විකාලභොජනසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
විකාලභොජනසික්ඛාපදවණ්ණනා
විකාලභොජන ශික්ෂාපද වර්ණනාව
සත්තමසික්ඛාපදෙ – ගිරග්ගසමජ්ජොති ගිරිම්හි අග්ගසමජ්ජො, ගිරිස්ස වා අග්ගදෙසෙ සමජ්ජො. සො කිර සත්තමෙ දිවසෙ භවිස්සතීති නගරෙ ඝොසනා කරියති, නගරස්ස බහිද්ධා සමෙ භූමිභාගෙ පබ්බතච්ඡායාය මහාජනකායො සන්නිපතති, අනෙකප්පකාරානි නටනාටකානි පවත්තන්ති, තෙසං දස්සනත්ථං මඤ්චාතිමඤ්චෙ බන්ධන්ති. සත්තරසවග්ගියා අපඤ්ඤත්තෙ සික්ඛාපදෙ දහරාව උපසම්පන්නා, තෙ “නාටකානි ආවුසො පස්සිස්සාමා”ති තත්ථ අගමංසු. අථ නෙසං ඤාතකා “අම්හාකං අය්යා ආගතා”ති තුට්ඨචිත්තා න්හාපෙත්වා විලිම්පෙත්වා භොජෙත්වා අඤ්ඤම්පි පූවඛාදනීයාදිං හත්ථෙ අදංසු. තෙ සන්ධාය වුත්තං – “මනුස්සා සත්තරසවග්ගියෙ භික්ඛූ පස්සිත්වා”තිආදි.
සප්තම ශික්‍ෂාපදයෙහි “ගිරග්ගසමජ්ජො” පර්වතයෙහි කරන අග්රනෘත්යය නොහොත් පර්වතයාගේ මුදුනෙහි කරන නෘත්යයයි. ඒ නෘත්‍යය සත්වන දිනයෙහි පවත්වන්නේයයි නුවර ඝෝෂා කරනු ලැබේ. නුවර පිටත සමවූ බිම් පෙදෙසෙහි පවුසෙවෙනෙහි මහජනයා රැස් වෙති. එහි නන්වැදෑරුම් වූ සීතාහරණදි නාටක පවත්වත්. ඒ නෘත්‍ය දැකීම පිණිස මැසි පිට මැසි බඳිත්. සත්තරසවග්ගියා සත්තරසවග්ගිකයෝ. ඌනවීසති ශික්ෂාපදය පනවන්නට පෙර උපසපන් වූ තරුණයෝ. ‘ඇවැත්නි’ නෘත්‍යය බලන්නෙමු’යි ඒ සත්තරසවග්ගිකයෝ එහි ගියහ. ඉක්බිති ඔවුන්ගේ නෑයෝ ‘අපගේ ආර්‍ය්‍යයෝ ආහ’යි තුටුසිත් ඇතියෝ ඔවුන් නාවා විලවුන් ගල්වා වළඳවා අනිකුදු පූ කැවිලි ආදිය ‘වෙහෙරට ගොස් වළදනු මැනැවැ’යි ඔවුන් අතට දුන්හ. ‘මනුස්සා සත්තරසවග්ගියෙ භික්ඛු පස්සිත්වා’ යනාදිය ඔවුන් සඳහා කියනලදී.
විකාලෙති විගතෙ කාලෙ. කාලොති භික්ඛූනං භොජනකාලො අධිප්පෙතො, සො ච සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන මජ්ඣන්හිකො, තස්මිං වීතිවත්තෙති අධිප්පායො. තෙනෙවස්ස පදභාජනෙ “විකාලො නාම මජ්ඣන්හිකෙ වීතිවත්තෙ යාව අරුණුග්ගමනා”ති වුත්තං, ඨිතමජ්ඣන්හිකොපි කාලසඞ්ගහං ගච්ඡති. තතො පට්ඨාය පන ඛාදිතුං වා භුඤ්ජිතුං වා න සක්කා, සහසා පිවිතුං සක්කා භවෙය්ය, කුක්කුච්චකෙන පන න කත්තබ්බං. කාලපරිච්ඡෙදජානනත්ථඤ්ච කාලත්ථම්භො යොජෙතබ්බො, කාලන්තරෙව භත්තකිච්චං කාතබ්බං.
‘විකාලෙ’ කාලය පහව ගිය කල්හි. (කාලැයයි) භික්ෂූන්ගේ භොජනකාලය අදහස් කරන ලදී. ඒ කාලය ද සියලු අන්තිම පිරිසිඳීමෙන් මද්ධ්යාහ්න කාලය ගැණේ. ඒ කාලය ඉක්මගිය කල්හි යන අර්‍ත්‍ථයි. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “විකාලො නාම මජ්ඣන්තිකෙ වීතිවත්තෙ යාව අරුණුගම්මනා”යි වදාරන ලදී. සිටි මද්දහනද කාලසඞ්ග්රහයට යන්නේය. එතැන් පටන් කන්නට හෝ බුදින්නට හෝ නොහැකිය. වහාබොන්නට පමණක් හැකිය. (හැක්කේ වන්නේය. කුකුස් කරන්නහු විසින් නොකටයුතුය. කාලපරිච්ඡෙදය දැන ගනු පිණිස කල්ටැඹක් යෙදිය යුතුය. කාලන්තරයෙහි හෝ බත්කිස කටයුතුය.
