ගණභොජන සික්ඛාපදං
6. 4. 2.
6. 4. 2.
ගණභොජන සික්ඛාපදං
ගණභෝජන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන දෙවදත්තො පරිහීනලාභසක්කාරො සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජති මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම සමණා සක්යපුත්තියා කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සන්ති, කස්ස සම්පන්නං න මනාපං, කස්ස සාදුං න රුච්චතී”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්දක නිවාප නම් වූ වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි පිරිහුණු ලාභසත්කාර ඇති දේවදත්ත තෙමේ පිරිස සමඟ කුලයන්හි විනව විනවා වළඳයි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ කුලයන්හි විනව විනවා වැළඳූහු ද? කවරක්හට මිහිර නො මැනැවි ද? කවරක්හට රසවත් දැය නුරුස්නේ දැ යි.
2. අස්සොසුං ඛො භික්ඛූ තෙසං මනුස්සානං උජ්ඣායන්තානං ඛීයන්තානං විපාචෙන්තානං, යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම දෙවදත්තො සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සතී”ති. -පෙ- සච්චං කිර ත්වං දෙවදත්ත, සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජසීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස, සපරිසො කුලෙසු විඤ්ඤාපෙත්වා විඤ්ඤාපෙත්වා භුඤ්ජිස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. භික්ෂූහු ලාමක කොට සිතන, නුගුණ පවසන, දොස් පතුරුවන, ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලාමක කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් දෙව්දත් තෙමේ පිරිස සමඟ කුලයන්හි විනව විනවා වැළඳී ද? ... සැබෑ ද, දේවදත්ත, තෙපි පිරිස සමඟ කුලයන්හි විනව විනවා වළඳවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස්පුරුෂය, කෙසේ නම් තෙපි පිරිස සමග කුලයන්හි විනව විනවා වැළඳුවහු ද? හිස් පුරුෂය! මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“ගණභොජනෙ පාචිත්තිය”න්ති.
“ගණබොජුනෙහි පචිති වේ” යයි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. තෙන ඛො පන සමයෙන මනුස්සා ගිලානෙ භික්ඛූ භත්තෙන නිමන්තෙන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති, “පටික්ඛිත්තං භගවතා ගණභොජන”න්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ ගිලානෙන භික්ඛුනා ගණභොජනං භුඤ්ජිතුං.” එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
3. එසමයෙහි මිනිස්සු ගිලන් මහණුන්ට බතින් පවරත්. භික්ෂූහු භාග්‍යවතුන් විසින් ගණ බොජුන ප්‍රතික්ෂේප කරන ලදැ යි, කුකුස් කරන්නාහු නො ඉවසත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවත් බුදුහු මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූහ. “මහණෙනි, ගිලන් මහණහු විසින් ගණ බොජුන් වළඳන්නට අනුදනිමි” මෙසේ ද වනාහි මහණෙනි, මේ සික පදය උදෙසවු:
“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං, තත්ථායං සමයො; ගිලානසමයො, අයං තත්ථ සමයො”ති.
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි ලා මේ සුදුසු සමය යි, එනම්: ගිලන් සමයැ. එහි මේ සුදුසු සමය” යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
4. තෙන ඛො පන සමයෙන මනුස්සා චීවරදානසමයෙ සචීවරභත්තං පටියාදෙත්වා භික්ඛූ නිමන්තෙන්ති, “භොජෙත්වා චීවරෙන අච්ඡාදෙස්සාමා”ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති, “පටික්ඛිත්තං භගවතා ගණභොජන”න්ති. චීවරං පරිත්තං උප්පජ්ජති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ චීවරදානසමයෙ ගණභොජනං භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
4. එසමයෙහි වනාහි මිනිස්සු සිවුරු දෙන සමයෙහි සිවුරු බතක් පිළියෙළ කොට වළඳවා සිවුරු දෙම්හ යි භික්ෂූන් පවරත්. භික්ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්ෂේප කරන ලදැ යි කුකුස් කරමින් නො ඉවසත්. මඳ සිවුරෙක් උපදී. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු දෙන සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. තවද, මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං, තත්ථායං සමයො: ගිලානසමයො චීවරදානසමයො, අයං තත්ථ සමයො”ති.
