අත්ථඞ්ගතසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
අත්ථඞ්ගතසික්ඛාපදවණ්ණනා
අත්‍ථඞ්ගත ශික්ෂාපද වර්ණනාව
දුතියසික්ඛාපදෙ – පරියායෙනාති වාරෙන, පටිපාටියාති අත්ථො. අධිචෙතසොති අධිචිත්තවතො , සබ්බචිත්තානං අධිකෙන අරහත්තඵලචිත්තෙන සමන්නාගතස්සාති අත්ථො. අප්පමජ්ජතොති නප්පමජ්ජතො, අප්පමාදෙන කුසලානං ධම්මානං සාතච්චකිරියාය සමන්නාගතස්සාති වුත්තං හොති. මුනිනොති “යො මුනාති උභො ලොකෙ, මුනි තෙන පවුච්චතී”ති (ධ· ප· 269) එවං උභයලොකමුනනෙන වා, මොනං වුච්චති ඤාණං, තෙන ඤාණෙන සමන්නාගතත්තා වා ඛීණාසවො මුනි නාම වුච්චති, තස්ස මුනිනො. මොනපථෙසු සික්ඛතොති අරහත්තඤාණසඞ්ඛාතස්ස මොනස්ස පථෙසු සත්තතිංසබොධිපක්ඛියධම්මෙසු තීසු වා සික්ඛාසු සික්ඛතො. ඉදඤ්ච පුබ්බභාගපටිපදං ගහෙත්වා වුත්තං, තස්මා එවං පුබ්බභාගෙ සික්ඛතො ඉමාය සික්ඛාය මුනිභාවං පත්තස්ස මුනිනොති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො. සොකා න භවන්ති තාදිනොති තාදිසස්ස ඛීණාසවමුනිනො අබ්භන්තරෙ ඉට්ඨවියොගාදිවත්ථුකා සොකා න සන්ති. අථ වා තාදිනොති තාදිලක්ඛණසමන්නාගතස්ස එවරූපස්ස මුනිනො සොකා න භවන්තීති අයමෙත්ථ අත්ථො. උපසන්තස්සාති රාගාදීනං උපසමෙන උපසන්තස්ස. සදා සතීමතොති සතිවෙපුල්ලප්පත්තත්තා නිච්චකාලං සතියා අවිරහිතස්ස . ආකාසෙ අන්තලික්ඛෙති අන්තලික්ඛසඞ්ඛාතෙ ආකාසෙ, න කසිණුග්ඝාටිමෙ, න පන රූපපරිච්ඡෙදෙ. චඞ්කමතිපි තිට්ඨතිපීති තාසං භික්ඛුනීනං කථං සුත්වා “ඉමා භික්ඛුනියො මං ‘එත්තකමෙව අයං ජානාතී’ති අවමඤ්ඤන්ති, හන්ද දානි එතාසං අත්තනො ආනුභාවං දස්සෙමී”ති ධම්මබහුමානං උප්පාදෙත්වා අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය එවරූපං ඉද්ධිපාටිහාරියං දස්සෙසි – “ආකාසෙ අන්තලික්ඛෙ චඞ්කමතිපි…පෙ… අන්තරධායතිපී”ති. තත්ථ අන්තරධායතිපීති අන්තරධායතිපි අදස්සනම්පි ගච්ඡතීති අත්ථො. තඤ්චෙව උදානං භණති අඤ්ඤඤ්ච බහුං බුද්ධවචනන්ති ථෙරො කිර අත්තනො භාතුථෙරස්ස සන්තිකෙ –
ද්විතීය ශික්‍ෂාපදයෙහි “පරියායෙන” වාරයෙන් පිළිවෙළින් යන අර්‍ත්‍ථයි. “අධිචෙතසො” අධිචිත්තවත් වූ සියලු චිත්තයන් අතුරෙහි අධික වූ අර්හත්ඵල චිත්තයෙන් සමන්වාගත වූ යන අර්‍ත්‍ථයි. “අප්පමජ්ජතො” නොපමාවූ. අප්‍රමාදයෙන් කුශලධර්මයන් පිළිබඳ සත්ත ක්‍රියාවෙන් යුක්තවූයි කියන ලද්දේ වේ. “මුනිනො” ‘සො මුනාති උභො ලොකෙ මුනි තෙන පවුච්චති’යි මෙසේ දෙලොව දැන ගැනීමෙන් හෝ, නුවණ මොනයි කියනු ලැබේ. අර්හත්ඵල සඞ්ඛ්‍යාත වූ ඒ ඤාණයෙන් යුක්ත බැවින් හෝ ක්ෂීණාශ්රව තෙමේ මුනි නැමැයි කියනු ලැබේ. ඒ මුනිහට “මොනපථෙ සික්ඛතො” අර්හත් ඥානසඞ්ඛ්‍යාත මොනපථයන්හි හෝ සප්තති සම්බොධිපාක්ෂික ධර්මයන්හි හෝ ත්‍රිවිධ ශික්ෂාවන්හි හෝ හික්මෙන්නාවූ මෙද පූර්වභාග ප්‍රතිපත්තිය ගෙණ කියන ලදී. එහෙයින් මෙසේ පූර්වභාගයෙහි හික්මෙන්නාවූ මේ ශික්ෂාවෙන් මුනිභාවයට පැමිණි මුනිහටයි මෙසේ අර්ත්ථ දත යුත්තේය. “සොකා න භවන්ති තාදිනො” එබඳු වූ ක්ෂීණාශ්රව මුනිහුගේ අභ්‍යන්තරයෙහි ඉෂ්ටවියොගවස්තුක ශොකයෝ නැත්තාහුය. නොහොත් “තාදිනො” තාදීලක්ෂණයෙන් යුක්තවූ මෙබඳු මුනිහට ශොකයෝ නොවෙත්යි මෙහි මේ අර්ත්ථය වේ. “උපසන්තස්ස” රාගාදීන්ගේ සංසිඳීමෙන් සංසිඳුනාවූ. “සදා සතීමතො” ස්මෘති විපුලත්වයට පැමිණි බැවින් සෑම කල්හි සිහියෙන් වෙන් නොවූ. “ආකාසෙ අන්තලික්ඛෙ” අන්තරීක්ෂසඞ්ඛ්යාත ආකාශයෙහි කසිණුග්හාටිමාකාසයෙහි නොවේ. රූපපරිච්ඡෙදාකාසයෙහි නොවේ. “වඞ්කමතිපි තිට්ඨතිපි” ඒ මෙහෙණන්ගේ කථාව අසා ‘මේ මෙහෙණෝ මෙතෙමේ මෙපමණින්ම දනීය’යි මට අවමන් කරති. එබැවින් දැන් මේ මෙහෙණන්ට තමන්ගේ ආනුභාවය දක්වන්නෙමි’යි ධර්මය කෙරෙහි බුහුමන් උපදවා අභිඥාපාදක චතුර්ත්ථද්ධ්යානයට සමවැද එයින් නැගිට ‘ආකාසෙ අන්තලික්ඛෙ වඞ්කමතිපි -පෙ- අන්තරා පිධායතිපි’ යන එහි “අන්තරා පිධායතිපි” අතුරුදහන් වේ. නොදැක්මට යේය යන අර්‍ත්‍ථයි. “තඤ්චෙව උදානං භණති අඤ්ඤඤ්ච බහුං බුද්ධවචනං” ස්ථවිර තෙමේ තමන්ගේ බෑ තෙරහු සමීපයෙහි-
“පදුමං යථා කොකනුදං සුගන්ධං, පාතො සියා ඵුල්ලමවීතගන්ධං; අඞ්ගීරසං පස්ස විරොචමානං, තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”ති. (සං· නි· 1.123);
පදුමං යථා කොකනදං සුගන්ධං පාතො සියා ඵුල්ලමවීතගන්ධං අඞ්ගීරසං පස්ස විරොචමානං තපන්තමාදිච්චමිවන්තලික්ඛෙ”
ඉමං ගාථං උද්දිසාපෙත්වා චත්තාරො මාසෙ සජ්ඣායි. න ච පගුණං කත්තුමසක්ඛි. තතො නං ථෙරො “අභබ්බො ත්වං ඉමස්මිං සාසනෙ”ති විහාරා නික්කඩ්ඪාපෙසි, සො රොදමානො ද්වාරකොට්ඨකෙ අට්ඨාසි. අථ භගවා බුද්ධචක්ඛුනා වෙනෙය්යසත්තෙ ඔලොකෙන්තො තං දිස්වා විහාරචාරිකං චරමානො විය තස්ස සන්තිකං ගන්ත්වා “චූළපන්ථක, කස්මා රොදසී”ති ආහ. සො තමත්ථං ආරොචෙසි. අථස්ස භගවා සුද්ධං පිලොතිකඛණ්ඩං දත්වා “ඉදං ‘රජොහරණං රජොහරණ’න්ති පරිමජ්ජාහී”ති ආහ. සො “සාධූ”ති සම්පටිච්ඡිත්වා අත්තනො නිවාසට්ඨානෙ නිසීදිත්වා තස්ස එකමන්තං පරිමජ්ජි, පරිමජ්ජිතට්ඨානං කාළකමහොසි. සො “එවං පරිසුද්ධම්පි නාම වත්ථං ඉමං අත්තභාවං නිස්සාය කාළකං ජාත”න්ති සංවෙගං පටිලභිත්වා විපස්සනං ආරභි. අථස්ස භගවා ආරද්ධවීරියභාවං ඤත්වා “අධිචෙතසො”ති ඉමං ඔභාසගාථං අභාසි. ථෙරො ගාථාපරියොසානෙ අරහත්තං පාපුණි. තස්මා ථෙරො පකතියාව ඉමං ගාථං මමායති, සො තං ඉමිස්සා ගාථාය මමායනභාවං ජානාපෙතුං තංයෙව භණති. අඤ්ඤඤ්ච අන්තරන්තරා ආහරිත්වා බහුං බුද්ධවචනං. තෙන වුත්තං – “තඤ්චෙව උදානං භණති, අඤ්ඤඤ්ච බහුං බුද්ධවචන”න්ති.
