දන‍්තපොනසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා
දන‍්තපොනසික‍්ඛාපදවණ‍්ණනා
දන්තපොන ශික්‍ෂාපද වර්ණනාව
දසමසික‍්ඛාපදෙ – චතූසු පච‍්චයෙසු අන‍්තමසො දන‍්තකට‍්ඨම‍්පි සබ‍්බං පංසුකූලමෙව අස‍්සාති සබ‍්බපංසුකූලිකො. සො කිර සුසානෙ ඡඩ‍්ඩිතභාජනමෙව පත‍්තං කත්‍වා තත්‍ථ ඡඩ‍්ඩිතචොළකෙහෙව චීවරං කත්‍වා තත්‍ථ ඡඩ‍්ඩිතමඤ‍්චපීඨකානියෙව ගහෙත්‍වා පරිභුඤ‍්ජති. අය්‍යවොසාටිතකානීති එත්‍ථ අය්‍යා වුච‍්චන‍්ති කාලඞ‍්කතා පිතිපිතාමහා. වොසාටිතකානි වුච‍්චන‍්ති තෙසං අත්‍ථාය සුසානාදීසු ඡඩ‍්ඩිතකානි ඛාදනීයභොජනීයානි; මනුස‍්සා කිර කාලඞ‍්කතෙ ඤාතකෙ උද‍්දිස‍්ස යං තෙසං සජීවකාලෙ පියං හොති, තං එතෙසු සුසානාදීසු පිණ‍්ඩං පිණ‍්ඩං කත්‍වා “ඤාතකා නො පරිභුඤ‍්ජන‍්තූති ඨපෙන‍්ති. සො භික‍්ඛු තං ගහෙත්‍වා භුඤ‍්ජති, අඤ‍්ඤං පණීතම‍්පි දිය්‍යමානං න ඉච‍්ඡති. තෙන වුත‍්තං – “සුසානෙපි රුක්ඛමූලෙපි උම‍්මාරෙපි අය්‍යවොසාටිතකානි සාමං ගහෙත්‍වා පරිභුඤ‍්ජතී”ති. ථෙරොති ථිරො ඝනබද‍්ධො. වඨරොති ථූලො; ථූලො ච ඝනසරීරො චායං භික‍්ඛූති වුත‍්තං හොති. මනුස‍්සමංසං මඤ‍්ඤෙ ඛාදතීති මනුස‍්සමංසං ඛාදතීති නං සල‍්ලක‍්ඛෙම; මනුස‍්සමංසං ඛාදන‍්තා හි ඊදිසා භවන‍්තීති අයං තෙසං අධිප‍්පායො.
දශම ශික්‍ෂාපදයෙහි - සිවුපසයෙහි යටත් පිරිසයින් දැහැටිද යන සියල්ල පංසුකූලික වූයේම මෝහටනුයි සබ්බපංසුකූලික නම. හෙතෙමේ වනාහි සොහොනෙහි දැමු බඳුනක්ම පාත්‍රය කොට, එහි දැමු රෙදිකෑලිවලින්ම සිවුරක් කොට, එහි දැමූ ඇඳපුටුම ගෙණ පරිභොග කරයි. “අය්‍යවොසාටිකතානි” යන මෙහි කලුරිය කළ පියානන් හා මුත්තනුවෝ අය්‍යයි කියනු ලැබෙත්. ඔවුන් පිණිස සොහොන් ආදියෙහි දැමූ කෑයුතු දැය හා බිදියයුතු දැය වොසාටිකතානි කියනු ලැබෙත්. මිනිස්සු කලුරිය කළ නෑයන් උදෙසා දිවි සහිත කාලයෙහි ඔවුන්ට යමක් ප්‍රිය වේද, ඒ ප්‍රිය දෙය මේ සොහොන් ආදියෙහි පිඩු පිඩු කොට ‘අපගේ නෑයෝ අනුභව කෙරෙත්වා’යි තබත්. ඒ මහණ තෙමේ එය ගෙණ අනුභව කරයි. දෙනු ලබන ප්‍රණීතවූද අනිකක් නොකැමැති වේ. “සුසානෙපි රුක්ඛමූලෙපි උම්මාරෙපි අය්‍යවොසාටිකතානි සාමං ගහෙත්‍වා පරිභුඤ්ජති”යි එහෙයින් කියනලදී. “ථෙරො” ස්ථිරය. ඝන වූ මසින් බැඳුනේය. “වඨරො” තරය. තරවූද ඝනසරීර ඇත්තාවූද, මේ මහණැයි කියන ලද්දේ වේ. “මනුස්සමංසං මඤ්ඤෙ ඛාදති” ඒ මහණහු මිනීමස් කාය’යි සලකම්හ. මිනීමස් කන්නෝ මෙබන්දෝ වෙත්යි. ඒ සොහොනෙහි හැසිරෙන ඒ මහණහු දුටුවන්ගේ මේ අදහස වේ.
උදකදන‍්තපොනෙ කුක‍්කුච‍්චායන‍්තීති එත්‍ථ තෙ භික‍්ඛූ “අදින‍්නං මුඛද‍්වාරං ආහාරං ආහරෙය්‍යා”ති පදස‍්ස සම‍්මා අත්‍ථං අසල‍්ලක‍්ඛෙත්‍වා කුක‍්කුච‍්චායිසුං, භගවා පන යථාඋප‍්පන‍්නස‍්ස වත්‍ථුස‍්ස වසෙන පිතා විය දාරකෙ තෙ භික‍්ඛූ සඤ‍්ඤාපෙන‍්තො අනුපඤ‍්ඤත‍්තිං ඨපෙසි.
“උදකදන්තපොනෙ කුක්කුච්චායන්ති” යන මෙහි ඒ භික්‍ෂූහු මිනිසුන් විසින් සොහොනෙහි දැමූ බොජුන් ගෙන අනුභව කළ කරුණු සඳහා පනවනලද ශික්‍ෂාපදයෙහි “අදින්නං මුඛද්වාර ආහාරං ආහරෙය්‍ය” යන මේ පදයෙහි අර්‍ත්‍ථය මනාකොට නොසලකා කුකුස් කළහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි උපන් වස්තු වශයෙන් දරුවන් කෙරෙහි පියකු මෙන් ඒ මහණුන්ට හඟවමින් අනුප්‍රඥප්තිය තැබූ සේක.
අදින‍්නන‍්ති කායෙන වා කායපටිබද්ධෙන වා ගණ‍්හන‍්තස‍්ස කායකායපටිබද‍්ධනිස‍්සග‍්ගියානං අඤ‍්ඤතරවසෙන න දින‍්නං. එතදෙව හි සන්‍ධාය පදභාජනෙ “අදින‍්නං නාම අප‍්පටිග‍්ගහිතකං වුච‍්චතී”ති වුත‍්තං. දුතියපාරාජිකෙ පන “අදින‍්නං නාම පරපරිග‍්ගහිතකං වුච‍්චතී”ති වුත‍්තං. දින‍්නන‍්ති ඉදං පන තස‍්සෙව අදින‍්නස‍්ස පටිපක‍්ඛවසෙන ලක‍්ඛණදස‍්සනත්‍ථං උද‍්ධටං. නිද‍්දෙසෙ චස‍්ස “කායෙන වා කායපටිබද්ධෙන වා නිස‍්සග‍්ගියෙන වා දෙන‍්තෙ”ති එවං අඤ‍්ඤස‍්මිං දදමානෙ “හත්‍ථපාසෙ ඨිතො කායෙන වා කායපටිබද්ධෙන වා පටිග‍්ගණ‍්හාතීති තං එවං දිය්‍යමානං අන‍්තමසො රථරෙණුම‍්පි සචෙ පුබ‍්බෙ වුත‍්තලක‍්ඛණෙ හත්‍ථපාසෙ ඨිතො කායෙන වා කායපටිබද්ධෙන වා පටිග‍්ගණ‍්හාති, එතං එවං පටිග‍්ගහිතං දින‍්නං නාම වුච‍්චති. න “ඉදං ගණ‍්හ, ඉදං තව හොතූ”තිආදිවචනෙන නිස‍්සට‍්ඨං.
“අදින්නං” කයින් හෝ කයපිළිබැදියකින් හෝ ගන්නා මහණහුට කායපටිබද්ධනිස්සග්ගියන්ගෙන් එක්තරා එකක්හුගේ වසයෙන් නොදෙන ලද්දය. මේ නොදුන් දෙය සඳහාම පදභාජනයෙහි “අදින්නං නාම අපටිග්ගහිතකං වුච්චති”යි වදාරනලදී. දෙවන පරිජි සිකපදයෙහි වනාහි “අදින්නං නාම පරපරිග්ගහිතකං වුච්චති”යි වදාළසේක. “දින්නං” යන මේ පදය ඒ නොදුන් දෙයට ප්‍රතිපක්‍ෂ වශයෙන් ලක්‍ෂණ දැක්වීම පිණිස නිර්‍දෙශයෙහි මොහු පිළිබඳ ‘කයින් හෝ කයපිළිබැදියකින් හෝ බැහැරලූවකින් හෝ දෙත්’යි උදුරා දක්වන ලදී. මෙසේ අනිකක් දෙන කල්හි “හත්‍ථපාසෙ ඨිතො කායෙන වා කායපටිබද්ධෙන වා පතිගණාති”යි මෙසේ දෙනු ලබන එය යටත් පිරිසයින් රථරෙණුවක් නමුදු ඉදින් පෙර කියූ ලක්‍ෂණ ඇති අත්පයෙහි සිටියේ කයින් හෝ කායපිළිබැදියකින් හෝ පිළිගණීද, මෙසේ මෙය පිළිගන්නා ලද්දේ නම් දෙන ලද්දේ නමැයි කියනු ලැබේ. ‘මෙය ගණුව, මෙය නුඹට වේවා’යි නොදෙන ලද්දෙක් නොවේ.
තත්‍ථ කායෙනාති හත්‍ථාදීසු යෙන කෙනචි සරීරාවයවෙන; අන‍්තමසො පාදඞ‍්ගුලියාපි දිය්‍යමානං කායෙන දින‍්නං නාම හොති, පටිග‍්ගහණෙපි එසෙව නයො. යෙන කෙනචි හි සරීරාවයවෙන ගහිතං කායෙන ගහිතමෙව හොති. සචෙපි නත්‍ථුකරණියා දිය්‍යමානං නාසාපුටෙන අකල‍්ලකො වා මුඛෙන පටිග‍්ගණ‍්හාති. ආභොගමත‍්තමෙව හි එත්‍ථ පමාණන‍්ති අයං නයො මහාපච‍්චරියං වුත‍්තො. කායපටිබද‍්ධෙනාති කටච‍්ඡුආදීසු යෙන කෙනචි උපකරණෙන දින‍්නං කායපටිබද‍්ධෙන දින‍්නං නාම හොති. පටිග‍්ගහණෙපි එසෙව නයො. යෙන කෙනචි සරීරපටිබද‍්ධෙන පත‍්තථාලකාදිනා ගහිතං කායපටිබද‍්ධෙන ගහිතමෙව හොති. නිස‍්සග‍්ගියෙනාති කායතො ච කායපටිබද‍්ධතො ච මොචෙත්‍වා හත්‍ථපාසෙ ඨිතස‍්ස කායෙන වා කායපටිබද්ධෙන වා පාතියමානම‍්පි නිස‍්සග‍්ගියෙන පයොගෙන දින‍්නං නාම හොති. අයං තාව පාළිවණ‍්ණනා.
එහි “කායෙන වා” අත් ආදීන් අතුරෙහි යම්කිසි ශරීරාවයවයකින්, යටත් පිරිසෙයින් පය ඇඟිල්ලෙන් නමුදු දෙනු ලබන්න කයින් දෙන ලද්දේ නම්වේ. පිළිගැනීමෙහිද මේ නයවේ. යම්කිසි ශරීරාවයවයකින්ම ගන්නා ලද්දේ ද, කයින් ගන්නා ලද්දේම වේ. ඉදිනුදු නස්‍යය පිණිස තැනු යුගපිලාවෙන් දෙනුලබන තෙල නාසා පුටයෙන් නොහොත් මුඛයෙන් ගිලනෙක්වම මුඛයෙන් පිළිගණීද, ආභොග මාත්‍රයෙන්ම මෙහි ප්‍රමාණය. මේ නය, මහාපච්චරියෙහි කියන ලද්දේය. “කායපටිබද්ධෙන” හැඳි ආදීන් අතුරෙහි යම්කිසි උපකරණයකින් දෙන ලද්දේ ද කයපිළිබැඳියෙන් දෙන ලද්දේනම් වේ. පිළිගැණීමෙහිද මේ නයමවේ. සිරුර පිළිබඳ වූ යම්කිසි පාත්‍ර තලු ආදියකින් ගන්නා ලද්දේ ද, කය පිළිබැඳියෙන් ගන්නා ලද්දේම වේ. “නිස්සග්ගියෙන” කයින්ද කයපිළිබැඳියෙන්ද මුදා අත්පස සිටියහුගේ කයින් හෝ කය පිළිබැඳියෙන් හෝ හෙලනු ලබන්නක්ම නිස්සග්ගිය ප්‍රයොගයෙන් දෙන ලද්දේ නම් වේ. මේ පාලිවර්‍ණනාය.
අයං පනෙත්‍ථ පාළිමුත‍්තකවිනිච‍්ඡයො – පඤ‍්චඞ‍්ගෙහි පටිග‍්ගහණං රුහති – ථාමමජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස උච‍්චාරණමත‍්තං හොති, හත්‍ථපාසො පඤ‍්ඤායති, අභිහාරො පඤ‍්ඤායති, දෙවො වා මනුස‍්සො වා තිරච‍්ඡානගතො වා කායෙන වා කායපටිබද්ධෙන වා නිස‍්සග‍්ගියෙන වා දෙති, තං චෙ භික‍්ඛු කායෙන වා කායපටිබද්ධෙන වා පටිග‍්ගණ‍්හාති. එවං පඤ‍්චහඞ‍්ගෙහි පටිග‍්ගහණං රුහති.