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන් සමයැ සිවුරු දෙනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් මහණෙනි, භාග්‍යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. තෙන ඛො පන සමයෙන මනුස්සා චීවරකාරකෙ භික්ඛූ භත්තෙන නිමන්තෙන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති, පටික්ඛිත්තං භගවතා ගණභොජනන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං -පෙ- අනුජානාමි භික්ඛවෙ චීවරකාරසමයෙ ගණභොජනං භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
5. එසමයෙහි මිනිස්සු සිවුරු කරන මහණුන් බතින් පවරත්. භික්ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්ෂේප කරන ලදැ යි කුකුස් කරමින් නො ඉවසත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, සිවුරු කරන සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. මහණෙනි, මේ සිකපදය තවද මෙසේ උදෙසවු:
“ගණභොජනෙ අඤ්ඤත්රසමයා පාචිත්තියං, තත්ථායං සමයො: ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො, අයං තත්ථ සමයො”ති.
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන්සමයැ, සිවුරු දෙනසමයැ, සිවුරු කරනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
6. තෙන ඛො පන සමයෙන භික්ඛූ මනුස්සෙහි සද්ධිං අද්ධානං ගච්ඡන්ති. අථ ඛො තෙ භික්ඛූ තෙ මනුස්සෙ එතදවොචුං, මුහුත්තං ආවුසො ආගමෙථ පිණ්ඩාය චරිස්සාමා”ති. තෙ එවමාහංසු ඉධෙව භන්තෙ භුඤ්ජථාති. භික්ඛූ කුක්කුච්චායන්තා න පතිගණ්හන්ති පටික්ඛිත්තං භගවතා ගණභොජනන්ති, භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ අද්ධානගමනසමයෙ ගණභොජනං භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
6. එසමයෙහි වනාහි භික්ෂූහු මිනිසුන් සමඟ අදන්මගට (දීර්ඝ මාර්ගයට) පැමිණෙත්. එකල්හි ඒ භික්ෂූහු ඒ මිනිසුන්ට මෙය කීහු. ඇවැත්නි, මොහොතක් පොරොත්තුවවු, පිඬු පිණිස හැසිරෙමු. ඔවුහු මෙසේ කීහ. ස්වාමීනි, මෙහි මැ වළඳනු මැනැවි. භික්ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්ෂේප කරන ලදැ යි කුකුස් කරන්නාහු නො පිළිගනිත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, අදන් මඟට පිළිපන් සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං. තත්ථායං සමයො: ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අද්ධානගමනසමයො. අයං තත්ථ සමයොති,
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි. ගිලන් සමයැ, සිවුරු දෙන සමයැ, සිවුරු කරන සමයැ, අදන් මඟට පිළිපන් සමයැ. මේ එහි සුදුසු සමය” යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
7. තෙන ඛො පන සමයෙන භික්ඛූ මනුස්සෙහි සද්ධිං නාවාය ගච්ඡන්ති. අථ ඛො තෙ භික්ඛූ තෙ මනුස්සෙ එතදවොචුං “මුහුත්තං ආවුසො තීරං උපනෙථ පිණ්ඩාය චරිස්සාමා”ති. තෙ එවමාහංසු ඉධෙව භන්තෙ භුඤ්ජථාති. භික්ඛූ කුක්කුච්චායන්තා නපතිගණ්හන්ති, පටික්ඛිත්තං භගවතා ගණභොජනන්ති භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ නාවාභිරූහනසමයෙ ගණභොජනං භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
7. එසමයෙහි භික්ෂූහු මිනිසුන් සමඟ නැවෙන් යෙති. එකල්හි ඒ භික්ෂූහු ඒ මිනිසුන්ට මෙය කීහු. “ඇවැත්නි, මොහොතක් නැව තොටට පමුණුවවු.” පිඬු පිණිස හැසිරෙන්නෙමු. ඔවුහු මෙසේ කීහ. ස්වාමීනි, මෙහි මැ වළඳනු මැනැවි. භික්ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්ෂේප කරන ලදැ යි කුකුස් කරන්නාහු නො පිළිගනිත්. භාග්‍යවතුන්හට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, නැව් නගින සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි.” මහණෙනි, තවද මේ සිකපදය මෙසේ උදෙසවු:
“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං, තත්ථායං සමයො: ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අද්ධානගමනසමයො නාවාභිරූහනසමයො, අයං තත්ථ සමයො”ති.
