යෙදුමෙන් කියවන්න

කාණමාතුසික‍්ඛාපදං

6. 4. 4.

6. 4. 4.

කාණමාතුසික‍්ඛාපදං

කාණමාතු ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ තෙන ඛො පන සමයෙන කාණමාතා උපාසිකා සද‍්ධා හොති පසන‍්නා. කාණා ගාමකෙ අඤ‍්ඤතරස‍්ස පුරිසස‍්ස දින‍්නා හොති. අථ ඛො කාණා මාතුඝරං අගමාසි කෙනචිදෙව කරණීයෙන. අථ ඛො කාණාය සාමිකො කාණාය සන‍්තිකෙ දූතං පාහෙසි: “ආගච‍්ඡතු කාණා, ඉච‍්ඡාමි කාණාය ආගත”න‍්ති. අථ ඛො කාණමාතා උපාසිකා කිස‍්මිං විය රිත‍්තහත්‍ථං ගන‍්තු”න‍්ති පූවං පචි. පක‍්කෙ පූවෙ අඤ‍්ඤතරො පිණ‍්ඩචාරිකො භික‍්ඛු කාණමාතාය උපාසිකාය නිවෙසනං පාවිසි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි කාණමාතා උපාසිකාව සැදැහැත්තී පහන්වූවා වෙයි. කාණාව ගමෙකැ එක්තරා පුරුෂයකුට පාවා දුන්නී ය. එකල්හි කාණාව කිසියම් කරුණක් සඳහා මවගේ ගෙට ගියාය. එකල්හි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. කාණාව පැමිණේ වා, කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. එකල්හි කාණමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැ යි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬු සැරි මහණෙක් කාණමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේ යැ.

අථ ඛො කාණමාතා උපාසිකා තස‍්ස භික‍්ඛුනො පූවං දාපෙසි. සො නික‍්ඛමිත්‍වා අඤ‍්ඤස‍්ස ආචික‍්ඛි. තස‍්සපි පූවං දාපෙසි. සොපි නික‍්ඛමිත්‍වා අඤ‍්ඤස‍්ස ආචික‍්ඛි. තස‍්සපි පූවං දාපෙසි. යථා පටියත‍්තං පූවං පරික‍්ඛයං අගමාසි. දුතියම‍්පි ඛො කාණාය සාමිකො කාණාය සන‍්තිකෙ දූතං පාහෙසි “ආගච‍්ඡතු කාණා, ඉච‍්ඡාමි කාණාය ආගත”න‍්ති දුතියම‍්පි ඛො කාණමාතා උපාසිකා කිස‍්මිං විය රිත‍්තහත්‍ථං ගන‍්තුන‍්ති පූවං පචි. පක‍්කෙ පූවෙ අඤ‍්ඤතරො පිණ‍්ඩචාරිකො භික‍්ඛු කාණමාතාය උපාසිකාය නිවෙසනං පාවිසි. අථ ඛො කාණමාතා උපාසිකා තස‍්ස භික‍්ඛුනො පූවං දාපෙසි. සො නික‍්ඛමිත්‍වා අඤ‍්ඤස‍්ස ආචික‍්ඛි, තස‍්සපි පූවං දාපෙසි සො පි නික‍්ඛමිත්‍වා අඤ‍්ඤස‍්ස ආචික‍්ඛි. තස‍්සපි පූවං දාපෙසි. යථාපටියත‍්තං පූවං පරික‍්ඛයං අගමාසි. තතියම‍්පි ඛො කාණාය සාමිකො කාණාය සන‍්තිකෙ දූතං පාහෙසි “ආගච‍්ඡතු කාණා ඉච‍්ඡාමි කාණාය ආගතං සචෙ කාණා නාගච‍්ඡිස‍්සති අහං අඤ‍්ඤං පජාපතිං ආනෙස‍්සාමී”ති. තතියම‍්පි ඛො කාණමාතා උපාසිකා කිස‍්මිං විය රිත‍්ත හත්‍ථං ගන‍්තුන‍්ති පූවං පචි. පක‍්කෙ පූවෙ අඤ‍්ඤතරො පිණ‍්ඩචාරිකො භික‍්ඛු කාණමාතාය උපාසිකාය නිවෙසනං පාවිසි. අථ ඛො කාණමාතා උපාසිකා තස‍්ස භික‍්ඛුනො පූවං දාපෙසි. සො නික‍්ඛමිත්‍වා අඤ‍්ඤස‍්ස ආචික‍්ඛි තස‍්සපි පූවං දාපෙසි සොපි නික‍්ඛමිත්‍වා අඤ‍්ඤස‍්ස ආචික‍්ඛි. තස‍්සපි පූවං දාපෙසි, යථා පටියත‍්තං පූවං පරික‍්ඛයං අගමාසි. අථ ඛො කාණාය සාමිකො අඤ‍්ඤං පජාපතිං ආනෙසි. අස‍්සොසි ඛො කාණා තෙන කිර පුරිසෙන අඤ‍්ඤා පජාපති ආනීතාති. සා රොදන‍්තී අට‍්ඨාසි.

