යෙදුමෙන් කියවන්න

පරම‍්පරභොජනසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පරම‍්පරභොජනසික‍්ඛාපදවණ‍්ණනා

පරම්පරභෝජන ශික්‍ෂාපද වර්ණනාව

තතියසික‍්ඛාපදෙ – න ඛො ඉදං ඔරකං භවිස‍්සති, යථයිමෙ මනුස‍්සා සක‍්කච‍්චං භත‍්තං කරොන‍්තීති, යෙන නියාමෙන ඉමෙ මනුස‍්සා සක‍්කච‍්චං භත‍්තං කරොන‍්ති, තෙන ඤායති – “ඉදං සාසනං ඉදං වා බුද‍්ධප‍්පමුඛෙ සඞ‍්ඝෙ දානං න ඛො ඔරකං භවිස‍්සති, පරිත‍්තං ලාමකං නෙව භවිස‍්සතී”ති. කිරපතිකොති එත්‍ථ “කිරො”ති තස‍්ස කුලපුත‍්තස‍්ස නාමං; අධිපච‍්චට‍්ඨෙන පන “කිරපතිකො”ති වුච‍්චති. සො කිර ඉස‍්සරො අධිපති මාසඋතුසංවච‍්ඡරනියාමෙන වෙතනං දත්‍වා කම‍්මකාරකෙ කම‍්මං කාරෙති. බදරා පටියත‍්තාති උපචාරවසෙන වදති. බදරමිස‍්සෙනාති බදරසාළවෙන.

තෘතීය ශික්‍ෂාපදයෙහි “න ඛො ඉදං ඔරකං භවිස්සති යථා ඉමෙ මනුස්සා සක්කච්චං භත්තං කරොන්ති” යම් නියමකින් මේ මනුෂ්‍යයෝ සකස් කොට බත් කෙරෙත්ද, එයින්, මේ ශාසනය නොහොත් බුද්ධ ප්‍රමුඛසඞ්ඝයා විෂයයෙහි පවත්වන ලද මේ නය ලාමක නොවේ. ස්වල්ප වූ ලාමක එකක් නොවන්නේය’යි දන්නා ලැබේ. “කිරපතිකො” මෙහි කිර යනු ඒ කුලපුත්‍රයාගේ නාමයයි. අධිපති අර්‍ත්‍ථයෙන් කිරපතිකයි කියනු ලැබේ. හෙතෙමේ වනාහි ඊශ්වර අධිපතියෙක් වේ. මාස සෘතු සංවත්සර නියමයෙන් වැටුප් දී කම්කරුවන් ලවා වැඩ කරවයි. “බදරා පටියත්තා” උපචාර වසයෙන් කියයි. “බදරමිස්සෙන” ඩෙබර මුසු කැඳින්.

උස‍්සූරෙ ආහරියිත්‍ථාති අතිදිවා ආහරියිත්‍ථ.

“උස්සූරෙ ආහරීයිත්‍ථ” ඉතා දවල් වූ කල්හි ගෙන එන ලද්දේය.

මය‍්හං භත‍්තපච‍්චාසං ඉත්‍ථන‍්නාමස‍්ස දම‍්මීති අයං භත‍්තවිකප‍්පනා නාම සම‍්මුඛාපි පරම‍්මුඛාපි වට‍්ටති. සම‍්මුඛා දිස‍්වා “තුය‍්හං විකප‍්පෙමී”ති වත්‍වා භුඤ‍්ජිතබ‍්බං, අදිස‍්වා පඤ‍්චසු සහධම‍්මිකෙසු “ඉත්‍ථන‍්නාමස‍්ස විකප‍්පෙමී”ති වත්‍වා භුඤ‍්ජිතබ‍්බං. මහාපච‍්චරියාදීසු පන පරම‍්මුඛාවිකප‍්පනාව වුත‍්තා. සා චායං යස‍්මා විනයකම‍්මෙන සඞ‍්ගහිතා, තස‍්මා භගවතො විකප‍්පෙතුං න වට‍්ටති. භගවති හි ගන්‍ධකුටියං නිසින‍්නෙපි සඞ‍්ඝමජ‍්ඣෙ නිසින‍්නෙපි සඞ‍්ඝෙන ගණප‍්පහොනකෙ භික‍්ඛූ ගහෙත්‍වා තං තං කම‍්මං කතං සුකතමෙව හොති, භගවා නෙව කම‍්මං කොපෙති; න සම‍්පාදෙති. න කොපෙති ධම‍්මිස‍්සරත‍්තා, න සම‍්පාදෙති අගණපූරකත‍්තා.