යන මේ ගාථාව උදෙසවා සිවු මසක් මුළුල්ලෙහි හැදෑරුයේය. පුහුණු කරන්නට නොහැකිවූයේය. ඉක්බිති ස්ථවිර තෙමේ ඔහු ‘තෝ මේ සසුනෙහි අභව්‍යයි වෙහෙරින් නෙරපා හැරියේය. ඒ චුල්ලපන්ථක තෙමේ අඬමින් දොරකොටුවෙහි සිටියේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බුදුන් විසින් හික්මවිය යුතු සත්ත්වයන් බලා වදාරන සේක් ඔහු දැක විහාරචාරිකාවෙහි හැසිරෙන්නහු මෙන් ඔහු සමීපයට වැඩමවා ‘චුල්ලපන්ථක’ කුමක් හෙයින් අඬන්නෙහිදැ’යි අසා වදාළ සේක. හෙතෙමේ ඒ කාරණය සැල කෙළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට පිරිසිදු රෙදිකඩක් දී ‘මේ රෙදිකඩ රජොහරණං, රජොහරණං’යි කියමින් පිරිමදුවයි වදාළ සේක. හෙතෙමේ මැනැවැ’යි පිළිගෙන තමන් වසන තැන හිඳ ඒ රෙදිකඩෙහි එක් කෙළවරක් පිරිමැද්දේය. පිරිමැදි තැන කළුපැහැ ඇත්තේ විය. එකල්හි හෙතෙමේ ‘මෙසේ පිරිසිදුවූද වස්ත්‍රය මේ ආත්මභාවය නිසා කළුපැහැත්තේ වීයයි අශුභසංඥා අනිත්‍ය සංඥා එළවමින් සංවෙගය පිළිලැබ විදසුන් වැඩීය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොහුගේ ඇරඹූ වැර ඇති බව දැන ‘අධිචෙතසො’ යන මේ ඔභාස ගාථාව වදාළ සේක. ස්ථවිර තෙමේ ගාථා කෙළවර රහත්බවට පැමිණියේය. එහෙයින් ස්ථවිර තෙමේ ප්‍රකෘතියෙන්ම මේ ගාථාවට මමත්වය කරයි. හෙතෙමේ මේ ගාථාව පිළිබඳ ඒ මමත්වය දන්වනු පිණිස ඒ ගාථාවම කියයි. අතරතුර අන් බොහෝ බුදුවදන්ද ගෙණහැර කියයි.
එකතො උපසම්පන්නායාති භික්ඛුනිසඞ්ඝෙ උපසම්පන්නාය, භික්ඛුසඞ්ඝෙ පන උපසම්පන්නං ඔවදන්තස්ස පාචිත්තියං. සෙසමෙත්ථ උත්තානමෙව. ඉදම්පි ච පදසොධම්මසමුට්ඨානමෙව.
“එකතො උපසම්පන්නාය” භික්ෂුණී සඞ්ඝයා සමීපයෙහි උපසපන් මෙහෙණකට භික්ෂු සඞ්ඝයා සමීපයෙහි උපසපන් මෙහෙණකට අවවාද කරන මහණහට පාචිත්තියක් වේ. මෙහි සෙස්ස ප්‍රකටමය. මෙද පදසොධර්මසමුත්ථානිකම වේ.
අත්ථඞ්ගතසික්ඛාපදං දුතියං.
දෙවන අත්‍ථඞ්ගත ශික්‍ෂාපදයයි
භික්ඛුනුපස්සයසික්ඛාපදවණ්ණනා
භික්ඛුනූපස්සය ශික්ෂාපද වර්ණනාව
තතියසික්ඛාපදෙ – අඤ්ඤත්ර සමයා ඔවදති ආපත්ති පාචිත්තියස්සාතිආදීසු අට්ඨහි ගරුධම්මෙහි ඔවදන්තස්සෙව පාචිත්තියං, අඤ්ඤෙන ධම්මෙන දුක්කටන්ති වෙදිතබ්බං. එකතොඋපසම්පන්නායාති භික්ඛුනිසඞ්ඝෙ උපසම්පන්නාය, භික්ඛුසඞ්ඝෙ උපසම්පන්නාය පන ඔවදතො පාචිත්තියමෙව. ඉතො පරම්පි යත්ථ යත්ථ “එකතොඋපසම්පන්නා”ති වුච්චති, සබ්බත්ථ අයමෙව අත්ථො දට්ඨබ්බො. සෙසං උත්තානමෙව.
තෘතීය ශික්‍ෂාපදයෙහි - ‘අඤ්ඤත්ර සමයා ඔවදති ආපත්ති පාචිත්තියස්ස, යනාදි තන්හි අෂ්ටගරුධර්‍මයෙන් අවවාද කරන මහණහටම පාචිත්තිය වේ. අනික් ධර්මයකින් අවවාද කරන මහණහට දුක්කටය දතයුතුය. “එකතො උපසම්පන්නාය” භික්ෂුණී සඞ්ඝයා සමීපයෙහි උපසපන් මෙහෙණහට භික්ෂු සඞ්ඝයා සමීපයෙහි උපසපන් මෙහණහට අවවාද කරන මහණහට පාචිත්තියම වේ. මෙයින් මතුද යම් යම් තැනක ‘එකතො උපසම්පන්නාය’යි කියනු ලැබේද, ඒ සියලු තැන මේ අර්ත්ථයම දත යුතුය. සෙස්ස ප්‍රකටමය.
කථිනසමුට්ඨානං – කායවාචතො, කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
භික්ඛුනුපස්සයසික්ඛාපදං තතියං.
