යෙදුමෙන් කියවන්න

ගණභොජනසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

ගණභොජනසික‍්ඛාපදවණ‍්ණනා

ගණභෝජන ශික්‍ෂාපද වර්ණනාව

දුතියසික‍්ඛාපදෙ – පරිහීනලාභසක‍්කාරොති සො කිර අජාතසත‍්තුනා රාජානං මාරාපෙත්‍වාපි අභිමාරෙ යොජෙත්‍වාපි රුහිරුප‍්පාදං කත්‍වාපි ගුළ‍්හපටිච‍්ඡන‍්නො අහොසි. යදා පන දිවායෙව ධනපාලකං පයොජෙසි, තදා පාකටො ජාතො. “කථං දෙවදත‍්තො හත්‍ථිං පයොජෙසී”ති පරිකථාය උප‍්පන‍්නාය “න කෙවලං හත්‍ථිං පයොජෙසි, රාජානම‍්පි මාරාපෙසි, අභිමාරෙපි පෙසෙසි, සිලම‍්පි පවිජ‍්ඣි, පාපො දෙවදත‍්තො”ති පාකටො අහොසි. “කෙන සද‍්ධිං ඉදං කම‍්මමකාසී”ති ච වුත‍්තෙ “රඤ‍්ඤා අජාතසත‍්තුනා”ති ආහංසු. තතො නාගරා “කථඤ‍්හි නාම රාජා එවරූපං චොරං සාසනකණ‍්ටකං ගහෙත්‍වා විචරිස‍්සතී”ති උට‍්ඨහිංසු. රාජා නගරසඞ‍්ඛොභං ඤත්‍වා දෙවදත‍්තං නීහරි. තතො පට‍්ඨාය චස‍්ස පඤ‍්චථාලිපාකසතානි උපච‍්ඡින්‍දි, උපට‍්ඨානම‍්පිස‍්ස න අගමාසි, අඤ‍්ඤෙපිස‍්ස මනුස‍්සා න කිඤ‍්චි දාතබ‍්බං වා කාතබ‍්බං වා මඤ‍්ඤිංසු. තෙන වුත‍්තං – “පරිහීනලාභසක‍්කාරො”ති. කුලෙසු විඤ‍්ඤාපෙත්‍වා විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජතීති “මා මෙ ගණො භිජ‍්ජී”ති පරිසං පොසෙන‍්තො “ත්‍වං එකස‍්ස භික‍්ඛුනො භත‍්තං දෙහි, ත්‍වං ද‍්වින‍්න”න‍්ති එවං විඤ‍්ඤාපෙත්‍වා සපරිසො කුලෙසු භුඤ‍්ජති.

ද්විතීය ශික්‍ෂාපදයෙහි “පරිහීනලාභසක්කාරො” ඒ දෙව්දත් තෙමේ වනාහි අජාසත් රජහු ලවා පියරජු මරවාද, භාග්‍යවතුන් වහන්සේ නසනු පිණිස ධනුර්‍ධරයන් යොදවාද, ලොහිතුප්පාදය කොටද අප්‍රකට වූයේම වූයේය. යම් කලෙක දාවල්හිම ධනපාලක ඇතු යෙදවූයේද, එකල්හි ප්‍රකට වූයේය. කිසේය යත්: ‘දෙව්දත් තෙමේ ඇතු යෙදවූයේයයි කථා උපන් කල්හි, හුදෙක් ඇතු පමණක් නොයෙදවූයේය. රජුද මැරවූයේය, ධනුර්‍ධරයන්ද යැවූයේය, ගල්ද පෙරළුයේය, දෙව්දත් තෙමේ පාපයෙකු’යි ප්‍රකට වූයේය. ‘කවරක්හු සමග මේ කර්‍ම කෙළේදැ’යි විචාළ කල්හි ‘අජාසත් රජු සමගය’යි කීහ. ඉන්පසු නුවර වැස්සෝ ‘කෙසේ නම් රජතෙමේ සසුනට කටුවූ මෙබඳු සොරකු ගෙණ හැසිරෙන්නේදැ’යි නැගීසිටියාහුය. රජතෙමේ නුවර ඇලලීගිය බව දැන දෙවිදතු නුවරින් බැහැර කෙළේය. එතැන් පටන් මොහුගේ බත්තලි පන්සියයද සිඳී ගියේය. මොහුගේ උපස්ථානයටද නොගියේය. එහි අන් මිනිස්සුද මොහුට කිසිවක් දියයුතුයයි හෝ කටයුතුයයි හෝ නොසිතූහ. එහෙයින් ‘පරිහීනලාභසක්කාරො’යි වදාරන ලද්දේය. “කුලෙසු විඤ්ඤපෙත්‍වා විඤ්ඤාපෙත්‍වා භුඤ්ජති” ‘මාගේ ගණය තෙමේ නොබිඳේවා’යි පිරිස පෝෂණය කරමින් ‘තෝ එක් මහණක්හට බත් දෙව, තෝ දෙදෙදනකුන්ට දෙව’යි මෙසේ විනවා පිරිස් සහිතවූ දෙව්දත් තෙමේ කුලයන්හි අනුභව කරයි.

චීවරං පරිත‍්තං උප‍්පජ‍්ජතීති භත‍්තං අගණ‍්හන‍්තානං චීවරං න දෙන‍්ති, තස‍්මා පරිත‍්තං උප‍්පජ‍්ජති.

“චීවරං පරිත්තං උප්පජ්ජති” බත් නොගන්නවුන්ට සිවුරු නොදෙත්. එහෙයින් සිවුරු ටිකක් ලැබෙයි.

චීවරකාරකෙ භික‍්ඛූ භත‍්තෙන නිමන‍්තෙන‍්තීති ගාමෙ පිණ‍්ඩාය චරිත්‍වා චිරෙන චීවරං නිට‍්ඨාපෙන‍්තෙ දිස‍්වා “එවං ලහුං නිට‍්ඨාපෙත්‍වා චීවරං පරිභුඤ‍්ජිස‍්සන‍්තී”ති පුඤ‍්ඤකාමතාය නිමන‍්තෙන‍්ති.

“චීවර කාරකෙ භික්‍ඛූ භත්තෙන නිමන්තෙති” ගමෙහි පිඬු පිණිස හැසිර කල් ගෙවා සිවුරු නිම කරන මහණුන් දැක ‘මෙසේ වහා සිවුරු නිම කොට සිවුරු පරිභොග කරන්නාහුය’යි සිතා පින් කැමැති බැවින් බතින් පවරත්.