අවසෙසං ඛාදනීයං නාමාති එත්ථ යං තාව සක්ඛලිමොදකාදිපුබ්බණ්ණාපරණ්ණමයං, තත්ථ වත්තබ්බමෙව නත්ථි. යම්පි වනමූලාදිප්පභෙදං ආමිසගතිකං හොති, සෙය්යථිදං – මූලඛාදනීයං කන්දඛාදනීයං මූළාලඛාදනීයං මත්ථකඛාදනීයං ඛන්ධඛාදනීයං තචඛාදනීයං පත්තඛාදනීයං පුප්ඵඛාදනීයං ඵලඛාදනීයං අට්ඨිඛාදනීයං පිට්ඨඛාදනීයං නිය්යාසඛාදනීයන්ති, ඉදම්පි ඛාදනීයසඞ්ඛ්යමෙව ගච්ඡති.
“අවසෙසං ඛාදනීයං නාම” මෙහි තල කැරලි අග්ගලා ආදීවූ පූර්වාන්ත අපරාන්තධාන්යයෙන් කළ යමක් වේද, එහි කියයුත්තෙක්ම නැත. වනමුලාදි ප්‍රභෙදගත ආමිස ගතිකවූ යමක් වේද, කවරේද, යත්, කෑයුතු රුක්ලියමුල්, කෑයුතු රුක්ලිය අල, කෑ යුතු පියුම් මුල් අල, කෑ යුතු තල් පොල් ආදීන්ගේ කරටි, උක් ඈදඬු, කෑයුතු රුක්ලිය පතුරු, කෑයුතුකොල කෑයුතු මල්, කෑයුතු ගෙඩි, කෑයුතු රුක්ලිය ඇට, කෑයුතු ධාන්යාදීන්ගේ පිටි, කෑයුතු රුක්ලිය මැලියම් යන මෙද ඛාදනීය සඞ්ග්රහයටම යන්නේය.
තත්ථ පන ආමිසගතිකසල්ලක්ඛණත්ථං ඉදං මුඛමත්තනිදස්සනං – මූලඛාදනීයෙ තාව මූලකමූලං ඛාරකමූලං චච්චුමූලං තම්බකමූලං තණ්ඩුලෙය්යකමූලං වත්ථුලෙය්යකමූලං වජකලිමූලං ජජ්ඣරීමූලන්ති එවමාදීනි සූපෙය්යපණ්ණමූලානි ආමිසගතිකානි. එත්ථ ච වජකලිමූලෙ ජරට්ඨං ඡින්දිත්වා ඡඩ්ඩෙන්ති, තං යාවජීවිකං හොති. අඤ්ඤම්පි එවරූපං එතෙනෙව නයෙන වෙදිතබ්බං. මූලකඛාරකජජ්ඣරීමූලානං පන ජරට්ඨානිපි ආමිසගතිකානෙවාති වුත්තං. යානි පන පාළියං –
එහි ආමිසගතිය සලකනු පිණිස මේ මුඛමාත්ර නිදර්ශනයයි. කෑයුතු මුල්හි මූලපලාමුල්, කරමුල්, කොලොම්වැන්න මුල්, තම්පලා මුල්, සුලුකැරමුල්, මහකැරමුල්, කිහිසුමුල්, ලිහිකොළමුල් යන මේ ආදීවූ සූපයට ගතයුතු කොළමුල් ආමිස ගතිකවේ. මෙහිද නිහිසුමුලෙහි දිරා මැලිවූවක් කපා හරිත්ද එය යාවජීවික වේ. අනික් මුල්ද මේ නයින්ම දතයුතුය. මුලපලා මුල් කරමුල් ලිහිකොළමුල් යන මුල්වල දිරා මැලිව ගිය තැන්ද ආමිස ගතිකමැයි කියන ලදී. පෙළෙහි -
“අනුජානාමි , භික්ඛවෙ, මූලානි භෙසජ්ජානි හලිද්දිං සිඞ්ගිවෙරං වචං වචත්තං අතිවිසං කටුකරොහිණිං උසීරං භද්දමුත්තකං, යානි වා පනඤ්ඤානිපි අත්ථි මූලානි භෙසජ්ජානි නෙව ඛාදනීයෙ ඛාදනීයත්ථං ඵරන්ති, න භොජනීයෙ භොජනීයත්ථං ඵරන්තී”ති (මහාව· 263) –
කහ ඉඟුරු වදකහ හෙළවදකහ අතිවිඩයන් කුළුරෑණ සුවඳහොට වම්මුතු යන යම් මුල් බෙහෙත් වේනම් එද, යම් අනික් මුල්බෙහෙතක් කෑයුතු දැයෙහිලා කෑමෙහි ප්‍රයොජනය නොසපයාද, බිදියයුතු දැයෙහිලා බිදීමෙහි ප්‍රයොජනය නොසපයාද, එද අනුදනිමියි,
වුත්තානි, තානි යාවජීවිකානි. තෙසං චූළපඤ්චමූලං මහාපඤ්චමූලන්තිආදිනා නයෙන ගණියමානානං ගණනාය අන්තො නත්ථි. ඛාදනීයත්ථං භොජනීයත්ථඤ්ච ඵරණාභාවොයෙව පන තෙසං ලක්ඛණං. තස්මා යංකිඤ්චි මූලං තෙසු තෙසු ජනපදෙසු පකතිආහාරවසෙන මනුස්සානං ඛාදනීයත්ථං භොජනීයත්ථඤ්ච ඵරති, තං යාවකාලිකං; ඉතරං යාවජීවිකන්ති වෙදිතබ්බං. තෙසු බහුං වත්වාපි හි ඉමස්මිංයෙව ලක්ඛණෙ ඨාතබ්බං. නාමසඤ්ඤාසු පන වුච්චමානාසු තං තං නාමං අජානන්තානං සම්මොහොයෙව හොති, තස්මා නාමසඤ්ඤාය ආදරං අකත්වා ලක්ඛණමෙව දස්සිතං.