“මය්හං භත්තපච්චාසං ඉත්‍ථන්නාමස්ස දම්මි” මේ භත්ත විකප්පනය නම් හමුවෙහිද නොහමුවෙහිද වටියි. හමුවෙහි දැක ‘තුය්හං විකප්පෙමි’යි කියා පළමු ආරාධනා බත යමක්හට විකපනය කොට පරම්පරභොජනය වැළඳිය යුතුය. හමුවෙහි නොදැක පස්සහ දැහැමියන් අතුරෙහි “ඉත්‍ථන්නාමස්ස විකප්පෙමි”යි කියා වැළදිය යුතුය. මහාපච්චරි ආදියෙහි නොහමුවිකපනයම කියනලදී. ඒ මේ නොහමුවිකපනය යම්හෙයකින් විනය කර්‍මයෙන් සඞ්ග්‍රහ කරන ලදද එහෙයින් භාග්‍යවතුන් වහන්සේට විකපනය කිරීම නොවටියි. භාග්‍යවතුන් ගඳකිළියෙහි වැඩහුන් කල්හිද සඟමැද වැඩහුන් කල්හිද සඞ්ඝයා විසින් ගණයට පමණවන මහණුන් ගෙණ ඒ ඒ කර්‍මය කරන ලද්දේ මොනවට කරන ලද්දේම වේ. භාග්‍යවතුන් වහන්සේ කර්‍මය කොප්‍ය නොකෙරෙත්මය. සම්පාදනය නොකෙරෙත්. කුමක් හෙයින, යත්: ධර්‍මෙශ්වර බැවින් කර්‍මය කොප්‍යය නොකෙරෙත් ගණපූරක නොවන බැවින් සම්පාදනය නොකෙරෙත් එහෙයිනි.

ද‍්වෙ තයො නිමන‍්තනෙ එකතො භුඤ‍්ජතීති ද‍්වෙ තීණි නිමන‍්තනානි එකපත‍්තෙ පක‍්ඛිපිත්‍වා මිස‍්සෙත්‍වා එකං කත්‍වා භුඤ‍්ජතීති අත්‍ථො. ද‍්වෙ තීණි කුලානි නිමන‍්තෙත්‍වා එකස‍්මිං ඨානෙ නිසීදාපෙත්‍වා ඉතො චිතො ච ආහරිත්‍වා භත‍්තං ආකිරන‍්ති, සූපබ්‍යඤ‍්ජනං ආකිරන‍්ති, එකමිස‍්සකං හොති, එත්‍ථ අනාපත‍්තීති මහාපච‍්චරියං වුත‍්තං. සචෙ පන මූලනිමන‍්තනං හෙට‍්ඨා හොති, පච‍්ඡිමං පච‍්ඡිමං උපරි, තං උපරිතො පට‍්ඨාය භුඤ‍්ජන‍්තස‍්ස ආපත‍්ති. හත්‍ථං පන අන‍්තො පවෙසෙත්‍වා පඨමනිමන‍්තනතො එකම‍්පි කබළං උද‍්ධරිත්‍වා භුත‍්තකාලතො පට‍්ඨාය යථා තථා වා භුඤ‍්ජන‍්තස‍්ස අනාපත‍්ති. සචෙපි තත්‍ථ ඛීරං වා රසං වා ආකිරන‍්ති, යෙන අජ‍්ඣොත්‍ථතං භත‍්තං එකරසං හොති, කොටිතො පට‍්ඨාය භුඤ‍්ජන‍්තස‍්ස අනාපත‍්තීති මහාපච‍්චරියං වුත‍්තං. මහාඅට‍්ඨකථායං පන වුත‍්තං – “ඛීරභත‍්තං වා රසභත‍්තං වා ලභිත්‍වා නිසින‍්නස‍්ස තත්‍ථෙව අඤ‍්ඤෙපි ඛීරභත‍්තං වා රසභත‍්තං වා ආකිරන‍්ති, ඛීරං වා රසං වා පිවතො අනාපත‍්ති. භුඤ‍්ජන‍්තෙන පන පඨමං ලද‍්ධමංසඛණ‍්ඩං වා භත‍්තපිණ‍්ඩං වා මුඛෙ පක‍්ඛිපිත්‍වා කොටිතො පට‍්ඨාය භුඤ‍්ජිතුං වට‍්ටති. සප‍්පිපායාසෙපි එසෙව නයො”ති.

