ඔවාදසික්ඛාපදං
6. 3. 1.
6. 3. 1.
ඔවාදසික්ඛාපදං
ඕවාද ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තා ලාභිනො හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි: එතරහි ඛො ආවුසො ථෙරා භික්ඛූ භික්ඛුනියො ඔවදන්තා ලාභිනො හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං, හන්දාවුසො මයම්පි භික්ඛුනියො ඔවදාමාති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසනය යැ ග්ලාන ප්‍රත්‍යය භෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: ඇවැත්නි, මෙකල ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසනය යැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එහෙයින් ඇවැත්නි, අපිදු මෙහෙණන්හට ඔවා දෙම්හ යි.
2. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොචුං: “අම්හෙපි භගිනියො උපසඞ්කමථ මයම්පි ඔවදිස්සාමා”ති. අථ ඛො තා භික්ඛුනියො යෙන ඡබ්බග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙසුං ‘ගච්ඡථ භගිනියො’ති.
2. එකල්හි සවග මහණහු මෙහෙණන් වෙත එළඹැ මෙය කීහු: නැගණියනි, අප වෙත ද එළඹෙවු. ඇපිදු ඔවා දෙම්හ යි. එකල්හි ඒ මෙහෙණහු සවග මහණුන් වෙත එළැඹියහ. එළැඹැ සවග මහණුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්හු. එකල්හි සවග මහණහු මෙහෙණන් හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා “යව නැගණියනි” යි නඟා යැවූහු.
3. අථ ඛො තා භික්ඛුනියො යෙන භගවා තෙනුපසඞ්කමිංසු උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච: කච්චි භික්ඛුනියො ඔවාදො ඉද්ධො අහොසී’ති. කුතො භන්තෙ ඔවාදො ඉද්ධො භවිස්සති අය්යා ඡබ්බග්ගියා පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙසුන්ති.
3. එකල්හි ඒ භික්ෂුණීහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ සිටියාහු යැ. එකත්පසෙකැ සිටියා වූ ඒ භික්ෂුණීන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: කිමෙක් ද මෙහෙණනි, අවවාදය සමෘද්ධ වී දැ යි? වහන්ස, කිසෙයින් ඔවා සමෘද්ධ වන්නේ ද සවග වහන්දෑ මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු යයි.
4. අථ ඛො භගවා තා භික්ඛුනියො ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො තා භික්ඛුනියො භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
4. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් එ මෙහෙණන්හට මොනොවට කරුණු දැක්වූසේක. මොනොවට කරුණු ගැන්වූ සේක. මොනොවට තෙද ගැන්වූසේක. මොනොවට සතුටු කරවූසේක. එකල්හි ඒ මෙහෙණහු භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් මොනොවට කරුණු දක්වන ලද්දාහු මොනොවට කරුණු ගන්වන ලද්දාහු මොනොවට තෙද ගන්වන ලද්දාහු මොනොවට සතුටු කරවන ලද්දාහු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්මැ ගියහ.
5. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ පටිපුච්ඡි: සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙථාති.
5. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ ප්‍රකරණයෙහි ලා බික්සඟන රැස් කරවා සවග මහණුන් පුළුවුත්සේක: සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යවහු දැ යි.
සච්චං භගවා.
සැබැව භාග්‍යවතුන් වහන්ස,
විගරහි බුද්ධො භගවා -පෙ-
භාග්‍යවත් බුදුහු ගැරහූහ …
“කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. අනුජානාමි භික්ඛවෙ භික්ඛුනොවාදකං සම්මන්නිතුං එවඤ්ච පන භික්ඛවෙ සම්මන්නිතබ්බො පඨමං භික්ඛු යාචිතබ්බො. යාචිත්වා ව්යත්තෙන භික්ඛුනා පටිබලෙන සඞ්ඝො ඤාපෙතබ්බො.
කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, භික්ඛුනෝවාදක සම්මුතිය කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසෙයින් සම්මත කටයුතු: පළමු වැ මහණ අයැදියැ යුතු. අයැදැ ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්ෂුනමක් විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
6. “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භික්ඛුනොවාදකං සම්මන්නෙය්ය එසා ඤත්ති.
6. “වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇතියේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරන්නේ යැ තෙල ඥප්ති යි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භික්ඛුනොවාදකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො භික්ඛුනොවාදකස්ස සම්මති. සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්ය. දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි.
වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරයි. මෙනම් මහණහට භික්ඛුනෝවාදක සම්මුතිය යම් ආයුෂ්මත් කෙනකුන් රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යැ. දෙවනවට ද තෙල කරුණ කියමි. … තෙවනවට ද තෙල කරුණ කියමි.
සුණාතු මෙ භන්තෙ සඞ්ඝො. සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුං භික්ඛුනොවාදකං සම්මන්නති. යස්සායස්මතො ඛමති ඉත්ථන්නාමස්ස භික්ඛුනො භික්ඛුනොවාදකස්ස සම්මති. සො තුණ්හස්ස යස්ස නක්ඛමති, සො භාසෙය්ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, සඞ්ඝ තෙමේ මෙනම් මහණහු භික්ඛුනෝවාදක කොට සම්මත කරයි. මෙනම් මහණහට භික්ඛුනෝවාදක සම්මුතිය යම් ආයුෂ්මත් කෙනකුන් රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යි.
සම්මතො සඞ්ඝෙන ඉත්ථන්නාමො භික්ඛු භික්ඛුනොවාදකො ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමී”ති.
සඞ්ඝයා විසින් මෙනම් මහණ භික්ඛුනෝවාදකයෙකැ යි සම්මත කරන ලද්දේ යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් තුෂ්ණිම්භාවය වේ. මෙසේ මෙය දරමි” යි.
7. අථ ඛො භගවා ඡබ්බග්ගියෙ භික්ඛූ අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවග මහණුන්හට නොයෙක් කරුණෙන් ගරහා දුභරතායෙහි … තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යො පන භික්ඛු අසම්මතො භික්ඛුනියො ඔවදෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් අසම්මත වූයේ මෙහෙණන්හට ඔවා දෙන්නේ නම් පචිති වේ” යයි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේ භාග්‍යවතුන් විසින් මේ සිකපදය භික්ෂූන්හට පණවන ලද්දේ වෙයි.
8. තෙන ඛො පන සමයෙන ථෙරා භික්ඛූ සම්මතා භික්ඛුනියො ඔවදන්තා තථෙව ලාභිනො හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි: එතරහි ඛො ආවුසො ථෙරා භික්ඛූ සම්මතා භික්ඛුනියො ඔවදන්තා තථෙව ලාභිනො හොන්ති චීවරපිණ්ඩපාතසෙනාසන-ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. හන්දාවුසො, මයම්පි නිස්සීමං ගන්ත්වා අඤ්ඤමඤ්ඤං භික්ඛුනොවාදකං සම්මන්නිත්වා භික්ඛුනියො ඔවදාමාති.
8. එසමයෙහි වනාහි සම්මත වූ ස්ථවිර භික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු එපරිද්දෙන් මැ චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නාහු වෙති. එකල්හි සවග මහණුන්හට මෙසිත විය: ඇවැත්නි, මෙකල්හි සම්මත වූ ස්ථවිරභික්ෂූහු මෙහෙණන්හට ඔවා දෙන්නාහු එපරිද්දෙන් මැ චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යයභෛෂජ්‍ය යැ යන පරිෂ්කාරයන් ලබන්නෝ වෙති. “එහෙයින් ඇවැත්නි, ඇපිදු සීමාවෙන් බැහැරට ගොස් එකිනෙකා මෙහෙණ ඔවා දෙන්නකු සම්මත කොට මෙහෙණන්හට ඔවා දෙම්හ” යි.
9. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ නිස්සීමං ගන්ත්වා අඤ්ඤමඤ්ඤං භික්ඛුනොවාදකං සම්මන්නිත්වා භික්ඛුනියො උපසඞ්කමිත්වා එතදවොචුං: “මයම්පි භගිනියො සම්මතා අම්හෙපි උපසඞ්කමථ මයම්පි ඔවදිස්සාමා”ති. අථ ඛො තා භික්ඛුනියො යෙන ඡබ්බග්ගියා භික්ඛූ තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙසුං: ‘ගච්ඡථ භගිනියො’ති.