වදාරන ලදද, ඒ බෙහෙත්ද, යාවජීවික වේ. ඔවුන් අතුරෙහි සුලුපස්මුල මහපස්මුල යනාදිනයින් ගණිනු ලබන්නවුන්ගේ ගිණීමෙහි කෙළවරක් නැත්තේය. කෑයුතු දැයෙහිලා බිදිය යුතු දැයෙහිලා නොසැපයෙනබවම ඔවුන්ගේ ලක්ෂණය වේ. එහෙයින් යම් කිසි මුලක් ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑයුතු දැයෙහිලා බුදිය යුතු දැයෙහිලා සැපයේද එය යාවකාලික වේ. හෙවත් අරුණ නැගීම පටන් මද්දහන දක්වා අනුභව කටයුත්තේ වේ. එසේ ආහාර පිණිස නොසැපයෙන අනික් මුල් යාවජීවිකැයි දතයුතුය. ඉතා බොහෝ කොට කියාද මේ ලක්ෂණයෙහිම සිටිය යුතුය. නම්සන් කියනු ලබන කල්හි ඒ ඒ නම් නොදන්නවුන්ට එහිලා, බලවත් මුළාබවෙක්ම වේ. එහෙයින් නම්සන්හි ආදරය නොකොට ලක්ෂණයම දක්වන ලද්දේය.
යථා ච මූලෙ; එවං කන්දාදීසුපි යං ලක්ඛණං දස්සිතං, තස්සෙව වසෙන විනිච්ඡයො වෙදිතබ්බො. යඤ්ච තං පාළියං හලිද්දාදි අට්ඨවිධං වුත්තං, තස්ස ඛන්ධතචපුප්ඵඵලම්පි සබ්බං යාවජීවිකන්ති වුත්තං.
මුලෙහි යම්සේද, එසේ අලදළු ආදියෙහිද යම් ලක්ෂණයක් දක්වන්නෙමු නම් ඔවුන්ගේම වසයෙන් විනිශ්චය දතයුතුය. පෙළෙහි කහ ආදීන්ගේ වසයෙන් අටවැදෑරුම් වූ ඒ යමක් වදාරන ලදද, එහි කඳන් පතුරුමල් ගෙඩිද යන සියල්ලද යාවජීවිකැයි වදාරන ලද්දේය.
කන්දඛාදනීයෙ දුවිධො කන්දො – දීඝො ච රස්සො ච භිසකිංසුකකන්දාදි වට්ටො උප්පලකසෙරුකකන්දාදි, යං “ගණ්ඨී”තිපි වදන්ති. තත්ථ සබ්බෙසං කන්දානං ජිණ්ණජරට්ඨානඤ්ච ඡල්ලි ච සුඛුමමූලානි ච යාවජීවිකානි. තරුණො පන සුඛඛාදනීයො, සාලකල්යාණීපොතකකන්දො කිංසුකපොතකකන්දො අම්බාටකකන්දො කෙතකකන්දො මාලුවකන්දො භිසසඞ්ඛාතො පදුමපුණ්ඩරීකකන්දො පිණ්ඩාලුමසාලුආදයො ච ඛීරවල්ලිකන්දො ආලුවකන්දො සිග්ගුකන්දො තාලකන්දො නීලුප්පලරත්තුප්පලකුමුදසොගන්ධිකානං කන්දා කදලිකන්දො වෙළුකන්දො කසෙරුකකන්දොති එවමාදයො තෙසු තෙසු ජනපදෙසු පකතිආහාරවසෙන මනුස්සානං ඛාදනීයත්ථඤ්ච භොජනීයත්ථඤ්ච ඵරණකකන්දා යාවකාලිකා.
කෑයුතු අලයෙහි දිග් අල, කොට අලැයි අල දෙවැදෑරුම් වේ. නෙළුම් කැල ආදී වූ අලද, උපුල් කෙකටිය ආදීවූ අලද යන යමක් ගටැයි කියත්ද, එහි සියලු අලවල දිරා මැලිවූ තැන්ද පතුරුද සියුම් මුල්ද යාවජීවික වෙත්. මේරූ සුවසේ අනුභව කට හැකිවූ සල්කලණ ලාඅල කැලලා අල අඹරැල්ල අල වැටකේ අල මාලුවා අල භිසැයි කියූ පියුම් හෙළපියුම් අල පිණ්ඩල වැල්ලල ආදීවූ වැල්අලද, කටුඅල මුරුංගා අල තල්අල නිලුපුල්, රතුපුල්, හෙළපුල්, හෙල්මැලි අල, කෙහෙල් අල, හුණ අල, කෙකටිය අල යන මේ ආදී වූ ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑයුතු දැයෙහිලා බුදියයුතු දැයෙහිලා නැපයෙන අල යාවකාලික වේ.
