දුතියසෙනාසනසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
දුතියසෙනාසනසික්ඛාපදවණ්ණනා
දුතිය සේනාසන ශික්ෂාපද වර්ණනාව
දුතියසෙනාසනසික්ඛාපදෙ – භිසීති මඤ්චකභිසි වා පීඨකභිසි වා. චිමිලිකාදීනිපි පුරිමසික්ඛාපදෙ වුත්තප්පකාරානියෙව. නිසීදනන්ති සදසං වෙදිතබ්බං. පච්චත්ථරණන්ති පාවාරො කොජවොති එත්තකමෙව වුත්තං. තිණසන්ථාරොති යෙසං කෙසඤ්චි තිණානං සන්ථාරො . එස නයො පණ්ණසන්ථාරෙ. පරික්ඛෙපං අතික්කමන්තස්සාති එත්ථ පඨමපාදං අතික්කාමෙන්තස්ස දුක්කටං, දුතියාතික්කමෙ පාචිත්තියං. අපරික්ඛිත්තස්ස උපචාරො නාම සෙනාසනතො ද්වෙ ලෙඩ්ඩුපාතා.
ද්විතීය සෙනාසන ශික්‍ෂාපදයෙහි “භිසිං” ඇඳ බිස්සක් හෝය පුටු බිස්සක් හෝය. චිමිලිකාදීහු ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියූ ආකාර ඇත්තාහුම වෙති. “නිසීදනං” දා සහිත නිසීදනය දතයුතුය. “පච්චත්ථරණං” පොරෝනා රෙද්ද හා මහාකොඳු පලසයයි අර්‍ත්‍ථකථාවන්හි මෙපමණෙක්ම කියනලදී. “තිණසත්ථාරො” යම් කිසි තෘණයකින් කරනලද ඇතිරියය. පර්ණසන්ථාරයෙහිද මේ නය වේ. “පරික්ඛෙපං අතික්කමන්තස්ස” මෙහි සඞ්ඝික විහාරයෙහි භිසි ආදියක් පනවා තමා නොඋදුරා හෝ අනිකකු ලවා නොඋදුරවා හෝ නොවිචාරා පළමු පය ඉක්මවන මහණහුට දුක්කටය වේ. දෙවන පය ඉක්මීම නිමිති කොට පාචිත්තිය වේ. වට නොකළ සෙනසුනෙහි උපචාරය නම් කෙළවර තුබූ සෙනසුනෙන් ලෙඩ්ඩුපාත දෙකෙකි.
අනාපුච්ඡං වා ගච්ඡෙය්යාති එත්ථ භික්ඛුම්හි සති භික්ඛු ආපුච්ඡිතබ්බො. තස්මිං අසති සාමණෙරො, තස්මිං අසති ආරාමිකො, තස්මිම්පි අසති යෙන විහාරො කාරිතො සො විහාරසාමිකො, තස්ස වා කුලෙ යො කොචි ආපුච්ඡිතබ්බො. තස්මිම්පි අසති චතූසු පාසාණෙසු මඤ්චං ඨපෙත්වා මඤ්චෙ අවසෙසමඤ්චපීඨානි ආරොපෙත්වා උපරි භිසිආදිකං දසවිධම්පි සෙය්යං රාසිං කරිත්වා දාරුභණ්ඩං මත්තිකාභණ්ඩං පටිසාමෙත්වා ද්වාරවාතපානානි පිදහිත්වා ගමියවත්තං පූරෙත්වා ගන්තබ්බං. සචෙ පන සෙනාසනං ඔවස්සති, ඡදනත්ථඤ්ච තිණං වා ඉට්ඨකා වා ආනීතා හොන්ති, සචෙ උස්සහති, ඡාදෙතබ්බං. නො චෙ සක්කොති, යො ඔකාසො අනොවස්සකො, තත්ථ මඤ්චපීඨාදීනි නික්ඛිපිත්වා ගන්තබ්බං. සචෙ සබ්බම්පි ඔවස්සති, උස්සහන්තෙන අන්තොගාමෙ උපාසකානං ඝරෙ ඨපෙතබ්බං. සචෙ තෙපි “සඞ්ඝිකං නාම භන්තෙ භාරියං, අග්ගිදාහාදීනං භායාමා”ති න සම්පටිච්ඡන්ති, අජ්ඣොකාසෙපි පාසාණානං උපරි මඤ්චං ඨපෙත්වා සෙසං පුබ්බෙ වුත්තනයෙනෙව නික්ඛිපිත්වා තිණෙහි ච පණ්ණෙහි ච පටිච්ඡාදෙත්වා ගන්තුං වට්ටති. යඤ්හි තත්ථ අඞ්ගමත්තම්පි අවසිස්සති, තං අඤ්ඤෙසං තත්ථ ආගතානං භික්ඛූනං උපකාරං භවිස්සතීති .
“අනාපුච්ඡං වා ගච්ඡෙය්ය” මෙහි මහණකු ඇති කල්හි මහණතෙමේ විචාළ යුතුය. ඒ මහණකු නැති කල්හි සාමණෙරයෙක් විචාළ යුතුය. සාමණෙරයකු නැති කල්හි ආරාමිකයෙක් විචාළ යුතුය. ආරාමිකයකුද නැති කල්හි යමකු විසින් විහාරය කරවන ලද්දේ ද, ඒ විහාරස්වාමි තෙමේ හෝ ඔහුගේ කුලයෙහි යම්කිසි නෑයෙක් හෝ විචාළ යුතුය. ඔහුද නැතිකල්හි ගල් සතරක් මතුවෙහි ඇඳ තබා ඒ ඇඳෙහි සෙසු ඇඳ පුටු නංවා මතුවෙහි බිසි ආදීවූ දස වැදෑරුම් ශය්‍යාවන් රැස්කොට දැවබඩු හා මැටිබඩු තැන්පත්කොට දොරජනෙල් පියා ගමිකවත පුරා යා යුතුය. ඉදින් සෙනසුන තෙමේ නම් සෙවිලි කිරීම පිණිස තණ හෝ උළු හෝ ගෙනෙන ලද්දේ නම් සෙවිලි කිරීමට හැකිවේනම් සෙවිලි කළ යුතුය. නොහැක්කේ නම් නොතෙමෙන යම් අවකාශයෙක් වේ නම් එහි ඇඳපුටු ආදිය තබා යායුතුය. සියලු තැන තෙමේ නම් හැකිවන්නහු විසින් ගම තුල උපාසකයන්ගේ ගෙයි තැබිය යුතුය. ඒ උපාසකයෝද ‘ස්වාමීනි’ සඞ්ඝිකය නම් බරය. අග්නිදාහාදීන්ට බියවෙමු’යි නොපිළිගණිත්ද, එළිමහනෙහිද ගල් මතුවෙහි ඇද තබා සෙස්ස පෙර කියූ නයින් තබා තණවලින් හා කොළවලින් වසා එහි යම් අවයව මාත්‍රයක් නමුදු ඉතිරිවේද එය එහි පැමිණි අන් මහණුන්ට උපකාර වන්නේයයි යෑම වටියි.
විහාරස්ස උපචාරෙතිආදීසු විහාරස්සූපචාරො නාම පරිවෙණං. උපට්ඨානසාලාති පරිවෙණභොජනසාලා. මණ්ඩපොති පරිවෙණමණ්ඩපො. රුක්ඛමූලන්ති පරිවෙණරුක්ඛමූලං. අයං තාව නයො කුරුන්දට්ඨකථායං වුත්තො. කිඤ්චාපි වුත්තො, අථ ඛො විහාරොති අන්තොගබ්භො වා අඤ්ඤං වා සබ්බපරිච්ඡන්නං ගුත්තසෙනාසනං වෙදිතබ්බං. විහාරස්ස උපචාරෙති තස්ස බහි ආසන්නෙ ඔකාසෙ. උපට්ඨානසාලායං වාති භොජනසාලායං වා. මණ්ඩපෙ වාති අපරිච්ඡන්නෙ පරිච්ඡන්නෙ වාපි බහූනං සන්නිපාතමණ්ඩපෙ. රුක්ඛමූලෙ වත්තබ්බං නත්ථි. ආපත්ති දුක්කටස්සාති වුත්තප්පකාරඤ්හි දසවිධං සෙය්යං අන්තොගබ්භාදිම්හි ගුත්තට්ඨානෙ පඤ්ඤපෙත්වා ගච්ඡන්තස්ස යස්මා සෙය්යාපි සෙනාසනම්පි උපචිකාහි පලුජ්ජති, වම්මිකරාසියෙව හොති, තස්මා පාචිත්තියං වුත්තං. බහි පන උපට්ඨානසාලාදීසු පඤ්ඤපෙත්වා ගච්ඡන්තස්ස සෙය්යාමත්තමෙව නස්සෙය්ය, ඨානස්ස අගුත්තතාය න සෙනාසනං, තස්මා එත්ථ දුක්කටං වුත්තං. මඤ්චං වා පීඨං වාති එත්ථ යස්මා න සක්කා මඤ්චපීඨං සහසා උපචිකාහි ඛායිතුං, තස්මා තං විහාරෙපි සන්ථරිත්වා ගච්ඡන්තස්ස දුක්කටං වුත්තං. විහාරූපචාරෙ පන තං විහාරචාරිකං ආහිණ්ඩන්තාපි දිස්වා පටිසාමෙස්සන්ති.
