යෙදුමෙන් කියවන්න

අචෙලකවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අචේලක වර්‍ගය

අචෙලකසික‍්ඛාපදවණ‍්ණනා

අචේලක ශික්‍ෂාපද වර්ණනාව

අචෙලකවග‍්ගස‍්ස පඨමසික‍්ඛාපදෙ – පරිවෙසනන‍්ති පරිවිසනට‍්ඨානං. පරිබ‍්බාජකසමාපන‍්නොති පබ‍්බජ‍්ජං සමාපන‍්නො. දෙති ආපත‍්ති පාචිත‍්තියස‍්සාති සමතිත‍්තිකං යාගුපත‍්තං එකපයොගෙන දෙති, එකං පාචිත‍්තියං. අවච‍්ඡින්‍දිත්‍වා අවච‍්ඡින්‍දිත්‍වා දෙති, පයොගෙ පයොගෙ පාචිත‍්තියං. එසෙව නයො පූවභත‍්තාදීසු. තිත්‍ථියෙ අතිත්‍ථියසඤ‍්ඤීති මාතා වා පිතා වා තිත්‍ථියෙසු පබ‍්බජති, තෙසං මාතාපිතුසඤ‍්ඤාය දෙන‍්තස‍්සාපි පාචිත‍්තියමෙව හොති. දාපෙතීති අනුපසම‍්පන‍්නෙන දාපෙති.

අචෙලක වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “පරිවෙසනං” අනුභව කරන තැනට. “පරිබ්බාජකසමාපන්නො” පැවිද්දකට පැමිණියේ. “දෙති ආපත්ති පාචිත්තියස්ස” මුවවිට දක්වා පිරීගත් කැඳපාත්‍රයක් එක් ප්‍රයොගයකින් දේද. එක් පාචිත්තියක් වේ. ප්‍රයොගය කඩ කොට දේනම් ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ප්‍රයොග ගණනින් පාචිත්තිය වේ. පූ බත් ආදියෙහිද මේ නයම වේ. “තිත්‍ථියෙ අතිත්‍ථියසඤ්ඤී” මවු හෝ පියා හෝ තීර්ථකයන් අතරෙහි පැවිදි වේද, ඔවුන්ට මවුපිය හැඟීමෙන් දෙන මහණහුටද පාචිත්තියම වේ. “දාපෙති” අනුපසම්පන්නයකු ලවා දෙවයි.

උපනික‍්ඛිපිත්‍වා දෙතීති තථාරූපෙ භාජනෙ ඨපෙත්‍වා තං භාජනං තෙසං සන‍්තිකෙ භූමියං නික‍්ඛිපිත්‍වා දෙති, තෙසං වා භාජනං නික‍්ඛිපාපෙත්‍වා තත්‍ථ දෙති, පත‍්තං ආධාරකෙ වා භූමියං වා ඨපෙත්‍වාපි “ඉතො ගණ‍්හථා”ති වත‍්තුං වට‍්ටති. සචෙ තිත්‍ථියො වදති “මය‍්හං නාම ඉදං සන‍්තකං, ඉධ න ආකිරථා”ති ආකිරිතබ‍්බං. තස‍්ස සන‍්තකත‍්තා සහත්‍ථා දානං නාම න හොති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“උපනික්‍ඛිපිත්‍වා දෙති” එබඳු බඳුනෙක තබා ඒ බඳුන ඒ තීර්ථකයන්ගේ සමීපයෙහි බිම තබා දෙයි. ඒ තීර්ථකයන්ගේ බඳුන හෝ බිම තබ්බවා එහිලා දෙයි. පාත්‍රය පාත්‍රධාරයෙහි හෝ බිම හෝ තබා ‘මේ පාත්‍රයෙන් හෝ ගණිවු’යි කීම වටියි. ඉදින් තීර්ථක තෙමේ ‘මේ භොජනය මා සතුය, මා සඳහා ගෙණවුත් තබන ලද්දේය. ඒ භොජනය මෙහි බහා ලවුයි කියානම් බහාලිය යුතුය. ඔහු සතු බැවින් සියතින් දීමෙක් නම් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.

එළකලොමසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානිකය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

අචෙලකසික‍්ඛාපදං පඨමං.

පළමුවන අචෙලක ශික්‍ෂාපදයයි.

උය්‍යොජනසික‍්ඛාපදවණ‍්ණනා

උය්‍යෝජන ශික්‍ෂාපද වර්ණනාව

දුතියසික‍්ඛාපදෙ – පටික‍්කමනෙපීති ආසනසාලායම‍්පි. භත‍්තවිස‍්සග‍්ගන‍්ති භත‍්තකිච‍්චං. න සම‍්භාවෙසීති න පාපුණි.

