යෙදුමෙන් කියවන්න

පණීතභොජනසික‍්ඛාපදං

6. 4. 9.

6. 4. 9.

පණීතභොජනසික‍්ඛාපදං.

පණීතභෝජන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පණීත භොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සන‍්ති, කස‍්ස සම‍්පන‍්නං න මනාපං කස‍්ස සාදු න රුච‍්චතීති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සන‍්තීති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජථාති. සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා, පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සථ, නෙතං මොඝපුරිසා, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුහේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු පිණීබොජුන් තමා පිණිස විනවා වළඳත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ” යි කවරකුහට මිහිරිදැය නො මැනවිද? කවරකුහට රසවත්දැය නො රුස්නේ දැ යි. භික්‍ෂූහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන් ගේ (අකීර්ත්තිශබ්ද) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පිණීබොජුන් තමා පිණිස විනවා වැළඳූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යානි ඛො පන තානි පණීතභොජනානි, සෙය්‍යථිදං: සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං මච‍්ඡො මංසං ඛීරං දධි. යො පන භික‍්ඛු එවරූපානි පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම්බඳු ඒ පිණීබොජුන් එනම්:– ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක්සකුරු, දියමස්, ගොඩමස්, කිරි, දී, යන එබඳු වූ පිණීබොජුන් යම් මහණෙක් තමා පිණිස විනවා වළඳන්නේ නම් පචිති වේ” යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

2. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ගිලානා හොන‍්ති. ගිලානපුච‍්ඡකා භික‍්ඛූ ගිලානෙ භික‍්ඛූ එතදවොචුං: කච‍්චි ආවුසො ඛමනීයං කච‍්චි යාපනීය”න‍්ති. පුබ‍්බෙ මයං ආවුසො පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජාම තෙන නො ඵාසු හොති ඉදානි පන භගවතා පටික‍්ඛිත‍්තන‍්ති කුක‍්කුච‍්චායන‍්තා න විඤ‍්ඤාපෙම තෙන නො න ඵාසු හොතීති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. අනුජානාමි භික‍්ඛවෙ ගිලානෙන භික‍්ඛුනා පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. එසමයෙහි වනාගි භික්‍ෂූහු ගිලන් වෙති. ගිලනුන් පුළුවුස්නා භික්‍ෂූහු ගිලන් භික්‍ෂූන්ට මෙය කීහු: “කිම ඇවැත්නි, ඉවසිය හැකි ද යැපිය හැකි දැ” යි. “ඇවැත්නි, ඇපි පෙරැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳම්හ. එයින් අපට පහසු වෙයි. දැන් වූ කලි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුවෝ නො විනවම්හ. එයින් අපට පහසු නො වේ. භාග්‍යවත්හට මෙකරුණ දැන්වූහ. එකල් හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. “මහණෙනි, ගිලන් මහණහු විසින් පිණීබොජුන් තමා පිණිස විනවා වළඳන්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;

“යානි ඛො පන තානි පණීතභොජනානි සෙය්‍යථිදං: සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං මච‍්ඡො මංසං ඛීරං දධි. යො පන භික‍්ඛු එවරූපානි පණීතභොජනානි අගිලානො අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම්බඳු ඒ පිණීබොජුන් එනම්: ගිතෙල්, වෙඬරු, තෙල්, මී, උක් සකුරු, දියමස්, ගොඩමස්, කිරි දී යන එබඳු වූ පිණීබොජුන් යම් මහණෙක් නොගිලන් වැ තමා පිණිස විනවා වළඳන්නේ නම් පචිති වේ” යයි.