ඛීරවල්ලිකන්දො අධොතො යාවජීවිකො, ධොතො යාවකාලිකො. ඛීරකාකොලීජීවිකඋසභකලසුණාදිකන්දා පන යාවජීවිකා. තෙ පාළියං – “යානි වා පනඤ්ඤානිපි අත්ථි මූලානි භෙසජ්ජානී”ති එවං මූලභෙසජ්ජසඞ්ගහෙනෙව සඞ්ගහිතා.
නොසේදූ පිටි නොකළ කිරිවැල් අල යාවජීවික වේ. සෝදා පිටිකරන ලද්දේ යාවකාලික වේ. ඒ නොසේදූ පිටි නොකළ කිරිකවෙළු ජීවක උසභ සුදුලූනු ආදීන්හි අල යාවජීවික වේ. ඒ කිරිකවෙළු ආදීහු පෙළෙහි ‘යානි වා පනඤ්ඤානිපි අත්ථි මුලානි භෙසජ්ජානි’යි මෙසේ මූල භෛෂද්ය සඞ්ග්රහයෙන්ම සඞ්ග්‍රහ කරන ලදහ.
මූළාලඛාදනීයෙ පන පදුමමූළාලං පුණ්ඩරීකමුළාලසදිසමෙව. එරකමූලං කන්දුලමූලන්ති එවමාදි තෙසු තෙසු ජනපදෙසු පකතිආහාරවසෙන මනුස්සානං ඛාදනීයත්ථඤ්ච භොජනීයත්ථඤ්ච ඵරණකමුළාලං යාවකාලිකං. හලිද්දිසිඞ්ගිවෙරමකචිචතුරස්සවල්ලිකෙතකතාලහින්තාලකුන්තාලනාළිකෙරපූගරුක්ඛාදිමුළාලං පන යාවජීවිකං, තං සබ්බම්පි පාළියං – “යානි වා පනඤ්ඤානිපි අත්ථි මූලානි භෙසජ්ජානී”ති (මහාව· 263) එවං මූලභෙසජ්ජසඞ්ගහෙනෙව සඞ්ගහිතං.
කෑයුතු දලුවෙහි පියුම්දලු, හෙළ පියුම්දලුම වැනි වේ. එරුමුල් සුලුකුරමුල් යන මේ ආදී වූ ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑ යුතු දැයෙහිලා බිදියයුතු දැයෙහි ලා සැපයෙන දලු යාවකාලික වේ. කහ ඉඟුරු මකචිනියද සීරැස් වැල් වැටකේ තල් කිතුල් කටු කිතුල් පොල් පුවක් රුක් ආදීන්ගේ දලු යාවජීවික වේ. සියල්ලද පෙළෙහි ‘යානි වා පනඤ්ඤානි අත්ථි මූලානි භෙසජ්ජානි’යි මෙසේ මූලභෛෂද්ය වශයෙන්ම සඞ්ග්‍රහ කරන ලද්දේය.
මත්ථකඛාදනීයෙ තාලහින්තාලකුන්තාලකෙතකනාළිකෙරපූගරුක්ඛඛජ්ජූරීවෙත්තඑරකකදලීනං කළීරසඞ්ඛාතා මත්ථකා වෙණුකළීරො නළකළීරො උච්ඡුකළීරො මූලකකළීරො සාසපකළීරො සතාවරිකළීරො සත්තන්නං ධඤ්ඤානං කළීරාති එවමාදි තෙසු තෙසු ජනපදෙසු පකතිආහාරවසෙන මනුස්සානං ඛාදනීයත්ථං භොජනීයත්ථඤ්ච ඵරණකො රුක්ඛවල්ලිආදීනං මත්ථකො යාවකාලිකො. හලිද්දිසිඞ්ගිවෙරවචමකචිලසුණානංකළීරා තාලහින්තාලකුන්තාලනාළිකෙරකළීරානඤ්ච ඡින්දිත්වා පාතිතො ජරට්ඨබුන්දො යාවජීවිකො.
කෑයුතු කිළිලෙහි තල් කිතුල් කටු කිතුල් වැටකේ පොල් පුවක් ඉඳිවේ එරු කෙසෙල් යන මොවුන්ගේ කිළිලැයි ගැණෙන ගොබඩ හුණ කිළිල බටකිළිල උක්කිළිල මූලපලාකිළිල අබකිළිල සාතාවාරි කිළිල හා සප්තවිධධාන්යයන්ගේ කිළිල් යන මේ ආදීවූ කිළිල් හා ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑයුතුදැයෙහි ලා බිදිය යුතු දැයෙහි ලා නිපැයෙන රුක්වැල් ආදීන් මුදුන් යාවකාලික වේ. කහ ඉඟුරු වදම කචි සුදුලූනු කිළිල් හා තල් කිතුල් කටුකිතුල් පොල් කිළිල්වල සිඳ දැමු දිරා ගිය මුල් යාවජීවික වේ.