“විහාරස්ස උපචාරෙ” යනාදි තන්හි විහාරොපචාරය නම් එක් එක් විහාරයෙහි පවුර ඇතුළ පිරිවෙණය. “උපට්ඨානසාලා” පිරිවෙන් බොජුන්හල. “මණ්ඩපො” පිරිවෙන් මඩුව. “රුක්ඛමූලං” පිරිවෙන් රුක්මුල. මේ නය වනාහි කුරුන්දාර්ත්ථකථාවෙහි කියනලදී. තවද “විහාරො” යනු ඇතුළුගැබ හෝ අන්‍යවූ සියල්ල වැසුනු ගුප්තසෙනාසනය හෝයි දතයුතුය. “විහාරස්ස උපචාරෙ” ඒ විහාරයෙහි පිටත ලංවූ අවකාශයෙහිය. “උපට්ඨානසාලාය වා” බොජුන් හලෙහි හෝ. “මණ්ඩපෙවා” නොපිරිසිඳින ලද්දා වූ හෝ පිරිසිඳින ලද්දා වූ හෝ බොහෝ දෙන රැස්වන මඩුවෙහි. රුක්මුලෙහි විශෙෂ වශයෙන් කියයුත්තෙක් නැත්තේයි කියනලදී. “ආපත්ති දුක්කටස්ස” කියූ ආකාරවූම දසවැදෑරුම් ශය්‍යාව ඇතුළුගැබ් ආදියෙහි ගුප්තස්ථානයෙක්හි පනවා තබා යන මහණහුට යම්හෙයකින් ශය්යාවත් සෙනාසනයත් වේයන් විසින් නසනු ලැබේ, තුඹස් රැසක්ම වේද, එහෙයින් පාචිත්තිය වදාරන ලදී. පිටත වනාහි උපස්ථාන ශාලාදියෙහි පනවා යන මහණහුට ශය්‍යාව පමණක්ම ස්ථානය අගුප්ත බැවින් නස්නේද, සෙනසුන නොනස්නේද, එහෙයින් මෙහි දුක්කටය වදාරන ලදී. “මඤ්චං වා පීඨං වා” යන මෙහි යම්හෙයකින් ඇඳපුටු වහා වේයන් විසින් කන්නට නොහැක්කේද, එහෙයින් ඒ ඇඳපුටු විහාරයෙහිද අතුරා යන මහණහුට දුක්කටය වදාරන ලදී. විහාරොපචාරයෙහි විහාර චාරිකාවෙහි ඇවිදින්නෝද, ඒ සෙනසුන දැක තැන්පත් කරන්නාහුය.
උද්ධරිත්වා ගච්ඡතීති එත්ථ උද්ධරිත්වා ගච්ඡන්තෙන මඤ්චපීඨකවාටං සබ්බං අපනෙත්වා සංහරිත්වා චීවරවංසෙ ලග්ගෙත්වා ගන්තබ්බං. පච්ඡා ආගන්ත්වා වසනකභික්ඛුනාපි පුන මඤ්චපීඨං වා පඤ්ඤපෙත්වා සයිත්‍වා ගච්ඡන්තෙන තථෙව කාතබ්බං. අන්තොකුට්ටතො සෙය්යං බහිකුට්ටෙ පඤ්ඤපෙත්වා වසන්තෙන ගමනකාලෙ ගහිතට්ඨානෙයෙව පටිසාමෙතබ්බං. උපරිපාසාදතො ඔරොපෙත්වා හෙට්ඨාපාසාදෙ වසන්තස්සපි එසෙව නයො. රත්තිට්ඨානදිවාට්ඨානෙසු මඤ්චපීඨං පඤ්ඤපෙත්වාපි ගමනකාලෙ පුන ගහිතට්ඨානෙයෙව ඨපෙතබ්බං.
“උද්ධරිත්වා ගච්ඡති” යන මෙහි උදුරා තබා යන්නහු විසින් සියලු ඇඳපුටු කවුළුවෙන් බැහැර කොට එක්කොට සිවුරලන හුණෙහි එල්වා යායුතුය. පසුව අවුත් වසන මහණහු විසින්ද, නැවත ඇඳපුටු පනවා එහි නිදා හිද යන්නහු එසේම කළ යුතුය. බිත්තියෙන් ඇතුළත ශය්‍යාව බිත්තියෙන් පිටත පනවා වසන්නහු විසින් යන කල්හි ගත් තැනම තැන්පත් කළයුතුය. පහය මත්තෙන් බහා පහය යට වසන මහණහටද මෙම නයවේ. රාත්රිස්ථාන දිවා ස්ථානයන්හි ඇඳපුටු පනවා යන කල්හි නැවැත ගත්තැනම තැබිය යුතුය.
ආපුච්ඡං ගච්ඡතීති එත්ථායං ආපුච්ඡිතබ්බානාපුච්ඡිතබ්බවිනිච්ඡයො – යා තාව භූමියං දීඝසාලා වා පණ්ණසාලා වා හොති, යං වා රුක්ඛත්ථම්භෙසු, කතගෙහං උපචිකානං උට්ඨානට්ඨානං හොති, තතො පක්කමන්තෙන තාව ආපුච්ඡිත්වාව පක්කමිතබ්බං. තස්මිඤ්හි කතිපයානි දිවසානි අජග්ගියමානෙ වම්මිකාව සන්තිට්ඨන්ති. යං පන පාසාණපිට්ඨියං වා පාසාණත්ථම්භෙසු වා කතසෙනාසනං සිලුච්චයලෙණං වා සුධාලිත්තසෙනාසනං වා යත්ථ උපචිකාසඞ්කා නත්ථි, තතො පක්කමන්තස්ස ආපුච්ඡිත්වාපි අනාපුච්ඡිත්වාපි ගන්තුං වට්ටති, ආපුච්ඡනං පන වත්තං. සචෙ තාදිසෙපි සෙනාසනෙ එකෙන පස්සෙන උපචිකා ආරොහන්ති, ආපුච්ඡිත්වාව ගන්තබ්බං. යො පන ආගන්තුකො භික්ඛු සඞ්ඝිකං සෙනාසනං ගහෙත්වා වසන්තං භික්ඛුං අනුවත්තන්තො අත්තනො සෙනාසනං අග්ගහෙත්වා වසති, යාව සො න ගණ්හාති, තාව තං සෙනාසනං පුරිමභික්ඛුස්සෙව පලිබොධො. යදා පන සො සෙනාසනං ගහෙත්වා අත්තනො ඉස්සරියෙන වසති, තතො පට්ඨාය ආගන්තුකස්සෙව පලිබොධො. සචෙ උභොපි විභජිත්වා ගණ්හන්ති, උභින්නම්පි පලිබොධො. මහාපච්චරියං පන වුත්තං – “සචෙ ද්වෙ තයො එකතො හුත්වා පඤ්ඤපෙන්ති, ගමනකාලෙ සබ්බෙහිපි ආපුච්ඡිතබ්බං. තෙසු චෙ පඨමං ගච්ඡන්තො ‘පච්ඡිමො ජග්ගිස්සතී’ති ආභොගං කත්වා ගච්ඡති වට්ටති. පච්ඡිමස්ස ආභොගෙන මුත්ති නත්ථි. බහූ එකං පෙසෙත්වා සන්ථරාපෙන්ති, ගමනකාලෙ සබ්බෙහි වා ආපුච්ඡිතබ්බං , එකං වා පෙසෙත්වා ආපුච්ඡිතබ්බං. අඤ්ඤතො මඤ්චපීඨාදීනි ආනෙත්වා අඤ්ඤත්ර වසිත්වාපි ගමනකාලෙ තත්ථෙව නෙතබ්බානි. සචෙ අඤ්ඤාවාසතො ආනෙත්වා වසමානස්ස අඤ්ඤො වුඩ්ඪතරො ආගච්ඡති, න පටිබාහිතබ්බො, ‘මයා භන්තෙ අඤ්ඤාවාසතො ආනීතං, පාකතිකං කරෙය්යාථා’ති වත්තබ්බං. තෙන ‘එවං කරිස්සාමී’ති සම්පටිච්ඡිතෙ ඉතරස්ස ගන්තුං වට්ටති. එවමඤ්ඤත්ථ හරිත්වාපි සඞ්ඝිකපරිභොගෙන පරිභුඤ්ජන්තස්ස නට්ඨං වා ජිණ්ණං වා චොරෙහි වා හටං ගීවා න හොති, පුග්ගලිකපරිභොගෙන පරිභුඤ්ජන්තස්ස පන ගීවා හොති. අඤ්ඤස්ස මඤ්චපීඨං පන සඞ්ඝිකපරිභොගෙන වා පුග්ගලිකපරිභොගෙන වා පරිභුඤ්ජන්තස්ස නට්ඨං ගීවායෙව”.