තෙවන භික්ඛුණී උපස්සය ශික්‍ෂාපදයයි
ඉදං පනෙත්ථ මහාපච්චරියං වුත්තං පකිණ්ණකං – අසම්මතො චෙ භික්ඛු අත්ථඞ්ගතෙ සූරියෙ භික්ඛුනුපස්සයං උපසඞ්කමිත්වා අට්ඨහි ගරුධම්මෙහි ඔවදති, තීණි පාචිත්තියානි. අඤ්ඤෙන ධම්මෙන ඔවදතො ද්වෙ දුක්කටානි, එකං පාචිත්තියං. කථං? අසම්මතමූලකං දුක්කටං, උපස්සයං ගන්ත්වා අඤ්ඤෙන ධම්මෙන ඔවදනමූලකං දුක්කටං, අත්ථඞ්ගතෙ සූරියෙ ඔවදනමූලකං පාචිත්තියන්ති. සම්මතස්ස අත්ථඞ්ගතෙ සූරියෙ තත්ථ ගන්ත්වා අට්ඨහි ගරුධම්මෙහි ඔවදන්තස්ස එකා අනාපත්ති, ද්වෙ පාචිත්තියානි. කථං? සම්මතත්තා අනාපත්ති, අත්ථඞ්ගතෙ සූරියෙ ඔවදනමූලකං එකං, ගන්ත්වා ගරුධම්මෙහි ඔවදනමූලකං එකන්ති ද්වෙ පාචිත්තියානි. තස්සෙව අඤ්ඤෙන ධම්මෙන ඔවදතො එකා අනාපත්ති, එකං දුක්කටං, එකං පාචිත්තියං. කථං? සම්මතත්තා අනාපත්ති, ගන්ත්වා අඤ්ඤෙන ධම්මෙන ඔවදනමූලකං දුක්කටං, අත්ථඞ්ගතෙ සූරියෙ ඔවදනමූලකං පාචිත්තියන්ති. දිවා පන ගන්ත්වා ඔවදතො සම්මතස්ස ච අසම්මතස්ස ච රත්තිං ඔවදනමූලකං එකං පාචිත්තියං අපනෙත්වා අවසෙසා ආපත්තානාපත්තියො වෙදිතබ්බාති.
එහි මේ ප්රකීර්ණකය වනාහි මහාපච්චරියෙහි කියනලදි. සම්මත නොකළ මහණෙක් තෙමේ හිරු බැස ගිය කල්හි මෙහෙණ අසපුවට එළැඹි අෂ්ටගරුධර්‍මයෙන් අවවාද කෙරේනම් පාචිත්තිය තුනක් වේ. අන් ධර්මයකින් අවවාද කරන මහණහට දුක්කට දෙකක් වේ. එක් පාචිත්තියක් වේ. කෙසේද යත්: අසම්මතය මුල්කොට ඇති දුක්කටය. අසපුවට ගොස් අන් ධර්මයකින් අවවාද කිරීම මුල්කොට ඇති දුක්කටය. හිරු බැස ගිය කල්හි අවවාද කිරීම මුල් කොට ඇති පාචිත්තියයි. සම්මත කළ හිරු බැසගිය කල්හි එහි ගොස් අෂ්ටගරු ධර්මයෙන් අවවාද කරන මහණහට අනාපත්ති එකක. පාචිත්තිය දෙකක. කෙසේද යත්:- සම්මතය ලද බැවින් අනාපත්ති වේ. හිරු බැස ගිය කල්හි අවවාද කිරීම මුල්කොට ඇති එකක. ගොස් අෂ්ටගරුධර්‍මයෙන් අවවාද කිරීම මුල්කොට ඇති එකකැයි පාචිත්තිය දෙකක. අන්ධර්මයකින් අවවාද කරන ඔහුටම අනාපත්ති එකක. දුක්කට එකක. පාචිත්තිය එකක කෙසේද, යත්:- සම්මතය ලද බැවින් අනාපත්ති වේ. ගොස් අන් ධර්මයකින් අවවාද කිරීම මුල්කොට ඇති දුක්කටය වේ. හිරු බැස ගිය කල්හි අවවාද කිරීම මුල්කොට සිටි පාචිත්තිය වේ. දාවල ගොස් අවවාද කරන සම්මතය ලද්දහුටද සම්මතය නොලද්දහුටද රාත්‍රියෙහි අවවාද කිරීම මුල්කොට ඇති පාචිත්තිය බැහැර කොට සෙසු ආපත්ති අනාපත්තීහු දත යුත්තාහ.
පකිණ්ණකකථා නිට්ඨිතා.
ආමිසසික්ඛාපදවණ්ණනා
ආමිස ශික්ෂාපද වර්ණනාව
චතුත්ථසික්ඛාපදෙ – න බහුකතාති න කතබහුමානා, න ධම්මෙ බහුමානං කත්වා ඔවදන්තීති අධිප්පායො. “භික්ඛුනොවාදකං අවණ්ණං කත්තුකාමො”තිආදීනං උජ්ඣාපනකෙ වුත්තනයෙනෙවත්ථො වෙදිතබ්බො.
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි “න බහුකතා” නො කළ බුහුමන් ඇත්තාහුය. ධර්මයෙහි බුහුමන් කොට අවවාද නොකෙරෙත්, යන අදහසය. ‘භික්ඛුනොවාදකං අවණ්ණං කත්තුකාමො’ යනාදීන්ගේ අර්ත්ථය උජ්ඣාපනක ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය.
උපසම්පන්නං සඞ්ඝෙන අසම්මතන්ති එත්ථ අසම්මතො නාම සම්මතෙන වා සඞ්ඝෙන වා භාරං කත්වා ඨපිතො වෙදිතබ්බො. අනුපසම්පන්නං සම්මතං වා අසම්මතං වාති එත්ථ පන භික්ඛුකාලෙ සම්මුතිං ලභිත්වා සාමණෙරභූමියං ඨිතො සම්මතො, සම්මතෙන වා සඞ්ඝෙන වා ඨපිතො බහුස්සුතො සාමණෙරො අසම්මතොති වෙදිතබ්බො. සෙසං වුත්තනයත්තා උත්තානමෙව.
“උපසම්පන්නං සඞ්ඝෙන අසම්මතං” මෙහි අසම්මත නම් සම්මතයෙන් හෝ සඞ්ඝයා විසින් හෝ භාරකොට නොතබන ලද්දේයයි දතයුතුය. “අනුපසම්පන්නං සම්මතං වා අසම්මතං වා” යන මෙහි භික්ෂු කාලයෙහි සම්මුතිය ලැබ සාමණෙර භූමියහි සිටියේ සම්මත වේ. සම්මතයෙන් හෝ සඞ්ඝයා විසින් හෝ තබනලද බහුශ්‍රැත සාමණෙර තෙමේ අසම්මතයයි දතයුතුය. සෙස්ස කියූනය ඇති බැවින් ප්‍රකටමය.
තිසමුට්ඨානං – කායචිත්තතො වාචාචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. ත්‍රිවෙදනයි.
ආමිසසික්ඛාපදං චතුත්ථං.
චීවරදානසික්ඛාපදවණ්ණනා
චීවරදාන ශික්ෂාපද වර්ණනාව
පඤ්චමසික්ඛාපදෙ – විසිඛායාති රථිකාය. පිණ්ඩාය චරතීති නිබද්ධචාරවසෙන අභිණ්හං චරති. සන්දිට්ඨාති සන්දිට්ඨමිත්තා අහෙසුං. සෙසමෙත්ථ පදතො උත්තානත්ථං, විනිච්ඡයතො චීවරපටිග්ගහණසික්ඛාපදෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං සද්ධිං සමුට්ඨානාදීහි. තත්ර හි භික්ඛු පටිග්ගාහකො, ඉධ භික්ඛුනී, අයං විසෙසො. සෙසං තාදිසමෙවාති.
පඤ්ච ශික්‍ෂාපදයෙහි - “විසිඛාය’ වීථියෙහි. “පිණ්ඩාය චරති” නිබඳ හැසිරීම් වසයෙන් නිතර හැසිරේ. “සන්දිට්ඨා” දුටු මිතුරෝ වූහ. මෙහි සෙස්ස පදවසයෙන් ප්‍රකට අර්ත්ථ ඇත්තේය. විනිශ්චය වශයෙන් චීවර ප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම සමුත්‍ථානාදිය සමග දතයුතුය. එහි මහණ තෙමේ ප්‍රතිග්‍රාහක වේ. මෙහි මෙහෙණ තොමෝයි. මේ වෙනසයි. සෙස්ස එබඳුමය.
චීවරදානසික්ඛාපදං පඤ්චමං.