එකල්හි කාණාමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී ය. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසන් බවට ගියේ යි. දෙවනු ද වනාහි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. කාණාව පැමිණේවා. කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. දෙවනු ද කාණමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැ යි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬුසැරි මහණෙක් කාණමාතා උපාසිකාව ගේ නිවසට පැමිණියේ යැ. එකල්හි කාණමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසනට ගියේ යි. තෙවනු ද වනාහි කාණාවගේ සැමියා කාණාවගේ සමීපයට දූතයකු එවී යැ. “කාණාව පැමිණේවා, කාණාවගේ පැමිණීම කැමැත්තෙමි. ඉදින් කාණාව නො පැමිණෙන්නී නම් මම් අන් අඹුවක ගෙනෙන්නෙමි” තෙවනුද කාණාමාතා උපාසිකාව හිස් අතින් යන්නේ කෙසේ දැයි කැවුම් පිසුවා යැ. කැවුම් පිසූ කල්හි එක්තරා පිඬුසැරි මහණෙක් කාණාමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේ යැ. එකල්හි කාණාමාතා උපාසිකාව ඒ මහණහට කැවුම් දෙවූ යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. හෙ තෙමේ ද නික්ම ගොස් අනිකෙකුට කී යැ. ඔහුට ද කැවුම් දෙවූ යැ. පිළියෙළ කළ තාක් කැවුම් අවසනට ගියේයි. එකල්හි කාණාව ගේ සැමියා අන් අඹුවක ගෙනාවේ යැ. කාණාව ඒ පුරුෂයා විසින් අන් අඹුවක් ගෙනෙන ලදැ යි ඇසූ. ඕතොමෝ හඬමින් සිටියා යැ.

2. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවර මාදාය යෙන කාණමාතාය උපාසිකාය නිවෙසනං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො කාණමාතා උපාසිකා යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නං ඛො කාණමාතරං උපාසිකං භගවා එතදවොච: “කිස‍්සායං කාණා රොදතී”ති, අථ ඛො කාණමාතා උපාසිකා භගවතො එතමත්‍ථං ආරොචෙසි. අථ ඛො භගවා කාණමාතරං උපාසිකං ධම‍්මියා කථාය සන්‍දස‍්සෙත්‍වා සමාදපෙත්‍වා සමුත‍්තෙජෙත්‍වා සම‍්පහංසෙත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

2. එකල්හි භාග්‍යවත්හු පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන කාණමාතා උපාසිකාවගේ නිවසට එළැඹියහ. එළඹැ පනවන ලද අස්නෙහි වැඩැ හුන්හු. එකල්හි කාණමාතා උපාසිකාව භාග්‍යවතුන් වෙතැ එළඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නා යැ. එකත්පසෙකැ හුන්නා වූ කාණමාතා උපාසිකාවට භාග්‍යවත්හු මෙය වදාළහ: මේ කාණාව කුමකට හඬන්නීදැ යි. එකල්හි කාණමාතා උපාසිකාව භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූවා යැ. එකල්හි භාග්‍යවත්හු කාණමාතා උපාසිකාවට දැහැමි කථායෙන් (දෙලෝවැඩ) මොනොවට දක්වා (කුසල් දහම්හි) සමාදන් කරවා මොනොවට තෙද ගන්වා සතුටු කරවා අසුනෙන් නැගිට වැඩිය හ.

3. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො සත්‍ථො රාජගහා පටියාලොකං ගන‍්තුකාමො හොති. අඤ‍්ඤතරො පිණ‍්ඩචාරිකො භික‍්ඛු තං සත්‍ථං පිණ‍්ඩාය පාවිසි. අඤ‍්ඤතරො උපාසකො තස‍්ස භික‍්ඛුනො සත‍්තුං දාපෙසි. සො නික‍්ඛමිත්‍වා අඤ‍්ඤස‍්ස ආචික‍්ඛි. තස‍්සපි සත‍්තුං දාපෙසි. සො නික‍්ඛමිත්‍වා අඤ‍්ඤස‍්ස ආචික‍්ඛි. තස‍්සපි සත‍්තුං දාපෙසි. යථාපටියත‍්තං පාථෙය්‍යං පරික‍්ඛයං අගමාසි. අථ ඛො සො උපාසකො තෙ මනුස‍්සෙ එතදවොච: “අජ‍්ජන‍්හො අය්‍යා ආගමෙථ යථාපටියත‍්තං පාථෙය්‍යං අය්‍යානං දින‍්නං, පාථෙය්‍යං පටියාදෙස‍්සාමී”ති. නාය්‍ය සක‍්කා ආගමෙතුං පයාතො සත්‍ථොති අගමංසු. අථ ඛො තස‍්ස උපාසකස‍්ස පාථෙය්‍යං පටියාදෙත්‍වා පච‍්ඡා ගච‍්ඡන‍්තස‍්ස චොරා අච‍්ඡින්‍දිංසු. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා න මත‍්තං ජානිත්‍වා පටිග‍්ගහෙස‍්සන‍්ති, අයං ඉමෙසං දත්‍වා පච‍්ඡා ගච‍්ඡන‍්තො චොරෙහි අච‍්ඡින‍්නො”ති.

3. එසමයෙහි වනාහි එක්තරා ගැල්සාත්තුවක් රජගහ නුවරින් පැසුළු දිගට යනු කැමැත්තේ වෙයි. එක්තරා පිඬුසැරි මහණෙක් ඒ ගැල්සාත්තුව වෙතැ පිඬු පිණිස පැමිණියේ යැ. එක්තරා උවසුවෙක් ඒ මහණහට අත්සුණු දෙවී යැ. හේ නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද අත්සුණු දෙවී යැ. හෙතෙමේ ද නික්ම ගොස් අනෙකකුට කී යැ. ඔහුට ද අත්සුණු දෙවී යැ. පිළියෙළ කළ තාක් මාර්ගෝපකරණ අවසනට ගියේ යි. එකල්හි ඒ උවසු ඒ මිනිසුන්හට මෙය කී යැ: “ආර්‍ය්‍යයෙනි අද දවස පමණක් පොරොත්තු වනු මැනැවි. පිළියෙළ කළ තාක් මාර්ගෝපකරණ ආර්‍ය්‍යයන්හට දෙන ලදී. මාර්ගෝපකරණ පිළියෙළ කරන්නෙමි. ආර්‍ය්‍යය පොරොත්තු වන්නට නො හැකි යැ. තවලම ගියේ යැයි (ඔහුද) ගියහ. එකල්හි මාර්ගෝපකරණ පිළියෙළ කොට ගෙන පසුවැ යන්නා වූ ඒ උවසුවාට අනදර කොට සොරු අසිඳගත්හ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ පමණ දැන නො පිළිගත්තාහු ද? මෙතෙම මොවුන්ට දී පසු වැ යන්නේ සොරුන් විසින් අසිඳ ගන්නා ලද්දේ වේ යැ යි.

4. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: තෙන හි භික‍්ඛවෙ භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤපෙස‍්සාමි දසඅත්‍ථවසෙ පටිච‍්ච: සඞ‍්ඝසුට‍්ඨුතාය සඞ‍්ඝඵාසුතාය -පෙ- විනයානුග‍්ගහාය, එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

4. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූහ: එහෙයින් මහණෙනි, කරුණු දසයක් පිණිස භික්‍ෂූන්ට සිකපද පනවන්නෙමි. සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන් ගේ පහසුබව ... විනයට රුකුල්දීම පිණිස යැ. තව ද මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:

“භික‍්ඛුං පනෙව කුලං උපගතං පූවෙහි වා මන්‍ථෙහි වා අභිහට‍්ඨුං පවාරෙය්‍ය, ආකඞ‍්ඛමානෙන භික‍්ඛුනා ද‍්වත‍්තිපත‍්තපූරා පටිග‍්ගහෙතබ‍්බා. තතො චෙ උත‍්තරිං පටිගණ‍්හෙය්‍ය පාචිත‍්තියං, ද‍්වත‍්තිපත‍්තපූරෙ පටිග‍්ගහෙත්‍වා තතො නීහරිත්‍වා භික‍්ඛූහි සද‍්ධිං සංවිභජිතබ‍්බං. අයං තත්‍ථ සාමීචී”ති.