“ආපුච්ඡිත්වා ගච්ඡති” යන මෙහි මේ ආපුච්ඡා කටයුතු ආපුච්ඡා නොකටයුතු විනිශ්චයයි. ඒතාක් බිම යම් දිග්සාලාවක් හෝ පන්සලක් හෝ වේද, රුක්ටැඹෙක්හි කළ යම් ගෙයක් හෝ වේයන් නගින තැනක් වේද, එතැනින් යන්නහු විසින් ඒතාක් ආපුච්ඡා කොටම යායුතුය. එද කිහිප දවසක් පිළිදැගුම් නොකරන කල්හි තුඹස්හුම නැගී සිටිත්ද, එහෙයිනි. ගල්පිට හෝ ගල්ටැම්හි හෝ කරනලද යම් සෙනසුනක්, පර්වතගුහාවක් හෝ වේද, සුණු පිළියම් කළ සෙනසුනක් හෝ වේද, යම් තැනක වේයන් නගිනු ඇතැයි සැකයෙක් නැත්තේද, එයින් බැහැර යන මහණහුට ආපුච්ඡා කොටද ආපුච්ඡා නොකොටද යෑම වටියි. ආපුච්ඡා නම් වතයි. ඉදින් එබදු සෙනසුනෙහිද එක් පසෙකින් වේයෝ නගිත්ද, ආපුච්ඡා කොටම යායුතුය. යම් ආගන්තුක මහණෙක් සඞ්ඝික සෙනසුනක් ගෙණ වසන මහණහුට අනුව පවතිනුයේ තමන්ට සෙනසුන නොගෙණ වෙසේද, යම්තාක් හෙතෙමේ නොගනීද, ඒතාක් ඒ සෙනසුන පළමු මහණහුටම පළිබොධය වේ. යම්කලෙක ඒ මහණ තෙමේ සෙනසුන ගෙණ තමන්ගේ ඓශ්චර්‍ය්‍යයෙන් වෙසේද, එතැන් පටන් ආගන්තුක මහණහුටම පළිබොධය වේ. ඉදින් දෙදෙනම බෙදා ගණිත්ද දෙදෙනාහටම පළිබොධය වේ. මහාපච්චරියෙහි වනාහි කියනලදී. ඉදින් දෙතුන් දෙන එකතුව පනවත්ද යන කල්හි සියල්ලන් විසින් ආපුච්ඡා කටයුතුය. ඔවුන් අතුරෙහි පළමුකොට යනුයේ ‘පැසුළු මහණතෙමේ පොෂණය කරන්නේය’යි කල්පනාකොට යේ නම් වටියි. පශ්චිමයාගේ කල්පනාවෙන් මිදීමක් නැත්තේය. බොහෝ මහණෝ එකකු යවා අතුරුවත්ද, යන කල්හි සියල්ලන් විසින්ම ආපුච්ඡා කටයුතුය. එකකු යවා හෝ විචාළ යුතුය. අන් තැනකින් ඇඳපුටු ආදිය ගෙණ අවුත් අන් තැනක වැසද, යන කල්හි එහිම ගෙන යායුතුය. අන් තැනකින් ගෙණ අවුත් වසන කල්හි අන් ඉතා මහලු මහණෙක් ඒද, පිටමං නොකොට යුතුය. “ස්වාමීනි’ මා විසින් අනික් ආවාසයකින් ගෙන එන ලද්දේය. ප්‍රකෘතිමත් කළ මැනවැ’යි කිය යුතුය. ඔහු විසින් ‘මෙසේ කරන්නෙමි’යි පිළිගත් කල්හි අනික් මහණහුට යෑම වටියි. මෙසේ අනික් තැනක ගෙණ ගොස්ද සඞ්ඝික පරිභොගයෙන් පරිභොග කරන මහණහුට ඇසුනේ හෝ දිරුයේ හෝ සොරුන් විසින් හෝ ගන්නා ලද්දේ වේද, නය නොවේ පෞද්ගලික පරිභොගයෙන් පරිභොග කරන්නහුට වනාහි නය වේ. අන් මහණක්හුගේ ඇඳපුටු වනාහි සඞ්ඝිකපරිභොගයෙන් හෝ පෞද්ගලික පරිභොගයෙන් හෝ පරිභොග කරන්නහුට නැසුනේ නයවේමය.
කෙනචි පලිබුද්ධං හොතීති වුඩ්ඪතරභික්ඛූඉස්සරියයක්ඛසීහවාළමිගකණ්හසප්පාදීසු යෙන කෙනචි සෙනාසනං පලිබුද්ධං හොති. සාපෙක්ඛො ගන්ත්වා තත්ථ ඨිතො ආපුච්ඡති, කෙනචි පලිබුද්ධො හොතීති අජ්ජෙව ආගන්ත්වා පටිජග්ගිස්සාමීති එවං සාපෙක්ඛො නදීපාරං වා ගාමන්තරං වා ගන්ත්වා යත්ථස්ස ගමනචිත්තං උප්පන්නං, තත්ථෙව ඨිතො කඤ්චි පෙසෙත්වා ආපුච්ඡති, නදීපූරරාජචොරාදීසු වා කෙනචි පලිබුද්ධො හොති උපද්දුතො, න සක්කොති පච්චාගන්තුං, එවංභූතස්සපි අනාපත්ති. සෙසං පඨමසික්ඛාපදෙ වුත්තනයමෙව සද්ධිං සමුට්ඨානාදීහීති.
“කෙනචි පළිබුද්ධං හොති” මහලු මහණ ඉසුරු යක්ෂ සිංහ ව්‍යාල මෘගකෘෂ්ණ සර්පාදීන් අතුරෙහි යම් කිසිවකු විසින් සෙනසුන උපද්‍රැත වේද, “සාපෙඛො ගනත්වා තත්ථ ඨිතො ආපුච්ඡති කෙනචි පළිබුද්ධො හොති” අදම අවුත් පිළිදැගුම් කරන්නෙමි’යි මෙසේ බලාපොරොත්තු සහිතව ගඟින් එතෙරට හෝ අන් ගමකට හෝ ගොස් යම් තැනකදී මේ මහණහුට යන සිත උපදීද, එහිම සිටියේ කිසිවකු යවා විචාරාද, ගඟ පිරීම රජ සොර ආදීන් අතුරෙහි හෝ කිසිවකින් උපද්‍රැත වේද, උවදුරු ලද්දේ ද පෙරළා එන්නට නො හැකිවේද, මෙසේවූ මහණහුටද ඇවැත් නොවේ. සෙස්ස සමුට්ඨානාදීන් සමග ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියූනයමය.
දුතියසෙනාසනසික්ඛාපදං පඤ්චමං.
පඤ්චම ද්විතීය සෙනාසන ශික්‍ෂාපදයයි.
අනුපඛජ්ජසික්ඛාපදවණ්ණනා
අනුපඛජ්ජ ශික්ෂාපද වර්ණනාව
ඡට්ඨසික්ඛාපදෙ – පලිබුන්ධෙන්තීති පඨමතරං ගන්ත්වා පත්තචීවරං අතිහරිත්වා රුම්භිත්වා තිට්ඨන්ති. ථෙරා භික්ඛූ වුට්ඨාපෙන්තීති “අම්හාකං ආවුසො පාපුණාතී”ති වස්සග්ගෙන ගහෙත්වා වුට්ඨාපෙන්ති. අනුපඛජ්ජ සෙය්යං කප්පෙන්තීති “තුම්හාකං භන්තෙ මඤ්චට්ඨානංයෙව පාපුණාති, න සබ්බො විහාරො. අම්හාකං දානි ඉදං ඨානං පාපුණාතී”ති අනුපවිසිත්වා මඤ්චපීඨං පඤ්ඤපෙත්වා නිසීදන්තිපි නිපජ්ජන්තිපි සජ්ඣායම්පි කරොන්ති.
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි “පළිබුද්ධන්ති” ඉතා පළමුව ගොස් පාසිවුරුගෙණ අවුරා සිටිත්. “ථෙරෙ භික්ඛූ වුට්ඨාපෙන්ති” ඇවැත්නි’ අපට පැමිණේය’යි වස්ගණනින් ගෙණ ස්ථවිර භික්ෂූන් නැගිටුවත්. “අනුපඛජ්ජ සෙය්යං කප්පෙන්ති” ‘ස්වාමීනි’ ඔබවහන්සේට මඤ්චස්ථානයට පැමිණේ. සියලු විහාරය නොපැමිණේ. දැන් මෙතැන අපට පැමිණේයයි වැද ඇඳපුටු පනවා හිඳීමද කෙරෙත්. නිදීම ද කෙරෙත්. හැදෑරීමද කෙරෙත්.
ජානන්ති “අනුට්ඨාපනීයො අය”න්ති ජානන්තො; තෙනෙවස්ස විභඞ්ගෙ “වුඩ්ඪොති ජානාතී”තිආදි වුත්තං. වුඩ්ඪො හි අත්තනො වුඩ්ඪතාය අනුට්ඨාපනීයො , ගිලානො ගිලානතාය, සඞ්ඝො පන භණ්ඩාගාරිකස්ස වා ධම්මකථිකවිනයධරාදීනං වා ගණවාචකආචරියස්ස වා බහූපකාරතං ගුණවිසිට්ඨතඤ්ච සල්ලක්ඛෙන්තො ධුවවාසත්ථාය විහාරං සම්මන්නිත්වා දෙති, තස්මා යස්ස සඞ්ඝෙන දින්නො, සොපි අනුට්ඨාපනීයො. කාමඤ්චෙත්ථ ගිලානස්සාපි සඞ්ඝොයෙව අනුච්ඡවිකං සෙනාසනං දෙති, ගිලානො පන “අපලොකෙත්වා සඞ්ඝෙන අදින්නසෙනාසනොපි න පීළෙතබ්බො අනුකම්පිතබ්බො”ති දස්සෙතුං විසුං වුත්තො.