මේ මතු කියන්නේ මෙහි පාලිමුත්ත විනිශ්චයයයි: පස් අඟකින් පිළිගැණීම නැගෙන්නේය. බලවත් මධ්‍යම පිරිමියක්හුගේ එසවීම පමණක් වේ. අත්පස පෙනේ. එළවීම පෙනේ. දෙවියෙක් හෝ මිනිසෙක් හෝ තිරිසෙනෙක් හෝ දෙයි. ඉදින් ඒ දීම මහණ තෙමේ කයින් හෝ කය පිළිබැදියකින් හෝ පිළිගණී නම් මෙසේ පස් අඟනකින් පිළිගැණීම නගින්නේය.
තත්‍ථ ඨිතනිසින‍්නනිපන‍්නානං පවාරණසික‍්ඛාපදෙ වුත‍්තනයෙනෙව හත්‍ථපාසො වෙදිතබ‍්බො. සචෙ පන දායකපටිග‍්ගාහකෙසු එකො ආකාසෙ හොති, එකො භූමියං, භූමට‍්ඨස‍්ස ච සීසෙන ආකාසට‍්ඨස‍්ස ච ඨපෙත්‍වා දාතුං වා ගහෙතුං වා පසාරිතහත්‍ථං, යං ආසන‍්නතරං අඞ‍්ගං, තස‍්ස ඔරිමන‍්තෙන හත්‍ථපාසප‍්පමාණං පරිච‍්ඡින්‍දිතබ‍්බං. සචෙපි එකො කූපෙ හොති, එකො කූපතටෙ, එකො වා පන රුක‍්ඛෙ, එකො පථවියං, වුත‍්තනයෙනෙව හත්‍ථපාසප‍්පමාණං පරිච‍්ඡින්‍දිතබ‍්බං. එවරූපෙ හත්‍ථපාසෙ ඨත්‍වා සචෙපි පක‍්ඛී මුඛතුණ‍්ඩකෙන වා හත්‍ථී වා සොණ‍්ඩාය ගහෙත්‍වා පුප‍්ඵං වා ඵලං වා දෙති, පටිග‍්ගහණං රුහති. සචෙ පන අද‍්ධට‍්ඨමරතනස‍්සාපි හත්‍ථිනො ඛන්‍ධෙ නිසින‍්නො, තෙන සොණ‍්ඩාය දිය්‍යමානං ගණ‍්හාති, වට‍්ටතියෙව.
එහි සිටි හුන්, හොත්නවුන්ගේ අත්පස පවාරණ ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය. ඉදින් වනාහි දායක ප්‍රතිග්‍රාහක යන මොවුන්ගෙන් එකෙක් අහසෙහි වේද, එකෙක් බිමැ වේද, බිමැ සිටියහුගේද හිසින් අහස සිටියහුගේද, දෙන්නට හා ගන්නට හෝ දිගු කළ අත හැර ඉතා ලංවූ අවයවයක් වේද, ඒ අවයවයෙහි ලංවූ කෙළවරින් අත්පස පමණ පිරිසිඳිය යුතුය. ඉදින් එකෙක් ලිඳෙහි වේද, එකෙක් ලිංතෙර වේද, කියූ නයින්ම අත්පස පමණ පිරිසිඳිය යුතුය. මෙබඳු අත්පසෙහි සිට ඉදින් පක්‍ෂියෙක් මුවතුඩින් හෝ ඇතෙක් සොඬින් හෝ ගෙණ මලක් හෝ ගෙඩියක් හෝ දේද, පිළිගැණීම සිදුවේ. අඩ අටරියනක් ඇත්තාවූ ඇත් කදෙහි හුන්නේ ඒ ඇතු විසින් සොඬින් දෙනු ලබන්නක් ගණීද වටියි.
එකො බහූනි භත‍්තබ්‍යඤ‍්ජනභාජනානි සීසෙ කත්‍වා භික‍්ඛුස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා ඨිතකොව ගණ‍්හථාති වදති, න තාව අභිහාරො පඤ‍්ඤායති, තස‍්මා න ගහෙතබ‍්බං. සචෙ පන ඊසකම‍්පි ඔනමති, භික‍්ඛුනා හත්‍ථං පසාරෙත්‍වා හෙට‍්ඨිමභාජනං එකදෙසෙනාපි සම‍්පටිච‍්ඡිතබ‍්බං. එත‍්තාවතා සබ‍්බභාජනානි පටිග‍්ගහිතානි හොන‍්ති, තතො පට‍්ඨාය ඔරොපෙත්‍වා වා උග‍්ඝාටෙත්‍වා වා යං ඉච‍්ඡති, තං ගහෙත්‍වා භුඤ‍්ජිතුං වට‍්ටති. සභත‍්තපච‍්ඡිආදිම‍්හි පන එකභාජනෙ වත‍්තබ‍්බමෙව නත්‍ථි, කාජෙන භත‍්තං හරන‍්තොපි සචෙ කාජං ඔනාමෙත්‍වා දෙති, වට‍්ටති. තිංසහත්‍ථො වෙණු හොති, එකස‍්මිං අන‍්තෙ ගුළකුම‍්භො බද‍්ධො, එකස‍්මිං සප‍්පිකුම‍්භො, තඤ‍්චෙ පටිග‍්ගණ‍්හාති, සබ‍්බං පටිග‍්ගහිතමෙව. උච‍්ඡුයන‍්තදොණිතො පග‍්ඝරන‍්තමෙව රසං ගණ‍්හථාති වදති, අභිහාරො න පඤ‍්ඤායතීති න ගහෙතබ‍්බො. සචෙ පන කසටං ඡඩ‍්ඩෙත්‍වා හත්‍ථෙන උස‍්සිඤ‍්චිත්‍වා උස‍්සිඤ‍්චිත්‍වා දෙති, වට‍්ටති.
එකෙක් බොහෝ බත් ව්‍යඤ්ජන බඳුන් හිසෙහි කොට භික්‍ෂු සඞ්ඝයාගේ සමීපයට පැමිණ සිටියේම ‘ගණු මැනැවැ’යි කියාද, එහෙත් එළවීම නොපැනේ. එහෙයින් නොගත යුතුය. ඉදින් වනාහි මදකුත් නැමේද, මහණහු විසින් අතදිගු කොට යටම බඳුන එක්දෙසකින් නමුත් පිළිගත යුතුය. මෙපමණකින් සියලු බඳුන් පිළිගන්නා ලද්දේ වේ. එතැන් පටන් බා හෝ ඔසොවා හෝ යමක් කැමැත්තේද, එය ගැණීම වටියි. බත් සහිත පැස් ආදියෙහි වනාහි එක් බඳුනෙක්හි කියයුත්තෙක්ම නැත්තේය. කදින් බත් ගෙණ යන්නේම ඉදින් කද නමා දේද, වටියි. තිස්රියන් හුණෙක් වේ, එහි එක් කෙළවරක හකුරු කළයක් බඳින ලද්දේ වේ. එක් කෙළවරක ගිතෙල් කළයක් වේ, එද පිළිගණීනම් සියල්ල පිළිගන්නා ලද්දේම වේ. උක්යන්ත්‍ර දෙණින් වැගිරෙන්නාවූම රසය ගනු මැනැවැයි කියාද, එහි එළවීම නොපෙනේයයි නොගත යුතුය. ඉදින් කසට හැර අතින් එකතු කොට දේනම් වටියි.
බහූ පත‍්තා මඤ‍්චෙ වා පීඨෙ වා කටසාරකෙ වා දොණියං වා ඵලකෙ වා ඨපිතා හොන‍්ති, යත්‍ථ ඨිතස‍්ස දායකො හත්‍ථපාසෙ හොති, තත්‍ථ ඨත්‍වා පටිග‍්ගහණසඤ‍්ඤාය මඤ‍්චාදීනි අඞ‍්ගුලියාපි ඵුසිත්‍වා ඨිතෙන වා නිසින‍්නෙන වා නිපන‍්නෙන වා යං තෙසු පත‍්තෙසු දිය්‍යති, තං සබ‍්බං පටිග‍්ගහිතං හොති. සචෙපි පටිග‍්ගහෙස‍්සාමීති මඤ‍්චාදීනි ආරුහිත්‍වා නිසීදති, වට‍්ටතියෙව . සචෙ පන මඤ‍්චාදීනි හත්‍ථෙන ගහෙත්‍වා මඤ‍්චෙ නිසීදති, වත‍්තබ‍්බමෙව නත්‍ථි.
බොහෝ පාත්‍රයෝ ඇඳක හෝ පුටුවක හෝ කළලයක හෝ දෙණක හෝ පුවරුවක හෝ තබන ලද්දාහු වෙත්ද, යම්තැනක සිටියහුගේ අත්පයෙහි දායක තෙමේ සිටියේ වේද, එහි සිට පිළිගනිමි යන හැඟීමෙන් ඇඳ පුටු ආදිය ඇඟිල්ලෙන් නමුදු පහසා සිටියහු විසින් හෝ හුන්නහු විසින් හෝ හොත්තහු විසින් හෝ ඒ පාත්‍රයන්හිලා යමක් දෙනු ලැබේද, ඒ සියල්ල පිළිගන්නා ලද්දේ වේ. ඉදින් පිළිගන්නෙමියි ඇඳපුටු ආදියට නැගී හිඳී නම් වටීමය.
පථවියං පන සචෙපි කුච‍්ඡියා කුච‍්ඡිං ආහච‍්ච ඨිතා හොන‍්ති, යං යං අඞ‍්ගුලියා වා සූචියා වා ඵුසිත්‍වා නිසින‍්නො හොති, තත්‍ථ තත්‍ථ දිය්‍යමානමෙව පටිග‍්ගහිතං හොති. “යත්‍ථ කත්‍ථචි මහාකටසාරහත්‍ථත්‍ථරණාදීසු ඨපිතපත‍්තෙ පටිග‍්ගහණං න රුහතී”ති වුත‍්තං, තං හත්‍ථපාසාතික‍්කමං සන්‍ධාය වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. හත්‍ථපාසෙ පන සති යත්‍ථ කත්‍ථචි වට‍්ටති අඤ‍්ඤත්‍ර තත්‍ථජාතකා.
පොළොවෙහි කුසින් කුස පැහැර පාත්‍ර තුබුනේ වේද යම් යම් පාත්‍රයක් ඇඟිල්ලෙන් හෝ කටුවකින් හෝ පහසා හුන්නේ වේද, එහි එහිම දෙනු ලබන්නක්ම පිළිගන්නා ලද්දේ වේ. මහකළාල් ඇත් අතුරුනු ආදීවූ කිසි කිසි තැනක තැබූ පාත්‍රයෙහි පිළිගැණීම සිදුනොවේ යයි කියන ලදී. එය අත්පස ඉක්මීම සඳහා කියන ලදැයි දතයුතුය. අත්පස ඇති කල්හි යම්කිසි තැනක වටියි. ඒ රුකෙහි පිහිටා තිබූ පාත්‍රය හැරයි.
තත්‍ථජාතකෙ පන පදුමිනිපණ‍්ණෙ වා කිංසුකපණ‍්ණාදිම‍්හි වා න වට‍්ටති. න හි තං කායපටිබද‍්ධසඞ‍්ඛ්‍යං ගච‍්ඡති. යථා ච තත්‍ථජාතකෙ; එවං ඛාණුකෙ බන්‍ධිත්‍වා ඨපිතමඤ‍්චාදිම‍්හි අසංහාරිමෙ ඵලකෙ වා පාසාණෙ වා න රුහතියෙව, තෙපි හි තත්‍ථජාතකසඞ‍්ඛෙපුපගා හොන‍්ති. භූමියං අත්‍ථතෙසු සුඛුමෙසු තින‍්තිණිකාදිපණ‍්ණෙසුපි පටිග‍්ගහණං න රුහති, න හි තානි සන්‍ධාරෙතුං සමත්‍ථානීති. මහන‍්තෙසු පන පදුමිනිපණ‍්ණාදීසු රුහති. සචෙ හත්‍ථපාසං අතික‍්කම‍්ම ඨිතො දීඝදණ‍්ඩකෙන උළුඞ‍්කෙන දෙති, ආගන‍්ත්‍වා දෙහීති වත‍්තබ‍්බො. වචනං අසුත්‍වා වා අනාදියිත්‍වා වා පත‍්තෙ ආකිරතියෙව, පුන පටිග‍්ගහෙතබ‍්බං. දූරෙ ඨත්‍වා භත‍්තපිණ‍්ඩං ඛිපන‍්තෙපි එසෙව නයො.
එහි හටගත් පියුම් පතක හෝ කෑලකොළ ආදියෙහි හෝ පිළිගැනීම නොවටියි. ඒ කොළ ආදිය කය පිළිබඳය යන ගිණීමට නොයයි. ඒ රුක්හි පිහිටා තිබූ පත්හි යම්සේද මෙසේ කණුවක බැඳ තිබූ ඇදපුටු ආදියෙහි හෝ බලවත් මැදුම් පිරිමියකු විසින් නැගිය නොහැකි පුවරුවක හෝ ගලෙක හෝ පිළිගැණීම නොඋපදීමය. ඒ නැගිය නොහැකි පුවරු හා ගල් එහි උපන්හයි ගිණිමට පැමිණියාහු වෙත්. බිම අතුරුණු සියුම් වූ සිනිඹලා ආදී කොළවල පිළිගැනීම සිදු නොවේ. ඒ සියුම් සිනිඹලා බත් ආදීහු දිරාසිටින්නට සමර්‍ත්‍ථ නොවෙත්ද, එහෙයිනි. මහත් වූ පියුම්පත් ආදියෙහි පිළිගැනීමම සිදුවේ. අත්පස ඉක්මවා සිටියේ දිග්දඬු ඇති කෙණෙස්සකින් දේද, එකල්හි ‘අවුත් දෙව’යි කියයුතුය. කියූ වචනය නොඅසා හෝ නොගෙණ හෝ පාත්‍රයෙහි බහාලීමම කෙරේද, නැවැත පිළිගත යුතුය. දුර සිට බත්පිඬ දමන කල්හිද මේ නයම වේ.