ඛන්ධඛාදනීයෙ අන්තොපථවීගතො සාලකල්යාණීඛන්ධො උච්ඡුඛන්ධො නීලුප්පලරත්තුප්පලකුමුදසොගන්ධිකානං ඛන්ධකාති එවමාදි තෙසු තෙසු ජනපදෙසු පකතිආහාරවසෙන මනුස්සානං ඛාදනීයත්ථං භොජනීයත්ථඤ්ච ඵරණකො ඛන්ධො යාවකාලිකො. උප්පලජාතීනං පණ්ණදණ්ඩකො පදුමජාතීනං සබ්බොපි දණ්ඩකො කාරවින්දකදණ්ඩාදයො ච අවසෙසසබ්බඛන්ධා යාවජීවිකා.
කෑ යුතු කඳෙහි පොළොව තුළට වැදුනු සිල්කලණ කඳ උක්තද නිලුපුල් රතුපුල් හෙළ පියුම් හෙල්මැලි යන මොවුන් දඬු යන මේ ආදිය ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑ යුතු දැයෙහිලා බිදිය යුතු දැයෙහිලා නිපැයෙන කඳ යාවකාලික වේ. උත්පල ජාතීන්ගේ පත්දඬු ද පද්මජාතීන්ගේ සියලු දඬු ද කරඹ කඳන් ආදීහුද සෙසු සියලු කඳන් ද යාවජීවික වෙත්.
තචඛාදනීයෙ උච්ඡුතචොව එකො යාවකාලිකො, සොපි සරසො. සෙසො සබ්බො යාවජීවිකො. තෙසං පන මත්ථකඛන්ධතචානං තිණ්ණං පාළියං කසාවභෙසජ්ජෙන සඞ්ගහො වෙදිතබ්බො. වුත්තඤ්හෙතං –
කෑ යුතු පතුරෙහි එක්ම එක් පතුර රස සහිත වූයේ යාවකාලික වේ. සෙසු සියලු පතුරු යාවජීවික වේ. පෙළෙහි වනාහි ඒ තෙවැදෑරුම් කිළිල් කඳන් පතුරු කසට බෙහෙතින් සඞ්ග්‍රහ කරන ලදැයි දතයුතුය.
“අනුජානාමි, භික්ඛවෙ, කසාවානි භෙසජ්ජානි නිම්බකසාවං, කුටජකසාවං, පටොලකසාවං, ඵග්ගවකසාවං නත්තමාලකසාවං, යානි වා පනඤ්ඤානිපි අත්ථි කසාවානි භෙසජ්ජානි නෙව ඛාදනීයෙ ඛාදනීයත්ථං ඵරන්ති, න භොජනීයෙ භොජනීයත්ථං ඵරන්තී”ති (මහාව· 263).
‘මහණෙනි’ කොහොඹ ගසට කෙළිඳකසට හඟුලු කසට කරඳකසට යන කසට බෙහෙත්ද යම් අනික් කසට බෙහෙත් ගෑයුතු දැයෙහිලා කෑමෙහි ප්‍රයෝජනය නොසපයාද අනුභව කටයුතු දැයෙහිලා අනුභව කිරීමෙහි ප්‍රයෝජනය නොසපයාද එබඳු බෙහෙත් අනුදනිමි’යි මෙය වදාරන ලද්දේය.
එත්ථ හි එතෙසම්පි සඞ්ගහො සිජ්ඣති. වුත්තකසාවානි ච සබ්බානි කප්පියානීති වෙදිතබ්බානි.
මෙහි මොවුන්ගේ එක්කිරීම සිදුවේ. කියන ලද මුල් පතුරු කොළ වසයෙන් පැවැති සියලු කසටයෝ කැපයයි දතයුත්තාහ.
පත්තඛාදනීයෙ මූලකං ඛාරකො චච්චු තම්බකො තණ්ඩුලෙය්යකො පපුන්නාගො වත්ථුලෙය්යකො වජකලි ජජ්ඣරී සෙල්ලු සිග්ගු කාසමද්දකො උම්මා චීනමුග්ගො මාසො රාජමාසො ඨපෙත්වා මහානිප්ඵාවං අවසෙසනිප්ඵාවො අග්ගිමන්ථො සුනිසන්නකො සෙතවරණො නාළිකා භූමියං ජාතලොණීති එතෙසං පත්තානි අඤ්ඤානි ච එවරූපානි තෙසු තෙසු ජනපදෙසු පකතිආහාරවසෙන මනුස්සානං ඛාදනීයත්ථං භොජනීයත්ථඤ්ච ඵරණකානි පත්තානි එකංසෙන යාවකාලිකානි. යා පනඤ්ඤා මහානඛපිට්ඨිමත්තා පණ්ණලොණි රුක්ඛෙ ච ගච්ඡෙ ච ආරොහති, තස්සා පත්තං යාවජීවිකං. බ්රහ්මීපත්තඤ්ච යාවකාලිකන්ති දීපවාසිනො වදන්ති. අම්බපල්ලවං යාවකාලිකං, අසොකපල්ලවං පන යාවජීවිකං.