පස්වන චීවරදාන ශික්‍ෂාපදයයි.
චීවරසිබ්බනසික්ඛාපදවණ්ණනා
චීවරසිබ්බන ශික්ෂාපද වර්ණනාව
ඡට්ඨසික්ඛාපදෙ – උදායීති ලාළුදායී. පට්ඨොති පටිබලො, නිපුණො චෙව සමත්ථො චාති වුත්තං හොති. අඤ්ඤතරා භික්ඛුනීති තස්සෙව පුරාණදුතියිකා. පටිභානචිත්තන්ති අත්තනො පටිභානෙන කතචිත්තං, සො කිර චීවරං රජිත්වා තස්ස මජ්ඣෙ නානාවණ්ණෙහි විප්පකතමෙථුනං ඉත්ථිපුරිසරූපමකාසි. තෙන වුත්තං – “මජ්ඣෙ පටිභානචිත්තං වුට්ඨාපෙත්වා”ති. යථාසංහටන්ති යථාසංහරිතමෙව.
ෂෂ්ට ශික්‍ෂාපදයෙහි “උදායි” ලාලුදායි තෙමේය. “පටු” ප්‍රතිබල ඇත්තේය. නිපුණය. සමර්ත්ථයයි කියන ලද්දේ වේ. “අඤ්ඤතරා භික්ඛුණී” ඒ ලාලුදායී තෙරුන්ගේම පුරාණභාර්ය්යා තොමෝය. “පටිභාණචිත්තං” තමාගේ වැටහීමෙන් කළ සිතියම. ලාලුදායී ස්ථවිර තෙමේ සිවුර පඬු පොවා ඒ සිවුර මැද නන් පැහැය යොදා පටන්ගත් නොනිමි මෙවුන්දම් දැක්වෙන ස්ත්‍රී පුරුෂ රූපයක් ඇන්දේය. එහෙයින් ‘මජ්ඣෙ පටිභාණචිත්තං වුට්ඨාපෙත්වා’යි කියන ලදී. “යථාසංහතං” හැකුළු පරිදිම.
චීවරන්ති යං නිවාසිතුං වා පාරුපිතුං වා සක්කා හොති, එවඤ්හි මහාපච්චරියාදීසු වුත්තං. සයං සිබ්බතීති එත්ථ සිබ්බිස්සාමීති විචාරෙන්තස්සාපි ඡින්දන්තස්සාපි දුක්කටං, සිබ්බන්තස්ස පන පාචිත්තියං. ආරාපථෙ ආරාපථෙති සූචිං පවෙසෙත්වා පවෙසෙත්වා නීහරණෙ. සචෙ පන සකලසූචිං අනීහරන්තො දීඝසුත්තප්පවෙසනත්ථං සතක්ඛත්තුම්පි විජ්ඣිත්වා නීහරති, එකමෙව පාචිත්තියං. සකිං ආණත්තොති සකිං “චීවරං සිබ්බා”ති වුත්තො. බහුකම්පි සිබ්බතීති සචෙපි සබ්බං සූචිකම්මං පරියොසාපෙත්වා චීවරං නිට්ඨාපෙති, එකමෙව පාචිත්තියං. අථ පන “ඉමස්මිං චීවරෙ කත්තබ්බකම්මං තව භාරො”ති වුත්තො කරොති, ආණත්තස්ස ආරාපථෙ ආරාපථෙ එකමෙකං පාචිත්තියං, ආණාපකස්ස එකවාචාය සම්බහුලානිපි. පුනප්පුනං ආණත්තියං පන වත්තබ්බමෙව නත්ථි.
“චීවර” යමක් හඳින්නට හෝ පොරවන්නට හැකිවේද, ඒ චීවරැයි මෙසේ මහාපච්චරී ආදියෙහි කියනලදී. “සයං සිබ්බති” මෙහි මසන්නෙමි’යි නූල් ගසන්නහුටද සිඳින්නහුටද දුක්කටය වේ. මසන මහණහුට පාචිත්තිය වේ. “ආරපථෙ ආරපථෙ” හිද්ද ඇතුල්කොට ඇතුල්කොට බැහැර කිරීමෙහි. මුළුමනින් හිද්ද බැහැර නොකරමින්. දිග් වූ ඇතුල් කරනු පිණිස සියක් වරක් නමුදු විද බැහැර කෙරේ නම් එක්ම පාචිත්තියක් වේ. “සකිං ආණත්තො” වරක් සිවුර මසවයි කියන ලද්දේ. “බහුකම්පි සිබ්බති” ඉදින් සියලු හිදිකම් අවසන්කොට සිවුර නිම කෙරේනම් එක්ම පාචිත්තියක් වේ. තවද ‘මේ සිවුරෙහි කටයුතු කිස තට භාරය’යි කියන ලද්දේ කෙරේද, ඇණ වූ මහණහුට හිද්ද ඇතුල් කොට බැහැර කිරීමෙහි එක්ම පාචිත්තියක් වේ. අණකළ මහණහට එක් වචනයෙන් බොහෝ ඇවැත්හු වෙත්. නැවත නැවැත ඇණවීමෙහි කියයුත්තෙක්ම නැත්තේය.
යෙපි සචෙ ආචරියුපජ්ඣායෙසු අත්තනො ඤාතිකානං චීවරං සිබ්බන්තෙසු තෙසං නිස්සිතකා “ආචරියුපජ්ඣායවත්තං වා කථිනවත්තං වා කරොමා”ති සිබ්බන්ති, තෙසම්පි ආරාපථගණනාය ආපත්තියො. ආචරියුපජ්ඣායා අත්තනො ඤාතිකානං චීවරං අන්තෙවාසිකෙහි සිබ්බාපෙන්ති, ආචරියුපජ්ඣායානං දුක්කටං, අන්තෙවාසිකානං පාචිත්තියං. අන්තෙවාසිකා අත්තනො ඤාතිකානං ආචරියුපජ්ඣායෙහි සිබ්බාපෙන්ති, තත්රාපි එසෙව නයො. අන්තෙවාසිකානම්පි ආචරියුපජ්ඣායානම්පි ඤාතිකාය චීවරං හොති, ආචරියුපජ්ඣායා පන අන්තෙවාසිකෙ වඤ්චෙත්වා සිබ්බාපෙන්ති, උභින්නම්පි දුක්කටං. කස්මා? අන්තෙවාසිකානං අඤ්ඤාතිකසඤ්ඤාය සිබ්බිතත්තා , ඉතරෙසං අකප්පියෙ නියොජිතත්තා. තස්මා “ඉදං තෙ මාතු චීවරං, ඉදං භගිනියා”ති ආචික්ඛිත්වා සිබ්බාපෙතබ්බං.
යම්කෙනක් ඉදින් ආචාර්ය්ය උපාද්ධ්යයයන් තම නෑයන්ගේ සිවුරක් මසන කල්හි ඔහුගේ නිශ්‍රිතකයෝ ආචාර්ය්ය උපාද්ධ්යායවත හෝ කඨිනවත හෝ කරමු’යි මසත් ද, ඔවුන්ටද හිදිගමන් ගණනින් ඇවැත්වෙත්. ආචාර්ය්ය උපාද්ධ්‍යායයෝ තම නෑයන්ගේ සිවුරක් අතවැස්සන් ලවා මස්වත්ද, ආචාර්ය්ය උපාද්ධ්‍යායයන්ට දුක්කටය වේ. අතැවැස්සන්ට පාචිත්තිය වේ. ඇතැවැස්සෝ තම නෑයන්ගේ සිවුරක් ආචාර්ය්ය උපාද්ධ්‍යායයන් ලවා මස්වත්ද, එහිද මේ නයම වේ. අතවැසියන්ගේද ආචාර්ය්ය උපාද්ධ්යායයන්ගේද නෑමෙහෙණකගේ සිවුරක් වේද, ආචාර්ය්ය උපාද්ධ්‍යායයෝ අතැවැසියන් රවටා ඒ සිවුර මස්වත්ද, දෙදෙනහටම දුක්කටය වේ. කුමක් හෙයින, යත්:- අතවැසියන්ට නොනෑයන හැඟීමෙන් මැසූ බැවිනි. අන්‍යයන්හට නොකැපයෙහි යෙදූ බැවිනි. එහෙයින් ‘මේ තොපගේ මවුගේ සිවුරය. මෙය නැගනියගේ සිවුරය’යි කියා මැස්විය යුතුය.