“ද්වෙ තයො නිමන්තනෙ එකතො භුඤ්ජති” පැවරීම් දෙකතුනක් එක් පාත්‍රයෙක්හි බහා මිශ්‍රකොට එකක්කොට අනුභව කෙරේය යන අර්‍ත්‍ථයි. දෙතුන් කුලයක් පවරා එක් තැනක හිඳුවා එහෙන් මෙහෙන් ගෙණවුත් බත් දමත්ද, සූපබ්‍යඤ්ජන බහාලත්ද, එකට මිශ්‍රවේද, ඇවැත් නොවේයයි මහාපච්චරියෙහි කියනලදී. ඉදින් මුල් පැවරීම යටවේද, පැසුළු පැසුළු පැවරීම් මතුවේද, මතුවෙහි පටන් වළඳන මහණහුට ඇවැත් වේ. අත ඇතුළට ප්‍රවෙශකොට පළමු පැවරීමෙන් එක් පිඩක් උදුරා වැළඳූ කල පටන් යම් ඒ ලෙසකින් හෝ වළඳන්නහුට ඇවැත් නොවේ. ඉදින් එහි කිරි හෝ රසයක් හෝ වක්කෙරෙත්ද, යමකින් යටකළ බත එක් රසයෙක් වේද, කෙළවර පටන් වළඳන්නහුට ඇවැත් නොවේයයි මහාපච්චරියෙහි කියන ලදි. මහාර්‍ත්‍ථකථාවෙහි වනාහි කිරිබතක් හෝ රසබතක් ලැබ හුන්නහුගේ පාත්‍රයෙහි එහිම අන්‍යයෝද කිරිබතක් හෝ රසබතක් හෝ බහාලත්ද, කිරි හෝ රසය හෝ බොන ඒ මහණහුට ඇවැත් නොවේ. වළඳන්නහු විසින් පළමු ලද මස් කඩ හෝ බත් පිඩ හෝ මුඛයෙහි බහා කෙළවර පටන් වැළදීම වටියි. ගිතෙල් කිරිබතෙහිද මෙම නයය.

මහාඋපාසකො භික‍්ඛුං නිමන‍්තෙති, තස‍්ස කුලං උපගතස‍්ස උපාසකොපි තස‍්ස පුත‍්තදාරභාතිකභගිනිආදයොපි අත‍්තනො අත‍්තනො කොට‍්ඨාසං ආහරිත්‍වා පත‍්තෙ පක‍්ඛිපන‍්ති, උපාසකෙන පඨමං දින‍්නං අභුඤ‍්ජිත්‍වා පච‍්ඡා ලද‍්ධං භුඤ‍්ජන‍්තස‍්ස “අනාපත‍්තී”ති මහාඅට‍්ඨකථායං වුත‍්තං. කුරුන්‍දට‍්ඨකථායං පන වට‍්ටතීති වුත‍්තං. මහාපච‍්චරියං “සචෙ පාටෙක‍්කං පචන‍්ති, අත‍්තනො අත‍්තනො පක‍්කභත‍්තතො ආහරිත්‍වා දෙන‍්ති, තත්‍ථ පච‍්ඡා ආහටං පඨමං භුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං. යදි පන සබ‍්බෙසං එකොව පාකො හොති, පරම‍්පරභොජනං න හොතී”ති වුත‍්තං. මහාඋපාසකො නිමන‍්තෙත්‍වා නිසීදාපෙති, අඤ‍්ඤො මනුස‍්සො පත‍්තං ගණ‍්හාති, න දාතබ‍්බං. කිං භන‍්තෙ න දෙථාති? නනු උපාසක තයා නිමන‍්තිතම‍්හාති! හොතු භන‍්තෙ, ලද‍්ධං ලද‍්ධං භුඤ‍්ජථාති වදති, භුඤ‍්ජිතුං වට‍්ටති. අඤ‍්ඤෙන ආහරිත්‍වා භත‍්තෙ දින‍්නෙ ආපුච‍්ඡිත්‍වාපි භුඤ‍්ජිතුං වට‍්ටතීති කුරුන්‍දියං වුත‍්තං.

