දුතියපවාරණ සික්ඛාපදං
6. 4. 6.
6. 4. 6.
දුතියපවාරණ සික්ඛාපදං
දුතියපවාරණ ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ කොසලෙසු ජනපදෙ සාවත්ථිං අද්ධානමග්ගප්පටිපන්නා හොන්ති. එකො භික්ඛු අනාචාරං ආචරති. දුතියො භික්ඛු තං භික්ඛුං එතදවොච: “මා ආවුසො එවරූපං අකාසි. නෙතං කප්පතී”ති. සො තස්මිං උපනන්ධි. අථ ඛො තෙ භික්ඛූ සාවත්ථිං අගමංසු. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරස්ස පූගස්ස සංඝභත්තං හොති. දුතියො භික්ඛු භුත්තාවී පවාරිතො හොති. උපනද්ධො භික්ඛු ඤාතිකුලං ගන්ත්වා පිණ්ඩපාතං ආදාය යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච “භුඤ්ජාහි ආවුසො”ති. අලං ආවුසො පරිපුණ්ණොම්හීති. සුන්දරො ආවුසො පිණ්ඩපාතො භුඤ්ජාහීති. අථ ඛො සො භික්ඛු තෙන භික්ඛුනා නිප්පීළියමානො තං පිණ්ඩපාතං භුඤ්ජි. උපනද්ධො භික්ඛු තං භික්ඛුං එතදවොච: “ත්වං හි නාම ආවුසො මං වත්තබ්බං මඤ්ඤසි. යං ත්වං භුත්තාවී පවාරිතො අනතිරිත්තං භොජනං භුඤ්ජසී”ති. නනු ආවුසො ආචික්ඛිතබ්බන්ති. නනු ආවුසො පුච්ඡිතබ්බන්ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි දෙ මහණ කෙනෙක් කොසොල් දනව්වෙහි සිටැ සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. එක් මහණෙක් පනත් විකුම් කෙරෙයි. දෙවන මහණ තෙමේ එමහණට ඇවැත, මෙබන්දක් නහමක් කරව, ‘මෙය නො කැප’ යැයි මෙ බස කී යැ. හේ ඔහු කෙරෙහි වෙර බැන්දේ යි. එකල්හි ඒ භික්ෂූහු සැවැතට ගියහ. එසමයෙහි සැවැතෙහි එක්තරා මුළුවෙක්හි සඟබතෙක් වෙයි. දෙවන මහණ වළඳා නිමියේ පවාරිත වෙයි. වෙර බැඳි මහණ නෑකුලයට ගොස් පිණ්ඩපාතය ගෙනවුත් එමහණ වෙතැ එළැඹියේ යැ. එළැඹැ එමහණහට මෙය කී යැ; ඇවැත, වළඳන්නැයි. පමණි ඇවැත, පිරිපුන් වෙමි. ඇවැත, පිණ්ඩපාතය යහපත් යැ, වළඳන්නැයි. එකල්හි ඒ මහණ තෙමේ එමහණහු විසින් පෙළනු ලබන්නේ ඒ පිණ්ඩපාතය වැළඳී යැ, වෙර බැඳි මහණ තෙමේ එ මහණහට මෙය කී යැ: ඇවැත, යම් හෙයෙකින් තෙපි වළඳා නිමියහු කළ පැවැරුණු ඇතියහු අයිරිත් නො කළ බොජුන් වළඳවු නම් (එබඳු) තෙපි මා කියයුතු කොට හඟනහු දැයි. ඇවැත, කිය යුතු නො වේ ද? ඇවැත, පිළිවිසිය යුතු නො වේ දැයි.
