ඔවාදසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
ඔවාදසික්ඛාපදවණ්ණනා
ඕවාද ශික්ෂාපද වර්ණනාව
භික්ඛුනිවග්ගස්ස පඨමසික්ඛාපදෙ – ලාභිනො හොන්තීති එත්ථ න තෙසං භික්ඛුනියො දෙන්ති, න දාපෙන්ති, මහාකුලෙහි පබ්බජිතා පන කුලධීතරො අත්තනො සන්තිකං ආගතානං ඤාතිමනුස්සානං “කුතො අය්යෙ ඔවාදං උද්දෙසං පරිපුච්ඡං ලභථා”ති පුච්ඡන්තානං “අසුකො ච අසුකො ච ථෙරො ඔවදතී”ති අසීතිමහාසාවකෙ උද්දිසිත්වා කථානුසාරෙන තෙසං සීලසුතාචාරජාතිගොත්තාදිභෙදං විජ්ජමානගුණං කථයන්ති. එවරූපා හි විජ්ජමානගුණා කථෙතුං වට්ටන්ති. තතො පසන්නචිත්තා මනුස්සා ථෙරානං චීවරාදිභෙදං මහන්තං ලාභසක්කාරං අභිහරිංසු. තෙන වුත්තං – “ලාභිනො හොන්ති චීවර…පෙ… පරික්ඛාරාන”න්ති.
භික්ෂුණී වර්ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි “ලාභිනො හොන්ති” මෙහි මෙහෙණන්ට අවවාද කරන ඒ මහණුන්ට මෙහෙණෝ නොදෙත්. නොදෙවත්. මහත් කුලයන්ගෙන් නික්ම පැවිදි වූ කුලදුහිතෘහු ‘ආර්‍ය්‍ය වෙති’ කොතැනින් අවවාද උදෙසීම් පිළිවිසීම් ලබවුදැ’යි විචාරන්නාවූ තමන් වෙත පැමිණි නෑ මිනිසුන්ට ‘අසුවල් අසුවල් ස්ථවිර’ තෙමේ අවවාද කෙරේය’යි අසූමහාසව්වන් උදෙසා ‘ඒ ස්ථවිර තෙමේ කෙබඳු සිල් ඇත්තේද, කෙබඳු හැසිරීම් ඇත්තේද, කවර කුලයකින් නික්ම පැවිදි වූයේද යනාදි ලෙසින් විචාරන්නවුන්ට පෘච්ඡාකථානුසාරයෙන් ඒ මහතෙරුන්ගේ ශීලශ්රැත ආචාරජාති ගොත්රාදිභෙදවත් විද්‍යමාන ගුණ ප්‍රකාශ කෙරෙත්. මෙබඳු වූ විද්‍යමාන ගුණ පැවසීම වටියි. එයින් පහන් සිත් ඇති මිනිස්සු තෙරවරුන්ට චීවරාදීවූ මහත් ලාභසත්කාර එළවූහ. එහෙයින් ‘ලාභිනො හොන්ති චීවර -පෙ- පරික්ඛාරානං’යි කියන ලදී.
භික්ඛුනියො උපසඞ්කමිත්වාති තෙසං කිර සන්තිකෙ තාසු එකා භික්ඛුනීපි න ආගච්ඡති, ලාභතණ්හාය පන ආකඩ්ඪියමානහදයා තාසං උපස්සයං අගමංසු. තං සන්ධාය වුත්තං – “භික්ඛුනියො උපසඞ්කමිත්වා”ති. තාපි භික්ඛුනියො චලචිත්තතාය තෙසං වචනං අකංසුයෙව . තෙන වුත්තං – “අථ ඛො තා භික්ඛුනියො…පෙ… නිසීදිංසූ”ති. තිරච්ඡානකථන්ති සග්ගමග්ගගමනෙපි තිරච්ඡානභූතං රාජකථාදිමනෙකවිධං නිරත්ථකකථං. ඉද්ධොති සමිද්ධො, සහිතත්ථො ගම්භීරො බහුරසො ලක්ඛණපටිවෙධසංයුත්තොති අධිප්පායො.
“භික්ඛුනියො උපසඞ්කමිත්වා” ඒ ෂඩ්වර්ගික භික්ෂූන් වෙතට ඒ මෙහෙණන් අතුරෙහි එක් මෙහෙණකුදු නොපැමිණේ. ලාභතෘෂ්ණාවෙන් අදිනු ලබන හෘදය ඇත්තාහු ඒ මෙහෙණන්ගේ වෙරෙහරට ගියහ. ‘භික්ඛුනියො උපසඞ්කමිත්වා’ යන ඒ සඳහා කියන ලදී. ඒ මෙහෙණෝ සසල සිත් ඇති බැවින් ඒ ෂඩ්වර්ගික භික්ෂූන්ගේ වචනය කළාහුමය. එහෙයින් ‘අථ ඛො තා භික්ඛුනියො -පෙ- නිසීදිංසු’ යනු කියනලදී. “තිරච්ඡානකථං” සගමග ගමනෙහි පවා සරස් වූ රාජකථාදී වූ නන්වැදෑරුම් නිරර්‍ත්‍ථකකථා “ඉද්ධො” සමෘද්ධ වූයේද. අර්ත්ථයෙන් යුක්ත වූයේද, අර්ත්ථගාම්භීර්ය්යයෙන් ගැඹුරුවූයේද අර්ත්ථරසාදි බොහෝ රස ඇත්තේද ලක්ෂණ ප්‍රතිවෙධයෙන් යුක්තවූයේද යන අදහසය.
අනුජානාමි භික්ඛවෙති එත්ථ යස්මා තෙ භික්ඛූ “මා තුම්හෙ භික්ඛවෙ භික්ඛුනියො ඔවදිත්ථා”ති වුච්චමානා අදිට්ඨසච්චත්තා තථාගතෙ ආඝාතං බන්ධිත්වා අපායුපගා භවෙය්යුං, තස්මා නෙසං තං අපායුපගතං පරිහරන්තො භගවා අඤ්ඤෙනෙව උපායෙන තෙ භික්ඛුනොවාදතො පරිබාහිරෙ කත්තුකාමො ඉමං භික්ඛුනොවාදකසම්මුතිං අනුජානීති වෙදිතබ්බො. එවං ඉධ පරිබාහිරෙ කත්තුකාමතාය අනුජානිත්වා පරතො කරොන්තොව “අනුජානාමි භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගත”න්තිආදිමාහ. ඉමානි හි අට්ඨඞ්ගානි ඡබ්බග්ගියානං සුපිනන්තෙනපි න භූතපුබ්බානීති.
“අනුජානාමි භික්ඛවෙ” මෙහි යම්හෙයකින් ඒ භික්ෂූහු ‘මහණෙනි’ තෙපි මෙහෙණන්ට අවවාද නොකරවු’යි කියනු ලබන්නාහු නොදුටු, චතුස්සත්‍යය ඇති බැවින් තථාගතයන් වහන්සේ කෙරෙහි වෛර බැඳ අපායයට පැමිණෙන්නෝ වන්නාහුද, එහෙයින් ඔවුන්ගේ ඒ අපායයට පැමිණීම දුරුකරන්නාවූ භාග්‍යවතුන් වහන්සේ අනික්ම උපායයකින් ඒ ෂඩ්වර්ගික භික්ෂූන් මෙහෙණට කරන අවවාදයෙන් බැහැර වූවන් කරනු කැමැතිසේක් මේ භික්ෂුණි ඔවාදක සම්මුතිය අනුදත්හ’යි දතයුතුය. මෙසේ මෙහි පරිබාහිරයන් කරනු කැමැති බැවින් අනුදැන මත්තෙහි පරිබාහිරයන් කරමින්ම “අනුජානාමි භික්ඛවෙ අට්ඨභඞ්ගෙහි සමන්නාගතං” යනාදිය වදාළ සේක. මේ අෂ්ටාඞ්ගයෝ ෂඩ්වර්ගික භික්ෂූන්ට සිහිනෙනුදු පෙර නොවූ විරූහ.
තත්ථ සීලමස්ස අත්ථීති සීලවා. ඉදානි යඤ්ච තං සීලං, යථා ච තං තස්ස අත්ථි නාම හොති, තං දස්සෙන්තො “පාතිමොක්ඛසංවරසංවුතො”තිආදිමාහ. තත්ථ පාතිමොක්ඛොව සංවරො පාතිමොක්ඛසංවරො. පාතිමොක්ඛසංවරෙන සංවුතො සමන්නාගතොති පාතිමොක්ඛසංවරසංවුතාඑ.
එහි ශිලය මේ මහණහුට ඇතැයි සීලවා නම. දැන් යම් ඒ ශීලයෙක් වේද, යම්සේ ඒ ශීලය ඔහුට ඇත්තේ නම් වේද, එය දක්වමින් “පාතිමොක්ඛසංවරසංවුතො” යනාදිය වදාළ සේක. එහි චාරිත්‍ර වාරිත්‍ර ශික්ෂාපද සඞ්ඛ්‍යාත ප්රාතිමොක්ෂයම සංවර වූයේ පාතිමොක්ඛසංවර නමි. ප්රාතිමොක්ෂ සංවරයෙන් පිහිත කායවාග්ද්වාර ඇත්තේ එයින් සමන්වාගත වූයේයි පාතිමොක්ඛසංවරසංවුත නමි.
විහරතීති වත්තති. වුත්තඤ්හෙතං විභඞ්ගෙ –
“විහරති” ආත්මභාවය පවත්වන්නේය. ධ්යානවිභඞ්ගයෙහිද -
“පාතිමොක්ඛන්ති සීලං පතිට්ඨා ආදි චරණං සංයමො සංවරො මොක්ඛං පමොක්ඛං කුසලානං ධම්මානං සමාපත්තියා; සංවරොති කායිකො අවීතික්කමො වාචසිකො අවීතික්කමො කායිකවාචසිකො අවීතික්කමො. සංවුතොති ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උපපන්නො සමුපපන්නො සම්පන්නො සමන්නාගතො, තෙන වුච්චති ‘පාතිමොක්ඛසංවරසංවුතො’ති. විහරතීති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති, තෙන වුච්චති ‘විහරතී’”ති (විභ· 511-512).
“පාතිමොක්ඛං” යනු ශීලය වේ. භික්ෂු ශාසනයෙහි පිහිටානුයි ප්‍රතිෂ්ඨාව වේ. පූර්වෙත්පත්ති වශයෙන් ආදිය වේ. නිවන් ගමනෙහි චරණය වේ. සංයමන විසින් සංයමය වේ. සංවරණ විසින් සංවරය වේ. චාතුර්භුමික කුශලයන්ට ශීලමුඛයෙන් වැද අර්‍ත්‍ථසිද්ධිය සිදුකරන බැවින් මොක්ෂය වේ. චාතුර්භුමික කුසලයන්ගේ ප්‍රතිලාභය පිණිස ප්‍රධාන වේයයි මෙය වදාරන ලද්දේය. “සංවරො” යනු ත්‍රිවිධ කාය සුචරිතය නොඉක්මවීමය. චතුර්විධ වාක්සුචරිතය නොඉක්මවීමය. කායසුචරිතවචීසුචරිත නොඉක්මවීමය “සංවුතො” යනු මේ ප්රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවූයේය. මොනවට යුක්තවූයේය. ප්රාතිමොක්ෂ සංවරයට පැමිණියේය. මොනවට පැමිණියේය. උප්පන්න වේ. සමුප්පන්න වේ. සමන්වාත වේ. එහෙයින් ‘පාතිමොක්ඛසංවර සංවුතැ’යි කියනු ලැබේ. ‘විහරති’ යනු චතුර්විධ ඊර්ය්යාපථයන් අතුරෙහි එක්තරා එකෙක යෙදීමෙන් පවති. ඒ ඊර්‍ය්‍යාපථ චතුෂ්කයෙන් කායසකට වර්තනයෙන් පවති. එක් ඊර්ය්ය පථයක් අනික් ඊර්ය්යාපථයකින් වළකා චිරස්ථිතක භාවයෙන් සිරුර රැකීමෙන් පාලනය කරයි. එක් ඊර්ය්යපථයෙක නොසිට සියලු ඊර්ය්යාපථයන්හි පැවතීමෙන් තබයි. ඒ ඒ ඊර්ය්යපථයෙන් ඒ ඒ ලෙසින් සිරුර පැවැත්වීමෙන් සාපනය කරයි. බොහෝ කල් පැවැත්වීමෙන් හැසිරෙයි. ඊර්ය්යපථයෙන් ඊර්ය්යපථය සිඳහැර දිවි පවත්වන බැවින් වාසය කරයි. එහෙයින් “විහරති”යි කියනු ලැබේ.
ආචාරගොචරසම්පන්නොති මිච්ඡාජීවපටිසෙධකෙන න වෙළුදානාදිනා ආචාරෙන, වෙසියාදිඅගොචරං පහාය සද්ධාසම්පන්නකුලාදිනා ච ගොචරෙන සම්පන්නො. අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවීති අප්පමත්තකෙසු වජ්ජෙසු භයදස්සාවී, තානි වජ්ජානි භයතො දස්සනසීලොති වුත්තං හොති. සමාදාය සික්ඛති සික්ඛාපදෙසූති අධිසීලසික්ඛාදිභාවෙන තිධා ඨිතෙසු සික්ඛාපදෙසු තං තං සික්ඛාපදං සමාදාය සම්මා ආදාය සාධුකං ගහෙත්වා අවිජහන්තො සික්ඛතීති අත්ථො. අයමෙත්ථ සඞ්ඛෙපො, විත්ථාරො පන යො ඉච්ඡති, තෙන විසුද්ධිමග්ගතො ගහෙතබ්බො.
“ආචාරගොචරසම්පන්නො” මිත්ථ්යාජීවය වළකන වෙළුදානාදියෙන් නොවූ ආචාරයෙන්ද, වෙශ්යාදි අගොචර හැසිරීම් හැර ශ්රද්ධාසම්පන්නකුලාදිය ඇසුරු කිරීම වූ ගොචරයෙන් යුක්ත වූයේය. “අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී” ස්වල්පමාත්‍ර වූ නොදැන පැමිණි සෙඛිය අකුසල චිත්තුප්පාදාදි භෙද ඇති හැරිය යුතු තන්හි භය වසයෙන් දක්නා සුලුව. ඒ හැරිය යුතු වරද භය වසයෙන් දක්නා සුලුවයයි කියන ලද්දේ වේ. “සමාදාය සික්ඛාපදෙසු” අධිශීල ශික්ෂාදිභාවයෙන් ත්‍රිවිධ වූ ශික්ෂාපදයෙන්හි ඒ ඒ ශික්ෂාපදය දැඩිව ගෙණ මනාකොට ගෙණ මැනවින් ගෙණ අත් නොහරිමින් හික්මේය යන අර්‍ත්‍ථයි. මෙහි මේ කෙටිකථාය. යමෙක් විස්තර කැමැත්තේ නම් ඔහු විසින් විශුද්ධිමාර්ගයෙන් ගතයුතුය.