9. එකල්හි සවග මහණහු සීමාවෙන් බැහැරට ගොස් එකිනෙකා මෙහෙණ ඔවා දෙන්නකු සම්මත කොට මෙහෙණන් වෙත එළැඹැ මෙය කීහු: නැඟණියනි, ඇපිදු සම්මතයම්හ. අප වෙත ද එළැඹෙවු, අපිදු ඔවා දෙම්හ යි. එකල්හි ඒ මෙහෙණහු සවග මහණුන් වෙත එළැඹියහ. එළැඹැ සවග මහණුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්හු. එකල්හි සවග මහණහු මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීනකථායෙන් දවස ගෙවා “යව නැගණියනැ” යි නඟා යැවූහු.
10. අථ ඛො තා භික්ඛුනියො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච: “කච්චි භික්ඛුනියො ඔවාදො ඉද්ධො අහොසී”ති. “කුතො භන්තෙ ඔවාදො ඉද්ධො භවිස්සති, අය්යා ඡබ්බග්ගියා පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙසුන්ති. අථ ඛො භගවා තා භික්ඛුනියො ධම්මියා කථාය සන්දස්සෙසි -පෙ- පදක්ඛිණං කත්වා පක්කමිංසු.
10. එකල්හි ඒ මෙහෙණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ සිටියාහු ය. එකත්පසෙකැ සිටියා වූ එමෙහෙණන්හට භාග්‍යවතුන් වහන්සේ කිමෙක් ද මෙහෙණනි, අවවාදය සමෘද්ධ වී දැ යි වදාළසේක. ස්වාමීනි, කොයින් අවවාදය සමෘද්ධ වන්නේ ද? සවග හිමිවරු මඳ වූ මැ දැහැමි කථා කියා තිරශ්චීන කථායෙන් දවස ගෙවා නඟා යැවූහු යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්හට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූසේක … පැදකුණු කොට නික්ම ගියහ.
11. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛුසඞ්ඝං සන්නිපාතාපෙත්වා ඡබ්බග්ගියෙ භික්ඛූ පටිපුච්ඡි: සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙථා”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුනීනං පරිත්තඤ්ඤෙව ධම්මිං කථං කත්වා දිවසං තිරච්ඡානකථාය වීතිනාමෙත්වා උය්යොජෙස්සථ නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි:
11. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මේ අවසරයෙහි ලා බික්සඟන රැස්කරවා සවග මහණුන් පුළුවුත් සේක: “සැබෑ ද මහණෙනි, තෙපි මෙහෙණන්හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීනකථායෙන් දවස ගෙවා නඟා යවහු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූහ … කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මෙහෙණන් හට මඳ වූ මැ දැහැමි කථා කොට තිරශ්චීනකථායෙන් දවස ගෙවා නඟා යැවූහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක.
12. අනුජානාමි භික්ඛවෙ අට්ඨහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං භික්ඛුනොවාදකං සම්මන්නිතුං. සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. කල්යාණවාචො හොති කල්යාණවාක්කරණො. යෙභුය්යෙන භික්ඛුනීනං පියො හොති මනාපො. පටිබලො හොති භික්ඛුනියො ඔවදිතුං. න ඛො පනෙතං භගවන්තං උද්දිස්ස පබ්බජිතාය කාසායවත්ථවසනාය ගරුධම්මං අජ්ඣාපන්නපුබ්බො හොති. වීසතිවස්සො වා හොති අතිරෙකවීසතිවස්සො වා. අනුජානාමි භික්ඛවෙ ඉමෙහි අට්ඨහඞ්ගෙහි සමන්නාගතං භික්ඛුං භික්ඛුනොවාදකං සම්මන්නිතුන්ති.
