යෙදුමෙන් කියවන්න

සප‍්පාණකසික‍්ඛාපදං

6. 2. 10.

6. 2. 10.

සප‍්පාණකසික‍්ඛාපදං

සප්පාණක ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා ආළවියං විහරති අග‍්ගාළවෙ චෙතියෙ. තෙන ඛො පන සමයෙන ආළවකා භික‍්ඛූ නවකම‍්මං කරොන‍්තා ජානං සප‍්පාණකං උදකං තිණම‍්පි මත‍්තිකම‍්පි සිඤ‍්චන‍්තිපි සිඤ‍්චාපෙන‍්තිපි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු අළවු නුවරැ අග්ගාලව චෛත්‍යයෙහි වැඩවෙසෙති. එසමයෙහි අළවු නුවරැ වැසි භික්‍ෂූහු නවාම් කරනුවෝ දැන දැන පණුවන් සහිත ජලය තණකොළ වලට ද මැටිවලට ද ඉසීම කෙරෙත් ඉස් වීම ද කරවත්.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආළවකා භික‍්ඛූ ජානං සප‍්පාණකං උදකං තිණම‍්පි මත‍්තිකම‍්පි සිඤ‍්චිස‍්සන‍්තිපි සිඤ‍්චාපෙස‍්සන‍්තිපී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ ජානං සප‍්පාණකං උදකං තිණම‍්පි මත‍්තිකම‍්පි සිඤ‍්චථා’පි සිඤ‍්චාපෙථාපීති. සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා -පෙ- “කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා ජානං සප‍්පාණකං උදකං තිණම‍්පි මත‍්තිකම‍්පි සිඤ‍්චිස‍්සථාපි සිඤ‍්චාපෙස‍්සථාපි. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් අළවු නුවරැ වැසි භික්‍ෂූහු දැන දැන පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කළාහු ද? ඉසීම කැරැවූහු දැ යි. … සැබෑ ද? මහණෙනි, තෙපි දැන දැන පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කරවු ද? ඉසීම කරවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ … කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි දැනැ දැනැ පණුවන් සහිත ජලය තණකොළවලට ද මැටිවලට ද ඉසීම කළහු ද? ඉසීම කැරවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු ජානං සප‍්පාණකං උදකං තිණං වා මත‍්තිකං වා සිඤ‍්චෙය්‍ය වා සිඤ‍්චාපෙය්‍ය වා පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් දැනැ දැනැ පණුවන් සහිත ජලය තණකොළවලට හෝ මැටිවලට හෝ ඉසින්නේ නම් හෝ ඉස්වන්නේ නම් හෝ පචිති වේ” යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යෝපන: යම්, යම් බඳු … භික්ඛු … මෙතෙම මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

ජානාති නාම: සාමං වා ජානාති අඤ‍්ඤෙ වා තස‍්ස ආරොචෙන‍්ති.

ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්.

සිඤ‍්චෙය්‍යාති: සයං සිඤ‍්චති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සිඤ‍්චාපෙය්‍යාති: අඤ‍්ඤං ආණාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සකිං ආණත‍්තො බහුකම‍්පි සිඤ‍්චති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සිඤ්චෙය්‍ය: තෙමේ ඉසී නම් පචිති ඇවැත් වේ. සිඤ්චාපෙය්‍ය: අනෙකක්හට අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලද්දේ බොහෝ කොට ද ඉසී නම් පචිති ඇවැත් වේ.

සප‍්පාණකෙ සප‍්පාණකසඤ‍්ඤී තිණං වා මත‍්තිකං වා සිඤ‍්චති වා සිඤ‍්චාපෙති වා, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සප‍්පාණකෙ වෙමතිකො තිණං වා මත‍්තිකං වා සිඤ‍්චති වා සිඤ‍්චාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. සප‍්පාණකෙ අප‍්පාණකසඤ‍්ඤී තිණං වා මත‍්තිකං වා සිඤ‍්චති වා සිඤ‍්චාපෙති වා අනාපත‍්ති.

පණුවන් ඇති ජලයෙහි පණුවන් ඇති සන් ඇතියේ තණකොළ වලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ පචිති ඇවැත් වේ. පණුවන් ඇතියෙහි විමති ඇතියේ තණකොළවලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ දුකුළා ඇවැත් වේ. පණුවන් ඇතියෙහි පණුවන් නැති සන් ඇතියේ තණකොළවලට ද මැටිවලට ද ඉසී නම් හෝ ඉස්වා නම් හෝ ඇවැත් නැති.

අප‍්පාණකෙ සප‍්පාණකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අප‍්පාණකෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අප‍්පාණකෙ අප‍්පාණකසඤ‍්ඤී අනාපත‍්ති.

පණුවන් නැතියෙහි පණුවන් ඇති සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පණුවන් නැතියෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. පණුවන් නැතියෙහි පණුවන් නැති සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස. උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ද නො සිහියෙන් කරන්නහුට ද නො දන්නහුට ද උම්මත්තකයහට ද ආදිකම්මිකයහට ද ඇවැත් නැති.

සප‍්පාණකසික‍්ඛාපදං දසමං.

දසවැනි සප්පාණක ශික්‍ෂාපද යි.

භූතගාමවග‍්ගො දුතියො.

ද්විතීය භූතගාම වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උදානය:

භූතං අඤ‍්ඤාය උජ‍්ඣායං, පක‍්කමන‍්තෙන තෙ දුවෙ පුබ‍්බෙ නික‍්කඩ‍්ඪනා’හච‍්චද‍්වාරං සප‍්පාණකෙන’චාති.

භූතගාම යැ අඤ්ඤවාදකය සමඟ උජ්ඣාපනක යැ බැහැරැ යන්නහු කරණකොට ගෙන පැනවූ ඒ පඨම–දුතිය සේනාසන දෙක යැ (පූර්‍වොපගත) අනුපඛජ්ජ යැ නික්කඩ්ඪන යැ (ආහච්චපාදක) වේහාසකුටි යැ (ද්වාරකෝස) මහල්ලකවිහාර යැ සප්පාණක යි.