අනාදරිය සික්ඛාපදං
6. 6. 4.
6. 6. 4.
අනාදරිය සික්ඛාපදං
අනාදරිය ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො අනාචාරං ආචරති. භික්ඛූ එවමාහංසු: “මා ආවුසො ඡන්න එවරූපං අකාසි නෙතං කප්පතී”ති. සො අනාදරියං පටිච්ච කරොතියෙව. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථඤ්හි නාම ආයස්මා ඡන්නො අනාදරියං කරිස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං ඡන්න අනාදරියං කරොසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම ත්වං මොඝපුරිස අනාදරියං කරිස්සසි, නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්නස්ථවිර තෙමේ පනත් විකුම් කෙරෙයි භික්ෂූහු මෙසේ කීහු: “ඇවැත් ඡන්නයෙනි, මෙබන්දක් නහමක් කරන්නැ, තෙල නො කැප යැ” යි. හෙ අනදර බව පිණිස කෙරේ මැ යි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේ අනදරබව කෙළේ දැ” යි ... සැබෑද ඡන්න, තෙපි අනදර බව කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි අනදර බව කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
අනාදරියෙ පාචිත්තියන්ති.
අනදරබව කිරීමෙහි පචිති වේ යයි.
2. අනාදරියං නාම: ද්වෙ අනාදරියානි: පුග්ගලානාදරියඤ්ච ධම්මානාදරියඤ්ච,
2. අනාදරිය නම්: අනාදරිය දෙකෙකි: පුද්ගලානාදරිය ද ධර්මානාදරිය දැ යි.
පුග්ගලානාදරියං නාම: උපසම්පන්නෙන පඤ්ඤත්තෙන වුච්චමානො “අයං උක්ඛිත්තො වා වම්භිතො වා ගරහිතො වා, ඉමස්ස වචනං අකතං භවිස්සතී”ති අනාදරියං කරොති ආපත්ති පාචිත්තියස්ස.
පුද්ගලානාදරිය නම්: “උපසපනක්හු, විසින් පනවන ලද සිකපදයෙකින් කියනු ලබන්නේ “මෙතෙම උක්ඛිත්තයෙකැ යි හෝ අවමන් ලද්දෙකැ යි හෝ ගැරහුම් ලද්දෙකැ යි හෝ වෙයි. මොහුගේ වචනය නො කළයුතු වන්නේ” ය යි අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
ධම්මානාදරියං නාම: උපසම්පන්නෙන පඤ්ඤත්තෙන වුච්චමානො “කථායං නස්සෙය්ය වා විනස්සෙය්ය වා අන්තරධායෙය්ය වා” තං වා න සික්ඛිතුකාමො අනාදරියං කරොති ආපත්ති පාචිත්තියස්ස.
ධර්මානාදරිය නම්: උපසපනක්හු, විසින් පනවන ලද සිකපදයෙකින් කියනු ලබන්නේ “මේ ධර්මය කෙසේ නැසෙන්නේ හෝ වැනසෙන්නේ හෝ අතුරුදන් වන්නේ හෝ වේ” දැ යි ඒ පනවන ලදුයෙහි නො හික්මෙනු කැමැත්තේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී අනාදරියං කරොති, ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො අනාදරියං කරොති, ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී අනාදරියං කරොති ආපත්ති පාචිත්තියස්ස.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
උපසම්පන්නෙන අපඤ්ඤත්තෙන වුච්චමානො ඉදං න සල්ලෙඛාය න ධුතාය න පාසාදිකතාය න අපචයාය න විරියාරම්භාය සංවත්තතීති අනාදරියං කරොති ආපත්ති දුක්කටස්ස.
උපසපනක්හු විසින් නො පනවන ලද්දෙකින් (සූත්‍රයෙහි හෝ අභිධර්මයෙහි හෝ ආයෙකින්) කියනු ලබන්නේ “මෙය සලේපැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරැඹුමට නො පවතී” ය යි අනදරබව කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසම්පන්නෙන පඤ්ඤත්තෙන වා අපඤ්ඤත්තෙන වා වුච්චමානො ඉදං න සල්ලෙඛාය න ධුතාය න පාසාදිකතාය න අපචයාය න විරියාරම්භාය සංවත්තතීති අනාදරියං කරොති ආපත්ති දුක්කටස්ස.
අනුපසපනක්හු විසින් පනවන ලද්දෙකින් හෝ නොපනවන ලද්දෙකින් හෝ කියනු ලබන්නේ “මෙය සලේපැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරඹුමට නො පවතී” ය යි අනදරබව කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: එවං අම්හාකං ආචරියානං උග්ගහො පරිපුච්ඡාති භණති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
අපගේ ගුරුවරුන්ගේ උගැන්ම අර්ත්ථකථනය මෙසේ යැ යි බෙණේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
අනාදරියසික්ඛාපදං චතුත්ථං
සිව්වැනි අනාදරිය ශික්ෂාපද යි.