“ජාන” ‘මෙතෙමේ නොනැගිටවිය යුතුය’යි දන්නේ. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ විභඞ්ගයෙහි “ඛුඩ්ඪො ජානාති” යනාදිය වදාරන ලද්දේය. වෘද්ධතෙමේ වනාහි තමන් වෘද්ධ බැවින් නොනැගිටවිය යුතුය. ගිලන් තෙමේ ගිලන් බැවින් නොනැගිටවිය යුතුය. සඞ්ඝ තෙමේ වනාහි භාණ්ඩාගාරික භික්ෂූහුගේ හෝ ධර්මකථික විනයධරාදීන්ගේ හෝ ගණවාචක ආචාර්‍ය්‍යයාගේ හෝ බොහෝ උපකාර ඇතිබවද ගුණ විශිෂ්ට බවද සලකමින් නිත්‍යවාසය පිණිස විහාරයක් සම්මත කොට දෙන්නේය. එහෙයින් යම් මහණක්හට සඞ්ඝයා විසින් දෙන ලද්දේ ද, හෙතෙමේද නොනැගිට වියයුතුය. මෙහිද එකාන්තයෙන් ගිලනහුටද සඞ්ඝතෙමේම සුදුසු සෙනසුනක් දෙන්නේය. ගිලන් තෙමේ වනාහි අපලොකනය කොට සඞ්ඝයා විසින් නොදුන් සෙනසුන් ඇත්තේද, නොපෙළිය යුත්තේය. අනුකම්පා කටයුතුයයි දක්වන්නට වෙන්ව කියන ලද්දේය.
උපචාරෙති එත්ථ මඤ්චපීඨානං තාව මහල්ලකෙ විහාරෙ සමන්තා දියඩ්ඪො හත්ථො උපචාරො, ඛුද්දකෙ යතො පහොති තතො දියඩ්ඪො හත්ථො, පාදෙ ධොවිත්වා පවිසන්තස්ස පස්සාවත්ථාය නික්ඛමන්තස්ස ච යාව ද්වාරෙ නික්ඛිත්තපාදධොවනපාසාණතො පස්සාවට්ඨානතො ච මඤ්චපීඨං, තාව දියඩ්ඪහත්ථවිත්ථාරො මග්ගො උපචාරො නාම. තස්මිං මඤ්චස්ස වා පීඨස්ස වා උපචාරෙ ඨිතස්ස වා භික්ඛුනො පවිසන්තස්ස වා නික්ඛමන්තස්ස වා උපචාරෙ යො අනුපඛජ්ජ සෙය්යං කප්පෙතුකාමො සෙය්යං සන්ථරති වා සන්ථරාපෙති වා, ආපත්ති දුක්කටස්ස.
“උපචාරෙ” යන මෙහි මඤ්චපීඨයන් පිළිබඳ මහල්ලක විහාරයෙහි වටින් එක්රියන් හමාරෙක් උපචාරය වේ. ඛුද්දක විහාරයෙහි යම් තැනකින් පොහොනේද එතැනින් එක්රියන් හමාරෙක් උපචාරය වේ. පා දොවා ඇතුල් වන්නහුගේද, මුත්‍ර කිරීම පිණිස නික්මෙන්නහුගේද දොර තබන ලද පා දෝනා ගලපටන්ද මුත්‍ර කරන ස්ථානය පටන්ද, යම්තාක් ඇඳපුටු වේද, ඒතාක් එක්රියන් හමාරක් පළල් වූ මාර්ගය උපචාර නම් වේ. එහි ඇඳක හෝ පුටුවක හෝ උපචාරයෙහි සිටියාවූ හෝ ඇතුල් වන්නාවූ හෝ නික්මෙන්නාවූ හෝ මහණහුගේ උපචාරයෙහි යම් මහණෙක් සමීපයට පිවිස ශයනය කරනු කැමැත්තේ දශවිධ ශය්‍යාවෙන් අතුරෙහි එක් ශය්‍යාවක් අතුරා හෝ අතුරවා හෝ දුක්කටාපත්තිය වේ.
අභිනිසීදති වා අභිනිපජ්ජති වාති එත්ථ අභිනිසීදනමත්තෙන අභිනිපජ්ජනමත්තෙනෙව වා පාචිත්තියං. සචෙ පන ද්වෙපි කරොති, ද්වෙ පාචිත්තියානි. උට්ඨායුට්ඨාය නිසීදතො වා නිපජ්ජතො වා පයොගෙ පයොගෙ පාචිත්තියං.
“අභිනිසීදති වා අභිනිපජ්ජති වා” මෙහි හිඳීම් පමණකින් හෝ නිදීම් පමණකින් හෝ පාචිත්තිය වේ. ඉදින් දෙකම කෙරේ නම් පාචිත්තිය දෙකක් වේ. නැගිට නැගිට හිඳින්නහුට හෝ නිදන්නහුට හෝ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය වේ.
උපචාරං ඨපෙත්වා සෙය්යං සන්ථරති වා සන්ථරාපෙති වාති ඉමස්මිං ඉතො පරෙ ච “විහාරස්ස උපචාරෙ”තිආදිකෙ දුක්කටවාරෙපි යථා ඉධ අභිනිසීදනමත්තෙ අභිනිපජ්ජනමත්තෙ උභයකරණෙ පයොගභෙදෙ ච පාචිත්තියප්පභෙදො වුත්තො, එවං දුක්කටප්පභෙදො වෙදිතබ්බො. එවරූපෙන හි විසභාගපුග්ගලෙන එකවිහාරෙ වා එකපරිවෙණෙ වා වසන්තෙන අත්ථො නත්ථි, තස්මා සබ්බත්ථෙවස්ස නිවාසො වාරිතො. අඤ්ඤස්ස පුග්ගලිකෙති ඉධාපි විස්සාසිකස්ස පුග්ගලිකං අත්තනො පුග්ගලිකසදිසමෙව, තත්ථ අනාපත්ති.
“උපචාරං ඨපෙත්වා සෙය්යං සන්ථරති වා සන්ථරාපෙති වා” යන මෙහිද මෙයින් මතුවෙහිද “විහාරස්ස උපචාරෙ” යනාදි වූ දුක්කට වාරයෙහි ද යම්සේ මේ ශික්ෂාවෙහි හිඳිම් පමණෙක්හි නිදීම් පමණෙක්හි මෙදෙක කිරීමෙහි ප්‍රයොග භෙදයෙහි ද පාචිත්තිය ප්‍රභෙදය කියන ලද්දේ ද, එසේ දුක්කටාදිප්රභෙද’ය දතයුතුය. යම්හෙයකින් මෙබඳු වූ විසභාගපුද්ගලයකු සමග එක් වෙහෙරක හෝ එක් පිරිවෙණක හෝ විසීමෙන් අර්‍ත්‍ථයෙක් නැත්තේද, එහෙයින් හැම තැන්හිම මොහුගේ විසීම වළක්වන ලද්දේය. “අඤ්ඤස්ස පුග්ගලිකෙ” යන මෙහිද විශ්වාසිකයාගේ පෞද්ගලිකය තමන්ගේ පෞද්ගලිකය සමානම වේ. එහි ඇවැත් නොවේ.
ආපදාසූති සචෙ බහි වසන්තස්ස ජීවිතබ්රහ්මචරියන්තරායො හොති, එවරූපාසු ආපදාසු යො පවිසති, තස්සාපි අනාපත්ති. සෙසං උත්තානමෙවාති. පඨමපාරාජිකසමුට්ඨානං, කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
“ආපදාසු” ඉදින් පිටත වසන්නහුගේ ජීවිතයට හා බ්රහ්මචර්ය්යට අනතුරු වේද, මෙබඳු ආපදාවන්හි යම මහණෙක් තෙමේ පිවිසේද ඒ මහණහුටද ඇවත් නොවේ. සෙස්ස ප්‍රකටමය. ප්‍රථමපාරාජිකසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
අනුපඛජ්ජසික්ඛාපදං ඡට්ඨං.
සවැනිවූ අනුපඛජ්ජශික්ෂාපදයයි
නික්කඩ්ඪනසික්ඛාපදවණ්ණනා
නික්කඩ්ඪන ශික්ෂාපද වර්ණනාව
සත්තමසික්ඛාපදෙ – එකෙන පයොගෙන බහුකෙපි ද්වාරෙ අතික්කාමෙතීති යෙ චතුභූමකපඤ්චභූමකා පාසාදා ඡසත්තකොට්ඨකානි වා චතුස්සාලානි, තාදිසෙසු සෙනාසනෙසු හත්ථෙසු වා ගීවාය වා ගහෙත්වා අන්තරා අට්ඨපෙන්තො එකෙන පයොගෙන අතික්කාමෙති, එකමෙව පාචිත්තියං. ඨපෙත්වා ඨපෙත්වා නානාපයොගෙහි අතික්කාමෙන්තස්ස ද්වාරගණනාය පාචිත්තියානි. හත්ථෙන අනාමසිත්වා “නික්ඛමා”ති වත්වා වාචාය නික්කඩ්ඪන්තස්සාපි එසෙව නයො.