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යි ගිලන් සමයැ සිවුරු, දෙන සමයැ, සිවුරු කරන සමයැ, අදන්මගට පිළිපන්සමයැ, නැව් නගිනසමයැ, මේ එහි සුදුසු සමය” යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්ෂූන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
8. තෙන ඛො පන සමයෙන දිසාසු වස්සං වුත්ථා භික්ඛූ රාජගහං ආගච්ඡන්ති, භගවන්තං දස්සනාය. මනුස්සා නානාවෙරජ්ජකෙ භික්ඛූ පස්සිත්වා භත්තෙන නිමන්තෙන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති, පටික්ඛිත්තං භගවතා ගණභොජනන්ති. භගවතො එතමත්ථං ආරොචෙසුං. -පෙ- “අනුජානාමි භික්ඛවෙ මහාසමයෙ ගණභොජනං භුඤ්ජිතුං”. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
8. එසමයෙහි දිශාවන්හි වස් වැස නිමවූ භික්ෂූහු භාග්‍යවතුන් දැකීමට රජගහ නුවරට පැමිණෙත්. මිනිස්සු නොයෙක් අන් රටවල මහණුන් දැක බතින් පවරත්. භික්ෂූහු භාග්‍යවතුන් විසින් ගණබොජුන ප්‍රතික්ෂේප කරන ලදැ යි කුකුස්කරනුවෝ නො ඉවසත්. තෙල කරුණ භාග්‍යවතුන්හට දැන්වූහ ... “මහණෙනි, මහාසමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි”. මහණෙනි, මේ සිකපදය තවද මෙසේ උදෙසවු.
“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා පාචිත්තියං, තත්ථායං සමයො: ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අද්ධානගමනසමයො නාවාභිරූහනසමයො, මහාසමයො අයං තත්ථ සමයොති.
“සුදුසුසමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය යැ, ගිලන්සමය යැ, සිවුරු දෙන සමය යැ, සිවුරු කරන සමය යැ, අදන් මඟට පිළිපන් සමය යැ නැව් නඟින සමය යැ, මහාසමය යැ, මේ එහි සුදුසු සමය” යි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
9. තෙන ඛො පන සමයෙන රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස ඤාතිසාලොහිතො ආජීවකෙසු පබ්බජිතො හොති. අථ ඛො සො ආජීවකො යෙන රාජා මාගධො සෙනියො බිම්බිසාරො තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා රාජානං මාගධං සෙනියං බිම්බිසාරං එතදවොච: “ඉච්ඡාමහං මහාරාජ සබ්බපාසණ්ඩිකභත්තං කාතුන්ති”. සචෙ ඛො ත්වං භන්තෙ බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පඨමං භොජෙය්යාසි, එවං කරෙය්යාසී”ති. අථ ඛො සො ආජීවකො භික්ඛූනං සන්තිකෙ දූතං පාහෙසි: අධිවාසෙන්තු මෙ භික්ඛූ ස්වාතනාය භත්තන්ති. භික්ඛූ කුක්කුච්චායන්තා නාධිවාසෙන්ති, පටික්ඛිත්තං භගවතා ගණභොජනන්ති. අථ ඛො සො ආජීවකො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො ආජීවකො භගවන්තං එතදවොච: “භවම්පි ගොතමො පබ්බජිතො අහම්පි පබ්බජිතො, අරහති පබ්බජිතො පබ්බජිතස්ස පිණ්ඩං පටිග්ගහෙතුං, අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො සො ආජීවකො භගවතො අධිවාසනං විදිත්වා පක්කාමි. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි, “අනුජානාමි භික්ඛවෙ සමණභත්තසමයෙ ගණභොජනං භුඤ්ජිතුං” එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