බහු සුතමස්සාති බහුස්සුතො. සුතං ධාරෙතීති සුතධරො; යදස්ස තං බහු සුතං නාම, තං න සුතමත්තමෙව; අථ ඛො නං ධාරෙතීති අත්ථො. මඤ්ජූසායං විය රතනං සුතං සන්නිචිතමස්මින්ති සුතසන්නිචයො. එතෙන යං සො සුතං ධාරෙති, තස්ස මඤ්ජූසාය ගොපෙත්වා සන්නිචිතරතනස්සෙව චිරකාලෙනාපි අවිනාසනං දස්සෙති. ඉදානි තං සුතං සරූපතො දස්සෙන්තො “යෙ තෙ ධම්මා”තිආදිමාහ, තං වෙරඤ්ජකණ්ඩෙ වුත්තනයමෙව. ඉදං පනෙත්ථ නිගමනං – තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති, තස්මා බහුස්සුතො. ධාතා, තස්මා සුතධරො. වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා, දිට්ඨියා සුප්පටිවිද්ධා; තස්මා සුතසන්නිචයො. තත්ථ වචසා පරිචිතාති වාචාය පගුණා කතා. මනසානුපෙක්ඛිතාති මනසා අනුපෙක්ඛිතා, ආවජ්ජන්තස්ස දීපසහස්සෙන ඔභාසිතා විය හොන්ති. දිට්ඨියා සුප්පටිවිද්ධාති අත්ථතො ච කාරණතො ච පඤ්ඤාය සුට්ඨු පටිවිද්ධා සුපච්චක්ඛකතා හොන්ති.
බොහෝ වූ ශ්‍රැත සඞ්ඛ්‍යාත පර්‍ය්‍යාප්තිය මෝහටනුයි බහුශ්‍රැත නම. ව්රතදුඃඛය නසනු කැමැතියන් විසින් ඇසිය යුතු බැවින් ශ්‍රැත නම්වූ පර්‍ය්‍යාප්තිය දරානුයි සුතධර නම. මොහු විසින් යම් ඒ පර්ය්යාප්තියක් බොහෝ අසනලද නම්වේද, එය ශ්රතමාත්රයෙක්ම නොවේ. තවද ඒ පර්‍ය්‍යාප්තිය දරාය යන අර්‍ත්‍ථයි. පෙට්ටියක ලූ රුවනක් මෙන් පර්‍ය්‍යාප්තිය මොහු කෙරෙහි එක් පදයකුදු එක් අකුරකුදු නොනැසී රැස්ව සිටියේයි සුතසන්නිචය නම. මෙයින් හෙතෙමේ යම් පර්ය්යාප්තියක් දරාද, ඒ පර්‍ය්‍යාප්තිය පෙට්ටියක ලා රැක රැස්කොට තැබූ රුවනකගේ මෙන් බොහෝ කලක්ම නොනැසී පැවැත්ම දක්වාලන්නේය. දැන් ඒ ශ්‍රැතය ස්වරූප වශයෙන් දක්වන සේක්. “යෙ තෙ ධම්මා” යනාදිය වදාළ සේක. එය වෙරඤ්ජාකාණ්ඩයෙහි කියූ නයම වේ. මේ මෙහි නිගමනයයි. එබඳුවූවහු විසින් බොහෝ කොට අසන ලද්දාහු වෙත්ද, එහෙයින් බහුශ්‍රැතය. අසුවල් සූත්‍රය හෝ ජාතකය හෝ කියවයි කියූ කල්හි එය උදුරා කියාද, එහෙයින් ශ්රැතධරය. වචනයෙන් පුරුදු කරන ලද්දාහුද, කොටස් වසයෙන් සිතන ලද්දාහුද, දෘෂ්ටියෙන් මැනැවින් තතු ලෙසින් ප්‍රතිවෙධ කරන ලද්දාහුද, එහෙයින් ශ්‍රැතසන්නිචය. එහි “වචසා පරිචිතා” වචනයෙන් පුහුණු කරන ලදහ. “මනසානුපෙක්ඛිතා” සිතින් කොටස් වසයෙන් සිතන ලදහ. ආවර්ජනය කරන්නහුට පහන් දහසකින් දල්වන ලද්දාහු මෙන් වෙත්. “දිට්ඨියා සුප්පටිවිද්ධා” අර්ත්ථ විසින්ද කරුණු විසින්ද ප්‍රඥාවෙන් මොනවට ප්‍රතිවෙධ කරන ලදහ. මොනවට ප්රත්යක්ෂකරන ලද්දාහු වෙත්.
අයං පන බහුස්සුතො නාම තිවිධො හොති – නිස්සයමුච්චනකො, පරිසුපට්ඨාපකො, භික්ඛුනොවාදකොති. තත්ථ නිස්සයමුච්චනකෙන උපසම්පදාය පඤ්චවස්සෙන සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන ද්වෙ මාතිකා පගුණා වාචුග්ගතා කාතබ්බා පක්ඛදිවසෙසු ධම්මසාවනත්ථාය සුත්තන්තතො චත්තාරො භාණවාරා, සම්පත්තානං පරිකථනත්ථාය අන්ධකවින්දමහාරාහුලොවාදඅම්බට්ඨසදිසො එකො කථාමග්ගො, සඞ්ඝභත්තමඞ්ගලාමඞ්ගලෙසු අනුමොදනත්ථාය තිස්සො අනුමොදනා, උපොසථපවාරණාදිජානනත්ථං කම්මාකම්මවිනිච්ඡයො , සමණධම්මකරණත්ථං සමාධිවසෙන වා විපස්සනාවසෙන වා අරහත්තපරියොසානමෙකං කම්මට්ඨානං, එත්තකං උග්ගහෙතබ්බං. එත්තාවතා හි අයං බහුස්සුතො හොති චාතුද්දිසො, යත්ථ කත්ථචි අත්තනො ඉස්සරියෙන වසිතුං ලභති.
මේ බහුශ්‍රැත තෙමේ නිස්සයමුච්චනකය, පරිසුපට්ඨාකය, භික්‍ඛුනොවාදකයයි තෙවැදෑරුම් වේ. එහි නිස්සයමුච්චනක වූ උපසම්පත්තියෙන් පස්වස් ඇතියහු විසින් යටත් පිරිසයින් භික්ෂු භික්ෂුණී මාතිකා දෙක ප්‍රගුණ කළ යුතුය. වාචොද්ගත කළයුතුය. පක්ෂ දිනයන්හි දහම් ඇස්වීම පිණිස සූත්‍ර පිටකයෙන් බණවර සතරක්ද, පැමිණියවුන්ට පරිකථනය පිණිස අන්ධකවින්ද මහාරාහුලොවාද අම්බට්ඨසූත්‍ර සමානවූ එක් කථාමාර්‍ගයක්ද. සඟබත් මගුල් අවමගුල්හි අනුමොදනා පිණිස සඟබත් ආදියෙහි දානානිසංස ප්‍රතිසංයුක්තවූ නිධිකණ්ඩ සූත්‍රාදි අනුමොදනා, ගෘහප්‍රවෙශ මඞ්ගලාදියෙහි මඞ්ගලසූත්‍රාදි අනුමොදනා, මතකභත්ත ආදි අවමඞ්ගලාදියෙහි තිරොකුඩ්ඩසූත්‍රාදි අනුමොදනා යන ත්‍රිවිධ අනුමොදනාද, උපොසථ පවාරණාදිය දැනගනු පිණිස කර්මාකර්ම විනිශ්චයද, මහණදහම් කරනු පිණිස සමාධි වශයෙන් හෝ විදර්ශනා වශයෙන් හෝ රහත්බව කෙළවර කොට ඇති එක් කර්මස්ථානයක්ද යන මෙපමණෙක් උගත යුතුය. මෙපමණකින්ම මෙතෙමේ බහුශ්‍රැත වේ. සිවු දිසාවෙහි නොපැකිළෙන ගමන් ඇති බැවින් සිවුදිසා ඇත්තේ වේ. තමන්ගේ ඓශ්චර්‍ය්‍යයෙන් යම්කිසි තැනක වසන්නට ලබාද,
පරිසුපට්ඨාපකෙන උපසම්පදාය දසවස්සෙන සබ්බන්තිමෙන පරිච්ඡෙදෙන පරිසං අභිවිනයෙ විනෙතුං ද්වෙ විභඞ්ගා පගුණා වාචුග්ගතා කාතබ්බා, අසක්කොන්තෙන තීහි ජනෙහි සද්ධිං පරිවත්තනක්ඛමා කාතබ්බා, කම්මාකම්මඤ්ච ඛන්ධකවත්තඤ්ච උග්ගහෙතබ්බං. පරිසාය පන අභිධම්මෙ විනයනත්ථං සචෙ මජ්ඣිමභාණකො හොති මූලපණ්ණාසකො උග්ගහෙතබ්බො, දීඝභාණකෙන මහාවග්ගො, සංයුත්තභාණකෙන හෙට්ඨිමා වා තයො වග්ගා මහාවග්ගො වා, අඞ්ගුත්තරභාණකෙන හෙට්ඨා වා උපරි වා උපඩ්ඪනිකායො උග්ගහෙතබ්බො, අසක්කොන්තෙන තිකනිපාතතො පට්ඨාය හෙට්ඨා උග්ගහෙතුම්පි වට්ටති. මහාපච්චරියං පන “එකං උග්ගණ්හන්තෙන චතුක්කනිපාතං වා පඤ්චකනිපාතං වා ගහෙතුං වට්ටතී”ති වුත්තං. ජාතකභාණකෙන සාට්ඨකථං ජාතකං උග්ගහෙතබ්බං, තතො ඔරං න වට්ටති. ධම්මපදම්පි සහ වත්ථුනා උග්ගහෙතුං වට්ටතීති මහාපච්චරියං වුත්තං. තතො තතො සමුච්චයං කත්වා මූලපණ්ණාසකමත්තං වට්ටති, න වට්ටතීති? “න වට්ටතී”ති කුරුන්දට්ඨකථායං පටික්ඛිත්තං, ඉතරාසු විචාරණායෙව නත්ථි. අභිධම්මෙ කිඤ්චි උග්ගහෙතබ්බන්ති න වුත්තං. යස්ස පන සාට්ඨකථම්පි විනයපිටකං අභිධම්මපිටකඤ්ච පගුණං, සුත්තන්තෙ ච වුත්තප්පකාරො ගන්ථො නත්ථි, පරිසං උපට්ඨාපෙතුං න ලභති. යෙන පන සුත්තන්තතො විනයතො ච වුත්තප්පමාණො ගන්ථො උග්ගහිතො, අයං පරිසුපට්ඨාපකො බහුස්සුතො හොති දිසාපාමොක්ඛො යෙනකාමඞ්ගමො, පරිසං උපට්ඨාපෙතුං ලභති.
පරිසුපට්ඨාපකවූ උපසම්පත්තියෙන් දසවස් ඇත්තහු විසින් යටත් පිරිසයින් පිරිස සියලු විනය පිටකයෙහි හික්මවන්නට භික්ෂු භික්ෂුණී විභඞ්ග දෙක ප්‍රගුණ කටයුතුය. වාචොද්ගත කටයුතුය. නොහැක්කහු විසින් තුන් දෙනකුන් සමග හැදෑරීමට සුදුසු වූවාහු කටයුත්තාහ. කර්මකර්ම විනිශ්චයද උගත යුතුය. කඳුවත්ද උගත යුතුය. පිරිස නාමරූප පරිච්ඡෙදයෙහි හික්මවනු පිණිස ඉදින් මද්ධ්‍යම භාණකයෙක් වේ නම්, මූලපණ්ණසකය උගත යුතුය. දීඝභාණකයා විසින් මහාවග්ගය උගතයුතුය. සංයුක්තභාණකයා විසින් මහාවග්ගයෙන් යට හෝ සගාථකවග්ග නිදානවග්ග ඛන්ධකවග්ග යන තෙවග හෝ උගත යුතුය. අඞ්ගුත්තර භාණකයා විසින් යට හෝ මතුවෙහි හෝ අද්ධ නිකායයක් උගත යුතුය. නොහැක්කහු විසින් තිකනිපාතය පටන් යට එකකනිපාත දුකනිපාත උගෙනීම වටියි. මහාපච්චරියෙහි වනාහි එක් නිපාතයක් උගත්නහු විසින් චතුක්කනිපාතය හෝ පංචකනිපාතය හෝ උගතයුතුයයි කියනලදී. ජාතකභාණකයා විසින් අර්ත්ථකථා සහිත වූ ජාතකය උගත යුතුය. ඉන් මෙපිට උගෙණීම නොවටියි. ධම්මපදයද වස්තූන් සහිතව උගතයුතුයයි මහාපච්චරියෙහි කියන ලදී. ඒ ඒ තැනින් එක් රැස් කොට මූලපණ්ණාසකය තරම් වටීද, නොවටීද, යත්: නොවටීයයි කුරුන්දි අර්‍ත්‍ථකථාවෙහි ප්රතික්ෂෙප කරන ලදී. අන් තන්හි විචාරීමෙක්ම නැත්තේය. අභිධර්මයෙහි කිසිවක් ගතයුතු යයි නොකියන ලදී. යමක්හට වනාහි අර්ත්ථ කථා සහිත වූම විනයපිටකයද අභිධර්‍මපිටකයද ප්‍රගුණවේද සූත්‍රාන්තයෙහිද කියූ අයුරු ඇති ග්රන්ථයෙක් ප්‍රගුණ වූයේ නොවේද, හෙතෙමේ පිරිස ලවා උවැටන් කරවන්නට නොලබයි. යම් මහණකු විසින් සූත්‍රාන්තයෙන් හා විනයයෙන්ද කියූ පමණැති ග්රන්ථයෙක් උගන්නා ලද්දේ ද මෙතෙමේ පරිසුපට්ඨාපක බහුස්සත නම්වේ. දිසාපාමොක්ඛ වේ. යම්කිසි දිසාවෙක කැමැති සේ පවත්නේ වේ. පිරිස ලවා උවැටන් කරවා ගන්නට ලබන්නේය.
භික්ඛුනොවාදකෙන පන සාට්ඨකථානි තීණි පිටකානි උග්ගහෙතබ්බානි, අසක්කොන්තෙන චතූසු නිකායෙසු එකස්ස අට්ඨකථා පගුණා කාතබ්බා, එකනිකායෙන හි සෙසනිකායෙසුපි පඤ්හං කථෙතුං සක්ඛිස්සති. සත්තසු පකරණෙසු චතුප්පකරණස්ස අට්ඨකථා පගුණා කාතබ්බා, තත්ථ ලද්ධනයෙන හි සෙසපකරණෙසු පඤ්හං කථෙතුං සක්ඛිස්සති. විනයපිටකං පන නානත්ථං නානාකාරණං, තස්මා තං සද්ධිං අට්ඨකථාය පගුණං කාතබ්බමෙව. එත්තාවතා හි භික්ඛුනොවාදකො බහුස්සුතො නාම හොතීති.