සප්තම ශික්‍ෂාපදයෙහි “එකෙන පයොගෙන බහුකෙපි ද්වාරෙ අතික්කාමෙති” සිවුමහල් පස්මහල් ඇති යම් ප්‍රාසාදයෝ වෙත්ද, හයක් හතක් දොර කොට ඇති චතුස්සාලාවෝ වෙත්ද, එබඳු සඞ්ඝික සෙනාසනයන්හි අත් හේ ග්රීවය හෝ ගෙණ අතර නොතබමින් එක් ප්‍රයොගයකින් ඉක්මවාද එක්ම පාචිත්තියෙක් වේ. තබ තබා නොයෙක් ප්‍රයොගයෙන් ඉක්මවන මහණහුට දොර ගණනින් පාචිත්තියයෝ වෙත්. අතින් ආමර්ෂණය නොකොට නික්මෙවයි. කියා වචනයෙන් නික්මවන මහණහුටද මෙම නය වේ.
අඤ්ඤං ආණාපෙතීති එත්ථ “ඉමං නික්කඩ්ඪා”ති ආණත්තිමත්තෙ දුක්කටං. සචෙ සො සකිං ආණත්තො බහුකෙපි ද්වාරෙ අතික්කාමෙති, එකං පාචිත්තියං. සචෙ පන “එත්තකානි ද්වාරානි නික්කඩ්ඪාහී”ති වා “යාව මහාද්වාරං තාව නික්කඩ්ඪාහී”ති වා එවං නියාමෙත්වා ආණත්තො හොති, ද්වාරගණනාය පාචිත්තියානි.
“අඤ්ඤං ආණාපෙති” යන මෙහි ‘මොහු නික්මව’යි ඇණවූ මාත්රයෙක්හි දුක්කටය වේ. ඉදින් ඇණවුම්ලද හෙතෙමේ වරක් අණවන ලදුයේ බොහෝ වූ ද්වාරයන් ඉක්මවාද, එක් පාචිත්තියක් වේ. මෙපමණ දොර නික්මවයි හෝ, මහදොර තෙක් නික්මවාලව’යි හෝ මෙසේ නියම කොට අණවන ලද්දේ වේද, දොර ගණනින් පාචිත්තියාපත්තීහු වෙත්.
තස්ස පරික්ඛාරන්ති යංකිඤ්චි තස්ස සන්තකං පත්තචීවරපරිස්සාවනධමකරණමඤ්චපීඨභිසිබිම්බොහනාදිභෙදං, අන්තමසො රජනඡල්ලිම්පි; යො නික්කඩ්ඪති වා නික්කඩ්ඪාපෙති වා; තස්ස වත්ථුගණනාය දුක්කටානි . ගාළ්හං බන්ධිත්වා ඨපිතෙසු පන එකාව ආපත්තීති මහාපච්චරියං වුත්තං.
“තස්ස පරික්ඛාරං” ඔහු සතු වූ පා සිවුරු පෙරහන් ඩබරා ඇඳපුටු බිසි කොට්ට ආදී භෙද ඇති යම් කිසි පිරිකරක් යටත් පිරිසෙයින් පඬුපතුරුද යම් මහණෙක් බැහැර කරා නම් හෝ බැහැර කරවා නම් හෝ ඒ මහණහුට වස්තු ගණනින් දුක්කට වෙත්. දැඩිකොට බැඳ තැබූ පරිෂ්කාරයන්හි වනාහි එක්ම ඇවැතක් වේයයි මහාපච්චරියෙහි කියනලදී.
අඤ්ඤස්ස පුග්ගලිකෙති ඉධාපි විස්සාසිකපුග්ගලිකං අත්තනො පුග්ගලිකසදිසමෙව. යථා ච ඉධ; එවං සබ්බත්ථ. යත්ර පන විසෙසො භවිස්සති, තත්ර වක්ඛාම.
“අඤ්ඤස්ස පුග්ගලිකෙ” මෙහිද විශ්වාසිකයන්ගේ පෞද්ගලික පරිෂ්කාරය තමන්ගේ පෞද්ගලිකය සමානම වේ. මේ ශික්‍ෂාපදයෙහි යම්සේද සියලු තන්හි එසේය. යම් තැනක වෙනසක් වන්නේද, එහි එය කියන්නෙමු.
අලජ්ජිං නික්කඩ්ඪති වාතිආදීසු භණ්ඩනකාරකකලහකාරකමෙව සකලසඞ්ඝාරාමතො නික්කඩ්ඪිතුං ලභති, සො හි පක්ඛං ලභිත්වා සඞ්ඝම්පි භින්දෙය්ය. අලජ්ජීආදයො පන අත්තනො වසනට්ඨානතොයෙව නික්කඩ්ඪිතබ්බා, සකලසඞ්ඝාරාමතො නික්කඩ්ඪිතුං න වට්ටති. උම්මත්තකස්සාති සයං උම්මත්තකස්ස අනාපත්ති. සෙසං උත්තානමෙවාති.
“අලජ්ජිං නික්කඩ්ඪති වා” යනාදි තන්හි ඩබර කරන්නහු කලහ කරන්නහුම සියලු සඞ්ඝාරාමයෙන් පිටකරන්නට ලබන්නේය. හෙතෙමේ පක්ෂයක් ලබා සඞ්ඝයාද බිඳින්නේය. අලජ්ජී ආදීහු තමන්ගේ වාසස්ථානයෙන්ම පිටකළ යුතුය. සියලු සඞ්ඝාරාමයෙන් ඔවුන් නෙරපීම නොවටියි. ‘උම්මත්තකස්ස’ තමන් උමතුවූවහුට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කායචිත්තතො වාචාචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
නික්කඩ්ඪනසික්ඛාපදං සත්තමං.
සත්වන නික්කඩ්ඪන ශික්‍ෂාපදයයි
වෙහාසකුටිසික්ඛාපදවණ්ණනා
වේහාසකුටි ශික්ෂාපද වර්ණනාව
අට්ඨමසික්ඛාපදෙ – උපරිවෙහාසකුටියාති උපරි අච්ඡන්නතලාය ද්විභූමිකකුටියා වා තිභූමිකාදිකුටියා වා. මඤ්චං සහසා අභිනිසීදීති මඤ්චං සහසා අභිභවිත්වා අජ්ඣොත්ථරිත්වා නිසීදි. භුම්මත්ථෙ වා එතං උපයොගවචනං; මඤ්චෙ නිසීදීති අත්ථො. අභීති ඉදං පන පදසොභනත්ථං උපසග්ගමත්තමෙව. නිප්පතිත්වාති නිපතිත්වා නික්ඛමිත්වා වා. තස්ස හි උපරි ආණීපි න දින්නා, තස්මා නික්ඛන්තො. විස්සරමකාසීති විරූපං ආතුරස්සරමකාසි.
අෂ්ටම ශික්‍ෂාපදයෙහි “උපරිවෙහාසකුටියා” මතුතෙලෙහි පුවරු නොඅතුරනලද දෙමහල් කිළියක හෝ තෙමහල් කිළියක හෝ “මඤ්චං සහසා අභිනිසීදති” ඇඳ වේගයෙන් අභිභවනය කොට, යටපත් කොට හුන්නේය. මෙය සප්තමර්ත්ථයෙහි ද්විතීයා වචනයි. ඇඳෙහි හුන්නේය යන අර්‍ත්‍ථයි. අභි යන මෙය පද ශොභනය පිණිස වූ උපසර්ග මාත්‍රයෙක්මය. “නිප්පතිත්වා” වැටී. නික්ම හෝය. ඒ ඇඳෙහි මතුවෙහි ඇණයකුදු නොගසන ලද්දීය. එහෙයින් නික්මුනේ “විස්සරමකාසි” විරූපවූ බැගෑ හඬක් කෙළේය.
වෙහාසකුටි නාම මජ්ඣිමස්ස පුරිසස්ස අසීසඝට්ටාති යා පමාණමජ්ඣිමස්ස පුරිසස්ස සබ්බහෙට්ඨිමාහි තුලාහි සීසං න ඝට්ටෙති, එතෙන ඉධ අධිප්පෙතා වෙහාසකුටි දස්සිතා හොති, න වෙහාසකුටිලක්ඛණං. යා හි කාචි උපරි අච්ඡින්නතලා ද්විභූමිකා කුටි තිභූමිකාදිකුටි වා “වෙහාසකුටී”ති වුච්චති. ඉධ පන අසීසඝට්ටා අධිප්පෙතා. අභිනිසීදනාදීසු පුබ්බෙ වුත්තනයෙනෙව පයොගවසෙන ආපත්තිභෙදො වෙදිතබ්බො.
