ආවසථපිණ්ඩසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
ආවසථපිණ්ඩසික්ඛාපදවණ්ණනා
ආවසථපිණ්ඩ ශික්ෂාපද වර්ණනාව
භොජනවග්ගස්ස පඨමසික්ඛාපදෙ – ආවසථපිණ්ඩොති ආවසථෙ පිණ්ඩො. සමන්තා පරික්ඛිත්තං අද්ධිකගිලානගබ්භිනිපබ්බජිතානං යථානුරූපං පඤ්ඤත්තමඤ්චපීඨං අනෙකගබ්භපමුඛපරිච්ඡෙදං ආවසථං කත්වා තත්ථ පුඤ්ඤකාමතාය පිණ්ඩො පඤ්ඤත්තො හොති, යාගුභත්තභෙසජ්ජාදි සබ්බං තෙසං තෙසං දානත්ථාය ඨපිතං හොතීති අත්ථො. හිය්යොපීති ස්වෙපි. අපසක්කන්තීති අපගච්ඡන්ති. මනුස්සා උජ්ඣායන්තීති තිත්ථියෙ අපස්සන්තා “තිත්ථියා කුහිං ගතා”“ඉමෙ පස්සිත්වා පක්කන්තා”ති සුත්වා උජ්ඣායන්ති. කුක්කුච්චායන්තොති කුක්කුච්චං කරොන්තො, අකප්පියසඤ්ඤං උප්පාදෙන්තොති අත්ථො.
භොජන වර්ගයෙහි ප්රථම ශික්ෂාපදයෙහි “ආවසථපිණ්ඩො” ආවාසයෙහි පිණ්ඩය. හාත්පසින් වටකරනලද මගි ගිලන් ගැබිනි පැවිදි යන මොවුන්ට සුදුසු පරිදි පැනවූ ඇදපුටු ඇති නොයෙක් ගැබ්ද ප්රධාන පිරිසිදීම් ඇති ආවාසයක් කොට එහි පින් කැමැති බැවින් පඤ්චභොජනාදි පිණ්ඩය පනවන ලද්දේ වේ. කැඳ බත් බෙහෙත් ආදී සියල්ල උන් උන්ට දෙන පිණිස තබන ලද්දේය යන අර්ත්ථයි. “භීයොපි” හෙටද “අපසක්කන්ති” පහවයෙත්. “මනුස්සා උජ්ඣායන්ති” තීර්ථකයන් නොදක්නාහු. ‘තීර්ථකයෝ කොතැන ගියාහුදැ’යි විචාරා මොවුන් දැක ගියාහුයයි අසා අවමන් කෙරෙත්. “කුක්කුච්චායන්තො” කුකුස් කරමින් අකප්පිය සංඥාව උපදවමින් යන අර්ත්ථයි.
සක්කොති තම්හා ආවසථා පක්කමිතුන්ති අද්ධයොජනං වා යොජනං වා ගන්තුං සක්කොති. න සක්කොතීති එත්තකමෙව න සක්කොති. අනොදිස්සාති ඉමෙසංයෙව වා එත්තකානංයෙව වාති එකං පාසණ්ඩං අනුද්දිසිත්වා සබ්බෙසං පඤ්ඤත්තො හොති. යාවදත්ථොති භොජනම්පි එත්තකන්ති අපරිච්ඡින්දිත්වා යාවදත්ථො පඤ්ඤත්තො හොති. සකිං භුඤ්ජිතබ්බන්ති එකදිවසං භුඤ්ජිතබ්බං, දුතියදිවසතො පට්ඨාය පටිග්ගහණෙ දුක්කටං, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ පාචිත්තියං.
