යෙදුමෙන් කියවන්න

පඨමපවාරණසික‍්ඛාපදං

6. 4. 5.

6. 4. 5.

පඨමපවාරණසික‍්ඛාපදං

පඨමපවාරණ ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො බ්‍රාහ‍්මණො භික‍්ඛූ නිමන‍්තෙත්‍වා භොජෙසි. භික‍්ඛූ භුත‍්තාවී පවාරිතා ඤාතිකුලානි ගන‍්ත්‍වා එකච‍්චෙ භුඤ‍්ජිංසු එකච‍්චෙ පිණ‍්ඩපාතං ආදාය අගමංසු. අථ ඛො සො බ්‍රාහ‍්මණො පටිවිස‍්සකෙ එතදවොච: “භික‍්ඛූ මයා අය්‍යා සන‍්තප‍්පිතා, එථ තුම‍්හෙපි සන‍්තප‍්පෙස‍්සාමී”ති. තෙ එවමාහංසු: “කිං ත්‍වං අය්‍යො අම‍්හෙ සන‍්තප‍්පෙස‍්සසි. යෙපි තයා නිමන‍්තිතා, තෙපි අම‍්හාකං ඝරානි ආගන‍්ත්‍වා එකච‍්චෙ භුඤ‍්ජිංසු. එකච‍්චෙ පිණ‍්ඩපාතං ආදාය අගමංසූ”ති. අථ ඛො සො බ්‍රාහ‍්මණො උජ‍්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන‍්තා අම‍්හාකං ඝරෙ භුඤ‍්ජිත්‍වා අඤ‍්ඤත්‍ර භුඤ‍්ජිස‍්සන‍්ති, න චාහං පටිබලො යාවදත්‍ථං දාතු”න‍්ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙති. එකල්හි එක්තරා බමුණෙක් භික්‍ෂූන්ට ආරාධනා කොට වැළඳවූයේ යැ. වළඳා නිමි භික්‍ෂූහු පවාරණය කරන ලද්දාහු නෑකුලයන් කරා ගොස් සමහරු වැළඳූහ. සමහරු පිඬු රැගෙන ගියහ. එකල්හි ඒ බමුණා අසල් වැසියනට මෙය කී යැ: පින්වත්නි, මා විසින් ආර්‍ය්‍ය භික්‍ෂූහු සන්තර්‍පණය කරන ලදහ. එවු තොප ද සන්තර්‍පණය කරවන්නෙමි. ඔවුහු මෙසේ කීහු: කිම ආර්‍ය්‍ය වූ යුෂ්මත් තෙමේ අප සතප්වන්නෙහි ද? ඔබ විසින් යම් කෙනෙක් නිමතන ලද්දාහු ද, ඔවුහු අපගේ ගෙවලට අවුත් සමහරු වැළඳූහ. සමහරු පිඬු රැගෙන ගියහ. එකල්හි ඒ බමුණා ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි: “කෙසේ නම් හිමිවරු අපගේ ගෙහි වළඳා අන්තැනෙකැ වැළඳූහු ද? මම ඇතිතාක් දීමට ප්‍රතිබලයෙකිම් නො වෙම් දැ” යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: කථං හි නාම භික‍්ඛූ භුත‍්තාවී පවාරිතා අඤ‍්ඤත්‍ර භුඤ‍්ජිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛූ භුත‍්තාවී පවාරිතා අඤ‍්ඤත්‍ර භුඤ‍්ජන‍්තීති.

2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණා ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත් “කෙසේ නම් භික්‍ෂූහු වළඳා ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වැළඳූහු දැ” යි ... සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු වළඳා ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වළඳද් ද?

සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික‍්ඛවෙ මොඝපුරිසා භුත‍්තාවී පවාරිතා අඤ‍්ඤත්‍ර භුඤ‍්ජිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, හිස්පුරුෂ වූ ඒ භික්‍ෂුහු වළඳා නිමියාහු ප්‍රතික්‍ෂේප කරන ලද්දාහු අන්තැනෙකැ වැළඳූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු.

“යො පන භික‍්ඛු භුත‍්තාවී පවාරිතො ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්‍ය වා භුඤ‍්ජෙය්‍ය වා පාචිත‍්තියන‍්ති.

