යෙදුමෙන් කියවන්න

පරම‍්පරභොජන සික‍්ඛාපදං

6. 4. 3.

6. 4. 3.

පරම‍්පරභොජන සික‍්ඛාපදං

පරම්පරභෝජන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන වෙසාලියං පණීතානං භත‍්තානං භත‍්තපටිපාටි අට‍්ඨිතා හොති. අථ ඛො අඤ‍්ඤතරස‍්ස දළිද‍්දස‍්ස කම‍්මකාරස‍්ස එතදහොසි: “න ඛො ඉදං ඔරකං භවිස‍්සති, යථා ඉමෙ මනුස‍්සා සක‍්කච‍්චං භත‍්තං කරොන‍්ති, යන‍්නූනාහම‍්පි භත‍්තං කරෙය්‍යන‍්ති.” අථ ඛො සො දළිද‍්දො කම‍්මකාරො යෙන කිරපතිකො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං කිරපතිකං එතදවොච:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි විසල්පුරැ පිණිබත්වලින් බත්පිළිවෙළෙක් තබන ලද්දේ වෙයි. එකල්හි එක්තරා දිළිඳු කම්කරුවකුහට මෙ සිත විය: “යම් සේ මේ මිනිස්සු සකසා බත් තැබීම කෙරෙද්ද, මේ නම් ලමුවැඩෙක් නො වේ මැ යි, යම් හෙයෙකින් මම ද බතක් කරන්නෙම් නම් ඉතා යෙහෙකැ” යි. එකල්හි ඒ දිළිඳු කම්කරුවා කිරපතිකයා වෙත එළැඹියේ යැ. එළැඹැ ඒ කිරපතිකයා හට මෙය කී යැ:

ඉච‍්ඡාමහං අය්‍යපුත‍්ත, බුද‍්ධ පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස භත‍්තං කාතුං, දෙහි මෙ වෙතනන‍්ති”. සොපි ඛො කිරපතිකො සද‍්ධො හොති පසන‍්නො. අථ ඛො සො කිරපතිකො තස‍්ස දළිද‍්දස‍්ස කම‍්මකාරස‍්ස අබ‍්භාතිරෙකං වෙතනං අදාසි. අථ ඛො සො දළිද‍්දො කම‍්මකාරො යෙන භගවා තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො දළිද‍්දො කම‍්මකාරො භගවන‍්තං එතදවොච: “අධිවාසෙතු මෙ භන‍්තෙ භගවා ස‍්වාතනාය භත‍්තං සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙනා”ති. “මහා ඛො ආවුසො භික‍්ඛුසඞ‍්ඝො ජානාහීති හොතු භන‍්තෙ මහා භික‍්ඛුසඞ‍්ඝො, බහූ මෙ බදරා පටියත‍්තා බදරමිස‍්සෙනපය්‍යා පරිපූරිස‍්සන‍්තීති. අධිවාසෙසි භගවා තුණ‍්හීභාවෙන. අථ ඛො සො දළිද‍්දො කම‍්මකරො භගවතො අධිවාසනං විදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි.