“සක්කොති තම්හා ආවාසා පක්කමිතුං” අඩයොදුනක් හෝ යොදුනක් හෝ යන්නට හැකෙක්ය. “න සක්කොති” මෙපමණක්ම නොහැක්කේ වේ. “අනොදිස්ස” මේ පාසාණ්ඩයන්ට හෝ මේ පාසාණ්ඩයන් අතුරෙහි මෙපමණ දෙනකුන්ට මැයි හෝ එක් පාසාණ්ඩයකු නොඋදෙසා සියල්ලන්ට පනවන ලද්දේ වේ. “යාවදත්ථො” බොජුන්ද මෙපමණමයයි නොපිරිසිඳ සෑහෙන පමණ වන වන ලද්දේය. “සකිං භුඤ්ජිතබ්බං” එක් දවසක් එක්වරක්ම අනුභව කටයුතුය. දෙවන දින පටන් පිළිගැනීම නිමිතිකොට දුක්කටය වේ. පිඩක් පිඩක් පාසා පාචිත්තිය වේ.
අයං පනෙත්ථ විනිච්ඡයො – එකකුලෙන වා නානාකුලෙහි වා එකතො හුත්වා එකස්මිං ඨානෙ වා නානාඨානෙසු වා “අජ්ජ එකස්මිං; ස්වෙ එකස්මි”න්ති එවං අනියමිතට්ඨානෙ වා පඤ්ඤත්තං එකස්මිං ඨානෙ එකදිවසං භුඤ්ජිත්වා දුතියදිවසෙ තස්මිං ඨානෙ අඤ්ඤස්මිං වා භුඤ්ජිතුං න වට්ටති. නානාකුලෙහි පන නානාඨානෙසු පඤ්ඤත්තං එකස්මිං ඨානෙ එකදිවසං භුඤ්ජිත්වා දුතියදිවසෙ අඤ්ඤත්ථ භුඤ්ජිතුං වට්ටති. පටිපාටිං පන ඛෙපෙත්වා පුන ආදිතො පට්ඨාය භුඤ්ජිතුං න වට්ටතීති මහාපච්චරියං වුත්තං. එකපූගනානාපූගඑකගාමනානාගාමෙසුපි එසෙව නයො. යොපි එකකුලස්ස වා නානාකුලානං වා එකතො පඤ්ඤත්තො තණ්ඩුලාදීනං අභාවෙන අන්තරන්තරා ඡිජ්ජති, සොපි න භුඤ්ජිතබ්බො. සචෙ පන “න සක්කොම දාතු”න්ති උපච්ඡින්දිත්වා පුන කල්යාණචිත්තෙ උප්පන්නෙ දාතුං ආරභන්ති, එතං පුන එකදිවසං භුඤ්ජිතුං වට්ටතීති මහාපච්චරියං වුත්තං.
මේ වනාහි මෙහි විනිශ්චය වේ:- එක් කුලයක් විසින් හෝ නොයෙක් කුලයන් විසින් හෝ එක්ව එක් තැනක හෝ නොයෙක් තැන්හි හෝ. අද එක් තැනෙක්හිය, හෙට එක් තැනෙක්හිය’යි මෙසේ නියම නොකළ තැන්හි පනවන ලද්ද, එක් තැනක එක් දවසක් අනුභව කොට දෙවන දවසෙහි එතැන හෝ අන්තැනක හෝ අනුභව කිරීම නොවටියි. නානාකුලයන් විසින් නානාස්ථානයන්හි පනවන ලද්ද, එක් තැනක එක් දවසක් අනුභව කොට දෙවන දවසෙහි අන් තැනක අනුභව කිරීම වටියි. පිළිවෙළ ගෙවා නැවැත මුල පටන් අනුභව කිරීම නොවටීයයි මහාපච්චරියෙහි කියන ලදී. එක් සමූහය නොයෙක් සමූහය එක් ගමය නොයෙක් ගම්ය යන මෙතැන්හි ද මෙම නයවේ. යම් ආවසථපිණ්ඩයෙක් එක් කාලයක් විසින් හෝ නොයෙක් කුලයන් විසින් හෝ එකට පනවන ලද්දේ ද සහල් නොලැබීමෙන් අතරතුර සිඳියේද, ඒ ආවසථපිණ්ඩයද අනුභව නොකට යුතුය. ඉදින් ‘දෙන්නට නොහැක්කෙමු’යි සිඳදමා නැවැත කුසල් සිත උපන් කල්හි දෙන්නට පටන් ගණිත්ද මේ ආවසථපිණ්ඩය නැවැත එක් දවසක් අනුභව කිරීම වටීයයි මහාපච්චරියෙහි කියන ලද්දේය.