නානාවෙරජ‍්ජකෙති නානාවිධෙහි අඤ‍්ඤරජ‍්ජෙහි ආගතෙ. “නානාවිරජ‍්ජකෙ”තිපි පාඨො, අයමෙවත්‍ථො.

“නානාවෙරජ්ජකෙ” නන්වැදෑරුම් වූ අන් අන් රටින් පැමිණියවුන් ‘නානාවෙරඤ්ජකෙ’යිද පාඨයි. මෙහිද මේ අර්‍ත්‍ථයම වේ.

ගණභොජනෙති ගණස‍්ස භොජනෙ. ඉධ ච ගණො නාම චත‍්තාරො භික‍්ඛූ ආදිං කත්‍වා තතුත‍්තරිං භික‍්ඛූ අධිප‍්පෙතා, තෙනෙව සබ‍්බන‍්තිමං පරිච‍්ඡෙදං දස‍්සෙන‍්තො ආහ “යත්‍ථ චත‍්තාරො භික‍්ඛූ…පෙ… එතං ගණභොජනං නාමා”ති. තං පනෙතං ගණභොජනං ද‍්වීහාකාරෙහි පසවති නිමන‍්තනතො වා විඤ‍්ඤත‍්තිතො වා. කථං නිමන‍්තනතො පසවති? චත‍්තාරො භික‍්ඛූ උපසඞ‍්කමිත්‍වා “තුම‍්හෙ, භන‍්තෙ, ඔදනෙන නිමන‍්තෙමි, ඔදනං මෙ ගණ‍්හථ ආකඞ‍්ඛථ ඔලොකෙථ අධිවාසෙථ පටිමානෙථා”ති එවං යෙන කෙනචි වෙවචනෙන වා භාසන‍්තරෙන වා පඤ‍්චන‍්නං භොජනානං නාමං ගහෙත්‍වා නිමන‍්තෙති. එවං එකතො නිමන‍්තිතා පරිච‍්ඡින‍්නකාලවසෙන අජ‍්ජතනාය වා ස‍්වාතනාය වා එකතො ගච‍්ඡන‍්ති, එකතො ගණ‍්හන‍්ති, එකතො භුඤ‍්ජන‍්ති, ගණභොජනං හොති, සබ‍්බෙසං ආපත‍්ති. එකතො නිමන‍්තිතා එකතො වා නානතො වා ගච‍්ඡන‍්ති, එකතො ගණ‍්හන‍්ති, නානතො භුඤ‍්ජන‍්ති , ආපත‍්තියෙව. පටිග‍්ගහණමෙව හි එත්‍ථ පමාණං. එකතො නිමන‍්තිතා එකතො වා නානතො වා ගච‍්ඡන‍්ති, නානතො ගණ‍්හන‍්ති, එකතො වා නානතො වා භුඤ‍්ජන‍්ති, අනාපත‍්ති. චත‍්තාරි පරිවෙණානි වා විහාරෙ වා ගන‍්ත්‍වා නානතො නිමන‍්තිතා එකට‍්ඨානෙ ඨිතෙසුයෙව වා එකො පුත‍්තෙන එකො පිතරාති එවම‍්පි නානතො නිමන‍්තිතා එකතො වා නානතො වා ගච‍්ඡන‍්තු, එකතො වා නානතො වා භුඤ‍්ජන‍්තු, සචෙ එකතො ගණ‍්හන‍්ති, ගණභොජනං හොති, සබ‍්බෙසං ආපත‍්ති. එවං තාව නිමන‍්තනතො පසවති.

“ගණිභොජනෙ” ගණයාගේ බොජුන් නිමිති කොට. මෙහිද ගණ නම් මහණහු සතර නමක් ආදිකොට ඉන් වැඩියක් මහණෝ වෙති. එහෙයින්ම සියලු අන්තිම පිරිසිඳීම දක්වන සේක්, “යත්‍ථ චත්තාරො භික්‍ඛු පෙ- එතං ගණභොජනං නාම”යි වදාළ සේක. ඒ මේ ගණභොජනය දෙයයුරකින් ලැබේ. නිමන්ත්‍රණයෙන් හෝ විඥප්තියෙන් හෝය. නිමන්ත්‍රණයෙන් කෙසේ ලැබේද, යත්:- මහණුන් සිවු නමක් වෙත එළැඹැ ‘ස්වාමීනි’ ඔබවහන්සේලා බතින් පවරමි, මාගේ බත ගණිවු, කැමැතිවවු, බලවු, ඉවසවු, බුහුමන් කරවු’යි මෙසේ යම් කිසි පරියාය වචනයකින් හෝ යම්කිසි භාෂාවකින් හෝ පංචවිධ භොජනයන්ගෙන් යම්කිසි නමක් ගෙණ පවරාද, මෙසේ එකට පවරනු ලැබුවෝ නියමිත කාල වසයෙන් අද හෝ හෙට හෝ එකට යෙත්. එකට පිළිගණිත්. එකට හිඳගෙණ වළඳත්. ගණභොජනය වේ. සියලු මහණුන්ට ඇවැත් වේ. එකට පවරන ලද්දාහු එකට හෝ වෙන්ව හෝ යෙත්. එකට ගණින්. වෙන්ව වලඳත්. ඇවැත්මය. මෙහි පිළිගැනීමම පමණ වේ. එකට පවරන ලද්දහු එකට හෝ වෙන්ව හෝ යෙත්. වෙන්ව ගණිත්. එකට හෝ වෙන්ව හෝ වලඳත් ඇවැත් නොවේ. පිරිවෙන් සතරකට හෝ විහාරයනට හෝ ගොස් වෙන්ව පවරන ලද්දාහු එක් තැනක සිටියවුන් අතරෙහිම හෝ එක් මහණෙක් තෙමේ පුත්‍රයා විසින් එක් මහණෙක් තෙමේ පියා විසින්’යි මෙසේද වෙන්ව පවරන ලද්දාහු එකට හෝ වෙන්ව හෝ යෙත්වා, එකට හෝ වෙන්ව හෝ වළඳත්වා, ඉදින් එකට ගණිත්ද, ගණභොජනය වේ. සියල්ලන්ට ඇවැත් වේ. මෙසේ වනාහි නිමන්ත්‍රණයෙන් ලබයි.

