යෙදුමෙන් කියවන්න

සන‍්නිධිකාරකසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සන‍්නිධිකාරකසික‍්ඛාපදවණ‍්ණනා

සන්නිධිකාර ශික්‍ෂාපද වර්ණනාව

අට‍්ඨමසික‍්ඛාපදෙ – බෙලට‍්ඨසීසො නාම ජටිලසහස‍්සබ‍්භන‍්තරො මහාථෙරො. අරඤ‍්ඤෙ විහරතීති ජෙතවනස‍්ස අවිදූරෙ පධානඝරෙ එකස‍්මිං ආවාසෙ වසති. සුක‍්ඛකුරන‍්ති අසූපබ්‍යඤ‍්ජනං ඔදනං. සො කිර අන‍්තොගාමෙ භුඤ‍්ජිත්‍වා පච‍්ඡා පිණ‍්ඩාය චරිත්‍වා තාදිසං ඔදනං ආහරති, තඤ‍්ච ඛො අප‍්පිච‍්ඡතාය, න පච‍්චයගිද‍්ධතාය. ථෙරො කිර සත‍්තාහං නිරොධසමාපත‍්තියා වීතිනාමෙත්‍වා සමාපත‍්තිතො වුට‍්ඨාය තං පිණ‍්ඩපාතං උදකෙන තෙමෙත්‍වා භුඤ‍්ජති, තතො පුන සත‍්තාහං සමාපත‍්තියා නිසීදති. එවං ද‍්වෙපි තීණිපි චත‍්තාරිපි සත‍්තාහානි වීතිනාමෙත්‍වා ගාමං පිණ‍්ඩාය පවිසති. තෙන වුත‍්තං – “චිරෙන ගාමං පිණ‍්ඩාය පවිසතී”ති.

අෂ්ටම ශික්‍ෂාපදයෙහි බෙලට්ඨිසීස නම් මහාස්ථවිර තෙමේ ජටිලයන් දහසට ඇතුළත් වූයේය. “අරඤ්ඤෙ විහරති” දෙව්රමට නොදුරෙහි කෙලෙස් තැවීමට භාවනා කරන ගෘහය වූ එක් ආවාසයෙක වාසය කරයි. “සුක්‍ඛකුරං” නියඹලා අවුළුරහිත බත. ඒ ස්ථවිර තෙමේ වනාහි ඇතුළුගමෙහි වළඳා පසුව පිඬු පිණිස හැසිර එබඳු බතක් ගෙන එයි. එද වනාහි අපිස් බැවිනි. ප්‍රත්‍යයයෙහි ගිජු බැවින් නොවේ. ස්ථවිර තෙමේ සත් දවසක් නිරොධ සමාපත්තියෙන් කල් යවා සමාපත්තියෙන් නැගිට අව්වේලා වියලා තුබූ ඒ පිණ්ඩපාතය දියෙන් තෙමා වළඳන්නේය. ඉන්පසු සත් දවසක් සමාපත්තියෙන් යුක්තව හිඳියි. මෙසේ දෙසති තෙසති සිවුසති ඉක්මවා ගමට පිඬු පිණිස පිවිසෙන්නේය. “චිරෙන ගාමං පිණ්ඩාය පවිසති’යි එහෙයින් කියන ලදී.

කාරො කරණං කිරියාති අත්‍ථතො එකං, සන‍්නිධිකාරො අස‍්සාති සන‍්නිධිකාරං; සන‍්නිධිකාරමෙව සන‍්නිධිකාරකං. පටිග‍්ගහෙත්‍වා එකරත‍්තං වීතිනාමිතස‍්සෙතං අධිවචනං. තෙනෙවස‍්ස පදභාජනෙ වුත‍්තං – “සන‍්නිධිකාරකං නාම අජ‍්ජ පටිග‍්ගහිතං අපරජ‍්ජූ”ති.

කාර, කරණ කිරියා යනු අර්‍ත්‍ථවශයෙන් එකෙක් වේ. රැස්කොට තැබීම මොහුටනුයි. සන්නිධිකාර නම. සන්නිධිකාරයම සන්නිධිකාරක නම පිළිගෙණ එක් රැයක් ඉක්මවන ලද භොජනයට මේ නමෙකි. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “සන්නිධිකාරකං නාම අජ්ජ පටිග්ගහිතං අපරජ්ජු”යි වදාරනලදී.