ද්වීතීය ශික්‍ෂාපදයෙහි - “පටික්කමනෙපි” අසුන්හලෙහිද, “භත්තවිස්සග්ගං” බත් කිසට. “න සම්භාවෙසි” නොපැමිණියේය.

අනාචාරන‍්ති වුත‍්තාවසෙසං කායවචීද‍්වාරවීතික‍්කමං. දස‍්සනූපචාරං වා සවනූපචාරං වා විජහන‍්තස‍්සාති එත්‍ථ යදි ඨිතො වා නිසින‍්නො වා උය්‍යොජෙති; යො උය්‍යොජිතො, සො විජහති, තස‍්ස ච ආපත‍්ති නාම නත්‍ථි. තස‍්මිං පන විජහන‍්තෙපි අත්‍ථතො ඉතරෙන විජහිතමෙව හොති. තස‍්මා යො උය්‍යොජෙති, තස‍්සෙවායං ආපත‍්ති. තත්‍ථ සචෙ උපචාරබ‍්භන‍්තරෙ එකො පාදො හොති, දුක‍්කටං. සීමාතික‍්කමෙ පාචිත‍්තියං. එත්‍ථ ච දස‍්සනූපචාරස‍්ස අබ‍්භොකාසෙ ද‍්වාදසහත්‍ථප‍්පමාණං, තථා සවනූපචාරස‍්ස. සචෙ පන අන‍්තරා කුට‍්ටද‍්වාරපාකාරාදයො හොන‍්ති, තෙහි අන‍්තරිතභාවො දස‍්සනූපචාරාතික‍්කමො, තස‍්ස වසෙන ආපත‍්ති වෙදිතබ‍්බා. න අඤ‍්ඤො කොචි පච‍්චයො හොතීති ඨපෙත්‍වා වුත‍්තප‍්පකාරමනාචාරං අඤ‍්ඤං කිඤ‍්චි කාරණං න හොති.

“අනාචාරං” උක්තාවශෙෂ කායවචීද්වාර ව්‍යතික්‍රමය. “දස්සනූපචාරංවා සවණූපචාරං වා විජහන්තස්ස” මෙහි ඉදින් සිටියේ හෝ හුන්නේ හෝ හරීද. යමෙක් යවන ලද්දේ ද, හෙතෙමේ හරියි. ඔහුටද, ඇවතක් නම් නැත. ඔහු හරින කල්හි අර්‍ත්‍ථ වශයෙන් අනිකා විසින් හරින ලද්දේම වේ. එහෙයින් යමෙක් යවාද ඔහුටම මේ ඇවත වේ. ඉදින් එහි උපචාරය තුළ එක් පයක් වේද, දුක්කටය වේ. සීමාව ඉක්මීම නිමිතිකොට පාචිත්තිය වේ. මෙහිද දර්‍ශනොපචාරය පිළිබඳ අභ්‍යවකාශයෙහි දොළොස් රියනක් පමණ වේ. ශ්‍රවණොපචාරය පිළිබඳවද එසේය. ඉදින් අතර බිතුදොර පවුරු ආදීහු වෙත්ද, ඔවුන් විසින් අතර කරන ලද බව ඔවුන්ගෙන් වෙන්වූ බව දර්‍ශනොපචාරයාගේ ඉක්මීම වේ. ඒ දර්‍ශනොපචාරය ඉක්වීම් වසයෙන් ඇවැත දතයුතුය. “න අඤ්ඤො කොචි පච්චයො හොති” පෙළෙහි කියූ අයුරු ඇති අනාචාරය හැර අන් කිසි කරුණක් නොවේ.

කලිසාසනං ආරොපෙතීති “කලී”ති කොධො; තස‍්ස සාසනං ආරොපෙති; කොධස‍්ස ආණං ආරොපෙති; කොධවසෙන ඨානනිසජ‍්ජාදීසු දොසං දස‍්සෙත්‍වා “පස‍්සථ භො ඉමස‍්ස ඨානං, නිසජ‍්ජං ආලොකිතං විලොකිතං ඛාණුකො විය තිට‍්ඨති, සුනඛො විය නිසීදති, මක‍්කටො විය ඉතො චිතො ච විලොකෙතී”ති එවං අමනාපවචනං වදති “අප‍්පෙව නාම ඉමිනාපි උබ‍්බාළ‍්හො පක‍්කමෙය්‍යා”ති. සෙසං උත‍්තානමෙව.