කථං විඤ‍්ඤත‍්තිතො? චත‍්තාරො භික‍්ඛූ එකතො ඨිතා වා නිසින‍්නා වා උපාසකං දිස‍්වා “අම‍්හාකං චතුන‍්නම‍්පි භත‍්තං දෙහී”ති වා විඤ‍්ඤාපෙය්‍යුං, පාටෙක‍්කං වා පස‍්සිත්‍වා “මය‍්හං දෙහි, මය‍්හං දෙහී”ති එවං එකතො වා නානතො වා විඤ‍්ඤාපෙත්‍වා එකතො වා ගච‍්ඡන‍්තු නානතො වා, භත‍්තං ගහෙත්‍වාපි එකතො වා භුඤ‍්ජන‍්තු නානතො වා, සචෙ එකතො ගණ‍්හන‍්ති, ගණභොජනං හොති, සබ‍්බෙසං ආපත‍්ති. එවං විඤ‍්ඤත‍්තිතො පසවති.

විඥප්තියෙන් කිසේය, යත්: සතර නමක් මහණෝ එකට සිටියාහු හෝ හුන්නාහු හෝ උපාසකයකු දැක ‘අප සිවු නමට බත් දෙව’යි විනවන්නාහුය. වෙන්ව හෝ දැක ‘මට දෙව, මට දෙව’යි මෙසේ එකට හෝ වෙන්ව හෝ විනවා එකට හෝ වෙන්ව හෝ යෙත්වා, බත් ගෙණද එකට හෝ වෙන්ව හෝ වළඳත්වා, ඉදින් එකට ගණිත් නම් ගණභොජනය වේ. සියල්ලන්ට ඇවැත් වේ. මෙසේ විඥප්තියෙන් ලබයි.

පාදාපි ඵලිතාති යථා මහාචම‍්මස‍්ස පරතො මංසං දිස‍්සති; එවං ඵාලිතා, වාලිකාය වා සක‍්ඛරාය වා පහටමත‍්තෙ දුක‍්ඛං උප‍්පාදෙන‍්ති, න සක‍්කා හොති අන‍්තොගාමෙ පිණ‍්ඩාය චරිතුං. ඊදිසෙ ගෙලඤ‍්ඤෙ ගිලානසමයොති භුඤ‍්ජිතබ‍්බං, න ලෙසකප‍්පියං කාතබ‍්බං.

“පාදාපි ඵාලිතා” මහසමෙහි යට කොටසෙහි වූ සම පෙනේද, මෙසේ පැළුනාහ. වැලි හෝ කැටගල් හෝ හැපුනු ඇසිල්ලෙහි දුක් උපදවත්. ඇතුළු ගමෙහි පිඬු පිණිස හැසිරෙන්නට නොහැක්කේ වේ. මෙබඳු ගිලන්බවක් ඇති කල්හි ගිලන්සමයයි වැළඳිය යුතුය. මදගිලන් බව කැපයයි නොකටයුතුය.

චීවරෙ කයිරමානෙති යදා සාටකඤ‍්ච සුත‍්තඤ‍්ච ලභිත්‍වා චීවරං කරොන‍්ති තදා; විසුඤ‍්හි චීවරකාරසමයො නාම නත්‍ථි. තස‍්මා යො තත්‍ථ චීවරෙ කත‍්තබ‍්බං යංකිඤ‍්චි කම‍්මං කරොති, මහාපච‍්චරියඤ‍්හි “අන‍්තමසො සූචිවෙධනකො”තිපි වුත‍්තං, තෙන චීවරකාරසමයොති භුඤ‍්ජිතබ‍්බං. කුරුන්‍දියං පන විත්‍ථාරෙනෙව වුත‍්තං. යො චීවරං විචාරෙති, ඡින්‍දති, මොඝසුත‍්තං ඨපෙති, ආගන‍්තුකපට‍්ටං ඨපෙති, පච‍්චාගතං සිබ‍්බති, ආගන‍්තුකපට‍්ටං බන්‍ධති, අනුවාතං ඡින්‍දති ඝට‍්ටෙති ආරොපෙති, තත්‍ථ පච‍්චාගතං සිබ‍්බති, සුත‍්තං කරොති වලෙති, පිප‍්ඵලිකං නිසෙති, පරිවත‍්තනං කරොති, සබ‍්බොපි චීවරං කරොතියෙවාති වුච‍්චති. යො පන සමීපෙ නිසින‍්නො ජාතකං වා ධම‍්මපදං වා කථෙති, අයං න චීවරකාරකො. එතං ඨපෙත්‍වා සෙසානං ගණභොජනෙ අනාපත‍්තීති.

“චීවරෙ කයිරමානෙ” යම් කලෙක සළුවක්ද හූද ලැබ සිවුරක් කෙරෙත්ද, එකල්හි යම්හෙයකින් වෙන්ව චීවරකාරසමයෙක් නම් නැත්තේද, එහෙයින් යම් මහණෙක් තෙමේ එහි සිවුරෙහි කටයුතුවූ යම් කිසි කර්‍මයක් කෙරේද, මහාපච්චරියෙහි වනාහි යටත් පිරිසයින් හිදිවිදින්නෙක්දැයිද කියන ලද්දේ වේද, ඔහු විසින් චීවරකාරසමයයි වැළඳිය යුතුය. කුරුන්‍දියෙහි වනාහි විස්තරයෙන්ම කියන ලද්දේය. යම් මහණෙක් තෙමේ චීවරය පස්කඩ ආදිවාසයෙන් සංවිධාන කෙරේද, සිඳීද, මොඝ සූත්‍ර තබාද, ආගන්තුකපත්‍ර තබාද, පෙරළා පැමිණියක් මසාද, ආගන්තුකපත්‍ර බඳීද, නුවාව සිඳීද, නුවාව අතින් හෝ දඬු කඩකින් හෝ ගටාද, නගාද, එහි පෙරළා පැමිණියක් මසාද, හූවැටි කෙරේද, දණ්ඩක හෝ අතෙහි හෝ ඕතාද, කතුර මුවහත් තබාද, පරිවර්‍තනය කෙරේද, සියල්ලම සිවුර කෙරේමයයි කියනු ලැබේ. යමෙක් තෙමේ වෙත හුන්නේ ජාතකයක් හෝ ධර්‍මපදයක් හෝ කියාද, මෙතෙමේ සිවුර කරන්නෙක් නොවේ. මොහු හැර සෙස්සන්ට ගණභොජනය නිමිති කොට ඇවැත් නොවේ.