අඤ්ඤං පරික්ඛාරන්ති යංකිඤ්චි උපාහනත්ථවිකාදිං. සෙසං උත්තානමෙව. ඡසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“අඤ්ඤං පරික්ඛාරං” වහන් පසුම්බි ආදි යම්කිසි පිරිකරකි. සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
චීවරසිබ්බනසික්ඛාපදං ඡට්ඨං.
සවන චීවරසිබ්බන ශික්‍ෂාපදයයි.
සංවිධානසික්ඛාපදවණ්ණනා
සංවිධාන ශික්ෂාපද වර්ණනාව
සත්තමසික්ඛාපදෙ – පච්ඡා ගච්ඡන්තීනං චොරා අච්ඡින්දිංසූති පච්ඡා ගච්ඡන්තීනං පත්තචීවරං චොරා හරිංසු. දූසෙසුන්ති තා භික්ඛුනියො චොරා දූසයිංසු, සීලවිනාසං පාපයිංසූති අත්ථො .
සප්තම ශික්‍ෂාපදයෙහි “පච්ඡාගච්ඡන්තීනං චොරා අච්ඡින්දිංසු” පසුව යන මෙහෙණන්ගේ පාසිවුරු සොරු පැහැර ගත්හ. “සෙස්සුං” සොරු ඒ මෙහෙණන් දූෂිත කළහ. ශීලවිනාශයට පැමිණවූහ යන අර්‍ත්‍ථයි.
සංවිධායාති සංවිදහිත්වා, ගමනකාලෙ සඞ්කෙතං කත්වාති අත්ථො. කුක්කුටසම්පාදෙති එත්ථ යස්මා ගාමා නික්ඛමිත්වා කුක්කුටො පදසාව අඤ්ඤං ගාමං ගච්ඡති, අයං කුක්කුටසම්පාදොති වුච්චති. තත්රායං වචනත්ථො – සම්පදන්ති එත්ථාති සම්පාදො. කෙ සම්පදන්ති? කුක්කුටා. කුක්කුටානං සම්පාදො කුක්කුටසම්පාදො. අථ වා සම්පාදොති ගමනං, කුක්කුටානං සම්පාදො එත්ථ අත්ථීතිපි කුක්කුටසම්පාදො. කුක්කුටසම්පාතෙ ඉතිපි පාඨො, තත්ථ යස්ස ගාමස්ස ගෙහච්ඡදනපිට්ඨිතො කුක්කුටො උප්පතිත්වා අඤ්ඤස්ස ගෙහච්ඡදනපිට්ඨියං පතති, අයං කුක්කුටසම්පාතොති වුච්චති. වචනත්ථො පනෙත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ද්විධා වුත්තප්පකාරොපි චෙස ගාමො අච්චාසන්නො හොති, උපචාරො න ලබ්භති. යස්මිං පන ගාමෙ පච්චූසෙ වස්සන්තස්ස කුක්කුටස්ස සද්දො අනන්තරෙ ගාමෙ සුය්යති, තාදිසෙහි ගාමෙහි සම්පුණ්ණරට්ඨෙ ගාමන්තරෙ ගාමන්තරෙ පාචිත්තියන්ති අට්ඨකථායං වුත්තං. කිඤ්චාපි වුත්තං, “ගාමන්තරෙ ගාමන්තරෙ ආපත්ති පාචිත්තියස්සා”ති වචනතො පන සචෙපි රතනමත්තන්තරො ගාමො හොති, යො තස්ස මනුස්සෙහි ඨපිතඋපචාරො, තං ඔක්කමන්තස්ස ආපත්තියෙව.
“සංවිධාය” එක්ව බැණගෙණ යන කල්හි සලකුණු කොට යන අර්‍ත්‍ථයි “කුක්කුටසම්පාදෙති” මෙහි යම්හෙයකින් ගමින් නික්ම කුකුළු තෙමේ පයින්ම අන් ගමකට යේද, මෙය කුක්කුටසම්පාදයයි කියනු ලැබේ. එහි මේ වචනාර්ත්ථයයි. මෙහි යෙත්නුයි සම්පාද නමි. කවරහු යෙත්ද, යත් කුකුළෝ යෙත්. කුකුළන්ගේ යෑම කුක්කුට සම්පාදයි. නොහොත් සම්පාදො යනු ගමනයි. කුකුළන්ගේ ගමන මෙහි ඇත්තේයයිද කුක්කුටසම්පාද නම්වේ. කුක්කුටසම්පාතෙයිද පාඨයෙක් වේ. එහි යම් ගමක ගෙයි සෙවනිය පිටින් කුකුළා පැන පැන ගොස් අන් ගෙයක පලය පිට වැටේද, මෙය කුක්කුටසම්පාතයි කියනු ලැබේ. මෙහි වචනාර්ත්ථය වනාහි කියූ නයින්ම දතයුතුය. දෙපරිද්දෙකින් කියූ අයුරු ඇත්තාවූද මේ ගම ඉතා ආසන්න වේ. උපචාරයෙක් නොලැබේ. යම් ගමක උදෑසන හඬලන කුකුළාගේ හඬ අනතුරු ගමෙහි ඇසේද, එබඳු ගම් වලින් පිරුණු රටෙහි ගාමාන්තරය ගාමාන්තරය නිමිතිකොට පාචිත්තිය වේයයි අර්‍ත්‍ථකථාවන්හි කියන ලද්දේය. ‘ගාමාන්තරයක් ගාමාන්තරයක් පාසා ඇවැත පාචිත්තිය වන්නීය’යි කී හෙයින් ඉදිනුදු රියනක් පමණ අතර ඇති ගමෙක් වේද, මිනිසුන් විසින් තබනලද යම් උපචාරයෙක් වේද, ඒ උපචාරයට බස්නා මහණහුට ඇවැත්මය.
තත්රායං ආපත්තිවිනිච්ඡයො – සංවිධානකාලෙ හි සචෙ උභොපි භික්ඛුනුපස්සයෙ වා අන්තරාරාමෙ වා ආසනසාලාය වා තිත්ථියසෙය්යාය වා ඨත්වා සංවිදහන්ති, අනාපත්ති කප්පියභූමි කිරායං. තස්මා එත්ථ සංවිදහනපච්චයා දුක්කටාපත්තිං න වදන්ති, ගච්ඡන්තස්ස යථාවත්ථුකමෙව. සචෙ පන අන්තොගාමෙ භික්ඛුනුපස්සයද්වාරෙ රථිකාය අඤ්ඤෙසු වා චතුක්කසිඞ්ඝාටකහත්ථිසාලාදීසු සංවිදහන්ති, භික්ඛුනො ආපත්ති දුක්කටස්ස. එවං සංවිදහිත්වා ගාමතො නික්ඛමන්ති, නික්ඛමනෙ අනාපත්ති, අනන්තරගාමස්ස උපචාරොක්කමනෙ පන භික්ඛුනො පාචිත්තියං. තත්රාපි “පඨමපාදෙ දුක්කටං, දුතියපාදෙ පාචිත්තිය”න්ති මහාපච්චරියං වුත්තං. ගාමතො නික්ඛමිත්වා පන යාව අනන්තරගාමස්ස උපචාරං න ඔක්කමන්ති , එත්ථන්තරෙ සංවිදහිතෙපි භික්ඛුනො දුක්කටං, අනන්තරගාමස්ස උපචාරොක්කමනෙ පුරිමනයෙනෙව ආපත්ති. සචෙ දූරං ගන්තුකාමා හොන්ති, ගාමූපචාරගණනාය ඔක්කමනෙ ඔක්කමනෙ ආපත්ති, තස්ස තස්ස පන ගාමස්ස අතික්කමනෙ අනාපත්ති. සචෙ පන භික්ඛුනී “අසුකං නාම ගාමං ගමිස්සාමී”ති උපස්සයතො නික්ඛමති, භික්ඛුපි තමෙව ගාමං සන්ධාය “අසුකං නාම ගාමං ගමිස්සාමී”ති විහාරතො නික්ඛමති. අථ ද්වෙපි ගාමද්වාරෙ සමාගන්ත්වා “තුම්හෙ කුහිං ගච්ඡථ, අසුකං නාම ගාමං තුම්හෙ කුහින්ති, මයම්පි තත්ථෙවා”ති වත්වා “එහි දානි, ගච්ඡාමා”ති සංවිධාය ගච්ඡන්ති, අනාපත්ති. කස්මා? පුබ්බමෙව ගමිස්සාමාති නික්ඛන්තත්තාති මහාපච්චරියං වුත්තං. තං නෙව පාළියා න සෙසඅට්ඨකථාය සමෙති.
