හස්සධම්මසික්ඛාපදං
6. 6. 3.
6. 6. 3.
හස්සධම්මසික්ඛාපදං
හස්සධම්ම ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සත්තරසවග්ගියා භික්ඛූ අචිරවතියා නදියා උදකෙ කීළන්ති. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො හොති, අද්දසා ඛො රාජා පසෙනදි කොසලො සත්තරසවග්ගියෙ භික්ඛූ අචිරවතියා නදියා උදකෙ කීළන්තෙ දිස්වාන මල්ලිකං දෙවිං එතදවොච: “එතෙ තෙ මල්ලිකෙ අරහන්තො උදකෙ කීළන්තී”ති. නිස්සංසයං ඛො මහාරාජ භගවතා සික්ඛාපදං අපඤ්ඤත්තං තෙ වා භික්ඛූ අප්පකතඤ්ඤුනොති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස් වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළිති. එසමයෙහි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමඟ මතුමහලට ගියේ වෙයි. පසේනදි කොසොල් රජ අචිරවතී නදියෙහි දිය කෙළින සතළොස් වග මහණුන් දුටුවේ ය. දැකැ මල්ලිකා දේවියට තෙල කී යැ: “මල්ලිකාවෙනි, තොපගේ තෙලෙ රහත්හු ජලක්‍රීඩා කෙරෙති යි. මහරජ, නිසැකයෙන් මැ භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද නො පනවන ලද්දේ වන. ඒ භික්ෂූහු ද සිකපද පනවන ලද බව නො දන්නෝ හෝ වෙතැ යි.
2. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස එතදහොසි: කෙන නු ඛො අහං උපායෙන භගවතො ච න ආරොචෙය්යං භගවා ච ජානෙය්ය ඉමෙ භික්ඛූ උදකෙ කීළිතාති. අථ ඛො රාජා පසෙනදි කොසලො සත්තරසවග්ගියෙ භික්ඛූ පක්කොසාපෙත්වා තෙසං මහන්තං ගුළපිණ්ඩං අදාසි “ඉමං භන්තෙ ගුළපිණ්ඩං භගවතො දෙථා”ති. සත්තරසවග්ගියා භික්ඛූ තං ගුළපිණ්ඩං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමිංසු උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං: “ඉමං භන්තෙ ගුළපිණ්ඩං රාජා පසෙනදි කොසලො භගවතො දෙතී”ති. කහං පන තුම්හෙ භික්ඛවෙ රාජා අද්දසාති. අචිරවතියා නදියා භගවා උදකෙ කීළන්තෙති. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා උදකෙ කීළිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. ඉක්බිති පසේනදි කොසොල් රජහට තෙල සිත විය. “මම් මේ මහණුන් දිය කෙළියෙහි යෙදුණු බව භාග්‍යවතුන් වහන්සේට නො දන්වන්නෙම් කවර නම් උපායෙකින් උන්වහන්සේත් මෙය දැනගන්නා සේක්” දැ යි. එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ සතළොස් වග මහණුන් කැඳවා “වහන්ස, මේ ගුළපිඬ භාග්‍යවතුන් වහන්සේට දෙනු මැනැවැ” යි ඔවුනට මහත් ගුළපිඬක් දුන්නේ යි. සතළොස්වග මහණහු ඒ ගුළපිඬ රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු. “වහන්ස, මේ ගුළපිඬ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට දේ” යැ යි. මහණෙනි, රජ තෙමේ තොප කොහි දී දිටී දැ යි. භාග්‍යවතුන් වහන්ස: අචිරවතී නදියෙහි දිය කෙළනා කල්හි යැ. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දිය කෙළියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
උදකෙ හස්සධම්මෙ පාචිත්තියන්ති.
දියෙහි කෙළෙනා සැහැවියෙහි පචිති වේ ය යි.
3. උදකෙ හසධම්මො නාම: උපරිගොප්ඵකෙ උදකෙ හස්සාධිප්පායො නිමුජ්ජති වා උම්මුජ්ජති වා පලවති වා ආපත්ති පාචිත්තියස්ස.
3. උදකෙ හස්සධම්ම නම්: ගොප් ඇටයෙන් මතු දියෙහි කෙළනා රිසි ඇති වැ ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ පචිති ඇවැත් වේ.
උදකෙ හස්සධම්මෙ හස්සධම්මසඤ්ඤී ආපත්ති පාචිත්තියස්ස. උදකෙ හස්සධම්මෙ වෙමතිකො ආපත්ති පාචිත්තියස්ස. උදකෙ හස්සධම්මෙ අහසධම්මසඤ්ඤී ආපත්ති පාචිත්තියස්ස.
දිය කෙළනා සැහැවියෙහි කෙළනා සැහැවි සන් ඇතියේ නම් පචිති ඇවැත් වෙයි. දිය කෙළනා සැහැවියෙහි විමති ඇතියේ නම් පචිති ඇවැත් වෙයි. දිය කෙළනා සැහැවියෙහි නො කෙළනා සැහැවි සන් ඇතියේ නම් පචිති ඇවැත් වෙයි.
හෙට්ඨා ගොප්ඵකෙ උදකෙ කීළති ආපත්ති දුක්කටස්ස. උදකෙ නාවාය කීළති ආපත්ති දුක්කටස්ස. හත්ථෙන වා පාදෙන වා කට්ඨෙන වා කඨලාය වා උදකං පහරති ආපත්ති දුක්කටස්ස. භාජනගතං උදකං වා කඤ්ජිකං වා ඛීරං වා තක්කං වා රජනං වා පස්සාවං වා චික්ඛල්ලං වා කීළති ආපත්ති දුක්කටස්ස.
ගොප්ඇටයෙන් යටැ දියෙහි කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නැවෙකැ කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි. අතින් හෝ පයින් හෝ කැටින් හෝ කැබිලිත්තෙන් හෝ දියට පහරදෙන්නේ නම් දුකුළා ඇවැත් වෙයි. බඳුනෙහි වූ දිය හෝ කැඳ හෝ කිරි හෝ මෝරු හෝ රඳන් හෝ මූ හෝ මඩ හෝ කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි.
උදකෙ අහස්සධම්මෙ හස්සධම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. උදකෙ අහස්සධම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. උදකෙ අහස්සධම්මෙ අහස්සධම්මසඤ්ඤී අනාපත්ති.
දියෙහි නො කෙළනා සැහැවියෙහි කෙළනා සැහැවිසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නො කෙළනා සැහැවියෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නො කෙළනා සැහැවියෙහි නො කෙළනා සැහැවිසන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: න හස්සාධිප්පායො, සති කරණීයෙ උදකං ඔතරිත්වා නිමුජ්ජති වා උම්මුජ්ජති වා පලවති වා, පාරං ගච්ඡන්තො නිමුජ්ජති වා උම්මුජ්ජති වා පලවති වා ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
නො කෙළනා රිසි ඇතියේ නම්, කරණී ඇති කල්හි දියට බැස ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ, පරතෙරට යමින් ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ, ආපදාවෙහි ඇවැත් නොවේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
හස්සධම්ම සික්ඛාපදං තතියං.
තෙවැනි හස්සධම්ම ශික්ෂාපද යි.