යම් මහණෙක් කළ බත් කිස ඇතියේ, කළ පැවැරුණු ඇතියේ කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ කන්නේ නම් හෝ බුදී නම් හෝ පචිති වේ යැයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

3. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ගිලානානං භික‍්ඛූනං පණීතෙ පිණ‍්ඩපාතෙ නීහරන‍්ති. ගිලානා න චිත‍්තරූපං භුඤ‍්ජන‍්ති තානි භික‍්ඛූ ඡඩ‍්ඩෙන‍්ති. අස‍්සොසි ඛො භගවා උච‍්චාසද‍්දං මහාසද‍්දං කාකොරවසද‍්දං. සුත්‍වාන ආයස‍්මන‍්තං ආනන්‍දං ආමන‍්තෙසි “කින‍්නු ඛො සො ආනන්‍ද උච‍්චාසද‍්දො මහාසද‍්දො කාකොරවසද‍්දො”ති. අථ ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො එතමත්‍ථං ආරොචෙසි: භුඤ‍්ජෙය්‍යුං පනානන්‍ද භික‍්ඛූ ගිලානාති රිත‍්තන‍්ති. න භුඤ‍්ජෙය්‍යුං භගවාති. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ ගිලානස‍්ස ච අගිලානස‍්ස ච අතිරිත‍්තං භුඤ‍්ජිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ අතිරිත‍්තං කාතබ‍්බං ‘අලමෙතං සබ‍්බ’න‍්ති. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

3. එසමයෙහි භික්‍ෂූහු ගිලන් මහණුන්ට ප්‍රණීත පිණ්ඩපාතය ගෙන යති. ගිලන්හු සිත් සේ නො වළඳති. ඒවා භික්‍ෂූහු ඉවත දමති. බුදුහු මුළුදුන් කවුඩන්ගේ උස්හඬ මහාහඬ ඇසූහු. අසා ආයුෂ්මත් ආනන්‍දයන් ඇමතූහ: ආනන්‍ද, මුළුදුන් කවුඩන් ගේ තෙල උස් හඬ, මහාහඬ කුමක් හෙයින් ද? එකල්හි ආයුෂ්මත් ආනන්‍දයෝ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. ආනන්‍ද, භික්‍ෂූහු වනාහි ගිලනුන් වළඳා ඉතිරි දැය වළඳන්නාහු ද? භාග්‍යවතුන් වහන්ස, නො වළඳන්නාහ. එකල්හි බුදුහු මෙකරුණෙහිලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ: “මහණෙනි, ගිලනාට ද නො ගිලනාට ද ඉතිරිදැය වළඳන්නට අනුදනිමි.” මෙසේ මහණෙනි, අතිරිත්තය කළයුතු යි. ‘මෙහැම පමණයැ’. තව ද මහණෙනි මේ සිකපදය මෙසේ උදෙසවු.

යො පන භික‍්ඛු භුත‍්තාවී පවාරිතො අනතිරිත‍්තං ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්‍ය වා භුඤ‍්ජෙය්‍ය වා පාචිත‍්තියන‍්ති.

යම් මහණෙක් කළ බත් කිස ඇතියේ, කළ පැවැරුණු ඇතියේ අයිරිත් නො වු කෑයුතු දැයක් හෝ බුදිය යුතු දැයක් හෝ කන්නේ නම් හෝ වළඳන්නේ නම් හෝ පචිති වේ යැයි.

4. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.

භුත‍්තාවී නාම: පඤ‍්චන‍්නං භොජනානං අඤ‍්ඤතරං භොජනං අන‍්තමසො කුසග‍්ගෙනපි භුත‍්තං හොති.

භුත්තාවි නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනක් යටත් පිරිසෙයින් කුසතණ අගකිනුදු අනුභව කළේ වෙයි.

පවාරිතො නාම: අසනං පඤ‍්ඤායති භොජනං පඤ‍්ඤායති හත්‍ථපාසෙ ඨිතො අභිහරති පටික‍්ඛෙපො පඤ‍්ඤායති.

පවාරිත නම්: වළඳනු පැනෙයි. (පවරනුවට පොහෝනා) බොජුන පැනෙයි. අත්පසැ සිටියේ වෙයි. එළවයි. ප්‍රතික්‍ෂේපය පැනෙයි.

අනතිරිත‍්තං නාම: අකප‍්පියකතං හොති අප‍්පටිග‍්ගහිතකතං හොති. අනුච‍්චාරිතකතං හොති. අහත්‍ථපාසෙ කතං හොති, අභුත‍්තාවිනා කතං හොති, භුත‍්තාවිනා පවාරිතෙන ආසනා වුට‍්ඨිතෙන කතං හොති. අලමෙතං සබ‍්බන‍්ති වුත‍්තං හොති. න ගිලානාතිරිත‍්තං හොති. එතං අතිරිත‍්තං නාම.