“කුලයකට පැමිණි මහණක්හට වනාහි කැවුමෙන් හෝ අත් සුන්නෙන් හෝ වෙතැ එළවා පවරන්නේ නම් කැමැති වන්නා වූ මහණුන් විසින් පිරූ දෙතුන් පාත්‍රයෙක් පමණ පිළිගතයුතු යැ. ඉදින් ඉන්මත්තෙහි පිළි ගන්නේ නම් පචිති වේ. පිරූ දෙතුන් පාත්‍රයක් පිළිගෙන එයින් බැහැරැ ගෙන ගොස් භික්‍ෂූන් සමඟ බෙදා ගතයුතු යි මේ එහි අනුදහම්බව යි.

5. භික‍්ඛුං පනෙව කුලං උපගතන‍්ති කුලං නාම: චත‍්තාරි කුලානි: ඛත‍්තියකුලං බ්‍රාහ‍්මණකුලං වෙස‍්සකුලං සුද‍්දකුලං

5. භික්ඛුං පනෙව කුලං උපගතං: කුලය නම් ක්‍ෂත්‍රිය කුල ය බ්‍රාහ්මණ කුල යැ, වෛශ්‍ය කුල යැ, ශුද්‍ර කුල යැ යි කුල සතරෙකි.

උපගතන‍්ති: තත්‍ථ උපගතං.

උපගතං: එහි පැමිණියහු.

පූවං නාම: යං කිඤ‍්චි පහෙනකත්‍ථාය පටියත‍්තං.

පූවං නාම: ගෙන යන පඬුරු පිණිස පිළියෙළ කරන ලද යම් කිසි දැයෙකි.

මන්‍ථං නාම: යං කිඤ‍්චි පාථෙය්‍යත්‍ථාය පටියත‍්තං.

මන්‍ථං නාම: මාර්ගෝපකරණ සඳහා පිළියෙළ කරන ලද යම් කිසි දැයෙකි.

අභිහට‍්ඨුං පවාරෙය්‍යාති: යාවතකං ඉච‍්ඡසි තාවතකං ගණ‍්හාහීති.

අභිහට්ඨුං පවාරෙය්‍ය: යම්තාක් කැමැති වේ නම් ඒතාක් ගනු මැනැවැයි පැවරීම යි.

ආකඞ‍්ඛමානෙනාති: ඉච‍්ඡමානෙන.

ආකඞ්ඛමානෙන: කැමැති වන්නහු විසින්,

ද‍්වත‍්තිපත‍්තපූරා පටිග‍්ගහෙතබ‍්බාති: ද‍්වෙ තයො පත‍්තපූරා පටිග‍්ගහෙතබ‍්බා.

ද්වත්තිපත්තපූරා පටිග්ගහෙතබ්බා: පාත්‍ර දෙකක් පුරා හෝ තුනක් පුරා හෝ පිළිගතයුතු යි.

තතො චෙ උත‍්තරිං පටිගණ‍්හෙය්‍යාති: තතුත‍්තරිං පටිගණ‍්හාති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ද‍්වත‍්තිපත‍්තපූරෙ පටිග‍්ගහෙත්‍වා තතො නික‍්ඛමන‍්තෙන භික‍්ඛුං පස‍්සිත්‍වා ආචික‍්ඛිතබ‍්බං අමුත්‍ර මයා ද‍්වත‍්තිපත‍්තපූරා පටිග‍්ගහිතා මා ඛො තත්‍ථ පටිගණ‍්හීති. සචෙ පස‍්සිත්‍වා න ආචික‍්ඛති ආපත‍්ති දුක‍්කටස‍්ස. සචෙ ආචික‍්ඛිතෙ පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස.