භික්ෂුණීන්ට අවවාද කරන මහණහු විසින් අර්ත්ථකථා සහිතවූ ත්‍රිපිටකය උගතයුතුය. නොහැකිවන්නහු විසින් සිවු නිකායයන් අතුරෙහි එක් නිකායයක අර්‍ත්‍ථකථාව ප්‍රගුණ කටයුතුය. එක් නිකායයක් ඉගෙණීමෙන් සෙසු නිකායයන්හිද, ප්‍රශ්න විසදන්නට හැකිවන්නේය. සප්තප්‍රකරණයන් අතුරෙහි ප්‍රකරණසතරක අර්‍ත්‍ථකථාව ප්‍රගුණ කටයුතුය. එහි ලද නයින් සෙසු ප්‍රකරණයන්හිද ප්‍රශ්න විසදන්නට හැකිවන්නේය. විනයපිටකය වනාහි නොයෙක් අර්ත්ථ ඇත්තේය. නොයෙක් කරුණු ඇත්තේය. එහෙයින් එය අර්‍ත්‍ථකථාව සමග ප්‍රගුණ කටයුතුමය. මෙපමණකින් භික්‍ඛුණොවාදක බහුස්සුත වේ.
උභයානි ඛො පනස්සාතිආදි පන යස්මා අඤ්ඤස්මිං සකලෙ නවඞ්ගෙපි බාහුස්සච්චෙ සති සාට්ඨකථං විනයපිටකං විනා න වට්ටතියෙව, තස්මා විසුං වුත්තං. තත්ථ විත්ථාරෙනාති උභතොවිභඞ්ගෙන සද්ධිං. ස්වාගතානීති සුට්ඨු ආගතානි. යථා ආගතානි පන ස්වාගතානි හොන්ති, තං දස්සෙතුං “සුවිභත්තානී”තිආදි වුත්තං. තත්ථ සුවිභත්තානීති සුට්ඨු විභත්තානි පදපච්චාභට්ඨසඞ්කරදොසවිරහිතානි. සුප්පවත්තීනීති පගුණානි වාචුග්ගතානි. සුවිනිච්ඡිතානි සුත්තසොති ඛන්ධකපරිවාරතො ආහරිතබ්බසුත්තවසෙන සුට්ඨු විනිච්ඡිතානි. අනුබ්යඤ්ජනසොති අක්ඛරපදපාරිපූරියා ච සුවිනිච්ඡිතානි අඛණ්ඩානි අවිපරීතක්ඛරානි. එතෙන අට්ඨකථා දීපිතා, අට්ඨකථාතො හි එස විනිච්ඡයො හොතීති.
“උභයානි ඛො පනස්ස” යනාදිය වනාහි යම්හෙයකින් අන්‍ය වූ සියලු නවාඞ්ගයෙහි බහුශ්‍රැතභාවය ඇති කල්හි අර්ත්ථකථා සහිතවූ විනයපිටකය හැර නොම වටීද එහෙයින් වෙන්ව කියන ලද්දේය. එහි “විත්ථාරෙන” භික්ෂු භික්ෂුණි විභඞ්ග දෙක සමග, “ස්වගතානි” මැනැවින් දන්නා ලදහ. යම්සේ දන්නා ලද්දාහු මැනැවින් දන්නා ලද්දාහු වෙත්ද, එය දක්වන්නට ‘සුවිභත්තානි’ යනාදිය කියනලදී. එහි “සුවිභත්තානි” මැනවින් විභාග කරන ලදහ. පදපිළිවෙළ වැරදවීමෙන් වන සඞ්කරදොස රහිතයහ. “සුප්පවත්තිනී” ප්‍රගුණ වූවාහුය. වාචොද්ගත වූවාහුය. “සුවිනිච්ඡිතානි සුත්තසො” ඛන්ධකයෙන් හා පරිවාරයෙන් ගෙණහැර දැක්විය යුතු සූත්‍ර වශයෙන් මැනැවින් විනිශ්චය කරන ලදහ. “අනුබ්යඤ්ජනසො” අක්‍ෂරපද පරිපූර්ණත්වයෙන්ද මැනැවින් විනිශ්චය කරන ලදහ. කඩනොවූහ. විපරීත නොවූ අක්ෂර ඇතියහ. මෙයින් අර්ත්ථකථා තොමෝ දක්වන ලද්දීය. අර්ත්ථකථාවෙන්ම මේ විනිශ්චය වේ.
කල්යාණවාචොති සිථිලධනිතාදීනං යථාවිධානවචනෙන පරිමණ්ඩලපදබ්යඤ්ජනාය පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගළාය අත්ථස්ස විඤ්ඤාපනියා. කල්යාණවාක්කරණොති මධුරස්සරො, මාතුගාමො හි සරසම්පත්තිරතො, තස්මා පරිමණ්ඩලපදබ්යඤ්ජනම්පි වචනං සරසම්පත්තිරහිතං හීළෙති. යෙභුය්යෙන භික්ඛුනීනං පියො හොති මනාපොති සබ්බාසං පියො නාම දුල්ලභො, බහුතරානං පන පණ්ඩිතානං භික්ඛුනීනං සීලාචාරසම්පත්තියා පියො හොති මනවඩ්ඪනකො. පටිබලො හොති භික්ඛුනියො ඔවදිතුන්ති සුත්තඤ්ච කාරණඤ්ච දස්සෙන්තො වට්ටභයෙන තජ්ජෙත්වා භික්ඛුනියො ඔවදිතුං තාදිසං ධම්මං දෙසෙතුං සමත්ථො හොති. කාසායවත්ථවසනායාති කාසායවත්ථනිවත්ථාය. ගරුධම්මන්ති ගිහිකාලෙ භික්ඛුනියා කායසංසග්ගං වා සික්ඛමානාසාමණෙරීසු මෙථුනධම්මං වා අනජ්ඣාපන්නපුබ්බො හොති. මාතුගාමො හි පුබ්බෙ කතමනුස්සරන්තො සංවරෙ ඨිතස්සාපි ධම්මදෙසනාය ගාරවං න කරොති. අථ වා තස්මියෙව අසද්ධම්මෙ චිත්තං උප්පාදෙති. වීසතිවස්සො වාති උපසම්පදාය වීසතිවස්සො තතො අතිරෙකවස්සො වා. එවරූපො හි විසභාගෙහි වත්ථූහි පුනප්පුනං සමාගච්ඡන්තොපි දහරො විය සහසා සීලවිනාසං න පාපුණාති, අත්තනො වයං පච්චවෙක්ඛිත්වා අයුත්තට්ඨානෙ ඡන්දරාගං විනෙතුං පටිබලො හොති, තෙන වුත්තං – “වීසතිවස්සො වා හොති අතිරෙකවීසතිවස්සො වා”ති.
“කල්යාණවාචො” සිථිලධනිතාදීන්ගේ විධාන පරිදි කීමෙන් ස්ථානකරණ සම්පත්තියෙන් හා ශික්ෂාසම්පත්තියෙන් කිසි තැනකුදු අනූන බැවින් පරිපූර්ණ වූ පද හා අක්ෂර ඇති පිත්සෙම් ආදියෙන් නොපෙළෙන ලද අශීස්රතාදිභෙදදොෂ රහිතවූ කෙළතොලු නොවූ මුල මැද අග ප්‍රකට කොට කියනලද අර්ත්ථය අවබෝධ කරවිය යුතුවූ ගුණපරිපූර්ණභාවයෙන් පිරීසිටියාවූ ප්‍රිය වචනයෙන් යුක්ත වූයේය. “කල්යාණවාක්කරණො” මිහිරිහඬ ඇත්තේය. මාගම වනාහි ස්වරසම්පත්තියෙහි ඇලුනේය. එහෙයින් ස්වරසම්පත්තියෙන් තොරවූ පරිපූර්ණ පදබ්යඤ්ජනයෙන් යුක්තවචනයට නින්දා කරයි. “යෙභුය්යෙන භික්ඛුනීනං පියො හොති මනාපො” සියලු මෙහෙණන්හට ප්‍රියයෙක් නම් දුර්ලභ වේ. ඉතා බොහෝවූ නුවණැති මෙහෙණන්ට ශීලාචාර සම්පත් හෙතුකොට ප්‍රිය වේ. මනවඩන්නේ වේ. “පටිබලො හොති භික්ඛුනියො ඔවදිතුං” යුක්තිය ද කාරණයද දක්වමින් යොවුන් මදාදියෙන් මත් වූ මෙහෙණන් සසර බියෙන් තැති ගන්වා මෙහෙණට අවවාද කරන්නට, එබඳු දහම් දෙසන්නට සමර්ත්ථ වේද. “කාසායවත්ථවසනාය” කසටවත් හැන්දා වූ “ගරුධම්මං” ගිහිකල මෙහෙණක සමග කායසංසර්ගයකට හෝ ශික්ෂමාණා සාමණෙරීන් කෙරෙහි මෙවුන්දමට හෝ පෙර නොපැමිණියේවේද, මාගම වනාහි පෙර කරන ලද්ද සිහි කරමින් සංවරයෙහි සිටියහුගේද, ධර්මදෙශනාවට ගෞරව නොකරයි. තවද පෙර කළ ඒ අසද්ධර්මයෙහි සිත උපදවයි. “වීසතිවස්සො වා” උපසම්පත්තියෙන් විසිවයස් ඇත්තේ හෝ එයට වැඩි වයස් ඇත්තේ හෝ මෙබඳු වූ විසභාග වස්තූන් හා නැවත නැවැත එක්වනුයේද ලදරුවකු මෙන් වහා ශීලවිනාශයට නොපැමිණෙයි. තමන්ගේ වයස බලා නොසුදුසු තන්හි ඡන්දරාගය දුරු කරන්නට ප්‍රබල ඇත්තේවේද, එහෙයින් “වීසතිවස්සො වා හොති අතිරෙකවීසතිවස්සොවා”යි වදාරන ලද්දේය.
එත්ථ ච “සීලවා”තිආදි එකමඞ්ගං, “බහුස්සුතො හොතී”තිආදි දුතියං, “උභයානි ඛො පනස්සා”තිආදි තතියං, “කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො”ති චතුත්ථං, “යෙභුය්යෙන භික්ඛුනීනං පියො හොති මනාපො”ති පඤ්චමං, “පටිබලො හොති භික්ඛුනියො ඔවදිතු”න්ති ඡට්ඨං, “න ඛො පනෙත”න්තිආදි සත්තමං, “වීසතිවස්සො”තිආදි අට්ඨමන්ති වෙදිතබ්බං.
මෙහිද ‘සීලවා’ යනාදිය එක් අඞ්ගයෙකි. ‘බහුස්සුතො හොති’ යනාදිය දෙවන අඞ්ගය වේ. ‘උභයානි ඛො පනස්ස’ යනාදිය තෙවන අඞ්ගය වේ. ‘කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො’ යනාදිය සිවුවන අඞ්ගය වේ. ‘යෙභුය්යෙන භික්ඛුණීනං පියො හොති මනාපො’ යනු පස්වන අඞ්ගය වේ. ‘පටිබලො හොති භික්ඛුණියො ඔවදිතුං’ යනු සවන අඞ්ගය වේ. ‘න ඛො පන්තෙං’ යනාදිය සත්වන අඞ්ගය වේ. ‘වීසතිවස්සො’ යනාදිය අටවන අඞ්ගය වේයයි දතයුතුය.
ඤත්තිචතුත්ථෙනාති පුබ්බෙ වත්ථුස්මිං වුත්තෙනෙව. ගරුධම්මෙහීති ගරුකෙහි ධම්මෙහි, තෙ හි ගාරවං කත්වා භික්ඛුනීහි සම්පටිච්ඡිතබ්බත්තා ගරුධම්මාති වුච්චන්ති. එකතොඋපසම්පන්නායාති එත්ථ භික්ඛුනීනං සන්තිකෙ එකතොඋපසම්පන්නාය, යො ගරුධම්මෙන ඔවදති, තස්ස දුක්කටං. භික්ඛූනං සන්තිකෙ උපසම්පන්නාය පන යථාවත්ථුකමෙව.
“ඤත්තිචතුත්ථෙන” පෙර වස්තුවෙහි කියන ලද්දාවූම කර්මයෙන්. “ගරුධම්මෙහි” ගරුක ධර්මයන්ගෙන් ඒ ධර්මයෝ ගෞරවකොට මෙහෙණක් විසින් පිළිගත යුතු බැවින් ගරුධර්මැයි කියනු ලැබෙත් “එකතො උපසම්පන්නාය” මෙහි මෙහෙණන්ගේ සමීපයෙහි එක් පසකින් උපසපන් මෙහෙණක් කෙරෙහි යම් මහණෙක් තෙමේ ගරුධර්මයෙන් අවවාද කෙරේද, ඒ මහණහුට දුක්කටය වේ. මහණුන් සමීපයෙහි උපසපන් මෙහෙණක්හට දහම් දෙසන මහණහුට යථාවස්තුකම වේ. හෙවත් පාචිත්තියම වේ.
පරිවෙණං සම්මජ්ජිත්වාති සචෙ පාතො අසම්මට්ඨං සම්මට්ඨම්පි වා පුන තිණපණ්ණාදීහි උක්ලාපං පාදප්පහාරෙහි ච විකිණ්ණවාලිකං ජාතං, සම්මජ්ජිතබ්බං. අසම්මට්ඨඤ්හි තං දිස්වා “අය්යො අත්තනො නිස්සිතකෙ දහරභික්ඛූපි වත්තපටිපත්තියං න යොජෙති, ධම්මංයෙව කථෙතී”ති තා භික්ඛුනියො අසොතුකාමා විය භවෙය්යුං. තෙන වුත්තං – “පරිවෙණං සම්මජ්ජිත්වා”ති. අන්තොගාමතො පන භික්ඛුනියො ආගච්ඡන්තියො පිපාසිතා ච කිලන්තා ච හොන්ති, තා පානීයඤ්ච හත්ථපාදමුඛසීතලකරණඤ්ච පච්චාසීසන්ති, තස්මිඤ්ච අසති පුරිමනයෙනෙව අගාරවං ජනෙත්වා අසොතුකාමාපි හොන්ති . තෙන වුත්තං – “පානීයං පරිභොජනීයං උපට්ඨපෙත්වා”ති.