“වෙහාසකුටි නාම මජ්ඣිමස්ස පුරිසස්ස අසීසඝට්ටා” යම් කිළියක් තොමෝ පමණින් මද්ධ්‍යම පුරුෂක්හුගේ හිස සියල්ලට යටින් සිටි තලාන් හා නොගැටේද, යන මෙයින් මෙහි අදහස් කළ අහස්කිළිය දක්වන ලද්දී වේ. අහස්කිළි ලකුණු දක්වන ලද්දේ නොවේ. යම්කිසි මතු නොවැසූ තලය ඇති තෙමහල් කිළිය හෝ තෙමහල් ඈ කිළිය හෝ අහස් කිළියයි කියනු ලැබේ. මේ ශික්‍ෂාපදයෙහි වනාහි තලාන්හි හිස නොවදින කිළිය අදහස් කරන ලදී. අභිනිසීදනාදීන් අතුරෙහි පෙර කියු නයින්ම ප්රයොගවශයෙන් ආපත්තිභෙදය දතයුතුය.
අවෙහාසකුටියාති භූමියං කතපණ්ණසාලාදීසු අනාපත්ති. න හි සක්කා තත්ථ පරස්ස පීළා කාතුං. සීසඝට්ටායාති යායං සීසඝට්ටා හොති, තත්ථාපි අනාපත්ති. න හි සක්කා තත්ථ හෙට්ඨාපාසාදෙ අනොණතෙන විචරිතුං, තස්මා අසඤ්චරණට්ඨානත්තා පරපීළා න භවිස්සති . හෙට්ඨා අපරිභොගං හොතීති යස්සා හෙට්ඨා දබ්බසම්භාරාදීනං නික්ඛිත්තත්තා අපරිභොගං හොති, තත්ථාපි අනාපත්ති. පදරසඤ්චිතං හොතීති යස්සා උපරිමතලං දාරුඵලකෙහි වා ඝනසන්ථතං හොති, සුධාදිපරිකම්මකතං වා තත්ථාපි අනාපත්ති. පටාණි දින්නා හොතීති මඤ්චපීඨානං පාදසිඛාසු ආණී දින්නා හොති, යත්ථ නිසීදන්තෙපි න නිප්පතන්ති, තාදිසෙ මඤ්චපීඨෙ නිසීදතොපි අනාපත්ති. තස්මිං ඨිතොති ආහච්චපාදකෙ මඤ්චෙ වා පීඨෙ වා ඨිතො උපරි නාගදන්තකාදීසු ලග්ගිතකං චීවරං වා කිඤ්චි වා ගණ්හාති වා, අඤ්ඤං වා ලග්ගෙති, තස්සාපි අනාපත්ති. සෙසං උත්තානමෙව. එළකලොමසමුට්ඨානං – කායතො ච කායචිත්තතො ච සමුට්ඨාති, කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“අවෙහාසකුටියා” බිම කරනලද පන්සල් ආදීන් කෙරෙහි ඇවැත් නොවේ. එහි අන්හට පීඩා කරන්නට නොහැක්කේය. “සීසඝට්ටාය” යම් කිළියක් තොමෝ හිස ගැටීම් ඇත්තීද, එහිදු ඇවැත් නොවේ. එහි යටපහයෙහි නොනැමුනහු විසින් හැසිරෙන්නට නොහැක්කේද, එහෙයින් නොහැසිරෙන තැන් බැවින් අන්හට පෙළීමක් නොවන්නේය. “හෙට්ඨා අපරිභොගං හොති” යම් කිළියක යට දැවසමූහාදීන් ලූ බැවින් පරිභොගයට නොයාද, එහිද ඇවැත් නොවේ. “පදරසඤ්චිතං හොති” යම් කිළියක මතුතලය දැවපුවරුවෙන් හෝ ඝනව අතුළේ වේද, සුණු ආදියෙන් පිරියම් කරන ලද්දේ හෝ වේද, එහිද ඇවැත් නොවේ. “පටාණි දින්නා හොති” ඇඳපුටුවල පාසිළුහි ඇණ ගසන ලද්දීවේද, යමක හුන්කල්හිත් නොවැටෙත්ද එබඳු ඇදපුටුවල හිඳින මහණහුටද ඇවැත් නොවේ. “තස්මිං ඨිතො” පාසිළු විද ඇණ නොගැසූ ඇඳක හෝ පුටුවක හෝ සිටියේ මතු බිත්තියෙහි ගැසූ නාදත් ආදියෙහි එල්ලූ සිවුරක් හෝ අන් කිසිවක් හෝ ගණී හෝ අනිකක් එල්වා හෝ එසේ කරන මහණහුටද ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. කයින්ද කායචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
වෙහාසකුටිසික්ඛාපදං අට්ඨමං.
අටවන වෙහාසකුටි ශික්‍ෂාපදයයි.
මහල්ලකවිහාරසික්ඛාපදවණ්ණනා
මහල්ලක විහාර ශික්ෂාපද වර්ණනාව
නවමසික්ඛාපදෙ – යාව ද්වාරකොසාති එත්ථ ද්වාරකොසො නාම පිට්ඨසඞ්ඝාටස්ස සමන්තා කවාටවිත්ථාරප්පමාණො ඔකාසො. මහාපච්චරියං පන “ද්වාරබාහතො පට්ඨාය දියඩ්ඪො හත්ථො”ති වුත්තං. කුරුන්දියං පන “ද්වාරස්ස උභොසු පස්සෙසු කවාටප්පමාණ”න්ති. මහාඅට්ඨකථායං “කවාටං නාම දියඩ්ඪහත්ථම්පි හොති ද්විහත්ථම්පි අඩ්ඪතෙය්යහත්ථම්පී”ති වුත්තං, තං සුවුත්තං. තදෙව හි සන්ධාය භගවතාපි “පිට්ඨසඞ්ඝාටස්ස සමන්තා හත්ථපාසා”ති අයං උක්කට්ඨනිද්දෙසො කතො. අග්ගළට්ඨපනායාති සකවාටකද්වාරබන්ධට්ඨපනාය; සකවාටකස්ස ද්වාරබන්ධස්ස නිච්චලභාවත්ථායාති අත්ථො. ද්වාරට්ඨපනායාති ඉදම්පි හි පදභාජනං ඉමමෙවත්ථං සන්ධාය භාසිතං. අයං පනෙත්ථ අධිප්පායො – කවාටඤ්හි ලහුපරිවට්ටකං විවරණකාලෙ භිත්තිං ආහනති, පිදහනකාලෙ ද්වාරබන්ධං. තෙන ආහනනෙන භිත්ති කම්පති, තතො මත්තිකා චලති, චලිත්වා සිථිලා වා හොති පතති වා. තෙනාහ භගවා “යාව ද්වාරකොසා අග්ගළට්ඨපනායා”ති. තත්ථ කිඤ්චාපි “ඉදං නාම කත්තබ්බ”න්ති නෙව මාතිකායං න පදභාජනෙ වුත්තං, අට්ඨුප්පත්තියං පන “පුනප්පුනං ඡාදාපෙසි පුනප්පුනං ලෙපාපෙසී”ති අධිකාරතො යාව ද්වාරකොසා අග්ගළට්ඨපනාය පුනප්පුනං ලිම්පිතබ්බො වා ලෙපාපෙතබ්බො වාති එවමත්ථො දට්ඨබ්බො.
නවම ශික්‍ෂාපදයෙහි “යාව ද්වාරකොසා” මෙහි ද්වාරකොස නම්, දොරබාවට වටින් කවුළුවෙහි පුළුල පමණවූ අවකාශයයි. මහාපච්චරියෙහි වනාහි දොරබාව පටන් එක්රියන් හමාරෙකැයි කියන ලදී. කුරුන්දියෙහි වනාහි දොර දෙපස කවුළුව පමණයයි කියනලදී. මහාර්‍ත්‍ථකථාවෙහි කවුළුව නම් එක්රියන් හමාරෙක්ද වේ. දෙරියනෙක්ද වේ, දෙරියන් හමාරෙක්ද වේය’යි කියන ලදි. ඒ කියන ලද්ද මැනැවි. ඒ සඳහාම භාග්‍යවතුන් වහන්සේ විසින් ‘දොරබාවගේ වටිනා අත්පසිනැ’යි මේ උත්කෘෂ්ටනිර්දෙශය කරන ලදි. “අග්ගලට්ඨපනාය” දොරකවුළු සහිත අක්දෙරිය තැබීම පිණිස. කවුළු සහිත අක්දෙරිය නොසැලෙනු පිණිසයය යන අර්‍ත්‍ථයි. “ද්වාරට්ඨපනාය” මේ පදභාජනයද මේ අර්ත්ථය සඳහාම වදාරනලදී. මේ වනාහි මෙහි අදහසය: කවුළුව වනාහි ලුහුව පෙරළෙන්නේය. අරිනකල්හි බිත්තිය පෙළන්නේය. වසන කල්හි අක්දෙරිය පෙළන්නේය. ඒ හැපීමෙන් පෙළීමෙන් බිත්තිය දෙදරන්නීය. එයින් මැටි සැලී යයි. සැලීමෙන් බුරුල් හෝ වේ. වැටීම හෝ වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘යාව ද්වාරකොසා අග්ගලට්ඨපනාය’යි වදාළ සේක. එහි කිසිසේත් ‘මේ නම් කටයුතුය’යි මාතෘකාවෙහි නොම වදාරන ලදී. පදභාජනයෙහි නොවදාරන ලදී. අර්ත්ථොත්පත්තියෙහි වනාහි “පුනප්පුනං ඡන්දාපෙසි හුනප්පුනං ලිම්පාපෙසි”යි අධිකාර වශයෙන් දොරබාව දක්වා අගුල් කණුව නැවතීම පිණිස නැවැත නැවැත ලෙපය කටයුත්තේය. ලෙපය කරවිය යුත්තේය’යි මෙසේ අර්ත්ථය දතයුත්තේය.