“කලිසාසනං ආරොපෙති” ‘කලි’ යනු ක්‍රොධයයි. ඔහුට අස්නක් ආරොපණය කරයි. ක්‍රොධයාගේ අණ නගයි. ක්‍රොධ වශයෙන් සිටීම් හිඳීම් ආදියෙහි දොස් දක්වා, ‘පින්වන්ති’ මොහුගේ සිටීම බලවු, හිඳීම බලවු, ඉදිරි බැලීම පසුබැලීම බලවු, කණුවක් මෙන් සිටියි. බල්ලකු මෙන් හිඳියි. වඳුරකු මෙන් එහා මෙහා බලයි. මෙසේ අමනාප වචන කියයි. ‘මොහු හාද පෙළුනේ වන්නේය. යන්නේ නම් මැනැවැ’යි (යවයි) සෙස්ස ප්‍රකටයමය.

තිසමුට‍්ඨානං – කායචිත‍්තතො වාචාචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද, වාචාචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයයි.

උය්‍යොජනසික‍්ඛාපදං දුතියං.

දෙවන උය්‍යෙජන ශික්‍ෂාපදයයි

සභොජනසික‍්ඛාපදවණ‍්ණනා

සභෝජන ශික්‍ෂාපද වර්ණනාව

තතියසික‍්ඛාපදෙ – සයනිඝරෙති සයනියඝරෙ. යතො අය්‍යස‍්ස භික‍්ඛා දින‍්නාති යස‍්මා භික‍්ඛා දින‍්නා, යං ආගතෙන ලද‍්ධබ‍්බං තං වො ලද‍්ධං; ගච‍්ඡථාති අධිප‍්පායො. පරියුට‍්ඨිතොති රාගපරියුට‍්ඨිතො; මෙථුනාධිප‍්පායොති අත්‍ථො.

තෘතීය ශික්‍ෂාපදයෙහි - “සයනීඝරෙ” නිදන ගෙයි. “යතො අය්‍යස්ස භික්‍ඛා දින්නා” යම්හෙයකින් භික්‍ෂාව දෙන ලද්දී ද, එහෙයින් ආවහු විසින් යමක් ලැබිය යුතුද, එය ඔබවහන්සේ විසින් ලද්දේය. වඩිනු මැනව, යන අදහස්ය. “පරියුට්ඨිතො” රාගයෙන් මැඩුනු සිතැත්තේය. මෙවුන්දම්හි අදහස් ඇත්තේය යන අර්‍ත්‍ථයි.

සහ උභොහි ජනෙහීති සභොජනං; තස‍්මිං සභොජනෙ. අථ වා සභොජනෙති සභොගෙ. රාගපරියුට‍්ඨිතස‍්ස හි පුරිසස‍්ස ඉත්‍ථී භොගො ඉත්‍ථියා ච පුරිසො. තෙනෙවස‍්ස පදභාජනෙ – “ඉත්‍ථී චෙව හොති පුරිසො චා”තිආදි වුත‍්තං. මහල‍්ලකෙ ඝරෙති මහල‍්ලකෙ සයනිඝරෙ. පිට‍්ඨසඞ‍්ඝාටස‍්ස හත්‍ථපාසං විජහිත්‍වාති තස‍්ස සයනිඝරෙ ගබ‍්භස‍්ස යො පිට‍්ඨසඞ‍්ඝාටො, තස‍්ස හත්‍ථපාසං විජහිත්‍වා; අන‍්තොසයනස‍්ස ආසන‍්නෙ ඨානෙ නිසීදතීති අත්‍ථො. ඊදිසඤ‍්ච සයනිඝරං මහාචතුස‍්සාලාදීසු හොති. පිට‍්ඨිවංසං අතික‍්කමිත්‍වාති ඉමිනා මජ‍්ඣාතික‍්කමං දස‍්සෙති. තස‍්මා යථා වා තථා වා කතස‍්ස ඛුද‍්දකස‍්ස සයනිඝරස‍්ස මජ‍්ඣාතික‍්කමෙ ආපත‍්ති වෙදිතබ‍්බා. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“සභොජනෙ” ස්ත්‍රී පුරුෂ දෙදෙනකු සමගනුයි සභොජනම නමි. ඒ සභොජනයෙහි නොහොත් ‘සභොජනෙ’ සංභොගය ඇති. රාගයෙන් මැඩුනු සිතැති පුරුෂයාහට ස්ත්‍රිය භොග්‍යය වේ. එබඳු සිතැති ස්ත්‍රියටද පුරුෂ තෙමේ භොග්‍යය වේ. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “ඉත්‍ථි චෙව හොති පුරාසො ච” යනාදිය වදාරන ලදය. “මහල්ලකෙ ඝරෙ” පුළුලින් පස්රියනට වැඩි නිදන ගෙහි. “පිට්ඨසඞ්ඝයාටස්සහත්‍ථපාසං විජහිත්‍වා” ඒ නිදනගෙයි ගැබෙහි යම් දොරබාවෙක් වේද, ඒ දොරබාවගේ අත්පස හැර ඇතුළත යහනට සමීප තැනක හිඳීය යන අර්‍ත්‍ථයි. මෙබඳුවූද, නිදනගෙය මහාචතුස්සාලාදියෙහි වේ. “පිට්ඨිවංසං අතිත්කමිත්‍වා” මෙයින් ගෙමැද ඉක්මීම දක්වයි. එහෙයින් යම් ඒ ලෙසකින් තුළ කුඩා නිදනගෙයි මැද ඉක්මීමෙහිදී. ඇවැත් දතයුතුය. මෙහි සෙස්ස ප්‍රකටමය.

පඨමපාරාජිකසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, ද‍්විවෙදනන‍්ති.

ප්‍රථම පාරාජිකසමුත්‍ථානිකය, ක්‍රියාසමුත්‍ථානය, සංඥාවිමොක්‍ෂය, සචිත්තකය, ලොකවද්‍යය, කායකර්‍මයි. අකුශලචිත්තයි. ද්විවෙදනයි.

සභොජනසික‍්ඛාපදං තතියං.

තෙවන සභොජන ශික්‍ෂාපදයයි

චතුත්‍ථපඤ‍්චමසික‍්ඛාපදෙසු යං වත‍්තබ‍්බං සියා, තං සබ‍්බං අනියතද‍්වයෙ වුත‍්තනයමෙව. යථා ච සභොජනසික‍්ඛාපදං , එවමෙතානිපි පඨමපාරාජිකසමුට‍්ඨානානෙවාති.

චතුර්‍ත්‍ථ පඤ්චම ශික්‍ෂාපදයන්හි යමක් කියයුතු වන්නේද, ඒ සියල්ල අනියත දෙක්හි කියූ නයමය. සභොජන ශික්‍ෂාපදය යම් සේද, මෙසේ මොවුහුද, ප්‍රථම පාරාජික සමුත්‍ථානිකයෝමය.

රහොපටිච‍්ඡන‍්නසික‍්ඛාපදං චතුත්‍ථං, රහොනිසජ‍්ජසික‍්ඛාපදං පඤ‍්චමං.

චාරිත‍්තසික‍්ඛාපදවණ‍්ණනා

චාරිත්ත ශික්‍ෂාපද වර්ණනාව

ඡට‍්ඨසික‍්ඛාපදෙ – දෙථාවුසො භත‍්තන‍්ති එත්‍ථ තං කිර භත‍්තං අභිහටං අහොසි, තස‍්මා එවමාහංසු. අනභිහටෙ පන එවං වත‍්තුං න ලබ‍්භති, පයුත‍්තවාචා හොති.

ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි “දෙථාවුසො භත්තං” මෙහි ඒ බත එළවන ලද්දේ වේ. එහෙයින් නිමන්ත්‍රණය ලද භික්‍ෂූහු මෙසේ කීහ. නොඑළවූ කල්හි වනාහි මෙසේ කියන්නට නොලබයි. පයුත්තවාචා වේ.

තෙන හි භික‍්ඛවෙ පටිග‍්ගහෙත්‍වා නික‍්ඛිපථාති ඉදං පන භගවා කුලස‍්ස සද‍්ධානුරක‍්ඛණත්‍ථාය ආහ. යදි “භාජෙත්‍වා ඛාදථා”ති වදෙය්‍ය, මනුස‍්සානං පසාදඤ‍්ඤථත‍්තං සියා. උස‍්සාරියිත්‍ථාති පටිහරියිත්‍ථ; ඝරංයෙව නං ගහෙත්‍වා අගමංසූති වුත‍්තං හොති.

“තෙනහි භික්‍ඛවෙ පටිග්ගහෙත්‍වා නික්‍ඛිපථ” මේ වනාහි භාග්‍යවතුන් වහන්සේ කුලයාගේ ශ්‍රද්ධාව රකිනු පිණිස වදාළ සේක. ‘ඉදින් බෙදා ගෙණ කවු’යි වදාරන්නාහු නම්, මිනිසුන්ගේ පැහැදීමෙහි වෙනස්බවෙක් වන්නේය. “උස්සාදියිත්‍ථ” පෙරළාගෙන ගියහ. එය ගෙණ ගෙටම ගියහයි කියන ලද්දේ වේ.