“පරිවෙණං සම්මජ්ජිත්වා” ඉදින් උදෑසන නොහමදින ලද්දා වූ හෝ හමදින ලද්දා වූ හෝ පිරිවෙන් බිම නැවැත තණ පත් ආදියෙන් කසළින් ගැවසුනේද පාපහරින් විසුරුනු වැලි ඇත්තේ වීනම්, හැමදිය යුතුය. නොහමදිනලද එතැන දැක ‘ආර්‍ය්‍යයන් වහන්සේ තමන්ගේ ඇසුරෙහි සිටි ලදරු මහණුන් වත්පිළිවෙත්හි නොයොදන්නෝය, ධර්මයම කියන්නාහ’යි ඒ මෙහෙණෝ නොඅසනු කැමැත්තියන් මෙන් වන්නාහුය. එහෙයින් ‘පරිවෙණං සම්මජ්ජිත්වා’යි කියන ලදී ඇතුළු ගමින් වනාහි එන මෙහෙණෝ හටගත් පිපාසා ඇත්තාහුද වෙහෙසට පත්වූවාහුද වෙත්. ඒ මෙහෙණෝ පැන්ද අත්පාමුව සිහිල් කිරීමද බලාපොරොත්තු වෙත්. ඒ නැති කල්හි පෙර කියූ ලෙසින්ම අගෞරව උපදවා නොඅසනු කැමැත්තාහුද වෙත්, එහෙයින් “පානීයං පරිභොජනීයං උපට්ඨපෙත්වා”යි කියන ලදී.
ආසනන්ති නීචපීඨකඵලකතට්ටිකකටසාරකාදිභෙදං අන්තමසො සාඛාභඞ්ගම්පි “ඉදං තාසං ආසනං භවිස්සතී”ති එවං ආසනං පඤ්ඤපෙත්වා. ධම්මදෙසනාපත්තිමොචනත්ථං පන දුතියො ඉච්ඡිතබ්බො. තෙන වුත්තං – “දුතියං ගහෙත්වා නිසීදිතබ්බ”න්ති. නිසීදිතබ්බන්ති න විහාරපච්චන්තෙ, අථ ඛො විහාරමජ්ඣෙ උපොසථාගාරස්ස වා භොජනසාලාය වා ද්වාරෙ සබ්බෙසං ඔසරණට්ඨානෙ නිසීදිතබ්බං. සමග්ගාත්ථාති සබ්බා ආගතත්ථාති අත්ථො. වත්තන්තීති ආගච්ඡන්ති; පගුණා වාචුග්ගතාති අත්ථො. නිය්යාදෙතබ්බොති අප්පෙතබ්බො. ඔසාරෙතබ්බොති පාළි වත්තබ්බා. වස්සසතූපසම්පන්නායාතිආදි වත්තබ්බපාළිදස්සනං.
“ආසනං” මිටි පුටු පුවරුතටු කළාල් ආදී භෙදවත් ආසනය. යටත් පිරිසෙයින් අතුරිකිළිද ඒ මෙහෙණන්ට මේ ආසනය වන්නේයයි මෙසේ අසනක් පණවා දහම් දෙසීමෙන් වන ඇවැතින් මිදීම පිණිස දෙවැන්නෙක් කැමැති විය යුතුය. එහෙයින් “දුතියං ගහෙත්වා නිසීදිතබ්බං’යි කියන ලදී. වෙහෙර කෙළවර නොහිඳිය යුතුය. එහෙත් වෙහෙරමැද හෝ පොහෝ ගෙයි දොරකඩ හෝ බොජුන්හලෙහි දොරකඩ හෝ සියල්ලන් රැස්වන තැනක හිඳිය යුතුය. “සමග්ගත්ථා” සියලු මෙහෙණෝ ආවාහුය යන අර්‍ත්‍ථයි. “වත්තන්ති” එන්නාහුය. ප්‍රගුණ වූවාහු, වාචොද්ගත වූවාහු යන අර්‍ත්‍ථයි “නීය්යාදෙතබ්බො” කැඳවිය යුතුය. “ඔසාරෙතබ්බො”යි පෙළ කියයුතුය. “වස්සසතූපසම්පන්නාය” යනාදිය කියයුතු පෙළ දැක්වීමය.
තත්ථ සාමීචිකම්මන්ති මග්ගසම්පදානබීජනපානීයාපුච්ඡනාදිකං අනුච්ඡවිකවත්තං. එත්ථ ච භික්ඛුනියා භික්ඛුස්ස අභිවාදනං නාම අන්තොගාමෙ වා බහිගාමෙ වා අන්තොවිහාරෙ වා බහිවිහාරෙ වා අන්තරඝරෙ වා රථිකාය වා අන්තමසො රාජුස්සාරණායපි වත්තමානාය දෙවෙ වස්සමානෙ සකද්දමාය භූමියා ඡත්තපත්තහත්ථායපි හත්ථිඅස්සාදීහි අනුබද්ධායපි කාතබ්බමෙව. එකාබද්ධාය පාළියා භික්ඛාචාරං පවිසන්තෙ දිස්වා එකස්මිං ඨානෙ “වන්දාමි අය්යා”ති වන්දිතුං වට්ටති. සචෙ අන්තරන්තරා ද්වාදසහත්ථෙ මුඤ්චිත්වා ගච්ඡන්ති, විසුං විසුං වන්දිතබ්බා. මහාසන්නිපාතෙ නිසින්නෙ එකස්මිංයෙව ඨානෙ වන්දිතුං වට්ටති. එස නයො අඤ්ජලිකම්මෙපි. යත්ථ කත්ථචි නිසින්නාය පන පච්චුට්ඨානං කාතබ්බං, තස්ස තස්ස සාමීචිකම්මස්ස අනුරූපෙ පදෙසෙ ච කාලෙ ච තං තං කාතබ්බං.
එහි “සාමීචිකම්මං” මගදීම විජනිපත සැලීම, පැනින් විචාරීම යනාදී වූ සුදුසුවත්. මෙහිද මෙහෙණ විසින් මහණහුට වැඳීම නම්, ඇතුළු ගමෙහි දී හෝ ගමෙන් පිටතදී හෝ වෙහෙර තුළදී හෝ වෙහෙරෙන් පිටතදී හෝ ගේ තුළදී හෝ වීථියෙහිදී හෝ යටත් පිරිසයින් රජුන් පිළිබඳ උත්සවයන් පවත්නා කල්හිද වැසි වස්නා කල්හි මඩ සහිත බිමැ ඡත්රපත්ර ගත් අත් ඇත්තිය විසිනුදු ඇත් ඇස් ආදීන් විසින් ලුහුබඳින ලද්දිය විසිනුදු කළ යුතුමය. එකට පෙළ ගැසී පිඬු පිණිස හැසිරෙන්නවුන් දැක. එක් තැනක හිඳ, ‘ආර්‍ය්‍යයෙනි වඳිමි’යි වැඳිය යුතුය. අතර අතර දොළොස් රියනක් හැර යෙත්ද, වෙන් වෙන්ව වැඳිය යුත්තාහ. මහාජන රැස්වීමෙක හුන් කල්හි එක්ම තැනක හිඳ වැඳීම කළ යුතුය. අඤ්ජලිකර්මයෙහිද මේ නයවේ. යම් කිසි තැනක හුන් මෙහෙණ විසින් දැක හුනස්නෙන් නැගීසිටීම කටයුතුය. ඒ ඒ සාමිචිකර්මයට සුදුසු දේසයෙහිද කාලයෙහිද ඒ ඒ සාමීචිකර්ම කටයුතුය.
සක්කත්වාති යථා කතො සුකතො හොති, එවං කත්වා. ගරුංකත්වාති තත්ථ ගාරවං ජනෙත්වා. මානෙත්වාති මනෙන පියං කත්වා. පූජෙත්වාති ඉමෙසංයෙව තිණ්ණං කිච්චානං කරණෙන පූජෙත්වා. අනතික්කමනීයොති න අතික්කමිතබ්බො.
“සක්කත්වා” යම්සේ කරන ලද්දේ. මැනැවින් කරන ලද්දේවේද, එසේ කොට. “ගරුකත්වා” එහි ගෞරව උපදවා “මානෙත්වා” සිතින් ප්‍රියකොට “පූජෙත්වා” මේ ත්රිවිධකෘත්ය කරණයෙන් පුදා. “අතතික්කමනීයො” නොඉක්මවිය යුත්තේය.
අභික්ඛුකෙ ආවාසෙති එත්ථ සචෙ භික්ඛුනුපස්සයතො අඩ්ඪයොජනබ්භන්තරෙ ඔවාදදායකා භික්ඛූ න වසන්ති, අයං අභික්ඛුකො ආවාසො නාම. එත්ථ වස්සං න වසිතබ්බං. වුත්තඤ්හෙතං – “අභික්ඛුකො නාම ආවාසො න සක්කා හොති ඔවාදාය වා සංවාසාය වා ගන්තු”න්ති (පාචි· 1048). න ච සක්කා තතො පරං පච්ඡාභත්තං ගන්ත්වා ධම්මං සුත්වා ආගන්තුං. සචෙ තත්ථ වස්සං වසිතුං අනිච්ඡමානා භික්ඛුනියො ඤාතකා වා උපට්ඨාකා වා එවංවදන්ති – “වසථ, අය්යෙ, මයං භික්ඛූ ආනෙස්සාමා”ති වට්ටති. සචෙ පන වුත්තප්පමාණෙ පදෙසෙ වස්සං උපගන්තුකාමා භික්ඛූ ආගන්ත්වා සාඛාමණ්ඩපෙපි එකරත්තං වුත්ථා හොන්ති; න නිමන්තිතා හුත්වා ගන්තුකාමා. එත්තාවතාපි සභික්ඛුකො ආවාසො හොති, එත්ථ වස්සං උපගන්තුං වට්ටති. උපගච්ඡන්තීහි ච පක්ඛස්ස තෙරසියංයෙව භික්ඛූ යාචිතබ්බා – “මයං අය්යා තුම්හාකං ඔවාදෙන වසිස්සාමා”ති. යතො පන උජුනා මග්ගෙන අඩ්ඪයොජනෙ භික්ඛූනං වසනට්ඨානං, තෙන පන මග්ගෙන ගච්ඡන්තීනං ජීවිතන්තරායො වා බ්රහ්මචරියන්තරායො වා හොති, අඤ්ඤෙන මග්ගෙන ගච්ඡන්තීනං අතිරෙකඩ්ඪයොජනං හොති, අයං අභික්ඛුකාවාසට්ඨානෙයෙව තිට්ඨති. සචෙ පන තතො ගාවුතමත්තෙ අඤ්ඤො භික්ඛුනුපස්සයො ඛෙමට්ඨානෙ හොති, තාහි භික්ඛුනීහි තා භික්ඛුනියො යාචිත්වා පුන ගන්ත්වා භික්ඛූ යාචිතබ්බා “අය්යා අම්හාකං උජුමග්ගෙ අන්තරායො අත්ථි, අඤ්ඤෙන මග්ගෙන අතිරෙකඩ්ඪයොජනං හොති. අන්තරාමග්ගෙ පන අම්හාකං උපස්සයතො ගාවුතමත්තෙ අඤ්ඤො භික්ඛුනුපස්සයො අත්ථි, අය්යානං සන්තිකා තත්ථ ආගතඔවාදෙන වසිස්සාමා”ති. තෙහි භික්ඛූහි සම්පටිච්ඡිතබ්බං. තතො තාහි භික්ඛුනීහි තං භික්ඛුනුපස්සයං ආගන්ත්වා උපොසථො කාතබ්බො, තා වා භික්ඛුනියො දිස්වා අත්තනො උපස්සයමෙව ගන්ත්වා කාතුම්පි වට්ටති.
“අභික්ඛුකෙ ආවාසෙ” මෙහි මෙහෙණ අසපුවෙන් අඩයොදුනක් තුළ ඔවදන් දෙන මහණෝ නොවසත්ද, මේ අභික්ෂුක ආවාස නම්වේ. මෙහි වස් නොවිසිය යුතුය. ‘අභික්ඛුකො නාම ආවාසො න සක්කා හොති ඔවාදය වා සංවාසාය වා ගන්තුං’යි මෙය වදාරන ලද්දේමය. ඉන් ඈත පසුබතෙහි ගොස් ධර්මය අසා එන්නට නොහැක්කේද, ඉදින් එහි වස් වසන්නට නොකැමැති වූ මෙහෙණන්ට නෑයෝ හෝ උවැටන් කරන්නෝ හෝ ‘ආර්‍ය්‍යාවෙනි’ වසනු මැනැව, අපි මහණකු ගෙන එන්නෙමු’යි මෙසේ කියත් නම්, වටියි. කියූ පමණැති පෙදෙසෙහි වස් එළැඹෙනු කැමැති මහණෝ අවුත් අතුමඩුවෙක්හි නමුදු එක් රැයක් විසුවාහු වෙත්ද, නිමන්ත්‍රණය නොකරන ලදුව යනු කැමැත්තාහුද, මෙපමණකිනුදු සභික්ෂුව ආවාසය වේ. එහි වස් එළැඹෙන්නට වටියි. වස් එළැඹෙන්නියන් විසිනුදු පක්ෂය පිළිබඳ තෙළෙස්වන දිනයෙහි ‘ආර්‍ය්‍යයෙනි’ අපි ඔබ වහන්සේලාගේ අවවාදයෙන් වසන්නෙමු’යි භික්ෂූහු යාඥා කටයුත්තාහ. යම් මෙහෙණ අසපුවකින් සෘජුමාර්ගයෙන් යන්නාවූ මෙහෙණන්ගේ ජීවිතයට අනතුරෙක් හෝ බ්රහ්මචර්ය්යට අනතුරෙක් හෝ වේද, අන් මගකින් යන්නාවූ මෙහෙණන්හට අඩ යොදුනෙන් වැඩියෙක් වේද, මේ ආවාසය තෙමේ අභික්ෂුකාවාස ස්ථානයෙහිම සිටියි. එයින් ගව්වක් පමණ තැන නිර්භයස්ථානයෙක අන් මෙහෙණවරෙක් වේද, ඒ මෙහෙණන් විසින් ඒ මෙහෙණීහු යාඥාකොට නැවැත ගොස් ‘ආර්‍ය්‍යයෙනි’ සෘජුමාර්ගයෙහි අපට අන්තරාය ඇත්තේය. අන් මගින් අතිරෙක අර්ධයොජනයෙක් වේ. අතරමග අපගේ අසපුවෙන් ගව්වක් පමණ තැන අන් මෙහෙණ අසපුවෙක් ඇත්තේය, ආර්‍ය්‍යයන්ගේ සමීපයෙන් එහි පැමිණි අවවාදයෙන් වසන්නෙමු’යි භික්ෂූහු යාඥා කටයුත්තාහුය. ඒ භික්ෂූන් විසින් පිළිගත යුතුය. ඉන්පසු ඒ මෙහෙණන් විසින් ඒ මෙහෙණ අසපුවට අවුත් පොහොය කටයුතුය. ඒ මෙහෙණන් දැක හෝ තමාගේ අසපුවටම අවුත් පොහොය කිරීම වටියි.