2. අථ ඛො සො භික්ඛු භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛු භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන භොජනෙන අභිහට්ඨුං පවාරෙස්සතී” ති -පෙ- සච්චං කිර ත්වං භික්ඛු භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන භොජනෙන අභිහට්ඨුං පවාරෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන භොජනෙන අභිහට්ඨුං පවාරෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
2. එකල්හි ඒ මහණ තෙම භික්ෂූන්හට මෙකරුණ සැල කෙළේ යැ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මහණෙක් වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරී දැ යි ... සැබෑද මහණ, තෙපි වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරුවහු ද? සැබැව, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි වළඳා නිම කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ බොජුනෙන් පැවැරුහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි! මේ සිකපදය මෙසේ උදෙසවු.
“යො පන භික්ඛු භික්ඛුං භුත්තාවිං පවාරිතං අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙය්ය හන්ද භික්ඛු ඛාද වා භුඤ්ජ වා ති ජානං ආසාදනාපෙක්ඛො භුත්තස්මිං පාචිත්තියන්ති.
යම් මහණෙක් වළඳා නිමි කළ පැවැරුණු ඇති මහණක්හු වෙතැ එළවා අයිරිත් නො කළ කෑයුතු දැයෙකින් හෝ බුදිය යුතු දැයෙකින් හෝ හිඳ මහණ කන්නේයැ හෝ බුදින්නේයැ හෝ යි ගටනු කැමැත්තේ දැනැ දැනැ පවරන්නේ නම් වැළඳුව පචිති වේ යැයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන; යමෙක් යම් බඳුයෙක් ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛුන්ති: අඤ්ඤං භික්ඛුං.
භික්ඛුං: අන් මහණක්හු;
භුත්තාවී නාම: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරං භොජනං අන්තමසො කුසග්ගෙනපි භුත්තං හොති.
භුත්තාවි නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙක් යටත් පිරිසෙයින් කුසතණ අගිනුදු අනුභව කෙළේ වෙයි.
පවාරිතො නාම: අසනං පඤ්ඤායති භොජනං පඤ්ඤායති හත්ථපාසෙ ඨිතො අභිහරති පටික්ඛෙපො පඤ්ඤායති.
පවාරිත නම්: නො නිමි කෑම පැනෙයි. (පවරනුවට පොහෝනා) බොජුන පැනෙයි. අත්පස සිටියේ වෙයි, එළවයි, ප්රතික්ෂේපය පැනෙයි.
අනතිරිත්තං නාම: අකප්පියකතං හොති අපටිග්ගහිතකතං හොති අනුච්චාරිතකතං හොති අහත්ථපාසෙ කතං හොති අභුත්තාවිනා කතං හොති භුත්තාවිනා පවාරිතෙන ආසනා වුට්ඨිතෙන කතං හොති අලමෙතං සබ්බන්ති අවුත්තං හොති න ගිලානාතිරිත්තං හොති එතං අනතිරිත්තං නාම.
අනතිරිත්ත නම්: නො කැපකළ දැයෙකි. නො පිළිගත් දැයෙකි. නො ඔසවන ලද දැයෙකි. අත්පසින් බැහැරැ සිටියහු විසින් කළ දැයෙකි. වළඳා නො නිමියහු විසින් කළ දැයෙකි. වළඳා පැවැරුණහු අසුනෙන් නැගිට කළ දැයෙකි. මේ හැම පමණැයි නො කියනලද දැයෙකි. ගිලනකු විසින් ඉතිරි නො කළ දැයෙකි. මේ යැ අනතිරික්ත නම්.
ඛාදනීයං නාම: පඤ්ච භොජනානි යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවිකය ද තබා සෙසු දෑ ඛාදනීය නම් වේ.
භොජනීයං නාම: පඤ්ච භොජනානි ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං.
භෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩ මස් යැ යන පස් බොජුනි.
අභිහට්ඨුං පවාරෙය්යාති: යාවතකං ඉච්ඡසි තාවතකං ගණ්හාහීති.
අභිහට්ඨුංපවාරය්ය; යම්තාක් කැමැත්තෙහි ද ඒතාක් ගනුවයි.
ජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති සො වා ආරොචෙති.