12. මහණෙනි, අටඟින් යුතු මහණක්හු භික්ඛුනෝවාදක කොට සම්මත කරන්නට අනුදනිමි. සිල් ඇතියේ වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වැ ආචාරගෝචරසම්පන්න වැ අල්පමාත්‍ර වූ වරදෙහි බියදක්නා සුලු වැ වෙසේ ද, (ඒ ඒ සිකපද) සමාදන් වැ ශික්ෂාපදයන්හි හික්මේ ද, පෙළදහම දරන (ළෙහි) පෙළදහම රැස් කොට තබා ගත් බහුශ්‍රැතයෙක් වේ ද මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ යම් ධර්ම කෙනෙක් (අර්ත්ථසම්පත්තියෙන්) සාර්‍ත්‍ථක වූ (බ්‍යඤ්ජන සම්පත්තියෙන්) සව්‍යඤ්ජන වූ සර්වපරිපූර්ණ වූ පරිශුද්ධ වූ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය මොනවට පවසත් නම් එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසනලද්දාහු වෙති. දරන ලද්දාහු වෙති. වචනයෙන් පුහුණු කරන ලද්දාහු සිතින් කොටස් විසින් සිතන ලද්දාහු නුවණින් මොනවට පුහුණු කරන ලද්දාහු වෙති. තවද ඔහු විසින් උභයප්‍රාතිමෝක්‍ෂයෝ විස්තර විසින් (උභතෝ විභඞ්ග විසින්) මොනවට බෙදන ලදු වැ මොනවට පුහුණු කරන ලදු වැ (ඛන්ධකපරිවාර) සූත්‍ර විසින් අනුව්‍යඤ්ජන විසින් (අටුවා විසින්) මොනවට විනිශ්චය කරන ලදු වැ මැනැවින් දන්නා ලද්දාහු වෙති. කලණබස් ඇතියේ මිහිරි හඬ ඇතියේ වේ ද බෙහෙවින් මෙහෙණන්හට ප්‍රිය වූ මන වඩන්නෙක් වේ ද මෙහෙණන් හට ඔවා දෙන්නට ප්රතිබලයෙක් වේ ද, තෙල භාග්‍යවතුන් උදෙසා පැවිදි වූ කහවත් දරන්නියක කෙරෙහි ගරුධර්මයකට නො අවන් විරූයෙක් වේ ද විසිවස් ඇතියෙක් හෝ අයිරා විසිවස් ඇතියෙක් හෝ වේ ද මහණෙනි, මේ අටඟින් යුතු මහණහු මෙහෙණ ඔවා දෙන්නකු කොට සම්මත කරන්නට අනුදනිමි යි.
13. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
13. යො පන යනු: යම්, යම් බඳු … භික්ඛූ යනු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
අසම්මතො නාම: ඤත්තිචතුත්ථෙන කම්මෙන අසම්මතො.
අසම්මත නම්: ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් සම්මත නො වූයේ යි.
භික්ඛුනියො නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
භික්ඛුනීහු නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවාහු යි.
ඔවදෙය්යාති: අට්ඨහි ගරුධම්මෙහි ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අඤ්ඤෙන ධම්මෙන ඔවදති ආපත්ති දුක්කටස්ස. එකතො උපසම්පන්නං ඔවදති ආපත්ති දුක්කටස්ස.
ඕවදෙය්‍ය යනු: අෂ්ට ගරුධර්මයෙන් අවවාද කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අන්‍ය ධර්මයෙකින් අවවාද කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, එක් පසෙකැ (භික්ෂුණී සඞ්ඝයා කෙරෙහි) උපසපන් මෙහෙණකට ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
14. තෙන සම්මතෙන භික්ඛුනා පරිවෙණං සම්මජ්ජිත්වා පානීයං පරිභොජනීයං උපට්ඨාපෙත්වා ආසනං පඤ්ඤපෙත්වා දුතියං ගහෙත්වා නිසීදිතබ්බං. භික්ඛුනීහි තත්ථ ගන්ත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එකමන්තං නිසීදිතබ්බං. තෙන භික්ඛුනා පුච්ඡිතබ්බා සමග්ගත්ථ භගිනියොති. සචෙ සමග්ගාම්හාය්යාති. භණන්ති. වත්තන්ති භගිනියො අට්ඨ ගරුධම්මාති. සචෙ වත්තන්තාය්යාති භණන්ති එසො භගිනියො ඔවාදොති නිය්යාදෙතබ්බො සචෙ න වත්තන්තාය්යාති භණන්ති ඔසාරෙතබ්බා.
14. සම්මත වූ ඒ මහණහු විසින් පිරිවෙන හැමද, පියයුතු වූ ද පිරිබෝ කළයුතු වූ ද දිය එළවා තබා අසුනක් පනවා දෙවැන්නකු ගෙන හිඳිය යුතු. මෙහෙණන් විසින් එහි ගොස් එමහණහු සකසා වැඳ එකත් පසෙකැ හිඳිය යුතු. එ මහණහු විසින් නැඟණියනි, හැම දෙන මැ අවු දැ යි පිළිවිසිය යුත්තාහ. ඉදින් ආර්‍ය්‍යයෙනි, ඇපි හැම දෙනමෝ පැමිණියම්හ යි බෙණෙත් නම් නැඟණියනි, අෂ්ටගරුධර්‍මයෝ පුහුණු වැ පවතිද්දැ යි පිළිවිසියයුත්තාහ. ඉදින් ආර්‍ය්‍යයෙනි, පුහුණු වැ පවතිත් යයි බෙණෙත් නම් නැඟණියනි, තෙලෙ අවවාද යැ යි පවරා දිය යුතු යැ. ආර්‍ය්‍යයෙනි, පුහුණු වැ නො පවතිත් යයි බෙණෙත් නම් පෙළ කියා දියයුතු යැ.