සචෙ පන වස්සං උපගන්තුකාමා භික්ඛූ චාතුද්දසෙ විහාරං ආගච්ඡන්ති, භික්ඛුනීහි ච “ඉධ අය්යා වස්සං වසිස්සථා”ති පුච්ඡිතා “ආමා”ති වත්වා පුන තාහි “තෙනහි අය්යා මයම්පි තුම්හාකං ඔවාදං අනුජීවන්තියො වසිස්සාමා”ති වුත්තා දුතියදිවසෙ ගාමෙ භික්ඛාචාරසම්පදං අපස්සන්තා “න සක්කා ඉධ වසිතු”න්ති පක්කමන්ති. අථ තා භික්ඛුනියො උපොසථදිවසෙ විහාරං ගන්ත්වා භික්ඛූ න පස්සන්ති, එත්ථ කිං කාතබ්බන්ති? යත්ථ භික්ඛූ වසන්ති, තත්ථ ගන්ත්වා පච්ඡිමිකාය වස්සං උපගන්තබ්බං. “පච්ඡිමිකාය වස්සං උපගන්තුං ආගමිස්සන්තී”ති වා ආභොගං කත්වා ආගතානං සන්තිකෙ ඔවාදෙන වසිතබ්බං. සචෙ පන පච්ඡිමිකායපි න කෙචි ආගච්ඡන්ති, අන්තරාමග්ගෙ ච රාජභයං වා චොරභයං වා දුබ්භික්ඛං වා හොති, අභික්ඛුකාවාසෙ වසන්තියා ආපත්ති, වස්සච්ඡෙදං කත්වා ගච්ඡන්තියාපි ආපත්ති, සා රක්ඛිතබ්බා. ආපදාසු හි අභික්ඛුකෙ ආවාසෙ වසන්තියා අනාපත්ති වුත්තා. සචෙ ආගන්ත්වා වස්සං උපගතා භික්ඛූ පුන කෙනචි කාරණෙන පක්කමන්ති, වසිතබ්බමෙව. වුත්තඤ්හෙතං – “අනාපත්ති වස්සූපගතා භික්ඛූ පක්කන්තා වා හොන්ති විබ්භන්තා වා කාලඞ්කතා වා පක්ඛසඞ්කන්තා වා ආපදාසු උම්මත්තිකාය ආදිකම්මිකායා”ති. පවාරෙන්තියා පන යත්ථ භික්ඛූ අත්ථි, තත්ථ ගන්ත්වා පවාරෙතබ්බං.
ඉදින් වස් එළෙඹෙනු කැමැති භික්ෂූහු තුදුස්වකෙහි වෙහෙරට එත්ද, මෙහෙණන් විසින්ද ‘මෙහි ආර්‍ය්‍යයෝ වස් වසන්නහුදැයි විචාරන ලද්දාහු ‘එසේය’යි කියා නැවැත ඒ මෙහෙණින් විසින් ‘එසේවීනම් ආර්‍ය්‍යයෙනි අපිදු ඔබවහන්සේලාගේ අවවාදය අනුව ජීවත් වන්නමෝ වසන්නෙමු’යි කියන ලද්දාහු දෙවන දිනයෙහි ගමෙහි භික්ෂාචාරසම්පත්තිය නොදක්නෝ ‘මෙහි වසන්නට නොහැක්කම්හ’යි බැහැරයෙත්ද, නැවත ඒ මෙහෙණෝ උපොසථදිනයෙහි විහාරයට ගියාහු භික්ෂූන් නොදකිත්ද, එකල්හි මෙහි කුමක් කටයුතුද, යත්: යම් තැනක භික්ෂූහු වසත්ද, එහි ගොස් පසුවස් එළැඹිය යුතුය. පසුවස් එළැඹීමට එන්නාහුයයි හෝ කල්පනා කොට ආවුන්ගේ සමීපයෙහි අවවාදයෙන් විසිය යුතුය. ඉදින් පසුව පිණිසද කිසි කෙනෙක් නොඑත්ද, අතරමගද රජබියෙක් හෝ සොරබියෙක් හෝ දුර්භික්ෂයෙක් හෝ වේද, අභික්ෂුකා වාසයෙහි වසන්නියට ඇවැත් වේ. වස් සිඳීම කොට යන්නියටද ඇවැත් වේ. ඕතොමෝ රැකිය යුතුය. විපත් ඇති කල්හි අභික්ෂුකාවාසයෙහි වසන්නියට අනාපත්තිය කියනලදී. ඉදින් අවුත් වස් එළැඹි භික්ෂූහු නැවැත කිසි කරුණක් හෙතුකොට බැහැර යෙත්ද, විසිය යුතුමය. ‘අනාපත්ති වස්සූපගතා භික්ඛූ පක්කත්තා වා හොන්ති විබ්භන්තා වා කාලකතා වා පක්ඛකසඞ්කන්තා හා ආපදාසු උම්මත්තිකාය ආදිකම්මිකාය’ යන මෙය වදාරන ලද්දේමය. පවරන්නිය විසිනුදු යම් තැනක භික්ෂූහු ඇත්තාහුද එහි ගොස් පැවරිය යුතුය.
අන්වද්ධමාසන්ති අද්ධමාසෙ අද්ධමාසෙ. ද්වෙ ධම්මා පච්චාසීසිතබ්බාති ද්වෙ ධම්මා ඉච්ඡිතබ්බා. උපොසථපුච්ඡකන්ති උපොසථපුච්ඡනං, තත්ථ පන්නරසිකෙ උපොසථෙ පක්ඛස්ස චාතුද්දසියං චාතුද්දසිකෙ තෙරසියං ගන්ත්වා උපොසථො පුච්ඡිතබ්බො. මහාපච්චරියං පන “පක්ඛස්ස තෙරසියංයෙව ගන්ත්වා ‘අයං උපොසථො චාතුද්දසිකො පන්නරසිකො’ති පුච්ඡිතබ්බ”න්ති වුත්තං. උපොසථදිවසෙ ඔවාදත්ථාය උපසඞ්කමිතබ්බං. පාටිපදදිවසතො පන පට්ඨාය ධම්මසවනත්ථාය ගන්තබ්බං. ඉති භගවා අඤ්ඤස්ස කම්මස්ස ඔකාසං අදත්වා නිරන්තරං භික්ඛුනීනං භික්ඛූනං සන්තිකෙ ගමනමෙව පඤ්ඤපෙසි. කස්මා? මන්දපඤ්ඤත්තා මාතුගාමස්ස. මන්දපඤ්ඤො හි මාතුගාමො, තස්මා නිච්චං ධම්මසවනං බහූපකාරං. එවඤ්ච සති “යං මයං ජානාම, තමෙව අය්යා ජානන්තී”ති මානං අකත්වා භික්ඛුසඞ්ඝං පයිරූපාසමානා සාත්ථිකං පබ්බජ්ජං කරිස්සන්ති, තස්මා භගවා එවමකාසි. භික්ඛුනියොපි “යථානුසිට්ඨං පටිපජ්ජිස්සාමා”ති සබ්බායෙව නිරන්තරං විහාරං උපසඞ්කමිංසු. වුත්තඤ්හෙතං –
“අත්වද්ධමාසං” අඩමසක් අඩමසක් පාසා “ද්වෙ ධම්මා පච්චාසිංසි තබ්බා” ධර්ම දෙකක් කැමැති වියයුතුය. “උපොසථපුච්ඡකං” පොහොය විචාරීමය. එහි පසළොස්වක් පොහොයෙහි පක්ෂය පිළිබඳ තුදුස්වකෙහි තෙළෙස්වක් පොහොයෙහි ගොස් පොහොය විචාළ යුතුය. මහාපච්චරියෙහි වනාහි පක්ෂය පිළිබඳ තෙළෙස්වක්හිම ගොස් ‘මේ පොහොය තුදුස්වකද පසළොස්වකදැයි විචාළ යුතුයයි. කියන ලදී. පොහොය දිනයෙහි අවවාදය පිණිස එළැඹිය යුතුය. පෑළවිය දින පටන් ධර්මශ්රවණය පිණිස යායුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අන්‍ය කර්මයකට අවකාශ නොදී නිරතුරුව මෙහෙණන්හට මහණුන්ගේ සමීපයට යෑමම පැනවූ සේක. කුමක් හෙයින, යත්:- මාගම මඳ නුවණැති බැවිනි. මාගම මඳ නුවණැත්තේමය. මාගමට නිතර බණ ඇසීම බොහෝ උපකාර වේ. මෙසේ ඇති කල්හි ‘අපි යමක් දනිමුද, ආර්‍ය්‍යයන් වහන්සේත් එයම දනිතැ’යි මානය නොකොට භික්ෂු සඞ්ඝයා පයිරුපාසනය කරමින් පැවිද්ද සාර්‍ත්‍ථක කරන්නාහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ කළ සේක. මෙහෙණෝද අවවාද පරිදි පිළිපදින්නෙමු’යි සියල්ලෝම නිරතුරුව වෙහෙරට එළැඹියාහුය.
“තෙන ඛො පන සමයෙන සබ්බො භික්ඛුනිසඞ්ඝො ඔවාදං ගච්ඡති. මනුස්සා උජ්ඣායන්ති ඛිය්යන්ති විපාචෙන්ති ‘ජායායො ඉමා ඉමෙසං, ජාරියො ඉමා ඉමෙසං, ඉදානිමෙ ඉමාහි සද්ධිං අභිරමිස්සන්තී’ති. භගවතො එතමත්ථං ආරොචෙසුං – ‘න, භික්ඛවෙ, සබ්බෙන භික්ඛුනිසඞ්ඝෙන ඔවාදො ගන්තබ්බො, ගච්ඡෙය්ය චෙ, ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ චතූහි පඤ්චහි භික්ඛුනීහි ඔවාදං ගන්තු’න්ති. පුනපි තථෙව උජ්ඣායිංසු. පුන භගවා ‘අනුජානාමි, භික්ඛවෙ, ද්වෙ තිස්සො භික්ඛුනියො ඔවාදං ගන්තු’”න්ති ආහ.
‘තෙන ඛො පන සමයෙන සබ්බො භික්ඛුණීසඞ්ඝො ඔවාදං ගච්ඡති, මනුස්සා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති ජායායො ඉමා ඉමෙසං, ජාරියො ඉමා ඉමෙසං ඉදානි, මෙ ඉමාහි සද්ධිං අභිරමිස්සන්තීති භගවතො එතමත්ථං ආරොචචෙසුං, න භික්ඛවො සබ්බෙන භික්ඛුණී සඞ්ඝෙන ඔවාදො ගන්තබ්බො ගච්ඡෙය්ය චෙ ආපත්ති දුක්කටස්ස, අනුජානාමි භික්ඛවෙ, චතුහි පඤ්චහි භික්ඛුණීහි ඔවාදං ගන්තුත්ති’ මේ වදාරන ලද්දේමය. නැවැත එසේම අවමන් කළහ. නැවත භාග්‍යවතුන් වහන්සේ ‘අනුජානාමි භික්ඛවෙ ද්වෙ තිස්සො භික්ඛුණීහි ඔවාදං ගන්තුං’යි වදාළ සේක.
තස්මා භික්ඛුනිසඞ්ඝෙන ද්වෙ තිස්සො භික්ඛුනියො යාචිත්වා පෙසෙතබ්බා – “එථය්යෙ, භික්ඛුසඞ්ඝං ඔවාදූපසඞ්කමනං යාචථ, භික්ඛුනිසඞ්ඝො අය්යා…පෙ… ඔවාදූපසඞ්කමන”න්ති (චූළව· 413). තාහි භික්ඛුනීහි ආරාමං ගන්තබ්බං. තතො ඔවාදපටිග්ගාහකං එකං භික්ඛුං උපසඞ්කමිත්වා වන්දිත්වා සො භික්ඛු එකාය භික්ඛුනියා එවමස්ස වචනීයො “භික්ඛුනිසඞ්ඝො, අය්ය, භික්ඛුසඞ්ඝස්ස පාදෙ වන්දති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචති, ලභතු කිර අය්ය භික්ඛුනිසඞ්ඝො ඔවාදූපසඞ්කමන”න්ති. තෙන භික්ඛුනා පාතිමොක්ඛුද්දෙසකො භික්ඛු උපසඞ්කමිත්වා එවමස්ස වචනීයො “භික්ඛුනිසඞ්ඝො භන්තෙ භික්ඛුසඞ්ඝස්ස පාදෙ වන්දති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචති, ලභතු කිර භන්තෙ භික්ඛුනිසඞ්ඝො ඔවාදූපසඞ්කමන”න්ති. පාතිමොක්ඛුද්දෙසකෙන වත්තබ්බො “අත්ථි කොචි භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො”ති. සචෙ හොති කොචි භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො, පාතිමොක්ඛුද්දෙසකෙන වත්තබ්බො “ඉත්ථන්නාමො භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො, තං භික්ඛුනිසඞ්ඝො උපසඞ්කමතූ”ති.
එහෙයින් භික්ෂුණී සඞ්ඝයා විසින් දෙතුන් මෙහෙණහු යාඥා කොට යැවිය යුත්තාහ. ‘ආර්‍ය්‍යාවෙනි එවු, භික්ෂු සඞ්ඝයා වෙතට අවවාදය පිණිස එළැඹීම ඉල්ලවු, ‘ආර්‍ය්‍යයෙනි භික්ෂුණී සඞ්ඝ තෙමේ භික්‍ෂුසඞ්ඝයාගේ පා වඳියි. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලයි. ආර්‍ය්‍යයෙනි භික්ෂුණී සඞ්ඝ තෙමේ අවවාදය පිණිස එළැඹීම ලබාවා’යි ඒ මෙහෙණන් විසින් ආරාමයට යායුතුය. ඉන්පසු අවවාද පිළිගන්නා එක් මහණකු කරා එළැඹැ වැඳ ඒ මහණතෙමේ එක් මෙහෙණක විසින් ‘ආර්‍ය්‍යය’, භික්‍ෂුණීසඞ්ඝ තෙමේ භික්ෂු සඞ්ඝයාගේ පා වදියි. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලයි. ආර්‍ය්‍යය’ භික්ෂුණී සඞ්ඝ තෙමේ අවවාදය පිණිස එළැඹීම ලබාවා’යි මෙසේ කියයුතු වන්නේය. ඒ මහණහු විසින් පාමොක් උදෙසන මහණහු වෙත එළැඹැ ‘ස්වාමීනි’, භික්ෂුණී සඞ්ඝ තෙමේ භික්ෂු සඞ්ඝයාගේ පා වදියි, අවවාදය පිණිස එළැඹීමද ඉල්ලයි. ‘ස්වාමීනි’, භික්ෂුණී සඞ්ඝ තෙමේ අවවාදය පිණිස එළැඹීම ලබාවා’යි මෙසේ කියයුතු වන්නේය. පාමොක් උදෙසන මහණහු විසින් සම්මත කරන ලද භික්‍ඛුණොවාදක වූ කිසි මහණෙක් ඇත්තේදැයි විචාළ යුතුය. ඉදින් ‘සම්මත කරන ලද භික්‍ඛුණොවාදක වූ කිසි මහණෙක් වේද, පාමොක් උදෙසන මහණහු විසින් ‘මෙනම් ඇති මහණ තෙමේ භික්ඛුණොවාදකයි සම්මත කරන ලද්දේය. භික්ඛුණීසඞ්ඝ තෙමේ ඔහු වෙත එළඹේවා’යි කියයුතුය.