9. එසමයෙහි වනාහි මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජුගේ සහලේ නෑයෙක් ආජීවකයන් කෙරෙහි පැවිදි වූයේ වෙයි. එකල්හි ඒ ආජීවක තෙමේ මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජු වෙතැ එළැඹියේ යැ. එළැඹැ මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජුට මෙය කී යැ. මහරජ, සර්වපාෂණ්ඩික බතක් කොට දෙන්නට මම කැමැත්තෙමි. ඉදින් වනාහි ස්වාමීනි, ඔබ පළමු වැ බුදු පාමොක් බික්සඟන වළඳවත් නම් එසේ කරනු මැනැවි. එකල්හි ඒ ආජීවක තෙමේ භික්ෂූන්ගේ සමීපයට දූතයකු යැවී ය. “භික්ෂූහු මාගේ බත හෙට දවසට ඉවසත්වා” යි. භික්ෂූහු ගණබොජුන භාග්‍යවතුන් විසින් ප්‍රතික්ෂේප කරන ලදැ යි කුකුස් කරනුවෝ නො ඉවසත්. එකල්හි ඒ ආජීවක තෙමේ භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙකැ සිටියේ යැ. එකත් පසෙකැ සිටි ඒ ආජීවකයා භාග්‍යවතුන්හට මෙය කී යැ. භවත් ගොයුම්හු ද පැවිදි කෙනෙකි. මම් ද පැවිද්දෙක්මි. පැවිද්දෙක් පැවිද්දකු ගේ පිඬු පිළිගන්නට සුදුසු වෙයි. භවත් ගොයුම්හු භික්ෂුසඞ්ඝයා සමඟ මාගේ බත හෙට දවසට ඉවසත්වා! භාග්‍යවත්හු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහු. එකල්හි ඒ ආජීවකයා භාග්‍යවතුන්ගේ ඉවසීම දැනැ පිටත් වැ ගියේ යි. ඉක්බිති භාග්‍යවත්හු මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූහු: “මහණෙනි, මහණබත්සමයෙහි ගණබොජුන් වළඳන්නට අනුදනිමි” තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“ගණභොජනෙ අඤ්ඤත්ර සමයා, පාචිත්තියං, තත්ථායං සමයො ගිලානසමයො චීවරදානසමයො චීවරකාරසමයො අද්ධානගමනසමයො නාවාභිරූහනසමයො මහාසමයො සමණභත්තසමයො, අයං තත්ථ සමයො”ති.
“සුදුසු සමය තබා ගණබොජුනෙහි පචිති වේ. එහි මේ සුදුසු සමය වෙයි ගිලන් සමය යැ සිවුරු දෙන සමය යැ සිවුරු කරන සමය යැ අදන්මගට පිළිපන් සමය යැ නැව් නඟින සමය යැ මහාසමය යැ මහණබත් සමය යැ, මේ එහි සුදුසු සමය යි.
10. ගණභොජනං නාම: යත්ථ චත්තාරො භික්ඛූ පඤ්චන්නං භොජනානං අඤ්ඤතරෙන භොජනෙන නිමන්තිතා භුඤ්ජන්ති, එතං ගණභොජනං නාම. අඤ්ඤත්රසමයාති: ඨපෙත්වා සමයං.
10. ගණභෝජන නම්: යම් තැනෙකැ භික්ෂූහු සතර දෙනෙක් පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙකින් නිමැතුම් ලදුවෝ වළඳත්. මේ ගණ භෝජන නම් වේ. අඤඤත්රසමයා: සුදුසුසමය තබා.
ගිලානසමයො නාම: අන්තමසො පාදාපි ඵලිතා හොන්ති ගිලානසමයොති භුඤ්ජිතබ්බං. චීවරදානසමයො නාම: අනත්ථතෙ කඨිනෙ වස්සානස්ස පච්ඡිමො මාසො. අත්ථතෙ කඨිනෙ පඤ්චමාසා චීවරදානසමයොති භුඤ්ජිතබ්බං. චීවරකාරසමයො නාම: චීවරෙ කයිරමානෙ චීවරකාරසමයොති භුඤ්ජිතබ්බං. අද්ධානගමනසමයො නාම අද්ධයොජනං ගච්ඡිස්සාමීති භුඤ්ජිතබ්බං, ගච්ඡන්තෙන භුඤ්ජිතබ්බං, ගතෙන භුඤ්ජිතබ්බං.