පටිග‍්ගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්සාති එවං සන‍්නිධිකතං යංකිඤ‍්චි යාවකාලිකං වා යාමකාලිකං වා අජ‍්ඣොහරිතුකාමතාය ගණ‍්හන‍්තස‍්ස පටිග‍්ගහණෙ තාව ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහරතො පන එකමෙකස‍්මිං අජ‍්ඣොහාරෙ පාචිත‍්තියං. සචෙපි පත‍්තො දුද‍්ධොතො හොති, යං අඞ‍්ගුලියා ඝංසන‍්තස‍්ස ලෙඛා පඤ‍්ඤායති, ගණ‍්ඨිකපත‍්තස‍්ස වා ගණ‍්ඨිකන‍්තරෙ ස‍්නෙහො පවිට‍්ඨො හොති, සො උණ‍්හෙ ඔතාපෙන‍්තස‍්ස පග‍්ඝරති, උණ‍්හයාගුයා වා ගහිතාය සන්‍දිස‍්සති, තාදිසෙ පත‍්තෙපි පුනදිවසෙ භුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං. තස‍්මා පත‍්තං ධොවිත්‍වා පුන තත්‍ථ අච‍්ඡොදකං වා ආසිඤ‍්චිත්‍වා අඞ‍්ගුලියා වා ඝංසිත්‍වා නිස‍්නෙහභාවො ජානිතබ‍්බො. සචෙ හි උදකෙ වා ස‍්නෙහභාවො පත‍්තෙ වා අඞ‍්ගුලිලෙඛා පඤ‍්ඤායති, දුද‍්ධොතො හොති. තෙලවණ‍්ණපත‍්තෙ පන අඞ‍්ගුලිලෙඛා පඤ‍්ඤායති, සා අබ‍්බොහාරිකා. යං භික‍්ඛූ නිරපෙක‍්ඛා සාමණෙරානං පරිච‍්චජන‍්ති, තඤ‍්චෙ සාමණෙරා නිදහිත්‍වා දෙන‍්ති, සබ‍්බං වට‍්ටති. සයං පටිග‍්ගහෙත්‍වා අපරිච‍්චත‍්තමෙව හි දුතියදිවසෙ න වට‍්ටති. තතො හි එකසිත්‍ථම‍්පි අජ‍්ඣොහරතො පාචිත‍්තියමෙව.

“පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස”යි මෙසේ සන්නිධි කළ යාවකාලික වූ හෝ යාමකාලික වූ හෝ යම් කිසිවක් අනුභව කරනු කැමැති බැවින් ගන්නා වූ මහණහුට පිළිගැණීම නිමිතිකොට දුක්කටාපත්තිය වේ. අනුභව කරන මහණහුට එක් එක් අනුභවය නිමිති කොට පාචිත්තිය වේ. ඉදින් පාත්‍රය නොමනාව දොවන ලද්දේවේද, ඇඟිල්ලෙන් ගටන කල්හි රෙඛා පෙනේද, ගැට ඇති පත්‍රයක හෝ ගැට අතුරෙහි ආමිසඕජස පිවිසියේ වේද, ඒ ඕජස උෂ්ණයෙහි ලා තවන කල්හි වැගිරේද, උණු කැඳ හෝ ගත්කල්හි ආමිස ඕජස පෙනේද, එබඳු පාත්‍රයෙහිද දෙවන දිනයෙහි අනුභව කරන මහණහුට පාචිත්තිය වේ. එහෙයින් පාත්‍රය සෝදා නැවත එහි පහන්දිය හෝ වත්කර ඇඟිල්ලෙන් ගලා ඕජස් රහිතබව දතයුතුය. ඉදින් දියෙහි හෝ ඕජස් ඇති බව පාත්‍රයෙහි හෝ ඇඟිලිරෙඛා පෙනේද, නොමනාව සෝදන ලද්දේ වේ. තෙල් පැහැති පත්‍රයෙහි වනාහි ඇඟිලිරෙඛා පෙනේද, ඕ තොමෝ අව්‍යවහාරික වේ. මහණෝ බලාපොරොත්තු රහිතව යමක් හෙරණුන්ට දෙත්ද, හෙරණෝ එය තැත්පත් කොට තබා දෙත්ද, සියල්ල වටියි. තමන් පිළිගෙණ පරිත්‍යාග නොකරන ලද්දක් වනාහි දෙවන දිනයෙහි නොවටියි. එයින් එක් උලකුදු අනුභව කරන මහණහුට පාචිත්තියම වේ.