ගෘහස්වාමියෙක් තෙමේ මහණුන් පවරායි, ඒ කුලයට එළැඹි මහණහුගේ පාත්‍රයෙහි ගෘහස්වාමි තෙමේද, ඔහුගේ අඹුදරු බෑ බුහුන ආදීහුද තම තමන්ගේ කොටස් ගෙණවුත් පාත්‍රයෙහි බවත්, උපාසකයා විසින් පළමුව දුන් දෙය නොවළඳා පසුව ලද දෙය වළඳන මහණහුට ඇවැත්යි කියනලදී. කුරුන්‍දාර්‍ත්‍ථකථාවෙහි වටීයයි කියන ලදී. මහාපච්චරියෙහි ඉදින් වෙන්ව පිසත්ද, තමතමන්ට පිසූ බතින් ගෙණවුත් දෙත්ද, එහි පසුව ගෙනෙන ලද්ද, පළමු කොට වළඳන මහණහුට පාචිත්තිය වේ. ඉදින් සියල්ලන්ට එක්ම පාකයෙක් වේද, පරම්පරභොජනය නොවේයයි කියන ලදී. ගෘහස්වාමි තෙමේ පවරා හිඳුවයි. අන් මිනිසෙක් පාත්‍රය ගණියි. නොදිය යුතුය. ‘ස්වාමීනි’, කිම නොදෙවුදැ’යි ඇසූවිට ‘උපාසකය’ තා විසින් පවරන ලදුයෙම් නොවෙමි’යි කියයුතුය. ‘ස්වාමීනි’ වේවා, ලද ලද දෙය වළදවු’යි කියා නම් වැළදීම වටියි. අනිකෙකු විසින් ගෙණවුත් බත් දුන් කල්හි විචාරා වැළදීම වටීයයි කුරුන්‍දියෙහි කියනලදී.

අනුමොදනං කත්‍වා ගච‍්ඡන‍්තං ධම‍්මං සොතුකාමා “ස‍්වෙපි භන‍්තෙ ආගච‍්ඡෙය්‍යාථා”ති සබ‍්බෙ නිමන‍්තෙන‍්ති, පුනදිවසෙ ආගන‍්ත්‍වා ලද‍්ධං ලද‍්ධං භුඤ‍්ජිතුං වට‍්ටති. කස‍්මා? සබ‍්බෙහි නිමන‍්තිතත‍්තා. එකො භික‍්ඛු පිණ‍්ඩාය චරන‍්තො භත‍්තං ලභති, තමඤ‍්ඤො උපාසකො නිමන‍්තෙත්‍වා ඝරෙ නිසීදාපෙති, න ච තාව භත‍්තං සම‍්පජ‍්ජති. සචෙ සො භික‍්ඛු පිණ‍්ඩාය චරිත්‍වා ලද‍්ධභත‍්තං භුඤ‍්ජති, ආපත‍්ති. අභුත්‍වා නිසින‍්නෙ “කිං භන‍්තෙ න භුඤ‍්ජසී”ති වුත‍්තෙ “තයා නිමන‍්තිතත‍්තා”ති වත්‍වා ලද‍්ධං ලද‍්ධං භුඤ‍්ජථ භන‍්තෙ”ති වුත‍්තො භුඤ‍්ජති, වට‍්ටති.

අනුමොදනා කොට යන්නහුට බත් අසනු කැමැත්තෝ ‘ස්වාමීනි’ හෙටද වැඩිනු මැනැවැ’යි සියල්ලන් පවරත්ද, දෙවන දිනයෙහි අවුත් ලද ලද දෙය වැළඳීම වටියි. කුමක් හෙයින, යන්:- සියල්ලන් විසින් පැවරූ බැවිනි. එක් මහණෙක් පිඩු පිණිස හැසිරෙන්නේ බත් ලබයි. අන් උපාසකයෙක් ඔහු පවරා ගෙයි හිඳුවයි. එහෙත් මෙතෙක් බත් පිළියෙල නොවූයේය. ඉදින් ඒ මහණ තෙමේ පිඩු පිණිස හැසිර ලද බත වළඳා නම් ඇවැත් වේ. නොවළඳා හුන් කල්හි ‘ස්වාමීනි’ කිම නොවළඳහිදැ’යි ඇසූ කල්හි ‘තා විසින් පැවරූ බැවිනැ’යි කියා ‘ස්වාමීනි’ ලද ලද දෙය වළඳවු’යි කියන ලද්දේ වළදා නම් වටියි.