“හිමි පුත, මම් බුදුපාමොක් බික්සඟනට බතක් කරන්නට කැමැත්තෙමි, මාගේ වැටුප් දෙනුමැනැවැ” යි. ඒ කිරපතිකයා ද සැදැහැතියේ පහන් වූයේ වෙයි. එකල්හි ඒ කිරපතිකයා ඒ දිළිඳු කම්කරුවාහට අතිරේක දීමනා සහිත වැටුප දින. ඉක්බිති ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන් වෙතැ එළැඹි යේ යැ. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා වූ ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන් හට මෙය කී යැ: “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාගේ බත සෙට දවසට බික්සඟන සමඟ ඉවසනසේක්ව” යි. ඇවැත, බික්සඟන බොහෝ යැ, (පමණ) දනුව යි. ස්වාමීනි, භික්‍ෂුසඞ්ඝයා බොහෝ වේවා, මා විසින් බොහෝ ඩෙබර පිළියෙළ කරන ලදහ. ඩෙබරමුසු අහරින් පින්වත් හිමිවරු පිනා යෙත්ව යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළසේකැ. එකල්හි ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන්ගේ ඉවසීම දැනැ අස්නෙන් නැඟිට භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට නික්මැ ගියේ යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ දළිද‍්දෙන කිර කම‍්මකාරෙන ස‍්වාතනාය බුද‍්ධපමුඛො භික‍්ඛුසඞ‍්ඝො නිමන‍්තිතො, බදරමිස‍්සෙනපය්‍යා පරිපූරිස‍්සන‍්තීති. තෙ කාලස‍්සෙව පිණ‍්ඩාය චරිත්‍වා භුඤ‍්ජිංසු. අස‍්සොසුං ඛො මනුස‍්සා දළිද‍්දෙන කිර කම‍්මකාරෙන බුද‍්ධපමුඛො භික‍්ඛුසඞ‍්ඝො නිමන‍්තිතොති. තෙ දළිද‍්දස‍්ස කම‍්මකාරස‍්ස පහූතං ඛාදනීයං භොජනීයං අභිහරිංසු.

2. ඒ දිළිඳු කම්කරුවා විසින් ඩෙබරමුසු අහරින් වත් ආර්‍ය්‍යයෝ පිනායෙත්වා’යි හෙට දවසට බුදුපාමොක් බික්සඟන නිමතන ලදැ යි භික්‍ෂූහු ඇසූහු. ඔවුහු කල්තබා මැ පිඬු පිණිස හැසිරැ වැළඳූහ. මිනිස්සු දිළිඳු කම්කරුවා විසින් බුදුපාමොක් බික්සඟන නිමතන ලදැ යි ඇසූහු යි. ඔවුහු බොහෝ කෑ යුතු බිඳිය යුතු දැය ඒ දිළිඳු කම්කරුවා වෙතැ එළවූහ.

3. අථ ඛො සො දළිද‍්දො කම‍්මකාරො තස‍්සා රත‍්තියා අච‍්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්‍වා භගවතො කාලං ආරොචාපෙසි. කාලො භන‍්තෙ නිට‍්ඨිතං භත‍්තන‍්ති. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන තස‍්ස දළිද‍්දස‍්ස කම‍්මකරස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. සද‍්ධිං භික‍්ඛුසඞ‍්ඝෙන. අථ ඛො සො දළිද‍්දො කම‍්මකරො භත‍්තග‍්ගෙ භික‍්ඛූ පරිවිසති. භික‍්ඛූ එවමාහංසු: “ථොකං ආවුසො දෙහි, ථොකං ආවුසො දෙහී”ති. මා ඛො තුම‍්හෙ භන‍්තෙ අයං දළිද‍්දො කම‍්මකරොති ථොකං ථොකං පටිගණ‍්හිත්‍ථ, පහූතං මෙ ඛාදනීයං භොජනීයං පටියත‍්තං පටිග‍්ගණ‍්හාථ භන‍්තෙ යාවදත්‍ථන‍්ති. න ඛො මයං ආවුසො එතං කාරණා ථොකං ථොකං පටිග‍්ගණ‍්හාම අපි ච මයං කාලස‍්සෙව පිණ‍්ඩාය චරිත්‍වා භුඤ‍්ජිම‍්හා, තෙන මයං ථොකං ථොකං පටිග‍්ගණ‍්හාමාති. අථ ඛො සො දළිද‍්දො කම‍්මකාරො උජ‍්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භදන‍්තා මයා නිමන‍්තිතා අඤ‍්ඤත්‍ර භුඤ‍්ජිස‍්සන‍්ති, න චාහං පටිබලො යාවදත්‍ථං දාතුන‍්ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තස‍්ස දළිද‍්දස‍්ස කම‍්මකාරස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස.

