම්මකථං කථෙත්‍වා” මහණහු විසින් නම් රැස්කොට තැබූ පිරිකර ඇත්තහු වීම නොවටීයයි මෙසේ ධර්‍මකථා කියා දෙන්නෙමියි තබන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.

චීවරාපනිධානසික‍්ඛාපදං දසමං.

දසවන චීවරාපනිධාන ශික්‍ෂාපදයයි.

සමත‍්තො වණ‍්ණනාක‍්කමෙන සුරාපානවග‍්ගො ඡට‍්ඨො.

වර්‍ණනා ක්‍රමයෙන් සවන සුරාපානවර්‍ගය නිමි.