අකප‍්පියමංසෙසු මනුස‍්සමංසෙ ථුල‍්ලච‍්චයෙන සද‍්විං පාචිත‍්තියං, අවසෙසෙසු දුක‍්කටෙන සද‍්ධිං. යාමකාලිකං සති පච‍්චයෙ අජ‍්ඣොහරතො පාචිත‍්තියං. ආහාරත්‍ථාය අජ‍්ඣොහරතො දුක‍්කටෙන සද‍්ධිං පාචිත‍්තියං. සචෙ පවාරිතො හුත්‍වා අනතිරිත‍්තකතං අජ‍්ඣොහරති, පකතිආමිසෙ ද‍්වෙ පාචිත‍්තියානි, මනුස‍්සමංසෙ ථුල‍්ලච‍්චයෙන සද‍්ධිං ද‍්වෙ, සෙසඅකප‍්පියමංසෙ දුක‍්කටෙන සද‍්ධිං, යාමකාලිකං සති පච‍්චයෙ සාමිසෙන මුඛෙන අජ‍්ඣොහරතො ද‍්වෙ, නිරාමිසෙන එකමෙව. ආහාරත්‍ථාය අජ‍්ඣොහරතො විකප‍්පද‍්වයෙපි දුක‍්කටං වඩ‍්ඪති. සචෙ විකාලෙ අජ‍්ඣොහරති, පකතිභොජනෙ සන‍්නිධිපච‍්චයා ච විකාලභොජනපච‍්චයා ච ද‍්වෙ පාචිත‍්තියානි, අකප‍්පියමංසෙසු ථුල‍්ලච‍්චයඤ‍්ච දුක‍්කටඤ‍්ච වඩ‍්ඪති. යාමකාලිකෙසු විකාලපච‍්චයා අනාපත‍්ති, අනතිරිත‍්තපච‍්චයා පන විකාලෙ සබ‍්බවිකප‍්පෙසු අනාපත‍්ති.

නොකැප මස් අතුරෙහි මිනීමස් නිමිති කොට ථුල්ලච්චය සමග පාචිත්තිය වේ. සෙසු මස් නිමිති කොට දුක්කටය සමග පාචිත්තිය වේ. යාමකාලිකය විපාසාදි හේතුවක් ඇති කල්හි අනුභව කරන මහණහුට පාචිත්තිය වේ. ආහාරය පිණිස අනුභව කරන මහණහුට දුක්කටය සමග පාචිත්තිය වේ. ඉදින් පවරණ ලදුව කැප නොකළ බොජුනක් අනුභව කෙරේද, ඔදනාදීවූ කැප ආමිසයෙහි පාචිත්තිය දෙකක් වේ. මිනීමස් නිමිති කොට ථුල්ලච්චය සමග පාචිත්තිය දෙකක් වේ. යාමකාලිකය හේතුවක් ඇති කල්හි ආමිස සහිතවූ මුඛයෙන් අනුභව කරන මහණහුට පාචිත්තිය දෙකක් වේ. නිරාමිස මුඛයෙන් අනුභව කරන මහණහුට එක්ම පාචිත්තියක් වේ. ආහාරය පිණිස අනුභව කරන මහණහුට සාමිස නිරාමිස විකල්ප දෙකෙහි දුක්කටය වැඩේ. ඉදින් විකාලයෙහි අනුභව කෙරෙනම්, ඔදනාදි කැප භොජනයෙහි සන්නිධිය හෙතුකොටද විකාලභොජනය හේතුකොටද පාචිත්තිය දෙකක් වේ. නොකැප මස්හිලා මිනීමස් නිමිති කොට ථුල්ලච්චයද සෙසු මස් නිමිතිකොට දුක්කටයද, වැඩේ. යාමකාලිකයන්හි විකාලය ප්‍රත්‍යය කොට ඇවැත් නොවේ. ඉතිරි නොකළ අකප්පිය භොජනය ප්‍රත්‍යය කොට විකාලයෙහි සියලු විකල්පයන්හි ඇවැත් නොවේ.

සත‍්තාහකාලිකං යාවජීවිකං ආහාරත්‍ථායාති ආහාරත්‍ථාය පටිග‍්ගණ‍්හතො පටිග‍්ගහණපච‍්චයා තාව දුක‍්කටං, අජ‍්ඣොහරතො පන සචෙ නිරාමිසං හොති, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ දුක‍්කටං. අථ ආමිසසංසට‍්ඨං පටිග‍්ගහෙත්‍වා ඨපිතං හොති, යථාවත්‍ථුකං පාචිත‍්තියමෙව.

“සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්‍ථාය” යත්තාහ කාලිකය යාවජීවිකය යන මෙදෙක ආහාරය පිණිස පිළිගන්නා මහණහුට පිළිගැණීම ප්‍රත්‍යය කොට පළමුකොට දුක්කටය වේ. ඉදින් නිරාමිස වේනම් අනුභව කරන මහණහුට අනුභව කිරීමක් පාසා දුක්කටය වේ. නැවැත ආමිසය හා ගැටුනක් හැනුනක් පිළිගෙණ තබන ලද්දේවේද, වස්තු පරිද්දෙන් පාචිත්තියම වේ.

අනාපත‍්ති යාවකාලිකන‍්තිආදිම‍්හි විකාලභොජනසික‍්ඛාපදෙ නිද‍්දිට‍්ඨං ඛාදනීයභොජනීයං යාව මජ‍්ඣන‍්තිකසඞ‍්ඛාතො කාලො, තාව භුඤ‍්ජිතබ‍්බතො යාවකාලිකං. සද‍්ධිං අනුලොමපානෙහි අට‍්ඨවිධං පානං යාව රත‍්තියා පච‍්ඡිමයාමසඞ‍්ඛාතො යාමො, තාව පරිභුඤ‍්ජිතබ‍්බතො යාමො කාලො අස‍්සාති යාමකාලිකං. සප‍්පිආදි පඤ‍්චවිධං භෙසජ‍්ජං සත‍්තාහං නිධෙතබ‍්බතො සත‍්තාහො කාලො අස‍්සාති සත‍්තාහකාලිකං. ඨපෙත්‍වා උදකං අවසෙසං සබ‍්බම‍්පි යාවජීවං පරිහරිත්‍වා සති පච‍්චයෙ පරිභුඤ‍්ජිතබ‍්බතො යාවජීවකන‍්ති වුච‍්චති .

“අනාපත්ති යාවකාලිකං” යනාදියෙහි විකාලභොජනශික්‍ෂාපදයෙහි දක්වන ලද කෑයුතුදැයි බිදිය යුතුදැයි මද්ධ්‍යාහනකාලය යම්තාක්ද ඒතාක් අනුභව කටයුතු බැවින් යාවකාලික වේ. අනුලොම් පැන් සමග අටවැදෑරුම් පානවර්‍ග රාත්‍රියෙහි පශ්චිම යාමය යම්තාක්ද ඒතාක් අනුභව කටයුතු බැවින් යාමකාලය මෝහටනුයි යාමකාලික නම් වේ. ගිතෙල් ආදී පස්වැදෑරුම් බෙහෙත් සත්දවසක් තැබිය යුතු බැවින් සත්තාහකාලය මෝහටනුයි සත්තාහකාලික නම්වේ. දිය හැර සෙසු සියල්ලම දිවි ඇතිතාක් දිවි කෙළවර කොට හෙතුවක් ඇතිකල්හි අනුභව කටයුතු බැවින් යාවජීවිකැයි කියනු ලැබේ.

තත්‍ථ අරුණොදයෙව පටිග‍්ගහිතං යාවකාලිකං සතක‍්ඛත‍්තුම‍්පි නිදහිත්‍වා යාවකාලො නාතික‍්කමති තාව, යාමකාලිකං එකං අහොරත‍්තං, සත‍්තාහකාලිකං සත‍්තරත‍්තං, ඉතරං සති පච‍්චයෙ, යාවජීවම‍්පි පරිභුඤ‍්ජන‍්තස‍්ස අනාපත‍්ති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. අට‍්ඨකථාසු පන ඉමස‍්මිං ඨානෙ පානකථා කප‍්පියානුලොමකථා “කප‍්පති නු ඛො යාවකාලිකෙන යාමකාලික”න‍්තිආදිකථා ච කප‍්පියභූමිකථා ච විත්‍ථාරිතා, තං මයං ආගතට‍්ඨානෙයෙව කථයිස‍්සාම.

එහි අරුණ නැගීමෙහිදී පිළිගත් යාවකාලිකය සියවරක් නමුදු තබ තබා කාලය යම්තාක් නොඉක්මේද, ඒතාක් යාමකාලිකය එක් රැයක්ද, සත්තාහකාලිකය සත්රැයක්ද, අනික් යාවකාලිකය ප්‍රත්‍යයක් ඇති කල්හි දිවි කෙළවර දක්වා නමුදු අනුභව කරන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය. අර්‍ත්‍ථකථාවන්හි වනාහි මෙතන්හි පාන කථාද, කප්පියානුලොම කථාද, “කප්පති නුඛො යාවකාලිකෙන යාමකාලිකං” යනාදි කථාද, කප්පියභූමිකථාද විස්තර කරන ලදහ. අපි එය ආතන්හිම කියන්නෙමු.