සකලෙන ගාමෙනාති සකලෙන ගාමෙන එකතො හුත්‍වා නිමන‍්තිතස‍්සෙව යත්‍ථ කත්‍ථචි භුඤ‍්ජතො අනාපත‍්ති. පූගෙපි එසෙව නයො. නිමන‍්තියමානො භික‍්ඛං ගහෙස‍්සාමීති භණතීති “භත‍්තං ගණ‍්හා”ති නිමන‍්තියමානො “න මය‍්හං තව භත‍්තෙනත්‍ථො, භික‍්ඛං ගණ‍්හිස‍්සාමී”ති වදති. එත්‍ථ පන මහාපදුමත්‍ථෙරො ආහ – “එවං වදන‍්තො ඉමස‍්මිං සික‍්ඛාපදෙ අනිමන‍්තනං කාතුං සක‍්කොති, භුඤ‍්ජනත්‍ථාය පන ඔකාසො කතො හොතීති නෙව ගණභොජනතො න චාරිත‍්තතො මුච‍්චතී”ති. මහාසුමත්‍ථෙරො ආහ – “යදග‍්ගෙන අනිමන‍්තනං කාතුං සක‍්කොති, තදග‍්ගෙන නෙව ගණභොජනං න චාරිත‍්තං හොතී”ති. සෙසං උත‍්තානමෙව.

“සකලෙන ගාමෙන” සියලු ගම්වැසියන් එක්ව පවරන ලදුවම යම් කිසි තැනක හිඳ වළදන මහණහුට ඇවැත් නොවේ. සමූහයා කෙරෙහිද මේ නයම වේ. “නිමන්තියමානො භික්‍ඛං ගහෙස්සාමිති භණති” බත් ගණුව’යි පවරනු ලබන්නේ ‘තාගේ බතින් මට ප්‍රයෝජන නැත්තේය. භික්‍ෂාව ගන්නෙමි’යි කියයි. මහාපදුම ස්ථවිරයන් වහන්සේ මෙසේ කියමින් මේ ශික්‍ෂාපදයෙහි නොපැවරීම කරන්නට හැක්කේය. වළඳනු පිණිස අවකාශ කරන ලද්දේ වේයයිද, ගණභොජනයෙන් නොමිදේමය. චාරිත්‍රයෙන් නොමිදේයයිද කීහ. මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ ‘යම් කරුණකින් නොපැවරීම කරන්නට හැක්කේද, ඒ කරුණෙන් ගණභොජනය නොම වේ. චාරිත්‍රය නොවේය’යි කීහ. සෙස්ස ප්‍රකටමය.

කථිනසමුට‍්ඨානං – කායවාචතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියාකිරියං එත්‍ථ හි භොජනං කිරියා, අවිකප‍්පනං අකිරියා, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන් කායවාචාචිත්තයෙන්ද උපදි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. මෙහි වැළදීම ක්‍රියාසමුත්‍ථානය. විකපනය නොකිරීම අක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

පරම‍්පරභොජනසික‍්ඛාපදං තතියං.

තෙවන පරම්පර භොජන ශික්‍ෂාපදයයි

කාණමාතාසික‍්ඛාපදවණ‍්ණනා

කාණමාතු ශික්‍ෂාපද වර්ණනාව

චතුත්‍ථසික‍්ඛාපදෙ – කාණමාතාති කාණාය මාතා. සා කිරස‍්සා ධීතා අභිරූපා අහොසි, යෙ යෙ තං පස‍්සන‍්ති, තෙ තෙ රාගෙන කාණා හොන‍්ති, රාගන්‍ධා හොන‍්තීති අත්‍ථො. තස‍්මා පරෙසං කාණභාවකරණතො “කාණා”ති විස‍්සුතා අහොසි. තස‍්සා වසෙන මාතාපිස‍්සා “කාණමාතා”ති පාකටා ජාතා. ආගතන‍්ති ආගමනං. කිස‍්මිං වියාති කීදිසං විය; ලජ‍්ජනකං විය හොතීති අධිප‍්පායො. රිත‍්තහත්‍ථං ගන‍්තුන‍්ති රිත‍්තා හත්‍ථා අස‍්මිං ගමනෙ තදිදං රිත‍්තහත්‍ථං, තං රිත‍්තහත්‍ථං ගමනං ගන‍්තුං ලජ‍්ජනකං විය හොතීති වුත‍්තං හොති. පරික‍්ඛයං අගමාසීති උපාසිකා අරියසාවිකා භික‍්ඛූ දිස‍්වා සන‍්තං අදාතුං න සක‍්කොති, තස‍්මා තාව දාපෙසි, යාව සබ‍්බං පරික‍්ඛයං අගමාසි. ධම‍්මියා කථායාති එත්‍ථ කාණාපි මාතු අත්‍ථාය දෙසියමානං ධම‍්මං සුණන‍්තී දෙසනාපරියොසානෙ සොතාපන‍්නා අහොසි. උට‍්ඨායාසනා පක‍්කාමීති ආසනතො උට‍්ඨහිත්‍වා ගතො. සොපි පුරිසො “සත්‍ථා කිර කාණමාතාය නිවෙසනං අගමාසී”ති සුත්‍වා කාණං ආනෙත්‍වා පකතිට‍්ඨානෙයෙව ඨපෙසි.