3. යානි ඛො පන තානි පණීතභොජනානීති: සප‍්පි නාම: ගොසප‍්පි වා අජිකාසප‍්පි වා මාහිසං වා සප‍්පි යෙසං මංසං කප‍්පති තෙසං සප‍්පි. නවනීතං නාම: තෙසඤ‍්ඤෙව නවනීතං. තෙලං නාම: තිලතෙලං සාසපතෙලං මධුකතෙලං එරණ‍්ඩතෙලං වසාතෙලං. මධු නාම: මක‍්ඛිකා මධු. ඵාණිතං නාම: උච‍්ඡුම‍්හා නිබ‍්බත‍්තං. මච‍්ඡො නාම: ඔදකො වුච‍්චති. මංසං නාම: යෙසං මංසං කප‍්පති තෙසං මංසං. ඛීරං නාම: ගොඛීරං වා අජිකාඛීරං වා මාහිසං වා ඛීරං, යෙසං මංසං කප‍්පති තෙසං ඛීරං. දධි නාම: තෙසඤ‍්ඤෙව දධි.

3. යානි ඛො පන තානි පණීතභෝජනානි: සප්පි නම් එළඟිතෙල් හෝ එළුගිතෙල් හෝ මිහිගිතෙල් හෝ යැ. යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ ගිතෙල. නවනීත නම්: ඔවුන්ගේ මැ වෙඬරු. තෙල නම්: තලතෙල්, අබතෙල්, මීතෙල්, එරඬුතෙල්, වුරුණුතෙල. මධු නම්: මීමැසි මී. ඵාණිත නම්: උක්ගසින් නිපදවනලද යැ. මච්ඡ නම්: දියෙහි හටගත් මසැ යි කියනු ලැබේ. මංස නම්: යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන් ගේ මස. ඛීර නම්: එළකිරි හෝ එළුකිරි හෝ මීකිරි හෝ යි, යම් කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන් ගේ කිරි. දධි නම්: ඔවුන් ගේ මැ දිහි.

යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

එවරූපානි පණීතභොජනානීති: තථාරූපානි පණීතභොජනානි.

එවරූපානි පණීතභෝජනානි: එබඳු වූ පිණීබොජුන්.

අගිලානො නාම: යස‍්ස විනා පණීතභොජනානි ඵාසු හොති.

අගිලාන නම්: යමකුහට පිණීබොජුනෙන් වෙන් වැ පහසු වේ නම් හේ යැ.

ගිලානො නාම: යස‍්ස විනා පණීතභොජනා න ඵාසු හොති.

ගිලාන නම්: යමකුහට පිණීබොජුනෙන් වෙන් වැ පහසු නො වේ නම් හේ යැ.

අගිලානො අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙති පයොගෙ දුක‍්කටං. පටිලාභෙන භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නොගිලන් වූයේ තමා පිණිස විනවා නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි. ලැබීමෙන් වළඳන්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.

අගිලානො අගිලානසඤ‍්ඤී පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අගිලානො වෙමතිකො පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අගිලානො ගිලානසඤ‍්ඤී පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

නොගිලන් වූයේ නොගිලන් සන් ඇති වැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නොගිලන් වූයේ විමති ඇති වැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නොගිලන් වූයේ ගිලන්සන් ඇති වැ පිණීබොජුන් තමා පිණිස විනවා වළඳා නම් පචිති ඇවැත් වේ.

ගිලානො අගිලානසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. ගිලානො වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. ගිලානො ගිලානසඤ‍්ඤී අනාපත‍්ති.

ගිලන් වූයේ නොගිලන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූයේ විමති ඇති යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූයේ ගිලන්සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ගිලානස‍්ස ගිලානො හුත්‍වා විඤ‍්ඤාපෙත්‍වා අගිලානො භුඤ‍්ජති, ගිලානස‍්ස සෙසකං භුඤ‍්ජති ඤාතකානං පවාරිතානං අඤ‍්ඤස‍්සත්‍ථාය අත‍්තනො ධනෙන උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

ගිලනාහට, ගිලන් වැ විනවා නොගිලන් වූයේ වළඳා නම්, ගිලනාගේ ඉතිරිදැය වළඳා නම් නෑයන්ගේ නම් පැවැරුණුවන්ගේ නම් මෙරමා පිණිස නම් තමන්ගේ ධනයෙන් නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

පණීතභොජනසික‍්ඛාපදං නවමං.

නව වැනි පණීතභෝජන ශික්‍ෂාපද යි.