සචෙ න හොති කොචි භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො, පාතිමොක්ඛුද්දෙසකෙන වත්තබ්බො – “කො ආයස්මා උස්සහති භික්ඛුනියො ඔවදිතු”න්ති. සචෙ කොචි භික්ඛු උස්සහති භික්ඛුනියො ඔවදිතුං, සො ච හොති අට්ඨහඞ්ගෙහි සමන්නාගතො, සම්මන්නිත්වා වත්තබ්බො – “ඉත්ථන්නාමො භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො, තං භික්ඛුනිසඞ්ඝො උපසඞ්කමතූ”ති.
ඉදින් කිසි මහණෙක් භික්ඛුණොවාදකැයි සම්මත නොකරන ලද්දේවේද, පාමාක් උදෙසන මහණහු විසින්, ‘කවර නම් ආයුෂ්මත් තෙමේ මෙහෙණන්හට අවවාද කරන්නට උත්සාහ කෙරේදැයි විචාළ යුතුය. ඉදින් කිසිවෙක් මෙහෙණන්හට අවවාද කරන්නට උත්සාහ කෙරේනම් ඒ මහණතෙමේ අටගින් සමන්වාගත වේද, ඔහු සම්මත කොට ‘මෙනම් ඇති මහණ තෙමේ මෙහෙණන්හට අවවාද කරනු පිණිස සම්මත කරන ලද්දේය. භික්‍ෂුණීසඞ්ඝ තෙමේ ඔහු වෙත එළැඹේවා’යි කියයුතුය.
සචෙ පන කොචි න උස්සහති භික්ඛුනියො ඔවදිතුං, පාතිමොක්ඛුද්දෙසකෙන වත්තබ්බො – “නත්ථි කොචි භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො, පාසාදිකෙන භික්ඛුනිසඞ්ඝො සම්පාදෙතූ”ති. එත්තාවතා හි සකලං සික්ඛත්තයසඞ්ගහං සාසනමාරොචිතං හොති. තෙන භික්ඛුනා “සාධූ”ති සම්පටිච්ඡිත්වා පාටිපදෙ භික්ඛුනීනං ආරොචෙතබ්බං. භික්ඛුනිසඞ්ඝෙනපි තා භික්ඛුනියො පෙසෙතබ්බා “ගච්ඡථය්යෙ, පුච්ඡථ ‘කිං අය්ය ලභති භික්ඛුනිසඞ්ඝො ඔවාදූපසඞ්කමන’”න්ති. තාහි “සාධු අය්යෙ”ති සම්පටිච්ඡිත්වා ආරාමං ගන්ත්වා තං භික්ඛුං උපසඞ්කමිත්වා එවං වත්තබ්බං – “කිං අය්ය ලභති භික්ඛුනිසඞ්ඝො ඔවාදූපසඞ්කමන”න්ති. තෙන වත්තබ්බං – “නත්ථි කොචි භික්ඛු භික්ඛුනොවාදකො සම්මතො, පාසාදිකෙන භික්ඛුනිසඞ්ඝො සම්පාදෙතූ”ති. තාහි “සාධු අය්යා”ති සම්පටිච්ඡිතබ්බං. එකතො ආගතානං වසෙන චෙතං වුත්තං, තාසු පන එකාය භික්ඛුනියා වත්තබ්බඤ්ච සම්පටිච්ඡිතබ්බඤ්ච, ඉතරා තස්සා සහායිකා.
ඉදින් කිසි මහණෙක් තෙමේ මෙහෙණට අවවාද කරන්නට උත්සාහ නොකෙරේද, පාමොක් උදෙසන්නහු විසින් සම්මත කරන ලදද භික්‍ඛුණොවාදක වූ කිසි මහණෙක් නැත්තේය, ප්රසාදජනක නිර්දොෂ වූ කායකර්‍මාදියෙන් භික්ෂුණී සඞ්ඝ තෙමේ ත්‍රිවිධ ශික්ෂාව සම්පාදනය කෙරේවා’යි කියයුතුය. මෙපමණකින් සියලුම ශික්ෂාත්රය ඇතුළත් ශාසනය සැලකරන ලද්දේ වේ. ඒ මහණහු විසින් ‘මැනැවැ’යි පිළිගෙණ පැළවිය දිනයෙහි මෙහෙණන්හට සැලකළ යුතුය. භික්ෂුණී සඞ්ඝයා විසිනුදු ‘ආර්‍ය්‍යාවෙනි’ යවු, ආර්‍ය්‍යය භික්‍ෂුණීසඞ්ඝ තෙමේ අවවාදය පිණිස එළැඹීම කිම, ලබාදැ’යි විචාරවු’යි ඒ මෙහෙණෝ යැවිය යුත්තාහුය. ඒ මෙහෙණන් විසින් ‘ආර්‍ය්‍යාවෙනි’ යහපතැයි පිළිගෙණ ආරාමයට ගොස් ඒ මහණහු වෙත එළැඹැ ‘ආර්‍ය්‍යය’ කිම, භික්ෂුණී සඞ්ඝ තෙමේ අවවාදය පිණිස එළැඹීම ලබාදැ’යි මෙසේ කියයුතුය. ඒ මහණහු විසින් සම්මත කරන ලද භික්ෂුණොවාදකවූ මහණෙක් නැත්තේය, භික්ෂුණී සඞ්ඝ තෙමේ ප්රසාදජනක නිර්දොෂ වූ කායකර්‍මාදියෙන් ත්‍රිවිධ ශික්ෂාව සම්පාදනය කෙරේවා’යි කිය යුතුය. ඒ මෙහෙණන් විසින් ‘ආර්‍ය්‍යය’ මැනැවැ’යි පිළිගත යුතුය. එකට ආවුන්ගේ වසයෙන් මේ කියන ලදී. ඒ මෙහෙණන් අතුරෙහි එක් මෙහෙණක විසින් කියයුත්තේ ද වේ. පිළිගත යුත්තේ ද වේ. අන් මෙහෙණෝ ඒ මෙහෙණගේ යහළු මෙහෙණෝය.
සචෙ පන භික්ඛුනිසඞ්ඝො වා භික්ඛුසඞ්ඝො වා න පූරති, උභයතොපි වා ගණමත්තමෙව පුග්ගලමත්තං වා හොති, එකා භික්ඛුනී වා බහූහි භික්ඛුනුපස්සයෙහි ඔවාදත්ථාය පෙසිතා හොති, තත්රායං වචනක්කමො – “භික්ඛුනියො අය්ය භික්ඛුසඞ්ඝස්ස පාදෙ වන්දන්ති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචන්ති, ලභන්තු කිර අය්ය භික්ඛුනියො ඔවාදූපසඞ්කමන”න්ති. “අහං අය්ය භික්ඛුසඞ්ඝස්ස පාදෙ වන්දාමි; ඔවාදූපසඞ්කමනඤ්ච යාචාමි, ලභාමහං අය්ය ඔවාදූපසඞ්කමන”න්ති.
භික්‍ෂුසඞ්ඝ තෙමේ හෝ භික්‍ෂුණීසඞ්ඝ තෙමේ හෝ දෙපසින්ම නොපිරේද, ගණ මාත්‍රයක්ම හෝ පුද්ගලමාත්රයක් හෝ වේද, එක් මෙහෙණක් හෝ බොහෝ අසපුවැසියන් විසින් අවවාද පිණිස යවන ලද්දී ද, එහි මේ මතු කියන්නේ වචන ක්‍රමයයි. ‘ආර්‍ය්‍යය’ මෙහෙණෝ භික්ෂු සඞ්ඝයාගේ පා වඳිත්. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලත්. ආර්‍ය්‍යය මෙහෙණෝ අවවාදය පිණිස එළැඹීම ලබත්වා. ආර්‍ය්‍යය’ මම භික්ෂු සඞ්ඝයාගේ පා වදිමි. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලමි. ආර්‍ය්‍යය’ මම අවවාදය පිණිස එළැඹීම ලබමි.
“භික්ඛුනිසඞ්ඝො අය්ය අය්යානං පාදෙ වන්දති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචති, ලභතු කිර අය්ය භික්ඛුනීසඞ්ඝො ඔවාදූපසඞ්කමන”න්ති. “භික්ඛුනියො අය්ය අය්යානං පාදෙ වන්දන්ති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචන්ති, ලභන්තු කිර අය්ය භික්ඛුනියො ඔවාදූපසඞ්කමන”න්ති. “අහං අය්ය අය්යානං පාදෙ වන්දාමි, ඔවාදූපසඞ්කමනඤ්ච යාචාමි, ලභාමහං අය්ය ඔවාදූපසඞ්කමන”න්ති.
ආර්‍ය්‍යය’ භික්‍ෂුණීසඞ්ඝ තෙමේ ආර්‍ය්‍යයන්ගේ පා වඳියි. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලයි. ආර්‍ය්‍යය’ භික්‍ෂුණීසඞ්ඝ තෙමේ අවවාදය පිණිස එළැඹීම ලබාවා. ආර්‍ය්‍යය ‘මෙහෙණෝ ආර්‍ය්‍යයන්ගේ පා වඳිත්. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලත්. ආර්‍ය්‍යය. මෙහෙණෝ අවවාදය පිණිස එළැඹීම ලබත්වා. ආර්‍ය්‍යය, මම ආර්‍ය්‍යයන්ගේ පා වඳිමි. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලමි. ආර්‍ය්‍යය, මම අවවාදය පිණිස එළැඹීම ලබමි.
“භික්ඛුනිසඞ්ඝො අය්ය අය්යස්ස පාදෙ වන්දති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචති, ලභතු කිර අය්ය භික්ඛුනිසඞ්ඝො ඔවාදූපසඞ්කමන”න්ති. “භික්ඛුනියො අය්ය අය්යස්ස පාදෙ වන්දන්ති ; ඔවාදූපසඞ්කමනඤ්ච යාචන්ති, ලභන්තු කිර අය්ය භික්ඛුනියො ඔවාදූපසඞ්කමන”න්ති. “අහං අය්ය අය්යස්ස පාදෙ වන්දාමි, ඔවාදූපසඞ්කමනඤ්ච යාචාමි, ලභාමහං අය්ය ඔවාදූපසඞ්කමන”න්ති.
ආර්‍ය්‍යය, භික්ෂුණී සඞ්ඝ තෙමේ ආර්‍ය්‍යයාගේ පා වඳිත්. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලත්. ආර්‍ය්‍යය, භික්‍ෂුණීසඞ්ඝ තෙමේ අවවාදය පිණිස එළැඹීම ලබාවා. ආර්‍ය්‍යය, ‘මෙහෙණෝ ආර්‍ය්‍යයන්ගේ පා වඳිත්. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලත්. ආර්‍ය්‍යය, මෙහෙණෝ අවවාදය පිණිස එළැඹීම ලබත්වා. ආර්‍ය්‍යය, මම ආර්‍ය්‍යයන්ගේ පා වඳිමි. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලමි. ආර්‍ය්‍යය’ මම අවවාදය පිණිස එළැඹීම ලබමි.
“භික්ඛුනිසඞ්ඝො ච අය්ය භික්ඛුනියො ච භික්ඛුනී ච භික්ඛුසඞ්ඝස්ස අය්යානං අය්යස්ස පාදෙ වන්දති වන්දන්ති වන්දති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචති යාචන්ති යාචති, ලභතු කිර ලභන්තු කිර ලභතු කිර අය්ය භික්ඛුනිසඞ්ඝො ච භික්ඛුනියො ච භික්ඛුනී ච ඔවාදූපසඞ්කමන”න්ති.
ආර්‍ය්‍යය, භික්‍ෂුණීසඞ්ඝ තෙමේද, මෙහෙණෝද මෙහෙණද, භික්‍ෂුසඞ්ඝයාගේ ආර්‍ය්‍යයන්ගේ ආර්‍ය්‍යයාගේ පා වඳියි. වඳිත්, අවවාදය පිණිස එළැඹීමද ඉල්ලයි. ඉල්ලත් ආර්‍ය්‍යය භික්ෂුණී සඞ්ඝ තෙමේද, මෙහෙණෝද මෙහෙණද අවවාදය පිණිස එළැඹීම ලබාවා. ලබත්වා. ලබාවායි.
තෙනපි භික්ඛුනා උපොසථකාලෙ එවං වත්තබ්බං – “භික්ඛුනියො භන්තෙ භික්ඛුසඞ්ඝස්ස පාදෙ වන්දන්ති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචන්ති, ලභන්තු කිර භන්තෙ භික්ඛුනියො ඔවාදූපසඞ්කමන”න්ති. “භික්ඛුනී භන්තෙ භික්ඛුසඞ්ඝස්ස පාදෙ වන්දති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචති, ලභතු කිර භන්තෙ භික්ඛුනී ඔවාදූපසඞ්කමන”න්ති.
ඒ මහණහු විසිනුදු උපොසථකාලයෙහි ‘ස්වාමීනි’ මෙහෙණෝ භික්ෂු සඞ්ඝයාගේ පා වඳිත්. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලත්. ස්වාමීනි, මෙහෙණෝ අවවාදය පිණිස එළැඹීම ලබත්වා. ස්වාමීනි, ‘මෙහෙණ තොමෝ භික්ෂු සඞ්ඝයාගේ පා වඳියි. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලයි. ‘ස්වාමීනි’, මෙහෙණ තොමෝ අවවාදය පිණිස එළැඹීම ලබාවා.
“භික්ඛුනිසඞ්ඝො භන්තෙ, භික්ඛුනියො භන්තෙ, භික්ඛුනී භන්තෙ ආයස්මන්තානං පාදෙ වන්දති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචති, ලභතු කිර භන්තෙ භික්ඛුනී ඔවාදූපසඞ්කමන”න්ති.