අද‍්ධයොජනන‍්ති එත‍්තකම‍්පි අද‍්ධානං ගන‍්තුකාමෙන. යො පන දූරං ගන‍්තුකාමො, තත්‍ථ වත‍්තබ‍්බමෙව නත්‍ථි. ගච‍්ඡන‍්තෙනාති අද‍්ධානං ගච‍්ඡන‍්තෙන, අද‍්ධයොජනබ‍්භන‍්තරෙ ගාවුතෙපි භුඤ‍්ජිතුං වට‍්ටති. ගතෙන භුඤ‍්ජිතබ‍්බන‍්ති ගතෙන එකදිවසං භුඤ‍්ජිතබ‍්බං. නාවාභිරුහනෙපි එසෙව නයො. අයං පන විසෙසො – අභිරුළ‍්හෙන ඉච‍්ඡිතට‍්ඨානං ගන‍්ත්‍වාපි යාව න ඔරොහති තාව භුඤ‍්ජිතබ‍්බන‍්ති මහාපච‍්චරියං වුත‍්තං. චතුත්‍ථෙ ආගතෙති අයං අන‍්තිමපරිච‍්ඡෙදො, චතුත්‍ථෙපි ආගතෙ යත්‍ථ න යාපෙන‍්ති; සො මහාසමයො. යත්‍ථ පන සතං වා සහස‍්සං වා සන‍්නිපතන‍්ති, තත්‍ථ වත‍්තබ‍්බමෙව නත්‍ථි. තස‍්මා තාදිසෙ කාලෙ “මහාසමයො”ති අධිට‍්ඨහිත්‍වා භුඤ‍්ජිතබ‍්බං. යො කොචි පරිබ‍්බාජකසමාපන‍්නොති සහධම‍්මිකෙසු වා තිත්‍ථියෙසු වා අඤ‍්ඤතරො, එතෙසඤ‍්හි යෙන කෙනචි කතෙ භත‍්තෙ “සමණභත‍්තසමයො”ති භුඤ‍්ජිතබ‍්බං.

“අද්ධයොජනං” මෙපමණදුර අඩයොදුනක් යනු කැමැත්තහු විසින් යමෙක් වනාහි දුර යනු කැමැත්තේ නම් එහි කියයුත්තෙක්ම නැත්තේය. “ගච්ඡන්තෙන” අදින්මග යන්නහු විසින් අඩයොදුන් තුළ ගව්වක් තන්හිද වැළඳීම වටියි. “ගතෙන භුඤ්චෙතබ්බං” ගියහු විසින් එක් දවසක් වැළඳිය යුතුය. “නාවාභිරුහනෙ” නැව් නැගීමෙහිද මෙම නයවේ. මේ වෙනසය:- නැව් නැංගහු විසින් කැමති තැනට ගොස්ද, යම්තාක් නොබසීද, ඒතාක් වැළදිය යුතුය’යි මහාපච්චරියෙහි කියනලදී. “චතුත්‍ථෙආගතෙ” ‘චතුත්‍ථෙ ආගතෙ’ යනු මේ අන්තිම පරිච්ඡෙදයයි. තුන් නමක් පිඬු සිඟා වළඳන තැනට සතරවන නමක් පැමිණි කල්හි යම් තැනක නොයැපෙත්ද, ඒ මහාසමය නම්වේ. යම් තැනක සියයක් හෝ දහසක් හෝ රැස් වෙත්ද, එහි කියයුත්තක්ම නැත්තේය. එහෙයින් එබඳු කාලයෙහි මහාසමයයි ඉටා වැළඳිය යුතුය. “සො කොචි පරිබ්බාජකසමාපන්නො” සහධාර්මිකයන් අතුරෙහි හෝ තීර්ථකයන් අතුරෙහි හෝ එක්තරා එකෙක්. මොවුන් අතුරෙහි යම්කිසිවකු විසින් කළ බත් ඇති කල්හි සමණභත්තසමයයි වැළඳිය යුතුය.

අනාපත‍්ති සමයෙති සත‍්තසු සමයෙසු අඤ‍්ඤතරස‍්මිං අනාපත‍්ති. ද‍්වෙ තයො එකතොති යෙපි අකප‍්පියනිමන‍්තනං සාදියිත්‍වා ද‍්වෙ වා තයො වා එකතො ගහෙත්‍වා භුඤ‍්ජන‍්ති, තෙසම‍්පි අනාපත‍්ති.

“අනාපත්ති සමයෙ” සත් සමයන් අතුරෙහි එක්තරා සමයෙක්හි ඇවැත් නොවේ. “ද්වෙ තයො එකතො” යම් කෙනෙක් තුමූ නොකැප පැවරීම ඉවසා දෙතුන් දෙනෙක් හෝ එක්ව ගෙණ වළඳත්ද, ඔවුන්ටද ඇවැත් නොවේ.

තත්‍ථ අනිමන‍්තිතචතුත්‍ථං, පිණ‍්ඩපාතිකචතුත්‍ථං, අනුපසම‍්පන‍්නචතුත්‍ථං, පත‍්තචතුත්‍ථං, ගිලානචතුත්‍ථන‍්ති පඤ‍්චන‍්නං චතුක‍්කානං වසෙන විනිච‍්ඡයො වෙදිතබ‍්බො . කථං? ඉධෙකච‍්චො චත‍්තාරො භික‍්ඛූ “භත‍්තං ගණ‍්හථා”ති නිමන‍්තෙති. තෙසු තයො ගතා, එකො න ගතො. උපාසකො “එකො භන‍්තෙ ථෙරො කුහි”න‍්ති පුච‍්ඡති. නාගතො උපාසකාති. සො අඤ‍්ඤං තඞ‍්ඛණප‍්පත‍්තං කඤ‍්චි “එහි භන‍්තෙ”ති පවෙසෙත්‍වා චතුන‍්නම‍්පි භත‍්තං දෙති, සබ‍්බෙසං අනාපත‍්ති. කස‍්මා? ගණපූරකස‍්ස අනිමන‍්තිතත‍්තා. තයො එව හි තත්‍ථ නිමන‍්තිතා ගණ‍්හිංසු, තෙහි ගණො න පූරති, ගණපූරකො ච අනිමන‍්තිතො, තෙන ගණො භිජ‍්ජතීති ඉදං අනිමන‍්තිතචතුත්‍ථං.