කෑයුතු පත්හි මූලපලා කර කොළොම්වැන්න නම් පලා සුලුකැර පැවරුන මහකුර නිහිසුද ලිහිකොළ ලොහොළු මුරුංගා රුවර දියබෙරලිය සිහින්මුගු, මෑ, රජමෑ, මහානීප හැර සෙසු නීප සිහින් මිදි, කිඹුවැන්න, සුදුවරණ නැලිපලා, බිම හටගත් හුළුවිල්ල පලා යන මොවුන්ගේ පත්‍රද මෙබඳු වූ අන්‍යවූද ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑයුතු දැයෙහිලා බිදියයුතු දැයෙහිලා නිපැයෙන පත්‍රද එකාන්තයෙන් යාවකාලික වෙත්. අන්‍ය වූ නියපිටු පමණ වූ කොළ ඇති යම් ලෝණිය පලාවක් රුකෙහි හා ගසෙහි හටගනීද, ඒ ලෝණිය කොළ යාවජීවික වේ. බිමිතිරිය කොළ ද යාවකාලිකයයි දිවයින වැස්සෝ කියත්. අඹදළු යාවකාලික වේ. හෝපලු දලු යාවජීවික වේ.
යානි වා පනඤ්ඤානි පාළියං –
පෙළෙහි වදාරන ලද්දේය-
“අනුජානාමි, භික්ඛවෙ, පණ්ණානි භෙසජ්ජානි නිම්බපණ්ණං කුටජපණ්ණං පටොලපණ්ණං සුලසිපණ්ණං කප්පාසකපණ්ණං යානි වා පනඤ්ඤානිපි අත්ථි පණ්ණානි භෙසජ්ජානි නෙව ඛාදනීයෙ ඛාදනීයත්ථං ඵරන්ති න භොජනීයෙ භොජනීයත්ථං ඵරන්තී”ති (මහාව· 263) –
‘මහණෙනි’ යම් අන්‍ය වූ බෙහෙත් පත්, කොහොඹ කොළ, කෙළිඳ කොළ, දුම්මැල්ල කොළ බෙහෙත් ගෑයුතු දැයෙහිලා කෑමෙහි ප්‍රයෝජනය නොසපයාද, අනුභව කටයුතු දැයෙහිලා අනුභව කිරීමෙහි ප්‍රයොජනය නොසපයාද එබඳු බෙහෙත් කොළ අනුදනිමි’යි.
වුත්තානි, තානි යාවජීවිකානි. න කෙවලඤ්ච පණ්ණානියෙව තෙසං පුප්ඵඵලාදීනිපි යාවජීවිකානි. පණ්ණානං ඵග්ගවපණ්ණං අජ්ජුකපණ්ණං ඵණිජ්ජකපණ්ණං පටොලපණ්ණං තම්බූලපණ්ණං පදුමිනිපණ්ණන්ති එවං ගණනවසෙන අන්තො නත්ථි.
ඒ බෙහෙත් කොළ යාවජීවික වේ. හුදෙක් කොළ පමණක්ම යාවජීවික නොවේ. ඔවුන්ගේ මල් ගෙඩි ආදීහු ද යාවජීවික වෙත්. යාවජීවික පර්ණයන්ගේ හඟුලු කොළ කුඹුක් කොළ මුරුවා කොළ දුම්මැල්ල කොළ බුලත් කොළ පියුම් කොළ’යි මෙසේ ගණන් වසයෙන් කෙළවරක් නැත්තේය.
පුප්ඵඛාදනීයෙ මූලකපුප්ඵං ඛාරකපුප්ඵං චච්චුපුප්ඵං තම්බකපුප්ඵං වජකලිපුප්ඵං ජජ්ඣරීපුප්ඵං චූළනිප්ඵාවපුප්ඵං මහානිප්ඵාවපුප්ඵං කසෙරුකපුප්ඵං නාළිකෙරතාලකෙතකානං තරුණපුප්ඵානි සෙතවරණපුප්ඵං සිග්ගුපුප්ඵං උප්පලපදුමජාතිකානං පුප්ඵානි කණ්ණිකමත්තං අගන්ධිකපුප්ඵං කළීරපුප්ඵං ජීවන්තීපුප්ඵන්ති එවමාදි තෙසු තෙසු ජනපදෙසු පකතිආහාරවසෙන මනුස්සානං ඛාදනීයත්ථං භොජනීයත්ථඤ්ච ඵරණකපුප්ඵං යාවකාලිකං. අසොකබකුලකුය්යකපුන්නාගචම්පකජාතිකණවීරකණිකාරකුන්දනවමාලිකමල්ලිකාදීනං පන පුප්ඵං යාවජීවිකං තස්ස ගණනාය අන්තො නත්ථි. පාළියං පනස්ස කසාවභෙසජ්ජෙනෙව සඞ්ගහො වෙදිතබ්බො.
කෑයුතු මලෙහි මූලපලාමල් කරමල් කොළොම්මල් වැන්න මල් තම්පලාමල් නිහිසුමල් ලිහිකොළමල් සුලුනීපමල් මහානීපමල් කෙකටියමල් පොල්, තල් වැටකේ යන මොවුන්ගේ ලාමල් සුදුවරණමල්, මුරුංගාමල්, උපුල් පියුම් ජාතික මල්හි මල් කෙමිය පමණක් අගත්ථිමල් කියන්ගස්මල් හෙළලූනුමල් යන මේ ආදීවූ ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑයුතු දැයෙහිලා ද බිදිය යුතු දැයෙහිලාද නිපැදෙන මල් යාවකාලික වේ. හෝපලු මූනමල් කුය්යක දොඹ සපු දෑසමන් කනෙරු කිණිහිරි කොඳ සන්පෙති දෑසමන් බෝලිද්ද යන මේ ආදීන්ගේ මල් යාවජීවික වේ. ඒ මල් පිළිබඳ ගිණීමෙහි කෙළවරක් නැත්තේය. පෙළෙහි කසට බෙහෙත් හාම එක් කිරීම දතයුතුය.