එළකලොමසමුට‍්ඨානං – කායතො ච කායචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

එළකලොමසමුත්‍ථානිකය. කයින්ද, කායචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය නොසංඥාවිමොක්‍ෂය අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

සන‍්නිධිකාරකසික‍්ඛාපදං අට‍්ඨමං.

අටවන සන්නිධිකාරක ශික්‍ෂාපදයයි

පණීතභොජනසික‍්ඛාපදවණ‍්ණනා

පණීතභෝජන ශික්‍ෂාපද වර්ණනාව

නවමසික‍්ඛාපදෙ – පණීතභොජනානීති උත‍්තමභොජනානි. කස‍්ස සම‍්පන‍්නං න මනාපන‍්ති සම‍්පත‍්තියුත‍්තං කස‍්ස න පියං. සාදුන‍්ති සුරසං.

නවම ශික්‍ෂාපදයෙහි “පණීතභොජනානි” උත්තමභොජනයෝය. “කස්ස සම්පන්නං න මනාපං” සම්පත්තියෙන් යුක්ත දැය කාහට ප්‍රිය නොවේද. “සාදුං” මනාරසය.

යො පන භික‍්ඛු එවරූපානි පණීතභොජනානි අගිලානො අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජෙය්‍යාති එත්‍ථ සුද‍්ධානි සප‍්පිආදීනි විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තො පාචිත‍්තියං නාපජ‍්ජති, සෙඛියෙසු සූපොදනවිඤ‍්ඤත‍්තිදුක‍්කටං ආපජ‍්ජති, ඔදනසංසට‍්ඨානි පන විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තො පාචිත‍්තියං ආපජ‍්ජතීති වෙදිතබ‍්බො, අයං කිරෙත්‍ථ අධිප‍්පායො. තෙනෙව ච “පණීතානී”ති අවත්‍වා “පණීතභොජනානී”ති සුත‍්තෙ වුත‍්තං. “පණීතානී”ති හි වුත‍්තෙ සප‍්පිආදීනංයෙව ගහණං හොති, “පණීතභොජනානී”ති වුත‍්තෙ පන පණීතසංසට‍්ඨානි සත‍්තධඤ‍්ඤනිබ‍්බත‍්තානි භොජනානි පණීතභොජනානීති අයමත්‍ථො පඤ‍්ඤායති.

“යො පන භික්‍ඛු එවරූපානි පණීතභොජනානි අගිලානො අත්තනො අත්‍ථාය විඤ්ඤාපෙත්‍වා භුඤ්ජෙය්‍ය” මෙහි පිරිසිදු ගිතෙල් ආදිය (ඉල්ලා ගෙන) විනවා වළඳනුයේ පාචිත්තියට නො පැමිණේ. සෙඛියයන්හි සූපොදනවිඤ්ඤත්ති දුක්කටයට පැමිණේ. ඔදනය හා හැනුනවුන් විනවා වළඳනුයේ පාචිත්තියට පැමිණේයයි දතයුතුය. මේ මෙහි අදහසය. එහෙයින්ම “පණීතානි”යි නොකියා “පණීතභොජනානි”යි සූත්‍රයෙහි කියනලදී. “පණීතානි”යි කියූ කල්හි ගිතෙල් ආදීන්ගේම ගැණීම වේ. “පණීතභොජනානි”යි කියූ කල්හි ප්‍රණීත ගිතෙල් හා හැනුනු සප්තවිධ ධාන්‍යයෙන් කරන ලද භොජන ප්‍රණීත භොජනැයි යන මේ අර්‍ත්‍ථය පෙනේ.

ඉදානි විඤ‍්ඤාපෙති පයොගෙ දුක‍්කටන‍්තිආදීසු අයං විනිච‍්ඡයො – “සප‍්පිනා භත‍්තං දෙහි, සප‍්පිං ආකිරිත්‍වා දෙහි, සප‍්පිමිස‍්සකං කත්‍වා දෙහි, සහසප‍්පිනා දෙහි, සප‍්පිඤ‍්ච භත‍්තඤ‍්ච දෙහී”ති විඤ‍්ඤාපෙන‍්තස‍්ස විඤ‍්ඤත‍්තියා දුක‍්කටං, පටිග‍්ගහණෙ දුක‍්කටං, අජ‍්ඣොහාරෙ පාචිත‍්තියං. “සප‍්පිභත‍්තං දෙහී”ති වුත‍්තෙ පන යස‍්මා සාලිභත‍්තං විය සප‍්පිභත‍්තං නාම නත්‍ථි; තස‍්මා සූපොදනවිඤ‍්ඤත‍්තිදුක‍්කටමෙව වෙදිතබ‍්බං.