සචෙ පත‍්තත්‍ථවිකතො නීහරියමානෙ පත‍්තෙ රජනචුණ‍්ණානි හොන‍්ති, සති උදකෙ ධොවිතබ‍්බො, අසති රජනචුණ‍්ණං පුච‍්ඡිත්‍වා පටිග‍්ගහෙත්‍වා වා පිණ‍්ඩාය චරිතබ‍්බං. සචෙ පිණ‍්ඩාය චරන‍්තස‍්ස රජං පතති, පටිග‍්ගහෙත්‍වා භික‍්ඛා ගණ‍්හිතබ‍්බා. අප‍්පටිග‍්ගහෙත්‍වා ගණ‍්හතො විනයදුක‍්කටං. තං පන පුන පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජතො අනාපත‍්ති. සචෙ පන “පටිග‍්ගහෙත්‍වා දෙථා”ති වුත‍්තෙ වචනං අසුත්‍වා වා අනාදියිත්‍වා වා භික‍්ඛං දෙන‍්තියෙව, විනයදුක‍්කටං නත්‍ථි, පුන පටිග‍්ගහෙත්‍වා අඤ‍්ඤා භික‍්ඛා ගහෙතබ‍්බා.
පාපසුම්බියෙන් බැහැරට ගන්නා කල්හි පාත්‍රයෙහි රජස්සුණු වේද, දිය ඇති කල්හි සේදිය යුතුය. දිය නොමැති කල්හි රජස්සුණු පිසදමා පිළිගෙණ හෝ පිඩු පිණිස හැසිරිය යුතුය. පිඩු පිණිස හැසිරෙන කල්හි පාත්‍රයෙහි රජස් වැටේද, නැවැත පිළිගෙණ භික්‍ෂාව ගතයුතුය. නොපිළිගෙණ භික්‍ෂාව ගන්නහුට විනයදුක්කටය වේ. ඒ භික්‍ෂාව නැවැත පිළිගෙණ අනුභව කරන මහණහුට ඇවැත් නොවේ. පිළිගෙණ දුනමැනැවැ’යි කියූ කල්හි ඒ වචනය නොඅසා හෝ නොගෙණ හෝ දෙන්නේම නම් විනය දුක්කටයක් නැත්තේය. නැවැත පිළිගෙණ අන්‍ය භික්‍ෂාවක් ගතයුතුය.
සචෙ මහාවාතො තතො තතො රජං පාතෙති, න සක‍්කා හොති භික‍්ඛං ගහෙතුං, “අනුපසම‍්පන‍්නස‍්ස දස‍්සාමී”ති සුද‍්ධචිත‍්තෙන ආභොගං කත්‍වා ගණ‍්හිතුං වට‍්ටති. එවං පිණ‍්ඩාය චරිත්‍වා විහාරං වා ආසනසාලං වා ගන‍්ත්‍වා තං අනුපසම‍්පන‍්නස‍්ස දත්‍වා පුන තෙන දින‍්නං වා තස‍්ස විස‍්සාසෙන වා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජිතුං වට‍්ටති.
මහ සුළඟක් ඒ ඒ දිගින් රජස් හෙලා නම්, භික්‍ෂාව ගන්නට නොහැක්කේ නම් අනුපසම්පන්නයක්හට දෙන්නෙමි’යි පිරිසිදු සිතින් කල්පනාකොට ගැනීම වටියි. මෙසේ පිඩු පිණිස හැසිර වෙහෙරට හෝ අසුන්හලට හෝ ගොස් ඒ පිණ්ඩපාතය අනුපසම්පන්නයක්හට දී නැවත ඔහු විසින් දෙන ලද්ද හෝ ඔහු කෙරෙහි විශ්වාසයෙන් හෝ පිළිගෙණ වැළදීම වටියි.
සචෙ භික‍්ඛාචාරෙ සරජං පත‍්තං භික‍්ඛුස‍්ස දෙති, සො වත‍්තබ‍්බො – “ඉමං පටිග‍්ගහෙත්‍වා භික‍්ඛං වා ගණ‍්හෙය්‍යාසි, පරිභුඤ‍්ජෙය්‍යාසි වා”ති තෙන තථා කාතබ‍්බං. සචෙ රජං උපරි උප‍්පිලවති, කඤ‍්ජිකං පවාහෙත්‍වා සෙසං භුඤ‍්ජිතබ‍්බං. සචෙ අන‍්තො පවිට‍්ඨං හොති, පටිග‍්ගහෙතබ‍්බං. අනුපසම‍්පන‍්නෙ අසති හත්‍ථතො අමොචෙන‍්තෙන, යත්‍ථ අනුපසම‍්පන‍්නො අත්‍ථි තත්‍ථ නෙත්‍වා පටිග‍්ගහෙතබ‍්බං . සුක‍්ඛභත‍්තෙ පතිතරජං අපනෙත්‍වා භුඤ‍්ජිතුං වට‍්ටති. සචෙ අතිසුඛුමං හොති, උපරිභත‍්තෙන සද‍්ධිං අපනෙතබ‍්බං, පටිග‍්ගහෙත්‍වා වා භුඤ‍්ජිතබ‍්බං. යාගුං වා සූපං වා පුරතො ඨපෙත්‍වා ආලුලෙන‍්තානං භාජනතො ඵුසිතානි උග‍්ගන‍්ත්‍වා පත‍්තෙ පතන‍්ති, පත‍්තො පටිග‍්ගහෙතබ‍්බො.
භික්‍ෂාව පිණිස හැසිරීමෙහිදී රජස් සහිතවූ පාත්‍රය අන් මහණක්හට දේද, “මේ පාත්‍රය පිළිගෙණ භික්‍ෂාව ගණුව හෝ අනුභව හෝ කරව’යි හෙතෙමේ කියයුතුය. ඒ මහණහු විසින් එසේ කටයුතුය. ඒ බත මතුවෙහි රජස් ඉපිලේද, කාඩිය බේරා හැර ඉතිරිය අනුභව කටයුතුය. ඒ රජස් ඇතුළට වැදුනේද පිළිගත යුතුය. අනුපසම්පන්නයකු නැති කල්හි අතින් නොමුදන්නහු විසින්ම යම් තැනක අනුපසම්පන්නයෙක් වේද, එහි ගෙණ ගොස් පිළිගත යුතුය. වියලි බතෙහි වැටුනු රජස් පහකොට වැළදීම වටියි. ඒ රජස් ඉතා සියුම් වේ නම්, මතුපිට බත් සමග පහකට යුතුය. නොහොත් පිළිගෙණ වැළඳිය යුතුය. කැඳක් හෝ සූපයක් හෝ ඉදිරියෙහි තබා හැඳි ගාන කල්හි බඳුනෙන් බින්දු උඩට නැගී පාත්‍රයෙහි වැටෙත්ද, පාත්‍රය පිළිගත යුතුය.
උළුඞ‍්කෙන ආහරිත්‍වා දෙන‍්තානං පඨමතරං උළුඞ‍්කතො ථෙවා පත‍්තෙ පතන‍්ති, සුපතිතා, අභිහටත‍්තා දොසො නත්‍ථි. සචෙපි චරුකෙන භත‍්තෙ ආකිරියමානෙ චරුකතො මසි වා ඡාරිකා වා පතති, අභිහටත‍්තා නෙවත්‍ථි දොසො. අනන‍්තරස‍්ස භික‍්ඛුනො දිය්‍යමානං පත‍්තතො උප‍්පතිත්‍වා ඉතරස‍්ස පත‍්තෙ පතති, සුපතිතං. පටිග‍්ගහිතමෙව හි තං හොති.
හැන්දෙන් ගෙණ අවුත් දෙන කල්හි ඉතා පළමු කොට හැන්දෙන් බින්දු පාත්‍රයෙහි වැටෙත්ද ඔවුහු මනාකොට වැටුනාහුය. එළවූ බැවින් දොසක් නැත්තේය. කුඩා බඳුනකින් බත්ලන කල්හි ඒ කුඩා බඳුනෙන් දැලි හෝ අලු හෝ වැටේද, එළවූ බැවින් දොසෙක් නැත්තේමය. අනතුරුව හුන් මහණක්හට දෙනු ලබන යමක් පාත්‍රයෙන් උඩට නැග අන් මහණහුගේ පාත්‍රයෙහි වැටේද, එය මනා වැටීමෙක් වේ. එය පිළිගන්නා ලද්දක්ම වේ.
සචෙ ජජ‍්ඣරිසාඛාදිං ඵාලෙත්‍වා එකස‍්ස භික‍්ඛුනො දෙන‍්තානං සාඛතො ඵුසිතානි අඤ‍්ඤස‍්ස පත‍්තෙ පතන‍්ති, පත‍්තො පටිග‍්ගහෙතබ‍්බො. යස‍්ස පත‍්තස‍්ස උපරි ඵාලෙන‍්ති, තස‍්ස පත‍්තෙ පතිතෙසු දාතුකාමතාය අභිහටත‍්තා දොසො නත්‍ථි. පායාසස‍්ස පූරෙත්‍වා පත‍්තං දෙන‍්ති, උණ‍්හත‍්තා හෙට‍්ඨා ගහෙතුං න සක‍්කොති, මුඛවට‍්ටියාපි ගහෙතුං වට‍්ටති. සචෙ තථාපි න සක‍්කොති, ආධාරකෙන ගණ‍්හිතබ‍්බො.
ලිහිපලා කොළ ආදිය පලා එක් මහණක්හට දෙන කල්හි පලා කොළවලින් බින්දු අනික් මහණක්හුගේ පාත්‍රයෙහි වැටෙත්ද, පාත්‍රය පිළිගත යුතුය. යම් මහණක්හුගේ පාත්‍රය මතුවෙහි තබා පලත්ද, ඒ මහණහුගේ පාත්‍රයෙහි වැටුනු කල්හි දෙනු කැමැති බැවින් එළවු බැවින් දොසක් නැත්තේය. කිරිබතින් පාත්‍රය පුරවා දෙත්. පාත්‍රය රත්වූ බැවින් යටින් අල්ලා ගන්නට නොහැක්කේනම් මුවපිටිනුදු ගැණීම වටියයි. එසේත් නොහැක්කේ නම් පාත්‍රාධාරයෙන් ගතයුතුය.
ආසනසාලාය පත‍්තං ගහෙත්‍වා නිසින‍්නො භික‍්ඛු නිද‍්දං ඔක‍්කන‍්තො හොති, නෙව ආහරියමානං න දිය්‍යමානං ජානාති, අප‍්පටිග‍්ගහිතං හොති. සචෙ පන ආභොගං කත්‍වා නිසින‍්නො හොති, වට‍්ටති. සචෙපි සො හත්‍ථෙන ආධාරකං මුඤ‍්චිත්‍වා පාදෙන පෙල‍්ලෙත්‍වා නිද‍්දායති, වට‍්ටතියෙව. පාදෙන ආධාරකං අක‍්කමිත්‍වා පටිග‍්ගණ‍්හන‍්තස‍්ස පන ජාගරන‍්තස‍්සපි අනාදරපටිග‍්ගහණං හොති, තස‍්මා න කාතබ‍්බං. කෙචි එවං ආධාරකෙන පටිග‍්ගහණං කායපටිබද‍්ධපටිබද‍්ධෙන පටිග‍්ගහණං නාම හොති, තස‍්මා න වට‍්ටතීති වදන‍්ති. තං තෙසං වචනමත‍්තමෙව. අත්‍ථතො පන සබ‍්බම‍්පෙතං කායපටිබද‍්ධමෙව හොති. කායසංසග‍්ගෙපි චෙස නයො දස‍්සිතොව. යම‍්පි භික‍්ඛුස‍්ස දිය්‍යමානං පතති, තම‍්පි සාමං ගහෙත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටති. තත්‍රිදං සුත‍්තං –
පාත්‍රය ගෙණ අසුන්හලෙහි හුන් මහණෙක් තෙමේ නින්දට වැටුනේ, ගෙණෙනු ලබන්නක් නොම දනීද, දෙනු ලබන්නක් නොදනීද, නොපිළිගන්නා ලද්දේ වේ. ‘පිළිගන්නෙමි’යි කල්පනා කොට හුන්නේ නම් පිළිගැණීම වටීයි. ඉදින් ඒ මහණ තෙමේ අතින් පාත්‍රය හෝ පාත්‍රාධාරය මුදාහැර පයින් පා අඩිය පාගා නිදාද, වටීමය. පයින් පා අඩිය පාගා පිළිගන්නාවූ නො නිදන මහණහුට ද පිළිගැණීමෙහි අනාදරය හෙවත් අනාදර පිළිගැනීම වේ. එහෙයින් ඒ පිළිගැනීම නොකටයුතුය. අභයගිරිවාසීහු පා අඩියෙන් පිළිගැණීම කය පිළිබැදියෙන් පිළිගැණීම නම් වේ. එහෙයින් පිළිගැණීම නොවටීයයි කියත්. එය වචන මාත්‍රයෙක්ම වේ. අර්‍ත්‍ථවශයෙන් මේ සියල්ලම කය පිළිබඳම වේ. කායසංසර්‍ගයෙහිද මේ නය දක්වන ලද්දේය. මහණක්හට දෙනු ලබන යමක් වැඩේද එද තමන් ගෙණ වැළදීම වටියි. එහි -
“අනුජානාමි, භික්ඛවෙ, යං දිය්‍යමානං පතති, තං සාමං ගහෙත්‍වා පරිභුඤ‍්ජිතුං පරිච‍්චත‍්තං තං, භික‍්ඛවෙ, දායකෙහී”ති (චූළව· 273).
“අනුජානාමි භික්ඛවෙ යං දීයමානං පතති තං සාමං ගහෙත්‍වා පරිභුඤ්ජිතුං තං කිස්ස හෙත: පරිච්චත්තං තං භික්‍ඛවෙ දායකෙහි” යනු සූත්‍රය වේ.