එහි මේ ආපත්ති විනිශ්චයයි. එකට බැණගෙණ යන කල්හි දෙදෙනම මෙහෙණ අසපුවක හෝ අතුරු අරමෙක හෝ අසුන් හලෙක හෝ තීර්ත්ථකයන්ගේ සෙනස්නෙක හෝ සිට සංවිධාන කෙරෙත්ද, ඇවැත් නොවේ. මේ වනාහි කැපබිමය. එහෙයින් මෙහි සංවිධාන හෙතුවෙන් දුක්කටාපත්තිය නොකියත්. යන්නහුට පාචිත්තියම වේ. ඉදින් ගම තුළ මෙහෙණ අසපුවක දොරළඟ හෝ වීථියෙහි හෝ සතරමංහන්දි ඇත්හල් ආදීන් අතුරෙහි හෝ එක්ව බැණගණිත්ද, මහණහුට දුක්කටාපත්තිය වේ. මෙසේ එක්ව බැණගෙණ ගමින් නික්මෙත්ද නික්මීම නිමිතිකොට ඇවැත් නොවේ. අනතුරු ගමෙහි උපචාරයට බැසගැණීමෙහිදී මහණහුට පාචිත්තිය වේ. එහිදී පළමු පා තැබුමෙහි දුක්කටයද දෙවන පාතැබුමෙහි පාචිත්තියද වේ යයි මහාපච්චරියෙහි කියනලදී. ගමින් නික්ම අතුරු ගමෙහි උපචාරයට නොබසිත්ද, මේ අතරෙහි සංවිදහනය කළ කල්හිද, මහණහුට දුක්කටය වේ. උපචාරයට බැස ගැනීම නිමිතිකොට පළමු කියූ නයින්ම ඇවැත් වේ. ඉදින් දුර යනු කැමැත්තාහු වෙත්ද, ග්රාමොපචාර ගණනින් බැසීම බැසීම නිමිති කොට ඇවැත් වේ. ඒ ඒ ගම ඉක්මීම නිමිතිකොට ඇවැත් නොවේ. ඉදින් මෙහෙණ තොමෝ ‘අසුවල් ගමට යන්නෙමි’යි අසපුවෙන් නික්මේද, මහණතෙමේත් ඒ ගම සඳහාම අසුවල් ගමට යන්නෙමියි වෙහෙරින් නික්මේද, නැවැත දෙදෙනම ගම්දොරදී එක්ව ‘තෙපි කොතැනක යහුද, අසුවල් ගමටය. තෙපි කොතැනකද, අපිදු එහිමැ’යි කියා ‘එව, දැන් යමු’යි එක්ව බැණගෙණ යෙත්ද, ඇවැත් නොවේ. කුමක් හෙයිනයත්: පෙරම යන්නෙමි’යි නික්මුනු බැවිණියි මහාපච්චරියෙහි කියනලදී. ඒ කීම පෙළ හා සමනොවේ. සෙසු අර්ත්ථකථාවන් හාද සම නොවේ.
අද්ධයොජනෙ අද්ධයොජනෙති එකමෙකං අද්ධයොජනං අතික්කමන්තස්ස ඉදානි අතික්කමිස්සතීති පඨමපාදෙ දුක්කටං, දුතියපාදෙ පාචිත්තියං. ඉමස්මිඤ්හි නයෙ අතික්කමනෙ ආපත්ති, ඔක්කමනෙ අනාපත්ති.
‘අද්ධයොජනෙ අද්ධයොජනෙ’ එක් එක් අඩයොදුන ඉක්මවන මහණහුට දෑස් ඉක්මවන්නෙමි’යි පළමු පියෙහි දුක්කටය වේ. දෙවන පියෙහි පාචිත්තිය වේ. මෙම නයයෙහි ඉක්මීම නිමිතිකොට ඇවැත් වේ. බැස ගැණීම නිමිතිකොට ඇවැත් නොවේ.
භික්ඛු සංවිදහතීති නගරද්වාරෙ වා රථිකාය වා භික්ඛුනිං දිස්වා “අසුකං ගාමං නාම ගතපුබ්බත්ථා”ති වදති, “නාම්හි අය්ය ගතපුබ්බා”ති “එහි ගච්ඡාමා”ති වා “ස්වෙ අහං ගමිස්සාමි, ත්වම්පි ආගච්ඡෙය්යාසී”ති වා වදති. භික්ඛුනී සංවිදහතීති ගාමන්තරෙ චෙතියවන්දනත්ථං ගාමතො නික්ඛමන්තං භික්ඛුං දිස්වා “අය්ය කුහිං ගච්ඡථා”ති වදති. “අසුකං නාම ගාමං චෙතියවන්දනත්ථ”න්ති. “අහම්පි අය්ය ආගච්ඡාමී”ති එවං භික්ඛුනීයෙව සංවිදහති, න භික්ඛු.
“භික්ඛු සංවිදහති” නුවර දොර වෙතදී හෝ වීථියෙහිදී හෝ මෙහෙණක දැක ‘අසුවල් ගමට පෙර ගියෙහිදැ’යි විචාරාද, ‘ආර්‍ය්‍යයෙනි’ පෙර නොගියෙමි, එව යමු’යි හෝ මම හෙට යන්නෙමි, තීද එව’යි හෝ කියයි. ‘භික්ඛුණි සංවිදහති’ ග්රාමාන්තරයෙහි සෑ වඳිනු පිණිස ගමින් නික්මුනු මහණකු දැක ‘ආර්‍ය්‍යයෙනි’ නොතැන යනුදැ’යි විචාරයි. ‘අසුවල් සෑය වදිනු පිණිසැ’යි මහණ තෙමේ කියයි. ‘ආර්‍ය්‍යයෙනි’ මමද එමි’යි මෙසේ මෙහෙණ තොමෝම විධාන කරයි. මහණතෙමේ විධාන නොකරයි.
විසඞ්කෙතෙනාති එත්ථ “පුරෙභත්තං ගච්ඡිස්සාමා”ති වත්වා පච්ඡාභත්තං ගච්ඡන්ති, “අජ්ජ වා ගමිස්සාමා”ති වත්වා ස්වෙ ගච්ඡන්ති. එවං කාලවිසඞ්කෙතෙයෙව අනාපත්ති, ද්වාරවිසඞ්කෙතෙ පන මග්ගවිසඞ්කෙතෙ වා සතිපි ආපත්තියෙව. ආපදාසූති රට්ඨභෙදෙ චක්කසමාරුළ්හා ජනපදා පරියායන්ති එවරූපාසු ආපදාසු අනාපත්ති. සෙසං උත්තානමෙවාති.
“විසඞ්කතෙන” මෙහි පෙරබත යන්නෙමු’යි කියා පසුබතයෙත්ද, ‘අද හෝ යන්නෙමු’යි කියා හෙට යෙත්ද, මෙසේ කාලවිසඞ්කෙතයක් ඇති කල්හිම ඇවැත් නොවේ. ද්වාරවිසඞ්කතයෙහි වනාහි මාර්ගවිසඞ්කෙය හෝ ඇතිකල්හි ඇවැත්වේමය. “ආපදාසු” රට පැහැර ගැන්මක් ඇති කල්හි ඊර්ය්යාපථචක්රයට හෝ ශකටචක්රයට හෝ නැංගාවූ ජනපදයෝ පවතිත්ද මෙබඳු ආපදාවන්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
චතුසමුට්ඨානං – කායතො කායවාචතො කායචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
චතුස්සමුත්‍ථානිකය. කයින් කායවාචායෙන් කායචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදි. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සංවිධානසික්ඛාපදං සත්තමං.