චතුත්‍ථ ශික්‍ෂාපදයෙහි “කාණමාතා” කාණාවගේ මවුතොමෝය. මැයගේ දූතොමෝ විශිෂ්ට රූ ඇත්තීවූය. යම් යම් කෙනෙක් ඇය දකිත්ද, ඒ ඒ අය රාගයෙන් කණවෙත්. රාගයෙන් අන්‍ධ වෙත්ය. යන අර්‍ත්‍ථයි. එහෙයින් අන්හුගේ කණබව කරන හෙයින් කාණායි ප්‍රසිද්ධවූය. ඇයගේ වසයෙන් මවු තොමෝද ‘කාණමාතා’යි ප්‍රකට වූවාය. “ආගතං” ඊමය. “කිස්මිං විය” කෙබන්දක් මෙන් ලජ්ජාවීමක් මෙන් වේය යන අදහසය. “රිත්තහත්‍ථං ගන්තුං” හිස් අත් ඇති මේ ගමනෙහි. ඒ මේ හිස් අත් ඇති. මේ ගමනෙහි. ඒ මේ හිස් අත් ඇති. ඒ හිස් අත් ඇති ගමන යන්නට ලජ්ජා ඇතියකු මෙන් වේයයි කියන ලද්දේ වේ. “පරික්‍ඛයං අගමාසි” උපාසිකා තොමෝ ආර්‍ය්‍යශ්‍රාවිකාය. මහණුන් දැක ඇත්තාවූ දෙයක් නොදෙන්නට නොහැක්කීය. යම්තාක් සියල්ල ක්‍ෂයට ගියේද, ඒතාක් දෙවීය. “ධම්මියා කථාය” මෙහි කාණාතොමෝද මවු පිණිස දෙසනු ලබන ධර්‍මය අසන්නී දෙශනාවගේ කෙළවර සෝවාන් වූය. “උට්ඨායාසනා පක්කාමි” අසුනෙන් නැගිට ගියාය. ඒ පුරුෂ තෙමේද, ශාස්තෲන් වහන්සේ වනාහි කාණමාතාවගේ ගෙට වැඩිසේකැයි අසා කාණාව ගෙන්වා පළමු තනතුරෙහිම තැබූයේය.

ඉමස‍්මිං පන වත්‍ථුස‍්මිං උප‍්පන‍්නමත‍්තෙ අප‍්පඤ‍්ඤත‍්තෙයෙව සික‍්ඛාපදෙ පාථෙය්‍යවත්‍ථු උදපාදි, තස‍්මා අනන‍්තරමෙව චෙතං දස‍්සෙතුං “තෙන ඛො පන සමයෙනා”තිආදි වුත‍්තං. සොපි ච උපාසකො අරියසාවකත‍්තා සබ‍්බමෙව දාපෙසි. තෙන වුත‍්තං – “පරික‍්ඛයං අගමාසී”ති.

මේ වස්තුව උපන් ඇසිල්ලෙහි වනාහි ශික්‍ෂාපදය නොපැනවූ කල්හිම පාථෙය්‍ය වස්තුව පහළ වූයේය. එහෙයින් අනතුරුවමද මෙය දක්වන්නට “තෙන ඛො පන සමයෙන” යනාදිය වදාරන ලද්දේය. ඒ උපාසක තෙමේද ආර්‍ය්‍යශ්‍රාවක බැවින් සියල්ලම දෙවූයේය. එහෙයින් “පරික්‍ඛයං අගමාසි”යි කියන ලදී.

යංකිඤ‍්චි පහෙණකත්‍ථායාති පණ‍්ණාකාරත්‍ථාය පටියත‍්තං යංකිඤ‍්චි අතිරසකමොදකසක‍්ඛලිකාදි සබ‍්බං ඉධ පූවොත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. යංකිඤ‍්චි පාථෙය්‍යත්‍ථායාති මග‍්ගං ගච‍්ඡන‍්තානං අන‍්තරාමග‍්ගත්‍ථාය පටියත‍්තං යංකිඤ‍්චි බද‍්ධසත‍්තුඅබද‍්ධසත‍්තුතිලතණ‍්ඩුලාදි සබ‍්බං ඉධ මන්‍ථොත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. තතො චෙ උත‍්තරින‍්ති සචෙපි තතියං පත‍්තං ථූපීකතං ගණ‍්හාති, පූවගණනාය පාචිත‍්තියං.