ඉදඤ‍්ච පන සුත‍්තං නෙය්‍යත්‍ථං. තස‍්මා එවමෙත්‍ථ අධිප‍්පායො වෙදිතබ‍්බො – යං දිය්‍යමානං දායකස‍්ස හත්‍ථතො පරිගළිත්‍වා සුද‍්ධාය වා භූමියා පදුමිනිපණ‍්ණවත්‍ථකටසාරකාදීසු වා පතති, තං සාමං ගහෙත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටති. යං පන සරජාය භූමියා පතති, තං රජං පුඤ‍්ඡිත්‍වා වා ධොවිත්‍වා වා පටිග‍්ගහෙත්‍වා වා පරිභුඤ‍්ජිතබ‍්බං. සචෙ පන පවට‍්ටන‍්තං අඤ‍්ඤස‍්ස භික‍්ඛුනො සන‍්තිකං ගච‍්ඡති, තෙන ආහරාපෙතුම‍්පි වට‍්ටති. සචෙ තං භික‍්ඛුං වදති “ත්‍වංයෙව ඛාදා”ති තස‍්සාපි ඛාදිතුං වට‍්ටති. අනාණත‍්තෙන පන තෙන න ගහෙතබ‍්බං. අනාණත‍්තෙනාපි “ඉතරස‍්ස දස‍්සාමී”ති ගහෙතුං වට‍්ටතීති කුරුන්‍දියං වුත‍්තං. කස‍්මා පනෙතං ඉතරස‍්ස භික‍්ඛුනො ගහෙතුං න වට‍්ටතීති? භගවතා අනනුඤ‍්ඤාතත‍්තා. භගවතා හි “සාමං ගහෙත්‍වා පරිභුඤ‍්ජිතු”න‍්ති වදන‍්තෙන යස‍්සෙව තං දිය්‍යමානං පතති, තස‍්ස අප‍්පටිග‍්ගහිතකම‍්පි තං ගහෙත්‍වා පරිභොගො අනුඤ‍්ඤාතො. “පරිච‍්චත‍්තං තං භික‍්ඛවෙ දායකෙහී”ති වචනෙන පනෙත්‍ථ පරසන‍්තකාභාවො දීපිතො. තස‍්මා අඤ‍්ඤස‍්ස සාමං ගහෙත්‍වා පරිභුඤ‍්ජිතුං න වට‍්ටති, තස‍්ස පන ආණත‍්තියා වට‍්ටතීති අයං කිරෙත්‍ථ අධිප‍්පායො.
මේ සූත්‍රය වනාහි නෙය්‍යාර්‍ත්‍ථ ඇත්තේ වේ. එහෙයින් මෙහි අදහස මෙසේ දතයුතුය: දෙනුලබන යමක් දායකයාගේ අතින් ගිලිහී පිරිසිදු බිමක හෝ පියුම්පත් වස්ත්‍ර කළල් ආදියෙක හෝ වැටේද එය තමන් ගෙණ වැළඳීම වටියි. යමක් වනාහි රජස් සහිත බිමෙක වැටේද රජස් පිසදමා හෝ සෝදා හෝ පිළිගෙණ හෝ වැළදිය යුතුය. ඉදින් පෙරළෙමින් ගොස් අන් මහණක්හුගේ සමීපයට යේද, ඔහු ලවා ගෙන්වා ගැනීම හෝ වටියි. ඒ මහණහුට ‘තෝ ම අනුභව කරවා’යි කියාද, ඔහුටද ඒ කෑම වටියි. නොඅණවන ලද්දහු විසින් නොගත යුතුය. නොඅණවන ලද්දහු විසින්ද, අන් මහණකට දෙන්නෙමි’යි ගැණීම වටීයයි කුරුන්‍දියෙහි කියන ලද්දේය. කුමක් හෙයින් මේ පෙරළීගිය කැවිලිය අන් මහණක්හට ගන්ට නොවටීද, යත්: භාග්‍යවතුන් වහන්සේ විසින් නො අනුදත් බැවිනි. ‘තමන් විසින් ගෙන අනුභව කරන්නටයයි වදාරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ යමක් හටම දෙනු ලබන්නා වූ එය වැටේද, ඒ වැටුනු දැය ඔහු විසින් නො පිළිගන්නා ලද්දේ ද, එය ගෙණ අනුභව කිරීම අනුදන්නා ලද්දේය. ‘මහණෙනි’ දායකයන් විසින් ඒ දැය පරිත්‍යාග කරන ලද්දේය, යන වචනයෙන් මෙහි මෙරමාසතුබව දක්වන ලද්දේය. යම්හෙයකින් මූලස්ථයාහටම පරිභොගය වදාරන ලද්දේ ද, එහෙයින් අනිකක්හු සතු දැය තමන් විසින් ගෙණ අනුභව කිරීම නොවටියි. ඔහුගේ අණින් වටියි. මේ මතු කියන්නේ මෙහි අදහසය.
යස‍්මා ච තං අප‍්පටිග‍්ගහිතකත‍්තා අනුඤ‍්ඤාතං, තස‍්මා යථාඨිතංයෙව අනාමසිත්‍වා කෙනචි පිදහිත්‍වා ඨපිතං දුතියදිවසෙපි පරිභුඤ‍්චිතුං වට‍්ටති, සන‍්නිධිපච‍්චයා අනාපත‍්ති. පටිග‍්ගහෙත්‍වා පන පරිභුඤ‍්ජිතබ‍්බං. තංදිවසංයෙව හි තස‍්ස සාමං ගහෙත්‍වා පරිභොගො අනුඤ‍්ඤාතො, න තතො පරන‍්ති අයම‍්පි කිරෙත්‍ථ අධිප‍්පායො.
එය නොපිළිගත් දැයක් බැවින් යම්හෙයකින් අනුදන්නා ලද්දේ ද, එහෙයින් තුබූ පරිදිම උග්ගහිත පටිග්ගහිතකය බැවින් ආමර්‍ෂණය නොකොට කිසිවකින් වසා තබන ලද්දේ දෙවන දවසෙහිද වැළදීම වටියි. දෙවන දවසට තබා ප්‍රයෝජන ගැනීම ප්‍රත්‍යයකොට නොපිළිගත් බැවින් ඇවැත් නොවේ. පිළිගෙණ වැළදිය යුතුය. එදවසම ඒ දැය තමන් විසින් ගෙණ වැළදීම අනුදන්නා ලදී. එයින් මතු නොවේ. මේ වනාහි මෙහි අදහසය.
ඉදානි අබ‍්බොහාරිකනයො වුච‍්චති – භුඤ‍්ජන‍්තානඤ‍්හි දන‍්තා ඛිය්‍යන‍්ති, නඛා ඛිය්‍යන‍්ති, පත‍්තස‍්ස වණ‍්ණො ඛිය්‍යති, සබ‍්බං අබ‍්බොහාරිකං. යම‍්පි සත්‍ථකෙන උච‍්ඡුආදීසු ඵාලිතෙසු මලං පඤ‍්ඤායති, එතං නවසමුට‍්ඨිතං නාම පටිග‍්ගහෙත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං. සත්‍ථකං ධොවිත්‍වා ඵාලිතෙසු මලං න පඤ‍්ඤායති, ලොහගන්‍ධමත‍්තං හොති, තං අබ‍්බොහාරිකං. යම‍්පි සත්‍ථකං ගහෙත්‍වා පරිහරන‍්ති, තෙන ඵාලිතෙපි එසෙව නයො. න හි තං පරිභොගත්‍ථාය පරිහරන‍්තීති. මූලභෙසජ‍්ජාදීනි පිසන‍්තානං වා කොට‍්ටෙන‍්තානං වා නිසදනිසදපොතකඋදුක‍්ඛලමුසලාදීනි ඛිය්‍යන‍්ති, පරිහරණකවාසිං තාපෙත්‍වා භෙසජ‍්ජත්‍ථාය තක‍්කෙ වා ඛීරෙ වා පක‍්ඛිපන‍්ති, තත්‍ථ නීලිකා පඤ‍්ඤායති. සත්‍ථකෙ වුත‍්තසදිසොව විනිච‍්ඡයො. ආමකතක‍්කාදීසු පන සයං න පක‍්ඛිපිතබ‍්බා. පක‍්ඛිපති චෙ, සාමපාකතො න මුච‍්චති.
දැන් අව්‍යවහාරිකනය කියනු ලැබේ. අනුභව කරන්නන්ගේ දත් ගෙවී යත්. නිය ගෙවෙත්. පාත්‍රයෙහි පැහැය නැසී යයි. සියල්ල අව්‍යවහාරික වේ. ආවුධයෙන් උක් ආදිය පැලූ කල්හි මල පෙනේද, ඒ මල අලුත නැගුනේ වේ. පිළිගෙණ වැළඳිය යුතුය. ආවුධය සෝදා පැලූ කල්හි මල නොපෙනේද ලොහොගඳ පමණක් ඉතිරිවේද, ඒ ලොහොගඳ අව්‍යවහාරික වේ. යම්බදුවූද, ආවුධයක් ගෙණ පරිහරණය කරත්ද, එයින් පැලූ කල්හිද මේ නයම වේ. හෙවත් අව්‍යවහාරික නයමය. නොපිළිගන්වන ලදුව තමන් විසින්ම ගන්නාලද ඒ ආවුධය පරිභොගය පිණිස පරිහරණය නොකෙරෙත්යි. මෙයින් බාහිර පරිභොගය පිණිස තමන්ම හෝ ගෙණ අනුපසපනකු විසින් දෙන ලද්දක් හෝ ගෙණ පරිහරණය කිරීම වටීයයි දැක්වේ. එහෙයින් පා ආදියෙහි ගෑම පිණිස තමන් විසින් ගෙන පරිහරණය කළ තෙල් ආදිය අනුභව කරනු කැමැති වේනම්, නොපිළිගෙණ පරිභොග කරන මහණහුට ඇවැත් නොවේ. අභ්‍යන්තර පරිභොගය පිණිස තමන් විසින් ගන්නා ලද්දක් පිළිගෙණ අනුභව කරන මහණහුට උග්ගහිත පටිග්ගහිතකය වේ. නොපිළිගෙණ පරිභොග කරන මහණහුට අදින්නමුඛද්වාරාපත්තිය වේ. මුල් බෙහෙත් ආදිය අඹරන කල්හි හෝ කොටන කල්හි අඹරන ගල් දරුගල් වන මොහොල් ගෙවෙත්ද, ඒ ඇඹරූ කෙටූ බෙහෙත්හි අමුතු පැහැයෙන් පෙනේනම් නොවටීයයි දන්නේය. පරිහරණය කරන වෑය තවා බෙහෙත් පිණිස මෝරුයෙහි හෝ කිරෙහි හෝ බහාලත්. එහි නිල්පැහැය පෙනේ නම් ආවුධයෙහි කියන ලද්ද සමානවූ විනිශ්චය වේ. අමු මෝරු ආදියෙහිද, තමන් විසින් නොබහාලිය යුතුය. බහාලානම් සමපාකයෙන් නොමිදේ.
දෙවෙ වස‍්සන‍්තෙ පිණ‍්ඩාය චරන‍්තස‍්ස සරීරතො වා චීවරතො වා කිලිට‍්ඨඋදකං පත‍්තෙ පතති, තං පටිග‍්ගහෙතබ‍්බං. රුක‍්ඛමූලාදීසු භුඤ‍්ජන‍්තස‍්ස පතිතෙපි එසෙව නයො. සචෙ පන සත‍්තාහං වස‍්සන‍්තෙ දෙවෙ සුද‍්ධං උදකං හොති, අබ‍්භොකාසතො වා පතති, වට‍්ටති. සාමණෙරස‍්ස ඔදනං දෙන‍්තෙන තස‍්ස පත‍්තගතං අච‍්ඡුපන‍්තෙනෙව දාතබ‍්බො. පත‍්තො වාස‍්ස පටිග‍්ගහෙතබ‍්බො. අප‍්පටිග‍්ගහිතෙ ඔදනං ඡුපිත්‍වා පුන අත‍්තනො පත‍්තෙ ඔදනං ගණ‍්හන‍්තස‍්ස උග‍්ගහිතකො හොති.
වැසි වස්නා කල්හි පිඬු පිණිස හැසිරෙන්නහුගේ සිරුරෙන් හෝ සිවුරෙන් හෝ කිලිටිදිය පාත්‍රයෙහි වැටේනම් එය පිළිගත යුතුය. රුක්මුල් ආදියෙහි හිඳ වළඳන මහණහුගේ පාත්‍රයෙහි වැටුනු කල්හිද මෙම නයවේ. ඉදින් සත් දවසක් මුළුල්ලෙහි වැසි වස්නා කල්හි පිරිසිදු දිය වේද, අභ්‍යවකාශයෙන් හෝ වැටේද, වටියි. හෙරණක්හට ඔදනය දෙන මහණකු විසින් ඔහුගේ පුත්‍රයෙහි වූ භොජනය නොපහසන්නහු විසින්ම දියයුතුය. මොහුගේ පාත්‍රය හෝ පිළිගත යුතුය. නොපිළිගත් කල්හි ඔදනය පහසා නැවැත තමන්ගේ පාත්‍රයෙහි ඔදනය ගන්නා මහණහුට නොපිළිගත්තක් ගන්නා ලද්දේ වේ.
සචෙ පන දාතුකාමො හුත්‍වා “ආහර සාමණෙර පත‍්තං, ඔදනං ගණ‍්හා”ති වදති, ඉතරො ච “අලං මය‍්හ”න‍්ති පටික‍්ඛිපති, පුන තවෙවෙතං මයා පරිච‍්චත‍්ත”න‍්ති ච වුත‍්තෙපි “න මය‍්හං එතෙනත්‍ථො”ති වදති. සතක‍්ඛත‍්තුම‍්පි පරිච‍්චජතු, යාව අත‍්තනො හත්‍ථගතං පටිග‍්ගහිතමෙව හොති.
ඉදින් දෙනු කැමැතිව ‘හෙරණ’ පාත්‍රය ගෙණ එව, ඔදනය ගණුව’යි කියාද, අනික් හෙරණ තෙමේද, ‘මට කම් නැතැ’යි ප්‍රතික්‍ෂෙප කෙරේද, නැවත මේ ඔදනය මා විසින් පරිත්‍යාග කරන ලදැ’යි කීකල්හිද ‘මට මෙයින් ප්‍රයෝජන නැතැ’යි කියාද, සියක් වරක් නමුදු පරිත්‍යාග කෙරේවා, යම්තාක් තමන්ගේ අතට පත්වූයේද, ඒතාක් පිළිගන්නා ලද්දේම වේ.