ඵලඛාදනීයෙ පනසලබුජතාලනාළිකෙරඅම්බජම්බූඅම්බාටකතින්තිණිකමාතුලුඞ්ගකපිත්ථලාබුකුම්භණ්ඩපුස්සඵලතිම්බරූසකතිපුසවාතිඞ්ගණචොචමොචමධුකාදීනං ඵලානි යානි ලොකෙ තෙසු තෙසු ජනපදෙසු පකතිආහාරවසෙන මනුස්සානං ඛාදනීයත්ථං භොජනීයත්ථඤ්ච ඵරන්ති, සබ්බානි තානි යාවකාලිකානි. නාමගණනවසෙන නෙසං න සක්කා පරියන්තං දස්සෙතුං. යානි පන පාළියං –
කෑයුතු ඵලයෙහි කොස් දෙල් තල් පොල් අඹ දඹ අඹෙල්ල සිනිඹලා ලප්නාරන් ගිවුළු ලබු කොමඩු පුහුල් තිඹිරි තියඹරා වම්බටු, ඇටකෙහෙල් මස්කෙහෙල් මී යන මොවුන්ගේ යම් ඵලයෝ ලොකයෙහි ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑයුතු දැයෙහිලා බිදිය යුතු දැයෙහිලා නිපැයෙත්ද, ඒ සියල්ලෝ යාවකාලික වෙත්, නම් ගණන් වසයෙන් ඔවුන්ගේ කෙළවරක් දක්වන්නට නොහැකිය. පෙළෙහි -
“අනුජානාමි, භික්ඛවෙ, ඵලානි භෙසජ්ජානි – බිලඞ්ගං, පිප්ඵලිං, මරිචං, හරීතකං, විභීතකං, ආමලකං, ගොට්ඨඵලං, යානි වා පනඤ්ඤානිපි අත්ථි ඵලානි භෙසජ්ජානි නෙව ඛාදනීයෙ ඛාදනීයත්ථං ඵරන්ති න භොජනීයෙ භොජනීයත්ථං ඵරන්තී”ති (මහාව· 263) –
මහණෙනි, වළඟසහල්, තිප්පිලි, ගම්මිරිස්, අරළු, බුළු, නෙල්ලි, කුකුරුමුවන් යන බලබෙහෙත් ද යම් අනික් පලබෙහෙත් කෑයුතු දැයෙහි ලා කෑමෙහි ප්‍රයොජනය නොසපයා ද, බිදිය යුතු දැයෙහි ලා බිදීමෙහි ප්‍රයෝජනය නොසපයාද එබඳු පලබෙහෙත්ද අනුදනිමි’යි වදාරන ලදද,
වුත්තානි, තානි යාවජීවිකානි. තෙසම්පි අපරිපක්කානි අච්ඡිව බිම්බවරණකෙතකකාස්මරීආදීනං ඵලානි ජාතිඵලං කටුකඵලං එළා තක්කොලන්ති එවං නාමවසෙන න සක්කා පරියන්තං දස්සෙතුං.
ඒ බෙහෙත් පල යාවජීවික වේ. ඔවුන්ගේද නොපැසුන දලුද කෝවක්කා ලුණුවරණ වැටකේ ඇත්දෙමට ආදීන්ගේ ඵලද යාවජීවික වෙත් සාදික්කා කුළුපල එන්සාල් තකුල් යි මෙසේ නම් වසයෙන් කෙළවරක් දක්වන්නට නොහැක්කේය.
අට්ඨිඛාදනීයෙ ලබුජට්ඨි පනසට්ඨි අම්බාටකට්ඨි සාලට්ඨි ඛජ්ජූරීකෙතකතිම්බරූසකානං තරුණඵලට්ඨි තින්තිණිකට්ඨි බිම්බඵලට්ඨි උප්පල පදුමජාතීනං පොක්ඛරට්ඨීති එවමාදීනි තෙසු තෙසු ජනපදෙසු මනුස්සානං පකතිආහාරවසෙන ඛාදනීයත්ථං භොජනීයත්ථඤ්ච ඵරණකානි අට්ඨීනි යාවකාලිකානි. මධුකට්ඨි පුන්නාගට්ඨි හරීතකාදීනං අට්ඨීනි සිද්ධත්ථකට්ඨි රාජිකට්ඨීති එවමාදීනි අට්ඨීනි යාවජීවිකානි. තෙසං පාළියං ඵලභෙසජ්ජෙනෙව සඞ්ගහො වෙදිතබ්බො.
කෑයුතු ඇට අතුරෙහි දෙල්ඇට, කොස්ඇට, ඇඹෙල්ල ඇට සල් ඇට ඉඳි වැටකේ තිඹිරි යන මොවුන්ගේ මේරු ගස්වල ඇට සිනිඹලා ඇට කෝවක්කා ඇට උපුල් පියුම් ජාතීන්ගේ පොකුරු ඇට යන මේ ආදී වූ ඒ ඒ ජනපදයන්හි ප්‍රකෘති ආහාර වශයෙන් මිනිසුන්ගේ කෑයුතු දැයෙහිලා ද පිදිය යුතු දැයෙහිලාද නිපැදෙන ඇට යාවකාලික වේ. මී ඇට දොඹ ඇට අරළු ආදීන්ගේ ඇට අබ ඇට ලෝලු ඇට යන මේ ආදීවූ ඇට යාවජීවික වේ. ඔවුන්ගේ සඞ්ග්‍රහය පෙළෙහි පලබෙහෙතින්ම කරන ලදැයි දතයුතුය.