අනාපත්ති ගිලානස්සාති ගිලානස්ස අනුවසිත්වා භුඤ්ජන්තස්ස අනාපත්ති. ගච්ඡන්තො වාති යො ගච්ඡන්තො අන්තරාමග්ගෙ එකදිවසං ගතට්ඨානෙ ච එකදිවසං භුඤ්ජති, තස්සාපි අනාපත්ති. ආගච්ඡන්තෙපි එසෙව නයො. ගන්ත්වා පච්චාගච්ඡන්තොපි අන්තරාමග්ගෙ එකදිවසං ආගතට්ඨානෙ ච එකදිවසං භුඤ්ජිතුං ලභති. ගච්ඡිස්සාමීති භුඤ්ජිත්වා නික්ඛන්තස්ස නදී වා පූරති චොරාදිභයං වා හොති, සො නිවත්තිත්වා ඛෙමභාවං ඤත්වා ගච්ඡන්තො පුන එකදිවසං භුඤ්ජිතුං ලභතීති සබ්බමිදං මහාපච්චරියාදීසු වුත්තං . ඔදිස්ස පඤ්ඤත්තො හොතීති භික්ඛූනංයෙව අත්ථාය උද්දිසිත්වා පඤ්ඤත්තො හොති. න යාවදත්ථොති යාවදත්ථං පඤ්ඤත්තො න හොති, ථොකං ථොකං ලබ්භති, තාදිසං නිච්චම්පි භුඤ්ජිතුං වට්ටති. පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථාති යාගුඛජ්ජකඵලාඵලාදිභෙදෙ සබ්බත්ථ අනාපත්ති. යාගුආදීනි හි නිච්චම්පි භුඤ්ජිතුං වට්ටති. සෙසං උත්තානමෙව. එළකලොමසමුට්ඨානං – කායතො ච කායචිත්තතො ච සමුට්ඨාති, කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං තිචිත්තං, තිවෙදනන්ති.
“අනාපත්ති ගිලානස්ස” නැවැත එහි ලැග ලැග අනුභව කරන ගිලන් මහණහුට ඇවැත් නොවේ. “ගච්ඡන්තො වා” යම් මහණෙක් තෙමේ යනුයේ අතර මගැ එක් දවසක්ද, ගිය තැන එක් දවසක්ද, අනුභව කිරීම ලබන්නේය. පෙරළා එන කල්හිද මෙම නයවේ. ගොස් පෙරළා එන්නේද අතරමගැ එක් දවසක්ද, ආතැන එක් දවසක්ද අනුභව කිරීමෙහි වරද නැත්තේය. “ගච්ඡිස්සාමි” අනුභවකොට නික්මුණු මහණහුට ගඟ හෝ පිරී සිටියාද චෞරාදිභයෙක් හෝ වේද, ඒ මහණ තෙමේ නැවතී නිර්භයභාවය දැන යනුයේ නැවැත එක් දවසක් අනුභව කරන්නට ලබායි යන මේ සියල්ල මහාපච්චරි ආදියෙහි කියන ලද්දේය. “ඔදිස්ස පඤ්ඤත්තො හොති” මහණුන්ගේම ප්රයොජනය පිණිස උදෙසා පනවන ලද්දේවේද, “න යාවදත්ථො” සෑහෙන පමණින් පනවන ලද්දේ නොවේද, ටික ටික ලැබේද, එබඳු ආහාරය නිති කල්හිම වලඳන්නට හැක්කේය. “පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථ” කැඳ කැවිලි හා කුදු මහත් පල ඈවිසින් භෙදවත් වූ සියලු තන්හි ඇවැත් නොවේ. කැඳ ආදිය නිතර වැළඳීම සුදුසුය. සෙස්ස ප්රකටමය. එලක ලොම සමුත්ථානිකය. කයින්ද කායචිත්තයෙන්ද, උපදී. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
ආවසථපිණ්ඩසික්ඛාපදං පඨමං.
පළමුවන ආවසථපිණ්ඩ ශික්ෂාපදයයි