15. වස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහුපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කාතබ්බං අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො. න භික්ඛුනියා අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසිතබ්බං අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො. අන්වද්ධමාසං භික්ඛුනියා භික්ඛුසඞ්ඝතො ද්වෙ ධම්මා පච්චාසිංසිතබ්බා උපොසථපුච්ඡකඤ්ච ඔවාදූපසඞ්කමනඤ්ච අයම්පි ධම්මො -පෙ- වස්සං වුත්ථාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි පවාරෙතබ්බං දිට්ඨෙන වා සුතෙන වා පරිසඞ්කාය වා අයම්පි ධම්මො -පෙ- ගරු ධම්මං අජ්ඣාපන්නාය භික්ඛුනියා උභතො සඞ්ඝෙ පක්ඛමානත්තං චරිතබ්බං අයම්පි ධම්මො -පෙ- ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය උභතො සඞ්ඝෙ උපසම්පදා පරියෙසිතබ්බා අයම්පි ධම්මො -පෙ- න භික්ඛුනියා කෙනචි පරියායෙන භික්ඛු අක්කොසිතබ්බො පරිභාසිතබ්බො අයම්පි ධම්මො -පෙ- අජ්ජතග්ගෙ ඔවටො භික්ඛුනීනං භික්ඛූසු වචනපථො අනොවටො භික්ඛූනං භික්ඛුනීසු වචනපථො අයම්පි ධම්මො සක්කත්වා ගරුකත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයොති.
15. උපසපන් සියවස් ඇති මෙහෙණ විසින් එදවසැ උපසපන් මහණහට සකසා වැඳීම දැක හුනස්නෙන් නැගීසිටීම ඇඳිලි බැඳීම සාමීචිකර්ම කළයුතු යැ, මේ ධර්මය ද සත්කාර ගරුකාර මානන පූජා කොට යව්දිව් නො ඉක්ම වියැ යුත්තේ යි. මෙහෙණ විසින් (මෙහෙණවරින් අඩ යොදුනක් ඇතුළත ඔවා දෙන) මහණුන් නැති වෙහෙරෙහි වස් නො විසියයුතු ය. මේ ධර්මය ද සත්කාර ගරුකාර මානන පූජා කොට යව්දිව් නො ඉක්ම වියැයුත්තේ ය. මෙහෙණ විසින් අඩමසක් පාසා භික්ෂුසඞ්ඝයා වෙතින් පොහෝ පිළිවිසුම ද අවවාදයට එළඹීම දැ යි යන දෙදහම් කැමැතිවිය යුතු යැ. මේ ධර්මය ද … වස් වැස නිම වූ මෙහෙණ විසින් දෙසඟුන් කෙරෙහි දෘෂ්ට විසින් හෝ ශ්‍රැත විසින් හෝ පරිසඞ්කා විසින් හෝ යන තුන් කරුණෙන් පැවරියයුතු යැ. මේ ධර්මය ද … ගරුධර්මයකට (සඟවෙසෙස් ඇවතකට) පැමිණි මෙහෙණ විසින් දෙසඟුන් කෙරෙහි පක්ෂමානත පිරියයුතු යැ. මේ ධර්මය ද … දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සික ඇති ශික්ෂමානාවක විසින් දෙසඟුන් කෙරෙහි උපසපුව කැමැති විය යුතු යැ. මේ ධර්මය ද … මෙහෙණ විසින් මහණහට කිසිදු කරුණෙකින් ආක්‍රෝශ නො කළ යුතු යැ. අවමන් නො කළ යුතු යැ. මේ ධර්මය ද … අද පටන් කොට මහණුන් කෙරෙහි (ඔවා අනුසස් විසින්) මෙහෙණන්ගේ වචනපථය වාරිත යැ මෙහෙණන් කෙරෙහි මහණුන්ගේ වචනපථය අවාරිත යැ. මේ ධර්මය ද සත්කාර ගරුකාර මානන පූජා කොට යව්දිව් නො ඉක්ම විය යුත්තේ යි.