“යං කිඤ්චි පහෙණකත්‍ථාය” පඬුරු පිණිස පිළියෙල කළ යම්කිසි අතිරස අග්ගල, තලකැරලි ආදි සියල්ල මෙහි “පුව”යි ගිණීමට යයි. “යං කිඤ්චි පාථෙය්‍යත්‍ථාය” මග යන්නවුන්ට අතරමග පිණිස පිළියෙල කළ යම්කිසි බැදිපිටි නොබැදිපිටි තලසහල් ආදී සියල්ල මෙහි මත්‍ථයි කියාම ගිණීමට යයි. “තතො චෙ උත්තරිං” ඉදින් තෙවන පාත්‍රය මුදුන් කරන ලදුව ගණීද, මුවවිට යට රෙඛාව පටන් මතුවෙහි තුබූ පූ ගණනින් පාචිත්තිය වේ.

ද‍්වත‍්තිපත‍්තපූරෙ පටිග‍්ගහෙත්‍වාති මුඛවට‍්ටියා හෙට‍්ඨිමලෙඛාය සමපූරෙ පත‍්තෙ ගහෙත්‍වා. අමුත්‍ර මයා ද‍්වත‍්තිපත‍්තපූරාති එත්‍ථ සචෙ ද‍්වෙ ගහිතා, “අත්‍ර මයා ද‍්වෙ පත‍්තපූරා පටිග‍්ගහිතා, ත්‍වං එකං ගණ‍්හෙය්‍යාසී”ති වත‍්තබ‍්බං. තෙනාපි අඤ‍්ඤං පස‍්සිත්‍වා “පඨමං ආගතෙන ද‍්වෙ පත‍්තපූරා ගහිතා, මයා එකො, මා ත්‍වං ගණ‍්හී”ති වත‍්තබ‍්බං. යෙන පඨමං එකො ගහිතො, තස‍්සාපි පරම‍්පරාරොචනෙ එසෙව නයො. යෙන පන සයමෙව තයො ගහිතා, තෙන අඤ‍්ඤං දිස‍්වා “මා ඛො එත්‍ථ පටිග‍්ගණ‍්හි” ච‍්චෙව වත‍්තබ‍්බං. පටික‍්කමනං නීහරිත්‍වාති ආසනසාලං හරිත්‍වා, ආසනසාලං ගච‍්ඡන‍්තෙන ච ඡඩ‍්ඩිතසාලා න ගන‍්තබ‍්බා. යත්‍ථ මහා භික‍්ඛුසඞ‍්ඝො නිසීදති, තත්‍ථ ගන‍්තබ‍්බං. මහාපච‍්චරියං පන වුත‍්තං “යා ලද‍්ධට‍්ඨානතො ආසන‍්නා ආසනසාලා, තත්‍ථ ගන‍්තබ‍්බං. අත‍්තනො ‘සන්‍දිට‍්ඨානං වා සම‍්භත‍්තානං වා එකනිකායිකානං වා දස‍්සාමී’ති අඤ‍්ඤත්‍ථ ගන‍්තුං න ලබ‍්භති. සචෙ පනස‍්ස නිබද‍්ධනිසීදනට‍්ඨානං හොති, දූරම‍්පි ගන‍්තුං වට‍්ටතී”ති.