3. එකල්හි ඒ දිළිඳු කම්කරුවා ඒ රැය ඇවෑමෙන් පිණි කැවිලි බොජුන් පිළියෙල කොට භාග්‍යවතුන්හට කල් දන්වා යැවී ය. ස්වාමීනි, මේ කාලය යි, බත් නිමියේ යි. එකල්හි භාග්‍යවත්හු පෙරවරුයෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන ඒ දුළිඳු කම්කරුවාගේ නිවසට එළඹියහ. එළැඹැ පනවන ලද අසුනෙහි භික්‍ෂුසංඝයා සමඟ වැඩ හුන්හු. එකල්හි ඒ දිළිඳු කම්කරුවා භක්තාග්‍රයෙහි භික්‍ෂූන් වළඳවයි. භික්‍ෂූහු මෙසේ කීහ. ඇවැත, මඳක් දෙව, ඇවැත මඳක් දෙව. ස්වාමීනි, මුඹවහන්සේලා මේ දිළිඳු කම්කරුවෙකැයි මඳ මඳ කොට නො පිළිගනු මැනැවි. මා විසින් බොහෝ කැවිලි බොජුන් අහර පිළියෙළ කරන ලදී. ස්වාමීනි, කැමැතිතාක් පිළිගනු මැනැවි. ඇවැත, ඇපි මෙකරුණින් මඳ මඳ කොට නො පිළිගනුම්හ. තවද ඇපි කල්තබා මැ පිඬු පිණිස හැසිරැ වැළැඳුම්හ. එහෙයින් අපි මඳ මඳ පිළිගනුම්හ. එකල්හි ඒ දිළිඳු කම්කරුවා ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. කෙසේ නම් වහන්දෑ මා විසින් නිමතන ලද්දාහු අන් තැනෙක වැළැඳුහු ද? මම් ද කැමැතිතාක් දීමට සමර්‍ත්‍ථ නො වෙම් ද? භික්‍ෂූහු ලමු කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන ඒ දිළිඳු කම්කරුවා ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යි.

4. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම භික‍්ඛූ අඤ‍්ඤත්‍ර නිමන‍්තිතා අඤ‍්ඤත්‍ර භුඤ‍්ජිස‍්සන‍්තීති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛූ අඤ‍්ඤත්‍ර නිමන‍්තිතා අඤ‍්ඤත්‍ර භුඤ‍්ජන‍්තීති? සච‍්චං භගවා විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික‍්ඛවෙ මොඝපුරිසා අඤ‍්ඤත්‍ර නිමන‍්තිතා අඤ‍්ඤත්‍ර භුඤ‍්ජිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

4. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් භික්‍ෂූහු අන්තැනෙකැ නිමතන ලද්දාහු අන් තැනෙකැ වැළැඳූහු ද? ... සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු අන්තැනෙකැ නිමතන ලද්දාහු අන් තැනෙකැ වළඳද්ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ අන් තැනෙකැ නිමතන ලද්දාහු අන් තැනෙකැ වැළඳූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:

“පරම‍්පරභොජනෙ පාචිත‍්තිය”න‍්ති.

“පරම්පර භෝජනයෙහි පචිති වේ” ය යි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

5. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ගිලානො හොති අඤ‍්ඤතරො භික‍්ඛු පිණ‍්ඩපාතං ආදාය යෙන සො භික‍්ඛු තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා තං භික‍්ඛුං එතදවොච: “භුඤ‍්ජාහි ආවුසො”. අලං ආවුසො අත්‍ථි මෙ භත‍්තපච‍්චාසාති තස‍්ස භික‍්ඛුනො පිණ‍්ඩපාතො උස‍්සූරෙ ආහරීයිත්‍ථ. සො භික‍්ඛු න චිත‍්තරූපං භුඤ‍්ජි. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ ගිලානෙන භික‍්ඛුනා පරම‍්පරභොජනං භුඤ‍්ජිතුං”. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

5. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් ගිලන්වූයේ වෙයි. එක්තරා මහණෙක් පිණ්ඩපාතය ගෙනැ ඒ භික්‍ෂු යම් තැනෙක ද එතැනට එළැඹියේ යි, එළැඹැ ඒ මහණහට මෙය කීය: ඇවැත වළඳන්න, කම් නැත ඇවැත, මා විසින් ඉවසූ බතෙක් ඇත. ඒ භික්‍ෂුහුගේ පිණ්ඩපාතය ඉතා දවාලෙහි ගෙනෙනු ලැබීයැ. ඒ භික්‍ෂු තෙමේ සිත්සේ නො වැළැඳී යැ. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූහ: “මහණෙනි, ගිලන්මහණහු විසින් පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි” මහණෙනි, තවද මෙසේ මේ සිකපදය උදෙසවු:

“පරම‍්පරභොජනෙ, අඤ‍්ඤත්‍ර සමයා පාචිත‍්තියං, තත්‍ථායං සමයො ගිලානසමයො අයං තත්‍ථ සමයො”ති.

“සුදුසු සමය තබා පරම්පර භෝජනයෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ගිලන්සමය යැ එහි මේ සුදුසු සමය යි.”

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

6. තෙන ඛො පන සමයෙන මනුස‍්සා චීවරදානසමයෙ සචීවරභත‍්තං පටියාදෙත්‍වා භික‍්ඛූ නිමන‍්තෙන‍්ති: “භොජෙත්‍වා චීවරෙන අච‍්ඡාදෙස‍්සාමා”ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා නාධිවාසෙන‍්ති “පටික‍්ඛිත‍්තං භගවතා පරම‍්පරභොජන”න‍්ති චීවරං පරිත‍්තං උප‍්පජ‍්ජති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික‍්ඛවෙ චීවරදානසමයෙ පරම‍්පරභොජනං භුඤ‍්ජිතුං”. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

6. එසමයෙහි මිනිස්සු සිවුරු දෙන සමයෙහි සිවුරුබතක් පිළියෙළ කොට වළඳවා සිවුරු දෙම්හ යි භික්‍ෂූන්හට නිමතත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් පරම්පරභෝජනය ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුස් කරනුවෝ නො ඉවසත්. මඳ සිවුරෙක් උපදී. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු දෙනසමයෙහි පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි.” මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

“පරම‍්පරභොජනෙ අඤ‍්ඤත්‍ර සමයා පාචිත‍්තියං තත්‍ථායං සමයො ගිලානසමයො චීවරදානසමයො අයං තත්‍ථ සමයො”ති.

“සුදුසු සමය තබා පරම්පර භෝජනයෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ගිලන් සමය යැ, සිවුරු දෙනසමය යැ, මෙහි ඒ සුදුසු සමය යි.”

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

7. තෙන ඛො පන සමයෙන මනුස‍්සා චීවරකාරකෙ භික‍්ඛූ භත‍්තෙන නිමන‍්තෙන‍්ති. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා නාධිවාසෙන‍්ති “පටික‍්ඛිත‍්තං භගවතා පරම‍්පරභොජන”න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික‍්ඛවෙ චීවරකාරසමයෙ පරම‍්පරභොජනං භුඤ‍්ජිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

7. එසමයෙහි වනාහි මිනිස්සු සිවුරු කරන මහණුන්ට බතින් නිමතත්. භික්‍ෂූහු භාග්‍යවතුන් විසින් පරම්පරභෝජනය ප්‍රතික්‍ෂේප කරන ලදැයි කුකුස් කරනුවෝ නො ඉවසත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු කරන සමයෙහි පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“පරම‍්පරභොජනෙ අඤ‍්ඤත්‍ර සමයා පාචිත‍්තියං තත්‍ථායං සමයො ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අයං තත්‍ථ සමයො”ති.

“සුදුසු සමය තබා පරම්පරභෝජනයෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි ගිලන් සමය යැ සිවුරු දෙනසමය යැ සිවුරු කරනසමය යැ, මේ එහි සුදුසු සමය යි.”