යං පන පදභාජනෙ “පිට්ඨසඞ්ඝාටස්ස සමන්තා හත්ථපාසා”ති වුත්තං. තත්ථ යස්ස වෙමජ්ඣෙ ද්වාරං හොති, උපරිභාගෙ උච්චා භිත්ති, තස්ස තීසු දිසාසු සමන්තා හත්ථපාසා උපචාරො හොති, ඛුද්දකස්ස විහාරස්ස ද්වීසු දිසාසු උපචාරො හොති. තත්රාපි යං භිත්තිං විවරියමානං කවාටං ආහනති, සා අපරිපූරඋපචාරාපි හොති. උක්කට්ඨපරිච්ඡෙදෙන පන තීසු දිසාසු සමන්තා හත්ථපාසා ද්වාරස්ස නිච්චලභාවත්ථාය ලෙපො අනුඤ්ඤාතො. සචෙ පනස්ස ද්වාරස්ස අධොභාගෙපි ලෙපොකාසො අත්ථි, තම්පි ලිම්පිතුං වට්ටති. ආලොකසන්ධිපරිකම්මායාති එත්ථ ආලොකසන්ධීති වාතපානකවාටකා වුච්චන්ති, තෙපි විවරණකාලෙ විදත්ථිමත්තම්පි අතිරෙකම්පි භිත්තිප්පදෙසං පහරන්ති. උපචාරො පනෙත්ථ සබ්බදිසාසු ලබ්භති, තස්මා සබ්බදිසාසු කවාටවිත්ථාරප්පමාණො ඔකාසො ආලොකසන්ධිපරිකම්මත්ථාය ලිම්පිතබ්බො වා ලෙපාපෙතබ්බො වාති අයමෙත්ථ අධිප්පායො.
පදභාජනයෙහි “පිට්ඨසඞ්ඝාටස්ස සමන්තා හත්ථපාසා” යමක් වදාරන ලදද, එහි යම් විහාරයක මැද දොර වේද, මතු කොටසෙහි උස් බිත්තිය වේද, ඒ විහාරයෙහි තුන් දිසාවන්හි හාත්පසින් අත්පසින් උපචාරය වේ. කුඩා විහාරයෙක දෙදිසාවන්හි උපචාරය වේ. එහිද යම් කවුළුවක් හරිනු ලබන්නේ බිත්තිය පෙළාද, ඒ බිත්තිය හාත්පසින් කවුළුවෙහි පුළුල් පමණින් උපචාර රහිත හෙයින් නොපිරිපුන් උපචාර ඇත්තී වන්නීය. උත්කෘෂ්ටපරිච්ඡෙදයෙන් වනාහි තෙදිසාවන්හි හාත්පසින් අත්පසන් දොර නිසල කරනු පිණිස ලෙපය අනුදන්නා ලදී. ඉදින් දොර යට කොටසෙහි ලෙපයට අවකාශයෙක් ඇත්තේද, එයද ආලෙප කිරීම වටියි. “ආලොකසන්ධිපරික්කම්මාය” යන මෙහි ආලොකසන්ධි යනු ජනෙල්කවුළු කියනු ලැබෙත්. ඒ ජනෙල් කවුළු හරින කාලයෙහි වියතක් පමණද, එයට වැඩිවුද බිතුපෙදෙස පහරත් මෙහි උපචාරය වනාහි සියලු දිසාවන්හි ලැබේ. එහෙයින් සියලු දිසාවන්හි කවුළුවෙහි පුළුල් පමණවූ අවකාශය ජනෙල් කවුළු පිරියම් පිණිස ආලෙප කටයුත්තේ හෝය. ආලෙප කරවිය යුත්තේ හෝයි, මෙහි මේ අදහස වේ.
සෙතවණ්ණන්තිආදිකං න මාතිකාය පදභාජනං. ඉමිනා හි විහාරස්ස භාරිකත්තං නාම නත්ථීති පදභාජනෙයෙව අනුඤ්ඤාතං, තස්මා සබ්බමෙතං යථාසුඛං කත්තබ්බං.
‘සෙතවණ්ණං’ යනාදිය මාතෘකාපදභාජනය නොවේද, මෙයින් විහාරයෙහි බරබවෙක් නැත්තේයයි පදභාජනයෙම අනුදන්නා ලද්දේය. එහෙයින් මේ සියල්ල සුවසේ කටයුත්තේය.
එවං ලෙපකම්මෙ යං කත්තබ්බං, තං දස්සෙත්වා පුන ඡදනෙ කත්තබ්බං දස්සෙතුං “ද්වත්තිච්ඡදනස්සා”තිආදි වුත්තං. තත්ථ ද්වත්තිච්ඡදනස්ස පරියායන්ති ඡදනස්ස ද්වත්තිපරියායං; පරියායො වුච්චති පරික්ඛෙපො, පරික්ඛෙපද්වයං වා පරික්ඛෙපත්තයං වා අධිට්ඨාතබ්බන්ති අත්ථො. අප්පහරිතෙ ඨිතෙනාති අහරිතෙ ඨිතෙන. හරිතන්ති චෙත්ථ සත්තධඤ්ඤභෙදං පුබ්බණ්ණං මුග්ගමාසතිලකුලත්ථඅලාබුකුම්භණ්ඩාදිභෙදඤ්ච අපරණ්ණං අධිප්පෙතං. තෙනෙවාහ – “හරිතං නාම පුබ්බණ්ණං අපරණ්ණ”න්ති.
මෙසේ ලෙපකර්මයෙහි යමක් කටයුතුද, එය දක්වා නැවැත පලයෙහි කටයුතු දක්වනු පිණිස ‘ද්වත්තිච්ඡදනස්ස’ යනාදිය කියන ලද්දේය. එහි ‘ද්වත්තිච්ඡදනස්සපරියායං” සෙවනිය පිළිබඳ මතු මතු සෙවීම් වසයෙන් දෙතුන් වරක් වටකිරීමෙක් වටකිරීම පරියායයි කියනු ලැබේ. වටකිරීම් දෙකක් හෝ වටකිරීම් තුනක් හෝ විධානය කටයුතුය යන අර්‍ත්‍ථයි. “අප්පහරිතෙ ඨිතෙන” පුබ්බන්න අපරන්න නැති තන්හි සිටියහු විසින්. මෙහි සප්තවිධධාන්යප්රභෙද වූ පුබ්බන්නයද මුං, මෑ, තල, කොල්ලු, ලබු, කොමඩු ආදි ප්‍රභෙදවූ අපරන්නයද හරිතයි අදහස් කරන ලදි. එහෙයින්ම ‘හරිතං නාම පුබ්බන්නං අපරන්නං’යි කීහ.
සචෙ හරිතෙ ඨිතො අධිට්ඨාති, ආපත්ති දුක්කටස්සාති එත්ථ පන යස්මිම්පි ඛෙත්තෙ වුත්තං බීජං න තාව සම්පජ්ජති, වස්සෙ වා පන පතිතෙ සම්පජ්ජිස්සති, තම්පි හරිතසඞ්ඛ්යමෙව ගච්ඡති. තස්මා එවරූපෙ ඛෙත්තෙපි ඨිතෙන න අධිට්ඨාතබ්බං, අහරිතෙයෙව ඨිතෙන අධිට්ඨාතබ්බං. තත්රාපි අයං පරිච්ඡෙදො, පිට්ඨිවංසස්ස වා කූටාගාරකණ්ණිකාය වා උපරි ථුපිකාය වා පස්සෙ නිසින්නො ඡදනමුඛවට්ටිඅන්තෙන ඔලොකෙන්තො යස්මිං භූමිභාගෙ ඨිතං පස්සති, යස්මිඤ්ච භූමිභාගෙ ඨිතො, තං උපරි නිසින්නකං පස්සති, තස්මිං ඨානෙ අධිට්ඨාතබ්බං. තස්ස අන්තො අහරිතෙපි ඨත්වා අධිට්ඨාතුං න ලබ්භති. කස්මා? විහාරස්ස හි පතන්තස්ස අයං පතනොකාසොති.
“සචෙ හරිතෙ ඨිතො අධිට්ඨාති ආපත්ති දුක්කටස්ස” මෙහි යම් කෙතක වපුළ බීජ ඒ තාක් නොසැපයේද වැසි වටකල්හි සැපයෙන්නේද, එද හරිතසඞ්ඛ්යාවටම යන්නේය. එහෙයින් මෙබඳු කෙතකද සිටියහු විසින් විධාන නොකටයුතුය. අහරිතයෙහිම සිටියහු විසින් විධානය කටයුතුය. එහිද මේ පිරිසිඳීම වේ. ගෙයි මුදුන් පස හෝ කූටාගාරකණ්ණිකා නම්වූ මතු කොක්හි හෝ පසෙක හුන්නේ සෙවනි මුවවිට කෙළවරින් බලනුයේ යම්බිම් පෙදෙසෙක සිටියකු දකීද, යම් බිම් පෙදෙසෙක සිටියේ මතුවෙහි හුන් ඔහු දකීද, එතැන විධාන කටයුතුය. ඒ බිම් පෙදෙසෙහි ඇතුළත අහරිතයෙහිද සිට විධාන කිරීමට නොලබන්නේය. කුමක් හෙයින, යත්, වැටෙන්නාවූ විහාරය පිළිබඳ මේ වැටෙන්නාවූ අවකාශය වේද, එහෙයිනි.