සන‍්තං භික‍්ඛුන‍්ති එත්‍ථ කිත‍්තාවතා සන‍්තො හොති, කිත‍්තාවතා අසන‍්තොති? අන‍්තොවිහාරෙ යත්‍ථ ඨිතස‍්ස කුලානි පයිරුපාසනචිත‍්තං උප‍්පන‍්නං, තතො පට‍්ඨාය යං පස‍්සෙ වා අභිමුඛෙ වා පස‍්සති, යස‍්ස සක‍්කා හොති පකතිවචනෙන ආරොචෙතුං, අයං සන‍්තො නාම. ඉතො චිතො ච පරියෙසිත්‍වා ආරොචනකිච‍්චං නාම නත්‍ථි. යො හි එවං පරියෙසිතබ‍්බො, සො අසන‍්තොයෙව. අපිච අන‍්තොඋපචාරසීමාය භික‍්ඛුං දිස‍්වා ආපුච‍්ඡිස‍්සාමීති ගන‍්ත්‍වා තත්‍ථ යං පස‍්සති, සො ආපුච‍්ඡිතබ‍්බො. නො චෙ පස‍්සති, අසන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා පවිට‍්ඨො නාම හොති.

“සන්තං භික්‍ඛුං” මෙහි කොපමණකින් විද්‍යමාන වේද, කොපමණකින් අවිද්‍යමාන වේද, යත්: වෙහෙර තුළ යම්තැනක සිටියනුට කුලයන් පයිරූපාසනයෙහි හිතක් උපන්නේද, එතැන් පටන් පසෙක හෝ ඉදිරිපිට හෝ යමකු දකීද, යමක්හට දොළොස් රියන් තුළ සිටියහුට අසන්නට හැකි වූ ප්‍රකෘති වචනයෙන් ආරොචනය කරන්නට හැකිවේද, මෙතෙමේ විද්‍යමාන නම්වේ. එහා මෙහාද සොයා ආරොචන කෘත්‍යයක් නම් නැත්තේය. යමෙක් තෙමේ සෙවිය යුත්තේද, හෙතෙමේ අවිද්‍යමාන නම්වේ: තවද, උපචාර සීමාව තුල මහණකු දැක විචාරන්නෙමියි ගොස් එහිදී යමකු දකීද, හෙතෙමේ ‘අහං ඉත්‍ථන්නාමස්ස ඝරං ගච්ඡාමි’යි හෝ ‘චාරිත්තං ආපජ්ජාමි’යි හෝ මෙබඳු වචනයෙන් විචාළ යුතුය. ඉදින් නොදකී නම් අවිද්‍යාමාන මහණකු නොවිචාරා පිවිසියේ නම්වේ.

අන‍්තරාරාමන‍්ති අන‍්තොගාමෙ විහාරො හොති, තං ගච‍්ඡති. භත‍්තියඝරන‍්ති නිමන‍්තිතඝරං වා සලාකභත‍්තාදිදායකානං වා ඝරං. ආපදාසූති ජීවිතබ්‍රහ‍්මචරියන‍්තරායෙසු සති ගන‍්තුං වට‍්ටති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“අන්තරාරාමං” ඇතුළු ගමෙහි විහාරයෙක් වේද, ඒ විහාරයට යයි. “භත්තියඝරං” නිමතන ලද්දවුන්ගේ ගෙයක් හෝ ලහබත් ආදිය දෙන්නවුන්ගේ ගෙයක් හෝ. “ආපදාසු” ජීවිතයට බ්‍රහ්මචර්‍ය්‍යට අනතුරක් ඇති කල්හි විද්‍යාමාන වූද, මහණකු නොවිචාරා යෑම වටියි. මෙහි සෙස්ස ප්‍රකටමය.

කථිනසමුට‍්ඨානං – කායවාචතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියාකිරයං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

කඨිනසමුත්‍ථානිකය. කයවචනයෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය, නොසංඥාවිමොක්‍ෂය, අචිත්තකය, ප්‍රඥප්තිවද්‍යය, කායකර්‍මයි, වාක්කර්‍මයි, ත්‍රිචිත්තයි, ත්‍රිවෙදනයි.

චාරිත‍්තසික‍්ඛාපදං ඡට‍්ඨං.

සවන චාරිත්ත ශික්‍ෂාපදයයි.

මහානාමසික‍්ඛාපදවණ‍්ණනා

මහානාම ශික්‍ෂාපද වර්ණනාව

සත‍්තමසික‍්ඛාපදෙ – මහානාමො නාම භගවතො චූළපිතුපුත‍්තො මාසමත‍්තෙන මහල‍්ලකතරො ද‍්වීසු ඵලෙසු පතිට‍්ඨිතො අරියසාවකො. භෙසජ‍්ජං උස‍්සන‍්නං හොතීති වජතො ආහරිත්‍වා ඨපිතසප‍්පි බහු හොති.

සප්තම ශික්‍ෂාපදයෙහි - මහානාම තෙමේ මේ භාග්‍යවතුන් වහන්සේගේ සුලුපිය පුත්ය. මසකින් වැඩිමහල්ය. ඵල දෙකෙක පිහිට ලැබූ ආර්‍ය්‍ය ශ්‍රාවකයෙක්ය. “භෙසජ්ජං උස්සන්නං හොති” ගාලෙන් ගෙනවුත් තැබූ ගිතෙල් බොහෝ වේ.