සචෙ පන ආධාරකෙ ඨිතං නිරපෙක‍්ඛො “ගණ‍්හා”ති වදති, පුන පටිග‍්ගහෙතබ‍්බං. සාපෙක‍්ඛො ආධාරකෙ පත‍්තං ඨපෙත්‍වා “එත‍්තො පූවං වා භත‍්තං වා ගණ‍්හා”ති සාමණෙරං වදති, සාමණෙරො හත්‍ථං ධොවිත්‍වා සචෙපි සතක‍්ඛත‍්තුං ගහෙත්‍වා අත‍්තනො පත‍්තගතං අඵුසන‍්තොව අත‍්තනො පත‍්තෙ පක‍්ඛිපති, පුන පටිග‍්ගහණකිච‍්චං නත්‍ථි. යදි පන අත‍්තනො පත‍්තගතං ඵුසිත්‍වා තතො ගණ‍්හාති, සාමණෙරසන‍්තකෙන සංසට‍්ඨං හොති, පුන පටිග‍්ගහෙතබ‍්බං. කෙචි පන “සචෙපි ගය‍්හමානං ඡිජ‍්ජිත්‍වා තත්‍ථ පතති, පුන පටිග‍්ගහෙතබ‍්බ”න‍්ති වදන‍්ති. තං “එකං භත‍්තපිණ‍්ඩං ගණ‍්හ, එකං පූවං ගණ‍්හ, ඉමස‍්ස ගුළපිණ‍්ඩස‍්ස එත‍්තකං පදෙසං ගණ‍්හා”ති එවං පරිච‍්ඡින්‍දිත්‍වා වුත‍්තෙ වෙදිතබ‍්බං. ඉධ පන පරිච‍්ඡෙදො නත්‍ථි. තස‍්මා යං සාමණෙරස‍්ස පත‍්තෙ පතති, තදෙව පටිග‍්ගහණං විජහති. හත්‍ථගතං පන යාව සාමණෙරො වා “අල”න‍්ති න ඔරමති, භික‍්ඛු වා න වාරෙති, තාව භික‍්ඛුස‍්සෙව සන‍්තකං, තස‍්මා පටිග‍්ගහණං න විජහති.
පාත්‍රාධාරයෙහි තුබුනක් බලාපොරොත්තු රහිතව ගණුව’යි කියාද, නැවැත පිළිගත යුතුය. බලාපොරොත්තු සහිතව පාත්‍රාධාරයෙහි පාත්‍රය තබා ‘මෙයින් පූ හෝ බත් හෝ ගණුව’යි හෙරණකුට කියාද, හෙරණ තෙමේ අත සෝදා සියක් වරක් ගෙන තමන්ගේ පාත්‍රයෙහි තුබූ දැය නොපහසමින්ම තමන්ගේ පාත්‍රයෙහි බහාද, නැවත පිළිගැණීම් කිසෙක් නැත්තේය. ඉදින් තමන්ගේ පාත්‍රයෙහි වූ දැය පහසා එයින් ගණීද, හෙරණහු සතු දැය හා හැනුනේ වේද, නැවැත පිළිගත යුතුය. අභයගිරිවාසීහු වනාහි ගනු ලබන්න සිඳී එහි වැටේද, නැවත පිළිගතයුතුයයි කියත්. ඔවුන්ගේ ඒ කීම ‘එක් බත්පිඬක් ගණුව, එක් පූපයක් ගනුව, මේ සකුරුපිඬෙහි මෙපමණ පෙදෙසක් ගණුව’යි මෙසේ පිරිසිඳ කිය කල්හි, එහිලා දතයුතුය. මෙහි වනාහි පිරිසිඳීමෙක් නැත්තේය. එහෙයින් හෙරණහුගේ පාත්‍රයෙහි යමක් වැටේද, ඒ වැටුනු දැයම පිළිගැණීම හරින්නේය. හෙරණෙක් තෙමේ අතෙහි තුබූ දැය කම් නැතැ’යි එහි නොඇලේද, මහණෙක් හෝ නොවඳුකාද, ඒතාක් මහණහු සතුම වේ. එහෙයින් පිළිගැණීම නොහරියි.
සචෙ අත‍්තනො වා භික‍්ඛූනං වා යාගුපචනකභාජනෙ කෙසඤ‍්චි අත්‍ථාය ඔදනං පක‍්ඛිපති, “සාමණෙර, භාජනස‍්ස උපරි හත්‍ථං කරොහී”ති වත්‍වා තස‍්ස හත්‍ථෙ පක‍්ඛිපිතබ‍්බං, තස‍්ස හත්‍ථතො භාජනෙ පතිතඤ‍්හි දුතියදිවසෙ භාජනස‍්ස අකප‍්පියභාවං න කරොති, පරිච‍්චත‍්තත‍්තා. සචෙ එවං අකත්‍වා පක‍්ඛිපති, පත‍්තමිව භාජනං නිරාමිසං කත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං. දායකා යාගුකුටං ඨපෙත්‍වා ගතා, තං දහරසාමණෙරො පටිග‍්ගණ‍්හාපෙතුං න සක‍්කොති, භික‍්ඛු පත‍්තං උපනාමෙති, සාමණෙරො කුටස‍්ස ගීවං පත‍්තස‍්ස මුඛවට‍්ටියං ඨපෙත්‍වා ආවජ‍්ජෙති, පත‍්තගතා යාගු පටිග‍්ගහිතාව හොති. අථ වා භික‍්ඛු භූමියං හත්‍ථං ඨපෙති, සාමණෙරො පවට‍්ටෙත්‍වා තත්‍ථ ආරොපෙති, වට‍්ටති. පූවපච‍්ඡිභත‍්තපච‍්ඡිඋච‍්ඡුභාරාදීසුපි එසෙව නයො.
තමන්ගේ හෝ මහණුන්ගේ හෝ කැඳ පිසන බඳුනෙක්හි කිසිවකු පිණිස බත් බහාලත්ද, ‘හෙරණ’ බඳුන මතුවෙහි අත තබව’යි කියා ඔහුගේ අතෙහි බහාලිය යුතුය. ඔහුගේ අතින් බඳුනෙහි වැටුනක්, දෙවන දවසෙහි බදුන තමා අකප්පියභාවය නොකරන්නේය. එසේවන්නේ පරිත්‍යාග කළ බැවිනි. මෙසේ නොකොට බහාලාද, පාත්‍රය මෙන් බඳුන නිරාමිස කොට පරිභොග කටයුතුය. දායකයෝ කැඳකළයක් තබා ගියහ. ඒ කැඳකළය ලදරු හෙරණෙක් තෙමේ පිළිගන්වන්නට නොහැක්කේද, මහණ තෙමේ පාත්‍රය එළවා ද, හෙරණතෙමේ කළයෙහි බෙල්ල, පාත්‍රයෙහි මුවවිට තබා ඇල කරන්නේය. පාත්‍රයෙහි තුබූ කැඳ පිළිගන්නා ලද්දීම වේ. නොහොත් මහණ තෙමේ බිම අත තබාද, හෙරණ තෙමේ පෙරළා එහි නගාද වටියි. පූපැස් බත්පැස් උක්බර යනාදි මොවුන් අතුරෙහිද මේ නයම වේ.
සචෙ පටිග‍්ගහණූපගං භාරං ද‍්වෙ තයො සාමණෙරා දෙන‍්ති, එකෙන වා බලවතා උක‍්ඛිත‍්තං ද‍්වෙ තයො භික‍්ඛූ ගණ‍්හන‍්ති, වට‍්ටති. මඤ‍්චස‍්ස වා පීඨස‍්ස වා පාදෙ තෙලඝටං වා ඵාණිතඝටං වා නවනීතඝටං වා ලග‍්ගෙන‍්ති, භික‍්ඛුස‍්ස මඤ‍්චෙපි පීඨෙපි නිසීදිතුං වට‍්ටති. උග‍්ගහිතකං නාම න හොති.
පිළිගැණීමට සුදුසු බරක් දෙතුන් හෙරණ කෙනෙක් දෙත්ද, බලවත් එකකු විසින් හෝ ඔසවන ලද්දක් දෙතුන් මහණ කෙනෙක් ගණිත්ද, වටියි. ඇඳක හෝ පුටුවක හෝ පාදයෙහි තෙල්කළයක් හෝ පැණිකළයක් හෝ එල්වත්ද, එහි ඇඳෙහි හෝ පුටුවෙහි මහණහුට හිදීම වටියි. නොපිළිගන්වා ගත් දැයක් නම් නොවේ.
නාගදන‍්තකෙ වා අඞ‍්කුසකෙ වා ද‍්වෙ තෙලඝටා ලග‍්ගිතා හොන‍්ති, උපරි පටිග‍්ගහිතකො හෙට‍්ඨා අප‍්පටිග‍්ගහිතකො, උපරිමං ගහෙතුං වට‍්ටති. හෙට‍්ඨා පටිග‍්ගහිතකො උපරි අප‍්පටිග‍්ගහිතකො, උපරිමං ගහෙත්‍වා ඉතරං ගණ‍්හතො උපරිමො උග‍්ගහිතකො හොති. හෙට‍්ඨාමඤ‍්චෙ අප‍්පටිග‍්ගහිතකං තෙලථාලකං හොති, තං චෙ සම‍්මජ‍්ජන‍්තො සම‍්මුඤ‍්ජනියා ඝට‍්ටෙති, උග‍්ගහිතකං න හොති. පටිග‍්ගහිතකං ගණ‍්හිස‍්සාමීති අප‍්පටිග‍්ගහිතකං ගහෙත්‍වා ඤත්‍වා පුන ඨපෙති, උග‍්ගහිතකං න හොති. බහි නීහරිත්‍වා සඤ‍්ජානාති, බහි අට‍්ඨපෙත්‍වා හරිත්‍වා තත්‍ථෙව ඨපෙතබ‍්බං, නත්‍ථි දොසො. සචෙ පන පුබ‍්බෙ විවරිත්‍වා ඨපිතං න පිදහිතබ‍්බං; යථා පුබ‍්බෙ ඨිතං තථෙව ඨපෙතබ‍්බං. සචෙ බහි ඨපෙති, පුන න ඡුපිතබ‍්බං.
බිත්හි ගැසූ කොක්කෙක හෝ අකුස්සෙක හෝ තෙල්කළ දෙකක එල්වන ලද්දේවේද, පිළිගත් තෙල්බඳුන මතුවෙහි වේද, නොපිළිගත් තෙල් බඳුන යටැවේද, නොපිළිගත් තෙල්කළය මතුවෙහි වේද, මතුවෙහි තෙල්කළය ගෙණ අනික් තෙල්කළය ගන්නා මහණහුට මතුවෙහි තෙල්කළය නොපිළිගන්වා ගන්නා ලද්දෙක් වේ. ඇඳ යටැ නොපිළිගත් තෙල් නැලියක් වේද, මහණෙක් හමදිමින් මුස්නෙන් ගටා නම් උග්ගහිකකයෙක් නොවේ. පිළිගන්නා ලද්දක් ගන්නෙමි’යි නොපිළිගන්නා ලද්දක් ගෙණ දැන නැවැත තබාද, උග්ගහිතක නොවේ. පිටතට ගෙණවුත් දැන ගණීද, පිටත නොතබා ගෙණගොස් එහිම තැබිය යුතුය. දොසෙක් නැත්තේය. පෙර විවෘත කොට තබන ලද්ද නොවැසිය යුතුය. පෙර යම්සේ තුබුනේද, එසේම තැබිය යුතුය. පිටත තබා නම් නැවත නොපැහැසිය යුතුය.
හෙට‍්ඨාපාසාදං ඔරොහන‍්තො නිස‍්සෙණිමජ‍්ඣෙ සඤ‍්ජානාති, අනොකාසත‍්තා උද‍්ධං වා අධො වා හරිත්‍වා ඨපෙතබ‍්බං. පටිග‍්ගහිතකෙ තෙලාදිම‍්හි කණ‍්ණකං උට‍්ඨෙති, සිඞ‍්ගිවෙරාදිම‍්හි ඝනචුණ‍්ණං, තංසමුට‍්ඨානමෙව නාමෙතං, පුන පටිග‍්ගහණකිච‍්චං නත්‍ථි.
පිළිගත් තෙල් ආදියෙහි පුස් නගීද, ඉඟුරු ආදියෙහි පුස් නම්වූ ඝනසුණු නගීද, මෙය පිළිගත් දැයින් හටගත් බැවින් තත්සමුත්‍ථාන නම. හෙවත් එපිළිගත් දැයම නම්, එහෙයින් නැවැත පිළිගැනීමෙක් නැත්තේය.
තාලං වා නාළිකෙරං වා ආරුළ‍්හො යොත‍්තෙන ඵලපිණ‍්ඩිං ඔතාරෙත්‍වා උපරි ඨිතොව ගණ‍්හථාති වදති, න ගහෙතබ‍්බං. සචෙ අඤ‍්ඤො භූමියං ඨිතො යොත‍්තපාසකෙ ගහෙත්‍වා උක‍්ඛිපිත්‍වා දෙති, වට‍්ටති. සඵලං මහාසාඛං කප‍්පියං කාරෙත්‍වා පටිග‍්ගණ‍්හාති, ඵලානි පටිග‍්ගහිතානෙව හොන‍්ති, යථාසුඛං පරිභුඤ‍්ජිතුං වට‍්ටති.
තල්රුකකට හෝ නෙරළු රුකකට හෝ නැගගත් යමෙක් තෙමේ රැහණකින් බැඳ ගෙඩිවල්ලක් බා ගස උඩ සිටියේම ගණුව’යි කියාද නොගත යුතුය. බිම සිටි අන් එකෙක් රැහැන්මාලය ගෙණ ඔසවා දේද, ගැණීම වරදෙක් නොවේ. ගෙඩි සහිතවූ මහ අත්තක් කැප කරවා පිළිගනීද, ගෙඩි පිළිගන්නා ලද්දාහුම වෙත්. කැමති සේ පරිභොග කිරීමෙහි වරදෙක් නැත්තේය.