‘ස්වාමීනි’ භික්‍ෂුණීසඞ්ඝ තෙමේ ‘ස්වාමීනි’ මෙහෙණෝ - ස්වාමීනි’ මෙහෙණ තොමෝ ආයුෂ්මතුන්ගේ පා වඳියි. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලයි. ස්වාමීනි ‘මෙහෙණ තොමෝ අවවාදය පිණිස එළැඹීම ලබාවා.
“භික්ඛුනිසඞ්ඝො ච භන්තෙ, භික්ඛුනියො ච භික්ඛුනී ච භික්ඛුසඞ්ඝස්ස ආයස්මන්තානං පාදෙ වන්දති වන්දන්ති වන්දති, ඔවාදූපසඞ්කමනඤ්ච යාචති යාචන්ති යාචති, ලභතු කිර ලභන්තු කිර ලභතු කිර භන්තෙ භික්ඛුනිසඞ්ඝො ච භික්ඛුනියො ච භික්ඛුනී ච ඔවාදූපසඞ්කමන”න්ති.
ස්වාමීනි භික්ෂුණී සඞ්ඝ තෙමේද මෙහෙණෝද මෙහෙණද සඞ්ඝයාගේද ආයුෂමතුන්ගේද පා වඳියි. වඳිත් වඳියි. අවවාදය පිණිස එළැඹීමද ඉල්ලයි. ඉල්ලත්. ස්වාමීනි’, භික්ෂුණී තෙමේද, මෙහෙණෝද, මෙහෙණද අවවාදය පිණිස එළැඹීම ලබාවා. ලබත්වා. ලබාවා’යි මෙසේ කියයුතුය.
පාතිමොක්ඛුද්දෙසකෙනාපි සචෙ සම්මතො භික්ඛු අත්ථි, පුරිමනයෙනෙව තං භික්ඛුනියො, තං භික්ඛුනී, තං භික්ඛුනිසඞ්ඝො ච භික්ඛුනියො ච භික්ඛුනී ච උපසඞ්කමන්තු උපසඞ්කමතු උපසඞ්කමතූති වත්තබ්බං. සචෙ නත්ථි, පාසාදිකෙන භික්ඛුනිසඞ්ඝො ච භික්ඛුනියො ච භික්ඛුනී ච සම්පාදෙතු සම්පාදෙන්තු සම්පාදෙතූති වත්තබ්බං.
පාමොක් උදෙසන්නහු විසිනුදු සම්මත කරන ලද මහණෙක් ඇත්තේ නම් පෙර නයින්ම මෙහෙණෝද ඔහු වෙත, මෙහෙණ තොමෝද ඔහු වෙත, භික්ෂුණී සඞ්ඝ තෙමේද, ඔහු වෙත මෙහෙණෝද, මෙහෙණතොමෝද, එළැඹේවා - එළැඹේවා - එළැඹේවා - එළැඹෙත්වා - එළැඹේවායි කියයුතුය. ඉදින් සම්මතලද මහණෙක් නැත්තේ නම්. ප්රසාදජනක නිර්දෝෂ කායකර්‍මාදියෙන් මෙහෙණෝ - භික්‍ෂුණීසඞ්ඝ තෙමේද - මෙහෙණෝද - මෙහෙණ තොමෝද සම්පාදනය කෙරෙත්වා. සම්පාදනය කෙරේවා. සම්පාදනය කෙරෙත්වා. සම්පාදනය කෙරේවායි කියයුතුය.
ඔවාදපටිග්ගාහකෙන පාටිපදෙ පච්චාහරිත්වා තථෙව වත්තබ්බං. ඔවාදං පන බාලගිලානගමිකෙ ඨපෙත්වා අඤ්ඤො සචෙපි ආරඤ්ඤකො හොති, අප්පටිග්ගහෙතුං න ලභති. වුත්තඤ්හෙතං භගවතා –
අවවාද පිළිගන්නහු විසින් පෑළවිය දිනයෙහි පෙරළා ගෙණ අවුත් එසේම කියයුතුය. අවවාදය වනාහි බාල - ගිලාන - ගමිකයන් හැර අනෙකෙක් වේද, ඉදින් ආරණ්‍යකයෙක් වේද, නොපිළිගන්නට නොලබයි. භාග්‍යවතුන් වහන්සේ විසින් -
“අනුජානාමි , භික්ඛවෙ, ඨපෙත්වා බාලං ඨපෙත්වා ගිලානං ඨපෙත්වා ගමිකං අවසෙසෙහි ඔවාදං ගහෙතු”න්ති (චූළව· 414).
‘අනුජානාමි භික්ඛවෙ ඨපෙත්වා බාලං, ඨපෙත්වා ගිලානං ඨපෙත්වා ගමිකං අවසෙසෙහි ඔවාදං ගහෙතුං’යි මෙය වදාරන ලද්දේය.
තත්ථ යො චාතුද්දසිකපන්නරසිකෙසු වා උපොසථෙසු පාටිපදෙ වා ගන්තුකාමො, සො ගමිකො දුතියපක්ඛදිවසෙ ගච්ඡන්තොපි අග්ගහෙතුං න ලභති, “න, භික්ඛවෙ, ඔවාදො න ගහෙතබ්බො, යො න ගණ්හෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති (චූළව· 414) වුත්තං ආපත්තිං ආපජ්ජතියෙව. ඔවාදං ගහෙත්වා ච උපොසථග්ගෙ අනාරොචෙතුං වා පාටිපදෙ භික්ඛුනීනං අපච්චාහරිතුං වා න වට්ටති. වුත්තඤ්හෙතං –
එහි යමෙක් තුදුස්වක් පසළොස්වක් පොහොයෙහි හෝ පෑළවිස දිනයෙහි හෝ යනු කැමැත්තේ වේද, හෙතෙමේ ගමිය වේ. දෙවන පක්ෂ දිනයෙහි යනුයේද නොගැණීම නොලබයි. ‘න භික්ඛවෙ ඔවාදො න ගහෙතබ්බො, යො න ගණ්හෙය්ය ආපත්ති දුක්කටස්ස’යි වදාළ ඇවැතට පැමිණේමය. අවවාදය පිළිගෙණද පොහෝගෙයිදී නොසැලකිරීමට හෝ පෑළවිය දිනයෙහි මෙහෙණන්හට පෙරළා නොගෙණ එන්නට හෝ නොවටියි.
“න, භික්ඛවෙ, ඔවාදො න ආරොචෙතබ්බො. යො න ආරොචෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති (චූළව· 415).
‘න භික්ඛවෙ ඔවාදො නාරොචෙතබ්බො යො නාරොචෙය්ය ආපත්ති දුක්කටස්ස’ මෙය වදාරන ලදමය.
අපරම්පි වුත්තං –
තවද අනිකක්ද වදාරන ලදී -
“න, භික්ඛවෙ, ඔවාදො න පච්චාහරිතබ්බො. යො න පච්චාහරෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති (චූළව· 415).
‘න භික්ඛවෙ ඔවාදො න පච්චාහරිතබ්බො යොන පච්චාහරෙය්ය ආපත්ති දුක්කටස්ස’යි.
තත්ථ ආරඤ්ඤකෙන පච්චාහරණත්ථං සඞ්කෙතො කාතබ්බො. වුත්තඤ්හෙතං – “අනුජානාමි, භික්ඛවෙ, ආරඤ්ඤකෙන භික්ඛුනා ඔවාදං ගහෙතුං, සඞ්කෙතඤ්ච කාතුං, අත්ර පටිහරිස්සාමී”ති. තස්මා ආරඤ්ඤකො භික්ඛු සචෙ භික්ඛුනීනං වසනගාමෙ භික්ඛං ලභති, තත්ථෙව චරිත්වා භික්ඛුනියො දිස්වා ආරොචෙත්වා ගන්තබ්බං. නො චස්ස තත්ථ භික්ඛා සුලභා හොති, සාමන්තගාමෙ චරිත්වා භික්ඛුනීනං ගාමං ආගම්ම තථෙව කාතබ්බං. සචෙ දූරං ගන්තබ්බං හොති, සඞ්කෙතො කාතබ්බො – “අහං අමුකං නාම තුම්හාකං ගාමද්වාරෙ සභං වා මණ්ඩපං වා රුක්ඛමූලං වා උපසඞ්කමිස්සාමි, තත්ථ ආගච්ඡෙය්යාථා”ති . භික්ඛුනීහි තත්ථ ගන්තබ්බං, අගන්තුං න ලබ්භති. වුත්තඤ්හෙතං – “න, භික්ඛවෙ, භික්ඛුනියා සඞ්කෙතං න ගන්තබ්බං. යා න ගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති (චූළව· 415).
එහි ආරණ්‍යකයා විසින් පෙරළා ගෙණ ඊම පිණිස සලකුණෙක් කටයුතුය. ‘අනුජානාමි භික්ඛවෙ ආරඤ්ඤකෙන භික්ඛුනා ඔවාදං ගහෙතුං සඞ්කෙතං ච කාතුං අත්ර පටිභරිස්සාමි’ මෙය වදාරන ලදමය. එහෙයින් ආරණ්‍යක භික්ෂු තෙමේ මෙහෙණන් වසන ගමෙහිදී භික්ෂාව ලබාද ඒ මහණහු විසින් එහිම හැසිර මෙහෙණන් දැක ආරොචනය කොට යායුතුය. මොහුට එහි භික්ෂාව සුලභ නොවේද, අසල ගමෙහි හැසිර මෙහෙණන් වසන ගමට අවුත් එසේම කටයුතුය. ඉදින් දුර යායුතු වේ නම් ‘මම තොපගේ අසුවල් නම් ගම්දොරෙහි සභාවට හෝ මණ්ඩපයට හෝ රුක්මුලට හෝ එළැඹෙන්නෙමි, එහි එවු’යි සලකුණෙක් කටයුතුය. මෙහෙණන් එහි යායුතුය. නොයෑම නොලබන්නේය. ‘න භික්ඛවෙ භික්ඛුණියො සඞ්කෙතං, න ගන්තබ්බං යා න ගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්ස’ මෙය වදාරන ලදමය.
උභතොසඞ්ඝෙ තීහි ඨානෙහි පවාරෙතබ්බන්ති එත්ථ භික්ඛුනීහි චාතුද්දසෙ අත්තනා පවාරෙත්වා උපොසථෙ භික්ඛුසඞ්ඝෙ පවාරෙතබ්බං. වුත්තඤ්හෙතං –
“උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි පවාරෙතබ්බං” මෙහි මෙහෙණන් විසින් තුදුස්වකෙහි තමන් පවරා උපොසථ දිනයෙහි භික්ෂු සඞ්ඝයා සමීපයෙහි පැවරිය යුතුය.
“අනුජානාමි , භික්ඛවෙ, අජ්ජතනාය පවාරෙත්වා අපරජ්ජු භික්ඛුසඞ්ඝං පවාරෙතු”න්ති (චූළව· 427).
‘අනුජානාමි භික්ඛවෙ අජ්ජතනාය පවාරෙත්වා අපරජ්ජු භික්ඛුසඞ්ඝං පවාරෙතුං’යි මෙය වදාරන ලදමය.
භික්ඛුනිඛන්ධකෙ වුත්තනයෙනෙව චෙත්ථ විනිච්ඡයො වෙදිතබ්බො. වුත්තඤ්හෙතං –
භික්ඛුණි ඛන්ධකයෙහි කියූ නයින්ම මෙහි විනිශ්චය දත යුතුය.
“තෙන ඛො පන සමයෙන සබ්බො භික්ඛුනිසඞ්ඝො පවාරෙන්තො කොලාහලමකාසි. භගවතො එතමත්ථං ආරොචෙසුං. අනුජානාමි, භික්ඛවෙ, එකං භික්ඛුනිං බ්යත්තං පටිබලං සම්මන්නිතුං භික්ඛුනිසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං. එවඤ්ච පන, භික්ඛවෙ, සම්මන්නිතබ්බා. පඨමං භික්ඛුනී යාචිතබ්බා, යාචිත්වා බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො –
‘තෙන ඛො පන සමයෙන සබ්බො භික්ඛුණී සඞ්ඝෙන පවාරෙන්තො කොලාහලමකාසි භගවතො එතමත්ථං ආරොචෙසුං අනුජානාමි භික්ඛවෙ එකං භික්ඛුණිං ව්යත්තං පටිබලං සම්මන්නිතුං භික්ඛුණී සඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං එවඤ්ච පන භික්ඛවෙ සම්මන්තිතබ්බා:- පඨමං භික්ඛුණි යාචිතබ්බා යාචිත්වා ව්යාත්තාය භික්ඛුණියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො:-
“සුණාතු මෙ, අය්යෙ සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සම්මන්නෙය්ය භික්ඛුනිසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං. එසා ඤත්ති.
සුණාතු මෙ අය්යෙ සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුණිං සම්මන්නෙය්ය භික්ඛුනීසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං.
“සුණාතු මෙ, අය්යෙ සඞ්ඝො, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සම්මන්නෙය්ය භික්ඛුනිසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සම්මුති භික්ඛුනිසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං, සා තුණ්හස්ස; යස්සා නක්ඛමති, සා භාසෙය්ය.
[missing pali] යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුණියා සම්මති භික්ඛුණීසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවරෙතුං, සා තුණ්භස්ස යස්ස නක්ඛමති. සා භාසෙය්ය.
“සම්මතා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී භික්ඛුනිසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං. ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති (චූළව· 427).
සම්මතා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුණී භික්ඛුණිසඞ්ඝස්ස අත්ථාය භික්ඛුසඞ්ඝං පවාරෙතුං. ඛමති සඞ්ඝස්ස. තස්මා තුණනී එවමෙතං ධාරයාමීති
තාය සම්මතාය භික්ඛුනියා භික්ඛුනිසඞ්ඝං ආදාය භික්ඛුසඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො – “භික්ඛුනිසඞ්ඝො අය්ය, භික්ඛුසඞ්ඝං පවාරෙති – දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා. වදතය්ය භික්ඛුසඞ්ඝො භික්ඛුනිසඞ්ඝං අනුකම්පං උපාදාය, පස්සන්තො පටිකරිස්සති. දුතියම්පි අය්ය, තතියම්පි අය්ය, භික්ඛුනිසඞ්ඝො…පෙ… පටිකරිස්සතී”ති.
තාය සම්මතාය භික්ඛුනියා භික්ඛුණිසඞ්ඝං ආදාය භික්ඛුසඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: භික්ඛුණී සඞ්ඝො අය්ය භික්ඛුසඞ්ඝං පවාරෙති දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා. වදෙය්ය භික්ඛුසඞ්ඝො භික්ඛුණිසඞ්ඝං අනුකම්පංඋපාදාය. පස්සන්තො පටිකරිස්සති. දුතියම්පි අය්ය, තතියම්පි අය්ය, භික්ඛුණීසඞ්ඝො - පෙ- පටිකරිස්සති’යි මෙය වදාරන ලදමය.