16. සචෙ සමග්ගාම්හය්යාති භණන්තං අඤ්ඤං ධම්මං භණති ආපත්ති දුක්කටස්ස. සචෙ වග්ගම්හය්යාති භණන්තං අට්ඨ ගරුධම්මෙ භණති ආපත්ති දුක්කටස්ස. ඔවාදං අනීයාදෙත්වා අඤ්ඤං ධම්මං භණති ආපත්ති දුක්කටස්ස.
16. ඉදින් ආර්‍ය්‍යයෙනි, අපි සමගි වූම්හ යි කියන්නියට අන්‍ය ධර්මයක් බෙණේ නම් දුකුළා ඇවැත් වෙයි. ඉදින් ආර්‍ය්‍යයෙනි, අපි ව්‍යග්‍ර වූම්හ යි කියන්නියට අෂ්ටගරුධර්මයන් බෙණේ නම් දුකුළා ඇවැත් වෙයි. (නැඟණියනි, මේ ඔවා යැ යි) අවවාද නො කියා අන්‍ය ධර්මයක් බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
17. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනීසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
17. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍ම සංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්ෂුණී සඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්ම කර්මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
18. අධම්මකම්මෙ වෙමතිකො වග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ වෙමතිකො වග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ වෙමතිකො වග්ගං භික්ඛුනිසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
18. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
19. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
19. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
20. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
20. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්ෂුණී සඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්ම කර්මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
21. අධම්මකම්මෙ වෙමතිකො සමග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ වෙමතිකො සමග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ වෙමතිකො සමග්ගං භික්ඛුනීසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
21. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
22. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තිස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති පාචිත්තියස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනීසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති පාචිත්තියස්ස.
22. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් පචිති ඇවැත් වේ.
23. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනීසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනීසඞ්ඝං වෙමතිකො ඔවදති -පෙ- සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස.
23. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
24. ධම්මකම්මෙ වෙමතිකො වග්ගං භික්ඛුනීසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති -පෙ- වෙමතිකො ඔවදති -පෙ- සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස.
24. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
25. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී වග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති -පෙ- වෙමතිකො ඔවදති -පෙ- සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස.
25. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ ව්‍යග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
26. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති -පෙ- වෙමතිකො ඔවදති -පෙ- සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස.
26. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍ර සංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
27. ධම්මකම්මෙ වෙමතිකො සමග්ගං භික්ඛුනීසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති -පෙ- වෙමතිකො ඔවදති -පෙ- සමග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස.
27. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් … විමති ඇති වැ ඔවා දේ නම් … සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වේ.
28. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වග්ගසඤ්ඤී ඔවදති ආපත්ති දුක්කටස්ස. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං වෙමතිකො ඔවදති ආපත්ති දුක්කටස්ස. ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී සමග්ගං භික්ඛුනිසඞ්ඝං සමග්ගසඤ්ඤී ඔවදති අනාපත්ති.
28. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට ව්‍යග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට විමති ඇති වැ ඔවා දේ නම් දුකුළා ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියේ සමග්‍ර වූ භික්‍ෂුණීසඞ්ඝයාට සමග්‍රසංඥා ඇති වැ ඔවා දේ නම් ඇවැත් නැති.
29. අනාපත්ති: උද්දෙසං දෙන්තො පරිපුච්ඡං දෙන්තො ඔසාරෙහි අය්යාති වුච්චමානො ඔසාරෙති පඤ්හං පුච්ඡති පඤ්හං පුට්ඨො කථෙති අඤ්ඤස්සත්ථාය භණන්තං භික්ඛුනියො සුණන්ති සික්ඛමානාය සාමණෙරාය උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
29. (අටගුරුදම්පෙළ) උදෙසන්නේ නම් (ගරුදම්පෙළෙහි) අටුවා බණන්නේ නම්, ආර්‍ය්‍යයෙනි, බණන්නැ යි කියනු ලබන්නේ බෙණේ නම්, පිළිවිසී නම්, පැන පුළුවුස්නා ලදුයේ කියා නම්, මෙරමා සඳහා බණ දෙසන්නහුගෙන් මෙහෙණෝ අසත් නම්, සික්මනුවකට හෙරැණියකට නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
ඔවාදසික්ඛාපදං පඨමං.
පළමුවැනි ඕවාද ශික්ෂාපද යි.