එහි අනිමන්තිතචතුත්‍ථ -පිණ්ඩපාතිකචතුත්‍ථ - අනුපසම්පන්නචතුත්‍ථ - පත්තචතුත්‍ථ - ගිලානචතුත්‍ථ යන පඤ්චවිධ චතුෂ්කයන්ගේ වශයෙන් විනිශ්චය දතයුතුය. කිසේය, යත්:- මෙහි ඇතැම් එකෙක් මහණුන් සතර නමක් ‘බත් ගණු මැනැවැ’යි පවරයි. ඔවුන් අතුරෙහි තුන්නමක් එහි ගියහ. එකෙක් නොගියේය. උපාසක තෙමේ ‘ස්වාමීනි’ තෙර නමක් කොහිදැ’යි විචාරයි. ‘උපාසකය’ නොආයේය’යි කියත්. ඒ උපාසක තෙමේ එකෙණෙහි පැමිණි අන් මහණක්හට ‘ස්වාමීනි’ වඩිනු මැනැවැ’යි පිවිසවා සතර නමටම බත් පිළිගන්වයි. සියල්ලන්ට ඇවැත් නොවේ. ගණපූරකයට නිමන්ත්‍රණය නොකළ බැවිනි. තුන් දෙනෙක්ම එහි පවරන ලද්දහු බත් ගත්තාහුය. ඔවුන්ගෙන් ගණය නොපිරේ. ගණපූරක තෙමේද නොපවරන ලද්දේය. එයින් ගණය බිඳෙයි. මේ අනිමන්තිත චතුත්‍ථයයි.

පිණ‍්ඩපාතිකචතුත්‍ථෙ – නිමන‍්තනකාලෙ එකො පිණ‍්ඩපාතිකො හොති, සො නාධිවාසෙති. ගමනවෙලාය පන “එහි භන‍්තෙ”ති වුත‍්තෙ අනධිවාසිතත‍්තා අනාගච‍්ඡන‍්තම‍්පි “එථ භික‍්ඛං ලච‍්ඡථා”ති ගහෙත්‍වා ගච‍්ඡන‍්ති, සො තං ගණං භින්‍දති. තස‍්මා සබ‍්බෙසං අනාපත‍්ති.

පිණ්ඩපාතික චතුත්‍ථයෙහි පවරන කාලයෙහි එක් මහණෙක් තෙමේ පිණ්ඩපාතික වේ. හෙතෙමේ නොඉවසයි. වඩිනකල්හි ‘ස්වාමීනි’ වඩිනු මැනැවැ’යි කියූ කල්හි නොඉවසූ බැවින් නොඑන්නහුද, එනු මැනැවැ, භික්‍ෂාව ලබවු’යි ගෙණ යෙත්. හෙතෙමේ ඒ ගණය බිඳියි. එහෙයින් සියල්ලන්ට ඇවැත් නොවේ.

අනුපසම‍්පන‍්නචතුත්‍ථෙ – සාමණෙරෙන සද‍්ධිං නිමන‍්තිතා හොන‍්ති, සොපි ගණං භින්‍දති.

අනුපසම්පන්න චතුත්‍ථයෙහි හෙරණකු සමග පවරන ලද්දාහු වෙත්. හෙතෙමේද ගණය බිඳියි.

පත‍්තචතුත්‍ථෙ – එකො සයං අගන‍්ත්‍වා පත‍්තං පෙසෙති; එවම‍්පි ගණො භිජ‍්ජති. තස‍්මා සබ‍්බෙසං අනාපත‍්ති.

පත්තචතුත්‍ථයෙහි එතෙක්, තෙමේ නොගොස් පාත්‍රය යවයි. මෙසේද, ගණය බිඳෙයි. එහෙයින් සියල්ලන්ට ඇවැත් නොවේ.

ගිලානචතුත්‍ථෙ – ගිලානෙන සද‍්ධිං නිමන‍්තිතා හොන‍්ති, තත්‍ථ ගිලානස‍්සෙව අනාපත‍්ති, ඉතරෙසං පන ගණපූරකො හොති. න හි ගිලානෙන ගණො භිජ‍්ජති. තස‍්මා තෙසං ආපත‍්තියෙව. මහාපච‍්චරියං පන අවිසෙසෙන වුත‍්තං.

ගිලානචතුත්‍ථයෙහි ගිලනකු සමග පවරන ලද්දාහු වෙත්. එහි ගිලනහුටම ඇවැත් නොවේ. අන්‍යයන්ට වනාහි ගණපූරකයෙක් වේ. ගිලනා කරුණු කොට ගණය නොබිඳෙයි. එහෙයින් ඔවුන්ට ඇවැත්මය. මහාපච්චරියෙහි ගිලෙනෙක් හෝ සිදුරු කරන්නෙක් හෝයි විශේෂයක් නොතබා සාධාරණ විසින් කියන ලද්දේය.

සමයලද‍්ධකො සයමෙව මුච‍්චති, සෙසානං ගණපූරකත‍්තා ආපත‍්තිකරො හොති. තස‍්මා චීවරදානසමයලද‍්ධකාදීනම‍්පි වසෙන චතුක‍්කානි වෙදිතබ‍්බානි. සචෙ පන අධිවාසෙත්‍වා ගතෙසුපි චතූසු ජනෙසු එකො පණ‍්ඩිතො භික‍්ඛු “අහං තුම‍්හාකං ගණං භින්‍දිස‍්සාමි, නිමන‍්තනං සාදියථා”ති වත්‍වා යාගුඛජ‍්ජකාවසානෙ භත‍්තත්‍ථාය පත‍්තං ගණ‍්හන‍්තානං අදත්‍වා “ඉමෙ තාව භික‍්ඛූ භොජෙත්‍වා විස‍්සජ‍්ජෙථ, අහං පච‍්ඡා අනුමොදනං කත්‍වා ගමිස‍්සාමී”ති නිසින‍්නො. තෙසු භුත්‍වා ගතෙසු “දෙථ භන‍්තෙ පත‍්ත”න‍්ති උපාසකෙන පත‍්තං ගහෙත්‍වා භත‍්තෙ දින‍්නෙ භුඤ‍්ජිත්‍වා අනුමොදනං කත්‍වා ගච‍්ඡති, සබ‍්බෙසං අනාපත‍්ති. පඤ‍්චන‍්නඤ‍්හි භොජනානංයෙව වසෙන ගණභොජනෙ විසඞ‍්කෙතං නත්‍ථි. ඔදනෙන නිමන‍්තිතා කුම‍්මාසං ගණ‍්හන‍්තාපි ආපත‍්තිං ආපජ‍්ජන‍්ති. තානි ච තෙහි එකතො න ගහිතානි. යාගුආදීසු පන විසඞ‍්කෙතං හොති, තානි තෙහි එකතො ගහිතානීති. එවං එකො පණ‍්ඩිතො අඤ‍්ඤෙසම‍්පි අනාපත‍්තිං කරොති.