සචෙ භික්ඛුනිසඞ්ඝො න පූරති, “භික්ඛුනියො අය්ය භික්ඛුසඞ්ඝං පවාරෙන්ති – දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදතය්ය භික්ඛුසඞ්ඝො භික්ඛුනියො අනුකම්පං උපාදාය, පස්සන්තියො පටිකරිස්සන්තී”ති ච, “අහං අය්ය භික්ඛුසඞ්ඝං පවාරෙමි – දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදතු මං අය්ය භික්ඛුසඞ්ඝො අනුකම්පං උපාදාය, පස්සන්තී පටිකරිස්සාමී”ති ච එවං තික්ඛත්තුං වත්තබ්බං.
ඉදින් භික්ෂුණී සඞ්ඝ තෙමේ නො පිරේද, ‘භික්ඛුණියො අය්ය භික්ඛුසඞ්ඝං පවාරෙන්ති දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදන්තය්යා භික්ඛුසඞ්ඝං භික්ඛුණියා අනුකම්පං උපාදාය පස්සන්තියො පටිකරිස්සන්ති’යි කියාද, ‘අහං අය්ය භික්ඛුසඞ්ඝං පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදතු මං අය්ය භික්ඛු සඞ්ඝො අනුකම්පං උපාදාය. පස්සන්තී පටිකරිස්සාමි’ මෙසේ තුන්යලක් කියයුතුය.
සචෙ භික්ඛුසඞ්ඝො න පූරති, “භික්ඛුනිසඞ්ඝො අය්යා අය්යෙ පවාරෙති – දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදන්තය්යා භික්ඛුනිසඞ්ඝං අනුකම්පං උපාදාය, පස්සන්තො පටිකරිස්සතී”ති ච, “භික්ඛුනිසඞ්ඝො අය්ය අය්යං පවාරෙති – දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදතය්යො භික්ඛුනිසඞ්ඝං අනුකම්පං උපාදාය, පස්සන්තො පටිකරිස්සතී”ති ච එවං තික්ඛත්තුං වත්තබ්බං.
ඉදින් භික්ෂු සංඝතෙමේ නොපිරේනම්, ‘භික්ඛුනීසඞ්ඝො අය්යා අය්යෙ පවාරෙති දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා වදන්තය්යා භික්ඛුණීසඞ්ඝං අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සති’යි කියාද, ‘භික්ඛුණිසඞ්ඝො අය්ය අය්යං පවාරෙති දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදතය්යො භික්ඛුණීසඞ්ඝං අනුකම්පං උපාදාය පස්සන්තො පටිකරිස්සති’යි කියාද මෙසේ තුන් යලක් කියයුතුය.
උභින්නං අපාරිපූරියා “භික්ඛුනියො අය්යා අය්යෙ පවාරෙන්ති – දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදන්තය්යා භික්ඛුනියො අනුකම්පං උපාදාය, පස්සන්තියො පටිකරිස්සන්තී”ති ච, “භික්ඛුනියො අය්ය අය්යං පවාරෙන්ති – දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදතය්යො භික්ඛුනියො අනුකම්පං උපාදාය, පස්සන්තියො පටිකරිස්සන්තී”ති ච, “අහං අය්යා අය්යෙ පවාරෙමි – දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදන්තු මං අය්යා අනුකම්පං උපාදාය, පස්සන්තී පටිකරිස්සාමී”ති ච, “අහං අය්ය අය්යං පවාරෙමි – දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා, වදතු මං අය්යො අනුකම්පං උපාදාය, පස්සන්තී පටිකරිස්සාමී”ති ච එවං තික්ඛත්තුං වත්තබ්බං.
භික්ෂු භික්ෂුණී දෙපක්ෂයෙහි නොපිරීමක් ඇති කල්හි ‘භික්ඛුණියො අය්ය අය්යෙ පවාරෙන්ති දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා වදන්තය්යා භික්ඛුණීනං අනුකම්පං උපාදාය. පස්සන්තියො පටිකරිස්සන්ති’යි කියාද, ‘භික්ඛුණියො අය්ය අය්යං පවාරෙන්ති දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා වදතය්යො භික්ඛුණියො අනුකම්පං උපාදාය පස්සන්තියො පටිකරිස්සන්ති’යි කියාද, ‘අහං අය්යා අය්යෙ පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය හා වදන්තු මං අය්යා අනුකම්පං උපාදාය පස්සන්තී පටිකරිස්සාමි’යි කියාද ‘අහං අය්ය අය්යං පවාරෙමි දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා වදතු මං අය්යො අනුකම්පං උපාදාය පස්සන්තී පටිකරිස්සාමි’යි කියාද මෙසේ තුන්යලක් කියයුතුය.
මානත්තචරණඤ්ච උපසම්පදාපරියෙසනා ච යථාඨානෙයෙව ආවි භවිස්සති.
මානතෙහි හැසිරීමද, උපසම්පදා පරියෙසනයද යථාස්ථානයෙහිම පහළවන්නේය.
න භික්ඛුනියා කෙනචි පරියායෙනාති දසහි වා අක්කොසවත්ථූහි අඤ්ඤෙන වා කෙනචි පරියායෙන භික්ඛු නෙව අක්කොසිතබ්බො, න පරිභාසිතබ්බො, න භයෙන තජ්ජෙතබ්බො. ඔවටොති පිහිතො වාරිතො පටික්ඛිත්තො. වචනයෙව වචනපථො. අනොවටොති අපිහිතො අවාරිතො අප්පටික්ඛිත්තො. තස්මා භික්ඛුනියා ආධිපච්චට්ඨානෙ ජෙට්ඨකට්ඨානෙ ඨත්වා “එවං අභික්කම, එවං පටික්කම, එවං නිවාසෙහි, එවං පාරුපාහී”ති කෙනචි පරියායෙන නෙව භික්ඛු ඔවදිතබ්බො, න අනුසාසිතබ්බො. දොසං පන දිස්වා “පුබ්බෙ මහාථෙරා න එවං අභික්කමන්ති, න පටික්කමන්ති, න නිවාසෙන්ති, න පාරුපන්ති, ඊදිසං කාසාවම්පි න ධාරෙන්ති, න එවං අක්ඛීනි අඤ්ජෙන්තී”තිආදිනා නයෙන විජ්ජමානදොසං දස්සෙතුං වට්ටති. භික්ඛූහි පන “අයං වුඩ්ඪසමණී එවං නිවාසෙති, එවං පාරුපති, මා එවං නිවාසෙහි, මා එවං පාරුපාහි, මා තිලකම්මපණ්ණකම්මාදීනි කරොහී”ති යථාසුඛං භික්ඛුනිං ඔවදිතුං අනුසාසිතුං වට්ටති.
“න භික්ඛුණියා කෙනචී පරියායෙන” දශවිධ ආක්‍රොශ වස්තූන්ගෙන් හෝ අන්කිසි කරුණකින් හෝ මහණ තෙමේ නොම ආක්‍රොශ කටයුත්තේය. පරිභව නොකටයුත්තේය. භයින් තර්ජනය නොකටයුත්තේය. “ඔවටො” වසන ලද්දේය. වළකන ලද්දේය. ප්රතික්ෂෙප කරන ලද්දේය. වචනයම වචනපථ නම. “අනොවටො” නොවසන ලද්දේය. නොවළකන ලද්දේය. ප්රතික්ෂෙප නොකරන ලද්දේය. එහෙයින් මෙහෙණ විසින් අධිපති තන්හි සිට දෙටුතන්හි සිට ‘මෙසේ යව, මෙසේ නවතුව, මෙසේ හිඳුව, මෙසේ පොරොව’යි කිසි අයුරකින් මහණ තෙමේ නොම අවවාද කටයුතුය. අනුශාසනා නොකට යුතුය. දොසක් දැක ‘පෙර මහා තෙරහු මෙසේ නොයෙත්. නොහඳිත්. නොපොරොවත්. මෙබඳු කසටවත් නොදරත්, මෙසේ ඇස් අඳුන් නොගාත්’යි යනාදි නයින් ඇති දොස් දැක්වීම වටියි. මහණුන් විසින් වනාහි මේ මහලු මෙහෙණ මෙසේ හිඳියි. මෙසේ පොරොවයි. මෙසේ නොහඳුව. මෙසේ නොපොරොව, තිලකකර්ම පර්ණකර්මාදිය නොකරව’යි සුවසේ මෙහෙණහට අවවාද කිරීම අනුශාසනා කිරීම වටියි.
සමග්ගම්හය්යාති භණන්තන්ති “සමග්ගා අම්හ අය්ය” ඉති භණන්තං භික්ඛුනිසඞ්ඝං. අඤ්ඤං ධම්මං භණතීති අඤ්ඤං සුත්තන්තං වා අභිධම්මං වා. සමග්ගම්හය්යාති වචනෙන හි ඔවාදං පච්චාසීසන්ති, තස්මා ඨපෙත්වා ඔවාදං අඤ්ඤං ධම්මං භණන්තස්ස දුක්කටං. ඔවාදං අනිය්යාදෙත්වාති එසො භගිනියො ඔවාදොති අවත්වා.
“සමග්ගම්භය්යාති භණන්තං” ආර්‍ය්‍යය’ සමගි වෙමු’යි කියන භික්ෂුණී සඞ්ඝයාහට “අඤ්ඤං ධම්මං භණති” අන්‍ය වූ සූත්‍රාන්තයක් හෝ අභිධර්මයක් හෝ ‘සමග්ගම්භය්යා’ යන වචනයෙනුදු අවවාදය ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්. එහෙයින් අවවාදය හැර අන්‍ය ධර්මයක කියන මහණහුට දුක්කටය වේ. “ඔවාදං අනීයාදෙත්වා” නැගනියෙනි’ මේ අවවාදයයි නොකියාම
අධම්මකම්මෙතිආදීසු භික්ඛුනොවාදකසම්මුතිකම්මං කම්මන්ති වෙදිතබ්බං. තත්ථ අධම්මකම්මෙ ද්වින්නං නවකානං වසෙන අට්ඨාරස පාචිත්තියානි. ධම්මකම්මෙ දුතියස්ස නවකස්ස අවසානපදෙ අනාපත්ති, සෙසෙසු සත්තරස දුක්කටානි.
“අධම්මකම්මෙ” යනාදිතන්හි භික්ඛුනොවාදක සම්මුතිකර්මය, කර්මයයි දතයුතුය. එහි අධර්‍මකර්‍මයෙහි නවක දෙකක්හුගේ වසයෙන් අටළොසක් පාචිත්තියයෝ වෙත්. ධර්‍මකර්‍මයෙහි දෙවන නවකයාහට කෙළවර පදයෙහි ඇවැත් නොවේ. සෙසු සතළොස් පදයන්හි දුක්කටයෝ වෙත්.
උද්දෙසං දෙන්තොති අට්ඨන්නං ගරුධම්මානං පාළිං උද්දිසන්තො. පරිපුච්ඡං දෙන්තොති තස්සායෙව පගුණාය ගරුධම්මපාළියා අට්ඨකථං කථෙන්තොති අත්ථො. ඔසාරෙහි අය්යාති වුච්චමානො ඔසාරෙතීති එවං වුච්චමානො අට්ඨගරුධම්මපාළිං ඔසාරෙතීති අත්ථො. එවං උද්දෙසං දෙන්තො, පරිපුච්ඡං දෙන්තො, යො ච ඔසාරෙහීති වුච්චමානො අට්ඨ ගරුධම්මෙ භණති, තස්ස පාචිත්තියෙන අනාපත්ති. අඤ්ඤං ධම්මං භණන්තස්ස දුක්කටෙන අනාපත්ති. පඤ්හං පුච්ඡති, පඤ්හං පුට්ඨො කථෙතීති භික්ඛුනී ගරුධම්මනිස්සිතං වා ඛන්ධාදිනිස්සිතං වා පඤ්හං පුච්ඡති, තං යො භික්ඛු කථෙති, තස්සාපි අනාපත්ති. අඤ්ඤස්සත්ථාය භණන්තන්ති චතුපරිසතිං ධම්මං දෙසෙන්තං භික්ඛුං උපසඞ්කමිත්වා භික්ඛුනියො සුණන්ති, තත්රාපි භික්ඛුස්ස අනාපත්ති. සික්ඛමානාය සාමණෙරියාති එතාසං දෙසෙන්තස්සාපි අනාපත්ති. සෙසං උත්තානත්ථමෙව.
“උද්දෙසං දෙන්තො” අෂ්ටගරු ධර්මයන්ගේ පාළිය උදෙසමින්. “පරිපුච්ඡං දෙන්තො” ඒ මෙහෙණහටම ප්‍රගුණ වූ ගරුධර්මපාලියෙහි අර්‍ත්‍ථකථාව කියමින් යන අර්‍ත්‍ථයි. “ඔසාරෙහි අය්යාති වුච්චමානො ඔසාරෙති” මෙසේ කියනු ලබන්නේ අෂ්ටගරුධර්මපාලිය කියාය යන අර්‍ත්‍ථයි. මෙසේ උද්දෙසය දෙමින් පරිපුච්ඡාව දෙමින් යමෙක් තෙමේද ‘කියව’යි කියනු ලබන්නේ අෂ්ටගරුධර්මය කියාද, ඒ මහණහුට පාචිත්තියෙන් ඇවැත් නොවේ. අන්යධර්මයක් කියන මහණහුට දුක්කටයෙන් ඇවැත් නොවේ. “පඤ්හං පුච්ඡති පඤ්හං පුට්ඨො කථෙති” මෙහෙණ තොමෝ ගරුධර්ම නිශ්ශ්‍රිත වූ හෝ ඛන්ධාදිනිශ්ශ්රිත වූ හෝ ප්‍රශ්නයක් විචාරාද, ඒ ප්රශ්නය යම් මහණෙක් තෙමේ කියාද ඒ මහණහටද ඇවැත් නොවේ. “අඤ්ඤස්සත්ථාය භණන්තං” සිවු පිරිසෙහි දහම් දෙසන මහණකු වෙත එළැඹැ මෙහෙණෝ අසත්ද, එහිද මහණහුට ඇවැත් නොවේ. “සික්ඛා මානාය සාමණෙරාය” මොවුන්ට දෙසන මහණහුටද ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකට අර්ත්ථ ඇත්තේමය.
පදසොධම්මසමුට්ඨානං – වාචතො ච වාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, වචීකම්මං, තිචිත්තං තිවෙදනන්ති.
පදසොධර්මසමුත්ථානිකය. වචනයෙන්ද වාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. වාකකර්මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
ඔවාදසික්ඛාපදං පඨමං.
ප්‍රථම ඔවාද ශික්‍ෂාපදයයි