අනතිරිත්ත නම්: නො කැපකළ දැයෙකි. නො පිළිගත් දැයෙකි. නො ඔසවනලද දැයෙකි. අත්පසින් බැහැර සිටියහු විසින් කළදැයෙකි. වළඳා නො නිමියහු විසින් කළදැයෙකි. වළඳා පැවැරුණහු අසුනෙන් නැඟිට කළදැයෙකි. මේ හැම පමණ යැ නො කියන ලද දැයෙකි. ගිලනකු විසින් ඉතිරි නොකළ දැයෙකි. මෙයැ අනතිරිත්ත නමි.

අතිරිත‍්තං නාම: කප‍්පියකතං හොති. පටිග‍්ගහිතකතං හොති. උච‍්චාරිතකතං හොති. හත්‍ථපාසෙ කතං හොති. භුත‍්තාවිනා කතං හොති. භුත‍්තාවිනා පවාරිතෙන ආසනා අවුට‍්ඨිතෙන කතං හොති. අලමෙතං සබ‍්බන‍්ති වුත‍්තං හොති ගිලානාතිරිත‍්තං හොති. එතං අතිරිත‍්තං නාම.

අතිරිත්ත නම්: කැප කළ දැයෙකි, පිළිගත් දැයෙකි, ඔසවන ලද දැයෙකි, අත්පසැ සිටියහු විසින් කළ දැයෙකි, වළඳා නිමියහු විසින් කළ දැයෙකි, වළඳා පැවැරුණාහු අසුනෙන් නො නැඟිට කළ දැයෙකි, මේ හැම පමණැ යි කියන ලද දැයෙකි, ගිලනක්හු විසින් ඉතිරි කළ දැයෙකි, මේ යැ අතිරිත්ත නම්.

ඛාදනීයං නාම: පඤ‍්ච භොජනානි යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්‍වා අවසෙසං ඛාදනීයං නාම.

ඛාදනීය නම්: පස් බොජුන් ද යාමකාලිකය ද සත්තාහකාලිකය ද යාවජීවකය ද තබා සෙසු දැය ඛාදනීය නම් වේ.

භොජනීයං නාම: පඤ‍්ච භොජනානි: ඔදනො කුම‍්මාසො සත‍්තු මච‍්ඡො මංසං ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

භෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ යන පස් බොජුනි. කන්නෙමි බුදින්නෙමියි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.

අනතිරිත‍්තෙ අනතිරිත‍්තසඤ‍්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ‍්ජති වා, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනතිරිත‍්තෙ වෙමතිකො ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අනතිරිත‍්තෙ අතිරිත‍්තසඤ‍්ඤී ඛාදනීයං වා භොජනීයං වා ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අයිරිත් නො වූයෙහි අයිරිත් නොවූ සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. අයිරිත් නො වූයෙහි විමති ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වෙයි. අයිරිත් නො වූයෙහි අයිරිත්සන් ඇතියේ කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ කා නම් හෝ බුදී නම් හෝ පචිති ඇවැත් වේ.

යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං ආහාරත්‍ථාය පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති දුක‍්කටස‍්ස.

යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.

අතිරිත‍්තෙ අනතිරිත‍්තසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අතිරිත‍්තෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අතිරිත‍්තෙ අතිරිත‍්තසඤ‍්ඤී අනාපත‍්ති.

අයිරිත්හි නො අයිරිත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අයිරිත්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අයිරිත්හි අයිරිත්සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: අතිරිත‍්තං කාරාපෙත්‍වා භුඤ‍්ජති අතිරිත‍්තං කාරාපෙත්‍වා භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති අඤ‍්ඤස‍්සත්‍ථාය හරන‍්තො ගච‍්ඡති ගිලානස‍්ස සෙසකං භුඤ‍්ජති යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං සතිපච‍්චයෙ පරිභුඤ‍්ජති උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

අයිරිත් කරවා වළඳා නම් අයිරිත් කරවා වළඳන්නෙමියි පිළිගනී නම් අනෙකක්හු සඳහා ගෙනැ යේ නම්, ගිලන්හු ගේ ඉතිරි දැය වළඳා නම් යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය කරුණක් ඇති කල්හි වළඳා නම් උම්මත්තකයාහට ආදිකම්මිකයාහට ඇවැත් නැති.

පඨමපවාරණ සික‍්ඛාපදං පඤ‍්චමං.

පස්වැනි පඨමපවාරණ ශික්‍ෂාපදයි.