දන්තපොනසික්ඛාපදං
6. 4. 10.
6. 4. 10.
දන්තපොනසික්ඛාපදං.
දන්තපොන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සබ්බපංසුකූලිකො සුසානෙ විහරති සො මනුස්සෙහි දීයමානං න ඉච්ඡති පටිග්ගහෙතුං සුසානෙපි රුක්ඛමූලෙපි උම්මාරෙපි අය්යවොසාටිතකානි සාමං ගහෙත්වා පරිභුඤ්ජති මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු අම්හාකං අය්යවොසාටිතකානි සාමං ගහෙත්වා පරිභුඤ්ජිස්සති. ථෙරොයං භික්ඛු වඨරො මනුස්සමංසං මඤ්ඤෙ ඛාදතී”ති. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති; “කථං හි නාම භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරිස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස, අදින්නං මුඛද්වාරං ආහාරං ආහරිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල් පුරැ කුළාරහල්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්වපාංශුකූලික වූයේ සොහොනෙහි වෙසෙයි. හෙතෙම මිනිසුන් විසින් දෙනු ලබන්නක් පිළිගන්නට නො කැමැති වෙයි. සොහිනෙහි දු රුක්මුලෙහි දු එළිපත්තෙහි දු මළගිය නෑයන් උදෙසා තබන පිඬු තෙමේ මැ ගෙනැ වළඳ යි. මිනිස්සු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මේ මහණ අපගේ මළගිය නෑයන් උදෙසා තබන පිඬු තෙමේ මැ ගෙනැ වැළඳී”දැ යි. මේ මහණ තර වට සිරිරි ඇතියෙක. මිනීමස් කතීයි හඟිමු. භික්ෂූහු ලාමක කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් නො පිළිගත් අහරක් පරගලා කෙළේ දැ” යි ... සැබෑද මහණ, තෙපි නො පිළිගත් අහරක් පරගලා කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි නො පිළිගත් අහරක් පරගලා කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරෙය්ය, පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් නො පිළිගත් අහරක් ගලබිලයට ගන්නේ නම් පචිති වේ” යයි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. තෙන ඛො පන සමයෙන භික්ඛූ උදකදන්තපොනෙ කුක්කුච්චායන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛු ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ උදකදන්තපොනං සාමං ගහෙත්වා පරිභුඤ්ජිතුං.” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. එසමයෙහි වනාහි භික්ෂූහු දැහැටු පැන්හි කුකුස් කරති. භාග්‍යවත්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, නො පිළිගන්වන ලද දැහැටුපැන් තෙමේ මැ ගෙනැ වළඳන්නට අනුදනිමි”. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු අදින්නං මුඛද්වාරං ආහාරං ආහරෙය්ය අඤ්ඤත්ර උදකදන්තපොනා පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් දැහැටු පැන් තබා නො පිළි ගන්වන ලද අහරක් ගලබිලයට ගන්නේ නම් පචිති වේ” යයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
අදින්නං නාම: අප්පටිග්ගහිතකං වුච්චති. දින්නං නාම: කායෙන වා කායපටිබද්ධෙන වා නිස්සග්ගියෙන වා දෙන්තෙ හත්ථපාසෙ ඨිතො කායෙන වා කායපටිබද්ධෙන වා පතිගණ්හාති එතං දින්නං නාම.
අදින්න නම්: නො පිළිගන්වනලද්දැ යි කියනු ලැබේ. දින්න නම්: කයින් හෝ කය පිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ දෙන කල්හි අත්පසැ සිටියේ කයින් හෝ කය පිළිබද්දෙන් හෝ පිළිගනී නම් තෙලෙ දෙනලද්ද නම් වේ.
ආහාරො නාම: උදකදන්තපොනං ඨපෙත්වා යං කිඤ්චි අජ්ඣොහරණීයං එසො ආහාරො නාම.
ආහාර නම්: දැහැටු පැන් තබා යම් කිසි පරගලා කළයුතු දැයෙකි, මේ යැ ආහාර නම්.
අඤ්ඤත්ර උදකදන්තපොනාති: ඨපෙත්වා උදකදන්තපොනං. ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
අඤ්ඤත්ර උදකදන්ත පොනා: දැහැටු පැන් තබා කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.
අපටිග්ගහිතකෙ අපටිග්ගහිතකසඤ්ඤී අදින්නං මුඛද්වාරං ආහාරං ආහරති අඤ්ඤත්ර උදකදන්තපොනා ආපත්ති පාචිත්තියස්ස. අපටිග්ගහිතකෙ වෙමතිකො අදින්නං මුඛද්වාරං ආහාරං ආහරති අඤ්ඤත්ර උදකදන්තපොනා ආපත්ති පාචිත්තියස්ස. අපටිග්ගහිතකෙ පටිග්ගහිතකසඤ්ඤී අදින්නං මුඛද්වාරං ආහාරං ආහාරෙති, අඤ්ඤත්ර උදකදන්තපොනා, ආපත්ති පාචිත්තියස්ස.
නො පිළිගත් දැයෙහි නො පිළිගත්සන් ඇතියේ දැහැටු පැන් තබා නොදුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිගත් දැයෙහි විමති ඇතියේ දැහැටු පැන් තබා නො දුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිගත් දැයෙහි පිළිගත්සන් ඇතියේ දැහැටු පැන් තබා නො දුන් අහරක් ගලබිලයට ගනී නම් පචිති ඇවැත් වේ.
පටිග්ගහිතකෙ අපටිග්ගහිතකසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පටිග්ගහිතකෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පටිග්ගහිතකෙ පටිග්ගහිතකසඤ්ඤී අනාපත්ති.
පිළිගත් දැයෙහි නො පිළිගත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිළිගත් දැයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිළිගත් දැයෙහි පිළිගත්සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: උදකදන්තපොනෙ චත්තාරි මහාවිකටානි සති පච්චයෙ අසති කප්පියකාරකෙ සාමං ගහෙත්වා පරිභුඤ්ජති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
දැහැටු පැන්හි, සතර මහාවිකටයන් කැපකරුවකු නැති සඳ කරුණක් ඇති කල්හි තෙමේ මැ ගෙනැ වළඳා නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දන්තපොනසික්ඛාපදං දසමං.
දසවැනි දන්තපොන ශික්ෂාපද යි.
භොජනවග්ගො චතුත්ථො.
චතුර්ත්ථ භෝජනවර්ග යි.
තස්සුද්දානං:
එහි උදානය:
පිණ්ඩො ගණං පරං පූවං, ද්වෙ ච වුත්තා පවාරණා විකාලෙ සන්නිධී ඛීරං දන්තපොනෙන තෙ දසාති.
ආවසථපිණ්ඩ යැ ගණභෝජන යැ පරම්පරභෝජන යැ කාණමාතු යැ පඨමපවාරණ දුතියපවාරණ දෙක යැ විකාලභොජන යැ සන්නිධිකාරක යැ පණීතභෝජන යැ දන්තපෝනය සමඟ වදාළ ඒ සිකපද දශයෙකි.