භිංසාපනක සික්ඛාපදං
6. 6. 5.
6. 6. 5.
භිංසාපනක සික්ඛාපදං
භිංසාපනක ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියෙ භික්ඛූ භිංසාපෙන්ති. තෙ භිංසාපියමානා රොදන්ති. භික්ඛූ එවමාහංසු: “කිස්ස තුම්හෙ ආවුසො රොදථා”ති? ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ අම්හෙ භිංසාපෙන්තීති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුං භිංසාපෙස්සන්තීති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුං භිංසාපෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුං භිංසාපෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු සතළොස්වග මහණුන් බිය ගන්වති. ඔහු බිය ගන්වනු ලබන්නාහු හඬති. භික්ෂූහු මෙසේ කීහු: “කුමකට ඇවැත්නි, තෙපි හඬවු” දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු අප බිය ගන්වති යි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ මහණක්හු බිය ගැන්වූහු” දැ යි ... සැබෑද? මහණෙනි, තෙපි මහණක්හු බිය ගන්වහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහණක්හු බිය ගැන්වූවහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේත් මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යො පන භික්ඛු භික්ඛුං භිංසාපෙය්ය පාචිත්තියන්ති.
යම් මහණෙක් මහණක්හු බිය ගන්වා නම් පචිති වේ ය යි.
2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. භික්ඛුන්ති: අඤ්ඤං භික්ඛුං.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. භික්ඛුං: අන් මහණක්හු:
භිංසාපෙය්යාති උපසම්පන්නො උපසම්පන්නං භිංසාපෙතුකාමො රූපං වා සද්දං වා ගන්ධං වා රසං වා ඵොට්ඨබ්බං වා උපසංහරති. භායෙය්ය වා සො න වා භායෙය්ය ආපත්ති පාචිත්තියස්ස. චොරකන්තාරං වා වාළකන්තාරං වා පිසාචකන්තාරං වා ආචික්ඛති, භායෙය්ය වා සො න වා භායෙය්ය ආපත්ති පාචිත්තියස්ස.
හිංසාපෙය්ය: උපසපනෙක් උපසපනක්හු බිය ගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ එළවයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ පචිති ඇවැත් වෙයි. සොරකතරක් හෝ වල්කතරක් හෝ නොමිනිස් කතරක් හෝ කියයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ පචිති ඇවැත් වේ.
උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී භිංසාපෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො භිංසාපෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී භිංසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ බියගන්වා නම් පචිති ඇවැත් වේ.
අනුපසම්පන්නං භිංසාපෙතුකාමො රූපං වා සද්දං වා රසං වා ඵොට්ඨබ්බං වා උපසංහරති භායෙය්ය වා සො න වා භායෙය්ය ආපත්ති දුක්කටස්ස. චොරකන්තාරං වා වාලකන්තාරං වා පිසාචකන්තාරං වා ආචික්ඛති භායෙය්ය වා සො න වා භායෙය්ය ආපත්ති දුක්කටස්ස.
අනුපසපනක්හු බියගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ එළවයි. හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. සොරකතරක් හෝ වල්කතරක් හෝ නොමිනිස් කතරක් හෝ කියා ද හේ බිය වේ නම් හෝ නො බිය වේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
6. අනාපත්ති: න භිංසාපෙතුකාමො රූපං වා සද්දං වා ගන්ධං වා රසං වා ඵොට්ඨබ්බං වා උපසංහරති චොරකන්තාරං වා වාලකන්තාරං වා පිසාචකන්තාරං වා ආචික්ඛති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
6. නො බියගන්වනු කැමැත්තේ රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්ප්‍රෂ්ටව්‍යයක් හෝ එළවා නම්, සොරකතරක් හෝ වල් කතරක් හෝ නො මිනිස් කතරක් හෝ කියා නම්, ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
භිංසාපනකසික්ඛාපදං පඤ්චමං.
පස්වැනි හිංසාපනකශික්ෂාපද යි.