ගිලානසමය නම්: යටත් පිරිසෙයින් පාදයෝ පැළුණහු වෙත් නම් ගිලන්සමය යැයි වැළඳිය යුතු යි. චීවරදානසමය නම්: කෙළින් සිවුරු නො අතුළ කල්හි වැසිකල් පිළිබැඳි පැසුළුමස ද, කෙළින් සිවුරු අතුළ කල්හි පස්මස ද සිවුරු දෙන සමය යැයි වැළඳිය යුතු යි. චීවරකාරසමය නම්: සිවුරක් කරනු ලබන කල්හි සිවුරු කරන සමය යැයි වැළඳිය යුතු යි. අද්ධානගමනසමය නම්: අඩ යොදුනක් යන්නෙමි යි වැළඳිය යුතු, යන්නහු විසින් වැළඳිය යුතු, ගියහු විසින් වැළඳිය යුතු යි.
නාවාභිරූහනසමයො නාම: නාවං අභිරූහිස්සාමීති භුඤ්ජිතබ්බං. ආරූළ්හෙන භුඤ්ජිතබ්බං, ඔරූළ්හෙන භුඤ්ජිතබ්බං.
නාවාභිරූහනසමය නම්: නැවට නඟින්නෙමියි වැළඳිය යුතු, නැවට නැඟුණහු විසින් වැළඳිය යුතු, නැවෙන් බටහු විසින් වැළඳිය යුතු යි.
මහාසමයො නාම: යත්ථ ද්වෙ තයො භික්ඛූ පිණ්ඩාය චරිත්වා යාපෙන්ති, චතුත්ථෙ ආගතෙ න යාපෙන්ති, මහාසමයොති භුඤ්ජිතබ්බං. සමණභත්තසමයො නාම: යො කොචි පරිබ්බාජකසමාපන්නො භත්තං කරොති සමණභත්තසමයොති භුඤ්ජිතබ්බං.
මහාසමය නම්: යම් තැනෙකැ දෙතුන් භික්ෂු කෙනෙක් පිඬු පිණිස හැසිරැ යැපෙද්ද, සතර වැන්නකු ආ කල්හි නො යැපෙද්ද, මහාසමය යැයි වැළඳිය යුතු යි. සමණභත්තසමය නම්: පැවිදිබවට පැමිණි යම් කිසිවෙක් බතක් කරා නම් මහණබත්සමය යැයි වැළඳිය යුතු යි.
අඤ්ඤත්ර සමයා භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස. ගණභොජනෙ ගණභොජනසඤ්ඤී අඤ්ඤත්ර සමයා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. ගණභොජනෙ වෙමතිකො අඤ්ඤත්ර සමයා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. ගණභොජනෙ න ගණභොජනසඤ්ඤී අඤ්ඤත්ර සමයා භුඤ්ජති ආපත්ති පාචිත්තියස්ස. න ගණභොජනෙ ගණභොජනසඤ්ඤී ආපත්ති දුක්කටස්ස, න ගණභොජනෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. න ගණභොජනෙ න ගණභොජනසඤ්ඤී අනාපත්ති.
සුදුසුසමය තබා වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි පචිති ඇවැත් වෙයි. ගණබොජුනෙහි ගණබොජුන්සන් ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැති වෙයි. ගණබොජුනෙහි විමති ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. ගණබොජුනෙහි නො ගණ බොජුන්සන් ඇතියේ සුදුසු සමය තබා වළඳා නම් පචිති ඇවැත් වෙයි. නො ගණ බොජුනෙහි ගණබොජුන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො ගණ බොජුනෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො ගණ බොජුනෙහි නො ගණ බොජුන් සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: සමයෙ ද්වෙ තයො එකතො භුඤ්ජන්ති පිණ්ඩාය චරිත්වා එකතො සන්නිපතිත්වා භුඤ්ජන්ති නිච්චභත්තෙ සලාකභත්තෙ පක්ඛිකෙ, උපොසථිකෙ, පාටිපදිකෙ, පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
සුදුසු සමයෙහි දෙතුන් දෙනෙක් එක් වැ වළඳත් නම්, පිඬු පිණිස හැසිරැ එක් රැස් වැ වළඳත් නම්, නිතිබත්හි, ලභබත්හි, අඩමස්බත්හි, පොහෝබත්හි, පෑළවියබත්හි, පස් බොජුන් තබා (හඹු කැවිලි ඈ) හැම වැළඳීමෙහි ඇවැත් නැති, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
ගණභොජනසික්ඛාපදං දුතියං.
ගණභෝජන ශික්ෂාපද යි.