සමය ලබ්ධකතෙමේ, තෙමේම, මිදෙයි. සෙස්සන්ට ගණපූරක බැවින් ඇවැත් කරන්නේ වේ. එහෙයින් චීවරදානකාලය ලද මහණ ආදීන්ගේ වසයෙන් චතුෂ්කයෝ දතයුත්තාහුය. ඉදින් ඉවසා ගියාවූ සිවුදෙනා අතුරෙහි එක් නුවණැති මහණෙක් තෙමේ ‘මම තොපගේ ගණය බිඳින්නෙමි. පැවරීම ඉවසවු’යි කියා කැඳ කැවිලි අවසන්හි බත් පිණිස පාත්‍රය ගන්නවුන්ට නොදී ‘මේ මහණුන් පළමු කොට වළඳවා හරිවු, මම පසුව අනුමොදනා කොට යන්නෙමි’යි හුන්නේ ඔවුන් වළඳා ගිය කල්හි ‘ස්වාමීනි’ පාත්‍රය දුනමැනැවැ’යි උපාසකයා විසින් පාත්‍රය ගෙණ බන් දුන් කල්හි වළඳා අනුමොදනා කොට යයි. සියල්ලන්ට ඇවැත් නොවේ. පඤ්චවිධ භොජනයන්ගේම වසයෙන්ම ගණභොජනයෙහි විරුද්ධයෙක් නැත්තේය. බතින් පවරන ලද්දාහු කොමු පිළිගන්නාහුද, ඇවැතට පැමිණෙත්. ඒ කොමු ද ඔවුන් විසින් එකට නොපිළිගන්නා ලද්දාහුය. කැඳ ආදියෙන් වනාහි විරුද්ධය වේ. ඒ කැඳ ආදීහු එකට පිළිගන්නා ලද්දාහුයයි මෙසේ එක් පණ්ඩිතයෙක් තෙමේ අන්‍යයන්හටද අනාපත්ති කරයි.

තස‍්මා සචෙ කොචි සඞ‍්ඝභත‍්තං කත‍්තුකාමෙන නිමන‍්තනත්‍ථාය පෙසිතො විහාරං ආගම‍්ම “භන‍්තෙ, ස‍්වෙ අම‍්හාකං ඝරෙ භික‍්ඛං ගණ‍්හථා”ති අවත්‍වා “භත‍්තං ගණ‍්හථා”ති වා “සඞ‍්ඝභත‍්තං ගණ‍්හථා”ති වා “සඞ‍්ඝො භත‍්තං ගණ‍්හාතූ”ති වා වදති, භත‍්තුද‍්දෙසකෙන පණ‍්ඩිතෙන භවිතබ‍්බං, නෙමන‍්තනිකා ගණභොජනතො පිණ‍්ඩපාතිකා ච ධුතඞ‍්ගභෙදතො මොචෙතබ‍්බා. කථං? එවං තාව වත‍්තබ‍්බං – “ස‍්වෙ න සක‍්කා උපාසකා”ති. “පුනදිවසෙ, භන‍්තෙ”ති. “පුනදිවසෙපි න සක‍්කා”ති. එවං යාව අද‍්ධමාසම‍්පි හරිත්‍වා පුන වත‍්තබ‍්බො – “ත්‍වං කිං අවචා”ති? සචෙ පුනපි “සඞ‍්ඝභත‍්තං ගණ‍්හථා”ති වදති, තතො “ඉමං තාව උපාසක පුප‍්ඵං කප‍්පියං කරොහි, ඉමං තිණ”න‍්ති එවං වික‍්ඛෙපං කත්‍වා පුන “කිං කථයිත්‍ථා”ති පුච‍්ඡිතබ‍්බො. සචෙ පුනපි තථෙව වදති, “ආවුසො, ත්‍වං පිණ‍්ඩපාතිකෙ වා මහාථෙරෙ වා න ලච‍්ඡසි, සාමණෙරෙ ලච‍්ඡසී”ති වත‍්තබ‍්බො. “නනු, භන‍්තෙ අසුකස‍්මිඤ‍්ච අසුකස‍්මිඤ‍්ච ගාමෙ භදන‍්තෙ භොජෙසුං, අහං කස‍්මා න ලභාමී”ති ච වුත‍්තෙ “තෙ නිමන‍්තෙතුං ජානන‍්ති, ත්‍වං න ජානාසී”ති. තෙ කථං නිමන‍්තෙසුං භන‍්තෙති? තෙ එවමාහංසු – “අම‍්හාකං, භන‍්තෙ, භික‍්ඛං ගණ‍්හථා”ති. සචෙ සොපි තථෙව වදති, වට‍්ටති. අථ පුනපි “භත‍්තං ගණ‍්හථා”ති වදති, “න දානි ත්‍වං, ආවුසො, බහූ භික‍්ඛූ ලච‍්ඡසි, තයො එව ලච‍්ඡසී”ති වත‍්තබ‍්බො. “නනු, භන‍්තෙ, අසුකස‍්මිඤ‍්ච අසුකස‍්මිඤ‍්ච ගාමෙ සකලං භික‍්ඛුසඞ‍්ඝං භොජෙසුං, අහං කස‍්මා න ලභාමී”ති? “ත්‍වං නිමන‍්තෙතුං න ජානාසී”ති. “තෙ කථං නිමන‍්තෙසු”න‍්ති? තෙ “භික‍්ඛං ගණ‍්හථා”ති ආහංසූති. සචෙ සොපි “භික‍්ඛං ගණ‍්හථා”ති වදති, වට‍්ටති. අථ පුනපි “භත‍්තමෙවා”ති වදති, තතො වත‍්තබ‍්බො – “ගච‍්ඡ ත්‍වං, නත්‍ථම‍්හාකං තව භත‍්තෙනත්‍ථො, නිබද‍්ධගොචරො එස අම‍්හාකං, මයමෙත්‍ථ පිණ‍්ඩාය චරිස‍්සාමා”ති. තං “චරථ, භන‍්තෙ”ති වත්‍වා ආගතං පුච‍්ඡන‍්ති – “කිං භො ලද‍්ධා භික‍්ඛූ”ති . “කිං එතෙන බහු එත්‍ථ වත‍්තබ‍්බං, ‘ථෙරා ස‍්වෙ පිණ‍්ඩාය චරිස‍්සාමා’ති ආහංසු. මා දානි තුම‍්හෙ පමජ‍්ජිත්‍ථා”ති. දුතියදිවසෙ චෙතියවත‍්තං කත්‍වා ඨිතා භික‍්ඛූ සඞ‍්ඝත්‍ථෙරෙන වත‍්තබ‍්බා – “ආවුසො, ධුරගාමෙ සඞ‍්ඝභත‍්තං අපණ‍්ඩිතමනුස‍්සො පන අගමාසි , ගච‍්ඡාම ධුරගාමෙ පිණ‍්ඩාය චරිස‍්සාමා”ති. භික‍්ඛූහි ථෙරස‍්ස වචනං කාතබ‍්බං, න දුබ‍්බචෙහි භවිතබ‍්බං, ගාමද‍්වාරෙ අට‍්ඨත්‍වාව පිණ‍්ඩාය චරිතබ‍්බං. තෙසු පත‍්තානි ගහෙත්‍වා නිසීදාපෙත්‍වා භොජෙන‍්තෙසු භුඤ‍්ජිතබ‍්බං. සචෙ ආසනසාලාය භත‍්තං ඨපෙත්‍වා රථිකාසු ආහිණ‍්ඩන‍්තා ආරොචෙන‍්ති – “ආසනසාලාය, භන‍්තෙ, භත‍්තං ගණ‍්හථා”ති න වට‍්ටති.