මග්ගෙන ඡාදෙන්තස්සාති එත්ථ මග්ගෙන ඡාදනං නාම අපරික්ඛිපිත්වා උජුකමෙව ඡාදනං; තං ඉට්ඨකසිලාසුධාහි ලබ්භති. ද්වෙ මග්ගෙ අධිට්ඨහිත්වාති ද්වෙ මග්ගා සචෙ දුච්ඡන්නා හොන්ති, අපනෙත්වාපි පුනප්පුනං ඡාදෙතුං ලබ්භති, තස්මා යථා ඉච්ඡති; තථා ද්වෙ මග්ගෙ අධිට්ඨහිත්වා තතියංමග්ගං “ඉදානි එවං ඡාදෙහී”ති ආණාපෙත්වා පක්කමිතබ්බං. පරියායෙනාති පරික්ඛෙපෙන. එවංඡදනං පන තිණපණ්ණෙහි ලබ්භති. තස්මා ඉධාපි යථා ඉච්ඡති තථා ද්වෙ පරියායෙ අධිට්ඨහිත්වා තතියං පරියායං “ඉදානි එවං ඡාදෙහී”ති ආණාපෙත්වා පක්කමිතබ්බං. සචෙ න පක්කමති, තුණ්හීභූතෙන ඨාතබ්බං. සබ්බම්පි චෙතං ඡදනං ඡදනූපරි වෙදිතබ්බං. උපරූපරිච්ඡන්නො හි විහාරො චිරං අනොවස්සකො හොතීති මඤ්ඤමානා එවං ඡාදෙන්ති. තතො චෙ උත්තරින්ති තිණ්ණං මග්ගානං වා පරියායානං වා උපරි චතුත්ථෙ මග්ගෙ වා පරියායෙ වා.
“මග්ගෙන ඡාදෙන්තස්ස” මෙහි මගින් වැසීම නම් වට නොකට සෘජුවම වැසීමය. ඒ වැසීම ගඩොල් ගල්සුණෙන් ලැබෙන්නේය. “ද්වෙ මග්ගෙ අධිට්ඨහිත්වා” ඉදින් සෙවනි දෙකක් නපුරු කොට වසන ලද්දේ වේද, බැහැර කොට නැවත නැවත වස්වාලන්නට ලබන්නේය. එහෙයින් කැමතිසේ සෙවනි දෙකක් විධාන කොට තෙවන සෙවනිය දැන් මෙසේ වසව’යි අණවා යායුතුය. “පරියායෙන” පරික්‍ෂෙපයෙන් මෙසේ සෙවනිය තෘණ පර්ණයෙන් ලැබේ. එහෙයින් මෙහිද යම්සේ කැමැති වේද, එසේ දෙතුන් පරික්ෂෙපයක් සංවිධානය කොට තෙවන පරික්ෂෙපය ‘දැන් මෙසේ සෙවෙලි කරව’යි අණවා යායුතුය. ඉදින් නොයෙක් නිහඬවූවකුව සිටිය යුතුය. මේ සියලුම සෙවිලි පලය මතුවෙහි දතයුතුය. මතු මතු සෙවිලි කළ විහාරය බොහෝ කලක් නොතෙමේයයි. හඟින්නාහු මෙසේ සෙවිලි කරත්. “තතො චෙ උත්තරිං” මාර්ග වශයෙන් සෙවිලි කළ ත්‍රිවිධ ඡදනයන්ගේ හෝ පරික්ෂෙපන්ගේ හෝ මතුවෙහි සිවුවන මගෙහි හෝ පරික්ෂෙපයෙහි හෝ
කරළෙ කරළෙති තිණමුට්ඨියං තිණමුට්ඨියං. සෙසමෙත්ථ උත්තානමෙවාති. ඡසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“කරළෙ කරළෙ” තණමිටක් තණමිටක් පාසා, මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය. ක්රියාසමුත්ථානිය. නොසංඥවිමොක්ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
මහල්ලකවිහාරසික්ඛාපදං නවමං.
නවවන මහල්ලකවිහාර ශික්‍ෂාපදයයි
සප්පාණකසික්ඛාපදවණ්ණනා
සප්පාණක ශික්ෂාපද වර්ණනාව
දසමසික්ඛාපදෙ – ජානං සප්පාණකන්ති සප්පාණකං එතන්ති යථා තථා වා ජානන්තො. සිඤ්චෙය්‍ය වා සිඤ්චාපෙය්‍ය වාති තෙන උදකෙන සයං වා සිඤ්චෙය්‍ය, අඤ්ඤං වා ආණාපෙත්වා සිඤ්චාපෙය්‍ය. පාළියං පන “සිඤ්චෙය්යාති සයං සිඤ්චතී”ති ඊදිසානං වචනානං අත්ථො පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
දශම ශික්‍ෂාපදයෙහි “ජානං සප්පාණකං” මේ ජලය තෙමේ පණුවන් සහිතය’යි යම් කිසි අයුරකින් දන්නේ. “සිඤ්චෙය්‍ය වා සිඤ්චාපෙය්‍ය වා” ඒ ජලයෙන් තෙමේ හෝ ඉසින්නේය. අණවා අනිකකු ලවා හෝ ඉස්වන්නේය. මෙසේ කරන කරවන මහණහුට පාචිත්තිය වේ. පෙළෙහි වනාහි “සිඤ්චෙය්යාති සයං සිඤ්චති” යන මෙබඳු වචනයන්ගේ අර්ත්ථය පෙර කියූ නයින්ම දතයුතුය.
තත්ථ ධාරං අවිච්ඡින්දිත්වා සිඤ්චන්තස්ස එකස්මිං උදකඝටෙ එකාව ආපත්ති. එස නයො සබ්බභාජනෙසු. ධාරං විච්ඡින්දන්තස්ස පන පයොගෙ පයොගෙ ආපත්ති . මාතිකං සම්මුඛං කරොති, දිවසම්පි සන්දතු, එකාව ආපත්ති. සචෙ තත්ථ තත්ථ බන්ධිත්වා අඤ්ඤතො අඤ්ඤතො නෙති, පයොගෙ පයොගෙ ආපත්ති. සකටභාරමත්තඤ්චෙපි තිණං එකපයොගෙන උදකෙ පක්ඛිපති, එකාව ආපත්ති. එකෙකං තිණං වා පණ්ණං වා පක්ඛිපන්තස්ස පයොගෙ පයොගෙ ආපත්ති. මත්තිකායපි අඤ්ඤෙසුපි කට්ඨගොමයාදීසු එසෙව නයො. ඉදං පන මහාඋදකං සන්ධාය න වුත්තං, යං තිණෙ වා මත්තිකාය වා පක්ඛිත්තාය පරියාදානං ගච්ඡති, ආවිලං වා හොති, යත්ථ පාණකා මරන්ති, තාදිසං උදකං සන්ධාය වුත්තන්ති වෙදිතබ්බං. සෙසමෙත්ථ උත්තානමෙවාති.
එහි දිය දහර නොසිඳ ඉසින මහණහුට එක් දිය කළයක් නිමිතිකොට එක්ම ඇවැතක් වේ. සියලු බඳුන්හි මෙම නය වේ. දියදහර සිඳින මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේ. දිය ඇල තමා දෙසට හරවාද, දවසක් නමුදු ගලා යේවා, එක්ම ඇවැතක් වේ. ඉදින් ඒ ඒ තැන බැඳ අනික් අනික් තැනකින් පමුණුවාද, ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේ. ගැලක් බර පමණ නමුදු තණ එක් ප්‍රයොගයකින් දියෙහි බහාද, එක්ම ඇවැතක් වේ. එක් එක් තෘණයක් හෝ පත්‍රයක් හෝ දියෙහි බහන මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ඇවැත් වේ. මැටියෙහි හා අන් ලී දඬු ගොම ආදීන් අතුරෙහිද මෙම නයවේ. මේ තණමැටි බැහීම වනාහි මහත් ජලයක් සඳහා නො කියනලදි. යම් ජලයක් තෘණයෙහි හෝ මැටියෙහි හෝ බැහීමෙන් දිය සිඳීමෙන් කෙළවරට යේද, කැළඹුනේ හෝ වේද, යම් තැනක පණුවෝ මැරෙත්ද, එබඳු ජලය සඳහා කියන ලද්දේයයි දතයුතුය. මෙහි සෙස්ස ප්‍රකටමය.
තිසමුට්ඨානං – කායචිත්තතො වාචාචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං තිවෙදනන්ති.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද වාචාචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද උපදී. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සප්පාණකසික්ඛාපදං දසමං.
දසවන සප්පාක ශික්‍ෂාපදයයි.
සමත්තො වණ්ණනාක්කමෙන සෙනාසනවග්ගො දුතියො.
වර්ණනා ක්‍රමයෙන් දෙවන වූ සෙනාසන වර්ගය සමාප්තය.