දුතියපවාරණසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
දුතියපවාරණසික්ඛාපදවණ්ණනා
දුතියපවාරණ ශික්ෂාපද වර්ණනාව
ඡට්ඨසික්ඛාපදෙ – අනාචාරං ආචරතීති පණ්ණත්තිවීතික්කමං කරොති. උපනන්ධීති උපනාහං ජනෙන්තො තස්මිං පුග්ගලෙ අත්තනො කොධං බන්ධි; පුනප්පුනං ආඝාතං ජනෙසීති අත්ථො. උපනද්ධො භික්ඛූති සො ජනිතඋපනාහො භික්ඛු.
ෂෂ්ඨම ශික්‍ෂාපදයෙහි “අනාචාරං ආචරන්ති” ප්රඥප්තිව්යතික්රමය කරයි. “උපනන්ධීති” බද්ධවෛරය උපදවමින් ඒ පුද්ගලයා කෙරෙහි තමාගේ ක්‍රොධය බැන්දේය. නැවැත නැවැත ක්‍රොධය ඉපද වූයේය යන අර්‍ත්‍ථයි. “උපනද්ධො භික්ඛු” උපදවනලද බද්ධ වෛරය ඇති මහණ තෙමේ.
අභිහට්ඨුං පවාරෙය්යාති අභිහරිත්වා “හන්ද භික්ඛු ඛාද වා භුඤ්ජ වා”ති එවං පවාරෙය්ය. පදභාජනෙ පන “හන්ද භික්ඛූ”තිආදිං අනුද්ධරිත්වා සාධාරණමෙව අභිහට්ඨුං පවාරණාය අත්ථං දස්සෙතුං “යාවතකං ඉච්ඡසි තාවතකං ගණ්හාහී”ති වුත්තං. ජානන්ති පවාරිතභාවං ජානන්තො. තං පනස්ස ජානනං යස්මා තීහාකාරෙහි හොති, තස්මා “ජානාති නාම සාමං වා ජානාතී”තිආදිනා නයෙන පදභාජනං වුත්තං. ආසාදනාපෙක්ඛොති ආසාදනං චොදනං මඞ්කුකරණභාවං අපෙක්ඛමානො.
“අභිහට්ඨුං පවාරෙය්ය” එළවා. ‘මහණ’ එබැවින් කවයි, හෝ අනුභව කරව’යි හෝ මෙසේ පවරන්නේය. පදභාජනයෙහි වනාහි ‘හන්ද භික්ඛු’ යනාදිය සාධාරණවම එළවීමට කළ පවාරණයෙහි අර්ත්ථ දක්වනු පිණිස “යාවතකං ඉච්ඡසි තාවතකං ගණ්හාහි”යි කියන ලදී. “ජාතං” පැවරුබව දන්නේ. යම්හෙයකින් මොහුගේ ඒ දැනීම තුන් අයුරකින් වේද එහෙයින් “ජානාති නාම සාමං වා ජානාති” යනාදි නයින් පදභාජනයෙහි වදාරන ලදී. “ආසාදනාපෙක්ඛා” ආසාදනය, චොදනා කිරීම, තෙද රහිතකරනබව අපෙක්ෂා කරනුයේ.
පටිග්ගණ්හාති ආපත්ති දුක්කටස්සාති යස්ස අභිහටං තස්මිං පටිග්ගණ්හන්තෙ අභිහාරකස්ස භික්ඛුනො දුක්කටං. ඉතරස්ස පන සබ්බො ආපත්තිභෙදො පඨමසික්ඛාපදෙ වුත්තො, ඉමස්මිං පන සික්ඛාපදෙ සබ්බා ආපත්තියො අභිහාරකස්සෙව වෙදිතබ්බා. සෙසං පඨමසික්ඛාපදෙ වුත්තනයත්තා පාකටමෙව.
“පතිගණාති ආපත්ති දුක්කටස්ස” යමක්හට එළවූයේද ඔහු පිළිගන්නා කල්හි එළවූ මහණහුට දුක්කටය වේ. අනිකාට වනාහි සියලු ආපත්තිභෙදය ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියන ලද්දේය. මේ ශික්‍ෂාපදයෙහි වනාහි සියලු ආපත්තීහු එළවූවහුටම දතයුතුය. සෙස්ස ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියූනය ඇති බැවින් ප්‍රකටමය.
තිසමුට්ඨානං – කායචිත්තතො වාචාචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුසල චිත්තයි. දුක්ඛවෙදනයි.
දුතියපවාරණසික්ඛාපදං ඡට්ඨං.
සවන දුතිය පවාරණ ශික්‍ෂාපදයයි