එහෙයින් කිසිවෙක් සඟබතක් කරනු කැමැත්තහු විසින් පැවරීම පිණිස යවන ලද්දේ විහාරයට පැමිණ ‘ස්වාමිනි’ හෙට අපගේ ගෙයි භික්‍ෂාව ගණු මැනැවැයි නොකියා ‘බත් ගණු මැනැවැ’යි හෝ සඟබත් ගනු මැනැවැ’යි සඞ්ඝ තෙමේ බත් ගණීවා’යි හෝ කියා නම්, භත්තුද්දෙසකයා පණ්ඩිත විය යුතුය. පවරන ලද්දහු ගණභොජනයෙන්ද, පිණ්ඩපාතිකයෝ ධුතඞ්ග භෙදයෙන් මිදිය යුත්තාහුය. කිසේය, යත්: ‘උපාසකය’ හෙට නොහැකිය’යි මෙසේ කිය යුතුය. ‘ස්වාමීනි’ දෙවන දවසෙහි කියාද, නොහැකිය’යි කියයුතුය. මෙසේ අඩ මසකදු ගෙවා නැවැත තෝ කුමක් කීයෙහිදැයි විචාළ යුතුය. ඉදින් නැවැතද ‘සඟබත් ගනු මැනැවැ’යි කියා නම් ඉන්පසු ‘උපාසකය’ මේ මල් කැප කරවා මේ තෘණැයි මෙසේ වික්‍ෂෙප කොට නැවැත ‘තෝ කුමක් කීයෙහිදැ’යි විචාළ යුතුය. ඉදින් නැවතත් එසේම කියා නම්, ‘ඇවැත’ තෝ පිණ්ඩපාතිකයන් හෝ මහතෙරුන් හෝ නොලබන්නෙහිය. හෙරණුන් ලබන්නෙහිය’යි කියයුතුය. ‘ස්වාමීනි’ අසුවල් අසුවල් ගමෙහිද පින්වතුන් වහන්සේලා වැළඳවූවාහු නොවෙත්ද, කුමක් හෙයින් මම නොලබම්දැ’යි කියූ කල්හි ඔවුහු පවරන්නට නොදනිත්. තෝ නොදන්නෙහිය’යි කියයුතුය. ‘ස්වාමීනි’ ඔවුහු මෙසේ පැවැරුවාහුදැ’යි අසාද, ඔවුහු ‘ස්වාමීනි’ අපගේ භික්‍ෂාව ගණු මැනැවයි මෙසේ කීහු. ඉදින් හෙතෙමේත් එසේම කියා නම් වටියි. එකල්හි නැවැතද බත් ගනු මැනැවැයි කියාද, ‘ඇවැත’ තෝ දැන් බොහෝ මහණුන් නොලබහි, තුන් දෙනකුන්ම ලබහි’යි කිය යුතුය. ‘ස්වාමීනි’ අසුවල් අසුවල් ගමෙහිද සියලු භික්‍ෂු සංඝයා වැළදෙව්වාහු නොවෙත්ද, මම කුමක් හෙයින් නොලබම්දැ’යි කියාද, තෝ පවරන්නට නොදනිහි’යි කියයුතුය. ‘ඔවුහු කෙසේ පැවැරුවාහුදැ’යි අසාද, ඔවුහු භික්‍ෂාව ගණිවු’යි කීහුයි කියයුතුය. ඉදින් හෙතෙමේද, භික්‍ෂාව ගණු මැනැවැයි කියාද වටියි. එකල්හි නැවැතද බත්මයයි කියාද, ඉන්පසු ‘තෝ යව, අපට තාගේ බතින් වැඩක් නැත්තේයයි කිය යුතුය. මේ අපගේ නිබද්ධ ගෝචරය වේ. අපි මෙහි පිඩු පිණිස හැසිරෙන්නෙමු’යි කියයුතුය. ‘ස්වාමීනි’ එහි හැසිරෙවු’යි කියා ආවක්හු අතින් ‘කිම, පින්වත, භික්‍ෂූහු ලද්දාහුදැ’යි විචාරත් නම්, මෙහි මොහු විසින් කිම, බොහෝ කොට කිය යුතුද, ‘තෙරහු හෙට පිඩු පිණිස හැසිරෙන්නෙමුයි කීහ. ‘තෙපි දැන් පමානොවවු’යි දෙවන දවසෙහි සෑ වත්කොට සිටි මහණෝ සඞ්ඝස්ථවිරයන් විසින් ‘ඇවැත්නි’ සමීපගමෙහි සඟබතක් වන්නේය. නුවණනැති මිනිසෙක් ගියේය. යමු, සමීපගමෙහි පිඩු පිණිස හැසිරෙන්නෙමු’යි කියයුතුය. භික්‍ෂූන් විසින් තෙරුන්ගේ වචනය කටයුතුය. අකීකරු නොවිය යුතුය. ගම්දොර නොසිටම පිඩු පිණිස හැසිරිය යුතුය. ඔවුන් පාත්‍ර ගෙන වඩාහිඳුවා වළඳවන කල්හි වැළඳිය යුතුය. ඉදින් අසුන් හල්හි බත් තබා වීථියෙහි ඇවිදින්නාහු ‘ස්වාමීනි’ අසුන්හලෙහිදී බත් ගණිවු’යි සැල කෙරෙත් නම් නොවටියි.