අන‍්තොවතියං ඨත්‍වා වතිං ඡින්‍දිත්‍වා උච‍්ඡුං වා තිම‍්බරූසකං වා දෙන‍්ති, හත්‍ථපාසෙ සති වට‍්ටති. වතිදණ‍්ඩකෙසු අප‍්පහරිත්‍වා නිග‍්ගතං ගණ‍්හන‍්තස‍්ස වට‍්ටති. පහරිත්‍වා නිග‍්ගතෙ අට‍්ඨකථාසු දොසො න දස‍්සිතො. මයං පන යං ඨානං පහටං, තතො සයංපතිතමෙව හොතීති තක‍්කයාම. තස‍්මිම‍්පි අට‍්ඨත්‍වා ගච‍්ඡන‍්තෙ යුජ‍්ජති, සුඞ‍්කඝාතතො පවට‍්ටෙත්‍වා බහිපතිතභණ‍්ඩං විය. වතිං වා පාකාරං වා ලඞ‍්ඝාපෙත්‍වා දෙන‍්ති, සචෙ පන න පුථුලො පාකාරො, අන‍්තොපාකාරෙ ච බහිපාකාරෙ ච ඨිතස‍්ස හත්‍ථපාසො පහොති, හත්‍ථසතම‍්පි උද‍්ධං ගන‍්ත්‍වා සම‍්පත‍්තං ගහෙතුං වට‍්ටති.
වැට තුළ සිට වැට කඩා උක්දණ්ඩක් හෝ තිඹිරිගෙඩියක් හෝ, දෙත්ද අත්පස ඇති කල්හි පිළිගත හැකිය. ගමන් වළකනු පිණිස සිටවූ දඬුවල නොවැදී නික්මුනක් ගන්නාවූ මහණහුට දොසෙක් නොවේ. දඬුවල වැදී නික්මුනු කල්හිද දොසෙක් අර්‍ත්‍ථකථාවන්හි නොදක්වන ලද්දේය. අපි වනාහි ‘යම් තැනක වැදුනේද, එතැනින් තමන් වැටුනක් මෙන් වේය’යි තර්‍කනය කරම්හ. අයබදු අයකර ගන්නා තැනින් පෙරැළී පිටත වැටුනු භාණ්ඩයක් මෙන් එද නොනැවතී යන කල්හි ගැණීම යෙදෙන්නේය. වැටක් හෝ පවුරක් හෝ පන්නවා හැර දෙත්ද, පවුර ඝන පවුරෙක් නොවේද, ඇතුළු පවුරෙහි හෝ පිටත පවුරෙහි හෝ සිටියහුගේ අත්පස පොහෝනේද, සියක් රියනක් නමුදු උඩට ගොස් පැමිණියක් ගැනීමෙහි දොසෙක් නැත්තේය.
භික‍්ඛු ගිලානං සාමණෙරං ඛන්‍ධෙන වහති, සො ඵලාඵලං දිස‍්වා ගහෙත්‍වා ඛන්‍ධෙ නිසින‍්නොව දෙති, වට‍්ටති. අපරො භික‍්ඛුං වහන‍්තො ඛන්‍ධෙ නිසින‍්නස‍්ස භික‍්ඛුනො දෙති, වට‍්ටතියෙව.
මහණෙක් තෙමේ ගිලන් හෙරණකු කඳින් ගෙණයාද, ඒ හෙරණ තෙමේ කුදුමහත් ගෙඩි දැක ගෙන කරෙහි හුන්නේම දේනම් පිළිගැණීම වටියි. අනිකෙක් තෙමේ මහණකු ගෙණ යන්නේ කරෙහි හුන් මහණක්හට දේනම් එද වටීමය.
භික‍්ඛු ඵලිනිං සාඛං ඡායත්‍ථාය ගහෙත්‍වා ගච‍්ඡති, ඵලානි ඛාදිතුං චිත‍්තෙ උප‍්පන‍්නෙ පටිග‍්ගහාපෙත්‍වා ඛාදිතුං වට‍්ටති. මච‍්ඡිකවාරණත්‍ථං කප‍්පියං කාරෙත්‍වා පටිග‍්ගණ‍්හාති, ඛාදිතුකාමො චෙ හොති, මූලපටිග‍්ගහණමෙව වට‍්ටති, ඛාදන‍්තස‍්ස නත්‍ථි දොසො.
මහණෙක් තෙමේ ගෙඩි ඇති අත්තක් සෙවන පිණිස ගෙණ යේද, එකල්හි ගෙඩි කන්නට සිතක් උපන්කල්හි පිළිගන්වා ගෙණ කෑම වටියි. මැස්සන් වැළකීම පිණිස කැප කරවා පිළිගනීද, කනු කැමැත්තේ වේද, මුල් පිළිගැණීමම පමණ වේ. කන මහණහුට දොසක් නැත්තේය.
භික‍්ඛු පටිග‍්ගහණාරහං භණ‍්ඩං මනුස‍්සානං යානෙ ඨපෙත්‍වා මග‍්ගං ගච‍්ඡති, යානං කද‍්දමෙ ලග‍්ගති, දහරො චක‍්කං ගහෙත්‍වා උක‍්ඛිපති, වට‍්ටති, උග‍්ගහිතකං නාම න හොති. නාවාය ඨපෙත්‍වා නාවං අරිත‍්තෙන වා පාජෙති, හත්‍ථෙන වා කඩ‍්ඪති, වට‍්ටති. උළුම‍්පෙපි එසෙව නයො. චාටියං කුණ‍්ඩකෙ වා ඨපෙත්‍වාපි තං අනුපසම‍්පන‍්නෙන ගාහාපෙත්‍වා අනුපසම‍්පන‍්නං බාහායං ගහෙත්‍වා තරිතුං වට‍්ටති. තස‍්මිම‍්පි අසති අනුපසම‍්පන‍්නං ගාහාපෙත්‍වා තං බාහායං ගහෙත්‍වා තරිතුං වට‍්ටති.
මහණෙක් තෙමේ පිළිගැණීමට සුදුසු වූ භාණ්ඩයක් මිනිසුන්ගේ යානයෙක්හි තබා මග බැසයේද, යානය මඩෙහි එරේද, තරුණ මහණෙක් තෙමේ ගැල්සක ගෙණ ඔසවාද, පිළිගැනීම වටියි. උග්ගහිතක නම් නොවේ. පිළිගත යුතු භාණ්ඩයක් නැවක තබා නැව රිටකින් හෝ පදීද, අතින් හෝ අදීද, වටීමය. පහුරෙහිද මේ නයම වේ. සැළියක හෝ මහාකළයෙක හෝ තබාද ඒ දැය අනුපසපනකු ලවා ගන්නා අනුපසපනහු අත අල්ලාගෙන පීනීම වටියි. ඒ සැළි මහදැළි නැති කල්හි අනුපසපනකු ලවා ගන්නා ඔහු අත අල්ලාගෙන පීනීමෙහි වරදෙක් නැත්තේය.
උපාසකා ගමිකභික‍්ඛූනං පාථෙය්‍යතණ‍්ඩුලෙ දෙන‍්ති. සාමණෙරා භික‍්ඛූනං තණ‍්ඩුලෙ ගහෙත්‍වා අත‍්තනො තණ‍්ඩුලෙ ගහෙතුං න සක‍්කොන‍්ති, භික‍්ඛූ තෙසං තණ‍්ඩුලෙ ගණ‍්හන‍්ති. සාමණෙරා අත‍්තනා ගහිතතණ‍්ඩුලෙසු ඛීණෙසු ඉතරෙහි තණ‍්ඩුලෙහි යාගුං පචිත්‍වා සබ‍්බෙසං පත‍්තානි පටිපාටියා ඨපෙත්‍වා යාගුං ආකිරන‍්ති. පණ‍්ඩිතො සාමණෙරො අත‍්තනො පත‍්තං ගහෙත්‍වා ථෙරස‍්ස දෙති, ථෙරස‍්ස පත‍්තං අනුථෙරස‍්සාති එවං සබ‍්බානි පරිවත‍්තෙති, සබ‍්බෙහි සාමණෙරස‍්ස සන‍්තකං භුත‍්තං හොති, වට‍්ටති.
උපාසකයෝ ගමනට බට මහණුන්ට මාර්‍ගොපකරණ පිණිස සහල් දෙත්ද, හෙරණෝ මහණුන්ගේ සහල් ගැනීමෙන් තමන්ගේ සහල් ගන්නට අපොහොසත් වෙත්ද, මහණෝ ඒ හෙරණුන්ගේ සහල් ගණිත්ද, හෙරණහු තමන් ගත් සහල් අවසන් වූ කල්හි හෙරණුන්ගේ අනික් සහලින් කැඳ පිස සියල්ලන්ගේ පාත්‍ර පිළිවෙළින් තබා කැඳවක් කෙරෙත්ද, නුවණැති හෙරණෙක් තෙමේ තමන්ගේ පාත්‍රය ගෙණ තෙරුන්ට දේද, තෙරුන්ගේ පාත්‍රය දෙවන තෙරුන්ටදැයි මෙසේ සියලු පාත්‍රයන් පෙරළා දේද, සියල්ලන් විසින් හෙරණහු සතුවූවම අනුභව කරන ලද්දේ වේ. (වරදෙක් නැත්තේය.)
සචෙපි සාමණෙරො අපණ‍්ඩිතො හොති, අත‍්තනො පත‍්තෙ යාගුං සයමෙව පාතුං ආරභති, “ආවුසො තුය‍්හං යාගුං මය‍්හං දෙහී”ති එවං ථෙරෙහි පටිපාටියා යාචිත්‍වාපි පිවිතුං වට‍්ටති, සබ‍්බෙහි සාමණෙරස‍්ස සන‍්තකමෙව භුත‍්තං හොති, නෙව උග‍්ගහිතපච‍්චයා න සන‍්නිධිපච‍්චයා වජ‍්ජං ඵුසන‍්ති. එත්‍ථ පන මාතාපිතූනං තෙලාදීනි ඡායාදීනං අත්‍ථාය සාඛාදීනි ච හරන‍්තානං ඉමෙසඤ‍්ච විසෙසො න දිස‍්සති. තස‍්මා කාරණං උපපරික‍්ඛිතබ‍්බං.
[missing trans] උග්ගහිතය ප්‍රත්‍යය කොට වරදට නොපැමිණෙත්මය. සන්නධිය ප්‍රත්‍යයකොට වරදට නොපැමිණෙත්. මෙහි වනාහි මවුපියන්ට තෙල් ආදියද, සෙවන පිණිස අතු ආදියද, ගෙනයන්නවුන්ගේද මොවුන්ගේද වෙනසක් නොදක්නා ලැබේ. එහෙයින් කාරණය පරීක්‍ෂා කටයුතුය.
සාමණෙරො භත‍්තං පචිතුකාමො තණ‍්ඩුලෙ ධොවිත්‍වා නිච‍්චාලෙතුං න සක‍්කොති. භික‍්ඛුනා තණ‍්ඩුලෙ ච භාජනඤ‍්ච පටිග‍්ගහෙත්‍වා තණ‍්ඩුලෙ ධොවිත්‍වා නිච‍්චාලෙත්‍වා භාජනං උද‍්ධනං ආරොපෙතබ‍්බං, අග‍්ගි න කාතබ‍්බො, පක‍්කකාලෙ විවරිත්‍වා පක‍්කභාවො ජානිතබ‍්බො. සචෙ දුප‍්පක‍්කං හොති, පාකත්‍ථාය පිදහිතුං න වට‍්ටති. රජස‍්ස වා ඡාරිකාය වා අපතනත්‍ථාය වට‍්ටති, පක‍්කකාලෙ ආරොපෙතුම‍්පි භුඤ‍්ජිතුම‍්පි වට‍්ටති, පුන පටිග‍්ගහණකිච‍්චං නත්‍ථි.
හෙරණ තෙමේ බත් පිසනු කැමැත්තේ සහල් සෝදා නොසොල්වා ගල්කැට පහකරන්නට නොහැක්කේවේද, මහණහු විසින් සහල්ද බඳුනද පිළිගෙණ සහල් සෝදා නොසොල්ව බඳුන උඳුනට නැංවිය යුතුය. ගිනි නොදැල්විය යුතුය. පැසුණු කල්හි වහුං හැර පැසුනු බව දැනගත යුතුය. ඉදින් නොපැසුනේ වේද, පැසීම පිණිස වසා තැබීම සුදුසු නොවේ. රජස් හෝ අළු හෝ නොවැටෙනු පිණිස වසා තැබීම වටියි. පැසුණු කල්හි බෑමද වැළදීමද වරද නොවේ. නැවැත පිළිගැනීම් කිසෙක් නැත්තේය.
සාමණෙරො පටිබලො පචිතුං, ඛණො පනස‍්ස නත්‍ථි, කත්‍ථචි ගන‍්තුකාමො. භික‍්ඛුනා සතණ‍්ඩුලොදකභාජනං පටිග‍්ගහෙත්‍වා උද‍්ධනං ආරොපෙත්‍වා අග‍්ගිං ජාලෙත්‍වා ගච‍්ඡාහීති වත‍්තබ‍්බො. තතො පරං පුරිමනයෙනෙව සබ‍්බං කාතුං වට‍්ටති.
හෙරණ තෙමේ පිසීමෙහි දක්‍ෂ වේ. එහෙත් මොහුට ඒ පිණිස අවකාශයක් නැත්තේය. කොතැනක හෝ යනු කැමැත්තේ වේ. මහණහු විසින් සහල් දිය සහිතවූ බඳුන පිළිගෙණ උඳුනට නගා ගිනි දල්වා යව’යි කිය යුතුය. එයින් පසු පෙරනයින්ම සියල්ල කිරීම වටියි.
භික‍්ඛු යාගුඅත්‍ථාය සුද‍්ධං භාජනං ආරොපෙත්‍වා උදකං තාපෙති, වට‍්ටති. තත‍්තෙ උදකෙ සාමණෙරො තණ‍්ඩුලෙ පක‍්ඛිපති, තතො පට‍්ඨාය භික‍්ඛුනා අග‍්ගි න කාතබ‍්බො. පක‍්කයාගුං පටිග‍්ගහෙත්‍වා පාතුං වට‍්ටති.
මහණ තෙමේ කැඳ පිණිස පිරිසිදු බඳුන උදුනට නගා දිය නවාද වටියි. උණුවූ දියෙහි හෙරණ තෙමේ සහල් බහාද, එතැන් පටන් මහණහු විසින් ගිනි නොදැල්විය යුතුය. පැසුණු කැඳ පිළිගෙණ බීම සුදුසු වේ.