දැන් “විඤ්ඤාපෙති පයොගෙ දුක්කටං” යනාදිතන්හි මේ විනිශ්චය වේ. ‘ගිතෙල් සමග බත් දෙව, ගිතෙල් වක්කර දෙව, ගිතෙල් මුසුකොට දෙව, ගිතෙල් සහිතව දෙව, ගිතෙල්ද බත්ද දෙව’යි පනවන මහණහුට ඉල්ලීමම නිමිතිකොට දුක්කටය වේ. වැළදීම නිමිති කොට පාචිත්තිය වේ. ‘ගිතෙල් බත් දෙව’යි කියූ කල්හි වනාහි යම්හෙයකින් බත් මෙන් ගිතෙල් බතක් නම් නැත්තේද, එහෙයින් සුපොදන විඤ්ඤත්ති දුක්කටයම දතයුතුය.

සචෙ පන “සප‍්පිනා භත‍්තං දෙහී”ති වුත‍්තෙ භත‍්තං දත්‍වා “සප‍්පිං කත්‍වා භුඤ‍්ජා”ති නවනීතං වා ඛීරං වා දධිං වා දෙති, මූලං වා පන දෙති, “ඉමිනා සප‍්පිං ගහෙත්‍වා භුඤ‍්ජා”ති යථාවත්‍ථුකමෙව. “ගොසප‍්පිනා භත‍්තං දෙහී”ති වුත‍්තෙ පන ගොසප‍්පිනා වා දෙතු, ගොසප‍්පිම‍්හි අසති, පුරිමනයෙනෙව ගොනවනීතාදීනි වා ගාවිංයෙව වා දෙතු “ඉතො සප‍්පිනා භුඤ‍්ජා”ති යථාවත්‍ථුකමෙව. සචෙ පන ගොසප‍්පිනා යාචිතො අජියා සප‍්පිආදීහි දෙති, විසඞ‍්කෙතං. එවඤ‍්හි සති අඤ‍්ඤං යාචිතෙන අඤ‍්ඤං දින‍්නං නාම හොති, තස‍්මා අනාපත‍්ති. එස නයො අජියා සප‍්පිනා දෙහීති ආදීසුපි.

ඉදින් ‘ගිතෙල් සමග බත්දෙව’යි කියූ කල්හි බත් දී ‘ගිතෙල් කොට අනුභව කරව’යි වෙඬරු හෝ කිරි හෝ දී හෝ දේද, ‘මේ මිලයෙන් ගිතෙල් ගෙන අනුභව කරව’යි කැප මිල හෝ දේද, යථාවස්තුකම වේ. හෙවත් ඉල්ලීම නිමිතිකොට දුක්කටයද පිළිගැනීම නිමිතිකොට දුක්කටයද අනුභව කිරීම නිමිතිකොට පාචිත්තියද වේ. ‘ගිතෙල් සමග බත් දෙව, කියූ කල්හි ‘ගිතෙල් සමග හෝ දෙන්න. ගිතෙල් නැති කල්හි පෙර නයින්ම ගවවෙඬරු ආදිය හෝ ‘මෙයින් ගිතෙල් සමග අනුභව කරවයි ගවදෙනක හෝ දේද’, යථාවස්තුකම වේ. ඉදින් වනාහි ගිතෙල් සමග යාඥා කරන ලදුයේ එළුගිතෙල් සමග දේද, අනිකක් ඉල්වූවහුට අනිකක් දුන් බැවින් විසඞ්කෙත වේ. හෙවත් විරුද්ධ වේ. මෙසේ ඇති කල්හි අනිකක් ඉල්වූවහු විසින් අනිකක් දෙන ලද්දේ නම්වේ. එහෙයින් ඇවැත් නොවේ. ‘එළු ගිතෙල් සමග දෙව’යි යනාදි තන්හිද මේ නයවේ.