සත්වන සංවිධාන ශික්‍ෂාපදයයි.
නාවාභිරුහනසික්ඛාපදවණ්ණනා
නාවාභිරූහන ශික්ෂාපද වර්ණනාව
අට්ඨමසික්ඛාපදෙ – සංවිධායාති ලොකස්සාදමිත්තසන්ථවවසෙන කීළාපුරෙක්ඛාරා සංවිදහිත්වා. උද්ධංගාමිනින්ති උද්ධං නදියා පටිසොතං ගච්ඡන්තිං. යස්මා පන යො උද්ධං ජවනතො උජ්ජවනිකාය නාවාය කීළති, සො “උද්ධංගාමිනිං අභිරුහතී”ති වුච්චති. තෙනස්ස පදභාජනෙ අත්ථමෙව දස්සෙතුං “උජ්ජවනිකායා”ති වුත්තං. අධොගාමිනින්ති අධො අනුසොතං ගච්ඡන්තිං. යස්මා පන යො අධො ජවනතො ඔජවනිකාය නාවාය කීළති, සො “අධොගාමිනිං අභිරුහතී”ති වුච්චති. තෙනස්සාපි පදභාජනෙ අත්ථමෙව දස්සෙතුං “ඔජවනිකායා”ති වුත්තං. තත්ථ යං තිත්ථසම්පටිපාදනත්ථං උද්ධං වා අධො වා හරන්ති, එත්ථ අනාපත්ති. තිරියං තරණායාති උපයොගත්ථෙ නිස්සක්කවචනං.
අෂ්ටම ශික්‍ෂාපදයෙහි “සංවිධාය” ලොකාස්වාද වශයෙන් හෝ මිත්‍ර සන්ථව වශයෙන් හෝ කෙළනා සිත් පෙරටු කොට ඇත්තාහු සංවිධාන කොට. “උද්ධගාමිනිං” ගඟ ඉහළට උඩුගං බලා යන. යම්හෙයකින් වනාහි යම් මහණෙක් තෙමේ උඩුගං බලා යන බැවින් උජ්ජවනිකා නම් නැවකින් ක්‍රිඩා කෙරේද, හෙතෙමේ උඩුගං බලා යන නැවකට නගීයයි කියනු ලැබේ. එහෙයින් මේ පද පිළිබඳ පදභාජනයෙහි අර්ත්ථය දක්වනු පිණිසම උජ්ජවනිකායයි කියන ලදී. “අධොගාමිනිං” යටට. යටිගං බලා යන යම්හෙයකින් වනාහි යම් මහණෙක් තෙමේ යටිගං බලා යන බැවින්, ඔජවනිකා නම් නැවකින් ක්‍රිඩා කෙරේද, හෙතෙමේ යටිගං බලායන නැවකට නගීයයි කියනු ලැබේ. එහෙයින් මේ පද පිළිබඳ පදභාජනයෙහි අර්ත්ථය දක්වනු පිණිසම ඔජවනිකායයි කියන ලදී. එහි තොට පිළියෙල කරනු පිණිස යම් නැවක් උඩු ගඟට හෝ යටිගඟට හෝ පදිත්ද, මෙහි ඇවැත් නොවේ. “තිරියං තරණාය” ද්විතීයාර්ත්ථයෙහි පඤ්චමී වචනයි.
ගාමන්තරෙ ගාමන්තරෙති එත්ථ යස්සා නදියා එකං තීරං කුක්කුටසම්පාදගාමෙහි නිරන්තරං, එකං අගාමකං අරඤ්ඤං, තස්සා සගාමකතීරපස්සෙන ගමනකාලෙ ගාමන්තරගණනාය පාචිත්තියානි, අගාමකතීරපස්සෙන ගමනකාලෙ අද්ධයොජනගණනාය. යා පන යොජනවිත්ථතා හොති, තස්සා මජ්ඣෙන ගමනෙපි අද්ධයොජනගණනාය පාචිත්තියානි වෙදිතබ්බානි. අනාපත්ති තිරියං තරණායාති එත්ථ න කෙවලං නදියා, යොපි මහාතිත්ථපට්ටනතො තාමලිත්තිං වා සුවණ්ණභූමිං වා ගච්ඡති, තස්සාපි අනාපත්ති. සබ්බඅට්ඨකථාසු හි නදියංයෙව ආපත්ති විචාරිතා, න සමුද්දෙ.
“ගාමන්තරෙ ගාමන්තරෙ” මෙහි යම් නදියක එක් තෙරක්. කුක්කුටසම්පාදක ගම්වලින් අතර රහිත වේද, එක් තෙරක් ගම නොවූ අරණ්යයත් වේද, ඒ ගඟෙහි ගමසහිත ඉවුරු පසින් යනකල්හි ග්‍රාමාන්තර ගණනින් පාචිත්තියයෝ වෙත්. ගම් රහිත ඉවුරුපසින් යන කල්හි අඩ යොදුන් ගණනින් පාචිත්තියයෝ වෙත්. යම් ගඞ්ගාවක් තොමෝ යොදුනක් පුළුල ඇත්තීවේද, ඒ ගඟෙහි මැදින් යන කල්හිද අඩ යොදුන් ගණනින් පාචිත්තීහු දතයුත්තාහ. “අනාපත්ති තිරියං තරණාය” හුදෙක් නදියෙන් පමණෙක් නොවේ. යමෙක් වනාහි මහතොට පටුනෙන් තාමලිප්තියට හෝ ස්වර්ණභූමියට හෝ යේද, ඒ මහණහුටද ඇවැත් නොවේ. සියලු අර්‍ත්‍ථකථාවන්හි ගඟෙහිම ඇවැත් විචාරණ ලදී. මුහුදෙහි විචාරණය නොකරන ලදී.
විසඞ්කෙතෙනාති ඉධාපි කාලවිසඞ්කෙතෙනෙව අනාපත්ති, තිත්ථවිසඞ්කෙතෙන පන නාවාවිසඞ්කෙතෙන වා ගච්ඡන්තස්ස ආපත්තියෙව. සෙසං පඨමසික්ඛාපදසදිසමෙව සද්ධිං සමුට්ඨානාදීහීති.
“විසඞ්කෙතෙන” මෙහිද කාල විසඞ්කතයෙන්ම ඇවැත් නොවේ. තීර්ථ විසඞ්කෙතයෙන් හෝ නාවා විසඞ්කෙතයෙන් හෝ යන්නහුට ඇවැත්ම වේ. සෙස්ස සමුත්‍ථානාදිය සමග ප්‍රථම ශික්ෂාපදය සමානම වේ.
නාවාභිරුහනසික්ඛාපදං අට්ඨමං.
අටවන නාවාභිරූපණ ශික්‍ෂාපදයයි
පරිපාචිතසික්ඛාපදවණ්ණනා
පරිපාචිත ශික්ෂාපද වර්ණනාව
නවමසික්ඛාපදෙ – මහානාගෙ තිට්ඨමානෙති භුම්මත්ථෙ උපයොගවචනං, මහානාගෙසු තිට්ඨමානෙසූති අත්ථො. අථ වා මහානාගෙ තිට්ඨමානෙ “අදිස්වා”ති අයමෙත්ථ පාඨසෙසො දට්ඨබ්බො. ඉතරථා හි අත්ථො න යුජ්ජති. අන්තරාකථාති අවසානං අප්පත්වා ආරම්භස්ස ච අවසානස්ස ච වෙමජ්ඣට්ඨානං පත්තකථා. විප්පකතාති කයිරමානා හොති. සච්චං මහානාගා ඛො තයා ගහපතීති අද්ධච්ඡිකෙන ඔලොකයමානා ථෙරෙ පවිසන්තෙ දිස්වා තෙහි සුතභාවං ඤත්වා එවමාහ.