සාමණෙරො යාගුං පචති, හත්‍ථකුක‍්කුච‍්චකො භික‍්ඛු කීළන‍්තො භාජනං ආමසති, පිධානං ආමසති , උග‍්ගතං ඵෙණං ඡින්‍දිත්‍වා හරති, තස‍්සෙව පාතුං න වට‍්ටති, දුරුපචිණ‍්ණං නාම හොති. සචෙ පන දබ‍්බිං වා උළුඞ‍්කං වා ගහෙත්‍වා අනුක‍්ඛිපන‍්තො ආලුළෙති, සබ‍්බෙසං න වට‍්ටති, සාමපාකඤ‍්චෙව හොති දුරුපචිණ‍්ණඤ‍්ච. සචෙ උක‍්ඛිපති, උග‍්ගහිතකම‍්පි හොති.
හෙරණ තෙමේ කැඳ පිසාද, හස්ත සංයමය නැති මහණතෙමේ ක්‍රීඩා කරමින් බඳුන අල්වාද, පියන අල්වාද, උඩට නැගී පෙණ සිඳ හරීද, ඔහුට පමණක්ම බිම නොවටියි. දුරුපචිණ්ණ නම් දුක්කටය වේ. හැන්ද හෝ කිණිස්ස හෝ ගෙණ නොඔසවමින් කළඹාද එකල්හි සියල්ලන්ටම නොවටියි. සමපාකයද දුරුප චිණ්ණදුක්කටයද වේ. සැන්ද හෝ කිණිස්ස හෝ ඔසවානම් උග්ගහිතකයද වේ.
භික‍්ඛුනා පිණ‍්ඩාය චරිත්‍වා ආධාරකෙ පත‍්තො ඨපිතො හොති, තත්‍ර චෙ අඤ‍්ඤො ලොලභික‍්ඛු කීළන‍්තො පත‍්තං ආමසති, පත‍්තපිධානං ආමසති, තස‍්සෙව තතො ලද‍්ධං භත‍්තං න වට‍්ටති. සචෙ පන පත‍්තං උක‍්ඛිපිත්‍වා ඨපෙති, සබ‍්බෙසං න වට‍්ටති. තත්‍ථජාතකඵලානි සාඛාය වා වල‍්ලියා වා ගහෙත්‍වා චාලෙති, තස‍්සෙව තතො ලද‍්ධං ඵලං න වට‍්ටති, දුරුපචිණ‍්ණදුක‍්කටඤ‍්ච ආපජ‍්ජති. ඵලරුක‍්ඛං පන අපස‍්සයිතුං වා තත්‍ථ කණ‍්ඩකෙ වා බන්‍ධිතුං වට‍්ටති, දුරුපචිණ‍්ණං න හොතීති මහාපච‍්චරියං වුත‍්තං.
මහණහු විසින් පිඩු පිණිස හැසිර නැවැත පිළිගැනීම පිණිස පාත්‍රාධාරයෙහි පාත්‍රය තබන ලද්දේවේද, එහි අන් ලොල් මහණෙක් ක්‍රීඩා කරමින් පාත්‍රය අල්ලාද පාත්‍ර පියන අල්ලාද, ඒ මහණහුට පමණක්ම එයින් ලද බත නොවටියි. පාත්‍රය ඔසවා තබා නම් එය සියල්ලන්ටම නොවටියි. අත්තකින් හෝ වැලකින් හෝ ගෙණ එහි හටගත් ඵල සොලවාද ඒ මහණහුට පමණක්ම එයින් ලද ඵලය ගැනීම නොවටියි. දුරුපචිණ්ණ දුක්කටයටද පැමිණේ. ගෙඩි හටගත් රුකකට වනාහි හේත්තුවීමද එහි කටුබැදීමද නොවටින්නේ නොවේ. දුරුපචිණ්ණ දුක්කටය නොවේයයි මහාපච්චරියෙහි කියනලදී.
අරඤ‍්ඤෙ පතිතං පන අම‍්බඵලාදිං දිස‍්වා සාමණෙරස‍්ස දස‍්සාමීති ආහරිත්‍වා දාතුං වට‍්ටති. සීහවිඝාසාදිං දිස‍්වාපි සාමණෙරස‍්ස දස‍්සාමීති පටිග‍්ගහෙත්‍වා වා අප‍්පටිග‍්ගහෙත්‍වා වා ආහරිත්‍වා දාතුං වට‍්ටති. සචෙ පන සක‍්කොති විතක‍්කං සොධෙතුං, තතො ලද‍්ධං ඛාදිතුම‍්පි වට‍්ටති, නෙව ආමකමංසපටිග‍්ගහණපච‍්චයා න උග‍්ගහිතකපච‍්චයා වජ‍්ජං ඵුසති.
වනයෙහි වැටී තිබූ අඹ ගෙඩි ආදිය දැක ‘හෙරණක්හට දෙන්නෙමි’යි ගෙණවුත් දීමෙහි වරදෙක් නැත්තේය. සිංහයන් හා ඉතිරිවූ ඉඳුල් ආදිය දැකද හෙරණක්හට දෙන්නෙමියි පිළිගෙණ හෝ නොපිළිගෙණ හෝ ගෙනැවිත් දීමෙහි වරදෙක් නැත්තේය. ඉදින් විතර්‍කය පිරිසිදු කරන්නට, හෙවත් මට දෙන්නේයයි නොඋපන් සිත් ඇති බව සලකන්නට, හෙරණක්හට දෙන්නෙමියි පිරිසිදු සිතින් මා විසින් ගන්නා ලදැයි හෝ සලකන්නට හැක්කේද, එයින් ලද මාංසය අනුභව කිරීමද වරදෙක් නොවේ. අමුමස් පිළිගැණීම ප්‍රත්‍යය කොට වරදට නොපැමිණේමය. උග්ගහිතකය ප්‍රත්‍යය කොට වරදට නොපැමිණේ.
මාතාපිතූනං අත්‍ථාය තෙලාදීනි ගහෙත්‍වා ගච‍්ඡතො අන‍්තරාමග‍්ගෙ බ්‍යාධි උප‍්පජ‍්ජති, තතො යං ඉච‍්ඡති, තං පටිග‍්ගහෙත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටති. සචෙ පන මූලෙපි පටිග‍්ගහිතං හොති, පුන පටිග‍්ගහණකිච‍්චං නත්‍ථි. මාතාපිතූනං තණ‍්ඩුලෙ ආහරිත්‍වා දෙති, තෙ තතොයෙව යාගුආදීනි සම‍්පාදෙත්‍වා තස‍්ස දෙන‍්ති, වට‍්ටති සන‍්නිධිපච‍්චයා වා උග‍්ගහිතකපච‍්චයා වා දොසො නත්‍ථි.
මවුපියන් පිණිස තෙල් ආදිය ගෙණ යන මහණහුට අතරමගදී රොගයෙක් හට ගණීද, ඒ තෙල් ආදියෙන් යමක් ගණු කැමැත්තේද, එය පිළිගෙණ වැළඳිය හැකිය. ඉදින් මුලදීම පිළිගන්නා ලද්දේ වේද, එහි නැවැත පිළිගැණීම් කියෙක් නැත්තේය. මවුපියන් පිණිස සහල් ගෙණවුත් දේද, ඒ මවුපියෝ එයින්ම කැඳ ආදිය සපයා දෙත්නම් පිළිගත හැකිය. සන්නිධිය ප්‍රත්‍යය කොට හෝ උග්ගහිතකය ප්‍රත්‍යය කොට හෝ වන දොසක් නොවන්නේය.
භික‍්ඛු පිදහිත්‍වා උදකං තාපෙති, යාව පරික‍්ඛයා පරිභුඤ‍්ජිතුං වට‍්ටති. සචෙ පනෙත්‍ථ ඡාරිකා පතති, පටිග‍්ගහෙතබ‍්බං. දීඝසණ‍්ඩාසෙන ථාලකං ගහෙත්‍වා තෙලං පචන‍්තස‍්ස ඡාරිකා පතති, හත්‍ථෙන අමුඤ‍්චන‍්තෙනෙව පචිත්‍වා ඔතාරෙත්‍වා පටිග‍්ගහෙතබ‍්බං. සචෙ අඞ‍්ගාරාපි දාරූනි වා පටිග‍්ගහෙත්‍වා ඨපිතානි, මූලපටිග‍්ගහණමෙව වට‍්ටති.
මහණතෙමේ බඳුන වසා දිය උණුකෙරේද, කෙළවර වනතුරු වැළදිය හැකිය. මෙහි අළු වැටුනද පිළිගත යුතුය. දිග් අඩුවෙන් නැලිය ගෙණ මහණහු තෙල් පිසන කල්හි අලු වැටේද, අතින් නොමුදන්නහු විසින්ම පිස බාගෙණ පිළිගත යුතුය. අඟුරුද දැවද පිළිගෙණ තබන ලද්දාහු නම් මුල් පිළිගැණීමම ප්‍රමාණ වේ.
භික‍්ඛු උච‍්ඡුං ඛාදති, සාමණෙරො “මය‍්හම‍්පි දෙථා”ති වදති. “ඉතො ඡින්‍දිත්‍වා ගණ‍්හා”ති වුත‍්තො ගණ‍්හාති, අවසෙසෙ පුන පටිග‍්ගහණකිච‍්චං නත්‍ථි. ගුළපිණ‍්ඩකං ඛාදන‍්තස‍්සාපි එසෙව නයො. වුත‍්තොකාසතො ඡින්‍දිත්‍වා ගහිතාවසෙසඤ‍්හි අජහිතපටිග‍්ගහණමෙව හොති.
මහණෙක් තෙමේ උක්දඬුවක් කයි. හෙරණෙක් තෙමේ ‘මටත් දෙවු’යි කියයි. මෙයින් කපාගණුවයි කියන ලද්දේ ගණියි. ඉතිරියෙහි නැවැත පිළිගැනීම් කිසෙක් නැත්තේය. සකුරුපිඩක් කන මහණහුටද මෙම නයවේ. කියූ තැනින් බිඳ ගත් දෙයින් ඉතිරිය නොහළ පිළිගැණීම ඇත්තේම වේ.
භික‍්ඛු ගුළං භාජෙන‍්තො පටිග‍්ගහෙත්‍වා කොට‍්ඨාසෙ කරොති, භික‍්ඛූපි සාමණෙරාපි ආගන‍්ත්‍වා එකගහණෙනෙව එකමෙකං කොට‍්ඨාසං ගණ‍්හන‍්ති , ගහිතාවසෙසං පටිග‍්ගහිතමෙව හොති. සචෙ ලොලසාමණෙරො ගණ‍්හිත්‍වා ගණ‍්හිත්‍වා පුන ඨපෙති, තස‍්ස ගහිතාවසෙසං අප‍්පටිග‍්ගහිතකං හොති.
මහණෙක් තෙමේ සකුරු බෙදන්නේ පිළිගෙණ සමව කොටස් කෙරෙයි. මහණහුද හෙරණෝද අවුත් එක්ම ගැනීමකින්ම එක් එක් කොටස ගණිත්, හෙරණුන් විසින් ගත් කොටසින් ඉතිරි කොටස පිළිගන්නා ලද්දේම වේ. ඉදින් ලොල් හෙරණෙක් ගෙණ නැවැත තබාද ඔහු විසින් ගෙණ නැවැත තුබූ ඉතිරිය නොපිළිගන්නා ලද්දේම වේ.
භික‍්ඛු ධූමවට‍්ටිං පටිග‍්ගහෙත්‍වා ධූමං පිවති, මුඛඤ‍්ච කණ‍්ඨො ච මනොසිලාය ලිත‍්තො විය හොති, යාවකාලිකං භුඤ‍්ජිතුං වට‍්ටති, යාවකාලිකෙන යාවජීවිකසංසග‍්ගෙ දොසො නත්‍ථි.
මහණෙක් තෙමේ දුම්වැටියක් පිළිගෙණ දුම් බෝද, මුඛයත් බොටුවත් රත්සිරියලින් ආලේප කරන ලද්දක් මෙන් වේද, යාවකාලිකය, අනුභව කිරීම වටියි. යාවකාලිකය සමග යාවජීවික සංසර්‍ග දොෂයෙක් නැත්තේය.
පත‍්තං වා රජනං වා පචන‍්තස‍්ස කණ‍්ණනාසමුඛච‍්ඡිද‍්දෙහි ධූමො පවිසති, බ්‍යාධිපච‍්චයා පුප‍්ඵං වා ඵලං වා උපසිඞ‍්ඝති, අබ‍්බොහාරිකත‍්තා වට‍්ටති. භත‍්තුග‍්ගාරො තාලුං ආහච‍්ච අන‍්තොයෙව පවිසති, අවිසයත‍්තා වට‍්ටති. මුඛං පවිට‍්ඨං පන අජ‍්ඣොහරතො විකාලෙ ආපත‍්ති. දන‍්තන‍්තරෙ ලග‍්ගස‍්ස ආමිසස‍්ස රසො පවිසති, ආපත‍්තියෙව. සචෙ සුඛුමං ආමිසං හොති, රසො න පඤ‍්ඤායති, අබ‍්බොහාරිකපක‍්ඛං භජති.
පාත්‍රයක් හෝ පඬු හෝ පිසන මහණහුගේ කන්, නාසා, මුව සිදුරුවලින් දුම් ඇතුල් වේද, ව්‍යාධියක් හේතුකොට මලක් හෝ ගෙඩියක් හෝ සිඹීද, අව්‍යවහාරික බැවින් වරදෙක් නොවේ. ඔක්කාරය තල්ලට වැදී කුස තුළටම වදීද, අවිසය බැවින් වටියි. කටට පිවිසියක් අනුභව කරන මහණහුට විකාල භොජනාපත්තිය වන්නීය. දත් අතර රැදුනු ආමිස රසය කුස තුළට ඇතුල්වේද, ඇවැත් වන්නීමය. සියුම් ආමිසයෙක් වේද, රසය නොදැනේද, එය අව්‍යවහාර පක්‍ෂයට වැටේ.