සාදිතබ‍්බාති තස‍්මිං සමයෙ රොගො නත්‍ථීති න පටික‍්ඛිපිතබ‍්බා; රොගෙ සති විඤ‍්ඤාපෙස‍්සාමීති අධිවාසෙතබ‍්බා. එත‍්තකෙහි භෙසජ‍්ජෙහි පවාරෙමීති නාමවසෙන සප‍්පිතෙලාදීසු ද‍්වීහි තීහි වා පරිමාණවසෙන පත්‍ථෙන නාළියා ආළ‍්හකෙනාති වා.අඤ‍්ඤං භෙසජ‍්ජං විඤ‍්ඤාපෙතීති සප‍්පිනා පවාරිතො තෙලං විඤ‍්ඤාපෙති, ආළ‍්හකෙන පවාරිතො දොණං. න භෙසජ‍්ජෙන කරණීයෙනාති මිස‍්සකභත‍්තෙනපි චෙ යාපෙතුං සක‍්කොති, න භෙසජ‍්ජකරණීයං නාම හොති.

“සාදිතබ්බා” කාලයෙහි රොගයෙක් නැතැයි ප්‍රතික්‍ෂෙප නොකටයුතුය. රොගයක් ඇති කල්හි දන්වන්නෙමි’යි ඉවසිය යුතුය. “එත්තකෙහි භෙසජ්ජෙහි පවාරෙමි” නම් වසයෙන් ගිතෙල් තෙල් ආදීන් අතුරෙහි දෙකකින් හෝ තුනකින් හෝ පමණ විසින් පතකින් හෝ නැළියකින් හෝ ලාස්සකින් හෝය. “අඤ්ඤං භෙසජ්ජං විඤ්ඤාපෙති” ඝෘතයෙන් පවරන ලදුයේ තෙල්ය. ලාස්සකින් පවරන ලදුයේ ද්‍රොණයෙකැයි මෙසේ පිනවන මහණහුට ඇවැත් වේයයි දන්නේය. “න භෙසජ්ජෙන කරණීයෙ” මුසුබතිනුත් යැපෙන්නට හැක්කේද, එය බෙහෙතින් කළ යුත්තෙක් නම් නොවේ.

පවාරිතානන‍්ති යෙ අත‍්තනො පුග‍්ගලිකාය පවාරණාය පවාරිතා; තෙසං පවාරිතානුරූපෙන විඤ‍්ඤත‍්තියා අනාපත‍්ති. සඞ‍්ඝවසෙන පවාරිතෙසු පන පමාණං සල‍්ලක‍්ඛෙතබ‍්බමෙවාති. සෙසං උත‍්තානමෙව.

“පවාරිතානං” යම්කෙනෙක් තුමූ තමන්ට පෞද්ගලික පවාරණයෙන් පවරන ලද්දාහුද, ඔවුන්ට පැවරූ දැයට අනුරූප වසයෙන් පිනවීම හේතුකොට ඇවැත් නොවේ. සඞ්ඝයාගේ වසයෙන් පැවරූ කල්හි පමණ සැලකිය යුත්තේමය. සෙස්ස ප්‍රකටමය.

ඡසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

ෂඩ් සමුත්‍ථානිකය, ක්‍රියාසමුත්‍ථානය, නොසංඥාවිමොක්‍ෂය, අචිත්තකය, ප්‍රඥප්තිවද්‍යය, කායකර්‍මයි, වාක්කර්‍මයි, ත්‍රිචිත්තයි, ත්‍රිවෙදනයි.

මහානාමසික‍්ඛාපදං සත‍්තමං.

සත්වන මහානාම ශික්‍ෂාපදයයි

උය්‍යුත‍්තසෙනාසික‍්ඛාපදවණ‍්ණනා

උය්‍යුත්තසේනා ශික්‍ෂාපද වර්ණනාව

අට‍්ඨමෙ – අබ‍්භුය්‍යාතොති අභිඋය්‍යාතො; පරසෙනං අභිමුඛො ගමිස‍්සාමීති නගරතො නිග‍්ගතොති අත්‍ථො. උය්‍යුත‍්තන‍්ති කතඋය්‍යොගං; ගාමතො නික‍්ඛන‍්තන‍්ති අත්‍ථො.

අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “අබ්භූය්‍යාතො” ඉදිරියට ගියේය. පරසෙනගට මූණදී යන්නෙමි’යි නුවරින් නික්ම ගියේය, යන අර්‍ත්‍ථයි. “උය්‍යුත්තං” යුද පිණිස කළ නික්මීම් ඇත්තාවූ. ගමින් නික්මුනාවූ, යන අර්‍ත්‍ථයි.