“ද්වත්තිපත්තපූරෙ පටිග්ගහෙත්‍වා” මුවවිට යට රෙඛාව පටන් සමව පිරුනු පාත්‍ර ගෙණ “අත්‍ර මයා ද්වත්තිපත්තපූරා” මෙහි ඉදින් පාත්‍ර දෙකක් පිළිගන්නා ලද්දේ නම්. මෙහි මා විසින් පාත්‍ර දෙකක් පුරා පිළිගන්නා ලද්දේය. තෝ එකක් ගණුව’යි කියයුතුය. ඔහු විසින්ද අන් මහණකු දැක පළමු කොට ආවහු විසින් පාත්‍ර දෙකක් පුරා ගන්නා ලද්දේය. මා විසින් එක් පාත්‍රයක් ගන්නා ලද්දේය. තෝ නොගණුව’යි කියයුතුය. යමකු විසින් පළමු කොට එකක් ගන්නා ලද්දේ ද, ඔහුගේද, පරම්පරාරොචනයෙහි මේ නයම වේ. යම් මහණකු විසින් තමන් විසින්ම තුනක් ගන්නා ලද්දේ ද, ඒ මහණහු විසින් අන් මහණකු දැක ‘මෙහි තෝ නොපිළිගනුව’යි මෙසේ කියයුතුය. “පටික්කමනං හරිත්‍වා” අසුන්හලට ගෙන ගොස් අසුන්හලට යන්නහු විසින්ද, හැරදැමූ ශාලාවට නොයා යුතුය. යම් තැනක මහා භික්‍ෂු සඞ්ඝතෙමේ හිඳීද, හැරදැමූ ශාලාවට නොයායුතුය. යම් තැනක මහාභික්‍ෂු සඞ්ඝ තෙමේ හිඳීද, එහි යායුතුය. මහාපච්චරියෙහි වනාහි ‘යම් ශාලාවක් තොමෝ භික්‍ෂාව ලද තැනින් ආසන්න වූ ආසන ශාලාවක් වීද, එහි යායුතුය. සන්‍දිට්ඨසම්භක්තයන්ට හෝ ස්වනිකායන්ට හෝ දෙන්නෙමි’යි අන් තැනක යන්නට නොලබයි. ඉදින් මොහුගේ නිබඳ හිඳින තැනක් වේද, දුරද යන්නට වටීයයි කියන ලදී.

සංවිභජිතබ‍්බන‍්ති සචෙ තයො පත‍්තපූරා ගහිතා, එකං අත‍්තනො ඨපෙත්‍වා ද‍්වෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස දාතබ‍්බා. සච‍්චෙ ද‍්වෙ ගහිතා, එකං අත‍්තනො ඨපෙත්‍වා එකො සඞ‍්ඝස‍්ස දාතබ‍්බො, යථාමිත‍්තං පන දාතුං න ලබ‍්භති. යෙන එකො ගහිතො, න තෙන කිඤ‍්චි අකාමා දාතබ‍්බං, යථාරුචි කාතබ‍්බං.

“සංවිභජිතබ්බං” ඉදින් පාත්‍ර තුනක් පුරා ගන්නා ලද්දේ ද, එකක් තමන්ට ලබා දෙකක් භික්‍ෂු සඞ්ඝයාහට දියයුතුය. දෙකක් ගන්නා ලද්දේ නම් එකක් තමන්ට තබා එක් පාත්‍රයක් සඞ්ඝයාහට දියයුතුය. මිතුරු ලෙසින් දෙන්නට නොලබයි. යම් මහණකු විසින් එක් පාත්‍රයක් ගන්නා ලද්දේ ද, ඔහු විසින් නොකැමැත්තෙන් කිසිවක් නොදිය යුතුය. කැමැතිසේ කටයුතුය.

ගමනෙ පටිප‍්පස‍්සද‍්ධෙති අන‍්තරාමග‍්ගෙ උපද‍්දවං වා දිස‍්වා අනත්‍ථිකතාය වා “මයං ඉදානි න පෙසිස‍්සාම, න ගමිස‍්සාමා”ති එවං ගමනෙ පටිප‍්පස‍්සද‍්ධෙ උපච‍්ඡින‍්නෙ. ඤාතකානං පවාරිතානන‍්ති එතෙසං බහුම‍්පි දෙන‍්තානං පටිග‍්ගණ‍්හන‍්තස‍්ස අනාපත‍්ති. අට‍්ඨකථාසු පන “තෙසම‍්පි පාථෙය්‍යපහෙණකත්‍ථාය පටියත‍්තතො පමාණමෙව වට‍්ටතී”ති වුත‍්තං. සෙසං උත‍්තානමෙව.

“ගමනෙ පටිප්පස්සද්ධෙ” අතර මග උවදුරක් හෝ දැක ප්‍රයෝජන රහිත බැවින් හෝ ‘අපි දැන් නොයවන්නෙමු, නොයන්නෙමු’යි මෙසේ වැළකුනු කල්හි සිඳුනු කල්හි “ඤාතකාතං පවාරිතානං” මේ නෑයන් බොහෝ කොට දෙන කල්හි දෙතුන් පාත්‍රයකට වඩා පිළිගන්නා මහණහුට ඇවැත් නොවේ. අර්‍ත්‍ථ කථාවන්හි වනාහි ඒ නෑයන්ගේද පඬුරු මගවියදම් පිණිස පිළියෙල කොට යවන ලද දෙයින් පමණම වටීයයි කියන ලදී. සෙස්ස ප්‍රකටමය.

ඡසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

කාණමාතාසික‍්ඛාපදං චතුත්‍ථං.

සිවුවන කාණමාතුශික්‍ෂාපදයයි.