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

8. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ආයස‍්මතා ආනන්‍දෙන පච‍්ඡාසමණෙන යෙන අඤ‍්ඤතරං කුලං තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. අථ ඛො තෙ මනුස‍්සා භගවතො ච ආයස‍්මතො ච ආනන්‍දස‍්ස භොජනං අදංසු. ආයස‍්මා ආනන්‍දො කුක‍්කුච‍්චායන‍්තො න පටිගණ‍්හාති. පටිගණ‍්හාහි ආනන්‍දා”ති. අලං භගවා අත්‍ථි මෙ භත‍්තපච‍්චාසාති. තෙනහානන්‍ද, විකප‍්පෙත්‍වා ගණ‍්හාහීති. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි: “අනුජානාමි භික‍්ඛවෙ විකප‍්පෙත්‍වා පරම‍්පරභොජනං භුඤ‍්ජිතුං”, එවඤ‍්ච පන භික‍්ඛවෙ විකප‍්පෙතබ‍්බං: මය‍්හං භත‍්තපච‍්චාසං ඉත්‍ථන‍්නාමස‍්ස දම‍්මීති.

8. එකල්හි භාග්‍යවත්හු පෙරවරුයෙහි හැඳ පෙර වැ පා සිවුරු ගෙන ආයුෂ්මත් ආනන්‍දයන් පසුමහණුන් කොට එක්තරා කුලයකට එළැඹියහ. එළැඹැ පනවන ලද අසුනෙහි වැඩැහුන්හු. එකල්හි ඒ මිනිස්සු භාග්‍යවතුන්හට ද ආයුෂ්මත් ආනන්‍දයන්හට ද භෝජනය දුන්හ. ආයුෂ්මත් ආනන්‍දයෝ කුකුස් කරනුවෝ නො ඉවසති. පිළිගනු ව ආනන්‍ද, කම් නැති භාග්‍යවතුනි, මා විසින් ඉවසූ බතෙක් ඇත. එසේ නම් ආනන්‍ද විකපා පිළිගනුව. එකල්හි භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූහ. “මහණෙනි, විකල්පනය කොට පරම්පරභෝජනය වළඳන්නට අනුදනිමි,” මහණෙනි, ‘මා ඉවසූ බත මෙනම්හුට දෙමි’යි මෙසේ විකල්පනය කළයුතු යි.

9. පරම‍්පරභොජනං නාම: පඤ‍්චන‍්නං භොජනානං අඤ‍්ඤතරෙන භොජනෙන නිමන‍්තිතො තං ඨපෙත්‍වා අඤ‍්ඤං පඤ‍්චන‍්නං භොජනානං අඤ‍්ඤතරං භොජනං භුඤ‍්ජති, එතං පරම‍්පරභොජනං නාම.

9. පරම්පරභෝජනය නම්: පස්බොජුන් අතුරෙන් එක්තරා බොජුනකින් නිමතන ලද්දේ එය තබා පස් බොජුන් අතුරෙන් එක්තරා අන් බොජුනක් වළඳයි. මේ පරම්පරභෝජන නම් වේ.

අඤ‍්ඤත්‍ර සමයාති ඨපෙත්‍වා සමයං.

අඤ්ඤත්‍රසමයා: සුදුසු සමය තබා.

ගිලානසමයො නාම: න සක‍්කොති එකාසනෙ නිසින‍්නො යාවදත්‍ථං භුඤ‍්ජිතුං ගිලානසමයොති භුඤ‍්ජිතබ‍්බං.

ගිලානසමය නම්: එක් අසුනෙහි හුන්නේ කැමැති තාක් වළඳන්නට නො හැකිවේ ද, ගිලන්සමය යැ යි වැළඳියයුතු.

චීවරදානසමයො නාම: අනත්‍ථතෙ කඨිනෙ වස‍්සානස‍්ස පච‍්ඡිමො මාසො, අත්‍ථතෙ කඨිනෙ පඤ‍්චමාසා චීවරදාන සමයොති භුඤ‍්ජිතබ‍්බං.