උපකට‍්ඨෙ කාලෙ නිරුදකට‍්ඨානෙ භත‍්තං භුඤ‍්ජිත්‍වා කක‍්ඛාරෙත්‍වා ද‍්වෙ තයො ඛෙළපිණ‍්ඩෙ පාතෙත්‍වා උදකට‍්ඨානං ගන‍්ත්‍වා මුඛං වික‍්ඛාලෙතබ‍්බං. පටිග‍්ගහෙත්‍වා ඨපිතසිඞ‍්ගිවෙරාදීනං අඞ‍්කුරා නික‍්ඛමන‍්ති, පුන පටිග‍්ගහණකිච‍්චං නත්‍ථි. ලොණෙ අසති සමුද‍්දොදකෙන ලොණකිච‍්චං කාතුං වට‍්ටති. පටිග‍්ගහෙත්‍වා ඨපිතං ලොණොදකං ලොණං හොති, ලොණං වා උදකං හොති, රසො වා ඵාණිතං හොති, ඵාණිතං වා රසො හොති, මූලපටිග‍්ගහණමෙව වට‍්ටති. හිමකරකා උදකගතිකා එව. පරිහාරිකෙන කතකට‍්ඨිනා උදකං පසාදෙන‍්ති, තං අබ‍්බොහාරිකං, ආමිසෙන සද‍්ධිං වට‍්ටති. ආමිසගතිකෙහි කපිත්‍ථඵලාදීහි පසාදිතං පුරෙභත‍්තමෙව වට‍්ටති.
වේලාව ලංවූ කල්හි දියනැති තැනකදී බත් අනුභවකොට කාරා දෙතුන් කෙළපිඬක් හෙලා, දිය ඇති තැනකට ගොස් මුව සේදිය යුතුය. පිළිගෙණ තුබූ ඉඟුරු ආදීන්ගේ අංකුර නික්මෙත්ද, එහෙත් නැවැත පිළිගැනීම් කිසෙක් නැත්තේය. ලුනු නැති කල්හි මුහුදු දියෙන් ලුනුවලින් කරන කිස කළයුතුය. පිළිගෙණ තුබූ ලුනුදිය, ලුනුවේද, ලුනු හෝ දියවේද, පැණි හෝ හකුරු වේද, හකුරු හෝ පැණිවේද, එහිලා මුල් පිළිගැණීමම පමණ වේ. වැසිදිය හා වැටෙන හිමකැටද දිය වැනිම වේ. ප්‍රයෝජනය ගන්නාහු විසින් ඉඟිනි ඇටයෙන් දිය පහන් කර ගනිත්. එය අව්‍යවහාර වේ. ආමිසය සමග ගැණීම වටියි. ආමිස ගතික වූ ගිවුළුපලාදියෙන් පහදවනලද දිය පෙරබතම වැළදිය යුතුය.
පොක‍්ඛරණීආදීසු උදකං බහලං හොති, වට‍්ටති. සචෙ පන මුඛෙ ච හත්‍ථෙ ච ලග‍්ගති, න වට‍්ටති, පටිග‍්ගහෙත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං. ඛෙත‍්තෙසු කසිතට‍්ඨානෙ බහලං උදකං හොති, පටිග‍්ගහෙතබ‍්බං. සචෙ සන්‍දිත්‍වා කන්‍දරාදීනි පවිසිත්‍වා නදිං පූරෙති, වට‍්ටති. කකුධසොබ‍්භාදයො හොන‍්ති, රුක‍්ඛතො පතිතෙහි පුප‍්ඵෙහි සඤ‍්ඡන‍්නොදකා, සචෙ පුප‍්ඵරසො න පඤ‍්ඤායති, පටිග‍්ගහණකිච‍්චං නත්‍ථි. පරිත‍්තං උදකං හොති, රසො පඤ‍්ඤායති, පටිග‍්ගහෙතබ‍්බං. පබ‍්බතකන්‍දරාදීසු කාළවණ‍්ණපණ‍්ණසඤ‍්ඡන‍්නඋදකෙපි එසෙව නයො.
පොකුණු ආදියෙහි දිය මඩින් ඝන වුවද බිමෙහි වරදක් නැත්තේය. මුවෙහි හා අතෙහි ඇලේ නම් නොබිය යුතුය. පිළිගෙණ වැළඳිය යුතුය. කුඹුරුවල සීසෑතන්හි මඩින් ඝන වූ දිය ඇත්තේද පිළිගත යුතුය. ගලා ගොස් කඳුරැලි ආදියට වැද නදිය පුරා සිටීද, ඒ දිය ගැණීම වරදෙක් නොවේ. කුඹුක් රුකින් ගැවසුනු හෙබ් ආදීහු වෙත්ද, ගසින් වැටුනු මල්වලින් වැසුනු දිය ඇත්තාහුද ඒ දියෙහි මල් පැණි නොදැනේ නම් පිළිගැනීම් කිසෙක් නැත්තේය. දිය ස්වල්ප වේ නම් මල්පැණිත් පෙනේ නම් පිළිගත යුතුය. පවුකඳුරැලි ආදියෙහි කලු පැහැති කොළවලින් ගැවසීගත් දියෙහිද මේ නයම වේ.
පානීයඝටෙ සරෙණුකානි වා සවණ‍්ටඛීරානි වා පුප‍්ඵානි පක‍්ඛිත‍්තානි හොන‍්ති, පටිග‍්ගහෙතබ‍්බං. පුප‍්ඵානි වා පටිග‍්ගහෙත්‍වා පක‍්ඛිපිතබ‍්බානි. පාටලිචම‍්පකමල‍්ලිකා පක‍්ඛිත‍්තා හොන‍්ති , වාසමත‍්තං තිට‍්ඨති තං අබ‍්බොහාරිකං, දුතියදිවසෙපි ආමිසෙන සද‍්ධිං වට‍්ටති. භික‍්ඛුනා ඨපිතපුප‍්ඵවාසිතකපානීයතො සාමණෙරො පානීයං ගහෙත්‍වා පීතාවසෙසං තත්‍ථෙව ආකිරති, පටිග‍්ගහෙතබ‍්බං. පදුමසරාදීසු උදකං සන්‍ථරිත්‍වා ඨිතං පුප‍්ඵරෙණුං ඝටෙන වික‍්ඛම‍්භෙත්‍වා උදකං ගහෙතුං වට‍්ටති. කප‍්පියං කාරාපෙත්‍වා පටිග‍්ගහෙත්‍වා ඨපිතං දන‍්තකට‍්ඨං හොති, සචෙ තස‍්ස රසං පිවිතුකාමො, මූලපටිග‍්ගහණමෙව වට‍්ටති. අප‍්පටිග‍්ගහෙත්‍වා ඨපිතං පටිග‍්ගහෙතබ‍්බං. අජානන‍්තස‍්ස රසෙ පවිට‍්ඨෙපි ආපත‍්තියෙව. අචිත‍්තකඤ‍්හි ඉදං සික‍්ඛාපදං.
පැන්කළයෙහි රොන්සහිත මල් හෝ නටු සහිත කිරිඇති මල් හෝ බහන ලද්දාහු වෙත්ද, පිළිගත යුතුය. මල් හෝ පිළිගෙණ බහාලිය යුතුය. පළොල් සපු සත්පෙති දෑසමන් බහන ලද්දාහු වෙත්ද, සුවඳ පමණක් සිටීද, එය අව්‍යවහාරික වේ. දෙවන දිනයෙහිද ආමිසය සමග ගැණීම වටියි. මහණහු විසින් තැබූ මල්සුවඳ ගැන්වූ පැනින් හෙරණෙක් තෙමේ පැන් ගෙණ බී ඉතිරිය එහිම වක්කෙරේනම් පිළිගත යුතුය. පියුම්විල් ආදියෙහි ජලය පැතිරී සිටියේද මල් රොන් කළයෙන් ගසා පහකොට ජලය ගැණීම වටියි. කැප කරවා පිළිගෙණ තැබූ දැහැටි වේනම් ඉදින් ඒ දැහැටි රසය බොනු කැමැත්තේද, එහි මුල් පිළිගැනීමම වරද නොවේ. නොපිළිගෙණ තබන ලද්ද පිළිගත යුතුය. නොදන්නහුගේ කුස තුළට රසය පිවිසි කල්හි ඇවැත්මය. මේ ශික්‍ෂාපදය අචිත්තකම වේ.
මහාභූතෙසු කිං වට‍්ටති, කිං න වට‍්ටතීති? ඛීරං තාව වට‍්ටති, කප‍්පියමංසඛීරං වා අකප‍්පියමංසඛීරං වා හොතු, පිවන‍්තස‍්ස අනාපත‍්ති. අස‍්සු ඛෙළො සිඞ‍්ඝාණිකා මුත‍්තං කරීසං සෙම‍්හං දන‍්තමලං අක‍්ඛිගූථකො කණ‍්ණගූථකො සරීරෙ උට‍්ඨිතලොණන‍්ති ඉදං සබ‍්බං වට‍්ටති. යං පනෙත්‍ථ ඨානතො චවිත්‍වා පත‍්තෙ වා හත්‍ථෙ වා පතති, තං පටිග‍්ගහෙතබ‍්බං. අඞ‍්ගලග‍්ගං පටිග‍්ගහිතකමෙව. උණ‍්හංපායාසං භුඤ‍්ජන‍්තස‍්ස සෙදො අඞ‍්ගුලිඅනුසාරෙන එකාබද‍්ධොව හුත්‍වා පායාසෙ සන‍්තිට‍්ඨති, පිණ‍්ඩාය වා චරන‍්තස‍්ස හත්‍ථතො පත‍්තස‍්ස මුඛවට‍්ටිංතො වා පත‍්තතලං ඔරොහති, එත්‍ථ පටිග‍්ගහණකිච‍්චං නත්‍ථි. ඣාමමහාභූතෙසු ඉදං නාම න වට‍්ටතීති නත්‍ථි, දුජ‍්ඣාපිතං පන න වට‍්ටති. සුජ‍්ඣාපිතං මනුස‍්සට‍්ඨිම‍්පි චුණ‍්ණං කත්‍වා ලෙහෙ උපනෙතුං වට‍්ටති.
ශරීර නිශ්ශ්‍රිත පෘථිවි ආදී මහාභූතයන් අතුරෙහි කුමක් වටීද, කුමක් නොවටීද, යත්: කිරි වනාහි වටියි. කැපමස් ඇති සතුන්ගේ කිරි හෝ වේවා, අකැපම ඇති සතුන්ගේ කිරි හෝ වේවා. එය බොන මහණහුට ඇවැත් නොවේ. කඳුලු කෙළ සොටු, මුත්‍ර මල සෙම දත්මල කබ, කඳුළු සිරුරෙහි නැගි ලුනු යන මේ සියල්ල වටියි. මොවුනතුරෙහි යමක් තුබූ තැනින් ඉගැලී පාත්‍රයෙහි හෝ අතෙහි හෝ වැටේද, එහෙත් එය පිළිගත යුතුය. සිරුරෙහි ලැගුනක් පිළිගන්නා ලද්දේම වේ. උණු කිරිබත් බුදින මහණහුගේ ඩහදිය ඇඟිලි අනුසරින් එකට බැඳුනේම කිරිබතෙහි සිටීද, පිඩු පිණිස හෝ හැසිරෙන මහණහුගේ අතින් පාමුව විටට හා එයින් පාත්‍රයටත් ඩහදිය බසීද මෙහි පිළිගැනීම් කියෙක් නැත්තේය. දැවීගිය මහාභූතයන් අතුරෙහි මෙනම් දෙය නොවටීයයි ගැල් ගැණීමෙක් නැත්තේය. නොමනාව දවන ලද්ද නොවටියි. මොනවට දැවුනු මිනී ඇටද සුණුකොට ලේහය පිණිස එළවීම වරද නැත.
චත‍්තාරි මහාවිකටානි අසති කප‍්පියකාරකෙ සාමම‍්පි ගහෙත්‍වා පරිභුඤ‍්ජිතුං වට‍්ටති. එත්‍ථ ච දුබ‍්බචොපි අසමත්‍ථොපි කප‍්පියකාරකො අසන‍්තපක‍්ඛෙයෙව තිට‍්ඨති. ඡාරිකාය අසති සුක‍්ඛදාරුං ඣාපෙත්‍වා ඡාරිකා ගහෙතබ‍්බා. සුක‍්ඛදාරුම‍්හි අසති අල‍්ලදාරුං රුක‍්ඛතො ඡින්‍දිත්‍වාපි කාතුං වට‍්ටති. ඉදං පන චතුබ‍්බිධම‍්පි මහාවිකටං කාලොදිස‍්සං නාම සප‍්පදට‍්ඨක‍්ඛණෙයෙව වට‍්ටති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.
කැපකරුවකු නැති කල්හි මල, මුත්‍ර, අලු යන යම් සිවුවැදෑරුම් මහාවිකටයන් තමන් විසින්ද, ගෙණ පරිභොග කිරීම වරදක් නොවේ. මෙහි අකීකරු වූ හෝ අසමර්‍ත්‍ථ වූ හෝ කැපකරු තෙමේ අසන්තපක්‍ෂයෙහිම සිටුනේය. අලු නැති කල්හි වියලි දර දවා අලු ගත යුතුය. වියලි දර නැති කල්හි අමුදැව ගසින් කපාගෙණද කිරීම වටියි. මේ සිවුවැදෑරුම් වූද මහාවිකටය කාලඋද්දෙස තම. සර්‍පදෂ්ට ක්‍ෂණයෙහිම ගතයුතුය. මෙහි සෙස්ස ප්‍රකටමය.
එළකලොමසමුට‍්ඨානං – කායතො ච කායචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං , තිවෙදනන‍්ති.
එළකලොම සමුත්‍ථානිකය. කයින්ද, කායචිත්තයෙන්ද හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දන‍්තපොනසික‍්ඛාපදං දසමං.
දසවන දන්තපොන ශික්‍ෂාපදයයි.
සමත‍්තො වණ‍්ණනාක‍්කමෙන භොජනවග‍්ගො චතුත්‍ථො.
වර්‍ණනා ක්‍රමයෙන් සිවුවන භොජනවර්‍ගය නිමි.