ද‍්වාදසපුරිසො හත්‍ථීති චත‍්තාරො ආරොහකා එකෙකපාදරක‍්ඛකා ද‍්වෙ ද‍්වෙති එවං ද‍්වාදසපුරිසො හොති. තිපුරිසො අස‍්සොති එකො ආරොහකො ද‍්වෙ පාදරක‍්ඛකාති එවං තිපුරිසො හොති. චතුපුරිසො රථොති එකො සාරථි එකො යොධො ද‍්වෙ ආණිරක‍්ඛකාති එවං චතුපුරිසො හොති. චත‍්තාරො පුරිසා සරහත්‍ථාති ආවුධහත්‍ථා චත‍්තාරො පුරිසාති අයං පච‍්ඡිමකොටියා චතුරඞ‍්ගසමන‍්නාගතා සෙනා නාම. ඊදිසං සෙනං දස‍්සනාය ගච‍්ඡතො පදෙ පදෙ දුක‍්කටං. දස‍්සනූපචාරං විජහිත්‍වාති කෙනචි අන‍්තරිතා වා නින‍්නං ඔරුළ‍්හා වා න දිස‍්සති; ඉධ ඨත්‍වා න සක‍්කා දට‍්ඨුන‍්ති අඤ‍්ඤං ඨානං ගන‍්ත්‍වා පස‍්සතො පයොගෙ පයොගෙ පාචිත‍්තියන‍්ති අත්‍ථො.

“ද්වාදසපුරිසො හත්‍ථි” ඇතුපිට නගින්නාවූ සිවු දෙනෙක. එක් එක් රකින්නෝ දෙදෙනෙක, දෙදෙනෙකැයි මෙසේ පුරුෂයන් දොළොසක් ඇත්තේය. “තිපුරිසො අස්සො” අසුපිට නැගෙන එකෙක පා රකින්නෝ දෙදෙනෙකැයි මෙසේ පුරුෂයන් තිදෙනෙක් ඇත. “චතුපුරිසො රථො” එක් රියසරියෙක එක් යොධයෙක. ඇණ රකින්නාවූ දෙදෙනෙකැයි පුරුෂයන් සිවුදෙනෙක් ඇත. “චත්තාරො පුරිසා සරහත්‍ථා” ආවුධ ගත් අත් ඇත්තාවූ පුරුෂයන් සිවුදෙනෙකැයි මේ පැසුළු කෙළවරින් සිවුරඟ සෙනෙගින් යුත් සෙනාව නම් වේ. මෙබඳු සෙනගක් දකිනු පිණිස යන මහණහුට පියෙහි පියෙහි දුක්කටය වේ. “දස්සනූපචාරං විජහිත්‍වා” කිසිවකින් අතර කරන ලද්දී හෝ වළකට බැස සිටියා හෝ නොදක්නා ලැබේ. මෙහි සිට දකින්නට නොහැකියයි අන් තැනකට ගොස් බලන මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය යන අර්‍ත්‍ථයි.

එකමෙකන‍්ති හත්‍ථිආදීසු චතූසු අඞ‍්ගෙසු එකමෙකං; අන‍්තමසො එකපුරිසාරුළ‍්හකහත්‍ථිම‍්පි එකම‍්පි සරහත්‍ථං පුරිසං. අනුය්‍යුත‍්තා නාම රාජා උය්‍යානං වා නදිං වා ගච‍්ඡති; එවං අනුය්‍යුත‍්තා හොති.

ඇත් ආදී වූ සිවුරඟ අතුරෙහි එකක් එකක්යි යටත් පිරිසයින් එක් පුරුෂයකු නැගි ඇතකු හෝ ඊ ගත් අත් ඇති එක් පුරුෂයකු හෝ “අනුයුත්තා” නම්, රජතෙමේ උයනට හෝ යේද, මෙසේ ඇති කල්හි අනුයුක්ත හෙවත් යුද පිණිස ගමින් නික්මුනේ වේ.

ආපදාසූති ජීවිතබ්‍රහ‍්මචරියන‍්තරායෙසු සති එත්‍ථ ගතො මුඤ‍්චිස‍්සාමීති ගච‍්ඡතො අනාපත‍්ති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. එළකලොමසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, තිවෙදනන‍්ති.

“ආපදාසු” ජීවිතයට හෝ බ්‍රහ්මචර්‍ය්‍යයට හෝ අනතුරක් ඇති කල්හි මෙහි ගියේ මිදෙන්නෙමියි යන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනය.

උය්‍යුත‍්තසෙනාසික‍්ඛාපදං අට‍්ඨමං.

අටවන උය්‍යුත්තසෙනා ශික්‍ෂාපදයයි.

