අඞ්ගුලිපතොදක සික්ඛාපදං
6. 6. 2.
6. 6. 2.
අඞ්ගුලිපතොදක සික්ඛාපදං
අඞ්ගුලිපතෝදක ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියං භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙසුං. සො භික්ඛු උත්තන්තො අනස්සාසකො කාලමකාසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙථා’ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් වූ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු සතළොස්වගැ මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූහ. ඒ මහණ මහ සිනායෙන් මිරිකුණේ හුස්ම හිර වූයේ කලුරිය කෙළේ යැ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූහු” දැ යි ... සැබෑද මහණෙනි, තෙපි මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගන්වවු දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
අඞ්ගුලිපතොදකෙ පාචිත්තියන්ති.
ඇඟිල්ලෙන් ගිරිති කැවීම නිමිතිකොට පචිති වේ යයි.
2. අඞ්ගුලිපතොදකො නාම: උපසම්පන්නො උපසම්පන්නං හස්සාධිප්පායො කායෙන කායං ආමසති. ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී අඞ්ගුලිපතොදකෙන හාසෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො අඞ්ගුලිපතොදකෙන හාසෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී අඞ්ගුලිපතොදකෙන හාසෙති ආපත්ති පාචිත්තියස්ස.
2. අඞ්ගුලිපතෝදක නම්: උපසපනෙක් උපසපනක්හු කෙළිරිසි ඇති වැ කයින් කය පහසා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි විමති ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වේ.
කායෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායං ආමසති, ආපත්ති දුක්කටස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන කායපටිබද්ධං ආමසති ආපත්ති දුක්කටස්ස. නිස්සග්ගියෙන නිස්සග්ගියං ආමසති ආපත්ති දුක්කටස්ස.
කයින් කයපිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළි බද්දෙන් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබද්දෙන් කය පිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත්වෙයි. නිසැගියෙන් නිසැගියක් පහසා නම් දුකුළා ඇවැත් වේ.
අනුපසම්පන්නං කායෙන කායං ආමසති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
අනුපසපනක්හු කයින් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: න හස්සාධිප්පායො, සති කරණීයෙ ආමසති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
කෙළනා රිසි නැතියේ නම්, කරණී ඇති කල්හි පහසා නම්, ඇවැත් නැති. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
අඞ්ගුලිපතොදක සික්ඛාපදං දුතියං.
දෙවැනි අඞ්ගුලිපතෝදක ශික්ෂාපද යි.