තතො චෙ උත්තරිං පටිගණ්හෙය්‍ය: එයින් මත්තෙහි පිළිගනී නම් පචිති ඇවැත් වේ. දෙ තුන් පයක් පිළිගෙන එයින් නික්මෙන්නහු විසින් මහණකු දැක මෙහි මා විසින් පුරා දෙතුන් පාත්‍රයෙක් පිළිගන්නා ලදී. එහි නහමක් පිළිගන්නැයි කිවයුතු යි. ඉදින් දැක නො කියා නම් දුකුළා ඇවැත් වේ. ඉදින් කියන ලද කල්හි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.

තතො නීහරිත්‍වා භික‍්ඛූහි සද‍්ධිං සංවිභජිතබ‍්බන‍්ති: පටික‍්කමනං හරිත්‍වා සංවිභජිතබ‍්බං

තතො නීහරිත්‍වා භික්ඛුහි සද්ධිං සංවිහජිතබ්බා: බැහැරට ගෙන ගොස් බෙදා දියයුතු යි.

අයං තත්‍ථ සාමීචීති: අයං තත්‍ථ අනුධම‍්මතා.

අයං තත්‍ථ සාමීචිති: මේ එහි අනුධර්‍මතා යි.

අතිරෙක ද‍්වත‍්තිපත‍්තපූරෙ අතිරෙකසඤ‍්ඤී පතිගණ‍්හාති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අතිරෙක ද‍්වත‍්තිපත‍්තපූරෙ වෙමතිකො පතිගණ‍්හාති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අතිරෙක ද‍්වත‍්තිපත‍්තපූරෙ ඌනකසඤ‍්ඤී පතිගණ‍්හාති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පිරුණු දෙතුන් පයකට වැඩියෙක්හි අතිරේකසංඥා ඇතියේ පිළිගනී නම් පචිති ඇවැත් වෙයි. පිරුණු දෙ තුන් පයකට වැඩියෙක්හි විමති ඇතියේ පිළිගනී නම් පචිති ඇවැත් වෙයි. පිරුණු දෙතුන් පයකට වැඩියෙක්හි උනුසන් ඇතියේ පිළිගනී නම් පචිති ඇවැත් වේ.

ඌනකද‍්වත‍්තිපත‍්තපූරෙ අතිරෙකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. ඌනකද‍්වත‍්තිපත‍්තපූරෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. ඌනකද‍්වත‍්තිපත‍්තපූරෙ ඌනකසඤ‍්ඤී අනාපත‍්ති.

පිරුණු දෙතුන් පයකට අඩුවෙක්හි අතිරේකසංඥා ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරුණු දෙතුන් පයකට අඩුවෙක්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරුණු දෙතුන් පයකට අඩුවෙක්හි උනුසන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: ද‍්වත‍්තිපත‍්තපූරෙ පතිගණ‍්හාති, ඌනකද‍්වත‍්තිපත‍්තපූරෙ පතිගණ‍්හාති, න පහෙණකත්‍ථාය න පාථෙය්‍යත්‍ථාය පටියත‍්තං දෙන‍්ති පහෙණකත්‍ථාය වා පාථෙය්‍යත්‍ථාය වා පටියත‍්තසෙසකං දෙන‍්ති ගමනෙ පටිප‍්පස‍්සද‍්ධෙ දෙන‍්ති ඤාතකානං පවාරිතානං අඤ‍්ඤස‍්සත්‍ථාය අත‍්තනො ධනෙන උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

පිරුණු දෙතුන් පයක් පිළිගනී නම්, පිරුණු දෙතුන් පයකට අඩුව පිළිගනී නම්, පඬුරු පිණිස යැවීමට හෝ මාර්ගෝපකරණ පිණිස හෝ පිළියෙළ නො කරන ලද්දක් දෙත් නම්, පඬුරු පිණිස හෝ මාර්ගෝපකරණ පිණිස හෝ පිළියෙළ කළ දැයෙකින් ඉතුරු වූවක් දෙත් නම්, ගමන වැළකුණු කල්හි දෙත් නම්, නෑයන්ගෙන් නම් පවාරිතයන්ගෙන් නම් අනෙකක්හු සඳහා නම්, ස්වකීය ධනයෙන් නම් ඇවැත් නැති. උම්මත්තකහට ද ආදිකම්මිකහට ද ඇවැත් නැති.

කාණමාතුසික‍්ඛාපදං චතුත්‍ථං.

සිවුවැනි කාණමාතු ශික්‍ෂාපදයි.