අථ පන භත‍්තං ආදාය තත්‍ථ තත්‍ථ ගන‍්ත්‍වා “භත‍්තං ගණ‍්හථා”ති වදන‍්ති, පටිකච‍්චෙව වා විහාරං අභිහරිත්‍වා පතිරූපෙ ඨානෙ ඨපෙත්‍වා ආගතාගතානං දෙන‍්ති, අයං අභිහටභික‍්ඛා නාම වට‍්ටති. සචෙ පන භත‍්තසාලාය දානං සජ‍්ජෙත්‍වා තං තං පරිවෙණං පහිණන‍්ති “භත‍්තසාලාය භත‍්තං ගණ‍්හථා”ති, න වට‍්ටති. යෙ පන මනුස‍්සා පිණ‍්ඩචාරිකෙ භික‍්ඛූ දිස‍්වා ආසනසාලං සම‍්මජ‍්ජිත්‍වා තත්‍ථ නිසීදාපෙත්‍වා භොජෙන‍්ති, න තෙ පටික‍්ඛිපිතබ‍්බා. යෙ පන ගාමෙ භික‍්ඛං අලභිත්‍වා ගාමතො නික‍්ඛමන‍්තෙ භික‍්ඛූ දිස‍්වා “භන‍්තෙ භත‍්තං ගණ‍්හථා”ති වදන‍්ති, තෙ පටික‍්ඛිපිතබ‍්බා, න වා නිවත‍්තිතබ‍්බං. සචෙ “නිවත‍්තථ, භන‍්තෙ, භත‍්තං ගණ‍්හථා”ති වදන‍්ති, “නිවත‍්තථා”ති වුත‍්තපදෙ නිවත‍්තිතුං වට‍්ටති. “නිවත‍්තථ භන‍්තෙ, ඝරෙ භත‍්තං කතං, ගාමෙ භත‍්තං කත”න‍්ති වදන‍්ති, ගෙහෙ ච ගාමෙ ච භත‍්තං නාම යස‍්ස කස‍්සචි හොතීති නිවත‍්තිතුං වට‍්ටති. “නිවත‍්තථ, භත‍්තං ගණ‍්හථා”ති සම‍්බන්‍ධං කත්‍වා වදන‍්ති, නිවත‍්තිතුං න වට‍්ටති. ආසනසාලතො පිණ‍්ඩාය චරිතුං නික‍්ඛමන‍්තෙ දිස‍්වා “නිසීදථ භන‍්තෙ භත‍්තං ගණ‍්හථා”ති වුත‍්තෙපි එසෙව නයො. නිච‍්චභත‍්තන‍්ති ධුවභත‍්තං වුච‍්චති. “නිච‍්චභත‍්තං ගණ‍්හථා”ති වදන‍්ති, බහූනම‍්පි එකතො ගහෙතුං වට‍්ටති. සලාකභත‍්තාදීසුපි එසෙව නයො. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

එකල්හි බත් ගෙණ ඒ ඒ තැන ගොස් බත් ගණිවු’යි කියත්ද, පළමු කොටම හෝ විහාරයට ගෙණ අවුත් සුදුසු තැනක තබා ආ ආවුන්ට දෙත්ද, මේ එළවන ලද භික්‍ෂාව නම් වටියි. ඉදින් බත් හලෙහි දන් පිළියෙල කොට ‘බත්හලෙහි බත් ගණිවු’යි ඒ ඒ පිරිවෙණට යවත්ද, නොවටියි. යම් මනුෂ්‍යයෝ පිණ්ඩචාරික භික්‍ෂූන් දැකම අසුන්හල හැමදැ එහි වඩා හිඳුවා වළඳවත්ද, ඔවුහු ප්‍රතික්‍ෂෙප නොකටයුත්තාහ. යම් කෙනෙක් තුමු ගමෙහිදී භික්‍ෂාව නොලැබ ගමින් නික්මෙන මහණුන් දැක ‘ස්වාමීනි’ බත් ගණිවු’යි කියත්ද, ඔවුහු ප්‍රතික්‍ෂෙප කටයුත්තාහ. නොනැවතිය යුත්තේ හෝය. ඉදින් ‘ස්වාමීනි’ නවතිනු මැනැව, බත් ගණිවු’යි කියත්ද, ‘නවතිනු මැනැව’යි කියූ පදයෙහිලා නැවතීම වටියි. ‘ස්වාමීනි’ නවතිනු මැනැව, ගෙයි බත් පිළියෙල කරන ලද්දේය, ගමෙහිද බත් පිළියෙල කරන ලද්දේය, නවතිවු’යි කියත්ද, ගෙයිද ගමෙහිද කළ බත නම්. යම් කිසිවකුගේ වේය’යි නැවතීම වටියි. ‘නවතිමු, බත් ගණිවු’යි සම්බන්‍ධ කොට කියත්ද, නැවතීම නොවටියි. අසුන්හලින් පිඩු පිණිස හැසිරෙන්නට නික්මෙන්නවුන් දැක ‘ස්වාමීනි’ හිඳිනු මැනැවැ’යි කියූ කල්හිද මේ නයම වේ. “නිච්චභත්තං” නිතිබව කියනු ලැබේ. ‘නිතිබත ගණිවු’යි කියත්ද, බොහෝ දෙනකුන්ටද එකට ගැණීම වටියි. ලහබත් ආදියෙහිද මේ නයමවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.

එළකලොමසමුට‍්ඨානං – කිරියං, නොසඤ‍්ඤාවිමොක‍්ඛං, අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

එළකළොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

ගණභොජනසික‍්ඛාපදං දුතියං.

දෙවන ගණභොජන ශික්‍ෂාපදයයි