“කප‍්පියසප‍්පිනා දෙහී”ති වුත‍්තෙ අකප‍්පියසප‍්පිනා දෙති, විසඞ‍්කෙතමෙව. “අකප‍්පියසප‍්පිනාති වුත‍්තෙ අකප‍්පියසප‍්පිනා දෙති, පටිග‍්ගහණෙපි පරිභොගෙපි දුක‍්කටමෙව. අකප‍්පියසප‍්පිම‍්හි අසති පුරිමනයෙනෙව අකප‍්පියනවනීතාදීනි දෙති “සප‍්පිං කත්‍වා භුඤ‍්ජා”ති අකප‍්පියසප‍්පිනාව දින‍්නං හොති. “අකප‍්පියසප‍්පිනා”ති වුත‍්තෙ කප‍්පියෙන දෙති, විසඞ‍්කෙතං. “සප‍්පිනා”ති වුත‍්තෙ සෙසෙසු නවනීතාදීසු අඤ‍්ඤතරෙන දෙති, විසඞ‍්කෙතමෙව. එස නයො නවනීතෙන දෙහීතිආදීසුපි. යෙන යෙන හි විඤ‍්ඤත‍්ති හොති, තස‍්මිං වා තස‍්ස මූලෙ වා ලද‍්ධෙ, තං තං ලද‍්ධමෙව හොති.

‘කැප ගිතෙල් සමග දෙව’යි කියන ලද්දේ අකැප ගිතෙල් සමග දේද, විසඞ්කෙතයම වේ. ‘අකැප ගිතෙල් සමග දෙව’යි කියූ කල්හි අකැප ගිතෙල් සමග දේද, පිළිගැනීම නිමිතිකොටද පරිභොගය නිමිතිකොටද දුක්කටයම වේ. අකැප ගිතෙල් නැති කල්හි පෙරනයින්ම ‘ගිතෙල් කොට අනුභව කරව’යි අකැප වෙඬරු ආදිය දේද, අකැප ගිතෙල් සමග දෙන ලද්දේ වේ. ‘අකැප ගිතෙල් සමගැ’යි කියූ කල්හි කැප ගිතෙල් සමග දේද, විසඞ්කෙත වේ. ‘ගිතෙල් සමගැ’යි කියූ කල්හි සෙසු වෙඬරු ආදීන් අතුරෙහි එක්තරා එකක් සමග දේද, විසඞ්කෙතයම වේ. ‘වෙඬරු සමග දෙව’යි යනාදි තන්හිද මේ නයවේ. යමකින් යමකින් විනවන ලද්දේ ද, ඒ විනවනලද දැය හෝ ඒ වස්තුව පිළිබඳ කැප මිල හෝ ලද කල්හි ඒ ඒ විනවන ලද දැය ලද්දේම වේ.

සචෙ පන අඤ‍්ඤං පාළියා ආගතං වා අනාගතං වා දෙන‍්ති, විසඞ‍්කෙතං. පාළියං ආගතනවනීතාදීනි ඨපෙත්‍වා අඤ‍්ඤෙහි නවනීතාදීහි විඤ‍්ඤාපෙන‍්තස‍්ස දුක‍්කටං. යථා ච “සප‍්පිභත‍්තං දෙහී”ති වුත‍්තෙ සාලිභත‍්තස‍්ස විය සප‍්පිභත‍්තස‍්ස අභාවා සූපොදනවිඤ‍්ඤත‍්තිදුක‍්කටමෙව හොතීති වුත‍්තං. එවං නවනීතභත‍්තං දෙහීතිආදීසුපි. පටිපාටියා එකමෙකං විත්‍ථාරෙත්‍වා වුච‍්චමානෙපි හි අයමෙවත්‍ථො වත‍්තබ‍්බො සියා, සො ච සඞ‍්ඛෙපෙනපි සක‍්කා ඤාතුං, කිං තත්‍ථ විත්‍ථාරෙන? තෙන වුත‍්තං – “එස නයො නවනීතෙන දෙහීතිආදීසුපී”ති.

ඉදින් පෙළෙහි ආවා වූ හෝ නොආවා වූ හෝ අනිකක් දෙත්ද, විසඞ්කෙත වේ. පෙළෙහි ආවාවූ වෙඬරු ආදිය හැර අන් වෙඬරු ආදියකින් විනවන මහණහුට දුක්කටය වේ. යම්සේ ‘ගිතෙල්බත් දෙව’යි කියූ කල්හි හැල් බත් මෙන් ගිතෙල්බත් නැති බැවින් සූපොදන විඤ්ඤත්ති දුක්කටයම වේයයි කියනලදී. ‘වෙඬරුබත් දෙව’යි යනාදි තන්හිද මෙසේය. පිළිවෙළින් එකක් එකක් විස්තර කොට කියනු ලබන කල්හි මේ අර්‍ත්‍ථයම කියයුතු වන්නේය. එද සැකෙවිනුදු දැන ගන්නට හැක්කේය. එහි විස්තරයෙන් කිම, ‘එස නයො නවනීතෙන දෙහීති ආදිසුපි’යි එහෙයින් කියනලදී.