පිට්ඨඛාදනීයෙ සත්තන්නං තාව ධඤ්ඤානං ධඤ්ඤානුලොමානං අපරණ්ණානඤ්ච පිට්ඨං පනසපිට්ඨං ලබුජපිට්ඨං අම්බාටකපිට්ඨං සාලපිට්ඨං ධොතකතාලපිට්ඨඤ්ච ඛීරවල්ලිපිට්ඨඤ්චාති එවමාදීනි තෙසු තෙසු ජනපදෙසු පකතිආහාරවසෙන මනුස්සානං ඛාදනීයත්ථං භොජනීයත්ථඤ්ච ඵරණකානි පිට්ඨානි යාවකාලිකානි. අධොතකං තාලපිට්ඨං ඛීරවල්ලිපිට්ඨං අස්සගන්ධාදිපිට්ඨානි ච යාවජීවිකානි. තෙසං පාළියං කසාවෙහි ච මූලඵලෙහි ච සඞ්ඝහො වෙදිතබ්බො.
[missing trans]
නිය්යාසඛාදනීයෙ එකො උච්ඡුනිය්යාසොව සත්තාහකාලිකො. සෙසා “අනුජානාමි, භික්ඛවෙ, ජතූනි භෙසජ්ජානි – හිඞ්ගුං හිඞ්ගුජතුං හිඞ්ගුසිපාටිකං තකං තකපත්තිං තකපණ්ණිං සජ්ජුලසං යානි වා පනඤ්ඤානිපි අත්ථි ජතූනි භෙසජ්ජානී”ති (මහාව· 263) එවං පාළියං වුත්තනිය්යාසා යාවජීවිකා. තත්ථ යෙවාපනකවසෙන සඞ්ගහිතානං අම්බනිය්යාසො කණිකාරනිය්යාසොති එවං නාමවසෙන න සක්කා පරියන්තං දස්සෙතුං. එවං ඉමෙසු මූලඛාදනීයාදීසු යංකිඤ්චි යාවකාලිකං, සබ්බම්පි ඉමස්මිං අත්ථෙ “අවසෙසං ඛාදනීයං නාමා”ති සඞ්ගහිතං .
කෑයුතු මැලියම් අතුරෙහි එක්ම උක් ලහටුවම සත්තාහකාලික වේ. සෙසු ලහටු ‘මහණෙනි’ පෙරුම්කායම් හිඞ්ගුදඬු තම්බාගත් මැලියම් හිඞ්ගුකොළ තම්බාගත් මැලියම් රුක්කරටියෙන් වෑහෙන මැලියම් රුක්කොළවලින් වෑහෙන මැලියම් රුක්හි මේරූ කොළ තම්බාගත් මැලියම් දුම්මල යන මැලියම් බෙහෙත්ද යම් අනිකුදු මැලියම් බෙහෙත්ද අනුදනිමියි මෙසේ පෙළෙහි වදාළ මැලියම් යාවජීවික වේ. එහි යෙවාපනක වසයෙන් ගන්නා ලද්දවුන්ගේ අඹමැලියම් කිණිහිරි මැලියම්’යි මෙසේ නම් වසයෙන් කෙළවරක් දක්වන්නට නොහැක්කේය. මෙසේ මේ මූලඛාදනියාදීන් අතුරෙහි යම් කිසිවක් යාවකාලික වේද, ඒ සියල්ලම මේ අර්‍ත්‍ථයෙහි “අවසෙසං ඛාදනීයං නාමා”යි සඞ්ග්‍රහ කරන ලදී.
භොජනීයං නාම පඤ්ච භොජනානීතිආදිම්හි යං වත්තබ්බං තං වුත්තමෙව. ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති, පටිග්ගණ්හාතීති යො භික්ඛු විකාලෙ එතං ඛාදනීයං භොජනීයඤ්ච පටිග්ගණ්හාති, තස්ස පටිග්ගහණෙ තාව ආපත්ති දුක්කටස්ස. සෙසමෙත්ථ උත්තානමෙව.
“භොජනයං නාම පඤ්ච භොජනාති” යනාදියෙහි යමක් කියයුත්තේ නම් ඒ කියයුත්ත කියන ලද්දේමය. “ඛාදිස්සාමි, භුඤ්ජිස්සාමිති පතිගණ්හාති” යම් මහණෙක් තෙමේ මේ කෑයුතු දැයත් බිදියයුතු දැයත් පිළිගණීද, ඔහුට පිළිගැනීම නිමිති කොට දුක්කටය වේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
එළකලොමසමුට්ඨානං – කායතො ච කායචිත්තතො ච සමුට්ඨාති, කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
එළකලොම සමුත්‍ථානිකය. කයින්ද, කායචිත්තයෙන්ද, උපදී. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි ත්‍රිවෙදනයි.
විකාලභොජනසික්ඛාපදං සත්තමං.
සත්වන විකාල භොජන ශික්‍ෂාපදයයි