ජානාති නම්: තෙමේ ම හෝ දනී. අන්හු හෝ ඔහුට කියත්, හෙතෙමේ හෝ දන්වයි.
ආසාදනාපෙක්ඛොති: ඉමිනා ඉමං චොදෙස්සාමි සාරෙස්සාමි පටිචොදෙස්සාමි පටිසාරෙස්සාමි මඞ්කු කරිස්සාමීති ආහරති ආපත්ති දුක්කටස්ස. තස්ස වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස. භොජනපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
ආසාදනාපෙක්ඛො; මෙයින් මොහුට චෝදනා කරන්නෙමි, සිහි කරවන්නෙමි, නැවැතැ චෝදනා කරන්නෙමි, නැවැතැ සිහි කරවන්නෙමි, මකු කරන්නෙමැයි අත්පසට එළවා නම් දුකුළා ඇවැත් වෙයි. ඔහුගේ වචනයෙන් කන්නෙමි, බුදින්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි. බොජුන් අවසනැ පචිති ඇවැත් වේ.
පවාරිතෙ පවාරිතසඤ්ඤී අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙති ආපත්ති පාචිත්තියස්ස. පවාරිතෙ වෙමතිකො අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙති ආපත්ති දුක්කටස්ස. පවාරිතෙ අප්පවාරිතසඤ්ඤී අනතිරිත්තෙන ඛාදනීයෙන වා භොජනීයෙන වා අභිහට්ඨුං පවාරෙති අනාපත්ති.
පවාරිතයෙහි පවාරිතසංඥා ඇතියේ අයිරිත් නො වූ කෑ යුතු දැයෙකින් හෝ බිදිය යුතු දැයෙකින් හෝ අත්පසට එළවා පවරා නම් පචිති ඇවැත් වෙයි. පවාරිතයෙහි විමති ඇතියේ අයිරිත් නො වූ කෑයුතු දැයෙකින් හෝ බිදිය යුතු දැයෙකින් හෝ වෙතැ එළවා පවරා නම් දුකුළා ඇවැත් වෙයි. පවාරිතයෙහි අපවාරිතසංඥා ඇතියේ අයිරිත් නො වූ කෑ යුතු දැයෙකින් හෝ බිදියයුතු දැයෙකින් හෝ වෙතැ එළවා පවරා නම් ඇවැත් නැති.
යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය අභිහරති ආපත්ති දුක්කටස්ස. තස්ස වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස.
යාවකාලිකය සත්තාහකාලිකය යාවජීවකය අහර පිණිස වෙතැ එළවා නම් දුකුළා ඇවැත් වෙයි. ඔහුගේ වචනයෙන් කන්නෙමි, බුදින්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
අප්පවාරිතෙ පවාරිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අප්පවාරිතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අප්පවාරිතෙ අප්පවාරිතසඤ්ඤී අනාපත්ති.
නො පැවැරුණුයෙහි පැවැරුණුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පැවැරුණුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පැවැරුණුයෙහි නො පැවැරුණුසන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: අතිරිත්තං කාරාපෙත්වා දෙති, අතිරිත්තං කාරාපෙත්වා භුඤ්ජාහීති දෙති, අඤ්ඤස්සත්ථාය හරන්තො ගච්ඡාහීති දෙති, ගිලානස්ස සෙසකං දෙති, යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං සති පච්චයෙ පරිභුඤ්ජාහීති දෙති, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
අයිරිත් කරවා දේ නම්, අයිරිත් කරවා වළඳන්නැයි දේ නම්, අනෙකක්හු සඳහා ගෙනැයන්නැයි දේ නම්, ගිලනා ගේ ඉතිරිදැය දේ නම්, යාමකාලිකය සප්තාහකාලික ය යාවජීවක ය කරුණක් ඇති කල්හි වළඳන්නැයි දේ නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දුතියපවාරණසික්ඛාපදංඡට්ඨං.
සවැනි දුතිය පවාරණ ශික්ෂාපදයි.