සචෙ පන සබ‍්බෙහිපි සප‍්පිආදීහි එකට‍්ඨානෙ වා නානාට‍්ඨානෙ වා විඤ‍්ඤාපෙත්‍වා පටිලද‍්ධං එකභාජනෙ ආකිරිත්‍වා එකරසං කත්‍වා තතො කුසග‍්ගෙනාපි ජිව‍්හග‍්ගෙ බින්‍දුං ඨපෙත්‍වා අජ‍්ඣොහරති, නව පාචිත‍්තියානි ආපජ‍්ජති. වුත‍්තම‍්පි චෙතං පරිවාරෙ –

ඉදින් සියලු ගිතෙල් ආදිය සමග එක් තැනෙක්හි හෝ නොයෙක් තන්හි හෝ විනවා පිළිලද්දක් එක් බඳුනෙක්හි වක්කර එක් රසයක් කොට එයින් තණගින් නමුදු දිවගෙහි එක් බින්දුවක් තබා අනුභව කෙරේද, පාචිත්ති නවයකට පැමිණේ.

“කායිකානි න වාචසිකානි, සබ‍්බානි නානාවත්‍ථුකානි; අපුබ‍්බං අචරිමං ආපජ‍්ජෙය්‍ය එකතො, පඤ‍්හාමෙසා කුසලෙහි චින‍්තිතා”ති. (පරි· 481);

“කායිකානි න වාචසිකානි - සබ්බානි නව නානාවත්‍ථුකානි අපුබ්බං අචරිමං ආපජ්ජෙය්‍ය එකතො - පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා”

කයින් සිදුවෙත්, වචනයෙන් සිදුනොවෙත්, සියල්ලෝම ගිතෙල් වෙඬරු ආදීන්ගේ වසයෙන් නානාවස්තුක වෙත්. ඒ නව පාචිත්තියට එක්වර පැමිණෙන්නේය. මේ ප්‍රශ්නය දක්‍ෂයන් විසින් සිතිය යුතුය’යි පරිවාරයෙහි මෙය කියන ලදී.

අගිලානො ගිලානසඤ‍්ඤීති එත්‍ථ සචෙ ගිලානසඤ‍්ඤීපි හුත්‍වා භෙසජ‍්ජත්‍ථාය පඤ‍්ච භෙසජ‍්ජානි විඤ‍්ඤාපෙති, මහානාමසික‍්ඛාපදෙන කාරෙතබ‍්බො . නව පණීතභොජනානි විඤ‍්ඤාපෙන‍්තො පන ඉමිනා සික‍්ඛාපදෙන කාරෙතබ‍්බො. භික‍්ඛුනීනං පන එතානි පාටිදෙසනීයවත්‍ථූනි හොන‍්ති, සූපොදනවිඤ‍්ඤත‍්තියං උභයෙසම‍්පි සෙඛපණ‍්ණත‍්තිදුක‍්කටමෙව. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“අගිලානො ගිලානසඤ්ඤී” මෙහි ඉදින් ගිලන්සන් ඇතියෙක්ව බෙහෙත් පිණිස පස් බෙහෙත් විනවාද, මහානාම ශික්‍ෂාපදයෙන් කරවිය යුතුය. ගිතෙල් වෙඬරු තෙල් මී උක්හකුරු මාලු මස් කිරි දී යන නවප්‍රණීත භොජනයන් විනවනුයේ මේ ශික්‍ෂාපදයෙන් කරවිය යුත්තේය. මෙහෙණන්ට වනාහි මේ නවප්‍රණීත භොජනයෝ පාටිදෙසනීය වස්තූහු වෙත්. සූපොදන විඤ්ඤත්තියෙහි මහණ-මෙහෙණ දෙදෙනාහටම ශෛක්‍ෂ ප්‍රඥප්තියෙහි දුක්කටයම වේ. මෙහි සෙස්ස ප්‍රකටමය.

චතුසමුට‍්ඨානං – කායතො කායවාචතො කායචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණතිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

චතුස්සමුත්‍ථානිකය. කයින්ද කයවචනයෙන්ද කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය නොසංඥාවිමොක්‍ෂය, අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

පණීතභොජනසික‍්ඛාපදං නවමං.

නවවන පණීතභොජන ශික්‍ෂාපදයයි.