සෙනාවාසසික‍්ඛාපදවණ‍්ණනා

සේනාවාස ශික්‍ෂාපද වර්ණනාව

නවමෙ – අත්‍ථඞ‍්ගතෙ සූරියෙ සෙනාය වසතීති තිට‍්ඨතු වා නිසීදතු වා සයතු වා සචෙපි ආකාසෙ ඉද‍්ධියා කඤ‍්චි ඉරියාපථං කප‍්පෙති, පාචිත‍්තියමෙව. සෙනා වා පටිසෙනාය රුද‍්ධා හොතීති යථා සඤ‍්චාරො ඡිජ‍්ජති; එවං රුද‍්ධා හොති. පලිබුද‍්ධොති වෙරිකෙන වා ඉස‍්සරෙන වා රුද‍්ධො. සෙසං උත‍්තානමෙව. එළකලොමසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

නවම ශික්‍ෂාපදයෙහි- “අත්‍ථඞ්ගතෙ සුරියෙ සෙනාය වසති” හිරු අස්තයට ගිය කල්හි සෙනාසන්නිවෙස ස්ථානයෙහි වසයි. මෙහි සිටීවා, හෝ හිඳීවා, හෝ නිදාවා, හෝ ඉදිනුදු අහසෙහි සෘද්ධියෙන් කිසි ඊර්‍ය්‍යපථයක් කෙරේනම් පාචිත්තියම වේ. “සෙනාය වා පටිසෙනා රුද්ධා හොති” සංචරණය යම්සේ සිඳීයේද, එසේ අවුරන ලද්දී වේ. “පළිබුද්ධො” වෛරියකු විසින් හෝ අධිපතියකු විසින් හෝ වළකන ලද්දේ වේ. සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

සෙනාවාසසික‍්ඛාපදං නවමං.

නවවන සෙනාවාස ශික්‍ෂාපදයයි

උය්‍යොධිකසික‍්ඛාපදවණ‍්ණනා

උය්‍යෝධික ශික්‍ෂාපද වර්ණනාව

දසමෙ – උග‍්ගන‍්ත්‍වා උග‍්ගන‍්ත්‍වා එත්‍ථ යුජ‍්ඣන‍්තීති උය්‍යොධිකං; සම‍්පහාරට‍්ඨානස‍්සෙතං අධිවචනං. බලස‍්ස අග‍්ගං ජානන‍්ති එත්‍ථාති බලග‍්ගං; බලගණනට‍්ඨානන‍්ති අත්‍ථො. සෙනාය වියූහං සෙනාබ්‍යූහං; සෙනානිවෙසස‍්සෙතං අධිවචනං. තයො හත්‍ථී පච‍්ඡිමං හත්‍ථානීකන‍්ති යො පුබ‍්බෙ වුත‍්තො ද‍්වාදසපුරිසො හත්‍ථීති තෙන හත්‍ථිනා තයො හත්‍ථී. සෙසෙසුපි එසෙව නයො. සෙසං උය්‍යුත‍්තසෙනාසික‍්ඛාපදෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං සද‍්ධිං සමුට‍්ඨානාදීහීති.

දසම ශික්‍ෂාපදයෙහි - උඩට නැග නැග මෙහිලා යුද්ධ කෙරෙත්යි “උය්‍යොධික” නම්වේ. යුදකරන තැනට මේ නමෙකි. මෙහිලා සෙනාවගේ ගණන දනිත්නුයි ඒ ගණින තැන “බලග්ග” නම්වේ. සෙනාව ගණින තැනය යන අර්‍ත්‍ථයි. රථාකාරයෙන් ශකටාකාරයෙන් පද්මාකාරයෙන් යනාදි ආකාරයන්ගෙන් සෙනාවගේ සිටීම “සෙනාබ්‍යූහ” නම්, සෙනාසිටවන තැනට මේ නමෙකි. “තයො හත්‍ථි පච්ඡිමං හත්‍ථානීකං” පෙර කියූ පුරුෂයන් දොළොස් දෙනකු ඇති යම් ඇතෙක් වේද, ඒ ඇතු උපලක්‍ෂණ කොට ඇත්තු තිදෙනෙක. සෙසු තන්හිද මෙම නයවේ. සමුත්‍ථානාදීන් සමග සෙස් උය්‍යුත්තසෙනා ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුත්තේය.

උය්‍යොධිකසික‍්ඛාපදං දසමං.

දසවන උය්‍යොධික ශික්‍ෂාපදයයි

සමත‍්තො වණ‍්ණනාක‍්කමෙන අචෙලකවග‍්ගො පඤ‍්චමො.

වර්‍ණනා ක්‍රමයෙන් පස්වන අචෙලකවර්‍ගය නිමි