නවම ශික්‍ෂාපදයෙහි “මහානාගෙ තිට්ඨමානෙ” සප්තමාර්ත්ථයෙහි ද්විතීයාවචනයි. ශ්‍රේෂ්ඨයන් සිටුනා කල්හි යන අර්‍ත්‍ථයි. නොහොත් සිටින ශ්‍රේෂ්ඨයන් නොදැකැයි මෙහි පාඨශෙෂය දතයුතුය. අන් අයුරකින් වනාහි අර්ත්ථය නොයෙදේ. “අන්තරාකථා” කෙළවරට නොපැමිණ. ආරම්භයෙහිද, අවසානයෙහිද මැද තැනට පැමිණි කථා තොමෝ විප්පකථායයි කරන ලද්දී වේ. “සච්චං මහානාගා ඛො තයා ගහපති” අඩ ඇසින් බලමින් පිවිසෙන මහතෙරුන් දැක ඔවුන් විසින් ඇසූබව දැන මෙසේ කීයේය.
භික්ඛුනිපරිපාචිතන්ති භික්ඛුනියා පරිපාචිතං, ගුණප්පකාසනෙන නිප්ඵාදිතං; ලද්ධබ්බං කතන්ති අත්ථො. පදභාජනෙ පනස්ස භික්ඛුනිඤ්ච තස්සා පරිපාචනාකාරඤ්ච දස්සෙතුං “භික්ඛුනී නාම උභතොසඞ්ඝෙ උපසම්පන්නා, පරිපාචෙති නාම පුබ්බෙ අදාතුකාමාන”න්තිආදි වුත්තං. පුබ්බෙ ගිහිසමාරම්භාති එත්ථ පුබ්බෙති පඨමං. සමාරම්භොති සමාරද්ධං වුච්චති, පටියාදිතස්සෙතං අධිවචනං. ගිහීනං සමාරම්භො ගිහිසමාරම්භො. භික්ඛුනියා පරිපාචනතො පඨමමෙව යං ගිහීනං පටියාදිතං භත්තං, තතො අඤ්ඤත්ර තං පිණ්ඩපාතං ඨපෙත්වා අඤ්ඤං භුඤ්ජන්තස්ස ආපත්ති, තං පන භුඤ්ජන්තස්ස අනාපත්තීති වුත්තං හොති. පදභාජනෙ පන යස්මා ඤාතකපවාරිතෙහි භික්ඛුස්සත්ථාය අසමාරද්ධොපි පිණ්ඩපාතො අත්ථතො සමාරද්ධොව හොති, යථාසුඛං ආහරාපෙතබ්බතො, තස්මා බ්යඤ්ජනං අනාදියිත්වා අත්ථමෙව දස්සෙතුං “ගිහිසමාරම්භො නාම ඤාතකා වා හොන්ති පවාරිතා වා”ති වුත්තං.
“භික්ඛුණිපරිපාචිතං” මෙහෙණ විසින් සපයන ලද ගුණ පැවසීමෙන් නිපදවන ලද ලැබිය යුත්තක් කරන ලදය යන අර්‍ත්‍ථයි. මේ සිකපදයෙහි පදභාජනයෙහි මෙහෙණද ඒ මෙහෙණගේ සැපයීම් ආකාරයද දක්වනු පිණිස ‘භික්ඛුණී නාමා උභතො සඞ්ඝෙ උපසම්පන්නා, පරිපාචෙති නාම පුබ්බෙ අදාතුකාමානං’ යනාදිය වදාරන ලදී. “පුබ්බෙ ගිහීසමාරම්හො” මෙහි “පුබ්බෙ” යනු පළමු කොට. “සමාරම්හො” මොනවට ඇරඹූ බව කියනු ලැබේ. පිළියෙල කරන ලද්දට මේ නමෙකි. ගිහීන් විසින් සපයන ලද්ද, ගිහිසමාරම්හ නමි. මෙහෙණගේ සැපයීමෙන් පළමුකොටම ගිහීන් විසින් යම් බතක් පිළියෙල කරන ලදද, ඒ හැර ඒ පිණ්ඩපාතය තබා අනිකක් අනුභව කරන මහණහුට ඇවැත් වේ. ඒ බත් අනුභව කරන මහණහුට ඇවැත් නොවේයයි කියන ලදී. පදභාජනයෙහි වනාහි යම්හෙයකින් නෑයන් විසින් පවරන ලද්දවුන් විසින් හෝ මහණක්හුගේ ප්‍රයෝජනය පිණිස නොඇරඹූද පිණ්ඩපාතය අර්ත්ථ වශයෙන් මොනවට අරඹන ලද්දේම වේ. සුවසේ ගෙන්වා ගත යුතු බැවිනි. එහෙයින් ව්‍යඤ්ජනය අල්ලා නොගෙන අර්ත්ථයම දක්වනු පිණිස “ගිහීසමාරම්හො නාම ඤාතකා වා හොන්ති පවාරිතා වා” වදාරන ලද්දේය.
පකතිපටියත්තන්ති පකතියා තස්සෙව භික්ඛුනො අත්ථාය පටියාදිතං හොති “ථෙරස්ස දස්සාමා”ති. මහාපච්චරියං පන “තස්ස අඤ්ඤස්සා”ති අවත්වා “භික්ඛූනං දස්සාමාති පටියත්තං හොතී”ති අවිසෙසෙන වුත්තං.
“පකතිපටියත්තං” ප්‍රකෘතියෙන් ඒ මහණහුගේම ප්‍රයෝජනය පිණිස ‘තෙරුන්හට දෙන්නෙමු’යි පිළියෙල කරන ලද්දේ වේ. මහාපච්චරියෙහි වනාහි ඒ අනිකක්හටයයි නොකියා මහණුන්ට දෙන්නෙමු’යි පිළියෙල කරන ලද්දේයයි විශෙෂයක් නොතබා තියන ලදී.
පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථ අනාපත්තීති යාගුඛජ්ජකඵලාඵලෙ සබ්බත්ථ භික්ඛුනිපරිපාචිතෙපි අනාපත්ති. සෙසං උත්තානමෙව. පඨමපාරාජිකසමුට්ඨානං – කායචිත්තතො සමුට්ඨාති, කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති” කැඳ කැවිලි කුදුමහත් පලයෙහි යන හැමතන්හි මෙහෙණ විසින් සපයන ලද්දෙහිද ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. ප්‍රථම පාරාජිකසමුත්ථානිකය. කායචිත්තයෙන් උපදි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පරිපාචිතසික්ඛාපදං නවමං.
නවවන පරිපාචිත ශික්‍ෂාපදයයි.
රහොනිසජ්ජසික්ඛාපදවණ්ණනා
රහෝනිසජ්ජ ශික්ෂාපද වර්ණනාව
දසමසික්ඛාපදෙ – සබ්බො පාළිඅත්ථො ච විනිච්ඡයො ච දුතියඅනියතෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉදඤ්හි සික්ඛාපදං දුතියානියතෙන ච උපරි උපනන්ධස්ස චතුත්ථසික්ඛාපදෙන ච සද්ධිං එකපරිච්ඡෙදං, අට්ඨුප්පත්තිවසෙන පන විසුං පඤ්ඤත්තන්ති.
දශම ශික්‍ෂාපදයෙහි සියලු පාල්යර්ත්ථයද, විනිශ්චයද, දෙවන අනියතයෙහි කියූ නයින්ම දතයුතුය. මේ ශික්ෂාපදය දෙවන අනියතය හාද, මත්තෙහි අචෙලක වර්ගයෙහි පස්වන උපනන්ද ඇරැඹැ පැණවූ සිකපද අතුරෙහි සිවුවන සිකපදය සමග එක් පිරිසිඳීමෙක් ඇත්තේය. අර්‍ත්‍ථොත්පත්ති වශයෙන් වෙන්ව පනවන ලදී.
රහොනිසජ්ජසික්ඛාපදං දසමං.
දහවන රහොනිසජ්ජ ශික්‍ෂාපදයයි
සමත්තො වණ්ණනාක්කමෙන භික්ඛුනිවග්ගො තතියො.
වර්ණනාක්රමයෙන් තෘතීය භික්ෂුණී වර්ගය නිමියේය.