චීවරදානසමය නම්: කෙළින් සිවුරු නො අතුළ කල්හි වැසිකල් පිළිබැඳි පැසුළුමස ද කෙළින් සිවුරු අතුළ කල්හි පස්මස ද, සිවුරු දෙන සමය යැ යි වැළඳියයුතු.

චීවරකාරසමයො නාම: චීවරෙ කයිරමානෙ චීවරකාර සමයොති භුඤ‍්ජිතබ‍්බං.

චීවරකාරසමය නම්: සිවුරක් කරනු ලබන කල්හි සිවුරු කරන සමය යැ යි වැළඳියයුතු.

අඤ‍්චත්‍ර සමයා භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සුදුසු සමය තබා වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වේ.

පරම‍්පරභොජනෙ පරම‍්පරභොජනසඤ‍්ඤී අඤ‍්ඤත්‍ර සමයා භුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරම‍්පරභොජනෙ වෙමතිකො අඤ‍්ඤත්‍ර සමයා භුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරම‍්පරභොජනෙ න පරම‍්පරභොජනසඤ‍්ඤී අඤ‍්ඤත්‍ර සමයා භුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පරම්පරභෝජනයෙහි පරම්පරබොජුන්සන් ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. පරම්පරභෝජනයෙහි විමති ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. පරම්පරබොජුනෙහි පරම්පරබොජුනැ යි සන් නැතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වේ.

න පරම‍්පරභොජනෙ පරම‍්පරභොජනසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. න පරම‍්පරභොජනෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. න පරම‍්පරභොජනෙ න පරම‍්පරභොජනසඤ‍්ඤී අනාපත‍්ති.

නො පරම්පරබොජුනෙහි පරම්පරබොජුන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පරම්පරබොජුනෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පරම්පරබොජුනෙහි නො පරම්පරබොජුන්සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: සමයෙ විකප‍්පෙත්‍වා භුඤ‍්ජති ද‍්වෙ තයො නිමන‍්තනෙ එකතො භුඤ‍්ජති, නිමන‍්තනපටිපාටියා භුඤ‍්ජති, සකලෙන ගාමෙන නිමන‍්තිතො තස‍්මිං ගාමෙ යත්‍ථ කත්‍ථචි භුඤ‍්ජති, සකලෙන පූගෙන නිමන‍්තිතො තස‍්මිං පූගෙ යත්‍ථ කත්‍ථචි භුඤ‍්ජති, නිමන‍්තියමානො භික‍්ඛං ගහෙස‍්සාමීති භණති, නිච‍්චභත‍්තෙ සලාකභත‍්තෙ පක‍්ඛිකෙ උපොසථිකෙ පාටිපදිකෙ පඤ‍්චභොජනානි ඨපෙත්‍වා සබ‍්බත්‍ථ අනාපත‍්ති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සා ති.

සුදුසු සමයෙහි විකල්පනය කොට වළඳා නම්, දෙතුන් නිමැතුම්හි එකට වළඳා නම්, නිමතන ලද පිළිවෙළින් වළඳා නම්, සියලු ගම විසින් නිමතන ලද්දේ එගම්හි කිසියම් තැනෙකැ වළඳා නම්, සියලු මුළුවක් විසින් නිමතන ලද්දේ එමුළුවෙහි කිසියම් තැනෙකැ වළඳා නම්, නිමතනු ලබන්නේ භික්‍ෂාව ගන්නෙමි යි බෙණේ නම්, නිතිබත්හි නම්, ලහබත්හි නම්, පැකිබත්හි නම්, පොහෝබත්හි නම්, පෑළවිය බත්හි නම්, පස් බොජුන් තබා (හඹුකැවිලි ඈ) හැම වැළඳීමෙහි නම් ඇවැත් නැති. උම්මත්තකහට ද ආදිකම්මිකහට ද ඇවැත් නැති.

පරම‍්පර භොජනසික‍්ඛාපදං තතියං.

පරම්පරභෝජන ශික්‍ෂාපද යි.